
තාත්ත ඉස්පිරිතාලෙට ඇතුලත් කල ආරංචිය අහල මං දමල ගහල ගමේ දුවල එන්න ගියා. සති දෙකක් නිවාඩු ඉල්ලලයි ගියේ.
ඔය කියන දවස්වල මං කොර කොර හිටපු විශ්ලේෂක තනතුරෙන් පොඩ්ඩක් නිවාඩු අරගෙන වෙනත් තනතුරක වැඩ බලමිනුයි හිටියෙ. වැඩ බලනකොට පඩිය 15%ක් විතර වැඩියි. මරු නේද?
ගමේ ඉඳල ආපහු ගෙදර එන්න ලැහැත්තිවෙන දවසෙ මට ආරංචි වුනා ඒ වැඩ බලපු තනතුර නැතිවුනාය කියල. ආපහු වැඩපොලට ගියාම පරණ ජොබ් එකටයි යන්න වෙන්නේ. පඩියත් අඩු වෙනවා!
ඔය ආරංචියත් අරගෙන ටවුමෙ මාකට් ගොඩනැගිල්ල අයිනෙං යන කොට දැක්ක එතන ඉන්නව සාත්තර කාරයෙක්. සාත්තරයක් අහන්න ගාන රුපියල් පණහයි.
ක්‍රම තුනක් තියෙනවලු. අත බලල, උපන් දිනය අනුව යනාදී වශයෙන්. ඉතිං මං දුන්න පොරට රුපියල් පණහක්.
පොර කියපි මැයි 2 දා ඉඳල හොඳ නෑ. හැබැයි මැයි 25 දා ට පස්සෙ තත්වය වෙනස් වෙනව කියල.
ඔන්න ඉතිං මැයි තුන් වෙනිද වැඩට ගියා. ආපහු පරණ ජොබ් එකටම යන්න වුණා. සියයට 15% එලවන්ස් එකටත් කෙලවුනා.
ඔය අතරේ මං දැක්ක මාරයා ගේ බ්ලොග් එකෙත් ඔය ග්‍රහ මාරු ගැන කියල තියෙනව. ඒක දැකල මට පොඩි ජොලියකුත් ගියා.
අහඹු සිදුවීමක් ද, ග්‍රහ මාරුවේ බලපෑමක් ද මන්ද, හරියටම 24 දා වෙනකොට අපලේ දුරුවෙලා ආපහු අර වැඩ බලන තනතුරටම, හැබැයි, ඊට වඩා හොඳ තත්වයක් ඇතුව එන්න කියල ආරාධනාව ආව.
මාරයි නේද?
ඉතිං මැයි 24 වෙනිද ඉඳල ආපහු ජීවිතේ ඉස්සර විඳියට කැරකෙනව. මං මේ බලන් ඉන්නෙ ජූනි 28 වෙනිද ඉඳල මොනව වෙයිද කියලයි.
විස්කි හිඳිල, මාරය මේ පැත්තෙ ආවොත් අහගන්න පුළුවන් වේවි.
කතන්දරකාරයා
ආයෙ ඇහුවොත් මගෙ අතත් පෙන්නලම අහන්න. මම පිංතූරයක් එවන්නම් අතේ... :D
ReplyDeleteනියම සාස්තර බුවෙක්නෙ..
ReplyDeleteමටත් ලඟදී කෙනෙක් සාස්තරයක් කිව්වා. මම හිතන්නේ මනුස්සය මගෙ වෙලාව බැලුවෙ විස්කි බීලද කොහෙද .හික්ස්
ReplyDeleteමේ මේ මම මාරයියට මුකුත් කිව්වෙ එහෙම නෑ ඔන්න
ReplyDeleteඅත බලල මාත්තියට සාස්තරේ කිව කෙනාගේ වෙලාව හොඳයි වගේ .
ReplyDeleteහුට්ටප්පරි ජාලං කිවුවළු..
ReplyDeleteදැනට පැයකට කළින් මෙක තිබුනනං මොනවා හරි කියන් තිබුනා.
ඒත් දැන් පරමාද වැඩියි.
හිතා ගත්තැකිනේ..
ලොක්කා බය වෙන්න එපා මම කියලා ඇති උන දේ උනේ වැඩි හොඳකට කියලා..මට මතක හැටියට නම්...
