Monday 27 May 2013

පන්සිල් නොගෙන සිටි කතන්දර කුමාර ට සීයා ගෙන් දෝස්මුරයක් - Trotting against the herd


මා ආනන්දයේ ඉගෙන ගනිමින් සිටි කාලයේ එක් දිනයක උදැසන අවසන්වරට පන්සිල් ගත් හැටි ගැන පෙරේදා කතන්දරෙයෙන් විස්තර කළෙමි.

පන්සිල් ගැනීම යනු තමන් තමන්ටම දෙන පොරොන්දුවක් මිස අනෙකක් නොවේ. පන්සිල් නොගත්තා කියා සිදුවෙන පවක් නැත. එසේ නොව පන්සිල් ගෙන ඉන්පසු ඒවා කැඩීමෙන් නම් සාමාන්‍ය පවට අමතරවත් පව් සිදුවෙනවා විය හැක.

අප කළ යුත්තේ පන්සිල් ගැනීම නොව, පව් නොකර සිටීමයි. ඊටත් වඩා දුර ගොස් පින් ලැබෙන වැඩ සිදු කිරීමයි.

ඒ දාහත් හැවිරිදි මා එදා සිතූ ආකාරයයි.

කෙසේ වෙතත් එදායින් පසු අනෙක් අය සිල් ගන්නා තැන්වලදී මම අත් බැඳගෙන සිටියෙමි.

මින් වසරකට පමණ පසු දිනයක මගේ මෑණියන් ගේ මහගෙදර මහා දානමය පුණ්‍ය කර්මයක් පැවැත්වුණි. අපේ පවුලේ සියලු දෙනාම ඊට සහභාගී වූහ. රැස්ව සිටි සියලු දෙනා අත් බැඳ ගෙන පන්සිල් පද කියද්දී සුපුරුදු පරිදි මම නිහඬව සිටියෙමි.

සීයා මෙය දැක ඇත.

එදා දානයේ කටයුතු අවසාන වී භික්ෂූන් වහන්සේලා නික්ම ගිය පසු අපේ ගිහි දානයේ කටයුතු ආරම්භ විය. මෙහිදී අපේ සීයා මා වෙත චෝදනා පත්‍රයක් ඉදිරිපත් කළේ ආගමික කටයුතු සිදුවෙද්දී පන්සිල් නොගෙන සිටීමෙන් මා මහා පාපකර්මයක් සිදුකළාක් මෙන් හඟවමිනි. පින්, පව් සහ පන්සිල් පිළිබඳ මා එදා නැගූ තර්ක ඔහු කනකට ගත්තේ නැත.

වයස අවුරුදු හැත්තෑව ද ඉක්මවා සිටියෙකුගේ බැණ වැදීමක් අවුරුදු දහ අටක් වයසැති තරුණයෙකු සලිත කරවන්නක් නොවේ. එසේම දිගින් දිගටම මෙවැනි දෙයක් ගැන කතා කිරීම වයස අවුරුදු හැත්තෑවක අයෙකුට ද සරි නොවේ.

එසේ වුවද, අපේ සීයා මගේ පංචශීල ප්‍රතිපත්තියට එරෙහිව කතාව දිගු වේලාවක් යනතුරුම නැවැත්තුවේ නැත. ඒ දොඩමළු කමේ රහස මට පසුව එළිවිය.

එදා දානය හමාර වී හාමුදුරුවරු ආපසු වැඩම කළ විගස තම කාමරයට ගිය සීයා, නිරතුරු තම ඇඳ යට තිබෙන පොල් අරක්කු බෝතලයෙන් ”කාලක්-ක්‍රියා” කර ඇත. මෙහිදී ඔහුගේ සහයට සිටියේ, දානමය පුණ්‍ය කර්මයට සහභාගී වීමට නිවසට පැමිණ සිටි තම මස්සිනා ය.

මේ බෝතල් පාටිය අපේ දානේ ගෙදරට පමණක් සුවිශේෂී සංසිද්ධියක් නොවේ. බොහොමයක් සාංගීක දානේ ගෙවල් වල ගිහියන්ට කරන සංග්‍රහයට රහමෙර ද ඇතුළත් ය. වෙසක් දන්සැල් දෙන අතර තුරේ මෙන්ම පොසොන් එකට මිහින්තලාවේ හෝ සීසන් එකට සමනොළ කන්දේ යන අතරතුරේ ද බෝතල් සීල් කැඩෙන බව නොරහසකි.

තව ස්වල්ප වේලාවකින් තමන් විසින් සිල් බිඳීමට නියමිත බව හොඳ හැටි දැන සිටියද, එදා පින්කමේ දී සුරාමේරය මජ්ජපමා සීලය සමාදන් වීම අපේ සීයා ට ප්‍රශ්නයක් නොවීය.

නමුත් ඔහුට පර ප්‍රශ්නයක් වී තිවුණේ මා පන්සිල් නොගෙන සිටීමයි.

මද පමණින් රහමෙර පාවිච්චි කර සිත් සතොසින් දහවල් කෑම ගත් සීයා, අවශ්‍ය වූයේ නම් සවස් වරුවේ නැවතත් පන්සිල් ගැනීමට ද, රාත්‍රී ආහාරයට පෙර නැවතත් පොල් අරක්කු බෝතලය ඇඳ යටින් එළියට ගෙන "කාලක්-ක්‍රියා" කිරීමට ද නොපැකිලෙනු ඇත.

අත් බැඳ සිල් නොගත්ත ද, මා සිල් රැකි බව අපේ සීයා ට නොවැටහුණි. ඒ වන විට වසර පනහකටත් වඩා කාලයක් රහමෙර ඇසුරු කර තිබූ සීයා ගේ මොළේ මගේ තර්ක වටහා ගැනීමට අවශ්‍ය නියුරෝන සෛල ඉතුරු වී නොතිබෙන්නට ද ඇත.

