
කාලෙකට ඉස්සෙල්ල මං ලිව්ව මට මතකයි අල්ලපු පන්තියෙ කෙල්ලෙක් මට ලව් ලෙටර් එකක් ලියල, ඒක පන්ති නායිකාවගෙන් පන්ති භාර ටීචර්ටත්, එයාගෙන් ඉස්කෝලේ විනය භාර ටීචර්ටත් ගිහිල්ල වෙච්ච වැඩේ ගැන කතන්දරේ.. ඊට පස්සෙ මං ඕකට තව අතුරු කතාවකුත් ලිව්ව.
අද මං කියන්න යන්නෙ, මං පොඩි කාලෙ අහපු ලව් ලෙටර් එකක් ගැන කතන්දරයක්. ඇත්ත ටම කියනව නං මුලු ලෙටර් එකම ගැන නෙමේ, ඒකෙ තිබුණ පුංචි කවියක් ගැන කතාවක්.
මේක අපේ අයිය කෙනෙකුට කෙල්ලෙක් දීපු ලියුමක තිබුණු එකක්.
ඔයට උඩින්
යාය දිගේ
මටත් හොරෙන්
ටක් ටක් ගා
ආල වෙලා
දළු ලියලා
රේනු සලා
දන්නවාද මොකද හොරේ?
තේරුණානෙ අහල තියෙන ප්‍රශ්ණය?
ඔය ලියුමට මුල පිරුණු හැටිත් රසවත් කතාවක්. ඔන්න මේ අයිය ගමේ නැදෑ ගෙදරක නතරවෙලා ඉන්න කාලෙ, අල්ලපු ගෙදර ඉඳල තියෙනව ලස්සන කෙල්ලෙක්.
පොර පොඩ්ඩක් අවදියෙන් ඉඳල තියෙන්නෙ මේ "අංශය" ගැන.
එක දවසක් කෙල්ල ගෙදර පිටිපස්සෙ ගොටුකොල පාත්තියෙ ගොටුකොල කඩනවලු.
අපේ පොර ඇහැව්වලු "මොකටද ඔය කොල කඩන්නෙ සම්බෝලෙටද, මලවන්නද?" කියල.
"නෑ, මේ කියවන්න!" කෙල්ල කිව්වලු.
"මං දන්නෙ නෑනෙ, කොලවල අකුරුත් ලියල තියෙනව කියල, අනේ මටත් දෙන්නකො ඔය අකුරු ලියල තියෙන කොලයක්" අපේ මෑන් කිව්වලු.
ඒ කතාවෙන් පස්සෙ අයියට හම්බ වෙච්ච සෙනෙහෙ කොලේ තමයි අර කවිය තිබිල තියෙන්නෙ.
ඔය කවියට අපේ අයිය කාරය කවියෙන්ම දුන්නු උත්තරේත් මට ඒ දවස්වල කිව්ව. ඒත් ඒක දැන් මට අමතකවෙලා ගිහින්.
බැයිද කාට හරි ගැලපෙන කවි උත්තරයක් ලියන්න?
කතන්දරකාරයා
ෂික් අද මොකද comment එකක් තාම නැත්තේ. කෝ වෙනද ඉන්න කවි කාරයෝ අද නැද්ද?. මට කවි ලියන්නවත පුළුවන් වුනානම් උත්තර ලියන්න තිබුනා.
ReplyDeleteකසූ අපිට අද කියපු කවිය හොඳා. අපිට වුනත් හදිස්සියකට ඕක පාවිච්චි කරන්න පුලුවන්නේ.
ReplyDeleteමටත් ඉතින් ප්‍රියන්ත අයියා කියපු එකම තමා කියන්න තියෙන්නේ. මටත් ඉතින් කවි බැරි නිසා පිළිතුරු කවිය දෙන්න විදිහක් නැහැ
මඟ බලමින්
ReplyDeleteමම උන්නේ
ආත්ම ගානේ
දන්න නිසයි
රේණු නුඹයි
යිස්සර වුයේ
ගොටු කොළ කෙල්ලට ආලය බැඳුනා
ReplyDeleteකට දෙකොනෙන් කෙළ බෙරෙනු දැනුනා
පැනපන් අද රැ වැට සුදු සුමනා
ව්කුණා ගොටුකොළ රජ වෙමු ඉතිනා...
ආයුබොවන්...!!
ReplyDeleteලස්සනයි කවි ටික.....
දන්නම් ලවු ලෙටර් නැ නෙ.. SMS තමයි... අර සි0දුවකුත් තියෙන්නෙ...
මටත් පොඩි කාලෙ අපෙ අයිය යාලූඋන අක්කලගෙන් හොදට සැලකිලි හම්බ උනා..
1ක අක්කෙක් නස් කෙනක්.. මට තුවාල නතුවත් බෙහෙත් දානව .. මොකද මම තමයි ලියුම් අරගෙන ගෙදරටම යන්නෙ...
අපෙ අයිය හොදට ගෙව්ව මට.......
එපා වෙනව...ඔය වාගෙ කවි ඉංග්‍රීසියෙන්නම් ලියන්න ලේසියි...
ReplyDeleteසෑහෙන්න දෙණෙක් ට්‍රයි කරල කරල අතහැර දාල වගේ!!!
ReplyDeleteමෙන්න මං නං එකක් ලිව්වා
ReplyDeleteමගෙ හදවත
ටක් ටක් ගා
ඔය විදියට
බය වේ නම්
එන පොට හොඳ නෑ වාගේ
පාගල යමි හැටට හැටේ!
අදනම්
ReplyDeleteනේත්තරා පල්ල
නෑ...
හිහ් හිහ් හිහ්........... අද ගොඩක් කවියො නිහඬ පිලිවෙත් අනුගමනය කොරල වගේ...........
ReplyDeleteඔයට උඩින්
ReplyDeleteයාය දිගේ
නුඹට හොරෙන්
ටක් ටක් ගා
ආල පිරූ
මගෙ හිත් මල
රේණු සලයි
රේණු නමින්
දන්නෙමි මම මොකද හොරේ?
වැඩේ දුරගිහින් නැති බව කසුට මතක තිබිල වගේ.
ReplyDelete@ isimbuwa: කවියනම් එළ නමුත් හොරේනම් දැනිල නැති පාටයිවගේ.......
ReplyDeleteවෙනස්විදියකට කියවල බලන්නකෝ.....
ඔයාට පෙනුනෙ නැද්ද අර වචන ටික බ්ලා බ්ලා බ්ලා... (දන්නවනේ)
අළුත් හඳක්
ReplyDeleteපින් පාටට
බලන් සිටී
දිලිසි දිලිසි
මුදු සඳ රැස් ගලා හැලේ
දවස පුරා!
මෙන්න දැන් ලැබුණු විශේෂ පුවතක් :
ReplyDeleteවැඩේ කුරුවල් වීමනිසා පැනයාමට තැත්කල කසූ ගොටුකොල අම්මණ්ඩිගේ අතටම මාට්ටුවීම හේතුවෙන් ඇපෙන් බේරීමටමෙන් ගොටුකොල කෑල්ලට කවියකින් මෙසේ පවසා ඇත.
"අළුත් හඳක්
පින් පාටට
බලන් සිටී
දිලිසි දිලිසි
මුදු සඳ රැස් ගලා හැලේ
දවස පුරා!"
හික්ස් සහ ලොල් පුවත් සමාප්තයි.
හික්ස් සහ ලොල් පුවත් සමඟින් යලිත් හෙට් උදේ 8ට හමුවෙමු.
බා.....යි.......