Monday 9 April 2012

කතන්දරකාරයා ගේ මහා බලසම්පන්න, අනුහස් සහිත, පරවේණීගත මුදු රාජයා - The lord of the RING


හැමදාම නෑ! හැමතැනම නෑ!!

මේ වගේ මහා බලසම්පන්න, අනුහස් සහිත මුදු රාජයෙක් දැක බලාගන්න වෙන්නේ ඉතාමත්ම කලාතුරකින්.

ඉස්සරනං මේ වගේ මුදු රාජයෝ කැවුතුකාගාරයේ වැඩ උන්නලු.. ඒවට වුණු දේ නං ඉතිං, දෙයියෝ දනී මං නොදනී.

මං දන්න දෙයක් තියෙනවා. ඒ තමයි, මහා බලසම්පන්න අනුහස් සහිත, පරවේණීගත මහා නවරත්න මුදු රාජයෙකු ගේ පෞඪ හිමිකාරයා මංතුමාය කියන එක.

මේක පරම්පරානුගත මුදු රාජයෙක්!

මං දන්න කාලේ මේ මුදු රාජයා පැළඳී තිබුණේ මගේ සීයා ගේ ශ්‍රී හස්තයේ ඇඟිල්ලකයි. මේ සීයා ය කියන්නේ මගේ ආදරණීය මැණියන්වහන්සේ ගේ පියාණන්දෑ ගැණයි.

එතුමා ගැන මං වරින්වර කතන්දර කීපයක් ලියලා තියෙනවා. ඒවා කියවලා නැති අටය මෙන්න ලින්ක්ස්.

1. පාන් නොකා සහ පාන් ජොකා

2. යුෂ්මතුන් කොයි පලාතේ ද?

3. කටු කම්බී සාස්තරේ

4. මහාමායා දේවී ගැබිණි වාට්ටුවේ

5. අපේ සීය කොල්ල කාලේ

අපේ සීයා අවුරුදු හැත්තෑ අටක් පමණ කල් දැහැමෙන් සෙමෙන් රාජ්‍ය විචාරලා මිය පරලොව ගියා. ඉන් පස්සේ මේ මහා බලසම්පන්න අනුහස් සහිත, පරවේණීගත මහා නවරත්න මුදු රාජයා පරම්පරානුගත චාරිත්‍රය අනුව හිමිවුණේ සීයා ගේ වැඩිමහල් දියණිය ගේ වැඩිමහල් පුත්‍ර රත්නය වන මංතුමාටයි.

දැන් මෙන්න බලාගන්න ඒ මහා බලසම්පන්න අනුහස් සහිත, පරවේණීගත මහා නවරත්න මුදු රාජයා.


මං හොයා ගත්තු විදියට මේ නවරත්න මුද්දෙ තියෙන්නේ පද්මරාග, මුතු, රතු, ගෝමේද, කාකනිල්, වෛරෝඩි, පුෂ්පරාග, මරකත වගේ මැණික් ගල් වර්ගයි.

දැන් මෙන්න මේ මුදු රාජයා ගේ හාස්කම්.

මේ මුදුව පැලඳගෙන ඉන්නා විට:

1. දවසට දෙතුන් සැරයක් හාමිනේ ගෙන් උම්මා ලැබේ.

2. සීවලී හාමුදුරුවන්ට මෙන් යන යන තැන දානය නොවරදී.

3. හෝටලයකට කන්න ගිය විට ලොකු මාලු කෑල්ල ලැබේ.

4. ගෙදරදී එක බිත්තරයක් තම්බා දෙකට කපා කන්න ගියොත් ලොකු බිත්තර කෑල්ල ලැබේ.

5. කවදත්, කොතැනත්, තෑගි වැසි වසී.

6. අවුරුදු දෙකයි මාස නමයක් තිස්සේ හයසීයක් කතන්දර ලියුවද, වෙන්ඩ කතන්දර ලයිස්තුව අවසාන නෙවේ.

