Saturday 12 June 2010

කතන්දරකාරයා ගේ බිත්තර තැම්බීම



ඊයෙ මං ලියපු ලොකු මාළු කෑල්ල බෙදාගත්තු කතන්දරේ ලියන වෙලේ මගෙ හිතට ආවෙ නිතරම අපේ ගෙදර හැමතිස්සෙම වාගේ සිද්දවෙන දෙයක්.

උදාහරණයක් හැටියට හදිස්සියේ දවසක ගෙදර බිත්තර තම්බනව කියල හිතන්නකෝ මස් මාංශ නැති වෙලාවක. ඕක නං ලේසි පාසු දෙයක් නෙමේ. මොකද, ෆ්‍රිජ් එකෙන් අරං වතුරෙ දාල තම්බන කොට සමහර බිත්තර බිඳෙනව. බිඳුණු බිත්තර වලට වතුර මිශ්‍රවෙන හින්ද බොහෝ වෙලාවට ඒවයේ මෙලෝ රහක් නැති වෙනවා.

සමහරු කියනව ඕකට විනාකිරි දාන්නලු, ලුනු ටිකක් දාන්නලු. එක එක විසඳුම් නං තියෙනව. කතන්දර හාමිනේ නං ඔය වැඩ වලට හරිම දස්සයි.

මගේ හොඳම යාළුවෙක් වෙන රත්නායකට වගේ සමහර වෙලාවට මටත් වෙනවා ඉඳල හිටල කුස්සිය පැත්තේ ඔය වගේ උයන පිහන වැඩ කරන්න.

මගේ අවාසනාව කියන්නේ මං බිත්තර තම්බන කොට නං එකක් බිඳෙනවා, බිඳෙනවාමයි!

ඒ මදිවට හරිම වැඩේ කියන්නෙ හැමදාම මං බිත්තර දෙකක් තම්බනකොට එකක් බිඳුනොත් හැමදාම බිඳෙන්නෙ අපේ කතන්දර හාමිනේ ගේ එකම නේ!

මගේ එක බිඳෙන්නේ හරිම කලාතුරකින්, ඒ කියන්නේ තම්බන බිත්තර දෙකම බිඳුණොතින් විතරයි.

ඔය එක උදාහරණයක් විතරයි. තවත් ඒවගේ උදාහරණ ඇති පදං තියෙනව.

ඇයි මේ ළඟදි දවසක පොඩි වෙඩින් කේක් පෙට්ටියක් හම්බ වෙච්ච වෙලේ ඒක කතන්දර හාමිනෙයි, මායි දෙන්න බෙදාගෙන කන්න හිතල මං දෙකට කපපු වෙලාවෙ, හාමිනේ ගෙ කෑල්ල පුංචියටනේ කැපුනෙ!

පව්, නේද? අනේ මන්දා මට නං හිතාගන්න බෑ, ඇයි හැමදාම කතන්දර හාමිනේටම එහෙම වෙන්නේ කියලා.

කතන්දරකාරයා

22 comments:

  1. "හැමදාම මං බිත්තර දෙකක් තම්බනකොට එකක් බිඳුනොත් හැමදාම බිඳෙන්නෙ අපේ කතන්දර හාමිනේ ගේ එකම නේ! "

    ඒක නම් හරි පුදුම වැඩක් නේද කසූ. :) :) :)

    ReplyDelete
  2. හුහ්... හිතාගන්න බෑ..., හිතාගන්න බැරි ඕක ලෙඩක්..
    බෙහෙත් දෙන්න ඔහේ මගේ මේ ප්‍රශ්නෙට උතතර දෙනවා......
    බැඳපු අලුතත් ඔය විදියටමද උනේ...?
    ඒ කියන්නෙ පළමු මාස තුන ඇතුලත වගේ....?

