Sunday 6 December 2009

ලෝ කට් බ්ලවුස් - පෙන්නීම සහ හැංගීම


ඇත්තම කියන්නම්. මේ කතන්දරේ ලියන්න ඕනැයි කියල හිතුන වෙලේ ඉඳලම මගේ හිතේ වැඩ කළේ කතන්දරේ ලියන්න ඕනැ කොහොමද කියන එකට වැඩිය, මේ කතන්දර පෝස්ට් එකට දාන පින්තූරය මොකක්ද කියන එකයි.

හිකිස්!

අන්තර්ජාලයෙ නං මේකට අවශ්‍ය පින්තූර ඕනැ පදං තියෙනව. ඒත් ඉතිං බහු ජන හිතාය බහු ජන සුඛාය කියල හිතල ඔන්න ඔය ඓශ්චර්යා ළමයගෙ ෆොටෝ එක තෝරා ගත්ත.

දැං අද කතන්දරේ ට යමුකෝ.

පහුගිය දවස්වල වී.සී.ඩී. බණක් ආව මතකයි නේද අර ජොලි කතා කියන හාමුදුරුකෙනෙකු ගේ? මං දැක්ක යූ ටියුබ් එකෙත් තියෙනවා.

ඒකෙ තිබුණ එක සොමිම සොමි කෑල්ලක් තමා අර කෙල්ලො අඳින ඇඳුම් ගැන තියෙන උඩත් ඒ.සී. යටත් ඒ.සී. සායෙ දෙපැත්තෙන්ම පලල එතන ඩබල් ඒ.සී. කියන එක.

ඇත්තම කියමු තමන්ට කැමති ඇඳුම අඳින්න තමන්ට අයිතියක් තියෙන්න ඕනැ. මයි කාර්, මයි පැට්‍රොල්.

අපි කාගෙ කාගෙත් අකමැත්තක් නෑ, ඕනැ කෙල්ලෙක් ඕනැ ඇඳුමක් ඇඳන් ඕනැ තැනක ගියාට. හැබැයි, ඒ අපේ නංගි හරි, දුව හරි නං, ඒක වෙනනම විසඳගන්න ඕනැ කාරණාවක්.

ප්‍රශ්ණෙ මේකයි. අපි හිතමු කෙල්ලෙක් ලෝ කට් බ්ලවුස් එකක් ඇඳන් යනව කියල තමන්ට ඕනැ විදියට. මේ තැනැත්ති හොඳට පුද්ගලික වත්කම් තියෙන කෙනෙක් නම්, ඔන්න උඩින් බලන කොට ළය මඩලේ සුන්දර දැක්මක් ලැබෙන එක වලක්වන්න බෑ. මූණ දිහා කෙලින් බලාගෙන කතාකරන කොට වුනත් අපේ ඇස් දෙක ක්‍ෂණයකට වත් ඒ පැත්තට දුවන එක වලක්වගන්න පුදුමාකාර වෙහෙසක් වෙන්න ඕනැ.

නමුත් ඇයි ඒ වගේ අහක බලන්න මහන්සි වෙන්නෙ? වත්කම් හෙලිවෙන බව නොදැනයැ ඇඳන් යන්නෙ?

ඉතිං අද කතන්දරේ මේකයි.

ඔන්න ටික දවසකට ඉස්සර තිබුණ පොඩි සාදයක්. එකම ෆීල්ඩ් එකේ වැඩ කරන අය එකට එකතු වෙන. අපි එක්ක එකට ඉගෙන ගත්තු ගොඩ දෙනෙකුත් එතැනට එන බව දන්න නිසා ඔන්න මාත් ගියා.

ආප්ප පිච්චෙන කං කෝක් එකක් බීබී හිටපු මං දැක්ක, අපිත් එක්ක එක කාලෙ ඉගෙන ගත්තු ගීතිකා යි, ශමීන්ද්‍රාණි යි කතා කර කර ඉන්නව. හුඟ කාලෙකින් නෙ මේ දෙන්නව දැක්කෙ. මාත් එතනට ගියා හලෝ කියන්න.

ඉතිං අපි විනාඩි කිහිපයක් ආගිය තොරතුරු කතා කර කර හිටිය. ශමීන්ද්‍රාණි ඇඳල හිටියෙ කළු පාට සිල්ක් බ්ලවුස් එකක් පපුවෙ මැද හරියට විතර වෙනකං පලපු. මේ වගෙ ඇඳුමක් ඇඳන් ඉන්න කෙනෙකුගෙන් සාමාන්‍යයෙන් ලැබෙන දර්ශනය එතන තිබුන මං දැක්ක.

