ජීවිතයම කතන්දර ගොඩක්!
This is a Sinahla blog written for five years from July 2009. It contains stories - Kathandara - from authors life.
කතන්දරකාරයා ගේ දශක කිහිපයක ජීවන අත්දැකීම් අළලා 2009 ජූලි 11 දින සිට පුරා වසර පහක් තිස්සේ ලියවුණු කතන්දර එකතුවකි. kathandara@gmail.com
Tuesday, 13 September 2011
පේරාදෙනියේ වැලි කතරට වසන්තය උදාවේ - The Spring springs in Pera desert!
මෙන්න පේරාදෙනියේ හිටපු අය, නොගිය අය, යන්න ඉන්න අය එන එකී නොකී සියළු දෙනාගේම සතුට හේතු වේ යැයි හිතෙන කවියක්.
සමහර විට හිතෙන්න පුළුවන් මං මේ සාහිත්‍ය මාසයේ දැම්ම හොඳම කවි පන්තියත් මේකය කියලා!
පේරාදෙනියේ වැලි කතරට වසන්තය උදාවිය!
පෙර කරුමෙට මලකඩ පිරි කම්මලකට කොටු වූවා
බැලු බැලු හැම අතකින් කරදර දුක් සිත වෙත ආවා
සරසවි බිම ගැන ඇතිවුණු ප්‍රාර්ථනා බොඳ වූවා
සිසිලක් සැනසුම් සුවයක් ගැන හදවත මොර ගෑවා
පාලුව දුක වේදනාව සිත ඇතුලේ තෙරපුනේය
දහස් ගණන් දුක් සුසුමන් හද පතුලේ හිරවුනේය
ඇගෙ දසුනෙන් සිතට හදට සැනසිල්ලක් එළැඹුනේය
හදවත තුල නිසංසලේ ආදරයක් ඉපදුනේය
හද පතුලේ ඇය වෙනුවෙන් ආදරයේ මල පිපුණා
දහස් ගණන් සොඳුරු සිහින ඇය මැදිකරගෙන මැවුණා
දිනෙන් දිනම වැඩිවුණු ආදරයෙන් හදවත පිරුණා
සිත ඇතුලේ උපන් හැඟුම් ගී පදයක් වී ගැයුණා
කම්මල් බිම ගොරහැඩි බව මකා දැමූ දසුන ඇයයි
කඩු පන්තියෙ නිදිමත බව නසා දැමූ පහන ඇයයි
අවිවේකෙන් හෙම්බත්වුණු සිතට සිහිල් පවන ඇයයි
කෝස්වර්ක් මැද හිරවුණු ජීවිතයට මිහිර ඇයයි
පරිසරයේ අඳුර මකා තරු දහසක් සිනාසුනා
දාහය පලවා හරිමින් මුදු පවනක් ලඟාවුණා
ප්‍රාර්ථනා මල් ගොමුවේ සුවඳ මලක් මෝදුවුණා
සීතල උදුවප් මාසෙක වසන්තයක් උදාවුණා
සත් සතියක් පැතූ පැතුම් ඒ විලසින් සඵල වෙලා
සත් සතියක් දුටු සිහිනය නෙත් ඉදිරියෙ සැබෑ වෙලා
සතර අතේ සුවඳ විදා මල් ගොමුවක් පුබුදු වෙලා
ආදරයෙන් පිරුණු සිතක් තව සිතකට එකතු වෙලා
උදාගිරෙන් රන් අරුනළු රැස් දහරා වැටෙන්නේය
රන් චාමර සෙමෙන් සලා මහවැලි ගඟ ගලන්නේය
හන්තානේ සීත සුලං ආසිරි ගී ගයන්නේය
කඳු මුදුනේ වළාකුලෙන් මල් වැස්සක් වසින්නේය෴
අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා දිනවල කතන්දර බ්ලොගයේ මේ කයි-කතන්දර පල කෙරෙනුයේ 2011 සැප්තැම්බර් සාහිත්‍ය මාසය වෙනුවෙනි.
-කතන්දරකාරයා
ප/ලි:
කවි වලටත් ලින්ක්ස් දාන්න පුළුවන් වෙයි කියලා ටිම් බර්නර්ස්-ලී වත් එදා හිතුවද මන්දා?
