ජීවිතයම කතන්දර ගොඩක්!
This is a Sinahla blog written for five years from July 2009. It contains stories - Kathandara - from authors life.
කතන්දරකාරයා ගේ දශක කිහිපයක ජීවන අත්දැකීම් අළලා 2009 ජූලි 11 දින සිට පුරා වසර පහක් තිස්සේ ලියවුණු කතන්දර එකතුවකි. kathandara@gmail.com
Friday, 24 February 2012
අල්ලපු ගෙදර ළමයින්ට චොකලට් ගෙනිච්චෙමි - Another lesson learnt!
චොකලට් කන්න කවුද අකමැති?
රත්නායක මහත්තයායි, රමණී නෝනයි ඇර මං දන්න හැමෝම වගේ චොකලට් කනවා. ඊට අමතරව තව කීප දෙනෙකුත් ඉන්නවා කෝටා එක ඉවරවෙලා හින්දා දැන් චොකලට් වගේ පැණිරහ ජාති වැඩිපුර නොකන. රත්නායක යුවල නං චොකලට් නොකන්නේ දිවේ වැරැද්දක් නිසා මිසක කෝටා ප්‍රශ්ණයක් හින්ද නං නෙමෙයි.
ඔය සීනි කෝටා එක ඉවරවෙලා ඉන්න අයට ඒක වෙලා තියෙන්නේ පැණිරහ ජාති කන්න ගියාම විචාරයකින් තොරව කාපු හින්දා වෙන්න පුළුවනි. කෑම බීම වගේ දේවල් වලදී හුඟක් වෙලාවට හෙණේට හිටින්නේ පොඩි කාලේ ඉඳලා පුරුදු වෙච්ච විදිය බව අමුතුවෙන් කියන්න ඕනෑ නෑනේ?
අද කතන්දරේ මීට අවුරුදු දෙක තුනකට විතර කලින් වෙච්ච වැඩක්.
අපේ අල්ලපු ගෙදරක ඉන්න පොරක් එක දවසක් පාරේ යද්දී මං පොඩි කරදරේක වැටුණු වෙලාවේ මට පොඩි පහේ උදව්වක් කළා. පොර නොහිටින්න මං එදා අනාථ වෙනවා.
ඉතිං පහුවදා හවස් කරේ මං පොර ගේ ගෙවල් පැත්තේ ගොඩ වැදුණා. නිකං නෙමේ මේ මිත්‍රයාට පොඩි පහේ තෑග්ගක් අරගෙනයි!
මේ ගෙදර පොඩි ළමයි දෙන්නෙක් ඉන්න බව දන්න හින්දා මං හන්දියේ කඩෙන් චොකලට් ස්ලැබ් දෙකකුත් අරගෙනයි ගියේ.
මං ගෙට ගොඩ වදිනකොටම පොඩි ළමයි දෙන්නා ඉස්සරහට ආපු හින්දා මං කළේ අර චොකලට් ස්ලැබ් දෙක තිබුණු පොඩි කඩදාසි උරේ ලොකු ලමයාට දුන්නා මෙන්න බබාලාට පොඩි රහ බඩුවක් කියලා.
මේ ළමයි දෙන්නා මොකද දන්නවද කළේ?
අර කඩදාසි බෑග් එක පැත්තකට දැම්මා, චොකලට් දෙක ගත්තා, දවටන ජාති දෙකම ඉරලා බිම දැම්මා, කොණක ඉඳන් කාගෙන, කාගෙන යන්න පටන් ගත්තා!
ඇත්තම කියනවා නම් මං පොඩ්ඩක් විතර කම්පනයකට ලක්වුණා කියන්න පුළුවන් ඒ සිදුවීම දිගහැරුණු හැටි දැකලා.
මං බැලුවා ළමයින්ගේ තාත්තා දිහා. මොන, ඌ මොකුත් නොවුණා වගේ බලං ඉන්නවා!
අපේ කෙල්ලටයි, කොලු පැටියාටයි නං අපි පොඩි කාලේම ඉගැන්නුවේ කවුරුහරි චොකලට් බිස්කට් වගේ දෙයක් ගෙනත් අතට දුන්නොත් (එහෙම දෙන්නේ ආදරේටනේ, ඒකට වරදක් කියන් බෑ!) කෙලින්ම ඒවා කෑමෙන් පස්සේ කන්න ෆ්‍රිජ් එකට දාන්න කියලයි.