සමහර විට මං ඒ බව තුන් හතර පාරක් විතර දකින්න ඇති!

වෙනත් වචන වලින් කියනව නං, මං උවමනාවෙන් ඒ දිහා බැළුවෙ නෑ. අනිමිසලෝචනයක් දැම්මෙත් නෑ. ඒ එක්කම, මගෙ ඉදිරියෙ තියෙන දර්ශනයෙන් මගෙ ඇස් වෑයමකින් අයින් කරගන්නත් මං අමුතු මහන්සියක් ගත්තෙ නෑ.

විනාඩියක් දෙකක් යනකොට මෙන්න බොලේ ශමීන්ද්‍රාණි හිමිහිට අර සුන්දර දර්ශනය තමන්ගෙ අතින් කවර් කළා! එක අතකින් එයාගෙ මාලෙ අල්ලමින් කතා කරන්න පටන් ගත්ත.

ඒකෙ අවුලක් මට ආවෙ නෑ.

ඊලඟට උනේ මෙන්න මේකයි. ශමීන්ද්‍රාණි අතින් තමන්ගෙ ක්ලිවේජ් එක වහගන්න හැටි දැකපු ඒ ලඟින් හිටිය ගීතිකා එක පාරටම කලබල වෙලා අතින් එයා ඇඳන් හිටපු බ්ලවුස් එකේ කොලර් එක වහ ගත්ත.

මට ඇතිවුනේ ලැජ්ජාවටත් වැඩිය කේන්තියක්.

හේතුව මේකයි. ගීතිකා ඇඳල හිටියෙ බෙල්ල ලඟටම උඩටම බොත්තං දාපු බ්ලවුස් එකක්. ඒ කොහොම උනත්, සමාවෙන්න මෙහෙම කියනවට, ඒ පලාතෙ ඇස් යන විදියෙ කිසිම දෙයක් තිබුනෙත් නෑ.

ඇත්තම කියනව නං සමහර විට ගීතිකා කවදාවත් ලෝ කට් බ්ලවුස් අඳින කෙනෙකුත් නොවෙන්න හේතුව ඒකයි මං හිතන්නෙ.

මට හිතෙන විදියට පස් පව් කියන ඒව පව් වෙන්නෙ, අපි ඒව කළාම වෙනත් අයට ඒකෙන් අයහපතක් වෙන නිසයි. පර පණ නැසීම, හොරකම, කාමයේ වරදවා හැසිරීම, බොරු කීම කියන පව් හතර ඉතා පැහැදිලියි. මත් පැන් බීම වුනත් බීල සිත විකල් වෙලා අනුන්ට කරදරයක් වෙන දෙයක් නෙ. ඒකයි පව. (හැබැයි රෑට රෑට පොඩි ෂොට් එකක් දාලා නිදාගන්න එකෙන් නං වැඩි පවක් නෑ වගේ. රෑට වයින් බීපු ජේ.ආර් කාරය මේ ආත්මෙන් ම නිවන් යන්න සෙට් වුනේ ඒ හින්දනෙ.)

ඉතිං මගේ තර්කය මේකයි. තමුන් කරන දෙයකින් අනුන්ට කරදරයක් වෙනව නං ඒක පාප ක්‍රියාවක්.

අර සොමි බණ හාමුදුරුවෝ කිව්ව වගේ ඩබල් ඒ.සී. දාල යන යන එන කොට අහල පහල ඉන්න සීලාචාර කොල්ලන් ට වැර වෑයමෙන් තමන් ගෙ ඇස් හසුරුවන්න කරදර වෙන්න වෙන එකත් මේ ආකාරයට වර්ග කරන්න බැරිද?

කතන්දර කාරයා
- අපි දෙසැම්බර් 19 සිහල බ්ලොග් කරුවන් ගේ සංගමයේ සාදයේ දී හමුවෙමු.

62 comments:

  1. හික් හික් හික්...

    ReplyDelete
  2. ... මමත් ඔය බණ කියන උන්නාන්සෙ ගැන හිතුවෙනම් කිසිම සීලයක් නැති සිත පාලනය කර ගන්න බැරි කෙනෙක් විදිහට තමයි. මොකද සමහර පිරිමි ළමයි ට වඩා ඒ වුන්නාන්සෙගෙ හිත වල් වැදිලා වගේ. ඉස්සර කාලේ ගැහැණු උදවිය හිටියයි කියන විදිහ දන්නේ නැතිව ඇති.ප්‍රමාණයකට ලස්සන වෙනඑක වරදක් නෙමෙයි. අනික ගැලපෙන විදිහට

    ReplyDelete
  3. මෙදා පොටේ නම් කතාව සුපිරියි...

