ජීවිතයම කතන්දර ගොඩක්!
This is a Sinahla blog written for five years from July 2009. It contains stories - Kathandara - from authors life.
කතන්දරකාරයා ගේ දශක කිහිපයක ජීවන අත්දැකීම් අළලා 2009 ජූලි 11 දින සිට පුරා වසර පහක් තිස්සේ ලියවුණු කතන්දර එකතුවකි. kathandara@gmail.com
Monday 22 March 2010
ආචාර්ය පියරත්න සහ මහාචාර්ය ගුණරත්න - Dr. Piyarathna and Professor Gunarathna
මේ කතන්දරේ ලියන්න හිතුනෙ ආචාර්යවරු, මහාචාර්යවරු ගැන අනේවාසිකය ලියල තිබුණ පෝස්ට් එකක් දැකලයි.
ඔය ආචාර්ය, මහාචාර්ය කියල කියන්නෙ ලියන භාෂාවෙන් සහ ප්‍රසිද්ධ අවස්ථාවල ආමන්ත්‍රණය කරන කොට විතරනෙ.
අපි නිකං කතා කරන කොට කියන්නෙ ඩොකා, ෆ්‍රොෆා කියලයි.
ඔය වචන දෙකේ ස්ත්‍රී ලිංග පද වෙන්න ඕනැ, ඩොකී සහ ෆ්‍රොෆී කියලයි. ඒත් මං ඉගෙන ගත්තු කම්මල කියන තිප්පොලේ ඒ සුදුසුකම් සහ තනතුරු තියෙන ගෑණු පරාණ ඒ දවස්වල හිටියෙ නැති නිසා ඩොකී, ෆ්‍රොෆී වචන දෙක කියවෙන කොට හරිම නුහුරු නුපුරුදු ගතියක් දැනෙන්නෙ.
අපි ඩොකාල ෆ්‍රොෆාල, ආචාර්ය මහාචාර්ය කියල හැඳින්නුවට ඩොකාල ෆ්‍රොෆාල උන් උන් කතා බහ කරන කොට එහෙම අඳුන්වා ගන්නෙ නෑනෙ. සාමාන්‍ය නමෙන් කතා කරනව මිස. ඒ වගෙම තමයි මං අඳුනන ඩොකෙක් ෆොෆෙක් එක්ක මං කතාකරන කොටත්. ආචාර්යතුමනි, මහාචාර්යතුමනි කියල කතාකරනව නං යාළුකමක් කෝ?
අද කතාව මට කිව්වෙ මගෙ හොඳ මිත්‍රයෙක්. පොරට දැන් ටික දවසකට කලින් වෙච්ච එකක්.
ඔන්න පොර එදා ගිහිල්ල තියෙනව මොකක්ද මේ උත්සවයකට. ඔතන කල් මර මර ඉන් කොට ශාලාවෙ එක කොනක අඳුණන කිහිප දෙනෙක් කතාකර කර ඉන්නව දැකල පොරත් ගියාළු එතනට.
එතන ඉඳල තියෙනව කලින් හමුවෙලා නැති කෙනෙක්.
ඔන්න, අපේ පොර හොඳට දන්න කෙනෙක් ඒ අමුත්තව ඉන්ට්‍රොඩියුස් කළා ලු.
"කලින් හම්බ වෙලා නෑනෙ, මේ ආචාර්ය පියරත්න!"
අපේ පොර එක පාරටම අත ඉස්සරහට දාල මෙහෙම කිව්වළු.
"ආ, මං තමයි මහාචාර්ය ගුණරත්න."
පොරට ඇති මහාචාර්ය පට්ටමක් නෑ. මේ නිකං ජොලියට වගෙයි කියල තියෙන්නෙ. නමුත් අර අළුතින් ආපු අඳුන්වල දුන්න පොරට ඇත්තටම ආචාර්ය උපාධියක් තියෙන කෙනෙක්.
ඉතිං එතන හිටපු හැමෝම තූෂ්නිම්භූත වුනාළු ඒ කතාවෙන් පස්සෙ. විනාඩියක් විතර නිහඬතාවය. ඊට පස්සෙ දෙතුන් දෙනෙක් එක්ස්කුයුස් කරල ඒ පැත්තට මේ පැත්තට ගියාළු. අනිත් අය වෙනිං කතාවක පැටළුනාළු.
ඔය අනේවාසිකය ඒ පෝස්ට් එකේ කියල තියෙන දේ ගැන මගේ අදහස නං, සාමාන්‍යයෙන් මහාචාර්ය කියන්නෙ තනතුරක්. ආචාර්ය කියන්නෙ උපාධියක්. සම්මාන මහාචාර්යකමක් නැත්තං පැන්ෂන් ගත්තහම, රිසයින් වුනාම ඒ පට්ටම නැතුව යනව.
මං ටිකක් අඳුණන කොළඹට කිට්ටු විශ්ව විද්‍යාලයක මහාචාර්ය දිසාපාමොක් ජොබ් එකෙන් අස්වෙලා යූ.එන්. එකේ වැඩට ගියා. දැන් එයා ආචාර්ය දිසාපාමොක් මිසක් තවදුරටත් මහාචාර්ය නෙමේ. ඇත්තටම කියනව නං, පස්සෙ කාලෙක විශ්ව විද්‍යාලයෙන් ඒ මහාචාර්ය තනතුරේ පුරප්පාඩුව පිරෙව්ව.
- කතන්දරකාරයා
ප/ලිඃ
මං මේ කතන්දර බ්ලොග් එක පටන් ගත්තෙම එක ප්‍රසිද්ධ මහාචාර්ය කෙනෙකුට බස් එකේදි සීට් එක දෙන්න ගිහින් වෙච්ච කතන්දරෙන්. මතකද?
(පින්තූරෙ ඉස්සුවේ මෙතනින්: http://www.mit.kln.ac.lk/Industrial/images/staff.jpg)
Subscribe to:
Post Comments (Atom)
Here in Aussi, we call our professors by name. Just like philip,Bob etc,
ReplyDeleteOn my first few days, i was so embarrass to call them by their name as , we are not used to do it in Sri lanka.If we address them 'Sir', usually they feel embarrass.
කතන්දර ලියන අයට ඔය පට්ටම් දෙන්නෙ නැද්ද?
ReplyDelete