Friday 25 June 2010

අත්තනගල්ලේ ටුවරිස්ට් ගයිඩ්


සිංහලෙන් ඉංගිරිසියටත්, ඉංගිරිසියෙන් සිංහලටත් හුවමාරු වුණු වචන ගැන කතා කරන වෙලාවේ මතක්වුනු අත්තනගල්ලේ ටුවරිස්ට් ගයිඩ් ගේ කතන්දරේ ලියන්න ඊයේ ගත්තට අනං මනං අතුරු කතන්දර වලට පැටළුනු නිසා, ඒක අද වෙනකං කල් දාන්න වුනා.

අද කෙලින්ම කතන්දරේ ට බහින්නං.

මීට අවුරුදු කීපයකට කලින් අපි ගියා නිට්ටඹුව හරියෙ තියෙන ඓතිහාසික අත්තනගල්ල රජමහා විහාරය බලන්න. මෙතනදි තමයි අර රාජ සඟබෝ හිස දී දුගියාටා කියන සින්දුවේ කියවෙන හිස්ටෝරිකල් සීන් එක වුනාය කියල කියන්නේ.

ඔතන බුදු ගෙයි ගාව හිටියා වයසක සීය කෙනෙක්. මිනිහා වොලන්ටියර් ටුවර් ගයිඩ් කෙනෙක් විදියටයි කටයුතු කරන්නේ. පලාතේ, පන්සලේ ඉතිහාසය හෙම අතැඹුලක් සේ දන්නවා!

කීයක් හරි දුන්නොත් පරණ සිද්ධි විස්තර කරන්නං කියලා කිව්ව නිසා ඔන්න මං සල්ලි කොලයක් දුන්නා පොරට. පොර දෙන්න තියා ගත්තා නේද ඉතිහාසේ නිකං අපේ මැරෝ ල, සූරියප්පෙරුමාල් ල, ජැකෝනිස් ඇන්ටෝනියෝ ල පරද්දන සයිස් එකෙන්.

ඔය සිරිසඟබෝ කතන්දරේ මුල හරිය අපි කවුරුත් දන්නවානේ. ඇයි අර භාතිය සංතූෂ්ලත් කියන්නේ. සිරිසඟබෝධි රජවෙලා ඉන්න කාලේ පොරව අල්ල බන්ද කුන්ද දාල, ප්‍රාණ හානි වෙන්න බැට දීල, ඒ ධර්මෙ සීලෙ රක්නා රාජගෙ පණ නසා දාල රජකමට කට්ට ගහන්න ප්ලෑන් කරපු ගෝඨාභයට බයේ රජා පැනල ගිහින් වනන්තරේ තපස් දම් රකින්න පටන් ගත්ත.

බුදු අම්මෝ ගෝඨ ට බය නැත්තෙ කවුද, නේද?

රාජසඟබෝ ඔය ගියාට රජ කමට හිත කොනකින් වත් ආශාවක් තිබිල ආපහු ඇවිත් තමන්ට බැෂ්ටිය දෙයි කියල හිතල ගෝඨා අණබෙර ගැහැව්ව සඟබෝ හිස ගෙනත් දුන්නොත් මිලියන් දහයක් දෙනව කියල.

සිරිසඟබෝ දිය පෙරන රෙද්දෙන් වොලන්ටරලි බෙල්ල කපාගෙන දුගියට දුන්නු හැටි දන්නවනේ. ඉතිං, ඒ හිස් ගෙඩිය දැකපු සිරිසඟබෝ ගේ බිසව, දුගිය ගෙන් පාර අහගෙන ආවලු සිරිසඟබෝ ගෙ කලේබරය දැක ගන්න අත්තනගල්ලට.

අර අත්තනගල්ලේ පන්සලේ ගයිඩ් සීය කියන විදියට එයා ඇවිත් තියෙන්නේ බෝතලේක පැල කරපු බෝ පැලයක් අරගෙනයි. අනුරාධපුරේ ඉඳල එන ගමනෙදි රෑ නතරවෙලා තියෙන්නේ මීරිගම පැත්තෙ ගල්තලාවක.