-කතන්දරකාරයා

ප/ලි:
කසාදය හා සම්බන්ධ මුදු (Rings) තුන මොනවාද කියලා දන්නවාද?

(image: http://www.shutterstock.com/pic-35563390/stock-vector-family-tree.html)

27 comments:

  1. අම්මෝ කතා මාමෙ එහෙනම් ඔය මුද්ද නැතිකරගන්ඩ එපෝ......
    1 සිට 5 දක්වා කෙසේ වෙතත් 6 නැති වුනොත්නම් ලෝක අපරාධයක්...:/

    ReplyDelete
  2. දැං ඉතිං මහ රෑ කවුරු හරි වහලෙන් බැහැලා ඕක උස්සනවා සහතිකයි.. මොනවටද ප්‍රසිද්ධ කළේ... ජීවිත රක්‍ෂණයක් ගත්තොත් නරකද ?

    අර මුදු තුන නම් දන්නවා.
    කසාද මුද්ද, එන්ගේජ්මන්ට් මුද්ද, සහ පීඩාවිඳින මුද්ද

    ඇල්කෙමියා

    ප;ලි; සුභපැතුමට ඉස්තුතියි... අවවාදය ඊටත් වඩා හිතට වැදුනා...

    ReplyDelete
  3. weddinRING??
    booRING
    suffeRING

    matanam oya RINGs ne, aath ara qwwa dewal wala 1-5 aduwak aththeth ne.
    matanam ring qwwama mathak une "The Ring" kiyana horror film eka. ekath balanta watinawa.w

    ReplyDelete
  4. //දවසට දෙතුන් සැරයක් හාමිනේ ගෙන් උම්මා ලැබේ.//
    ඔය මුද්ද දාලාත් ඔච්චරද හම්බ වෙන්නේ? :D:D:D

    ReplyDelete
    Replies
    1. //දවසට දෙතුන් සැරයක් හාමිනේ ගෙන් උම්මා ලැබේ.//
      මුද්ද නැත්තං ඒකත් නැතුව ඇති නේද? පව්!

      Delete
  5. අපල ‍ගෙ‍වෙන්න කියලා මාත් දැම්ම ‍‍නෙව මුද්දක්...
    ‍සෙනසුරාට-කාකනිලයි
    ලග්‍‍නෙට හරියන්න - ඇබිත්තියන් ඩයමන්ඩ් එකයි

    ඒත් තවම අප‍ලොනම් එ‍හෙමමයි...

    කතන්දර ‍පෝස්ට් එකට ලින්ක් ටික ගලපල ති‍යෙනව හරිම අපූරුයි. පහුගිය ටික ‍දො‍හේ කතන්දර කි‍යෙව්වත් , ක‍මෙන්ට් එකක් දාන්න තරම් හිතු‍න්‍නොනැහැ....

    ReplyDelete
  6. නියමයි අපේ පැත්තටත් ඇවිල්ල යන්න

    ReplyDelete
  7. කතන්දරම 600 ක් එල එල ..... ජයවේවා

    ReplyDelete
  8. අයියෝ මේකට ටයිපුකල දිග කොමෙන්ටුව මැකුනා. මුද්ද නං එල. ඒත් මට තියන පුරස්නේ උඩ තියන පිංතූරෙ අන්තිමට කකාගෙ රූපෙ මෙච්චර හොදට ආවෙ කොහොමද කියල. බුද්ධි ඇදපු කකාගෙ (අර තට්ටෙ තියන) පිංතූරෙයි මේකෙයි එච්චර වෙනසක් නෑ නේද?

    ReplyDelete
  9. ඔච්චර පරණ මුද්දක තාම මැණික් ගල් ටික රැඳිල තියෙන එක තමා පුදුමෙ. දැන් එව්වයෙ ඉක්මනින් ගැලවිල වැටෙනව.