    ReplyDelete
  4. කතාවනම් සහතික ඇත්ත. මටත් ඔය ප්‍රශ්නය කාලයක් තිස්සේ හිතේ තිබ්බා. ඒ වුනාට කියන්ට සුදුසු තැනක් හා අවස්ථාවක් තිබ්බ නැතිනිසා කියන්න බැරිවුනා.
    පාරෙ යනකොට අහක බලාගෙන/ඇස්වහගෙන ගිහින් වාහන වලට හැප්පෙන්න තමයි වෙන්නේ

    -කොල්ලෙක්-

    ReplyDelete
  5. මට නම් හිතෙන්නේ, අපේ රටේ කාන්තාවෝ හිතන පතන විදියේ දෝසයකුයි තියෙන්නේ.. එයාලා ඒ විදියට ඔක්කොම පේන්න ඇන්දා වගේම, උඹ කට ඇරන් ඒක දිහා බලාගෙන ඉන්න කොට, 'ඇයි මොකද?' කියලා කෙලින් අහන්න තරම් පුළුවන් කමක් උන්ට තියෙන්න ඕනේ.. උන් කරන්නේ එක්කෝ ඒක වහ ගන්න උත්සාහ කරනවා, එහෙමත් නැත්නම් කකුලෙන් පොලව හාර හාර ඇඹරෙනවා..

    මෙහේ එවුන්(ගෑනු) ඒකනිසා ආතල් එකේ තමුන් කැමති විදියට ඇඳන්, තමුන් කැමති විදියට ඉන්නවා..

    ReplyDelete
  6. පට්ට කතාව. ඒත් අපේ සිල් ඇත්තන්ට නම් ඕවා දිරවන්නේ නෑ.

    ReplyDelete
  7. කොහොම උනත්, සමාවෙන්න මෙහෙම කියනවට, ඒ පලාතෙ ඇස් යන විදියෙ කිසිම දෙයක් තිබුනෙත් නෑ.

    පව්. ඒ ළමයා
    මුහුදේ මාළු ඔනවට වඩා ලොකු වෙන හේතුව දන්නවද? ඔකට හේතුවත් ඒකම තමා.

    ReplyDelete
  8. අනුන්ට විතරක් නෙමෙයි. තමන්ට අයහපතක් වෙන දේත් පව් තමා.

    රෑට ෂොට් එකක් දාල නිදාගන්නකොට ඔයාගෙ අක්මාවට යහපතක්ද වෙන්නෙ ?

    ReplyDelete
  9. මෙතන තියන වැදගත්ම දේ තමයි -පෙන්නීම හැංගීම ක්‍රමවේදය -.කොල්ලො හොල්මං වෙන්නෙ පෙන්නගෙන ඉඳල හංගනකොටනේ. එයාලට නැතිවුණාට අපිට ලැජ්ජාව තියනවනේ! පවු කියලත් හිතෙනව.

    ReplyDelete
  10. උඹ ඔය කියන කථාවෙත් ඇත්තක් තියෙනවා. කොල්ලන්ටම වැරදි කියන්න බෑනේ. කොච්චර සීලවන්ත කොල්ලෙක්ට වුනත් දෙයක් පෙනනවනම් ඒක වලක්වන්න බෑ. සීලවන්තකම් බි‍ඳෙන එකත් අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. බටහිර සංස්කෘතිය අපේ රටට ඕනවාට වඩා තිබුනාම තමයි මේ ප්‍රශ්නේ.

    ReplyDelete
  11. ඔය කොච්චර වහගන්න ට්‍රයි කළත් ඒ ගොල්ලොත් වැඩි දෙනෙක් කැමතියි කොල්ලො අමාරුවෙන් හරි බලනවට හික්

    ReplyDelete
    Replies
    1. ඒක නං ඇත්තම ඇත්ත,
      එක පාර ඔක්කොම එලියෙ දාගෙන හිටියනං ඔච්චර අමරුවක් නෑ දකින එවුන්ට. ඒත් යන්තමට පෙන්නනකොට තමයි කුතුහලය මෝදු වෙන්නේ. ඕක ඇඳුම් වලට විතරක් නෙවෙයි ඕනෑම දේකට වලංගු සිද්ධාන්තයක්.
      මාකටිං අඩ්වටයිසිං කරන අයත් ඒකනෙ මුලිං ලාවට පෙන්නලා කුතුහලය ඇතිකරවන්නේ.
      ඒ අතිං බලද්දි, කෙල්ලංගේ මේ ඇඳුම් මෝස්තරත්, කෙල්ලො තමංවම මාකට් කරගන්න දාන උපායක් වගේ.

