ජීවිතයම කතන්දර ගොඩක්!
This is a Sinahla blog written for five years from July 2009. It contains stories - Kathandara - from authors life.
කතන්දරකාරයා ගේ දශක කිහිපයක ජීවන අත්දැකීම් අළලා 2009 ජූලි 11 දින සිට පුරා වසර පහක් තිස්සේ ලියවුණු කතන්දර එකතුවකි. kathandara@gmail.com
Thursday 3 June 2010
ටැබූ නමැති කතන්දරකාරයා ලියන කතන්දර
ටැබූ සබ්ජෙක්ට්ස් හෙවත් සාමාන්‍යයෙන් නොකියන කතා නමැති බ්ලොග් අඩවිය ලියන ස්විම් ෆෑන් නොහොත් ටැබූ නමැති බ්ලොග්කරුවා ගැන අමුතුවෙන් හඳුන්වන්න ඕනෙ නෑනේ.
මාත් මුලින්ම කියවලා රස විඳපු බ්ලොග් එකක් තමයි ඔය ටැබූ සබ්ජෙක්ට්ස්.
පස්සෙ, පස්සෙ, ටැබූ දේශපාලන කතා ලියන්න පටන්ගත්ත වැඩිපුර. ඊලඟට පොර ඉංගිරිසියෙන් ලියන්න ගත්ත.
පාඨක බලවත් ඉල්ලීම මත දැන් දැං ආයෙත් සිංහලෙනුත් ලියනව.
මං වගේ කතාකරන භාෂාවෙන් වගේම, ව්‍යාකරණකූල නූතන භාෂාවෙනුත්, පුරාතන සිංහල භාෂාවෙනුත් ලියන් ටැබූ දස්සයි. පොර ලියපු හොදම ක්ලැසිකල් සිංහල රචනයක් තමයි චුල්ල රාජපක්‍ෂ ජාතකය.
කොච්චර දේශපාලන කතා, ටැබූ කතා ලිව්වත්, පොර ඇතුලේ හොඳ උත්ප්‍රාසී නැඹුරුවක් තියෙන කතන්දරකාරයෙක් ඉන්නව. අර දමයන්තගෙ අඩහඳය වගේ කේස් එකක්.
මට ඕක තේරුනේ, මගේ කතන්දරවලට කොමෙන්ට්ස් විියට,ටැබූ දාල තියෙන කතන්දර කියවපු වෙලේයි.
මං මේ හදන්නෙ, ඒ ටැබූ ලියපු කතන්දර ටික ආපහු අළුත් පෝස්ට් විදියට දාන්නයි.
මෙන්න පලමුවෙනි එක - සීයා ගේ Blue Film බැලීම
=======================================
අයියල මල්ලිල දෙන්නෙක් මටත් සෙට් උනා A/L කාලෙදි. මගෙ යාළුව මල්ලි. මුන්ගෙ ගෙදර තමා අපේ ඒ දවස් වල වල බහින ස්පොට් එක. මොකද ඒ ගොල්ලන්ගේ රස්සා හැටියට අම්මයි තාත්තයි දෙන්නම දවල්ට ගෙදර නෑ. ඕනැ අටමඟුලක් කරගත්තෑකි.
ගෙදර හිටියෙ අම්මගෙ තාත්ත (සීයා) විතරයි. පොරට වයස නිසා යම් මානසික ආබාධයක් තිබුන. කවුරුත් එක්ක කතාවක් නෑ. කතා කළත් බයිල කියවන්නෙ. ඇවිදින්න හෙම පුළුවන්. මේ සීය නැති වෙනව මාසයකට සැරයක් විතර. එළියට ඇවිදින්න ගිහින් ගෙදර එන පාර හොයා ගන්න බැරුව. ඉතින් අපි යන්න ඕනැ හොයන්න. මේ හන්ද මුන්ගෙ පවුලෙනුත් අපි ඒ ගෙදර සෙට් වෙන එකට විරුද්ධත්වයක් තිබුනෙ නෑ.
දවසක් මුන් දෙන්න යාළුවො ටිකක් එක්ක (මම එදා සෙට් වෙන්න වුනේ නෑ, මොකක් හෝ හේතුවක් නිසා) සාලෙ දාගෙන බලනවලු බ්ලූ ෆිල්ම් එකක්. සාමාන්‍යයෙන් සීයගෙන් මේවට බාධාවක් නෑ. තේරෙන්නෙ නෑනෙ. ඒත් එදා මේ යෝදය ඇවිල්ල ඉඳගත්තලු ඉස්සරහින්ම. දැන් ඇණතියාගෙන බලාගෙන ඉන්නවලු TV එක දිහා ඇස් ලොකු කරගෙන. කොල්ලො ටිකට මැරෙන්න හිනාළු.
