කතන්දරකාරයා මහණ වෙලා සිටි බව දැන් දින තුන හතරකට කලින් එලිදරව් වුනා. පස්සෙ, ඒ සිද්ධිය පිළිබඳ පොඩි විස්තරයක් මං ලිව්වා. ඊටත් පස්සෙ මං එකතුකරපු තායිලන්තෙදි ගත්තු ෆොටෝ ටිකත් කට්ටිය දකින්න ඇතිනෙ?
ගොඩ දෙනෙකුගේ පුදුමයටත්, කුතුහලයටත්, සැකයටත් හේතුවුණ මේ කතන්දරකාරයා මහණ වුණු කතන්දරේ අදින් ඉවරයක් කරන්නයි යන්නෙ.
ඒ වෙන කාරණයක් හින්ද නෙමේ, තව කතන්දර කන්දරාවක් ලියන්න සැළසුම් කරල තියෙන නිසයි. ඒ මදිවට දවසෙන් දවස තවත් කතන්දර එකතුවෙනව.
පොඩි පස්-තාච්චි වැඩකට සෙට් වෙලා ඉන්න කාලෙ, තායිලන්තෙදි මං රට ජාතිය ආගම ගැන හිතල අමුතු විදියකට මහණ වුණා කියල දැන් කවුරුත් දන්නවනෙ.
මං සිවුර පොරෝගෙන තිබුණු විදියෙ මොකක්දෝ අවුලක් තියෙනව කියල අපේ උපැවිදි දෙපලම කියල තිබුණ. ඒ හරියටම හරි. හේතුව තමයි, ඔය සුදන්ත සාදුලට වගේ උත්සවාකාරයෙන් සිවුරු පොරවන්න කවුරුවත් මට හිටියෙ නෑ. මං, මා ම, මට පොරව ගත්තා. යාළුවෙකු ගෙන් අහල එහෙන් මෙහෙන් හදාගත්තා.
ඒ යාළුවත් මාත් එක්ක පස්-තාච්චි වැඩේට තායිලන්තෙට ගිහින් හිටපු කෙනෙක්!
මොකක්ද මේ පස්-තාච්චි වැඩේ? මතකද මං කියපු දිව උළුක්කු කතාව - චූටි ටීචර් ගෙ චූටි චෝච් එක? මේකත් ඒ වගේ එකක්. හරි වචනය පශ්චාත්. හැබැයි අපි වගේ පොරවල් කියන කොට ඕක ඇහෙන්නේ පස්-තාච්චි කියලයි!
ඉතිං කතන්දරකාරයා තායිලන්තෙට ගියේ පශ්චාත් උපාධියක් හදාරන්නයි. එහෙ තියෙන ආසියානු තාක්‍ෂණික ආයතනය (Asian Institute of Technology) කියන පස්-තාච්චි විස්ස විජ්ජාලෙ. ඒ සඳහා මට සිස්සස්සයක් දුන්නේ ජරුමානු ආණ්ඩුවෙන්.
ඉන්දියාව, ශ්‍රී ලංකාව, බංගලාදේශය, පකිස්ථානය, නේපාලය, තායිලන්තය, ඉන්දුනීසියාව, මැලේසියාව, පිලිපීනය, චීනය, තායිවානය, හොංකොං වගේ රටවල් රාශියකින් ගැහැණු පිරිමි විශාල පිරිසක් ඔතනට එනව පස්-තාච්චි වැඩ කරන්න.
ඉතිං මේ බහු සංස්කෘතික පරිසරයෙ හිටපු අපේ කට්ටිය හදාගෙන තිබුණ ශ්‍රී ලංකා සංගමය කියල එකක්. ඇත්තටම කියනව නං ඒක ඒ දවස්වල සිංහල සංගමයක්.
විශ්ව විද්‍යාලයෙ වරින් වර තියෙන සංදර්ශණ වලට එක එක රටවලින් තමන් ගෙ සංස්කෘතිය පේන්නල දෙන අයිටම්ස් ඉදිරිපත් කිරීම කාගෙත් සිරිතක්.
ඔන්න එක වතාවක් අපේ සිංහල සංගමයෙන් තීරණය කළා ග්ලිම්ප්සස් ඔෆ් ශ්‍රී ලංකා කියල ලංකාවේ විවිධ ආගමික, සමාජයික පැති නිරූපණය වෙන විදියට අංගයක් ඉදිරිපත් කරන්න. බෙර, ගරා යක් නැටුම්, තොවිල්, ගොවි නැටුම් අතරේ පන්සලක දර්ශනයකුත් සැලසුම් කෙරුණා.