    ReplyDelete
  3. අහ් ඕකට කියන්නේ සමානාත්මතාවය කියලනේ.....හැබැයි සාමාන්‍යයෙන් වෙන්නේ ඕකේ අනිත් පැත්ත‍‍‍....ඒ කිව්වේ ගෘහස්ත ප්‍රචණ්ඩත්වය.(බිරිද විසින් සැමියා‍ට අඩු-ලුහුඩුකම් සිදුකිරීම....)
    ඉතිං කතන්දර අයියට සතුටු වෙන්න පුළුවන්නේ..... :-D

    ReplyDelete
  4. එතකොට කතන්දර හාමිනේ ඔය වැඩේකරන කොට වෙන්නෙත් ඔයවිදියටමද?

    ReplyDelete
  5. බිත්තර ව්තරක් නෙමෙ හම දෙම ගොඩක් වෙලවට පාඩුවෙන්නෙ ගෙදර අම්මට නත්නම් බිරිදට...එ අපෙ හැටි....

    ReplyDelete
  6. /ඒ මදිවට හරිම වැඩේ කියන්නෙ හැමදාම මං බිත්තර දෙකක් තම්බනකොට එකක් බිඳුනොත් හැමදාම බිඳෙන්නෙ අපේ කතන්දර හාමිනේ ගේ එකම නේ!/

    මේ කථාවෙන් හුදෙක් පිළිබිඹු වන්නේ පුර්ෂාධිපත්‍යයයි.

    ReplyDelete
  7. මේව කුමන්ත්‍රණ! :D

    ReplyDelete
  8. ආහ්..... ඒ අයිය හාමිනේට තියන ආදරේ බලගතු වැඩිකමට කටුව ගැලවෙන්න ලේසි වෙනවා.......... :D :D :D :D

    ReplyDelete
  9. මට නං හිතෙන්නේ කතන්දර හා‍මිනේට මොකක් හරි අපලයක් ඇති...

    ReplyDelete
  10. නිකං කුමන්ත්‍රණ නෙවෙයි,විජාතික බලවේගවල කුමන්ත්‍රණ!!! :))

    ReplyDelete
  11. හෙහ් හෙහ් හෙහ් එළ එළ කතන්දර හාමිනේ හොඳ හින්ඳම හොඳා..... නැත්තම් කසූට කැඩිච්ච බිත්තරයක් තියා බිත්තර කෑල්කවත් හම්බෙන එකක් නෑ හික්ස්.......

    මේ කසූ අර කේක් කෑල්ල කපද්දි පිහියෙ මොකක් හරි ඇදයක් තියෙන්න ඇති මයෙ හිතේ.......හික්ස් & ලොල්

    ReplyDelete
  12. අනේ මටත් කතන්දර හාමිනේට වෙන වැඩේමනෙ වෙන්නෙ,,,

    ReplyDelete
  13. මෙතන විජාතික බළල් හස්තයක් ක්‍රියාත්මක වෙනවා කියලයි මං කියන්නේ... :D

    ReplyDelete
  14. මම කන්නෙම නැති කෑමක් තමයි බිත්තර. මක්කට කනවද මන්ද ඉස්සර කාලේ කෑව මෙලෝ රහක් නැති නිසා දැන් කාපු කාලයක් මතක නැහැ. ඒ මදිවට ගඳ....

    බිදෙන්නෙම හාමිනේගෙ බිත්තරේ නම් කරන්න තියෙන්නෙ එකම එක දෙයයි....
    බිදෙන බිත්තරේ ඔම්ලට් දාලා අනිත් බිත්තරේ තම්බන්න. බිත්තරේ බිදෙන්නෙ බිමට නෙමෙයි නේද?

    අනික හාමිනේගෙ කෑල්ලම නම් කපන කොට හැමදාම පොඩි වෙන්නෙ කරන්න තියෙන්නෙ එක දෙයයි. කපන්නෙ නැතිව හාමිනේටම දෙන්න සමුපූර්ණයෙන්ම... අපේ කසූ හාමිනේට මාර ආදරෙයි ලු නෙ..

