Saturday 19 June 2010

හතර විලි ලැජ්ජාවයි!!!


එහෙම දෙයක් මට මුළු ජීවිතේටම වෙලා නෑ. ඇත්තටම පොලොව පලාගෙන යන්න හිතුණා.

කතන්දර කිය කිය කයිය ගහ ගහ පොර වගේ හිටියට මට එදා වුනේ ජෝන් මහත්තයටත් සයිස් දාපු අපේ සීය නැති වෙච්ච කෝට් එක හොයන්න ගිහින් අර විදුහල්පතිනිය ඉස්සරහ අසරණ වුණු එකටත් වැඩිය අන්ත වැඩක්.

මෙන්න මේකයි සිද්ධිය.

දැන් මාස කීපෙකට කලින් කොළඹ මැද හරියෙ එක්තරා ශාලාවක එක්තරා උස්සවයක් තිබුණ. එදා උදේ මං හිටියෙ මාතර අහ. ඒත් කොහොමින් කොහොමින් හරි ප්‍රමාදවෙලා වුනත් මාත් ආව උත්සවයට.

මගේ යාළුවෙකු ගේ අක්කයි, එයාගේ මහත්තයයිත් ඇවිත් හිටිය එතනට. මාස දෙක තුනකට පස්සෙයි එදා ඔය හම්බ වුනේ.

ඊට කලින් දවසෙ හම්බ වුනු වෙලේ මං එයාලට කියලයි තිබුණෙ මං කතන්දර කියල සිංහල බ්ලොග් එකක් ලියන බව.

මාව දැක්ක ගමන්ම අක්කණ්ඩි කියාපි මෙන්න මෙහෙම.

"අද කතන්දර මල්ලිත් මෙතනට එයි කියල හිතුන නිසා මං හොඳට හොයල බලල, අයියගෙනුත් අහල තමයි මේ බ්ලවුස් එක ඇඳන් ආවේ!"

මට එක පාරට මේ කතාව තේරුණේ නෑ. හරියට අර මං ඊයෙ දාපු කතන්දරේ පවුලයි රුවුලයි අතර සම්බන්ධය සමහරුන්ට නොතේරුණා වගේ.

මගේ මුහුණේ ප්‍රශ්ණාර්ථය අක්කට පේන්න ඇති.

"ඇයි මලේ මං බැළුවනේ ඔයාගේ අර කතන්දර බ්ලොග් එක. අර ඓශ්චර්යා රායි ගේ ෆොටෝ එක දාල තියෙන කතන්දරේ තමයි මං කැමතිම එක" අක්ක කියපි.

එතකොටයි මට වැඩේ මීටර් වුනේ. මේ කියන්නේ මං ලියපු "ලෝ කට් බ්ලවුස් - පෙන්නීම සහ හැංගීම" කියන කතන්දරේ ගැනයි!

එතන පොලොව හොඳ කොන්ක්‍රීට්. නැත්තං මං තුමා කෙලින්ම ඒක පලාගෙන යනවා, යනවාමයි.

මුලින්ම කිව්වා වගේ මගේ ජීවිතේටම එහෙම ලැජ්ජාවක් වෙලා නෑ.

කතන්දරකාරයා

21 comments:

  1. අපේ කසූත් දැන් කොටුවේ හාමුදුරුවෝ වගේ වෙලානේ. කසූගේ කතාවලට මාට්ටු වෙන්න වෙයි කියලා කට්ටිය පණ බයේ ඉන්නේ.

    ඔහොම යන්. කසූගේ වැඩවලින් මේ රට හදන්නත් පුලුවන් වගේ. අපරාදේ ඡන්දේ ඉල්ලන්න තිබ්බේ :)

    ReplyDelete
  2. ඔන්න දැක්කද කතාන්දරේ තරම. මට හිත ගත්තැහැකි අර මනුස්සය හොඳට හොයලා බලලම බ්ලවුස් එක ඇඳන් ආවේ ඇයි කියලා. නැත්තම් ඉතින් ඊලඟ දවසෙදි කතාන්දරේ වෙන්නේ ඒකනෙ....

    හා හහ් හා...ඔහොම යන් ඔහොම යන්....

    ReplyDelete
  3. @හසිත
    ඒ වීඩියෝව ගැන මං ලිව්වානේ බ්ලවුස් කතන්දරේ. උඩින් ඒසී, යටින් ඒසී. ඩවල් ඒසී!!!

    @දිල්
    හපෝ එක කතාව දෙපාරක් කියන්නෙ නෑ. එහෙම ගියොත් මේ කතා ගොඩ කවද ඉවර කරන්නද?

    ReplyDelete
  4. හික්ස්...බලන්න්කෝ ඉතින් කකා අයියගේ කතා හින්දා දැනටම මිනිස්සු හැදිලා!!