සීයා මට කුමන වලියක් දැම්මද, මා එදා එකොළොස් වෙනි ශ්‍රේණියේ දී පන්සිල් ගත්තායින් පසු අද වෙනතුරුමත් නැවත පන්සිල් ගෙන නැත.

මා මේ කතන්දරයේ මුල් කොටසේ ලියුවා සේ, එදා සිට අද දක්වා කැඩුණු සිල් පද කැඩුනි. රැකුණු සිල් පද රැකුණි.

සැවොම පන්සිල් ගන්නා වෙලේ මා අත් බැඳ ගෙන සිටිනු දකින සමහරු මගෙන් ඒ ගැන විමසන හැම විටකම මා කියන්නේ අවශ්‍ය නම් මට ඔවුන්ට පන්සිල් දීමට ද හැකි බවය.

-කතන්දරකාරයා

ප/ලි:
බුදු දහම පිළිපැදීම යනු නොපෙනෙන, නොවැටහෙන දේ දේව වචනයක් ලෙස ඇදහීම නොවේ. ඒ සැමෙකක්ම ප්‍රශ්න කිරීමයි. චිචාර බුද්ධියෙන් විමසීමයි.

මා ඉගෙන ගෙන ඇත්තේ එලෙසය.

බුදු දහම ගැන කතා කිරීම ආනන්තර්ය පාප කරමයක්, අපහාසයක් ලෙස සලකා, එසේ කරන අය හා ආරවුල් ඇති කරගන්නා කණ්ඩායමක් අද බිහිවෙමින් පවතී.

මේ අන්තවාදය බුදු දහමට නිගා දෙන්නකි. බුදු දහමට සැබෑ අපහාසය ඒ අන්තවාදයයි.


ප/ප/ලි:
එදා දෙකක් අනුමත වී මට එලෙස වලියක් ඇද්දේ වුවද සීයා ට මගේ ජාන ස්වල්පයක් හෝ ගොස් තිබෙන බවට මෙන්න මේ කතන්දරය සාක්‍ෂි සපයයි.
http://kathandara.blogspot.com/2010/11/blog-post_22.html


(image: http://megaanswers.com/why-do-crabs-walk-sideways/)

81 comments:

  1. සීයා හාමුදුරුවන්ට දුන්න උත්තරේ නියමයිනෙ.

    ReplyDelete
    Replies
    1. රවුම් ද ?

      Delete
    2. තුන් හුලස්.!

      Delete
    3. ඔය මගේ අම්මගේ තාත්තා. මගෙන් සීයාට ජාන ගිහින් තියෙනවා!

      Delete
    4. කෙන්ජි :
      කිරිබත් කැටේ වගේ ද ?

      Delete
    5. ඇයි බන්...... උඹලගෙ පැත්තෙ කිරිබත් කපන්නෙ ත්‍රිකෝණෙ වගේද? තුන්පනේද ගෙවල්?

      Delete
  2. ආනන්දේ කිව්වේ හම්බන්වැල්ලේ ආනන්දේ නේද? නැත්නම් ඔහේ වැරදිලා වැස්ස දවසක ආනන්දෙට ගොඩ වුනාද?

    ReplyDelete
    Replies
    1. මරදානෙ නම් එදා ඉදල ගේට්ටුව තිබුන,ඒක ඇතුලට මොළේ පුකේ තියෙන කබ්බන්ට ඇතුල් වෙන්න බැහැ
      හම්බන්වැල්ලෙ එකේ තාමත් ගේට්ටු නැහැ ඕන කබ්බෙකුට අදත් යන්න අම්බලන් සුවය විදින්න.

      Delete
    2. කණට ගැහුවට වඩා සැර උත්තරයක්නේ කෙන්ජි අයියා.

      Delete
  3. අටසිල් ගත්තට පස්සේ සිල් පවාරණය කරනා බව කතන්දර මහත්තයා දන්නවා ඇති කියා සිතමි. නැවත් එය ගන්නේ අටසිල් ගන්නා අවස්ථාවලදීය. පන්සිල් කැඩුනු පසු නැවත එය ගත යුතුය. එසේ කලයුත්තේ, ශීලයක් රකින අයෙකු පමණි. කිසිම ශීලයක් නොරකින්නෙකු පන්සිල් ගතයුතු නැත. කිසිදු ශීලයක් නොකඩන්නෙකුටත් අවශ්‍ය නම් පන්සිල් නොගෙන සිටිය හැක.

    ReplyDelete
    Replies
    1. මා අයිති වෙන්නේ ඔය අන්තිම කොටසේ උප කුලකයකටයි. එනම් රැකෙන සිල් රකින, කැඩෙන සිල් කැඩෙන බව දැන දැනම නොගන්නා උපාසක කොටස.

      Delete
  4. හුරේ... !!!
    මම අද 1

    ReplyDelete
  5. ගොඩක් උදවිය කකා ගේ සියා වගේ තමයි ... මේක තමයි ධර්මය මේක තමයි රකින්න ඕනේ කියලා සම්ප්‍රදායක වත් පිළිවෙත් කිහිපයක් ඉහ මුදුනේ තියාගෙන රකිනවා...ඒ ටික හැරුනාම අනිත්වා ඔක්කොම ධර්මෙන් පිට ගියත් ඒ වැරැද්ද එයාලට පෙන්නේ නැහැ ...

    හරියට නිකන් සත්ව ඝාතන එපා කියලා තම පන නහගන්නවා වගේ වැඩක් .. අනුන්ට පව් කරන්න එපා කියන ගමන් එයිට වඩා විශාල පවක් තමන්ම කරගෙන .

    ReplyDelete
    Replies
    1. /* හරියට නිකන් සත්ව ඝාතන එපා කියලා තම පන නහගන්නවා වගේ වැඩක් */

      මෝඩකමට බේත් නෑ!

