Thursday 8 September 2011

වැලි කතරක මලක් පිපී - පේරාදෙනිය කතාව ඉදිරියට : Pera, oh, Pera!


පේරාදෙනිය විශ්ව විද්‍යාලය මල් උයනක්. හැබැයි ඒ ගඟෙන් උතුරු පැත්ත. මෙගොඩ, ඒ කියන්නේ අපේ කම්මල තිබුණු පැත්ත මට නම් පෙණුනේ වැලි කතරක් විදියටයි.

ගීතක ට, මරුමුස් ට, මකරා ට, බිඟුවා ට, මධුරංග ට, චමිත ට සහ අනෙකුත් අයට කොහොම පෙනුනාද මන්දා?

මොනවා වුනත්, වැලි කාන්තාරවලත් තෙතමනය තියෙනවා! මල් පිපෙනවා!

මෙන්න ඒ කාලේ ලියපු කවියක්. මං හිතන්නේ පේරා ගිහින් දෙවෙනි මාසේ විතර.

වැලි කතරක මලක් පිපී

විරාමයක තනිවුණු සිත
ඔබ නිසාම සිනා නගයි
බලාපොරොත්තුවක් යලිත්
සිත පුරාම පියා සලයි

සීතල සුලඟක දැවටී
අළුයම හිරු පායන විට
හන්තානේ හෙවනැල්ලයි
අර ඈතට තනනිල්ලේ වැටී තියෙන්නේ

දෙපස සුපිපි මල් සිපගෙන
ආසිරි ගී පද ගයමින
සුනිමල් වු මහවැලියයි
සරසවි බම දෙකඩ කරන් ගලා බසින්නේ

පාලු රුදුරු වැලි කතරේ
කම්මල් යන්තර අතරේ
පිපුණු රෝස කුසුමකි ඔබ
කුමාරියේ මන බඳනා

සුන්දර කෙටි කෙහෙරැල්ළයි
සිත නලවන නෙතු බැල්මයි
දුටු දින සිට මගේ සිතේ
ගීත ගැයේ ඔබ නමිනා෴


මේ කයිය සින්දුවක් කරලා කියන්න කැමති මියුසික්කාරයෙක් ඉන්නවද?
kathandara@gmail.com

අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා දිනවල කතන්දර බ්ලොගයේ මේ කයි-කතන්දර පල කෙරෙනුයේ 2011 සැප්තැම්බර් සාහිත්‍ය මාසය වෙනුවෙනි.

-කතන්දරකාරයා

ප/ලි
ඇත්තටම ගඟෙන් එගොඩ පැත්තේ, ගලහ පාරේ එක කොනක ඉඳන් අනිත් කොනට යන තුරුම පාට පාට මල් වැල් පිරුණු ගස් හිටවලා තියෙද්දී, ගඟෙන් මෙගොඩ හිටවලා තියෙන්නේ තල් ගස් විතරයි නේද?

(පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ පළමු වසරේ දී මා විසින් ලියන ලද ඉහත පදවැල ඉංජිනේරු පීඨ කලා කවයේ බිත්ති පුවරුවේ මුල්වරට පලකරන ලදුව දෙවන වසර අවසානයේ දී හස්තද්වාරයෙන් එලිදක්වන ලද හන්තානේ කඳු පාමුල කාව්‍ය සංග්‍රහයට ඇතුලත් කරන ලදී.)


(image: http://azgsgirl.wordpress.com/)

34 comments:

  1. මං හිතුවා හරි! කකා මේ සෙට් වෙන්නේ මලක් කඩන්න තමා...

    අනිත් හැම දෙයක්ම වැලි කතරක් විදියටයි, ගෑණු ළමයා රෝස මලක් විදියටයි පේන්න ගන්න එක ඕකෙ මූලික ලක්ෂනයක්ද මංදා... හොඳයි හොඳයි බලා ඉමුකෝ, හොඳ හොඳ සෙල්ලම් එලිවෙන ජාමෙට කිව්වලු... :)

    ReplyDelete
  2. @ ගීතක
    මං කියලා තියෙන්නේ ගඟෙන් මෙගොඩ කම්මල තියෙන හරිය වැලිකතරයක් ය කියලා මිසක මුලු පේරාදෙනියම වැලිකතරයක් කියලා නෙමේනේ!