      Delete
  12. ඔය වගේම scene එකක් වෙච්ච යාලුවෙක් ගැන මම දන්නවා. මිනිහගේ office එකෙත් ඉන්නවා ටිකක් ඇහැට කණට පේන ‍ගෑණු ළමයෙක්. මෙයා office එකට අඳින්නේ නම් saree එක බවයි කියන්නේ. හැබැයි hip එකේ පුලුවන් තරම් පහළට වෙන්න තමයි අඳින්නේ. ඒ වගේම blouse එකත් නිකම් bikini top එකක් වගේ එකක්ලු අඳින්නේ. හැබැයි කවුරු හරි කොල්ලෙක් එයා ඉන්න හරියට ආවොත් එයා සාරි පො‍ටෙන් ඉණ වහ ගන්නවලු. Belly button එක පේන එක වළක්ව ගන්න. හැබැයි ඒක කරන්නේ ටිකක් young අය ඉස්සරහ විතරයිලු. Director ඉස්සරහ නම් එහෙම කරන්නෙ නැතිලු. (වයසක මනුස්සයානේ, ඒ නිසා ඉණ දිහා බලන්නේ නැතිව ඇති.)

    ReplyDelete
  13. මේකෙ ප්‍රශ‍්නෙ තියෙන්නෙ මේ හංගල බාගෙට පෙන්නන එකේ, මට නම් තේරෙන හැටියට. සමිප්‍රදාය හැටියට ගෑණු උදවිය පපුව සම්පූර්ණයෙන්ම නිරාවරණය කරගෙන හිටපු කාලෙ ඕක හරියට අද කාලෙ මූහුණ නිරාවරණය කරගෙන ඉන්නව වගේ සාමාන්‍ය දෙයක් වෙන්න ඈති.(සීගිරි සිතුවම්වල, දඹුල්ල පන්සලේ සමහර රූපරා#12;ුවල, එතකොට Robert Knox ලොක්කගෙ පොතේ සමහර රූපවල පෙනෙන විදිහට විවිධ කාල පරාසවල එහෙම සමිප්‍රදායක් තිබිල තියෙනවනෙ.)

    නමුත් අද අපේ සමාජයෙ තියෙන සම්මතය අනුව ගෑණු උදවියගෙ මුහුණ පෙන්නීම අනුමත දෙයක් උනාට පපුව පෙන්නීම එහෙම නෙමෙයිනෙ. මේක යටත් විජිත කාලෙන් එන වික්ටෝරියානු ආභාශය වෙන්න ඇති. බ්‍රිතාන්‍ය වෙනුවට අරාබි ආභාශයට අපි ලක් උනා නම් බවලත් අය මුහුණත් ආවරණය කිරීම අද මේ රටේ පිළිවෙත වෙන්න තිබුණ. (16 වන සියවසේ පෘතුගීසීන් ලංකාව ආක්‍රමණය නොකළා නම් අපි ඒකාලෙ ව්‍යාප්ත වෙමින් තිබුණ අරාබි බලපෑමට ඍජුවම ලක්වෙන්නත් ගොඩක් ඉඩ තිබුණනෙ.)

    කොහොම නමුත් මම ‍මේ කියන්නෙ දැන් තත්වෙ වෙන තත්වෙකට වඩා හොඳයි කියලවත්, ඒකෙ අනිත් පැත්තවත් නෙමෙයි. (ගෑණු උදවිය කොහොම හිත#05;වද දන්නෙ නෑ.) හැබැයි ඉතිං සම්ප්‍රදායට සම්පූර්ණෙන්ම පිටුපාන්නත් අමාරුයි, නේද? පිරිමි අපිත් සාමාන්‍යයෙන් shirt එකක් නොඇඳ එලියට බහින්නෙ නෑනෙ අද කාලෙ අපේ පරණ අය කලා වෙගේ.

    ReplyDelete
  14. මුලු වත්කම පෙන්වීම සපුරා තහනම්

    ReplyDelete
  15. මලේ, ඒ වහගන්නේ අහිතකින් නෙවෙයී. ඒ වසා ගැනීමත් පෙන්වීමේම , අවදානය ලබා ගැනීමේ, තරගයට කැදවීමේම කොටසක්.