ඒ විදියට පස්සේ කනකොටත් හැමෝම එක්ක බෙදාගෙන කන්න කියලායි අපි ඉගැන්නුවේ.
මං මේ අපි හොඳයි, උන්න නරකයි කියනවා නෙමේ. මට ඇත්තටම ආපු ලොකුම ප්‍රශ්ණය තමයි මේ පොඩි ළමයි ග්‍රැම් 150ක, 200ක විතර ඒ චොකලට් ස්ලැබ් එක ගානේ කාලා අසනීප වෙයිද කියලයි.
චොකලට් දෙක කාගෙන කාගෙන ගිය එක විතරක් නෙමේ මට ඇතිවුණු ෂොක් එකට හේතුව වුනේ. අර චොකලට් දවටන ඉරලා එතනම බිම දැම්ම එකත් මට පුදුමයක් වුණා. ඊටත් වැඩිය පුදුමය වුනේ ඒක හොඳට දැකපු අපේ මිත්‍රයා ඒ බව වගකට ගන්නේ නැතුව ඔහේ හිටිය එකයි.
මෙහෙමයි, අපිට බෑ අනුන්ගේ ළමයි හදන්න. ඒ ළමයින් ගේ දෙමව්පියන්ව හදන්න නං කොහෝමටත් බෑ. මං හිතාගත්තේ මෙච්චරයි. ආයේ නං කොහේ යනකොට චොකලට් ගෙනිච්චත් ළමයින් ගේ අතට නං දෙන්නේ නෑ!
-කතන්දරකාරයා
ප/ලි:
පොඩි ළමයින්ට මිස ලොකු ළමයින්ට චොකලට් ගෙන යාමේ දී ඔය නීතිය අදාල නැති බව කරුණාවෙන් සලකන්න. නැත්තං බුදු අම්මෝ, වැලාගේ දිනේ දී, ඇනිවසරියේ දී, උපන්දිනේදී කොහොමද ලකුණු ගන්නේ?
(image: http://www.island.lk/2008/02/14/business3.html)
Subscribe to:
Post Comments (Atom)
චොක්ලට් එකක් ලැබුනොත්, ඒක අතේ තියාගෙන කාගෙන, කාගෙන, හැබැයි හිමීට (මොකක් හරි බල, බල හරි, කියවන ගමන් හරි ) ඉවර කරන ගතියක් මගෙත් තියනවා. පලවෙනි කෑල්ල කටට ගන්න එක විතරයි ඕනි.:D
ReplyDeleteකොල කෑලි ඉරලා බිම දාන්නේ නම් නෑ කීයටවත්.
සමහර ඔහොම ලමයි මාත් දැකලා තියනවා. කම්මැලි දෙමව්පියන් වෙන්ටැති. නැත්නම් ගුටියක් දෙන්ට බැරිද රිදෙන්ටම.:D:D
පොඩි කුමාරිහාමි එහෙනං ළමයෙක් නෙමේ වෙන්නැති...
Deleteපලවෙනි කෑල්ල කටට ගන්න එක විතරයි ඕනි.:D
DeleteYeah Right!
// මං හිතාගත්තේ මෙච්චරයි. ආයේ නං කොහේ යනකොට චොකලට් ගෙනිච්චත් ළමයින් ගේ අතට නං දෙන්නේ නෑ //
ReplyDeleteඉතිං දෙමවුපියො හැදිලා නැත්තං ඒකෙනුත් වැඩක් වේයැ..!!??
පලි: මටත් හැබැයි කිසිම ගේමක් නැතිව ඕනම සයිස් එකක චොකොලට් එකකට වැඩක් දෙන්න පුළුවන් කිසිම අමාරුවක් නැතිව.. :D
චොකලට් නම් ඉතින් අහුවුනොත් ආයෙ නොකා ඉන්නවද. කාල දානව මිසක්.
Deleteඔබමයි මා හදවතේ
Deleteසතුටු සිනාවන් මතු කලේ
සුවබර හැගුමක් වී සැම දිනේ- කැන්ඩොස් :D
කෙලිබිමේ.........මිතුදම් මැවේ
Deleteමිහිරටයි සිත දිව ගියේ
විඳින්න කැන්ඩොස් දැන් සිනා මැවේ.....
ආදරයේ අළුත්ම පාට...කැඩ්බරි බ්ලූ
Deleteඑන්න දරුවනේ විනොද වෙන්නට
Deleteචොකලට් රස දෙයි හැම මොහොතේ
බාල මහලු සැම එක්වෙලා
කැන්ඩොස් උත්සව සමයමේ......