      Delete
  6. එසේ කතා කරන්න වුන් බෞද්ධයන් නොවේ.. තලේබාන්වරුන් පමණි.. අද කිසිම භික්ෂුවකට ඉදිරියට පැමිණ හඬක් නැගීමට නොහැක්කේ. සියල්ලන්ගේම කිල්ලෝට අප්ෂට් බැවිනි. නියම බෞද්ධයෝ. මේ විකාර බලා, අනුකම්පා උපදවා ගනී..

    ReplyDelete
    Replies
    1. ඒ එක්කම, හොඳට දහම දන්නා සමහර අයත් ධර්මයෙන්ම අගතියට ගිහින් ඉන්නවා.

      Delete
  7. ප/ලි ය ඉතාම අගනේය. ප/ප/ලි ය ආතල්ය.

    මටත් නිතරම හිතෙන්නේ මෙසේ බුදු දහම ප්‍රශ්න කරමින්, විටක ඒ ගැන විහිලුවක් කිරීමට තරම් සැහැල්ලුවෙන්ද, විටක බැරෑරුම්ව ඒ පිළිබඳ තර්ක විතර්ක කරමින් ඉන්නා සුළුතරය වඩා හොඳින් බුදු දහම පිළිපදින්නවුන් ලෙසයි.

    කිසිම දෙයක් ප්‍රශ්න නොකර භාරගන්නා සහ ඒ අනුව හැසිරෙන්නා, තමන් කරන්නේ මොකද්ද කියාවත් අවබෝධයක් නැති අඥාණයෙකි.

    ReplyDelete
    Replies
    1. බුදු දහම "අදහනවා" කියන්නේම බුදු දහමට නිගාවක්. හරියට ගව ඝාතනයට විරුද්ධව "ගොං ඬැඩ" කරනවා වගේ!

      Delete
  8. දැන් වේලාව දහය පසුවී විනාඩි තිස් අටයි !
    තවමත් එකදු කමෙන්ටුවක් නැත. මෙය කමෙන්ට් නශ්ඨකාමයයි !!!

    ReplyDelete
  9. කතන්දර ලියන දේට මා කැමතිය. ඒ මන්ද යත් කතන්දරගේ කතා තුළ අනිනු ලබන ටොකුවලට කැමති බැවිනි. මේ කතාවේ කතන්දර ටොක්ක අනින්නේ තම සියාට පමණද? නැත සමස්ථ සමාජයටම ඒ ටොක්ක වලංගුය. මෙවන් උපහාස කතා කලාවට උපන් හපන්කම් පානා කකාගේ කතාවල මට වලංගු දෑ මම ගනිමි. ඉතිරිය බැහැර කරමි.. අනෙක් පිරිස ඒ අයට රිසි දේ කරාවි.

    ReplyDelete
    Replies
    1. මෙතන කතන්දරට පු- දිදී ඉන්නෙ නැතුව...වරායෙ ගුදම ගිණි ගත්ත හැටි හොයපංකො, හාමුදුරුවො ගිණි ගත්ත ගමන් කොළඹ ගේන්න නුවර හෙලිකොප්ටරයක් රෙඩි වෙලා තිබුනෙ කොහොම කියලා හොයපංකො, කොල්ලුපිටියෙ මස් කඩ කඩපු සිදුවීමෙ පැමිණිලි පොලිසිය භාරගත්තෙ නැත්තෙ ඇයි කියලා හොයපංකො, මරා රාවය ගන්නෙ කෝටි කීයකටද කියලා හොයපංකො....හොයලා අර දීනමිණේ ලියහංකො....

      Delete
    2. දිණමිණ පත්තරේ ලියවෙන්නේ එහි අයිතිකරුවන්වන ජහමනයා ගේ බහුතර කැමැත්ත ඇති දේ ය.

      දිවයින පත්තරේ ලියවෙන්නේ එහි අයිතිකරුවන් ගේ කැමැත්ත ඇති දේ ය.

      ලක්බිම පත්තරේ ලියවෙන්නේ එහි අයිතිකරුවන් ගේ කැමැත්ත ඇති දේ ය.

      ලංකාදීප පත්තරේ ලියවෙන්නේ එහි අයිතිකරුවන් ගේ කැමැත්ත ඇති දේ ය.

      කොටින්ම

      රාවය පත්තරේ ලියවෙන්නේ ද එහි අයිතිකරුවන් ගේ කැමැත්ත ඇති දේ ය.

      ඒ තියා කතන්දර බ්ලොගේ ලියවෙන්නේ ද එහි අයිතිකාරයා ගේ කැමැත්ත ඇති දේ ය. එකම වෙනස - අයිතිකරුවා ගේ අදහස්වලට ප්‍රතිවිරුද්ධ අදහස් ද පාඨකයින්ට මෙහි පල කළ හැකි වීමයි.

      Delete
    3. පාඨකයන් වෙනුවෙන් හදා දෙන පිටියේ ඕනැම කෙනෙකුට කැමති ලෙස සෙල්ම් කළ හැකිය.

      Delete
  10. To: Mr Ka-ka The know it all superman aka ass-hole

    There are two types of criticism. Constructive criticism and destructive criticism. What you are doing is destructive criticism because there is no HONESTY in it. That’s why many people are pissed off with you and that’s for good reasons as well.

    You don’t criticise to make people realise or improve. Your criticism carry a vicious , unbalanced , double standard insults against Buddhism and its practitioners.People are not dumb as you think to not notice it.

    I'm asking again (because you didn't publish my previous comments)
    Provide links to any of your stories where you have praised a Buddhist or a monk for their good conducts. Do a well balanced criticism with honest intentions.
    People will understand. Otherwise continue to be an ass-hole.

    Hope this get published in your Lavatory

    ReplyDelete
    Replies
    1. මා මෙහි පල නොකළේ ඔබේ කවර කමෙන්ටුවද?