පන්සල් කොයින්ද හාමුදුරුනමක් නැතුව. අනෙක විහිළු කරන්නත් බෑනේ. අපි ඉන්නේ තායිලන්තයේ. ඉතිං රට, ජාතිය, ආගම වෙනුවෙන් මං කහ සිවුරු පොරෝගන්න තීරණය කළා.
නැවතත් කියන්නේ මේක නිකං විහිවට කළ දෙයක් නෙමේ. මං ගිහින් කොණ්ඩෙ කොටට කැපුවා. සිවුර අඳින කොට හිතට ලොකු බරක් වගේ දැනුනා. මං ඔය ෆොටෝ වලත් ටිකක් බයවෙලා වගෙ ඉන්නෙ ඒකයි මයෙ හිතේ. සිවුර ගැලෙව්වෙත් ඒ වගේම පුදුමාකාර දුකක් හිතේ රඳවගෙනයි.
ඉතිං කතන්දරකාරයා, චීවරධාරී කතන්දර වුනෙත්, පැයකට විතර පස්සේ ආපහු කතන්දරකාරයා බවට පත්වුනෙත් ඔන්න ඔහොමයි.
විනාඩි කිහිපයක කොටසකට වුනත්, උතුරේ රාහුල නාට්‍යයේ සුගත් සමරකෝන් වගේ මටත් හාමුදුරුනමක් වීමට ලැබීම මට නම් ඉතාම ආඩම්බර දෙයක්.
අවසාන වශයෙන් මේ ටිකත් කියන්න ඕනෑ නැවතත්. මේ කතාවෙ කිසිම බොරුවක් වංචාවක් තිබුනෙ නෑ. කවුරු හරි ඇත්තටම රැවටුණා නම් සොරි හොඳේ?
සුදන්ත සාදුගේ දිනපොත ලියන හීරළු තරිඳුටත්, මරණාස්මෘති භාවනාවේ නිරත උපැවිදි කුමාරටත් මගේ ස්තුතිය.
හැබැයි මේ කතන්දරේ ගැන පොඩ්ඩක් හරි නිවරැදිව තේරුම් ගත්තෙ අපේ දුකා විතරයි. පොර ඇහැව්ව මේක නාට්‍යයකට කළ එකක් නේද කියල.
යලිත් හමුවෙමු.
-කතන්දරකාරයා
http://kathandara.blogspot.com
ප/ලි
එදා මගේ මහණ දිවියේ අද පලවිපාක මෙන්න.
http://kathandara.blogspot.com.au/2010/03/blog-post_15.html
හපොයි මාත් රැවටුනා .... අවුලක් නැහැ ... දැන් ඇත්ත දැනගත්තනේ ...
ReplyDeletesasaneyi pandu haliyayi nuulen berilaa thiyenn neada suruweni..!
ReplyDeleteadena scene eka... :D :D
ReplyDeleteමා නම් හිතුවේ මේක තාවකාලික පැවිද්දක් කියලා. සියම් දේශයේ තාවකාලික පැවිදිවීම් දුලබ නැහැ. ඒ එක්කම දවල්ට සිවුර දාගෙන ඉඳලා රෑට ඒක ගලවලා සාමාන්‍ය ඇඳුමෙන් සැරසිලා 'බිස්නස්' වැඩ කටයුතුවල යෙදීමත් දකින්නට පුළුවන්.
ReplyDeleteLonely Planet වල බැංකොක් මාර්ගෝපදේශක පුස්තකයේ ඒ ගැන හොඳ විස්තරයක් තියෙනවා.
- Taboo
ha ha ha . . mage upakalpane hari . . .. heeee .. . .hooooo . ..
ReplyDeleteඅයියෝ කතන්දර මම නම් හිතුවෙ ඇත්තටම ඔයා පැවිදි ජීවිතයක් ගත කරල තියෙනව කියල. කතන්දරේ ඉවරවෙනකම් මට ඉවසිල්ලක් තිබුනෙ නෑ. කතන්දරේ කියවන්න මම හැමදාම එනව ඒත් වැඩි කුතුහලයක් තිබුනෙ මේ කතන්දරේ කියවන්න තමයි.
ReplyDeleteහයියො..... මාත් රැවටුනො...... හික්ස්...
ReplyDeleteකවුරුවත් රැවටුනේ නෑ.
ReplyDeleteඑහෙම රැවටෙන්න නං, මං රවට්ටන්න හිතාගෙන කතන්දරේ ලිව්ව වෙන්න ඕනිනේ.
මං කලේ කුතුහලය ඇතිවෙන විදියට දවස් හතරක් තිස්සේ කතාව කිව්ව එක විතරයි.
