
ටික දවසකට කලින් මං කතන්දරයක් කිව්වනේ මං හොඳ වෙන්න බලන කෙනෙක් කියල මං කාලෙකට ඉස්සර කියපු ප්‍රකාශයක් පස්සෙ දවසක මගේ වරදකින් මාව බේරපු හැටි ගැන.
මෙන්න තවත් හොඳ වෙන්න බලන පොරක් ගැන, මං අහල තියෙන, කතන්දරයක්.
මේ කියන පොර ගියාලු දෙමව්පියො එක්ක මනමාලියෙක් බලන්න.
ඉතිං කට්ටිය සතුටු සාමීචියෙ ඉන්න වෙලාවෙ මනමාලි වෙන්න ඉන්න කෙල්ලගෙ තාත්ත මනමාල පොර ගැන ප්‍රශ්ණ අහන්න පටන් ගත්තලු.
"මේ ළමය සිගරැට් හෙම බොනවද?"
"අපෝ නෑ."
"බොන්නෙම නැද්ද?"
"දන්නෙ නැද්ද ඉඳල හිටල එකක් බොනව."
"ඒ කිව්වෙ?"
"දන්නෙ නැද්ද ඔය ඩ්‍රින්ක් එකක් දාන දවසට හෙම."
"ඒ කියන්නෙ නිතරම අරක්කු බොනවද?"
"අපෝ නෑ."
"බොන්නෙම නැද්ද?"
"දන්නෙ නැද්ද ඉඳල හිටල ඩ්‍රින්ක් එකක් දානව."
"ඒ කිව්වෙ?"
"දන්නෙ නැද්ද ඔය යාළුවො එක්ක බාර් එකකට ගියොත් හෙම."
"ඒ කියන්නෙ නිතරම යාළුවො එක්ක බොන්න බාර් එකට යනවද?"
"අපෝ නෑ."
"ඒ කිව්වෙ?"
"දන්නෙ නැද්ද ඔය ඉඳල හිටල අස්සයෙක් වැඩ කරපු දවසට විතරයි යාළුවො එක්ක බාර් එකට යන්නෙ."
ඉතිං එදා "වෙන්ඩ මනමාලයගෙ" පාර්ශවයෙ කට්ටිය "වෙන්ඩ මනමාලිගෙ" ගෙදරින් එහෙන් පිටත්වෙලා තමන්ගෙ ගෙදරට එන කොට එහෙට ටෙලිග්‍රෑම් එකක් ඇවිල්ලලු, "වෙන්ඩ මනමාලිගෙ" තාත්තගෙන්.
"අපේ දියණිය පිළිබඳ විවාහ යෝජනාව ඉටු කළ නොහැක. කේන්ද්‍ර කොපිය තැපෑලෙන් එවමි."
හැම වෙලේම අවංක වෙන්න යන එකත් එච්චර ප්‍රඥාගෝචර නෑ වගේ නේද?
කතන්දරකාරයා
වෙලාව ඈහැව්ව කතාව වගේ නේද?
ReplyDeleteනිතර දෙවේලේ අවංක වෙන්ට යන එක නං ප්‍රඥාගෝචර නෑ. ඒ කතාව නං ඈත්ත තමා. ඒ ගැන අද්දැකීම් නං එමට ඈත.
අම්මප සහතික ඇත්ත.. මම ඇණ ගනිපු වාර ගණන අනන්තයි.. අප්‍රමාණයී..
ReplyDeleteඔය කතාවෙ තව වර්ෂන් එකක් මමනං අහලා තියෙන්නෙ.. හැබැයි ඒක මේ වගේ තැනක කියන්න බෑ.. :)
ReplyDeleteතව කතාවක් තියෙනවා අනගිරත්නයන්ගේ නරලොව හොල්මන් පොතක තිබ්බ. අර විදිහටම වෙන්න මාමණ්ඩි වෙන්න බෑණාගෙන් අහනවා
ReplyDeleteමාමණ්ඩි - "සිගරට් එහෙම බොනවද ?
බෑණා - "අනේ නැහැ"
මාමණ්ඩි - " අරක්කු එහෙම ?"
බෑණා - "කටේ තියන්නේ නැහැ"
මාමණ්ඩි - "රේස් දාන ඒවා එහෙම කරනවද ?"
බෑණා - "අප්පෝ නැහැ"
මාමණ්ඩි - "තමුන් වගේ කෙනෙක්ට මගේ දුව දෙන්න වටින්නේ නැහැ. මම ඔය ජාති ඔක්කොම කරනවා"
(Y) .... :D
Deleteඕනම කෙනෙක්ට.. පෞද්ගලික ජීවිතයක් කියළ දෙයක් තියෙන්න ඕන.