පුදුමෙ කියන්නෙ බිසව උදේ නැගිටලා බලන කොට අර බෝතලේ පැල කරල තිබුණු බෝ පැලය ඒ ගල උඩම මුල් ඇදල ලු. නෝ හෙල්ලුම් පොල් මැල්ලුම් කේස් නේ. පැලේ තියල බිසව මාරු වුණා ලු.

බෝතලේක ගෙනා බෝ ගහ හින්ද ඒ ගල්තලාව තිබුණු ගමට නම වැටුනලු බෝතලේ කියල. මේ කියන්නේ අර නිදහස් ලංකාවේ මුල්ම අගමැති වෙලා තමන්ගෙන් පස්සෙ පුතණ්ඩියට රජකම දෙන්න සෙට් කරපු ඩී.ඇස්. ගොයියලගෙ ගම් පලාත.

ඉතිං ඔය බෝතලේ කතාව අහගෙන ඉඳල මං ගයිඩ් සීය ගෙන් ඇහැව්ව මෙන්න මෙහෙම.

"ඉතිං සීයෙ, ඊට අවුරුදු සිය ගානකට පස්සෙ රොබට් නොක්ස් වගේ කෙනෙක් ඔය ලංකාවෙ තිබුණයි කියන ජාතියෙ බෝතලයක් දැකල, එංගන්තෙට ගිහින් ඒ වචනෙ ඉංගිරිසියට හරෝල බොට්ල් කියල හදාගත්ත නේද?"

අනේ ඒ සීයට මගෙ විහිලුව තේරුණේ නෑ. පව්!

ඒ කතන්දරේ එච්චරයි.

මෙන්න බෝනස් කතන්දර බාගෙ.

මං සීයට සල්ලි දෙනව දැකපු පන්සලේ තිබුණු කෝවිලේ කපුව මට ඇවිත් කියනව, එන්න මහත්තය, මේ දේවාලෙට ඇවිත් අහවල් දෙයියංගෙ ආශිර්වාදය ලබාගන්න කියල.

මං ඒ උන්නැහෙට කිව්වෙ මෙච්චරයි.

"අනේ, අපි බුද්ධාගමේ!"

පොරට නං මගේ උපහාසය තේරුණා.

කතන්දරකාරයා තමයි දවසකටවත් මිනිහා නේද? (ඕක මට දෙතුන් පාරක්ම ආපු කමෙන්ට් එකක්!)

-කතන්දරකාරයා

ප/ලි:
මේ ඉතිහාස කතා කියන කොට මට තාත්තව මතක් වෙලා දුකක් හිතට ආවා. තාත්ත විද්‍යෝදයේ ශ්‍රාස්ත්‍රවේදී උපාධියට ඉතිහාසය ඉගෙන ගත්තු පොරක්. අපි පොඩි කාලෙ ඉබි පැටවුන්ගේ කතා විතරක් නෙමේ පරණ ඉතිහාස කතාත් කියල දුන්න.

මං සිරිසඟබෝ කතාව කියපු හැටි තාත්ත දැක්කොත් මොනව නොකියයිද?

මං ඉතිං නොට්ටිගෙ පුතෙක් නිසා, ඉතිහාස දෙපාර්තමේන්තුව පැත්ත පලාතෙ ගියේ නෑ.


ප/ප/ලි:
මේ කතාවේ දෙවන කොටස මෙතනින් බලන්න.
http://kathandara.blogspot.com.au/2010/06/blog-post_26.html

34 comments:

  1. අනුරාධපුරෙං උදේ පිටත්වෙලා රෑට නවතින්න මීරිගමට එන්න බිසව මාර හයිස්පීඩ් එකේ ඇවිත් තියෙනවානේද.. බස්එකේද දන්නෙ නෑ ආවෙ..