    ReplyDelete
  15. බිත්තරයක තීන්ත පෑනකින් ලියල තම්බලා රහස් පණිවිඩ යවන්න පුළුවන්. තැම්බුවම පිටින් ලියපු දේ පේන්නෙ නැහැ. ඇතුල සිවියෙ පණිවිඩය. ඊ ළඟ දවසෙ බිත්තර තම්බනකොට කතන්දරට පුළුවන් කතන්දරහාමිනේට පණිවිඩයකුත් ලියලම බිත්තරේ තම්බන්න!

    ReplyDelete
  16. ඔය ගොල්ලො කවුරුවත්ම හරියට බිත්තර තම්බන්න දන්නෙ නෑ. මමත් ඉගෙන ගත්තෙ කමල් අද්දර ආරච්චිගෙන්....
    ඔයාල බලල තියෙනවද එක දා වැහි කියන චිත්‍රපටය.. අන්න ඒකෙ කමල් තම්බන විදිහට තම්බල කන්න පුරුදු වෙන්න ... මාර රස ඇති ......
    පිස්සු හැදෙනව.....

    ReplyDelete
  17. @ Kumaraya
    මොකක්ද ඒ විදිහ ? අපිටත් කියන්න අගේ කරන්නේ නැතිව :)

    ReplyDelete
  18. මමනං බිත්තර තම්බලා කන්නෙ නැතිම ගානයි.. ඔම්ලට් තමයි ප්‍රියතම.. හැබැයි ඉතිං අර කමල් අද්දරආරච්චි මෙතඩ් එක අපටත් කිවුවානං අගෙයි.. ට්‍රයි එකක් දීලා බලමු මොකද වෙන්නෙ කියලා.. :)

    ReplyDelete
  19. කමල් ඒ ෆිල්ම් එකේ බිත්තර තම්බන්නෙ ජොකත් එක්ක.
    දෙපැත්තම ඇඳල ජොකා හෝදන්නෙ දවස් 10-15 කට සැරයක්.....
    මට ෆිල්ම් එකේ නම මතක නෑ...

    ReplyDelete
  20. මාතලන් නිවැරදියි ... පුලුවන්නම් ෆිල්ම් එක සොයාගෙන බලන්න... ඒකෙ නම `එක දා වැහි `
    ඒකෙ කමල් තමාගෙ යට ඇඳුම සෝදන්නෙ මාසෙකට සැරයක්. ඉතින් කුණු බැඳීම අධිකයි. තම්බන්නෙ නැතුව කුණු යන්නෙ නෑ. ඔහු ඒක තම්බන භාජනයටම බිත්තරත් දාල තම්බගන්නව...
    ඔන්න ඕකයි ක්‍රමේ .... මහ ලොකු දෙයක් නොවේ... හී....හී ... ඔයාලත් තම්බල බලන්නකො.
    තම්බල බලල කමලට ස්තූතියකුත් දාන්න අමතක කරන්න එපා.

    ReplyDelete
  21. අහ් අපේ හාමිනේටත් වෙන්නේ ඔය ජාතියේ වැඩමයි . . . හැබැයි පැනි රහ කෑම වලදී නම් නෙමෙයි . . . මොකෝ ඒවට තරඟ කාරයෝ අඩු නිසා ලොකු පොඩි බේද නතුව සම්පූර්න එකම එයාට ලැබෙනවා හික්ස්

    ReplyDelete
  22. @ All
    Thanks a lot for all your comments.

    මේ කතාව පුංචි ජොලියක් ගන්න ලියපු එකක්. අනේ මං එහෙමත් කරනවද මගේ පණ හා සමාන කතන්දර හාමිනේට.

    මතකනේ මං එයා ගැන ලියපු සින්දුව?

    http://kathandara.blogspot.com/2010/05/blog-post_28.html

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.