      කුණුහරුප හෝ (මට නොව) අනුන්ට අපහාස තිබුණු කමෙන්ටු දෙක තුනක් හැර අන් සියල්ල මෙහි පල කළෙමි.

      මා කුඩා කාලයේ දැක තියෙනවා ප්‍රසිද්ධ වැසිකිළිවල කුණු හරුප ලියා තියෙනවා. මගේ බ්ලොග් එක වැසිකිළියක් යැයි සිතන ඔබ මෙහි පැමිණ මීට කලින් කුණුහරුප ලිව්වාය කියද මෙයින් ඔප්පු වෙන්නේ?

      Delete
    2. Thanks for your comment.

      I am only worried about your complaint that I did not publish one or more of your previous comments.

      The rest of your rant is hilarious. Yet, I will try to answer some of your concerns later tonight when I go home.

      By the way, nice nick name "මහසොහොන් පිල්ලිය", mate!

      I am sure මහසොහොන් පිල්ලිය represents your inner self very well.

      Delete
    3. Thanks. Just to answer your pressing concern , Ano or otherwise I have never used any swearing words in my comments. That's not my style.

      Name does not represent anyone. Conducts do...

      Delete
    4. කකා, office එකේ ඉඳන් blog එකේ comments approve කරනවා නේද ?
      රජයේ රැකියා කරන ගොඩක් උදවිය ඔහොම තමය්.

      Delete
    5. @ මහසොහොන් පිල්ලිය
      ඔබත් හරි, මාත් හරි.
      ඔබ විසින් තබා ගිය සියළුම කමෙන්ටු පල කර ඇති බව මගේ ඊ-මේල් පිරිකස්සා බැලූ මට පෙනී ගියා. ඒ කියන්නේ මා නිවරදියි.
      ඒ කිසිම එකක කුණුහරුප තිබුනේ නැ, ඒ සම්බන්ධයෙන් ඔබ හරි.

      නමුත් ඔබ වැරදි තැන නම්, මා ඔබේ කමෙන්ටු වාරණය කලා යැයි පැවසීමයි.

      මට මේ ගැන ස්ථිරවම කිව හැක්කේ මහසෝන් පිල්ලිය වැනි බියකරු එකක් වුවද කුමක් හෝ නමකින් ප්‍රතිචාර දක්වන අයෙකු සාමාන්‍යයෙන් කුණුහරුප නොලියන බැවිනි.

      මා වාරණය කලේ කුණුහරුප සහිත ඒවා සහ එකම කමෙන්ටුව හෝ එකම අදහස ඇති කමෙන්ටුව දෙතුන්වර දමන අවස්ථා පමණි.

      Delete
    6. @ මහසොහොන් පිල්ලිය
      /* Name does not represent anyone. Conducts do...*/

      Thanks for confirming that your name represents your conduct. බයේ බෑ!

      Delete
    7. @ මහසොහොන් පිල්ලිය
      /* I'm asking again (because you didn't publish my previous comments)
      Provide links to any of your stories where you have praised a Buddhist or a monk for their good conducts. */

      ඔබ විසින් තබා ගිය සියළුම කමෙන්ටු පල කර ඇත.

      මෙන්න මං ලියපු බුද්ධාගම සහ පන්සල්වලට සම්බන්ධ කතන්දර කිහිපයක්.

      1. බණ, වැදි බණ, බුදු බණ, පොප් බණ සහ අනේ අපොයි බණ

      2. පන්සල් ළඟදී පස්ස පැත්ත ඉස්සීම - First class, second class and third class temples?

      3. පරගස්දෙනියේ බුද්ධවංශාභිදාන කතා වස්තුව - Once upon a time....

      4. ඇසින් දුටුවොතින් ජඩ වැඩ දඹුලු පෙත, බුදුන් පාරළෙයි වනයට වඩිනු ඇත - වෙසක් සිතුවිලි :: Wesak thoughts

      5. දතේ පන්සල, ජනාධිපති සහ අරලිය ගස් (කතන්දරයක්මත් නොවේ!)

      6. චතුරාර්ය සත්‍යයත් ඕපන් සෝස් සංකල්පයක්! - Four noble truths, an open source concept?

      7. බුදු දහම නිසා සමහරු නිවන් ගියා, බුදු පිළිම නිසා සමහරු හිරේ ගියා - Antidote to doubt is not faith but enquiry!

      8. පොඩි සාදු ගේ වලත්ත කතාව - Thus Have I Heard (a story from yesteryear)

      9. සිල්වත් සාදු ගේ රහස - Brain drain?

      10. සාදු, සාදු, පොඩි උදව්වක් කරනවද?

      11. පාටි ජෝක්ස් - තිස්ස ගේ ආගම් මාරුව

      12. ඊ ලඟ ආත්මේ - හොඳ තැනක ඉපදෙමු...!!!

      Delete
    8. 13. පොඩි පොඩි විහිළු කතා දෙක තුනක්

      14. සිදුහත් ගිහි ගෙය හැර ගියේ ඇයි? රහස එළිවෙයි! - Not many people will get this?

      15. විනාඩි විසිපහක් තියෙනවාද? නොහොත් ස්පර්ශකය - WTH is that?

      16. කතන්දරකාරයා මහණ වී හිටි බව එලිදරව් වේ!

      17. බිනර පෝ දා බණ පදයක් (දෙකක්, තුනක්) අහමු : A poem written in two languages

      18. සුදු හාමිනේ ට මොකටද සල්ලි හෙවත් බබාලයි අම්මා ගේ අවාසනාව - Lucky child, unlucky mother!

      19. මටත් තියෙන ප්‍රශ්න - Oh, these problems

      20. ඒකෝන් ගේ ලංකා ගමන සහ කතන්දරකාරයා ගේ දෙව් ලොව ගමන - Akon's trip to Sri Lanka and my trip to the heaven

      21. දත මැද ගැනීම – හෙවත් – ටැම්පල් ඔෆ් ද සේක්‍රඩ් ටූත් රෙලික් කතාව ඉදිරියට : Get your tooth brushed!

