Wednesday 13 June 2012

අයෑම් කමින්, අයෑම් කමින් - I am coming, I am coming!


දවස් දෙක තුනකට කලින් ඩ්‍රයි දවසක මං පොඩි ඩ්‍රයි කතා දෙකක් ලියලා දැම්මා. ඒ දෙකේම තිබුණේ ඉංගිරිසි වචන සිංහලෙන් ඇහිලා ඇති වුණු විහිළු සහගත තත්වයන් ගැනයි.

ඒ කතා දෙකම නිකං සරල ඒවා තමයි. ඒ එක්කම ඒවා ගොතපු කතාද ඇත්ත කතාද කිලත් මං දන්නේ නෑ.

හැබැයි මේ අද කියන්න යන අයෑම් කමින් කතන්දරය නම් ඇත්තම ඇත්ත සිද්ධියක්.

ඒ දවස්වල අපි හිටියේ තාත්තා ගේ මහ ගෙදරයි. ගමේ බස් එක, එක පැත්තකට යන්නේ පැයකට එක පාරයි. ගෙදර ඉඳලා ගමණක් යන කොට ඒක වැරදුණොත් කිලෝමීටර් දෙකක් විතර පයින් යන්න වෙනවා අල්ලපු පාරේ යන බස් එකක් අල්ල ගන්න. ඉතිං, අපි කවුරුත් බස් ගමනාගමනය ගැන උදේ හවා උනන්දුවෙනුයි ඉන්නේ.

අපේ ගෙදර ඉඳලා බස් යන පාරට, ගුරු පාර දිගේ මීටර් පස්සීයක් විතර ඇවිදගෙන යන්න ඕනෑ. හැබැයි හොඳ වෙලාවට බස් එක වෙළට එහායින් කන්ද පහලට එනකොට අපිට සද්දේ ඇහෙනවා. ඒ හරියේ ඉඳලා අපේ බස් හෝල්ට් එකට බස් එක ඉන්ණ කලින් තව හෝල්ට් එකක් තියෙන නිසා, අපිට වෙලාවට බස් එකට දුව ගන්න පුළුවනි.

එදා සති අන්තයේ දවසක මට ටවුමට යන්න තිබුණා, මං දොළහමාරේ බස් එකේ යන්නයි හිතුවේ. මගේ මලයාත් ඒ බස් එකේම යනවාය කිව්වා. පොර ගම්පහ පැත්තේ ටියුෂන් එකකට යන්නද කොහෙද.

ඔන්න මං දවල්ට කාලා, බීලා, ඇඳ-පැළඳ ඝෙන සෙරෙප්පු කබල් දෙක හොය හොයා ඉන්න වෙලාවේ තමයි මට ඇහුණේ වෙළට එහා කන්ද දිහාවෙන් බස් එක එන සද්දේ.

අතට අහුවෙච්ච බාටා දෙකක් දාගෙන මං පාර පැත්තට දුවන්න ගත්තේ මලයාටත් අනතුරු හැඟවීමක් කරමිනුයි.

"ඕයි, ඉක්මනට එනවා, අන්න බස්සෙක එනෝ!"

"අයෑම් කමින්, අයෑම් කමින්!" මල්ලී ගේ ඇතුලේ ඉඳලා කෑ ගහලා කිව්වා.

මං පාරට දුවලා හති අරින වෙලේ තත්පර කීපෙකින් අපේ බස් රාජයා හෝල්ට් එකට ලඟා වුණා. එත් මල්ලීකාරයා ඈතින් දුවගෙන එනවාවත් පෙනුණේ නෑ "අයෑම් කමින්, අයෑම් කමින්" කිලා කිව්වාට!

මං පොර ගේ සෙරෙප්පු දෙක දාගෙන ඇවිත්ද මන්දා?

මං රෑ වෙලා හතාමාරේ බස් එකේ ගෙදර යනකොට මල්ලී ගෙදර හිටියා.

"තමුසේ අද ටියුෂන් ගියේ නැද්ද?"

"ගියා, මං හයේ බස් එකේයි ආවේ."

"දවල් මොකද වුනේ? ඇයි තමුසේ දුවලා ආවේ නැත්තේ?"

"මං බත් කකා යි හිටියේ, බස් එක වැරදුණා."

"එහෙනං ඇයි මං එනවෝ කියලා කෑ ගැහැව්වේ? මං බස් එකට නැගලාත් බැලුවා තමුසේ ඈතින්වත් එනවාද කියලාත් බස් එක නවත්තා ගන්න."