කතන්දරකාරයා
අපොයි මෙයා නම් මහ හොල්මනක්...!!!!! මං හිතන් හිටියේ ඇත්තටම මහණ වෙලා ඉදලා කියලා.. අනික ඉතිං අර ලංකාවට මේ ළගදි ඇවිත් හිටි ෆොටෝ වල උනත් හරිම අල්පේජ්ජ විදියටනේ හිටියේ.. :-/
ReplyDeleteමම දැන ගත්තා මොකක් හරි අට මගලයක් තමා කියල. මම දැන ගත්තෙ සිවුර ඇඳල ඉන්න විදියෙන්. මමත් තායිලන්තේ හිටියනෙ කාලයක් අපි රැවටෙයි.. :-)
ReplyDeleteමොනා උනත් කසූ අර කලිනුත් කව්ද කිව්ව වගේ ඔබතුමා හොඳයි සුපර් ස්ටර් ප්‍රතිපල කියන්න.
@ මලී
ReplyDeleteදෙසැම්බර් ෆොටෝ දැක්ක නං තේරෙන්න ඇතිනේ දැං නං මට මහණ වෙන්න තවත් ලේසියි කියල.
@ තරිඳු
මං ඔය සුපිරි තරු වැඩ සටහන නං එක විනාඩියක් වත් දැකල නෑ. කොහෙම වුනත් මේ කතාව මං දවස් හතරෙන් කිව්වනේ. සුදන්ත සාදු දැන් 11 කොටස. වසන්ත, වර්ෂා යනාදිය කොටස් තිහ හතලිහ ගියා නේද?
කතන්දරකාරයා
මමත් හිතුවා මේක මොකක් හරි කතන්දරයක් තමා කියලා. හිතුවට කියන්න බැරි උනානෙ! දැං ඉතිං ඔක්කොම විසදුනා එකත් මදැයි! වෙලාවෙ හැටියට.
ReplyDeleteමාත් දැනගෙන හිටියා මොකක් හරි ජිල්මාට් එකක් තමා කියල...
ReplyDeleteමොකද කතන්දර කාරයගෙ පරණ වාර්ථා අරන් බැලුවම මෙච්චර සීරියස් දෙයක් වෙන්න බෑ කියල හිතුනා...
මොනව උනත් රහට කියෙවුවා....
කතන්දර
ReplyDeleteවැඩේ නියමයි. අප්‍රේල් 1 වෙනිදවත් මේ වගේ රැවටිලා නෑ.
සුභ දවසක්
මමත් හිතන්ම හිටියේ තාවකාලික පැවිදි කමක් කියලා.. කොහොම වෙතත් නාට්ටියකට වෙලත් බොහොම ශාන්තව වැඩේ කරලා තියනවා :)
ReplyDeleteඑක නළුවෙක් භික්ෂු චරිතයක් රඟපාන්න සිවුරු දාන්, shooting අතර මැද shot එකක් දාගන්න bar එක්කට ගොඩ වැදුනා කියලා කතාවකුත් මට මතක් වුනා...
අනේ ඇත්තට හැබෑට... ඔය ටික කියාගන්න කතන්දරකාරයාට බ්ලොග් පෝස්ට් 4ක්ම ලියන්න උනා නේ....
ReplyDeleteකතන්දර.. ඔයාගෙ සරල කථා නම් ශෝක්, මේ කතාව නම් අපිව රවට්ටල ගොඩක් කල් ගත්තා..
ReplyDeleteකතන්දර.. ඔයාගෙ සරල කථා නම් ශෝක්, මේ කතාව නම් අපිව රවට්ටල ගොඩක් කල් ගත්තා..
ReplyDeleteහත් ඉලව්වයි. හොඳ වෙලාවට මේ ටිකේ මට එන්න ලැබුනෙ නෑ :D
ReplyDeleteදැන් කතාව අග ඉඳන් කියවගෙන යන්නෙ.
මොකක් හරි හොරයක් ඇති කියලත් දැණුන මුල ඉඳන්ම ඒත් කතාව කියාගෙන ආපු විදියට ඇත්තම කියලත් හිතුණ. කොහොම වුණත් අන්තිමේ හිනාව වලක්වගන්න බැරි දෙයක් නේද වුණේ.
ReplyDeleteහැබෑම කතන්දරකාරයෙක් කියල අදනම් මට තේරෙනෙව.
හපොයි ! මමත් හිතා හිටියෙ ඇත්තටම මහන වෙල ඉන්න ඇති කියලනේ..
ReplyDeleteහී හී :) මදෑ රැවටිච්ච රැවටිල්ල
ReplyDeleteඔයා නං කතන්දරම කාරයෙක් තමා