ප/ප/ලි:
වැඩිය හිට් නොවිච්ච මෙන්න මේ පරණ කතන්දරේ දැකලා තියෙනවාද?
http://kathandara.blogspot.com/2009/11/50.html
(පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ පළමු වසරේ දී මා විසින් ලියන ලද ඉහත පදවැල ඉංජිනේරු පීඨ කලා කවයේ බිත්ති පුවරුවේ මුල්වරට පලකරන ලදුව දෙවන වසර අවසානයේ දී හස්තද්වාරයෙන් එලිදක්වන ලද හන්තානේ කඳු පාමුල කාව්‍ය සංග්‍රහයට ඇතුලත් කරන ලදී.)
(image: http://www.funlogg.com/index.php/2010/10/26/university-of-peradeniya)
Labels:
කයි-කතන්දර,
පේරාදෙනිය,
විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ,
විශ්ව විද්‍යාලය
Subscribe to:
Post Comments (Atom)
අති විශිශ්ඨයි..පද පේලි..සරලව නමුත් මහා ගැඹුරකින් ලියල තියෙනවා.. බලමු ආදරය කියන මැජික් යශ්ඨියෙන් නිරුදක කාන්තාරයක් ලෙස දුටු පාරාදීසය සුරපුරක් වෙන අයුරු !
ReplyDeleteකොහේ මොනවා කලත් ඉතින් පිරිමි ලමයින්ට ගෑනු ලමයි අමතක වෙන පාටක් නෑ...:D
ReplyDeleteසංතෝසයි සංතෝසයි අප්‍රමාණ සංතෝසයි! මං කිව්වෙ ගොනා හැරෙන්නෙ පොල් පැලේට කියලා... බි.පෙ.සි.
ReplyDeleteඔන්න කකා මේ අදහස් එක්ක නම් මට එකඟ වෙන්නම වෙනවා... මොකද මගේ කතාවෙත් ඔය ටික ඔහොම්ම තමයි ලියැවිලා තියෙන්නෙ :)
ෂහ්: නියමයි. ඉස්තරම්.
ReplyDelete@ පොඩි:
ඇයි ? ගෑණු ළමයි කැමතිද පිරිමි ළමයි එගොල්ලෝ අමතක කරනවනම්...
ඔන්න ආදරේ පටන් ගත්තා..දැන් ඉතිං හැම තැනම මල් පිපෙනවා ඇති...
ReplyDelete@ පොඩි - ඇත්තටම ඔයාටත් තියෙන ප්‍රශ්න ! පිරිමි ළමයි ගෑණු ළමයිව අමතක කරල වෙන මොනව මතක තියා ගන්නද ??????
ReplyDelete"පේරාදෙනියේ වැලි කතරට වසන්තය උදාවිය!" කියන එක අවංක මදි වගේ...නියම හෙඩිම මෙන්න මෙන්න මේ වගේ එකක්..
ReplyDelete"කෝස්වර්ක් වෙනුවට අන්තර් කෝස් අවස්ථා උදාවිය!"
අපි නොදන්න වැලිකතරේ වසන්තය!
- සනාථ
ඔය වගේ සුන්දර පරිසරයක ඉන්නකොට අනිවාර්යෙන් ආදරය කරන්නම ඕන. ආදරයෙන් හිත පිරුණම හැම දෙයක්ම ලස්සනට පේනවා.
ReplyDeleteගිම්හාණි,
ReplyDeleteආදරෙන් පිරුනම කිසි දේයක් පේන්නෙ නැතුව යන එකයි වෙන්නෙ.
"ඔය වගේ සුන්දර පරිසරයක ඉන්නකොට අනිවාර්යෙන් ආදරය කරන්නම ඕන. "එතකොට අර වවුනියාව, නැගෙනහිර උන් ආදරේ නොකලත් කමක් නෑ කියන එකද ඔය කියන්නෙ?
කකා,
පළවෙනි කවියයි අන්තිම කවියයි අතර වෙනස ගව් ගානක් වගේ!
@ඉන්දික උපශාන්ත
ReplyDeleteඒවගේ සුන්දර පරිසරයක අපි ඉන්නකොට හිතට මොකක්දෝ අමුතු හැඟීමක් ඇතිවෙනව නේද ? ආදරෙන් බැදුන යුවලකට ඒ සුන්දරත්වය වැඩියෙන් දැනෙනව මම හිතන විදියට. ඒත් මේක මගේ අදහසක් විතරයි...අනිත් අය එකග වේද දන්නේ නෑ...
වව්නියාව වගේ ප්‍රදේශ වල අයට අපිටත් වඩා ආදරය රැකවරණ අවශ්‍යයි.
ආදරයෙන් මුසපත් වුන කවි පෙලක්...
ReplyDeleteහරි ලස්සනයි...කාකා.
මේ කවි අද කියවන කොට, හුගක් සතුටු ඇති නේද...