      22. වැසිකිලිය, කැසිකිලිය සහ ගඳකිලිය

      23. රා බොමු, කවි කියමු! - Vi auguro un felice anno nuovo!

      24. බුද්ධාගං සංස්ථාව විවේචනය කිරීමට මූලික අයිතිය ඇත්තේ කාටද? - Self-critisism Vs criticising others

      25. බුද්ධාගං කල්ට්වල නෝනා මහත්තුරු - Me good you bad concept

      ස්තුතියි, නැවත එන්න.

      ;-)

      Delete
    9. තවත් එකක්. මා මේවන විට කතන්දර 830 ක් පල කර ඇති අතර ඉහත සදහන් "බුද්ධාගම/පණ්සල/හාමුදුරුවරු" උප කුලකය ඉන් 3% පමණි.

      Delete
  11. කතන්දර.. පුන්චි දෙයක් කියන්නම්.
    තර්කයෙන් ජයගන්න දේවල් සේරම නිවැරදි නැහැ ..
    - පත්තර මල්ලි -

    ReplyDelete
    Replies
    1. පත්තර මල්ලී

      කරුණාකර එක් උදාහරණයක් දෙන්න.

      Delete
    2. ගොයම් කොලේට මුවා වෙලා වෙඩි තිබ්බ කතාව කකා දන්නෙ නැත්ද?

      - පත්තර මල්ලි -

      Delete
    3. ඇයි අලියා ගිනිපෙට්ටි කතාව ??

      -වෙනත් පත්තර මල්ලි කෙනෙක්-

      Delete
  12. කකා කියන දේ ඇත්ත.අද කැඩුවට කමක් නැහැ හෙට ගන්න පුළුවන්නේ වගේ හැංගීමක් නම් තියෙන්නේ පන්සිල් ගැන එහෙම පන්සිලකින් වැඩක් නැහැ.මම නම් දැකලා තියෙන බොහෝ බෞද්ධයෝ ඉන්නේ පින් කිරලා දිව්‍ය ලෝකේ යන්න බලන් ඉන්න මානසිකත්වෙන්.භික්ෂුව තමයි දොරටු පාලයා.බුඩිස්ට් එකේ උදේ 11.30(5.30GMT) බුද්ධ පූජාව සහ පාන්දර යන සත් බුදුවරු පූජාව අහන්නකො...තිරුපති ගියා වගේ.

    ඒ වගේම අභිධර්ම දේශනා ගැන හොඳම දැනුමක් , අවබෝධයක් තියෙන ස්වාමීන්වහන්සේලාත් වැඩම කරනවා..දෙපිරිසම ඉන්නවා..


    ගිහියො ගැන හිතුවත් එහෙමයි කකා.හරි අවබෝදෙකින් ඉන්න පිරිස හා බෝධිය වටේ කෝඩි වැල් එල්ලන පිරිස ඉන්නවා නිවන් සුව පතා..

    ReplyDelete
    Replies
    1. මොන මස් කෑවත් හැබැයි හරක් මස් කෑවොත් නිවන් යනවා බොරු... නේද සහන්?

      Delete
    2. මම එතැනදී කතා කරේ මේ භික්ෂුවගේ අධිෂ්ඨානයට ගරහන්න එපා කියන දේ..

      Delete
    3. සහන් ඔහොම්මමයි . යන්නේ කොහෙද කියල ඇහුවම කියන්නේ මල්ලේ පොල් කියලා .

      Delete
    4. @ දෙවන ඇනෝ

      ඉතින් පොල්නේ තියෙන්නේ..ආයේ මොකටයි හෑල්ල දිග අරින්නේ ...


      මෙන්න කතාව අග සිට මුල දක්වා ...
      යන්නේ කොහෙද, මල්ලේ පොල්


      Delete
    5. @සහන්
      සමහරු ඉන්නවාලු පන්සල් ගිහින් වැඳලා, හරි දැන් තමන් පින් කෙරුවාය හිතලා, ගෙදර එන ගමන් ලොතරැයික් අරං එන, ඒ පිනෙන් ඇදෙන්න!

      Delete
  13. ආනන්දේ තමයි ඉස්කෝලේ

    ReplyDelete
    Replies
    1. අනේ යන්න අනේ යන්න...

      Delete
    2. ආනන්දෙ උනාට ඉස්කෝලෙ... කොමෙන්ට් ටික පබ්ලිශ් කරන්නෙවත් නෑ වෙලාවට.... අප්පමාදෝ අමතපදන්.... පව්....

      Delete
  14. මහ එකා ඇදේට ගිහින් පොඩි කකුළුවාට කෙලින් යන්න කියනවා වගේ නිසාද කකුළුවෙකුගේ පින්තූරයක් පෝස්ට් එකට දැම්මේ ??

    -හුරතල් ඇනී-

    ReplyDelete
    Replies
    1. ආනේ, ඔයා මං හොරෙන් වගේ දාපු එක අල්ලා ගත්තා නේද? හරිම ස්මාට්!

      Delete
    2. තෑන්ක්ස් කකා

      -හුරතල් ඇනී-

      Delete
  15. ආගමික අන්තවාදයක් බුදුදහමට ඇදලා අරං තිබීමට හාමුදුරු වරුත් වගකිව යුතුයි. බුදුන් නම් කාළාම සූත්‍රෙය් විස්තර කරනවා, හැම දෙයක් ම පිළිගත යුත්තේ කොහොමද කියලා. බුදු දහමේ මුර දේවතාවුන් ලෙස හැසිරෙන බෞද්ධයන් ඒක නොදන්නා කම තමයි මේ විසංවාදයට හේතුව.

    ReplyDelete
    Replies
    1. සමාජය කවදත් එහෙමයි. ධන සෲණ දෙකම තියෙනවා.

