Thursday 25 March 2010

ගායක ඒකෝන් එක්සත් ජනපද කල්‍යාණියන් අතහැර කලවානේ පන්සලේ ෂූටින් වලට එයි? - Akon leaves LA and comes to Sri Lanka to shoot his next DVD clip?

මං මීට ඉස්සර සිංහල තලිබාන් කෂ්ටිය ගැන කතන්දරයක් කියල තියෙනව. මතකනේ පන්සල් යන්න සරම අඳින්න ඕනැ කියන කතාව.

හැබැයි ඒ ගොල්ලො ලා-තලිබාන් ලා. දැන් දැන් තමයි නියම සිරා තලිබාන් පොරවල් ඉන්නේ.

මට මේ කතන්දරේ මතක් වුනේ අපේ උපැවිදි තරිඳු ළමයා දාපු පෝස්ට් එකක් කියවන කොටයි. හදිස්සියෙම පොඩි කොමෙන්ටුවක් දැම්මට පස්සෙ හිතුන විස්තරාත්මකව ලියන්න ඕනෑය කියල.

කලවාන කියන ගම් ප්‍රදේශය තියෙන්නෙ රත්නපුර දිස්ත්‍රික්කයේ. රත්නපුරේ ඉඳල හැතැප්ම විසි දෙකක් විතර දුරින්. කලවාන ටවුන් එක ඇත්තටම මානාන කියලයි හැඳින්වුනේ.

රත්නපුරේ ඉඳල යනකොට මානාන හන්දියට යන්න හැතැප්මකට විතර කලින් තමයි කලවාන පන්සල තියෙන්නෙ. පුරාණ විහාරයක්. හැබැයි අළුත් බුදු මැඳුරකින් සමන්විතයි.

මේ බුදුමැදුර ලංකාවේ සිතුවම් සහ ප්‍රතිමා කලාවේ අපූරු නිර්මාණ පුරෝල තියෙන තැනක් කිව්වොත් ඒක හරියටම හරි. මේ සේරටමත් වැඩිය වටින්නෙ බුදු මැදුරෙ බිත්තිවල ඇඳල තියෙන චිත්‍ර. ඒවායිනුත් මගේ නෙත, සිත, හද දිනාගත්තෙ නම් දිව්‍යාංගනාවන්ගෙ සිතුවම් ටිකයි.

මේ දිව්‍යාංගනාවො නැති තැනක් නෑ.
  • සිදුහත් ඉපදෙන වෙලාවෙ,
  • වප් මගුල වෙලාවෙ,
  • යසෝදරාව කසාද බඳින වෙලාවෙ,
  • කන්තකගෙ පිට උඩ නැගල රේස් යන වෙලාවෙ,
  • බුදුවෙන වෙලාවෙ,
  • පස්සෙ බණ කියන වෙලාවෙ,
  • පිරිණිවන් මංචකයෙදි
කියන මෙකී නොකී හැම වෙලාවකම අහසේ ඉන්නව දිව්‍යාංගනාවො පොකුරු පිටින්. නියම නන්ද කුමාරයගෙ මොඩල් එකේ.

වැඩේ කියන්නෙ මේ අයට පුදුමාකාර ඇඳුම් පැලඳුම් හිඟයක් තිබිල තියෙනව ඒ දවස්වල.

බහුතරයකගෙ උඩබාගෙ සේරම එලියෙ.

යට බාගෙට ඇඳල තියෙන්නෙත් අන්තිම තුනී "ගාන්ඨාර මාක්", සොරි, සොරි, වැරදුනා, "සංස්කෘතික ත්‍රිකෝණ මාක්" සළු විතරයි.

හරියටම හියූ හෙෆ්නර් (Hugh Hefner) ගෙ ෆොටෝ ඇල්බම් එකක් වගේ.

අර ඒකෝන් කියන පොරගෙ වීඩියෝ එකේ ඉන්නෙ කෂ්ටිය දැක්කනෙ? උන් සේරම වගෙ නාන ඇඳුම්, මිනි ස්කර්ට් වගේ මොනව හරි ඇඳුම් ඇඳල රහස් තැන් වහගෙනනෙ ඉන්නෙ.