    ReplyDelete
  2. රිපීට් ටෙලිකාස්ට් වෙයි කියලා හිතලා නොදා ඉඳලා ඉඳලා අන්තිමට අදනම් දානවයි කියලා හිතුවා විතරයි මෙන්න ඒක කතන්දරම දාගෙන :P

    කතන්දරට දෙන්න තිබුනේ "හොඳම වින්දනාත්මක බ්ලොග් අඩවිය" සම්මානේ නෙවෙයි "හොඳම දේශපාලානාත්මක බ්ලොග් අඩවිය" සම්මානේ

    ReplyDelete
  3. ඔය හිස දන් දුන්නයි කියන තවත් තැනක් තියනව නේද අනුරාධපුරේ පැත්තෙ හත්ථිකුච්චි කියලා???

    ReplyDelete
  4. ඔය බෝතලේ මීරිගමට ගෙනාපු ගුරු පාර ළඟින් දොළක් ගිහින් තියෙනවා ලු. ඒ දේවියගේ නම මන්දා නාලනී ද කොහෙදෝ කියල තමයි ඉතිහාසපොත් වල ලියැවිලා තියෙන්නේ ඕන්...

    කොහෙද කකා නොට්ටිගෙ පුතෙක් නේ.. ඉතිහාසය ඉගෙනගත්ත කියලෑ.

    කෝවිලේ කපුවට දුන්නු උත්තරේ නම් මසුරන් වටිනවා...

    ReplyDelete
  5. 1 "බෝපැලේ " පස්සෙ කාලෙක "බෝතලේ" උනා වෙන්න බැරිද ?
    2 ඔය දියරෙද්දෙන් බෙල්ල කපනවා කියන ප්‍රස්තාවට මේකතාවේ සම්භන්ධයක් තියනවද කසූ ?

    ReplyDelete
  6. කපුවට දීපු උත්තරෙ නම් මසුරන්

    ReplyDelete
  7. මං දවසක් කුට්ටම් පොකුන බලන්න අපේ උන්දැත් එක්ක ගිය වෙලාවක එතන පොඩි උං ටිකක් එක්ක ඇවිත් හිටපු ඉස්කෝලෙ ටීචර් කෙනෙක් පොඩි උන්ට කියනව " මේ පොඩ් පොකුණ බිසවුන්නාන්සෙලට නාන්න, ලොකු එක රජ තුමාට නාන්න " කියල. "අර බෝර්ඩ් එක බැලුවනං බොරු කියන්න ඉස්සෙල්ල" කියල ( මණ්ඩලයේ බලවත් විරෝධය මැද ) මං හිමීට ඒ ටීචර්ට කිව්වමයි එයාට තේරුනේ තමං කොච්ච්‍ර නාලද කියල.

    ඔය අත්ථනගල්ලෙ හිස දන් දුන්න කියන කතාව බොරු. හරියට අර බෝතලේ ගම ගැන කිව්ව වගේ තමයි ( අර හොරණ පැත්තෙ තීන බෝතලේ ගම කොහොම හැදුනද දන්නෙ නෑ එහෙනං ). හරි තැන තමයි කලාවැව කිට්ටුව තීන හත්ථිකුච්චි විහාරය. අනුරාධපුරෙන් බත්මුලක් බැඳන් දොට්ට බැහැපු මඟියෙකුට දවල්ට කන්න අත්ථනගල්ලට එන්න අදත් බෑ.

    ReplyDelete
  8. කතන්දරකාරයා තමයි දවසකටවත් මිනිහා නේද?

    ReplyDelete
  9. ඩී ඇස් මහත්තැන්ට කියපු සුලු කතාව උනත් මට හිතෙන්නෙ වැරදියි...උන්නැහෙගෙ පුතා රජකම බලාගෙන හිටියෙත් නෑ..මොන ජෝක් එක කලත් උන්දැල රටේ හිටපු මහ විසාල පොරවල් 2ක් ..අපි නිසිතැන නෙමෙ හැමතැනම ගරු කරන්න ඕනි උන්දැලට...අම්පාරට ගිහින් ගල් ඔය බලල එන්න ඩී ඇස් මහත්තැන්ගෙ වැඩ කිඩ බලන්න.......