      Delete
  16. කෝ යකෝ අපේ කමෙන්ට්ස් ???

    ReplyDelete
    Replies
    1. මේ තියෙන්නේ යකෝ..

      Delete
    2. යක්කුන් ගේ වැඩ යක්කුම බලා ගනිල්ලා.

      Delete
  17. රයිට් කකුළු පැටිය හරියට කෙලින් යනවනේ. ඒකම මදැයි.

    ReplyDelete
    Replies
    1. රෝහණ+වීජේවීර ගේ සින්දුව සිහිවේ!

      Delete
  18. කකා මෙතැන ස්ටිරියෝටයිප් ගොඩක් ගාවගෙන ලස්සන කථාවක් හදලා.....

    පලවෙනි ස්ටිරියෝටයිප් එක නම් ඇතිවෙන්නේ පන්සිල් හා බෞද්ධකම ගාවා ගැනීමයි. දැන් කට්ටියක් කියන විදිහට පන්සිල් රකින්නේ නැති ව බෞද්ධයෙක් වෙන්න බෑ...කකා ඊට වඩා වෙනත් මතයක.....ඒත් ඇත්ත කාරණාව නම පන්සිල් වැනි ශීලයන් බුදුහාමුදුරුවන් හදුන්වා දුන ශීලයන් නොවන බවයි. ඒව බුද්ධකාලීන සමාජයේ පැවති බ්‍රහ්මණ ශීලයන්...ඒවා ‍රැකිමේ ඇති වැ‍රැද්දක් නැති හිනදා බුදුහාමුදුරුවන් ඒවා පිලිගත්තා...පන්සිල් ‍රැකපු පලියට බෞද්ධයෙක් වෙන්නේ වත් ඒවා කඩපු පලියට බෞද්ධයෙක් නොවන්නේ වත් නෑ....පන්සිල් ‍රැකීම අතින් හොදම විනයක් තියෙන්නේ ම්ං දන්න විදිහට ජෛන ආගමිකයන්ට.....

    දෙවැනි සිටිරියෝ ටයිප් එක පන්සිල් හා පවු පින් නැතනම් කර්ම සංකල්පය ගාවා ඒකත් බුද්ධ දර්ශනයට සම්භන්ද කිරීම. පන්සිල් වගේම කර්ම සංකල්පයත් බුද්ධ කාලින සමාජයේ මෙන්ම වර්ථමනායේ විවිද කෝණයන්ගෙන් දකින සංකල්පයක්....බුදුහාමුදුරුවෝ කර්ම සංකල්ප්යය පිලිගත්තත් හැමදේම කර්මය මත පමනක් තීරනය නොවන බවක් දේශනා කලා...

    ඒක හින්දා කකා පන්සිල් වලටත්...පව් පින් වලටත් මොන මොන අර්ථ කථන දුන්නත්...ඒවා බුද්ධාගම විකෘති කිරීම් ලෙස නොගන්නා ලෙස මම යෝජයනා කරනවා...

    හැබැයි මීට කලින් වතාවක් කකා චතුරාර්‍ය සත්‍යය ගැන පොඩි කතන්දරයක් ලියලා තිබ්බා......ඒ කතන්දරේ නම් චතුරාර්‍ය සත්‍යය සම්භන්ධව වෙනස් චිත්‍රයක් හදනවයි කියලා හිතපු හිනදා මං එකට පිලිතුරු ලිපි දෙකක් දැම්ම්මා....

    මේ තියෙන්නේ කතන්දරගේ ලිපිය..

    චතුරාර්ය සත්‍යයත් ඕපන් සෝස් සංකල්පයක්! - Four noble truths, an open source concept?


    මේ තියෙන්න මගේ අදහස හා ප්‍රතිචාරය....

    වැල යන අතට මැස්ස ගැසීම හෙවත් චතුරාර්‍ය සතය්‍ය හා අභිනිශ්ක්‍රමණය පැටලවීමට අනුබල දී

    කතන්දරශූරීන්ගේ ඕපන් සෝ(ර්)ස් චතුරාර්‍ය සත්‍යයේ නවතම වර්ශන් එක...........චාතුර්යා


    ReplyDelete
    Replies
    1. කකාගේ හිට්ස් හූරා ගැනීමට විරුද්ධව පෙල ගැසෙමු !!
      කකාගේ බ්ලොගයේදි වෙනත් ලින්ක් දැමීම හෙලා දකිමු... !!!

      කකා සුරැකීමේ ජාතික සංවිධානය

      Delete
    2. කකා සු‍රැකීමේ සංවිධානය කකා ගේ පෝස්ට් ගැන හරියට දන්නේ නැද්ද....මේකත් හරියට බුද්ධාගම ‍රැකගන්න ඉන්න සංවිධාන වගේ....:)

      අර ජාල කරනය ගැන මොකක්ක්ද ගණිත කථාවකුත් එක්ක කකා පෝස්ට් එකක් දාලා තිබ්බ කාලෙකට ඉස්සෙල්ලා....

      අන්තර්ජාලයම ලින්ක් ගොඩක්...කකා ලින්ක් දානවට විරුද්ධ නෑ....:)

      Delete
    3. KAKAGE PUKADA SURAKINNE.

      Delete
    4. මයියා, ලින්ක්වලට ස්තුතියි. ඔබ වැන්නන් ගැන නොවේ මේ කතාව. තෙරුවන් නමැද පන්සිල් අරන් දවස අරඹා, දවස පුරා ඒ සිල් කඩන අය ගැනයි.

      පන්සිල් පද බුද්ධාගමෙන් වියුක්තව හෝ බුද්ධාගම පන්සිල් පදවලින් වියුක්තව අද කතා කරන්න බෑ.

      මා ස්ටීරියෝ ටයිප් චරිත හොයා කතාවක් ලිව්වා නොවේ. මෙය සත්‍ය සිදුවීමකි. රියල් කතන්දරයකි.