"මං කිව්වේ මං එනවෝ කියලයෑ? මං කිව්වේ අයෑම් කමින් කියලායි. ඒ කියන්නේ අයෑම් බත් කමින්. මං එවෙලේ බත් කමින් නේ හිටියේ!"

-කතන්දරකාරයා

මල්ලී ගැන ලියවුණු වෙනත් කතන්දර මෙන්න.

1. තාත්තා කෙනෙක් වෙන්න ආසයි
2. කැම්පස් අයියාගෙන් ඒ ලෙවල් කරන මල්ලී ට ලිපියක්
3. මල්ලී උසස් පෙල විභාගේ ෆේල්!
4. ඒ-ලෙවල් ෆේල් වුණු මල්ලී ගේ කයි-කතන්දරවල අවසානය

මේ වෙනත් අයිය-මලෝ ගැන කතන්දර:
1. අයියා මල්ලී වාගේ අයියා මල්ලී...
2. අයිය ගේ යාළුවා සහ මල්ලි ගේ යාළුවා

මේක අයිය-මලෝ නොවෙන අය ගැන කතන්දරයක්:
අයියා මල්ලී වාගේ (පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ උන්ට පමණයි)

55 comments:

  1. ඔය වගේ දවසක් පොලිස් මහත්තයෙක් මිනිහෙක්ගෙන් මොකද කරන්නෙ කියලා ඇහුවලු."අයෑම් ඊටින්" කිව්වම
    මම ඇහුවෙ නම නෙවෙයි කියලා ඒ උගත් පොලිස් මහත්තයා මහා දෝස්මුරයකුත් දැම්මලු.මම 1 වගේ

    ReplyDelete
    Replies
    1. දවසක් පොලිසියේ අලුතින් පත් උන OIC කෙනෙක් ගේ ෆෝන් එකට ඒ පළාතේ පොලිස් ලොක්ක කෝල් කරාලු. "අයි ඇම් ඉටිං සර් " කියල OIC උත්තර දුන්නලු . ෆෝන් එක තියපු පොලිස් ලොක්ක ටික වෙලාවකින් අයෙත් කෝල් කරාලු . "අයි ඇම් ඉටිං සර්" කියල OIC අයෙත් කිවලු . ඒ පාර ලොක්ක කිව්වලු "අයිසේ යු ආ ඕල්වේස් ඉටිං නො" කියල හොඳටම තරහ ගිහින් . ලොක්ක පස්සේ ලු දැනගත්තේ OIC ගේ නම ඊටින් කියල

      Delete
  2. හිනා ගියා;
    අපූරු වට පිටාව!

    ReplyDelete
  3. ආහ් පට්ට කතාව ... මටත් බඩගිනි තව ටිකකින් උදේට අයෑම් කමින්

    පොටෝ කෑල්ලේ දකුණු අත පැත්තේ ඉදන් දෙවනියට ඉන්නේ කතන්දර ද?

    ReplyDelete
  4. මට මතක් උනේ Oh God ! I'm coming..I'm coming කියන කතාව තමයි..වල් හිත මොනවා කරන්නද ?

    ReplyDelete
  5. සුද්දෙක් ගාව වාහනයක් එළෝපු ඊටින් හම්බෙන්න සුද්දා ආපුවාම ඊටින්ගේ දුව කිව්වලු "සර් ඊටින් ඊටින්" කියලා :D

    ReplyDelete
  6. MAMA AHALA THIYANA KATHAWA MEHEMI. G.M.R. MR.RAMPALA WORKSHOP EKA ETHULE AWIDAGENA YANAKOTA MINIHEK KEMA KAMIN HITIYALU. ETHAKOTA GMR. AHALA THIYANAWA WHAT IS YOUR NAME? KIYALA. MINIHA KIWWALU 'ETING' KIYALA.ETHAKOTA GMR. KIYANAWA MATA PENAWA THAMUSE KANA BAWA THAMUSEGE NAMA MOKAKADA KIYAKA.

    ReplyDelete
  7. me photo eke inne seeyayi munubura ly da?

    ReplyDelete
  8. මම පොඩි පන්තියක ඉගෙන ගනිද්දී අපේ ඉංග්‍රීසි සර් පොයම් එකක් ඉගැන්නුවා ඕල්ඩ් බ්ලැක් ජෝ කියලා. ඒකෙත් තියෙනව කොටසක් අයැම් කමින්, අ‍යැම් කමින් කියලා.මම හිතුවේ ඒක කියලා.