    ReplyDelete
  10. ඔයා ඉතිහාසේ උගන්න ක්‍රමේට මතක තියා ගන්න ලේසීයිනේ. තාත්තා කේස් දාන එකක් නෑ!

    ReplyDelete
  11. කතන්දර, අද කතාව හරි ලස්සනට ලියලා. දෙපාරක් කියෙව්වා රස විඳින්න.

    ඉන්දික උපශාන්ත, ටීචර් නෝනා වැරදිම නෑ. රජ කාලේ පොකුණු පිරිමින්ටත් ගෑණුන්ටත් වෙන වෙනම තිබුනෙ. පුරාවිද්‍යා මහාචාර්යවරයෙකු වෙතින් මම එය පහදා ගත්තා මගේ කතාවකට ඇතුල් කරන්න කළින්. කවුද දන්නෑ බෝඩ් එක ගැහැව්වෙ?

    ඉන්දි, විසාල පොරවල් වූ පමණින් ගරු කරන්න ඕනි ඇයි? අර ඉන්දික උපශාන්ත කියපු විදියට අනුරාධපුරෙන් බත් මුලක් බැඳගෙන දොට්ට බැහපු අයට දවල්ට කන්න අදටත් අත්තනගල්ලට එන්න බැරි ඩී.එස්.ල වගේ අය රට හරියාකාරව දියුණු කරන්න අකමැති වුණ නිසයි. කරන්න ඇහැකි පමණින් අරික්කාලක්වත් ඔවුන් කළේ නැත. මෙ‍ෙතක් වූවෙක් කළේ ද නැත. අද ඉන්නා අය ද නොකරති. ගරහන්න අවශ්‍ය නෑ ඒත් වර්ණනා කරන්නෙත් මොකටයැ?

    ReplyDelete
  12. කපුවාට කිවූ කතාවට හිටපු බෞද්ධයෙක් වන මාගේ ප්‍රණාමය..

    ReplyDelete
  13. අරුණි,

    රජ කල වෙන වෙනම පොකුණු තිබූ බව සැබවි. ඉසුරුමුණිය අසල මඟුල් උයනේ අපිට ඒ සඳහා සාක්ෂි ඇත. එහෙත් මා සඳහන් කල චිරප්‍රසිද්ධ "කුට්ටම් පොකුණ" යනු අභයගිරි විහාරයට අයත් භික්ෂූන්ගේ පරිහරණය සඳහා බඳවන ලද්දක් මිස රජුන්ගෙ හා බිසවුන්ගෙ නෑමට තනවන ලද්දක් බවට කිසිවෙකුත් පවසා ඇතිබව මා දන්නෙ නැත (එහි ජල කළමනාකරනය සඳහා වූ "බිසෝ කොටුවක්" නම් ඇතිබවනම් මා දනිමි).
    පුරා විද්යා දෙපර්තමේන්තුව මඟින් එහි සවි කර ඇති පුවරුවේ දැක්වෙන්නේද එයයි. ඔබ ගෙන එන නව තර්කය ගැන වැඩි දුර විස්තර අදාළ මූලාශ්‍ර සමඟ සඳහන් කල හැකිනම් අගනේය.

    ReplyDelete
  14. ඔව්මයිනෙ සිරිසඟබෝ කියන්නෙ ගෝඨාභයගෙ අයියනෙ. මල්ලි අච්චර නසරාණියා වෙච්ච ඒකේ අයියා බෝධිසත්වයෙක් වෙන්න බෑ. ඔය අත්තනගල්ලේ හැංගිලා ඉන්න ඇත්තෙ මොකක් හරි ජිල්මාට් එකකට වෙන්ඩ ඇති.

    ඒක නෙවෙයි සිරිසඟබෝ --> ගෝඨාභය --> ඊළඟට රජ වුණේ කවුද ?

    ReplyDelete
  15. ඔය බලය වෙනුවෙන් අයියලා මල්ලිලා කෙල ගත්තු එකේ වර්තමාන නාටකය දැන් පෙන්වනවා නේද . . ?