    ReplyDelete
  16. ඒකත් අර 64 ටම එකතුවෙන එකක් නේද

    ReplyDelete
  17. මමත් සෑම්ගෙ කතාවට එකඟයි එතන තියෙන්න ඇත්තෙ ආකර්ශනය කර ගැනීමේ අවශ්‍යතාවය වෙන්න පුළුවන් එල එල..

    ReplyDelete
  18. අයියෝ . . මේක (මේ ලිපිය) මට මිස් වුනේ කොහොමද . .. පස්සේ වෙලාවක හිතෙන දේ කියනන්ම් . ..

    ReplyDelete
  19. @All
    Thanks for all your comments.

    @Malee
    වෙනද දිග කමෙන්ට්ස් දාන මලී අද වචන දෙකයි නේද?
    ගුටි නොකා මං බේරුණා ඇති!

    ReplyDelete
  20. @Dukaa
    දුකෝ, ලියපං බං කතන්දරයක් ම. උඹටත් ඇතිනේ හොඳ හොඳ අත්දැකීම් මේ වර්ගයේ.

    ReplyDelete
  21. @Wath
    ඒ උන්නාන්සෙ ගැන නං වෙනම කතන්දරයක් ලියන්න ඕනැ.

    ReplyDelete
  22. @ මාරයාගේ හෝරාව
    සොරි වෙන්න ඕනැ. තේරුනේ නෑ ආයුබෝං!

    ReplyDelete
  23. @තර්ඩ් මැන්

    මයි පීකුදු මයි අරක්කු සනා!

    ReplyDelete
  24. @සියළු දෙනාටමඃ

    උඹල ඔක්කොටම රිප්ලයි කරන්න කල් මදි දැං.
    දුටුගැමුණු ඊලඟ කොටස ලියන්න තියෙනව.

    කමෙන්ට්ස් වලට පිං.

    ReplyDelete
  25. Pissage kathawama thama matath kiyanna thiyenne.
    Konda pana athiwa ahanna puluwan wenna one monaawada balanne kiyala :D
    (Ahuwanam kathandara shuuri thuma monawa kiyaida danneth ne ithin ) ;)

    Anika me samahara genu hithan inne kollo kiyanne un dihaa balana eka arenna wena wedak nethi jaathiyak kiyala.. Godak ohoma hithana unge balanna deyakuth ne.

    ReplyDelete
  26. මතකද එක කාලයක් කමල් අද්දර ආරච්චිට විරුද්ධව නඩුවක් තිබුනා. කෙල්ලෙක් එයාව හොයාගෙන එහාගේ ගෙදර ගිහින්. පස්සේ මේ කෙල්ල නඩුවක් දැම්මා කමල් එයාව දූෂනය කලා එයාට ලක්ශ පහක් ඩෙන්න කියලා. මම ඒ කාලේ හෙන මලෙන් හිටියේ ඇයි ඔහු මගේ ප්‍රියතම නළුවෙක්.

    අපේ නංගීත් කාලයක් ඔය උඹ කිව්ව වගේ ලෝ කට් අන්ඩ් ඩබල් ඒ සී වර්ගයේ ඒවා ඇන්දා. මම හෙන කොක්ක ඒවාට.

    මම මගේ ප්‍රියතම නළුවට වුනු අසාධාරනේට විරුද්ධව කෑ ගහන්න අවස්තාවක් කර ගත්තේ මේ මගේ ලෝ කට් වලට හා ඩබල් ඈ සී වලට ඇති අකමැත්ත. (මගේ නංගී අඳිනවාට ඇති අකමැත්ත හික්ස්) මම රන්ඩු කරන්නේම උඹලා ඕවා ඇඳගෙන පාරේ ගිහින් අහිංසක කොල්ලන්ගේ හිත් අඥ්ඥකොරොස් කරනවා. පස්සේ කොල්ලෝ මොනා හරි කලොත් "මෙන්න මාව දූෂනය කලෝ . . මට ලක්ශ පහක් දියෝ" කියලා කෑ ගහනවා කියල.

    ReplyDelete
  27. @දුකා,

    ඒකනේ මං කිව්වෙ, ඕනැ කෙනෙක් ඕනැ ඇඳුමක් ඇඳන් ගියාට අපිට ප්‍රශ්ණයක් නෑ, ඒත් ඒ අපේ නංගී හරි දුව හරි නං ඒක වෙනමම විසඳා ගන්න ඕනැ දෙයක් කියලා.

    ReplyDelete
  28. 31st night, මම ගියා galleface hotel event 1ට. ආසාවට හිටියේ නෑනේ දණහිසෙන් පල්ලෙහාට ඇඳලා හිටිය ගෑණු දරුවෙක්...