    ReplyDelete
  3. " හැබැයි ඒ ගඟෙන් උතුරු පැත්ත "

    කාවන්තිස්ස රජ්ජුරුවො දුටුගැමුණු කුමාරයට කීවලු මහවැලි ගඟින් උතුර ආක්‍රමණය කරන්න එපා කියා. ඒ අසන්නෙ නැතුව දුටුගැමුණු මහවැලි ගඟෙන් උතුරට ගියාලු.

    බලන් යද්දි කකා ත් දුටුගැමුණු වගේ පොරක්.

    ==
    ප.ලි

    කකාට හැබෑටම මතක නැද්ද පේරා ඉන්න කාලෙ ඉර නැගපු, ඉර බැහැපු පැති එහෙම.

    මමනම් හවසට අක්බාර් පාලම මතට වෙලා ස්පර්ශෝන්මුඛ දිගේ එක් අනන්තයක ඉඳන් අනිත් අනන්තයට පියාඹන වවුල් රැන් රන් නරඹා තිබේ.

    ReplyDelete
  4. @ මකරා
    අපි නං බැලුවේ චික්ස් ලා දිහා විතරයි!
    වවුල්ලු දිහා බලන්න මං මකරෙක් කියලා හිතුවද?

    ReplyDelete
  5. ඔව් ඔව් අපේ පැත්ත මල් උයනක්‌ තමා :D

    ReplyDelete
  6. ඕන්න වසන්තය එළඹෙමින් පවතී..

    ReplyDelete
  7. ඔන්න කකා තරහ වෙන්න එපා . මුලින් දාපු කවි වලට වඩා මේක ලස්සනයි.

    මුළු සරසවි ජිවිතයම අපිට කවියෙන් බලා ගන්න හැකි වෙයි නේද ..දැන් ඔය මල නෙලා ගත්තද .

    ReplyDelete
  8. "දුටු දින සිට මගේ සිතේ
    ගීත ගැයේ ඔබ නමිනා"
    හී...
    ඉතින් ඒ ගීතයට තනුවක් දා ගන්න පුලුවන් උනාද කකා අයියේ ??

    ReplyDelete
  9. @ deeps
    මල් විතරද? කටු අතු නැත්ද ඩීප්ස්?

    ReplyDelete
  10. @ Weni
    හැබැයි ඔය කවිය ලිව්වේ නං නොවැම්බරයේ. ඒ කියන්නේ හේමන්තය පසුරකමින් සිසිරය ට ලංවෙලා.

    ReplyDelete
  11. @ Bindi
    ඔයා එහෙම කිව්වට දුක් ගී තමයි ලෝකයේ වැඩියෙන්ඟ ජනප්‍රිය වෙලා තියෙන්නේ.

    පේරාදෙනියේ සිටි අවුරුදු හතරයි මාස දෙක තුල ලියූ කවි පොත් දෙකක් ම තියෙනවා.

    1. හන්තානේ කඳු පාමුල

    2. මායාවෝ

    බලමු, වෙලා තියෙන විදියට ඒවා කයි-කතන්දර විදියට දාන්න.

    ReplyDelete
  12. @ චතූ
    මං පද රචකයෙක් විතරයි. ;-)

    තනුවක් දාලා මියුසික් කරලා සින්දුව කියන්න ගායකයෙක්ව හොයනවා!

    ReplyDelete
  13. අද නං කොමෙන්ට් වලට උත්තරත් බඳිනව වගේ, නිමාඩු වත්ද?

    ReplyDelete
  14. @ Observer
    අද පොඩි නිවාඩුවක් ගත්තා!

    හැමදාම වැඩ කරළා කාටද හරි ගියේ?

    ReplyDelete
  15. හනේ..අපි ඉතිං පේරා කැම්පස් එක දැකලා තියෙන්නෙ යන්තමින් නෙ.
    කවියනම් නියමයි.සින්දුවක් කරන්න පුලුවන්ද කියලා බලමු..

