Followers

Saturday, March 27, 2010

Akon ගෙන් පසු කතන්දරකාරයා ගිය දෙව්ලෝ ගමන - දෙවන කොටස


මතකනේ මං ඊයෙ කියන්න පටන් ගත්ත කතන්දරේ? ඒකෝන් කාරය තමන්ගෙ මීලඟ වීඩියෝ ක්ලිප් එක ෂූට් කරන්න එනවය කියන කලවානෙ පන්සලේ තියෙන දිව්‍යාංගනාවන් ගෙ සිතුවම් දැකල මං දිව්‍යලෝකෙ ගමනකට සෙට්වුනා.

ඉතිං මං මුලින්ම කලේ අවට සිරි නරඹන්න යන එක. ඊයෙ කිව්වනේ ෂොපින් ගිය හැටි.

එතනිං මං ගියේ ඔෆිස් කම්ප්ලෙක්ස් එකක් බලන්නයි.

මහ කන්තෝරු පිහිටා ඇත සතර දෙසේ
ලොකු පොඩි දෙවිවරුන් සේවය කරති තොසේ
තැන තැන අයිස් කැට පිරි භාජන දිලිසේ
දෙවිවරු අයිස් ගසතිය තම රිසි විලසේ

කන්තෝරු ඇතුළෙ හැම තැනම වගේ තියල තියෙන අයිස් නිසා දෙයියො ඕනෑ කෙනෙකුට නිදහසේ අයිස් ගහන්න පුළුවනි.

***

ඔන්න දැන් අහගන්න දිව්‍යලෝකෙ ඩේටා බේස් සිස්ටම් එක ගැන. රිමෝට් ඩේටා කලෙක්ෂන් පොයින්ට් තියෙනව ලෝකෙ හැම දේවාලෙකම, හැම පල්ලියකම.

හැම වැඩ කුටියකම කන්තෝරුව ඇතුලේ
සුවිසල් පරිගණකයන් සවිකර සුදිලේ
මනුලොව සතර දෙස නෙක පල්ලියෙ දෙවොලේ
හැම යැදුමක්ම ලිය වෙති පද්ධති ඇතුලේ

***

අපේ කෂ්ටිය කරන පූජා, දාන පඬුරු, වෙන බාර හාර, කරන යාඥා, කන්නලව් ඔය සේරම ගැන ඩේටා ඔන්ලයින් ම කලෙක්ට් වෙලා මහා ඔරැකල් ටෙන් ජී ඩේටා බේස් රාජයා රියල් ටයිම් අප්ඩේට් වෙනව.

පිදෙන පඬුරු පූජා බඩු දස දහසෙන්
සටහන්වේ දත්ත ගබඩාවල රහසෙන්
සම්පාදිත වාර්තා පින් පව් විලසෙන්
උපකාරක අංශ වෙත යොමු වෙයි විගසෙන්

අපි විභාග පාස් වෙනවද, අපි යන ඉන්ටර්වීව් හරියනවද, අපි ගන්න සංවර්ධන ලොතරැයි ඇදෙනවද, අන්තිමේදි අපි මැරිල යන්නෙ දිව්‍යලෝකෙටද, අපායටද කියල එක, ඔය සේරම තීරණය වෙන්නෙ ඔය ඩේටා මාට් වලින් එන බිස්නස් ඉන්ටෙලිජන්ස් වලින් තමයි.

***

කවද හරි හිතිල තියෙනවද ඇයි අපි දානයක් දුන්නහම, පින්කමක් කළාම දෙයියන්ටත් පින් දෙන්නෙ කියල.

ඕක මට හරියටම තේරුණේ මෙදා පාර දිව්‍යලෝකෙ ගිය වෙලාවෙයි.

පින් දෙන විටදි දෙවියන් හට හුදී දනා
පින් ගිනුමකට ඒ සැම පින් එකතු වෙනා
මාසික වැටුප ලෙස දෙවි කැල සියළු දෙනා
"පින් පඩි" ලබන හැටි දුටු මට දැනුදු හිනා

දෙයියො සේරම ජනසවි, සමෘර්දිකාරයො නෙ බලාගෙන යනකොට.

කතන්දරකාරයාගේ දිව්‍යලෝකෙ ගමන ගැන තව හොඳ හොඳ විස්තර කියවෙන කවි ටිකක් එක්ක ආයෙ හෙට මුණ ගැහෙමු.

-කතන්දරකාරයා

ප/ලි:
තුන්වෙනි කොටස මෙතනින් බලන්න.
http://kathandara.blogspot.com/2010/03/akorn-one-day-trip-to-heaven-travelogue.html

14 අදහස්:

  1. "මාසෙ පඩි විලස දෙවි කැල සියළු දෙනා
    පින් පඩි ලබන හැටි දුටු මට දැනුදු හිනා"

    මරු කතාව... මටත් තාම හිනා.... :D

    ReplyDelete
  2. ඒකනෙමෙයි......... එතකොට අර පඩුපුල් ආසනේ.... ඒක තිබ්බද.. නැත්තම් නැද්ද. නැත්තම් නවීකරණය වෙලාද.... දිව්‍යලෝකෙ ගිය කෙනෙක්ගෙන් අහන්නමයි හිටියෙ.... වෙන්දේසි දාලා නම් පොඩ්ඩක් බලල කියන්න....

    ReplyDelete
  3. අයියෝ දන්නෙ නැද්ද? දැන් එහෙත් දම්රෝ...!!!

    ReplyDelete
  4. ෂා මරු මරු.. ඉතුරු ටිකත් ලියන්න.. කතන්දර වගේම කවිත් හොඳට ලියනවනෙ.. :-)

    ReplyDelete
  5. @ Nishacharaya
    පොඩ්ඩක් කවි පද වෙනස් කළා!

    මාසික වැටුප ලෙස දෙවි කැල සියළු දෙනා
    "පින් පඩි" ලබන හැටි දුටු මට දැනුදු හිනා

    ReplyDelete
  6. පිස්සු හැදෙන කවි ටික

    ReplyDelete
  7. @ Gihan

    මං කයි-කතන්දරකාරයෙක් බව දන්නෙ නැද්ද?
    http://kathandara.blogspot.com/2010/03/level.html

    ReplyDelete
  8. @ තරිඳු
    තව තියෙනවා බ්‍රෝ. තව තියෙනවා!!!

    ReplyDelete
  9. කවි ටික නම් පට්ටම පට්ට

    ReplyDelete
  10. කතංදර , පාර්ලිමේන්තුව පැත්තෙත් ගිහිං කව්ටිකක් ලියපං මචං

    ReplyDelete
  11. pissu korane . . uba maara kaviyek ne ban . . ..

    ReplyDelete
  12. elakiri ayya mama hithuwe naha blogs mechchara sira kiyala...
    meka mona sandeshayada?

    ReplyDelete
  13. කාලෙකින් පිනක් කරන්න බැරි වුනා... බලන්න ඕනි අදවත් හැන්දැකොරේ පන්සල පැත්තෙ ගිහින් එන්න.

    නැත්තම් ටිකට් නැතිවම අපායට තමයි මට යන්න වෙන්නේ.

    ReplyDelete

කතන්දරේ ගැන මොකද හිතෙන්නේ? ලියන්න! Any comments, please?
(Comments are moderated and those with inappropriate content will be deleted).