    ReplyDelete
  29. සිරාම කතාව.... ඔකට මමත් මූන දීල නැතුවම නෙවෙයි.
    එතකොට මෙතන පවු කරගෙන තියෙනනෙ මෙ කෙල්ලො. උන් පෙන්නගෙන ඉන්න කොට කොල්ලො අපි එපැයි කරදර විදගෙන නොබල ඉන්න තරන් සීලාචාර වෙන්න ඔනෙ. එහෙම නොවී පෙන්නන දෙ බලුවම වැරදි අපිද?

    ReplyDelete
  30. උපරිමයි!
    මම නම් මල් පාත්තියක්ම දාගෙන හිටියත් කියන්න මැලි වෙන්නෙ නෑ... ඔය වගේ වෙලාවක ඇත්තටම හිතට එන අදහස්. :)

    ReplyDelete
  31. සිම්පල්නෙ... තිබුනෙ

    * එතනින් අහකට යෑම
    * එදෙසම බලා සිටිම
    * හාස්යමය ලෙස ඒ දෙය ඇයට පෙන්වා දීම

    මම නම් ඔහොම ඇදගෙන යනවා නම් ඇඹරෙන්නෙ නෑ...
    ආත්ම විස්වාසයක් තියෙන්න ඕන තමන් කරන කියන දේ ගැන...

    ReplyDelete
  32. අපි නම් ඔවට කිව්වෙ පිං කැට කියලයි. ඒක ඇතුලෙ කොච්ච්රක් සල්ලි දාන්න පුලුවන්ද කියල මිනුමකුත් තිබ්බා. :) ඒකෙ තේරුම් ගොඩක් තියෙනවා.
    @මධු වීරකෝන්: ආත්ම විශ්වාසය තියෙන්න ඕන ඇඳුම අඩු කරන එකේ නෙවෙයි නගෝ! එහෙමනම් ඉතිං ආත්ම විශ්වාසය වැඩි ගැහැණු ලමයි ඇඳුම් නැතුව පාරෙ යයි. :)

    ReplyDelete
  33. @ S. ෂගීවන්
    මම කියපු දේ වැරදියට වටහගෙන...
    මම අදහස් කලේ ගැහැනු ඒ විදිහට අදිනවා නම්... ඒදෙස බලන පිරිමින් ගෙන එය වසා ගැනීමට තැත් කිරීම ආත්ම විස්වාසයක් නැති අය කරන දෙයක් බවයි...

    ReplyDelete
  34. මං හිතවේ මේ කතාව 2009 දෙසැම්බරයෙන් ඉවර වුනා කියලයි. බලාඝෙන යනකොට මේක සදාකාලික ප්‍රශ්ණයක්.

    මං එකඟයි මධූ ගේ කතාවට. ඒත් එක්ඛම, බලනවා නෙඟෙයි බැලෙනවා නේ. මේකෙන් ගැලවෙන්න නම් සන් ග්ලාසස් දාන්න ඕනෑ!!!

    ReplyDelete
  35. @මඩු: ok. ඔන්න මම පිලිගත්ත ඔයාගෙ කතාව. එහෙත් මගෙ අදහස නම් ගැහැණු ලමයෙක් තමන්ගෙ ලස්සන පෙන්නන්න ඔනෙ තමන්ගෙ මුහුණෙන් මිසක් වෙන තැන්වලින් නෙවෙයි කියන එක.

    @කතන්දර අය්යා: ම්ං එකඟයි ඔයත් එක්ක.

    ReplyDelete
  36. බොහොමයක් ඇදුම් සාප්පු වල තියෙන,පිටරට ගැහැණුන්ගෙ size1ට මභපු,(rejected නිසා අපිට ගන්න ඉඩ ලැබුන) ඇදුම් වලින්, වත්කම් තිබුනත් නැතත්,පෙන්නාගැනීමේ අව‍ශ්‍යතාවයක් තිබ්බත් නැතත් ,ඇන්දම -'පේනවා'.ඉතින් සරලම ප්‍රතිකර්මය (ඕනෙ පාටකට හරියන නිසා) කලු skinny1k යටින් ඇඳීම බව දින කිහිපයක අත්දැකීමෙන් පසු තීරණය කලා!

    ReplyDelete
  37. @poppy: අන්න ටිකිරි මොලේ! :)

    ReplyDelete
  38. ඕක ඔය 64 මායම් වල කෑල්ලක් මන් හිතන්නෙ... ඔය වහගන්නෙ බොරුවට... එතකොට නිකන් අර දන්නෙ නෙද්ද... තව බලන්න හිතෙනවනෙ... නැත්තම් මන් අහන්නෙ අහවල් එකටද අරගෙන යන්නෙ...