    ReplyDelete
  16. මන් කිව්වේ කසු මුලින් දාපු එව්වා ට වඩා මේක රිද්මයානුකුලයි කියල . පස්සේ ලියපුවා ඇති මිට වඩා ලස්සන . ඒවත් දාන්නකෝ . දුක් ගී තමයි වඩා ලස්සන . පේරාදෙණිය ගැන ලියවුන ලස්සනම ගිය ..'මේ නගරය '' කියන විරහ ගීය වුනෙත් ඒකනේ. මේ කවි පෙලේ ගීතවත් බවට මන් කැමතියි.

    ReplyDelete
  17. @කතන්දර
    කටු ගස් කියලා තියෙන්නේ බෝගන්විලා තමා. ඒවගෙත් හැමදාම මල්. ඒක නිසා කටු පෙන්නේ නැහැ

    ReplyDelete
  18. කවි ටික ලස්සනයි. ගඟෙන් එහා පැත්තට ගිහින් වගේ..:DDD

    ReplyDelete
  19. නිසුපා
    අයියෝ මොරටුව නං පිලී ගඳයිනේද? දුක තමයි.

    ReplyDelete
  20. @ Bindi
    දුක් ගීවලට කවුද ආසා නැත්තේ නේද? ඒක නෙමේ සුභ සංවත්සරයක් වේවා!

    ReplyDelete
  21. @ Praසන්ன
    ස්තුතියි.

    මේක ගායනා කරන්න කෙනෙක් තාම නෑනේ!

    ReplyDelete
  22. @ පිසාචයා
    හා, හා, දත කට මැදං බලා ඉන්නවා වගේ නේද?

    ReplyDelete
  23. @ Deeps
    බෝගන්විලා මට නං ප්ලාස්ටික් වගේ තමයි පේන්නේ!

    ReplyDelete
  24. @ Priyantha
    හොඳට බලන්න ෆොටෝ එක!

    ReplyDelete
  25. ඔව් ඉතින් පේරාදෙනියෙ මල් පිපෙන හරියට එන්න ගොඩක් පින් කරන්න ඕනෙ. ඔය පව් කරපු අය තමයි ග‍ඟෙන් එගොඩට ගිහින් තියෙන්නේ. මැයි මාසේ මැයි මල පිපෙන කාලය තමයි වඩාත්ම ලස්සන.
    මැණික්

    ReplyDelete
  26. කකා
    මම තව කතාවක් අහල තියනවා. ඒක තමා ගඟෙන් මෙහාපැත්ත වැලිකතරක් වෙන්නේ අම්බානක "ඔටුවෝ" ඉන්න හින්දලු. අක්බාර් එකට "විශ්වවිද්‍යාලයේ කාන්තාරය " කිව්වෙත් ඔය සීන් එක හින්දා කියලා සර් කෙනෙක් දවසක් කිව්වා.

    ReplyDelete
  27. @මකර්ස්;

    [[මමනම් හවසට අක්බාර් පාලම මතට වෙලා ස්පර්ශෝන්මුඛ දිගේ එක් අනන්තයක ඉඳන් අනිත් අනන්තයට පියාඹන වවුල් රැන් රන් නරඹා තිබේ. ]]

    මේ වවුලන් නුවර එලිය ආසන්නයේ ඇති විශේෂ වනයක අහර පිණිස යන බව කවුදෝ පර්යේෂකයෙකු පත්තරේට දාල තිබ්බ.

    හරියට මාකස් එකේ ඉඳලා හඬා වැටිලා අක්බාර් ගිය කම්මලේ ඔටුවෝ වගේ. උන් රිංගන විශේෂ වනය කවුරුත් දන්නා එකක්. සින්හයත් දන්නවා එකනේ ඌ ඔලුව වනන්නේ.

    @දීප්ස්;

    ඔය පාත්තියේ මල් නෙලන්න කැල් එකක් සාක්කුවේ තිබ්බනම් ඇතිය කියන්නේ.