    ReplyDelete
  16. @Indi
    ඉන්දිගේ කතාවට පිලිතුරක් දෙන්නම්.

    ඩී. එස්. ගෙන් පසුව අගමැති වෙන්නට වෙනත් සීනියට් එජාප ඇමතිවරු එමට සිටියහ. බණ්ඩාරනායක, ජෝන් කොතලාවල මෙන්ම ජේ.ආර් ද ඩඩ්ලි පුතාට වඩා පලපුරුදු ඇති අය වූහ.

    නමුත් ඩී.එස්. "අන්තිම කැමති පත්‍රය" පරිදි ආණ්ඩුකාර ඔලිවර් ගුණතිලක අගමැතිකම දුන්නේ ඩඩ්ලි පුතාටය.

    බණ්ඩා ශී ලංකා නිදහස් පක්‍ෂය හදාගෙන ගියේ ඒ නිසා බව ඔබ නොදන්නේ යැයි නොසිතමි.

    ReplyDelete
  17. @ Chanaka Aruna Munasinghe

    ගෝඨාභයගෙන් පස්සේ රජවුණේ එයාගේ වැඩිමල් පුතා ජෙට්ඨතිස්ස. එයා දරුණු පොරක්ලු.එයාගේ පිය රජතුමාගේ මළ ගෙදට ආපු නැති ඇමතිවරු සෙට් එකකගේ බෙලි කපලා තියෙනවා.

    එයාට පස්සේ එයාගේ මල්ලී මහසෙන් තමා රජ වෙන්නේ. මහා විහාරේ බිමට සමතලා කරලා උඳු වපුරලා... පස්සේ ජේතවනේ හදන එක වැව් ගොඩක් හදන එක වගේ වැඩ කිඩ ගොඩක් එයාත් කරලා තියෙනවා :)

    ReplyDelete
  18. @ කතන්දරකාරයා

    "නමුත් ඩී.එස්. "අන්තිම කැමති පත්‍රය" පරිදි ආණ්ඩුකාර ඔලිවර් ගුණතිලක අගමැතිකම දුන්නේ ඩඩ්ලි පුතාටය. බණ්ඩා ශී ලංකා නිදහස් පක්‍ෂය හදාගෙන ගියේ ඒ නිසා බව ඔබ නොදන්නේ යැයි නොසිතමි. "

    බණ්ඩාරනායක මහත්තයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හදන්නේ 1951 දී ඩී.එස්. සේනානායක මහත්තයා ජීවත් වෙලා ඉද්දීමයි.

    ReplyDelete
  19. @ කතන්දරකාරයා

    "නමුත් ඩී.එස්. "අන්තිම කැමති පත්‍රය" පරිදි ආණ්ඩුකාර ඔලිවර් ගුණතිලක අගමැතිකම දුන්නේ ඩඩ්ලි පුතාටය."

    ඒ කාලේ හිටියේ අග්‍රාණ්ඩුකාරවරයෙක්. ඒ තනතුරේ ඒ වෙනකොට හිටියේ සෝල්බරි සාමිවරයා. තමන්ට අගමැතිකම නොදී ඩඩ්ලිට දුන්න නිසා කොතලාවල සෝල්බරි සාමිත් එක්ක මළෙන් හිටියේ.

    පස්සේ කාලේ කොතලාවල අගමැති වුණු ගමන් කරපු වැඩක් තමා ඔලිවර් ගුණතිලකව අග්‍රාණ්ඩුකාරකමට දාගත්තු එක.

    ReplyDelete
  20. @ හෂිත
    මං වැරදියට කියපු කාල වකවානු සහ නම් ගම් නිවරදි කිරීම ගැන ඔබට බොහෝ ස්තූතියි.

    ඩඩ්ලි ඒ ඇමති මංඩලයේ සිටි ලාබාලම ඇමති කියා මං අසා තියෙනවා. ඉතිං, ඩී.එස් ගෙන් පසු ඩඩ්ලි රජ වුනේ නං Merit එකට නෙමේ Genes නිසායි.