    අන්ජන : හික් හික්.. අපරාදෙ නෙ මචන්.

    ReplyDelete
  39. i think here we all make a fun but there is something beyond that to analyse . this is about conflict of interests related to moral values,civilization & individual rights . And i found people make simeple fun out of women's fasions . If any of you need a better reading pls check John Burjer"s ( i hope spelling is correct here )"Naked and Nudity"

    ReplyDelete
  40. @ කතන්ද‍ර ලොක්කා...
    මචන්.. සන් ග්ලාසස් දාන එක සිරා ජිල්මාට් එක.. බලනවද නැද්ද කියල ලොවෙත් හොයන්න බැ.. ෆුල් සීන‍රියම ඇස් පොජ්ජට ..

    ReplyDelete
  41. හෙ හෙ හෙ හේ....එලකිරි

    ReplyDelete
  42. @පිස්සා : ඇත්ත ඔය ඩිසයින් හොයා ගත්තු රට වල ඇයො නං එහෙම අහයි ඇයි කියල..එතකොට අපිට පුලුවන් අචාරශීලිව ලස්සනයි කියල කියන්න.එතකොට ඒ ඇයො නං ඒක බොහොම ස්තුතියි කියල භාර ගනී. ඒක එතනින් ඉවරයි,,

    ඒත් අපේ රටේ ලමයෙක් ඇයි කියල ඇහුවම අපි ඔය උත්තරෙ දුන්නොත් කී දෙනෙක් ඒක එහෙම භාර ගනීද අපිව වනචරය කියල තැන් තැන් වල හං වඩු නොගහ.

    මං නං කියන්නේ ඒ වගේ උත්තරයක් භාර ගන්න තරං පැහැදිලි චින්තනයක් නැත්තං වඩා හොද ඕව නොඇද ඉන්න එක

    ReplyDelete
  43. oyage kathawanam sahathika eththa.

    ReplyDelete
  44. එකගයි.... මටත් ඔය සෙතේම කිහිප වරක් වී ඇත.

    ReplyDelete
  45. ඒ පලාතෙ ඇස් යන විදියෙ කිසිම දෙයක් තිබුනෙත් නෑ.
    kohomada eekaa;;;; maxxxaaa

    ReplyDelete
  46. ඇත්තටම කතා කරන්න ඔනෙ දෙයක් ගැන කියවිලා..girl කෙනෙක් විදියට මන් නම් කියන්නෙ අපි දැනගන්න ඕනෙ හරියට ඉන්න.බටහිරකරණයට ලක් වෙන්න ගිහින් තමන්ගෙ ආත්ම ගරුත්වය නැති කරගන්න ඔනෙ නැහැනෙ..මේ ලංකාව මිස ඇමරිකාව නෙමෙ.තැනට ගැලෙපෙන විදියට විලාසිතා කරන්න ඕනෙ..

    ReplyDelete
  47. මේකවත් බලලා තේරුම් ගත්තොත් හොඳා ...

    ReplyDelete
  48. සොමි බන හාමුදුරුවන්ගේ ලින්ක් එකක් නැද්ද???

    ReplyDelete
  49. රජතුමා27 October 2011 at 21:56

    ඇදුම් නැතිව හිටපු කාලේ ට්කෙන් ටික විලිවහගන්න ක්‍රමයන් හොයාගත්තා.දැන් කුතුහලය ඇරගන්න ටික ටික ඇදුම් උනනවා.ආයෙත් කාලයට විලිවහගන්න ට්‍රයි කරාවි.වැඩිය ගනන් ගන්න දෙයක් නෙමෙයි මල්ලි.ලෝකය කැරකෙයි කාලේ ගෙවී යයි.

    ReplyDelete
  50. තර්කය හරියටම හරි..... මුස්ලිම් නීතියත් පිලගන්න වෙනවා..... ඔලුවේ සිට දෙපතුල දක්වා වහගෙන යන්න කියල තියෙන්නේ කට දෙතොලවත් පෙන්වන්න නොදෙන්නේ ඒකයි මම හිතන්නේ.... තොල දැකල පිට පිරිමියෙකුට කාම ආසාව ඇති උනොත් අපායේ වෙන්නේ පෙන්වපු එකීට ...... මට තියෙන දුක 2009 දාපු මේ වගේ රසවත් ලිපි කියවන්න 2011 අවසන් බාගය වෙනතුරුම නොලැබිච්චි එකට.... දැන් ඉතින් දිගට එනවා කියවන්න.... මගෙත් අන්තිම කාලෙනේ

    ReplyDelete
  51. @ වැලි මැඩියා,

    බ්ලොග් ගැන මෙහෙම කියන්න පුළුවන්.

