
අපේ පොරවල් කෙල්ලන්ට ඇඩ්‍රස් දුන්නු හැටි ගැන පොඩි කතන්දර කෑලි දෙකක් විතර ලියල දැම්ම බැලුව නේද?
ඒ ආකාරයේ මං දන්න හොඳම කතන්දරේ තමයි අද මේ කියන්න යන්නේ.
මගේ හොඳ හිතවතෙක් හිටිය කාදර් රියාස් කියල. පොරගේ අයිය ගේ නම කාදර් රසීක්. මුන් දෙන්නම මුස්ලිම් නම් තිබුණට සිංහලෙන් ඉගෙන ගත්තු, සිංහල කතාකරන, කොටින්ම සිංහල පොරවල්.
කොල්ලො කෂ්ටිය එක්ක එහෙ මෙහෙ ගිහින් කෙල්ලන්ට ලයින් දාන කොට අපේ රියාස් ට තිබුණු එකම ප්‍රශ්ණය තමයි මුලින්ම තමන්ගේ මුස්ලිම් නම කියන්න බැරි එක. කිව්වොත් වැඩේ පටන් ගන්න කලින්ම අල වෙයි කියල තියෙන බය හින්දයි.
ඉතිං පොර ඒ වෙනුවට හොඳ සරල උපක්‍රමයක් පාවිච්චි කළා. ඒක තමයි මෙන්න මේක.
පාලිත දිසානායක.
අපි සීරීපාදේ යනකොට හිටපු කාදර් රියාෂ් වෙනුවට ගිහින් එනකොට ඔය පාලිත දිසානායක අපි එක්ක එකතු වුනා මට මතකයි.
දවසක් අපි කෂ්ටියක් ඔය කතාව මතක් කර කර හිනාවෙවී ඉන්න කොට ඔතනට ආපු කාදර් රියාස් ගේ අයිය කාදර් රසීක් ගේ යාළුවෙකුට අපිට වැඩිය හිනා.
මොකක්ද දන්නවද කේස් එක. මල්ලී රියාස්ට තිබුණ ප්‍රශ්ණෙම තිබුණ රසීක් මේ වගේ වෙලාවට පාවිච්චි කරන්නේ සාලිය දිසානායක කියල ලු.
සාලිය දිසානායක - අයියා
පාලිත දිසානායක - මල්ලී
බලාගෙන ගියාම මුං දෙන්නා අන්වර්ථ නාමවලිනුත් එක කුස උපන් සහෝදරයෝ.. .!!!
-කතන්දරකාරයා
ප/ලි
සිංහල නම් තියෙන කී දෙනෙක් ඉන්නවද "එක්තරා හේතුවක්" හින්ද මුස්ලිම් නම් අරගෙන තියෙන?
එහෙම නේද?
දන්නවනේ නොකිව්වට!
පට්ට බුලට් දෙකක් නේ.....හැබැයි දැන් හුඟ දෙනෙක් ඕක කරනවා නේ......:)
ReplyDeleteහික්ස් .....
ReplyDeleteඋදේම නියමම කතාවක් දාල තියෙන්නේ.
අපෙත් මුස්ලිම් යාළුවෙක් හිටියා. පොරත් උප්පැන්නේටයි. ඉඳහිට පල්ලි යන හින්දයි විතරයි මුස්ලිම්. දෙමළ ලියන්න කතාකරන්න වත් බෑ. ලියන්න කියන්න දන්නේ සිංහල, ඉංග්‍රීසි විතරමයි.
ඔන්න අපි නං උදෙම්ම ඇවිත් කතන්දරේ බැළුවා.
ReplyDeleteහවස ඇවිත් අදහස් ටික ලියලා යන්නංකෝ....
සිංහල නමුත් ගැලපෙනම විදිහට දාගෙන..
ReplyDeleteමරු මරු..
මට එක පාරටම Dil's scoop එක මතක් උන නෙව...
ReplyDeleteඔය නම් පෑටලිල්ල අහම්බයක්ද නෑත්තම් දෙන්නා කතා කරල දාගෙනද?
ReplyDeleteමම නම් එ හෙතුව දන්නෙ නැ....