      Delete
  19. කතන්දරේටම ගැලපෙන පින්තූරයක් දාල තියෙනව.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ෆොටෝ දාන එකත් මං හිතලා බලලායි කරන්නේ.

      Delete
  20. ලොකු වීරයෙක් ලොකු වීර කමක් කරනවා වගේ නේද දාල තියෙන්නෙ..
    අනේ බන් මම මහනුවර ධර්මරාජෙ.
    අපිටත් එක්ක ලැජ්ජයි යකෝ..

    හැම එකාම එක පාරක් ගත්ත කිය නොවැද හිටියොත් මොකද වෙන්නෙ..
    හුගක් අමාරුද බුදුන් සරණ යමි කියන එක කියන ගමන් වැදගෙන ඉන්න..???

    සර්පයා නැට්ටෙන් අල්ලපුවම ඔහොම තමයි

    ReplyDelete
    Replies
    1. ඔබේ මෝඩ කම ගැන මම ඔබේ පාසලට දොස් පවරන්නේ නෑ.

      මා නම් පාසල් ගොස් අවසානයි, නමුත් ඔබට නම් ආයේ හෝඩියේ ඉඳන් පටන් ගන්න එක හොඳ වගයි පේන්නේ.

      කවුද මෙතන බුදුන් සරණ යමි කතාවක් කිව්වේ? මා කියා ඇත්තේ පන්සිල් ගැනයි. පන්සිල් අරගෙන පසුව ඒ සිල් බිඳීම ගැනයි. බිදෙන බව දැන දැනම පන්සිල් ගැනීම ගැනයි.

      පව්!

      Delete
  21. කක්කෝ,
    තැටිය රත්වෙලා තියෙන්නේ.... රොටිය පුච්ච ගමු ද ???

    ReplyDelete
    Replies
    1. ඔහේම පුච්චා ගන්න.

      මං කන්නේ රෝසිලා, පබා ලා කන කෝන් ෆ්ලේක්ස්, හනී, වොෆල්ස් වගේ ජාති.

      රොටි හදන්න ඕනි නම් මේක කියවන්න.
      http://kathandara.blogspot.com/2013/03/roti-making-for-dummies-reference-for.html


      Delete
  22. අද මේ කතාව වෙනදා ලියන උනන්දුවෙන් හෝ නිවී සැනසිල්ලේ පරීක්ෂාකර ලියා නැති හැඩයි. අකුරු වැරදිච්චි ( ටයිපින් මිස්ටෙක්ස්) තැන් බොහොමයි.

    අපේ පැත්තෙ මහ කකුළුවො පොඩි එවුන්ට කෙළින් යන්න කියලා දෙනවා...(ඔහෙත් බැළුවම එහෙමම තමයි )

    ReplyDelete
    Replies
    1. ඔබ හරි!

      මං වෙනදා කතන්දර (සහ සැමදාම කමෙන්ටු) ලියන්නේ කපුටා ෆොන්ට් එකෙන්, ඉන් පසුව යුනිකෝඩ් කන්වර්ටරයෙන් පරිවත්තනය කරගන්නවා.

      මේ කතාවේ ඔරිජිනල් එක මීට වසර තුනකට පෙර එෆිඑම්-අභය වලින් ලියු එකක්. එය දෙකට කඩා සමහර කොටස් අඩුකර අළුතින් කොටස් එකතු කරලායි මේ දැම්මේ.

      අකුරු වැරදි හදන්නට වෙලාව නැහැ. කොහොම වුනත් මගේ සාමාන්‍ය වැරදි එලෙසම ඇති මොන කපුටාගෙන් ලිව්වත්.

      Delete
    2. /* අපේ පැත්තෙ මහ කකුළුවො පොඩි එවුන්ට කෙළින් යන්න කියලා දෙනවා */

      මටත් ඒ රෝහණ+වීජේවීර ගේ සින්දුව සිහිවුනා ඊයේ රෑ මැදියම මේ කතන්දරය සකසන වෙලේ.

      Delete
    3. ස්තුතියි ඉන්දික. වැරදි ගොඩක් තිබී හැදුවා.

      Delete
  23. පන්සිල් ගැනීම සමාන්තරව කල යුතු නැත. සීයා සමග කකාද පන්සිල් ගත යුතු යයි නීතියක් නැත. කවුරුත් කරන දේ රැල්ලල්ට කල යුතුද නැත. එතන ප්‍රශ්නය චාරිත්‍ර-වාරිත්‍ර පිලිබඳ එකක්. හාමුදුරුවෝ හිටි වෙලාවේ පන්සිල් නොගත් එක. බුදු දහම පිටත් කෙනෙකුගේ විනිශ්චයකට ලක් නොකර තමන්ම තමන් විනිශ්චය කර ගනිමින් ඇසුරු කරනවා නම් හොඳයි. මොකද පිටට සීලවන්ත ලෙස පෙන්වන අය රහසින් පව් කරන්න පුළුවන් නිසා. හැබැයි චතුරාර්ය සත්‍යය අවුබෝධ කර ගන්න නම් නිතරම සිල් රැකියා යුතු වෙනවා.

    ReplyDelete
    Replies
    1. ඩොස් ගේමක් හදමුද රහසින් කරන පව් හොයන්න....

      Delete
    2. මේ ඩොස් ගේම් එකේ තකාව දැන් යල් පැන ගොස් ඇත. එකම විහිලුව නැවත නැවත නීරසයි.

      Delete
    3. @ සු දී ක
      /* හැබැයි චතුරාර්ය සත්‍යය අවුබෝධ කර ගන්න නම් නිතරම සිල් රැකියා යුතු වෙනවා. */

      වෙන්න ඇති. සිල් රැකීම සහ ගැනීම අතර වෙනස ගැනම තමයි මගේ කතන්දරයක්.