    නොව පැරණිය වන රමණිය විටින් විට....

    වසර 2009 දැම්මාට ඕනෑ දවසක කියවන්න පුළුවනි!

    ReplyDelete
  52. Puw kiyanne thamange kriyawen thawa kata hari waradak wunoth pamani. Mamath ehemi hithanne.

    ReplyDelete
  53. Eth ithin ra party walata sun glasses danna puluwanda?

    ReplyDelete
    Replies
    1. onna 2012dec walatath awa..
      ane manda ban..mageth eka gf kenek
      hitiya oya wgema...sampoorna pennannawa..
      passe ara miniha walaththaya kiyanawa...
      dawasak man banna kunuharapen awa kenthiyata
      maha pare heluwen yanna epa oi kiyala...

      Delete
  54. http://sulakkhana.blogspot.com/2010/12/blog-post_6794.html

    ReplyDelete
  55. me prashne digatama aragena yanna na mageth as yanne othantma thami kathandarayooo

    ReplyDelete
  56. හිකි හිකි.. කාට කියන්ටද? කොට සාටවල් ඇදන් යනවා,කොල්ලෙක් දැක්කම පාත් කරනවා. හරියට ඇන්දුවේ ඒ කොල්ල වගේ. බඩ පෙන්න සාරි අඳිනවා,කොල්ලෙක් දැක්කම සාරි පොටෙන් වහ වහ යනවා,හරියට ඇන්දුවේ ඌ වගේ.. කාට කියන්ටද මේවා?

    ReplyDelete
  57. අඳින්නේ පෙන්නන්න නම් බැළුවට වැරැද්දක් නෑනේ....

    ධනා

    ReplyDelete
  58. මචන් ඔය විහින් බඩු වෙන්න යන නංගිලාට ආදරෙන් කියන්න තියෙන්නෙ මෙච්චරයි.

    මගෙ නංගියේ, ඇත්ත, ඇදුමෙන් සීලාචාර කෙල්ලො හුගක් එක එකා එක්ක ලැග්ගත් සමහර ශොර්ට් අදින නංගිලා ක්‍රියාවෙන් යහපත්. මං පිරිමි පාසලක හිටපු එකෙක් විදිහට සහ සහෝදරයෝ ගොඩක් එක්ක සමාජයේ හිටපු එකෙක් විදිහට මං දන්නව ඔහොම ඇදපු කෙල්ලෙක් පාරෙ යද්දි කොල්ලො සෙට් එකක් හිටියොත් උන් උන් අතරෙම කියනවා අන්න බඩුවක්/මාර ගලක් යනවා කියල. හැබැයි මූනට උන් නන්ගිල හම්බුනොත් කියන්නෙ ශා ඔයා අද මාර ලස්සනයි කියලා. ඉතින් නංගිලා හිතන්න එප ඌ මර හොඩ කොල්ලෙක් (ලොකෙ අහින්සකම කොල්ලා අනික් යක්කු වල් යක්කු කියල.

    එකය් පෘතක්ජන ලෝක ස්වභාවය. එක රටේ වැරැද්දවත් සමාජයේ වැරැද්දවත් නෙමෙ.

    සමහර වැඩවලට (උස බංකුවක ඉදන් ඉන්න රැකියා) දිග ඇදුම් ලොකු ඇදුම් අදින්න අමාරුයි. එවෙලාවට කොල්ලෙක් වැරදියට හිතුවොත් නම් ඒක උගෙ වල්කම.

    ඔගොල්ලන්ට ගෙදරට ඔනි එකක් අදින්න. ඒකත් අවුලක් නැ. හබැයි පාරෙ ඇදන්ගිහින් කවුරු හරි ඒක දිහා බැලුවොත් ඌ ලෝකෙ ඉන්න වල් යකෙක් වගේ ඌට රවන එක හරිද කියල පෝඩ්ඩක් හිතල බලන්න.

    At the end keep in mind what way you want to market yourself to the world?

    ReplyDelete
  59. May I just say what a relief to find an individual who genuinely knows what
    they're discussing on the net. You certainly realize how to bring
    an issue to light and make it important. More people ought to look at this
    and understand this side of the story. I was surprised that you are not more popular because you definitely have the gift.

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.