    ReplyDelete
  5. Hari Hari.... Matara Awith gihin neda ah.....
    Hathara wili lejjawa kiyanne owata da ane... Matara Apu welawe kiwanam Apith anawa newa Mudawapu Mi kiri ( ara School Teacher ta Dunna awa newei) Saha Honda Kithul peni Bothalayak ahema aran...
    Aya anawa nam Kiwoth Hodai...

    ReplyDelete
  6. හිකිස්..අනික් දවසෙ කොහෙ හරි යනකොට බුරුමයක් අරන් යන්න.. ;-)

    ReplyDelete
  7. අක්ක බයවෙන්න ඇති එයාව කතන්දරයක්වෙයි කියල......

    ReplyDelete
  8. රට හැදු කතන්දර.....

    කතන්දරයක් අහල හරි කයිකතන්දරය නොවී ලන්කවේ මිනිස්සු හැදෙනවානම් හොදයි නේද කසු......

    ReplyDelete
  9. @ All
    සියළුම ප්‍රතිචාරවලට ස්තුතියි. අක්ක බලයිනෙ මේ පෝස්ට් එකත්. බලමු, බලමු.

    @වත්ඃ
    මී කිරි රහ දන්නෝ දනිති. මං ලියූ මී කිරි කතන්දරේ මතකයි නේද?

    ReplyDelete
  10. මේක ෂේප් වෙන්න ලියාපු එකක් වගෙ! නැත්තං කියාපු දේ වැරැද්දකුත් නෑ, ලියාපු දේ වැරැද්දකුත් නෑ නෙ.

    ReplyDelete
  11. අක්කා බය උනේ අක්කා ගැන කතන්දරයක් ලියයි කියලද.......... එහෙම නැත්තම්
    කොල්ලෝන්ගේ හැටි (නරකයි කියනවා නෙවෙයි - හැබෑ ස්වබාවය එකේ වැරැද්දක් නෑ)අපේ රටේ ගොඩක් කෙල්ලො දන්නේ නෑ
    එහෙම දැන ගන්න ලැබෙන්නේ මේ වගේ කතන්දරයකින්ම තමයි

    ReplyDelete
  12. හික් හික් කතන්දරට තවත් කතන්දරයක් වෙයි කියල අක්ක බය වෙන්න ඇති

    ReplyDelete
  13. කතන්දරට ජය වේවා!!!!
    රට හදන කතන්දර බළකාය............

    ReplyDelete
  14. හිකි හිකි හිකි අක්ක බයවෙලා කසූගෙ කතාවකට මාට්ටුවෙයි කීල හිකි හිකි හිකි. ලොලේ ලොල් දැන් අක්කත් මේක කියවල උඩ පැනපැන හිනවෙනව ඇති....... හික්ස්........

    ReplyDelete
  15. මෙන්න මේ නිසාම කසූ මමත් මගෙ ලග තියෙන කතා වලින් 75%ක් නොදා ඉන්න තීරණය කරල තියෙන්නෙ...... නැත්නම් ඉතින් රෙදි බිමනෙ...

    මොකක් උනත් අක්ක හොදට ඇදලත් කතන්දරයක් හැදුන... ඒත් හොරෙන් බලන්න තිබ්බ ඒවත් කතන්දර නිසා අහිමි වෙන එක වෙන්න ඇති කසූට දැන් තියෙන ලොකුම ප්‍රශ්නෙ,.... හික්ස්

    ReplyDelete
  16. //ඒත් හොරෙන් බලන්න තිබ්බ ඒවත් කතන්දර නිසා අහිමි වෙන එක වෙන්න ඇති කසූට දැන් තියෙන ලොකුම ප්‍රශ්නෙ,.... හික්ස් //
    :P

    ReplyDelete
  17. අහලා නැද්ද කතන්දරයො,,, කියන දෙවල් අර ඇතුන් ලවාවත් අයේ ගන්න බැ කියල,, එහෙහනම් ඉතින් ලියන එවා,, කා,, ලවාවා,,, ගොඩ ගන්නද,,,
    කොහොම උනත්,, කරන්න හොදනම්,, කියන්න, ලියන්න,, නරක් වෙන්නේ කොමද,,ඇති දේ ඇති සැටියෙන් නෙව..

    ReplyDelete
  18. ඉතින් ඔය වෙලාවට පොලොව පලාගෙන යන්න එපා , ටිකක් ලොක්කා වගේ ඉඳලා පොඩි ඇඩ් එකක් දාන්න තිබ්බනේ !!!!:P

    ReplyDelete
  19. හෙහෙහෙහෙ, කතන්දරටත් වෙන වැඩ..

    ReplyDelete
  20. Ayyoo.... kathandara malayaa ochcharama lejja kaarayek kiyala danne denui mama. kavuda liyala thiyenawa wage mata hondatama hinaa giyaa mae post eka dekala. Aishcharya ge pinthureta wadaa rahai kathaawa... thawa liyanna... lejja wenna epaa... kathandara wala hati ehemane ithin.. naeda??? :))))

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.