    බඹරෙක් එනකොට අනේ අපෙනුත් මල් ගන්නකො කියලා පෝලිමේ ඉන්න බවක් දැන ගන්නට ලැබේ.

    ReplyDelete
  28. මහ නුවර මල් ගැන නම් ඉතින් කතා කරන්න දෙයක් නෑ අමාස ගානක් පේරාදෙනියට ලඟම බෝඩිම් වෙලා හිටි නිසා මම ඔය පැත්තේ පිපෙන මල් වල ලස්ස දන්නචා ..

    ඒත් ඉතින් පේරා කම්මලට නම ගිහින් නෑ කවදාවත් . ඉත

    ඔය රූපේ තියෙන්නේ පලොක් මලක් (පතොක් නෙවේ ඔවුවා පලොක් මල්)

    ReplyDelete
  29. සුජීව ගේ මල් නෙලන්න cal අරන් යන scene එක කියද්දී මට කතාවක් මත උනා.
    දවසක් මට අපේ බැචෙක් හම්බුනා හවසක එහා පැත්තේදී. මම ඌ එක්ක කතා කරනකොට මම දැක්ක උගේ බෙල්ට් එකේ drawing clips හතර ලස්සනට ගහල තියෙනවා. අපි එතකොට 1st year ඉවර වෙන්න කිට්ටුව. ගඟෙන් එහා පැත්තට අලුත් නැව් සැපත් වෙලා. මම උගෙන් ඇහුව අද drwaing දවසකුත් නෙවෙයි මොකෝ මේ clips කියල. ඌ කියනවා " බලපන් මචන්, දැන් cal එකෙන් ඇති වැඩක් නැහැ. ඒක science faculty එවුනුත් පාවිච්චි කරනවා. අපි ඉන්ජෝ කියල ඒකෙන් පෙන්නන්න බැහැ. නමුත් drawing තියෙන්නේ අපිට විතරනේ" කියල.
    මට මතකයි අපේ බුවාල ඒ දවස් වල library එකේ ලොකුවට engineering කියල ගහල තියෙන පොත් හොයනවා. LOLzzz .....

    ReplyDelete
  30. @ හිස් අහස,
    නුවර මල් ගැන (පේරාදෙණි මල් නෙවෙයි හරිය?) මටත් හොඳ මතකයන් තියෙනවා. මේකේ ඒවා ලිව්වොත් එකම ශෝකාලපයක් වෙලා කසු ගේ බ්ලොග් ඒක වහන්න වේවි. ඒ හින්ද නොකිය ඉන්නම්.
    අපේ batch ඒක 320 ක්. එකේ ගැණු ළමයි 39 යි. (අනුපාතය ආසන්නව 10%). සාමාන්‍යයෙන් ඉන්ජියෝ මල් ගණයට දාන්න අමාරුයි නේ. එන ඒවත් අනිවා reserve වෙලා. ඉතින් නිදහස් පරමාණුක තත්වයේ මල් හොයන්න අපේ බුවාලා ගඟෙන් එහා පැත්තේ charter වෙන එක එච්චර පුදුමයකුත් නෙවෙයි.

    ReplyDelete
  31. @ මැණික්,
    ගඟෙන් එහාපැත්තෙ මල් ලස්සන තමයි. ඒ වුනාට ඔයා දන්නවද අරුනාචලම්, ජයතිලක, හිල්ඩා, JP ඉන්න/හිටපු ඉන්ජෝ අනිවා ඔරලෝසු බඳින්නේ ඇයි කියල. බැරිවෙලාවත් ගඟෙන් එහාපැත්තෙ ගැණු ළමයෙකුගෙන් වෙලාව ඇහුවොත් ඇඹරිලා කකුලේ මාපට ඇඟිල්ලෙන් පොලොව හාරලා විනාඩි පහකට විතර පස්සේ කියනවා අම්මලාගෙන් අහලම කියන්නම් කියල. එකයි සිද්දිය. :P

    ReplyDelete
  32. @ kassa
    කස්සා
    හා! කොහොමද කාලෙකට පස්සේ!
    මට මේ ඔටුවාව අමතක වෙලයි තිබුනේ.

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.