"සමය" මේ ද? "සමයමේ" ද?
මල............... සමයං!! :D
Deleteමෙන්න කැන්ඩොස් මාම ඇවිල්ලා...
Deleteනෑ නෑ...කැන්ඩොස් අවුරුදු කුමාරය ඇවිල්ල...
මේ වැලාගෙ දිනේදි 20 චොකලට් 5ක් අරගෙන මම තනියම කෑවා...
ReplyDeleteමේ තියරිය අදාල වෙන්ඩ පුළුවන් "අනාථ" වෙලා ඉද්දි උදව්වට ආපු යාළුවෙක්ගෙ ළමයින්ට චොක්ලට් ගෙනිච්චොත් විතරයි නේද? එක මකුණයි ළමයෝ කන්නෙ ?.. :DD
ReplyDeleteදැන් කතන්දර යාලුවට ගෙනිච්චෙ මොනවද කියල කියල නෑනෙ.
Deleteමමනම් ඉතින් පොඩි කාලේ ගෙදරට කවුරු හරි ගෙනත් දුන්න චොකලට් එක කන්න බොහෝම අමාරුවෙන් ඉවසගෙන ඉන්නවා. මොකද මම වැඩිය එලියට බහින්නේ නැති නිසා ඒ එන එක්කෙනා චොකලට් එක ටේබල් එක උඩින් තියනවා. අනික් දේ තමයි පොඩි කාලේ ගෙදරට එන කට්ටිය ගෙදරට කේක් එකකුයි මට චොකලට් එකකුයි ගෙනවානේ, ඉතින් මම බලන් ඉන්නේ එයාලා යනකන් අර පාර්සල් එක දිග ඇරලා බලන්න මට චොකලට් තියනවද කියලා.
ReplyDeleteමමනම් ඉතින් පොඩි කාලේ ගෙදරට කවුරු හරි ගෙනත් දුන්න චොකලට් එක කන්න බොහෝම අමාරුවෙන් ඉවසගෙන ඉන්නවා. මොකද මම වැඩිය එලියට බහින්නේ නැති නිසා ඒ එන එක්කෙනා චොකලට් එක ටේබල් එක උඩින් තියනවා. අනික් දේ තමයි පොඩි කාලේ ගෙදරට එන කට්ටිය ගෙදරට කේක් එකකුයි මට චොකලට් එකකුයි ගෙනවානේ, ඉතින් මම බලන් ඉන්නේ එයාලා යනකන් අර පාර්සල් එක දිග ඇරලා බලන්න මට චොකලට් තියනවද කියලා.
ReplyDeleteමේවත් කතා ද ?
ReplyDelete+1
Delete++
Delete++
Deleteලමයි ඉන්න කාලෙක ක.කා. ගෙන් ගන්න සෑහෙන උපදෙස් ගොඩක් තියෙනවා.
ReplyDeleteඅපරාදේ ළමයින්ගේ අම්මට දෙන්න තිබුනේ.... ගෙදර කවුරුත් නැතුව එයා විතරක් ඉන්න වෙලාවක.. අනික් දවසේ ඔය වගේ දේවල් කරන්න ඉස්සර.. අපි වගේ කෙනෙක්ගෙන් උපදෙස් ගන්න...
ReplyDeleteහ්ම්...අසල්වැසියාට ප්‍රේම කරන්න කියල තියෙන හන්ද වෙන්නැති
Deleteලමයි ඉන්න කාලෙක ක.කා. ගෙන් ගන්න සෑහෙන උපදෙස් ගොඩක් තියෙනවා.
ReplyDelete"සීනි කෝටා එක ඉවරවීම" ඒක නං නියම කියමනක් මම අදමයි ඇහුවෙ.
ReplyDeleteචොකලට් මේ විදියට කන්න ගියොත් නං ඒ පොඩිඑවුන්ගෙ කෝටාඑක වේලපහින්ම ඉවර වේවි. සීනි ගැන හොද කතාවක් මං කියන්නම්. අපේ අම්මගෙ තාත්ත, ඒ කියන්නෙ මගේ සීය මැරුනෙ දියවැඩියාව හැදිල. ඉතින් අපේ අම්මගෙ හිතේ තියෙන්න ඇති ඒ ගැන. අපිට පොඩිකාලෙ ඉදල එච්චර සීනි සහිත දේවල් කන්න දුන්නෙ නෑ. දුන්නෙ සැරජාති. උදාහරණයක් විදියට බනිස් එකක් දෙන්න ඕන වෙලාවට දුන්නෙ මාළුපාන් එකක්. ඒ කියන්නෙ බිස්කට් එකක් උනත් පැණිරස වැඩිය නැති එකක්. අදට උනත් මම පැණිරසට එච්චරම කැමති නෑ.