මේක නෙවෙයි ලස්සනම කතාව.
මල්ලි ඇහුවළු අයියගෙන් "TV එක වහමුද?" කියල.
අයිය කියනවලු "ඔන්න ඔහේ බලපුදෙන් බං. දැන් නොබල මිනිහ කවද ඕව බලන්නද" කියල!
=======================================
තව තියෙනව දෙක තුනක් ටැබූ ලියපු කතන්දර. මං ඉස්සෙල්ල ඒව දාල, ඊලඟට පටන් ගන්නව මගේම ටැබූ කතන්දර ලියන්න.
කතන්දරකාරයා
p/s:
මේ වැඩේ අදම කරන්න හිතුනේ ටැබූ මගේ ඊයේ දාපු පොස්ට් එකට කොමෙන්ට් කරමින් කරල තිබුණු සොඳුරු තර්ජනයක් නිසයි.
Subscribe to:
Post Comments (Atom)
හික් :D :D සිරා කතාව :D
ReplyDeleteකසූ මේ වගේ වැඩවලටද කියන්නේ "ඌරගේ මාළු ඌරගේම ඇඟේ තියලා කපනවා" කියලා ?
ReplyDeleteඔය බ්ලූ ෆිලිම් වීඩීයෝ ආපු කාලේ වීඩීයෝ ප්ලේයර් එකක් තියෙන එක හරි ළොකු දෙයක්. ඔන්න එහෙම ඩෙක් එකක් තියෙන ගෙදරක නෑයෝ කට්ටියක් ඇවිල්ලා හින්දි ෆිල්ම් එකක් බලන්න සෙට් උනාලු. ඉතිං ලොකු පොඩි සියළු දෙනාම මැද්දෙ රට ගිහිල්ල ආපූ ගෘහ මූලීකය කැසට් එකක් දාලා ඇවිල්ල රිමොට් එකත් අරන් පුටුවේ ඉඳගත්තලු.
ReplyDeleteටී.වී. එක රිමෝට් එකෙන් ඔන් කරල වීඩියෝ එකත් රිමෝට් එකෙන්ම ඔන් කරාලූ.
"ආ... හ්... ආ... හ්.... ඌ....." කිරි කොස් ගයට හෙන ගහපිය කිව්වලු.. තඩි මස් කඩයක් දාලා තියෙන්න....දැන් මොකද කරන්නෙ.. ඕෆ් කරණ අනං මනං මුකුත් හිතට ආවේ නෑලූ...
ටී.වී එක ගාවට දුවපු මෑන් සරම උස්සල ටී.වී. එක වැහුවලු ... බ්ලූ ෆිල්ම් දෙකයි..
මං හිතන විදියට ඒක තමයි පළවෙනි ලෝකල් බ්ලූ ෆිල්ම් එක...
අහ් ඒපාර් ටැබූ කතාවගේ....... හා හා ඔහොම යමුකෝ...
ReplyDeleteමේ ඇත්තටම අර සීයපප්පා කන්නාඩි එහෙම දාගෙනද දන්නෙනෑ චිත්තර පටිය බැලුවේ ලොල්ස්........
ටැබූ කතන්දර කියන්න වගේම විහිළු කරන්නත් කැමැතියි. (නිතරම නොකළාට) ඉතින් කියන සියළුම දේ සීරියස් භාර ගන්න ඕනැ නෑ කියලා අමුතුවෙන් කියන්න ඕනැ නෑනෙ. :-)
ReplyDelete@ Taboo,
ReplyDeleteYes, I know that mate. No worries.
Frankly, I was planning to do this (ie, re-publishing your stories posted as comments, just in the way I publish stories sent in by others, and then writing my own taboo stories) some times back.
However due to constant off-tracking of my plans, I never got around in doing that.
In fact, my first “taboo” story, on Maname, was written more than two months back. Hope to publish this soon.
-KK (No Unicode @ office)
This comment has been removed by the author.
ReplyDeleteකලිං කොමෙනටුව වැරදුනා
ReplyDeleteටැබු අයියට නේද එදා සෙට් වෙන්න බැරි වෙලා තියෙන්නෙ.