ඒ ගොල්ලො කැලේ මේ කලවානෙ පන්සලේ දිව්‍යාංගනාවො එක්ක බලන කොට. මේ ගොල්ලො අර වී.සී.ඩී. එකේ බණ කියපු හාමුදුරුවෝ කියන විදියට උඩිනුත් ෆුල් ඒ.සී. යටිනුත් ෆුල් ඒ.සී. කෂ්ටිය.

ඇත්තටම කියනව නං ඒකෝන් කාරය ආවනං හිතෙයි අර ඇමරිකාවෙදි පොර සිංදු කිය කිය නැටුවෙ නව දැලි හේනේ වැඳිරියො රංචුවක් එක්ක නේද කියල.

නන්ද කුමාරය දිවිය ලෝකෙ ගියා වගේ වීසා නැතිවුණත් ඒකෝන් කාරය මෙහෙට එන එක සිකුරුයි!

-කතන්දරකාරයා

ප/ලි
කතන්දරකාරයා දෙව්ලියන් බලන්න ගිය හැටි මෙන්න.
http://kathandara.blogspot.com/2010/03/akons-trip-to-sri-lanka-and-my-trip-to.html

9 comments:

  1. අපි නිතරම වැද්දගල යන්න ඔතනින් යනවා ඔහොම පන්සලක් ගැන අහලවත් නැහැනේ. පාර අයිනෙද තියෙන්නේ?

    ReplyDelete
  2. හිහ්...හිහ්...හීහීහී...

    ReplyDelete
  3. මේක කියෙව්වාම අර "පත්තිනි අම්මගේ රෙද්දේ තුත්තිරි ගලවන්න කවුරුත් නෑ" කියලා මම පුංචි කාලේ අපේ ගෙවල් පැත්තේ "විලාප මෑණියෝ" කියන ගෑනි රන්ඩුවෙන කොට කියන කෑල්ල මතක් වුනා බං . . .

    ReplyDelete
  4. හිනා වෙන්නද අඬන්නද? පන්සලකට මනුස්සයෙක් යන්නෙ(යනවයි කියල කියන්නෙ) හිත සංසුන් කරගෙන, නිවාගෙන, පහන් සිතුවිලිඇතිකරගන්න. එහෙවු කොට පන්සලක අළුතින් හදපු බුදුමැදුරෙ මෙවගෙ පිංත+ර තිබුනම???
    පැරණි විහාර ගෙ තුල මෙහෙම තියෙනව දැකල තිබුනද..

    ReplyDelete
  5. ඔය ඒකෝන් කාරයා වැඩේ දෙල් කර ගත්තෙ අපේ බුදු හාමුදුරැවන්ගේ පිළිමයක් ඉස්සර නළගොන්නු දාගෙන සින්දු කියන්න ගිහින්නෙ.
    ඒකනං කොහොමත් අනුමත කරන්න බැහැනේ.

    ඒහෙම නැත්තං, නළගනෝ, සුරගනෝ කියලා වෙනසක් නැහැ.
    ''මොන පාට බළලෙක් උනත් කලුවරේ පේන්නෙ අලු පාටටලු නේ?

    ReplyDelete
  6. @dukaa

    වත්තෙ නන්දගෙ රෙද්දෙ තුත්තිරි සිද්ධ පත්තිනි දෙයියනේ
    තිත්ත කරවිල තෙලෙන් බද්දත් තිත්ත යන්නෑ දෙයියනේ

    ReplyDelete
  7. @තරිඳු

    එකේ හරිඑක ඔය උඹ කියනඑක වෙන්න අති බන් . . .. එත් මම අහල තිබුනේ අර කතාව.

    එකේ තියෙන උපහාසේ තේරුනු දවසේ ඉඳන් මම ඒකහ හරි ආසයි . .

    ReplyDelete
  8. සියළු දෙනාටම ස්තුතියි.

    මේ චිත්‍ර දැක්කාම මට කොච්චර ජොලියක් ගියාද කියනව නං සප්සෙ කාලෙක ි වගේකුත් ලිව්වා මේකත් ගාවලා.

    හෙට ඉඳලා දාන්නංකෝ.

    ReplyDelete
  9. ඔව් අනේ මාරයි නේද ?

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.