    ReplyDelete
  21. @ කතන්දරකාරයා

    ඒක ඇත්ත

    ReplyDelete
  22. ඉන්දික උපශාන්ත, ප්‍රශ්නය දැක්කෙ අහම්බෙන්. උත්තරය පරක්කු වුනාට සමාවෙන්න. සෙනරත් පරණවිතාන සහ අනෙකුත් පුරාවිද්‍යාඥයෝ විසින් ඉදිරිපත් කරන ලද මතවාද හා එරෙහි වූවෝ හා එරෙහි වන්නෝ බොහොමයකි. ලංකාවේ හෝ ලෝකේ අනික් හැම දෙයක් ගැනම එකඟ නොවන සේ පොකුණු ගැන ද එකඟතාවයක් නැත. නව තර්කයක් නොව තිබුණා වූ මතවාදය ගැන කට වචනයෙන් පුරාවිද්‍යාඥයන් වෙතින්ම අසා තිබුණ ද මුද්‍රිතව පළ වූ ස්ථානයක් ගැන සොයා ගන්නට වෙහෙසක් ගන්නට සිද්ධ විය. මෙය දරුවන් සඳහා පළවූවකි, මෙතැනින් බලන්න. http://www.sundayobserver.lk/2008/11/02/jun06.asp
    කැළණිය විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අංශාධිපති ලෙස සිටි මහාචාර්ය අනුර මනතුංග (http://www.silumina.lk/punkalasa/20091206/_art.asp?fn=ar09120612)පොළොන්නරුව අනුරාධපුරය ගැන මැනවින් දන්නා ‍අයෙකි. ඔහුගෙන් මුලාශ්‍ර ගැන වැඩි විස්තර දැන ගත හැකිය. මේ දිනවල ඔහු කැළණිය විශ්ව විද්‍යාලය හා සම්බන්ධිත Centre for Asian Studies හි සේවය කරයි. මෙතැනින් විස්තර http://www.kln.ac.lk/cas/index.htm

    ReplyDelete
  23. අැත්තටම මිනිස්සුෙන් ෙමානවද උඹලට ෙවලා තිෙයෙෙන. අැයි උඔලෙග අතීතය, උඹලෙෙග අාරම'භය ෙම' විදියට පාච'චල් කරන්ෙන්. ඒ් අතීත මිනිස්සු ෙම' වෙග් ෙදයක් උන්ෙග් අනාගත පරම'පරාෙවන් බලාෙපාෙරාත්ත2 උනානම' කවමදාවත් උන් උඔලට ඔය ෙද්වල් දායාද කරන්ෙන් නෑ. වැරදිකාර වර්තමාෙන් ඉදල, නිවැරදි අතීතයකට ඔෙහාම පාච'චල් කරන්න ඒපා.

    ReplyDelete
  24. ඇයි උඹලට මෙහෙම වෙලා ‍තියෙන්නේ. ඇයි උඹලට උඹලගෙම මුත්තලව විහිලුවක් වෙලා තියෙන්නේ. උඹලට නිකමටවත් ‍හිතෙන්නේ නැද්ද, උඹල ඔය හිනාවෙන්නේ උඹලගෙම වි‍කා‍ර වෙච්ච මූනටමයි කියල.

    ReplyDelete
  25. උඹලට සිරිසගබෝ විහිලුවක් උනාට සුද්දගෙ ආතර් රජ්ජුරුවන්ගේ වීර කථා, රොබින් හුඩ් රසයි නේද. පිලිගත්තෙ නැතත් අඩු තරමින් ගරුකිරීමවත් තියාපල්ලා.