      Delete
  24. ක/කා

    පන්සිල් ගැනීම යනු ශීලයක් සමාදන් වීමය. එහෙම නැත්නම් සික්ඛා පදං සමාදියාමි යන්න අත් හැරලා වැලකෙමි යන්න විතරක් යොදන්න තිබුනනේ. අද ලොව බොහෝ දෙනෙක් සිරිතක් අනුගමනය කිරීමක් වශයෙන් පස් පවින් වැළකෙති. එහෙත් ඒවා ශික්ෂා පද රැකීමක් ලෙසින් කෙරෙන්නක් නොවේ. පුද්ගලික ආකල්ප,චාරිත්‍ර වැනි විවිධ හේතු ඒවාට ඇත.

    ගත්තත් නොගත්තත් නිකම්ම පන්සිල් රැකෙ යන්න ප්‍රලාපයක් වන්නේ සාම දෙයකටම චෙතනාව මුල් වන නිසාය. නිකම්ම පන්සිල් රැකේ නම තොටිල්ලේ ඉන්න බිලිඳා තරම් හොඳින් නිකම්ම පන්සිල් රකින අයෙක් තවත් නැත.

    ශික්ෂා පද රැකිය යුත්තේ කෙසේද යන්න ත්‍රිපිටකයේ සුත්‍ර වල හොඳින්ම පැහැදිලි කර ඇත." මහා රහතන් වහන්සේ නමක් තම සිල් රකින මෙන් සමාදන්වූ සිල් රැකිය යුතුය" යයි එහි දැක්වේ. කඩ කඩා රකින ශිලය දක්වා ඇත්තේ ගවයන් රකින ගොපල්ලන්ගේ හැසිරීමට සමාන ශීලයක් වශයෙන්ය.

    මුලික පාසැල් වියේදී මහ රහතන් වහන්සේලා සහ උන්වහන්සේලාගේ ශිලය සහ ඒවා රකින ආකාරය ඉගැන්වීම නොකළ හැකි කටයුත්තකි. (යෝවද තං පව රෝමනුජේසු ...චත්ත මානවක ගාථා මෙන්) එහෙත් ළමයා කෙමෙන් කෙමෙන් මුහුකුරා යන විට පන්සිල් වලට මෙන්ම යෝවද තං පව රෝමනුජේසු වලටද අදාළ සම්පුර්ණ ඉගැන්වීම (දන්නා කෙනෙක් ගෙන් හෝ ස්වායත්නවම) ලබා ගත යුතුය. එසේ සම්පුරන දැනුම ලබා නොගන්නා ළමයින් වයසින් වැඩුනත් සිතින් තවමත් ඔබ වැනි ළමයින්ම වෙති. ළමා තර්කම ඉදිරිපත් කරති.

    අවිද්‍යාවෙන් පෙලෙන්න කොතරම් අනුකම්පා කලයුතු අයක්ද?

    එහෙතත් පන්සිල් සමාදන්වීම විවේචනය නොකළ යුතු විෂයයක් යයි මින් අදහස් නොවේ.ශ්‍රධාව,සිහිය,විර්ය සහ විමර්ශනය යන පාද මත හිඳ එය කලයුතුය.

    ReplyDelete
    Replies
    1. /* ගත්තත් නොගත්තත් නිකම්ම පන්සිල් රැකෙ යන්න ප්‍රලාපයක් වන්නේ සාම දෙයකටම චෙතනාව මුල් වන නිසාය. නිකම්ම පන්සිල් රැකේ නම තොටිල්ලේ ඉන්න බිලිඳා තරම් හොඳින් නිකම්ම පන්සිල් රකින අයෙක් තවත් නැත. */

      එය සරල ව වැටහෙන සත්‍යයකි.

      ඒ සමගම මා කියා ඇති අනිත් දෙය නම් පව් නොකළ සිටියාට පින් නොලැබෙන බවයි. අපේ සහමරු පන්සිල් ගෙන මල් පුජා කර සිතන්නේ ලොකු පිනක් කරගත්තා කියාය. මල් ටිකක් සිරස් තලයක අතුරා වදන් කිහිපයක් කීමෙන් සිත පහන් වුවද "පිණක්" ලැබේද?

      Delete
  25. @ ක/කා
    ඒ සමගම මා කියා ඇති අනිත් දෙය නම් පව් නොකළ සිටියාට පින් නොලැබෙන බවයි. අපේ සහමරු පන්සිල් ගෙන මල් පුජා කර සිතන්නේ ලොකු පිනක් කරගත්තා කියාය. මල් ටිකක් සිරස් තලයක අතුරා වදන් කිහිපයක් කීමෙන් සිත පහන් වුවද "පිණක්" ලැබේද?
    ---------------------------------------------
    එක සහතිකම ඇත්ත. පින හා කුශලය යනු වෙනස් තේරුම ගෙන දෙන පද . ඒ ගැන වෙනමම ලිපි ලියන්න ඕනෑ.

    ReplyDelete
  26. අද පෝස්ට් එකට කමෙන්ට් ගණන 80
    මා විසින් දමපු ඇනෝ කමෙන්ට් ගණන 13
    වෙනත් ඇනෝ වරු දමපු කමෙන්ට් ගණන 12
    කකා විසින් දමපු කමෙන්ට් ගණන 31
    වෙනත් ප්‍රොෆයිල් කමෙන්ට් ගණන 24

    ReplyDelete
  27. Maage adahasa nam budun wahanse niwaradiwa jiwath vime maga kiya dee atha.kemathi ayekuta kemathi pamanin niwaradiwa jiwath viya heka.wadathma budun wadaala de anugamanaya karamin wadath niwaradi maga yanna wadaath sathutin jivithaya gatha karai.nithi kisiwak natha.deviyanta men baya viya yuthu netha.awaboda karaganima pamanak awashhsa we.

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.