@පොඩි කුමාරිහාමි:
ReplyDeleteපිරිමි ළමයි ගෑනු ළමයිංව අමතක කලොත් වැඩේ ටිකක් විතර ට්‍රැක් පනින ගතියක් තියනව නේද ????
@ ඕනයා,
ReplyDeleteපිරිමි ළමය්, ගෑනු ළමයින්ව අමතක කලත් කමක් නැහැ කියමුකො. ට්‍රැක් මාරු වෙන්නෙ පිරිමි ළමය්, පිරිමි ලමයින්වම සහ ගෑනු ළමය්, ගෑනු ළමයින්වම මතක් කොරන්න පටන් ගත්තම.
ක. ශු. සමාව භාජනේකට දාන්න ඕනෙ, පෝස්ට් එකට අදාළ නැති කොමෙන්ට් එකක් දැම්මට.
කම්මලේ කොහෙද කකා මල් පිපෙන්නේ? අපි හිටිය කලේ අපේ batch එකේ නම් එක මලක් වත් නැහැ. අපේ පව වෙන්නැති. මොකෝ ජුනියර් සහ සීනියර් ඔක්කොම බැච් අපේ බැච් එකට වඩා ඒ අංශෙන් හොඳයි.
ReplyDeleteඒ හින්ද වෙන්න ඇති අපේ බුවාලා පුළුවන් තරමක් ගඟෙන් එහාපැත්තෙන් ම වැඩ පල කරගත්තේ.
කකා ඒ අතින් වාසනාවන්තයි.
කසූ, love කවි විතරක් නෙවෙයි. boot සහ ඇන කවිත් පලවේවි නේද ඉදිරි කලාප වල?
ReplyDeleteපොකු, පිරිමි ළමයි ගැහැණු ළමයින්ව මතක තියාගන්න එක අපි කවුරුත් පිළිගත්තා නේ. දැන් ගැහැණු ළමයි පිරිමි ළමයි ගැන නොහිතා ද එතකොට ඉන්නේ? එතකොට ඔය රුප ලාවන්‍ය විලාසිතා වගේ දේවලට අම්බානට මැරෙන්නේ අහවල් කාරනේටද ?
ReplyDeleteමේ කොලොප්පමට අහන්නේ "දැන් එතකොට ඔය කකා බැහැල තියෙන්නේ හම්බ යකෙක්ටද?"
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteniyaamai niyamai...dan nam hari tract ekata watila wagei ....hee.. :)))
ReplyDelete(apea badge ekath marumus lage eka wagea nowee kathandharagea badge eka wagea weewaaa kiya prarthana koranawa )
චතු මල්ලි, බැච් එක කොහොම උනත් ඉන්ජියෝ නම් මහා කමකට නැති ජාතියක්. මෙලෝ රහක් නැහැ. මම නම් කියන්නේ හොඳම දේ තමයි කැම්පස් නොවන ළමයෙක් යාලු කරගෙන නිවාඩු දවස් වලට වැකේෂන් කාලෙට කැම්පස් අරන් එන්න. එයාටත් අලුත්.අද්දැකීමක් නේ. ඔයාටත් ඉගෙනගන්න වැඩ බාදාවකින් තොරව කරගෙන love එකත් හොඳින් ම කරගන්න පුළුවන්.
ReplyDeleteඅපේ බැච් එකේ තිබුණු inter batch and intra batch love ගොඩක් ම කැම්පස් එකෙන් යද්දීම ඉවරයි. පැවතුනේ external love විතරයි.
ඕනේ නම් second option එකක් විදිහට ගඟෙන් එහා පැත්ත try කරන්න. ඉන්ජියෙක් ගැන බලාපොරොත්තු වෙන්න නම් එපා. වාත කේස්.
ප. ලි. කසු ගේ බ්ලොග් එක බලන ඉන්ජියෝ කවුරුත් නැහැ නේද? මට ජිවිත රක්ෂණයක් වත් නැහැ.
@ මරුමූස්:
ReplyDeleteඔන්න ඔන්න මගේ මල Jump වෙන්නයි යන්නේ.... බි.පෙ.සි.
@ All
ReplyDeleteමේ මරුමුස් කියන කතාව ගැන මට කියන්නට ඇත්තේ සියළු දේම සාපේක්ෂ බවයි.
සියළු දෙනාටම ස්තුතියි. කයි-කතන්දර යලි බ්‍රහස්පතින්දා. අනෙකුත් කතන්දරත් සුපුරුදු පරිදි!
ජයවේවා.