    ReplyDelete
    Replies
    1. මුහුදු කොල්ල කාරයන් ට පේන්නෙම මැණික් වගේ දේවල් තමයි. කතන්දරගෙ කතන්දර 600 ට සුබ පතන්නත් අමතක වෙලා මැණික් දැක්කම....

      (ආ තව ටිකෙන් මටත් අමතක වෙනවා. ) කතන්දර 600 ට සුබ පැතුම් !!!!!!! සහ තව 600000000000000000000000000000 ක් ලියන්නට වාසනාව ලැබේවා!!

      Delete
  10. පින්තූරේ හැටියට මුද්දට අල්ලල තියෙන මැණික් ඉස්තරම් ඒවා වගේ.අපල වලට මැණික් පැලදීම විද්‍යාත්මකයි.ඒත් මැණික් පැලදීමත් ක්‍රමානුකූලව කරන්න ඕන දෙයක්.ඕන් පල්ලෙහා මැණික් පුලදීම පිළිබදව මම ලියපු ලිපියක් ඇති.අර මුහුදු කොල්ලකාරයා කිව්ව වගේ මැණික් වැටෙන්නේ නැතිව තිබුණු එක තමයි වැඩේ.
    http://lankajhothisha.blogspot.com/2011/01/blog-post_31.html

    ReplyDelete
  11. පළවෙනි කාරණාවෙන්ම තේරෙනවා මේ මුද්ද කොච්චර බලසම්පන්නද කියලා..

    ReplyDelete
  12. සෑහෙන වටින මුද්දක්නේ... කතන්දර 600ට සුභ පැතුම්... :)

    ReplyDelete
  13. හැබෑට පට්ට මුද්ද්ක්නේ? ඕක විකුනන්නේ එහෙම නැද්ද? :)

    ReplyDelete
  14. අඩේ මටත් මුද්දක් දාගන්න කාලෙ හරි වගේ දැං.

    ReplyDelete
  15. ලෝඩ් ඔෆ් ද රින්ග්ස් ශ්‍රීලංකන් වර්ශන් එක..........

    ReplyDelete
  16. මොකද කියන්නේ ඕක විකුනමුද...?? කතන්දර 600 ජය වේවා

    ReplyDelete
  17. ඔය වගේ තව එකක් ගන්න නැද්ද ?

    ReplyDelete
  18. මහ රජුට තීනව කිව්වේත් ඕකමද රජෝ ?

    ReplyDelete
  19. බොලේ . . දැං මතක් උනේ . . . කසාද මුද්ද කියල එකක් තියනව ගෙදර . . . හෝම්කමිං එකට පහුවදා ගැලෙවුව ගැලෙවුවමයි

    ReplyDelete
  20. මමත් හොයාගන්න ඕනා මේ වගේ එකක් :)

    ReplyDelete
  21. සීයා ඕක හදපු තැන හොයාගන්න නැද්ද දන්නෙ නැහැ නෙ? තව එකක් ගන්න...

    ReplyDelete
  22. මාත් එකක් හදා ගන්නව...ප්‍රශ්නෙකට තියෙන්නෙ මට වැඩිය කෑම කන්න බැරි එක.....

    ReplyDelete
  23. කතන්දරේ (author)
    කටහැකරේ (nature, explains 600 posts)
    වලන්දොරේ (where to hide the ring)
    ලිබ්බොක්කෙ (more place to hide the ring)
    පැණිහැලියේ කූඹියා.(addicted to kisses from wife)

    සුභ පැතුම්!!!!!!!!!!!!!!

    henryblogwalker the Dude

    ReplyDelete
  24. දැන් කට්ටියම බලමු .............මේ මුද්ද මෙතන තියනවද කියලා
    https://fbcdn-sphotos-a.akamaihd.net/hphotos-ak-ash3/538484_326814687381569_228131663916539_894614_1801828038_n.jpg?dl=1

    ReplyDelete
  25. එහෙමනම් ඇත්ත Lord of the Ring කසූ වෙන්න ඇති :D

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.