Followers

Wednesday, July 15, 2009

සුද්ද ට පාර කියපු හැටි - My job as a tourist guide


මේකත් ටිකක් පරණ කතාවක්. මං ඇඩ්වාන්ස් ලෙවල් කරන කාලෙ වෙච්ච සිද්ධියක්.

මං එදා ගොඩගේ පොත් සාප්පුව පැත්තෙ ඉඳල මරදාන ස්ටේෂන් එක දිහාවට ඇවිදගෙන යනව. මෙන්න බොලේ සුද්දෙක්, ටුවරිස්ට් කෙනෙක්, මට කතා කලා.

මිනිහ ඇහෙව්වෙ "මං ටවුන් හෝල් එකට යන්නෙ කොහොමද? " වගෙ සරල ප්‍රශ්ණයක්. මගෙ තරම ගැන හිතල ද කොහෙද ඉතාමත් හෙමින්, පැහැදිලිව කතා කරපු හින්ද ද කොහෙද මට හොඳට තේරුණා අහපු දේ.

මරදානෙ ඉඳල ටවුන් හෝල් එකට යන හැටි නොදන්නෙ කවුද? ඒත් ඉතිං, කොහොමද ඕක මං ඉංගිරිසියෙන් කියන්නෙ.

මගෙ කටට ආවෙ එකම උත්තරයයි.

අයි ඩෝන්ට් නෝ!

සුද්ද කට ඇඹුල් කරගෙන යන්න ගියා.

ඉතිං මෙතන ප්‍රශ්ණෙ මෙන්න මේකයි. මං ඒ දවස්වල ඉස්කෝලෙ දි ඉංගිරිසි ඉගෙන ගත්තට, පන්තියෙ දි තියා වෙන කොහේදිවත්, කා එක්ක වත් ඉංගිරිසියෙන් කතා කරල නෑනෙ.

ඇත්තටම කියනව නං, මට සාමාන්‍ය පෙල ඉංගිරිසි වලට ඩිෂ්ටිංෂන් එකක් තිබුන. අපේ පන්තියෙ හිටපු අනිත් කොල්ලො සේරම ෆේල්. එක කෙල්ලෙකුට ක්‍රෙඩිට් එකක් තිබුන. තව දෙන්නෙක් පාස්. අනිත් උනුත් හැමෝම ෆේල්.

අපේ පන්තියෙ එකම ඩිෂ්ටිංෂන් එක ගත්තු එකාටත් කියන්න පුළුවන් උනේ "අයි ඩෝන්ට් නෝ" කියල විතර නම් ඒ ඉංගිරිසි ඉගෙනීමෙ ඇති වැඩේ මොකක්ද?

ඇඩ්වාන්ස් ලෙවල් කරල රිසල්ට් එනකං ඉන්න කාලෙ ලාල් සර් ගෙ "ස්පෝකන් ඉංග්ලිෂ්" පන්තියට ගියාට පස්සෙ තමයි පොඩ්ඩක් හරි ඉංගිරිසියෙන් කතා කරන්න ගටක් ආවෙ.

අවුරුදු දෙකකට විතර පස්සෙ ඉංගිරිසියෙන් කතා නොකර බැරි තැනකට වැටුණු වෙලේ, ඒ ගට හින්දයි ජාම් බේරගත්තෙ.

අයි ඩෝන්ට් නෝ මෙලෝ දෙයක් සිංහලෙන් නං ඕනැ දෙයක්!

-කතන්දරකාරයා

(image: http://kgsgoodfight.blogspot.com/2011/04/admit-when-you-dont-know.html)

10 අදහස්:

  1. කතාව ඇත්ත..ඉස්කෝල වල එකේ ඉඳලා ඉගැන්නුවට හරියට වචනයක් කතා කරගන්න බැරි එකට හේතුව ගුරුවරුන් වගේම ළ්මයින්ගෙත් වැරදි වැඩ

    ReplyDelete
  2. මට මතකයී අපේ ඉන්ගිරිසි සර් නිතරම කියාපු දෙයෙක්.
    තමාලට ඉන්ගිරිසි බැරි, ඉන්ගිරිසි නොදන්නා නිසා නොවෙයී, හරියට සිංහල දන්නේ නැති නිසායී. කියලායී.
    මේ කතාවේ තේරුම තේරුනේ බොහෝම පහු කාලෙක තමයී.