ReplyDeleteඔක්කොම හොඳයි.... ඒත් මට අර ප\ලි කෑල්ල තාම තේරුනේ නෑනේ... ටියුබ් ලයිට් නෙවෙයි පත්තු වෙන්නෙම නැති සීන් එකක් තියෙන්නේ ඕං..
ReplyDelete@පුතා
ReplyDeleteඉන්නේ ඩුබායි වල කිව්ව නේද? එහෙම වෙලත් දන්නේ නැද්ද?
මටත් ඒ කැල්ලන්ම් තේරුනෙ නැහැ
ReplyDeleteඑකකුස උපන් අන්වර්ත් අනම් අහුවමයි.....
ReplyDeleteසමහර ෆෝරම් වල එවුන් නම් තම්බි නම් දාගෙන ඉන්නවා ආගමට කෙලින්න..
ReplyDeleteමාත් මේ එක් කුස උපන් අන්වර්ථ නම් ගැන අහන්නෙ පළවෙනි වතාවට මයෙ හිතේ...
ReplyDeleteනියම කතාව
දන්නවනේ නොකිව්වට! ?????
ReplyDeleteනොකිය කොහොමද අපි වගේ අසරණ අය මේව දැන ගන්නේ... සමාවෙලා කීවනම් බලන්න......
ඔන්න බලන්නකො ඉතින් ඒකෙත් හැටි. කට්ටිය කතාවටත් වඩා උනන්දු ප/ලි කෑල්ලටනෙ . . . මම හිතන්නෙ ක.සු කියන්න ඇත්තෙ අර මයිකල් ජැක්සන් ගැන වෙන්න ඇති. පොරත් කාලයක් මුස්ලිම් නමක් දාගෙන හිටියනෙ.
ReplyDeleteCarder part is the correct name as we know. However if you play cricket for Sri lanka you take Singhala Names.
ReplyDeleteFoe Example
TD
AND
SR
හි හි උන් දෙන්න කතා කරගෙනද කොහෙද.
ReplyDelete@All
ReplyDeleteසිංහල උන් මුස්ලිම් නම් ගන්නේ ඇයි කියල දන්නෙම නැද්ද?
මට නං හිතාගන්නත් බෑ මේ දැං කාලේ හැදෙන උන්ගේ සාමාන්‍ය දැනුම.
අපේ හිටපු දේශපාලකයින් කීප දෙනෙක්ම මේ වැඩේ කරලා තියෙනවා.
තමන් බැඳලා ඉන්න නීත්‍යානුකූල බිරිඳගෙන් වෙන් නොවී වෙන කෙනෙක්ව බදින්න පුළුවන් ක්‍රමය තමයි මුස්ලිම් ආගමට හැරිලා ඒ නීතිය යටතේ ආපහු බඳින එක.
එතනදී මුස්ලිම් නමක් ගන්න වෙනවා.
සියළුම අදහස්වලට ස්තුතියි.
හෙට උදේටත් මේ වර්ගයේම කතන්දරයක් බලාපොරොත්තුවන්න.
ඒකනේ මම පුතාට කිව්වේ ඉන්නේ ඩුබායි නේද කියල
ReplyDeleteමෙ මාතෘකාවෙ තියෙන සින්දුව ගැන මටත් පොඩි මතකයක් තියෙනවා.. ගම්පහ තිබ්බ ශිෂ්‍ය නායක දිනෙකදි අපේ කොල්ලෙක් ඔය සින්දුවෙ පද වෙනස් කරලා මගෙ ස්වනියර් එකේ මෙහෙම ලියලා තිබ්බා...
ReplyDeleteඅය්යා මල්ලී වගේ අය්යා මල්ලී...
අපි සන්තොසෙන් ඉන්නේ.....
එක පිගානෙ බයිට් කන්නේ.....
එක විදුරේ ගල් බොන්නේ...
අයියා මල්ලී........
ගෙදර ආවම අම්ම දක්කනෙ මේක.. එද පටන් තමයි අපේ අම්මට මම බොනව ඇති කියලා පුංචි සැකයක් මෝදු උනේ හිතේ..