හැබැයි පුතෝ පොඩ්ඩක් පරිස්ම් වෙයන් ළගම ඉන්න එකෙක්ගෙන් බකට් එකක් එන්න ඉඩ තියේ..
එලනෙ.......
ReplyDeleteමටනම් හොද දෙවල් වෙන්නෙ න නේ... හබැයි අප්සෙට් එවනම් පොඩ්ඩක් වෙනව....
මට නම් හිතෙන්නෙ අත්ත උනත් බොරු උනත් ඔවගෙ පස්සෙන් වඩිය යන්න හොදනැ....
මම හිතන්නෙ හමදේම එකතුවෙලා තමයි අවසාන ප්‍රතිපලය එන්නෙ..... ග්‍රහයොයි... අපෙ හිතයි.... අපි කරන දෙවලුයි...... අනිත් අය කරන දෙවලුයි..... මෙකි නොකි හමදෙම....
තව දෙයක් මම දක්ක....... හැම කෙනටම මොකක් හරි ප්‍රශ්නයක් තියනව... නත්නම් ලෙඩක්හරි තියනව... අඩුම ගානෙ පව්ලෙකෙනෙකුට හරි.........
ඉතින් එක්ක තමයි ජීවත් වෙනව කියන්නෙ නෙ ද? ප්‍රශ්න නත්නම් අපි කොහොම හරි ප්‍රශ්නයක් හොය ගන්නව.... නත්නම් ජීවත්වෙනව කියල දැනෙන්නෙ න නෙ.........
@දිල්..
ReplyDeleteඒ දවස්වල විස්කි නැතෝ..
ගල් විතරෝ..
ෂහ් කොහෙද ඔය සාස්තර ඉන්නේ. සාස්තර කාරයෙක් දැකපු කාලයක් මතක නෑ. මං හිතන්නේ දවස් 300 කින් විතර දැක්කේ නෑ. ඔන් ලයින් අත බලා සාස්තර කියන්න කවුරුත් නැද්දෝඕඕ...
ReplyDeleteඈ බං, උඹ මගේ ඥාතියෙක්ද? මමත් මුලින් ම ජාලේ කොටන්න ගත්තේ ප්‍රියන්ත ඒබීඊ කියල. ඊය! ඊ අකුර හලලනේ.
Deleteමටහ් දැන් හිතිලා තියෙන්නෙ සාස්තරය්ක් අහ ගන්න.....මට මොකද ...වෙන්නේ..කියල....
ReplyDeleteඅම්මෝ ඔන්න කාලෙකින් ගොඩ වැදිලා පෝස්ට් 6 ම කියෙව්වා..
ReplyDelete:D
හම්බ වෙලා තියෙන්නෙ නියම සාස්තරකාරයෙක් නෙව.
අත බලා සාස්තර කිවීමේ මා දුටු ශූරයා "කුමා ඉද්දමල්ලෙන".බොරුවක් කියල හිතං හිටපු අතබලා ශාස්ත්‍ර කීම ඇත්තක් බව මං පිලිගත්තෙ ඊට පස්සෙ. ඒ වගේම කේදර හා සාස්තර වල ඇත්තක් තීනව, නැත්තෙ ඇත්තටම එක බලන්න සහ අනාවැකි කියන්න දන්න අයයි. වැඩියෙ ඉන්නෙ හොරු!
ReplyDelete@ All
ReplyDeleteMany thanks guys.
මේ සාත්තරකාරයා හිටියේ පිළියන්දල මාකට් එකේ අයිනේ.
පොරව දැක්කහම මට හිතුනේ අපේ ඉන්ද්‍රනාම නාකි වුනාම මෙන්න මේ වාගේ ඉඳියි කියලයි.
සාත්තර ක්‍රම තුනක් තියෙනවා කිව්වනේ. අන්තිම එක තමයි නිමිත්තක් බැලීම.
මට කිව්වා 3*3 ග්‍රිඩ් එකක් ලියල තිබ්බ ඉලක්කං නමයෙන් එකක් අල්ලන්න කියලා.
ඒක අනුව කිව්වා ඉතාම ලඟදී දුර ගමණක් යන්න වෙනවා කියලා.
ඒක කියලා පැය අටක් ඇතුලත මං තාත්තා ගේ හෙදරින් පිටත් වී අපේ ගෙදර ආවා!!!