    ReplyDelete
  9. කතන්දරට මීටර් 500 ක් පට් පට් ගාල දුවන්න පුළුවන් නම් කිලෝමීටර් දෙකක් බස් එකේ යන්න දඟලන්නෙ මොනවටද අෆ්ෆා.

    ReplyDelete
  10. දැන් කොයි කෙනා ද කතාන්දර මහත්තයා.

    අයියෝ ...පොඩි උදව්වක් දෙන්නකෝ........

    ReplyDelete
  11. බස් නැති උනත් කමක් නැහැ ඔය වගේ පලාතක ඉන්න ඇත්නම්..!

    ReplyDelete
  12. කමින් ආෆ්ටර් කමින් :)

    ReplyDelete
  13. දකුණු පැත්තේ කෙළවරේ ඉන්න කෙනා තමයි ඩයල් එක... :)

    ගූගල් වල සේෆ් සර්ච් ඕෆ් කරලා... American Pie Tara Reid's I'm Coming Scene කියලා සර්ච් කලොත් තව කමින් සීන් එකක් බලාගන්න පුළුවන්...

    ReplyDelete
  14. මල්ලි දැන් නීතිඥයෙක්ද?
    (සිංහලෙන්ම ලිව්වෙ ලෝයර් කිව්වම ආයෙත් වරද්දගනී කියල හිතිල)

    ReplyDelete
  15. ඔයින් ගියා මදැයි.....මම හිතුවා මල්ලි සුරාන්තයට පත් වෙන වැඩක්වත් කර කර හිටියා වත්ද කියලා...!

    ReplyDelete
  16. අද කකා කපටි පොස්ට් එකක් ලියලා.. ඔක්කොටම දෙන්නේ ලින්ක්.. දැන් ඉතින් හොයපන්කෝ.. කතාව ගැන කියනවනම් අන්න කතා..

    ReplyDelete
  17. මෙහෙම මල්ලිලා වාසනාවන්...

    ඊට වඩා හිත ගත්ත වැඩේ අද කතන්දර තුමාගේ ප්‍රති පිළිතුරු ඔක්කොම ලින්ක් එකෙන්.. ඔක්කොම මේකෙම ලියපුවා.. ඒකත් මරු ඈ.. බලමු මේකට ලින්ක් එක... :)

    ReplyDelete
  18. පින්තූරෙ ඔක්කොම දෙනා කටඇරන් උඩ බලන් ඉන්නෙ මොකෝ.?

    ReplyDelete
  19. පුළුවන් නම් මේකට ලින්ක් එකකින් උත්තරයක් දෙන්න!

    ReplyDelete
  20. KATHANDARA PARANA COAT SELLING

    ReplyDelete
  21. cute grandpa !

    ReplyDelete
  22. මට මත වුනා මේ කතාව...


    ඔෆීස් එකේ ලොක්ක එයාගෙ චීෆ් ක්ලාක්ට ටෙලිෆෝන් එකෙන් කතා කලා..
    චීෆ් ක්ලාක් ලොක්කගෙ කට හඬ අඳුර ගත්ත..

    " අයෑම් ඊටින් සර් "

    " හා.. කාල ඉවර වෙලා එනව මාව හම්බ වෙන්න"

    චීෆ් ක්ලාක් ගෙ නම ඊටින් සිල්වා.

    ReplyDelete
  23. කතන්දර අයියා ඉස්සර මගේ බ්ලොග් එකට ඇවිත් කමෙන්ට් එකක් දෙකක් දැම්මා මට් ඒ දවස් වල තෙරුනේ නැනේ මේ බ්ලොග් කෙරුවාව ඔන්න මන් කාලෙකින් මේ පැත්තට ගොඩ වුනා..නියම කතාව අයියා..

    ReplyDelete
  24. මෙන්න කකා හොරවැඩ කොරනෝ.. ලින්ක් දාලා හිට් ගන්නවෝ.. මොනා උනත් පට්ට ට්‍රික් එක ඈ...

    ReplyDelete
  25. ඇයි යකඩො, මේකෙ කමෙන්ට්වලට දීපු උත්තර බලන්න වෙනම දවසක් වෙන්කරන්න එපෑය. ඒ උත්තර ඇතුලෙත් තව කමෙන්ට්ස්, ශ්‍රිතයක ශ්‍රිතයක් !

    ReplyDelete
  26. අර ෆොටෝ එකේ කවුද කතන්දර අයියා ??

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.