ReplyDeleteවෙන්න අවංක වැඩේ කරන්න ගිහිල්ල, මම කාලා තියෙන පරිප්පු අනන්තයි...
ටිං.... ටිං.... ටිං.... කාළය අවසානයි..
ReplyDeleteමෙන්න කලින් පොස්ට් එකේ ප්‍රශ්නයට නිවැරදි උත්තරය...
ඉරිදා, සෙනසුරාදා උදේට පරණ මොරිස් මයිනර් එකක් උඩ ලවුඩ් ස්පීකර් (පීකර්) දෙකක් බැඳගෙන වාහනේ පදවන ගමන් ප්‍රචාරක කටයුතු කරන්නෙත් මෙයාමයි... මෙන්න මම අහල තියෙන ප්‍රචාරක දැන්වීමක්..
ගාමිනි, මාලනී සමඟ සන්ඩු කරණ මර්විනයා රඟන....
මල්ටි ටැලන්ටඩ් මිනිස්සු නේද....?
කාට කාටත් එහෙනම් අවංක වැඩි වෙන්න ගිහින් කාපු පරිප්පු තියනවා වගේ.. හික්ස්
ReplyDeleteඅනේ මංදා මටටඅඅ... නෑ මොකටද වැඩියෙන් අවංක වෙන්නේ
අවංක වීම මෝඩකමක් විදියට දකින මිනිස්සූ එමටයි.ඒත් මේකේස් එකේදී මනමාලයා මේවගේ මාමන්ඩියෙකුගෙන් ගැලවීම අවංකවීමේ ප්‍රතිලාභයක් .
ReplyDeleteකතාන්දර අයියගේ අත්දැකීමක් කීව වගේ.........
ReplyDelete:DDDDDDDDDDD
අවංක වෙන්න ගිහින් ඕනේ තරම් කටු මාත් කාලා ඇති.
ReplyDelete:(
කට්ට්ක් කෑවත් මොනව උනත් අවංකවෙන එකෙන් තමන්ගෙ හිත ගොඩක් සැහැල්ලු කරගන්න පුලුවන්නේ........ :) මටනම් අවංකවෙන්න ගිහින් තාම ලොකු සීන් වෙලානෑ කමක් නෑ කොහොම උනත් ඕනම දෙයක් වෙන්නෙ හොඳට කියල අවංකවෙන තරමට හොඳයි කියල මම හිතන්නෙ.......
ReplyDeleteජේ.ඩී කොලුවා හිතුවේ ඔහොමලු ඈ................... :)
දැන් එතකොට මේ සීන් එකෙන් පස්සේ බලන්න ගිය මනමාලිගේ තාත්තට බොරු කියලා උඹ හොඳ එකෙක් කියලා කිව්වට ලැබුනු තෑග්ගද ඔය දැන් ඉන්න මායියා . . ? හික්ස්
ReplyDeleteඅහ් බුරන්තිනෝ කිව්ව වගේ මාත් අහල තියෙන්නේ මෙතන ලියන්න බැරි වර්ෂන් එක . . හික් හික් හික්
This comment has been removed by the author.
ReplyDeleteමගුල් තුලාවක් කෙරෙන්න ඕනිම නම් අවංක වෙනව කියන්නෙ ඉතින් යෝජනා වලින් විවාහවෙන අදහස අතහැර ගන්න වෙන එක තමයි ඕං....ඒක නෙව මම තාම තනිකඩ හිහ් .....
ReplyDeleteගාමිණිගේ කතාවමයි මටත් හිතට ආවේ. මේ මනමාලයාගේ අවංක කමින් ජීවිත දෙකක් බේරුණා කියලා හිතුණා. වැදගත්ම දේ මට නම් ප්‍රශ්න අහන කොට අනුගාමී ප්‍රශ්න ඇසීමේ වටිනාකම මේ කතාවෙන් අපූරුවට පෙන්නා දීමයි.
ReplyDeleteසිගරට්, මත්පැන්, බාර් යෑම් කෙසේ වෙතත් ඉඳහිට අස්සයෙක් වැඩ කරන්න නම් කොච්චරක් නම් අස්සයින්ට පෙම් කල යුතුද යන්න හිතුවාම කාරණාව ඒ හැටිම සුළු පටු කාරණයක් නොවෙයි.
හොදට බලන්න කතන්දර අයියා, අපි අවංක වෙන්නෙ නැතිව ලබාගත්තු දෙයක් හින්දා තව ප්‍රශ්න , දුක් කරදර වැඩි කරගැනිමක් තමයි සිද්ද වෙන්නෙ. තවත් කෙනෙකුගෙ ජිවිතයක් එක්කනෙ මෙතන කතාව ඇදෙන්නෙ. හැබැයි ඔය අවංකකමත් සංසාර පුරුද්දක් කියලායි මට හිතෙන්නෙ.
ReplyDelete