අපරාදෙ. හොඳම දවස නෙ.
මෙන්න ඔය බ්ලූ බලපු සීයා ගැන තවත් පුංචි කතාවක්.
ReplyDeleteසීයගෙ මුනුපුරා (මගෙ අපාය සහාය මිත්‍රයා) ටිකක් අමුතු ජාතියෙ පොරක්. හැමදේම කරන්නෙ අනෙක් අය කරනවට වැඩිය වෙනස් විදියට. (ඔච්චර බ්ලූ බලලද දන්නේ නෑ පොරගෙ මොළේ කචල් වුනේ.) එක අතකින් හොඳ මීටරයක්. පොතේ දැනුමට වඩා ඉතාම හොඳ ප්‍රායෝගික දැනුමක් තිබුණ විදුලි හා ඉලෙක්ට්‍රොනික වැඩ ගැන. ෆ්ලොරසන්ට් බටයක බාගයක් විතරක් පත්තු කරන සූත්තරයක් මට කියල දුන්න ඒ කාලෙදිම. තව හුඟක් නිර්මාණ කළා. වෙලාවක් තිබුණොත් කියන්නම්.
මේ මුනුපුරා A/L කරන කාලෙ. රෑට කාමරේ හරිම දාඩියයි. පොරට ඕනැ වුනා කාමරේ ජනේලෙ ඇරගෙන නිදා ගන්න. ප්‍රශ්නෙ තියෙන්න හැමදාම අම්ම බර බරේ දානව ජනේලෙන් හොරු එයි කියල. මේක අහලම ඇතිවෙලා. පොර හිතුව ක්ලැසික් විසඳුමක්. ගත්ත වයර් එකක්. ෆේස් වයර් එක සම්බන්ධ කළා ජනේලෙ ග්‍රිල් එකට. දැන් ග්‍රිල් එක electrified. හොරු ඒම බොරු. පොර කිසිම බයක් නැතුව රෑට ජනේලෙ ඇරන් නිදා ගන්නව.
දවසක් පැල් බැඳගෙන වහිනව. මිත්රයා ගොරෝ ගොරෝ නිදි. කාමරේ ගාවින් ගමන් කළපු සීය දැක්ක ජනේලෙන් හිරිකිඩ එනවා කාමරේට. ඔළුව ටිකක් හොඳ නැතිවුනත් මුනුපුරා තෙමෙනව නේද කියල මුනුපුරු ප්‍රේමය ඇති වෙන්න ඇති. ගියා ජනේලෙ වහන්න. අත තිබ්බ ග්‍රිල් එකට. වැදුන නේද සීය කරකවල යන්න.
එදායින් පස්සෙ සීය ගෙදර කිසිම ජනේලයක් දොරක් වහන්න ගියේ නැතිළු.
(පොර ඉස්කෝලෙ ප්‍රින්සිපල්ට දීපු වද වල හැටියට නම් සීයට දීපු වද ඉතාම සුළු දේවල්. වෙලාවක් තිබුනොත් කියන්නම්.)
අහලා තියෙනවද "Cassandra Crossing" ගැන. Sophia Loren ඉන්න චිත්තරපටිය. අපේ යාළුවෙකුට ඕන උනා (අංකල් කෙනෙක්) මේක බලන්න. මිනිහා ගියා වීඩියෝ ෂොප් එකකට.
ReplyDelete"පුතා.. මට දෙන්නකෝ "Cassandra Crossing"?
අම්මට හුඩු අපේ බුවා අප්සෙට් ගියා... වට පිට බලා කවුන්ටරේ යටට අතදාලා බෑග් එකක් ගත්තා.. කලබලෙන් වගේ දුන්නා..
දීලා හෙමෙ කියනවා...
උණු කැවුම් වගේ ගියෙ අංකල්.. මේත් අන්තිම එක... හොද වේලාවට අන්කල් ආවේ...
අපේ කතා නායක අන්කල් ගෙදර ගිහිල්ලා දැම්මා චිත්තරපටිය...
හත් දෙයියනේ තියෙන්නේ "Cassandra Crossing" ම
තමයි...
හැබැයි ඒ අපි දන්න Crossing...
(පසුව දවසක ඔහු විසින් මට මේ කතාව කියන ගමන් කිව්වා.. මටත් එකක් බලන්න හිතිලා තිබුනේ.. ඒත් ඉල්ලන්න ලැජ්ජාවේ හිටියේ...)