http://www.nrc.gov.lk/SAG/index.html
Deleteඅම්ම සීනි නොදුන්නත් මගේ "යහපත් පුරුදු" වලට පංසිද්ද වෙන්න සීනි මට්ටම ගානට තියාගෙන යනව :)
Deleteඅප්පේ දැන් කාලෙනම් පොඩි එවුන්ටත් දිය වැඩියාව එන නිසා පරිස්සමින් පෑණි රස දෙන්නෙ..
ReplyDelete// මං හිතාගත්තේ මෙච්චරයි. ආයේ නං කොහේ යනකොට චොකලට් ගෙනිච්චත් ළමයින් ගේ අතට නං දෙන්නේ නෑ // තමන්ගෙ හොඳ පුරුදු අනිත් අයගේ නරක පුරුදු හිංදා නැති කරගන්ඩ එපා කියලයි මම අහලා තියෙන්නෙ.....
ReplyDeleteචොකලට් විතරක් නෙමේ. කොච්චියෙ යද්දි බලන්ඩකෝ සිය පවුලම රටකජු කන්නෙ පොතු සීට් එක යටට දදා....
කෝච්චියේ රටකජු පොතු දාන එක නම් මමත් දැකලා තියනවා. හරිම කැත පුරුද්දක්. දැනුත් මේ කෝච්චියේ යන ගමන්. :D
Delete“කියවීම මිනිසා සම්පූර්ණ කරයි” කියන කියමන හරි කියල මට අද තේරුණා. ඔය වගේ අත්දැකීමක් මට ලැබිලත් නෑ. එහෙම එකක් වෙයි කියල හිතාගන්නත් බෑ. මේ කතාව දැන් තවත් අත්දැකීමක් හැටියට එකතු කරගන්න පුළුවනි.
ReplyDelete(ඒ මිත්රියා කවුද කියල සඳහනක් තිබුනනං මේ කතාව මඩක් කියල තමයි හිතන්න වෙන්නෙ. මිත්රනයගෙ නම ගම නැති නිසා බොරුවක් නෙවෙයි කියල හිතාගන්න වෙනව.)
මෙච්චර දිගට කමෙන්ට් එක ලිව්වෙ, “මේවත් කතා ද?” කියල AnonymousFeb 23, 2012 06:39 PM අහල තියෙනව දැකපු නිසයි. මේව තමයි කතන්දර. කතන්දර අහන කියවන එකේ පලේ මොකක්ද කියලයි මං පැහැදිළි කරන්න උත්සාහ කළේ.
:(
ReplyDeleteඉස්සර අපේ ගෙදරට කවුරුහරි ආවම යනකං ඉන්නේ හොර ගල් අහුල අහුල ගෙනාපු පාර්සලේ බලන්න..ඒකට දැං හැදෙන උං....
ReplyDeleteඅපේ අම්මලත් අපි ට කියලා දුන්නේ කවුරුහරි චොකලට් වගේ ඔය එක එක ජාති ගෙනත් දුන්නොත් අරන් තියලා පස්සේ කන්න කියලා තමයි. එහෙම පුරුදු කරපු එක කොයි තරම් හොඳ ද කියලා හිතුණේ මාත් යමක් කමක් තේරෙන වයසක ට ආව ම තමයි...
ReplyDeleteමේ සිද්ධියේදිත් ළමයින් ට වැරැද්දක් කියන්න බෑ. දෙමාපියන් තමයි ළමයින් ට ඒවා කියලා දෙන්න ඕනේ.....
~~~**දඟ මල්ල**~~~
පින්තුරෙ දකුණු පැත්තෙ තියෙන චොකලට් ස්ලැබ් දෙක සීනි කෝටා එක ඉවර වුන කට්ටියට තියෙන ඒවද ?
ReplyDeleteදුක හිතුනා ඔබා මාමගේ කොමෙන්ට් එක දැක්කම...බීට් වත් කන්න එපා කියලා නේද දොස්තර කියලා තියෙන්නේ....
Deleteකාලෙකට පස්සේ වෙන්නැති පොඩි උන් දෙන්නා චොකලට් දැක්කේ....