    ReplyDelete
  3. අයි ඩෝන්ට් නෝ මෙලෝ දෙයක්, සිංහලෙන් නං ඕනැ දෙයක් :D
    එල කතාව

    ReplyDelete
  4. දෙයාර්ස් අ ජන්සන් , නෝ ජන්සන්...
    දෙයාර්ස් අ ජන්සන් , නෝ... ජන්සන්...
    දෙයාර්ස් අ ජන්සන් , ආන්න ජන්සන්.

    හිකිස්

    ReplyDelete
  5. ප්‍රධාන හේතුව සබකෝලය.. අනික අපේ රටේ බොහෝ පාසැල් වල වෙන්නේ එකෙක් කථාකලොත් ඒකගේ වැරැද්ද අල්ලගෙන අනිත් අය හිනා වෙන එක..ඒක වැරදි උනාට වෙන්නේ එහෙමනේ? හැමෝම වැරදියි.!

    ReplyDelete
  6. ගොඩාක් අයට උනේ ඉන්ග්‍රීසි වලට බය වීම . . . අනික ඉස්සර ඉස්කෝලෙදි හරි එලියෙදි හරි ඉන්ග්‍රීසියෙන් කතා කලොත් . . . මෙන්න මූට ඉන්ග්‍රීසි බඩ යනෝ වගේ දෙවල් කියන්නත් කට්ටිය හිටියනේ . . .
    වාසනාවට දැන් නම් ළමයි උනන්දුවෙන් ඉන්ග්‍රීසි ඉගෙන ගන්නවා මම හිතන්නේ . . .

    ReplyDelete
  7. ඇත්ත කතාව. මේ දවස්වල අපේ ඉන්ටර්නෙට් සිංහල රෑල්ල නෑගල යනවා. මම මේකෙ හොද සහ නරක දෙකම දකිනවා.

    පෞද්ගලිකව නම්, වෑඩි වෑඩියෙන් සිංහල ලිපි එන එක එකේ වාසිය අපටයි. නමුත් මට කනගාටු, එකෙන් අපේ අයගෙ ඉංග්‍රිසි දෑනුම වෑඩිදියුනුවට නරකට බලපාවිද කියන එකයි.

    අහල ඈතිනෙ 56 සිංහල රෑල්ල, "කොලඹට කිරි අපට කෑකිරි කතාව.

    සිංහල හොන්දට දෑනගෑනීම හොදයි, හෑබෑයි ඉංගිරිසියෙන් ලියන එකාට කොචොක් කිරීම නම් .....

    ReplyDelete
  8. මේකයි, වෙන අයට නැති ප්‍රශ්න ගොඩක් සිංහල අයට තියෙනවා. මං කියන්නේ ජාති වාදී කතාවක් නෙවෙයි. සිංහල අයට (වැඩිපුර) ප්‍රශ්න තියෙන්නේ දෙමළ අයගෙන් නෙවෙයි. සිංහල අයගෙන්ම තමයි. ඒකට ‍‍හොඳ උදාහරණයක් තමයි ඕක.

    (අනේ මන්දා ප්‍රතිචාර දෙන්න මං හෙන පරක්කු වැඩියි. සමාවුව සේක්වා!)

    ReplyDelete
  9. මටත් ඕකම තමයි ප්‍රශ්ණය... හොඳට තේරුම් ගන්න පුලුවන් .. ඒත් කතාව අබ්ලික්... ඒ වගේම තමයි ලියන්න ගියහම ඊටත් අබ්ලික්. මටත් ඒත් දැන් ඉංග්ලිෂ් වලින් කතා නොකර බැරි තත්ත්වයට පත් වෙලා තියනවා... ප්‍රශන්ටේශන් කරන්න වෙලා තියෙනවා... ඇත්තමට තියෙන්නෙ බැරිකමට වඩා හුඹස් බිය..

    මම කාලයක් තිස්සෙ හිතන් හිටපු දෙයක් , කතන්දරගේ මේ කතාවත් එක්ක නැති කර ගන්න වෙලා.

    ඒ වෙන මුකුත් නෙමෙයි, මම හිතාන උන්නේ කතන්දර කියන්නේ ඉංගිරිසි පසුබිමක හැදුන වැඩුන, පාසල් ගිය කළු සුද්දෙක් කියල.... බලන් ගියහම කතන්දර ත් මම අපි වගේම කෙනෙක් වෙලා හිටපු , ඒත් දැන් මම අපිට වඩා ඉහලට ගියපු කෙනෙක්....

    ReplyDelete
  10. oya sakvithi sir ge panthiyata giye nedda?

    ReplyDelete

කතන්දරේ ගැන මොකද හිතෙන්නේ? ලියන්න! Any comments, please?
(Comments are moderated and those with inappropriate content will be deleted).