බලමුද "Cassandra Crossing"
කවුරු මොනා කිව්වත් ටැබූගේ ජීවන දැක්ම සමාජය කකුල් දෙක්න් හිටවන්න කරන වෑයමක් කියලයි මගේ නම් අදහස . . . ටැබූටත් කසූටත් ජයවේවා . . .
ReplyDeleteබලමු කවුද දින්නනෙ කියල. හැබැයි අපි නම් දෙන්නත් එක්කම ඉන්නවා.
ReplyDeleteමේකේ වග විත්ති වැඩිය කියන එක හොඳ නෑ. කතාව විතරක් කියන්නම් නම් ගම් වාරණය කරලා. මගේ යාලුවෙක් හිටියා රජයේ ආයතනයක වැඩ කරපුල මිනිහටත් ඔය ඒ කාලේ වැඩ කරපු office එකේ OT කරන සමහර සති අන්ත තිබුණා. ඒ වගේ දවස් වල හවසට වැඩි දෙනෙක් office එකේ නෑ. මිනිහාගේ යාලුවො ටිකක් හිටියා උන්ගෙන් හෙන වදේ උන් ගේන CD's දාලා දෙන්න කියලා. මුලදි ඒවා බැලුවේ office pc එකකලු. පස්සෙ පස්සේ shape එකේ room එකක් ඇතුලෙන් යතුරු දාගෙන ඒවා බලන්නේ ආයතනයේ ම projector එකක දාගෙනලු. මේ ආයතනයේ හිටියා පැන්ෂන් යන්න කිට්ටු extension පිට හිටපු පොරක්. මිනිහත් ඉඳලා හිටලා ඔය room එකකට රිංගනවා. කොල්ලො ටිකට බැනලා උන් කරන වැඩේට හිමීට බිත්තිය අයිනට ගිහින් ඉඳගන්නවලු. බිත්තියට මූණ අඩියක් විතර මෙහාට වෙලා මිනිහත් අරක බලන්න සෙට් වෙනවලු. වයසයි දියවැඩියාවයි නිසා හරියට පේන්නෙ නැති ඇස් දෙකෙන් වැඩේ ගොඩ දාගන්න තමයිලු එහෙම කරන්නේ.
ReplyDeleteඔන්න මමත් දැම්මා චිත්ර පටි කතාවක්. කියවලාම බලන්නකෝ:
ReplyDeletehttp://mptalks.wordpress.com/2010/06/03/movie-story/
කතන්දර අය්යේ.. මම හැමදාම අයගේ කතන්දර බලන රසිකයෙක්..
ReplyDeleteමටත් ඒ නිසා මගේම බ්ලොග් එකක් පටන් ගන්න ආස හිතුන..
මමත් බ්ලොග් එකක් පටන් ගත්ත.. හැබැයි ඔයාල තරම් හොඳට ලියන්න නම් බා..
එත් පොඩ්ඩක් බලල ගුණ දොස් විචාරයක් දෙනවනම් මම ගොඩක් සතුටු වෙනවා..
මෙන්න ලින්ක් එක...
http://rehanworld7.blogspot.com
හික් හික් චූ කතා ඉවර වෙලා දැන් අලුත් පාරක වගේ.... අපෝ මම නම් ඔව්ව බලල නැහලු හික් හික්... බොරු ලු ඉතින් කිව්වෙ හික් හික්
ReplyDeleteමට නම් කණගාටුයි කියන්න වයස අවුරුදු 21 වෙනක්ම්ම ඔය වගේ නිල් චිත්‍රපටි බලන්න අවස්ථාවක් ලැබුනෙ නැහැ. ඒක ලැබුනෙත් මංම හම්බ කරල ඩෙක් එකක් ගත්තට පස්සෙ. ඒත් කිහිපයක් බැලුවට පස්සෙ ඒකට තිබුණ ආසාව නැතුව ගියා. මට දැනුනා නිකම් මොලේ කචල් වෙලා යනව කියල ඒව බැලුවහම. ඊට පස්සේ මන් උනන්දු උනේ හොඳ story එකක් තියෙන films බලන්න. උදාහරණයක් හැටියට කියනව නම් Unfaithful වගෙ films.
ReplyDelete@Dinesh_silva
ReplyDeleteSrsly Mate! you should see a shrink!
;)
Do not have sinhala fonts so writing in English. Found your blog while searching through the Web. Living in a far away land away from my own people. Reading your blog gives meaning to life..
ReplyDelete