    ReplyDelete
  26. @yalu
    අනේ පව්, මට yalu ගැන නං දුකයි!!!
    ඔයා ගතිනුත් පොඩි ළමයෙක්ද?
    මේකත් බලන්න කෝ.
    http://kathandara.blogspot.com/2009/12/blog-post.html

    ReplyDelete
  27. "ඔන්න දැං ඔතෙන්ට එනවා කතන්දර දෙකහමාරේ කතන්දරේ පලමුවෙනි කතාව, අර නැපෝලියන් බොනපාට් ගැන තියෙන. එතන පොඩි කොල්ලගේ හිත ගිය යුධ වීරයා වුනේ නැපෝලියන් බොනපාට් නෙමේ, බොනපාට්කාරයා නැගල හිටිය අස්සයායි. තාත්තලා හිටිනෙ නැත්තං හරි වැරැද්ද කියල දෙන්න මේ පොඩි උං ලොකු වෙනකොට උන් ඇත්තටම බොනපාට් කියල අඳුනගන්නේ බොනපාට් ගේ අස්සයාවනේ නේද? එතකොට උන්නෙ ළමයි?"

    These things should be documented properly @ reputed places like Wikipedia

    ReplyDelete
  28. This comment has been removed by the author.

    ReplyDelete
  29. reputed places like Wikipedia කියන කොටස ඉල්ලා අස් කර ගන්නවා.

    These things should be documented properly somewhere in the WWW

    ReplyDelete
  30. කතන්දර අයියේ, ඇත්තටම ඔයාට වැරැද්දක් කිව්වේ නෑ. ඕන වුනේ හිතේ තියන දුක කියාගන්න විතරයි. අපේ අනාගත පරම්පරාවට, අනාගතේට අපේ අපේකම ගෙනියන විදිය ගැන, අපේකම උගන්නන විදිය ගැන දුකක් හිතුන නිසයි ‍එහෙම කිව්වේ. ඇත්ත‍ටම අපිටය කියල සතුටු වෙන්න තියන එකම දේ අපේ අතීත විභූතිය විතරයි කියලයි මම හිතන්නේ. ඉතිනේ ඒ දේත් ඔහොම අපේම ලේ මස්වලින් හැදුන එකෙක් පාච්චල් කරනකොට නිකන් ඉන්න බැරිවුනා. මම හිතනවා ඔයත් එහෙම අගෟරවයක් හිතේ තියාගෙන ලිව්වේ නෑ කියල. ඒත් අමතක කරන්න එපා, ඉගන ගන්න, ඉගන ගන්න ආස කරන අයත් ඔයාගේ අඩවියට පය තියනව කියල. රචකයෙක් හැටියට ඔයාගෙන් වෙන සේවය ‍ගැන මට වඩා ඔයාට දැනුම් තේරුම් කමක් තියනවයි කියලයි මම හිතන්නේ. අපේ වගකීම වෙන්න ඕන නන්නත්තාර අනාගතයේ මිනිස්සුන්ව අතරමංකරන එකද එහෙම නැතිනම් බලාපොරොත්තුවක සහන් එලියක් හරි දල්වන එකද කියල හිතල බලන්න. විසි එක්වැනි සිය‍වසේ ගරිල්ලා මාකටින් එකට වඩා ඔයාගෙන් වෙන්න ඕන දේ අදෘශ්යබමාන සේවයක් ලෙස දකින්නයි මම කැමති.

    ReplyDelete
  31. බෝතලේ පුරවැසියෙක්9 November 2010 at 13:05

    අපේ ගමේ හිටියට මොකද මමත් ගමේ නම හැදුන කතාව හරියටම අහගත්තෙ අද තමා,,කලිනුත් එහෙන් මෙහෙන් අහල තිබුනට හරියටම දැනගත්තෙ අද තමා,බොහෝම පිං කතන්දර ලමයට,,

    ReplyDelete
  32. මේ කතාවේ දෙවන කොටස මෙතනින් බලන්න.
    http://kathandara.blogspot.com.au/2010/06/blog-post_26.html

    ReplyDelete
  33. හා හා බෝතලේ කතා එමටයි.

    ReplyDelete
  34. //බුදු අම්මෝ ගෝඨ ට බය නැත්තෙ කවුද, නේද?//
    2010 ලියපු කතාවට මේ කැල්ල ආවේ කොයින්ද යකු

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.