ReplyDeleteචොකලට් ස්ලැබ් ! මොකක්ද මගෙ අප්පේ ඒ ?
ReplyDeleteමම දැනෙන විදිහට ස්ලැබ් එක කියන්නේ අර ගොඩනැගිල්ලක් තනද්දී කොංක්‍රීට් වලින් හදන වහල කොටසට . හෙන සයිස් චොකෝ පදාසයකට තමා එහෙනම් ස්ලැබ් එකක් කියන්නේ .
අපිට නම් කියාදුන්නේ කවුරුත් බලා ඉද්දි කන්න එපා කියලා . ඉතින් මට රස කෑමක් ලැබුනාම මම ඒක කෑවේ ඇඳ යට ඉඳන් ..
හම්බුනොත් නම් කාගෙන කාගෙන යනවා කවුරු හරි ලඟ හිටියොත් කෑල්ලක් දෙකක් දෙනවා ඒ පුරුද්දට පොඩිම එවුන් ඉතින් මොනා දන්නවද... බෙදා ගෙන කන්න පුතේ කියලා දුන්නොත් නම් බෙදයි හැමෝටම නේද....
ReplyDeleteලමයි කියන අයව වැඩිහිටියන්ගේ කෝනයෙන් බලන්න යන්න හොද නෑ නොවැ.......හැබැයි හරි වැරැද්ද කියලා දෙන එක නම් වැඩිහිටියන්ගේ යුතුකම තමා...ඒත් ලමයින්ගේ ආසාවන් හා හරිවැරැද්ද කියන දෙක අතර පොඩි බැලන්ස් ගතියක් තියෙන්න ඕනා...
ReplyDeleteඅනේ මමත් ඉස්සර ඉඳල (දැනුත් එහෙමයි :) ) ගෙදරට එන අය යනකන් ඉන්නේ ගෙනාපු දේ කන්න.
ReplyDeleteවැඩිහිටියෝ තමයි ළමයින්ව හරි මගට යොමු කරන්න ඕන.මට හිතෙන්නේ අර ළමයින් දෙන්නනම් චොකලට් ස්ලැබ් එකක් ජිවිතේට නොලැබුන නිසා ලද අවස්ථාවෙන් ප්‍රයෝජනේ ගන්නැති :D
මේක කියවද්දි මට මතක් උනේ ඉස්සෙල්ලාම ඕනයාගේ ගෙදර ගිය දවස අපේ අභේපාල මාමත් එක්ක.
ReplyDeleteඅභේපාල මාමගෙන් ඇහුවම ඕනයට පොඩි එවුන් ඉන්නවද කියලා ඔව් ඔව් පොඩි කෙල්ලෙක් ඉන්නවා කියලා කියපු නිසා හොඳවැයින් ලොකු චොකලට් ස්ලැබ් දෙක තුනක් අරගෙන ගියා. ගියාම තමයි දන්නෙ ඕනයාගේ පොඩි කෙල්ලට මාස තුනයි. අනේ ඉතින් මොන චොකලට්ද......?
එදා තමයි දන්නෙ ඕනයා බැඳලා ඉන්නේ මගේ හොඳ යාළුවෙක්ගේ නංගි කෙනෙක්ව කියලා. මට මතක ඇති කාලෙ ඒ නංගි ජංගි කොටේකුත් ගහගෙන එහෙ මෙහේ දුව දුව හිටපු පොඩි එකී.....! ඒ කාලේ වගේම තමයි. තාමත් චොකලට් වලට ආසයි......!
//මට මතක ඇති කාලෙ ඒ නංගි ජංගි කොටේකුත් ගහගෙන එහෙ මෙහේ දුව දුව හිටපු පොඩි එකී.....! //
Deleteඈ යකෝ උඹ හෙන නාකියෙක්නෙ
බොලාට වඩා එච්චර වෙනසක් නෑ....! බොලා බාලා අපරාද කලා කියලා මම කියලා මොනා කරන්නද ?
DeleteHm... I am just observing some points here....
DeleteThat's the worst case.. only god knows when and how those points gonna come out.. :D
Deleteඅපේ ගෙදර සහෝදර සහෝදරියෝ පස් දෙනෙක් හිටපු නිසා මෙහෙම දෙයක් ලැබුනත් ගානට මිම්මට බෙදාගෙන කන පුරුද්දක් අපිට තිබුනා
ReplyDeleteහැබැයි මේ වගේ තෑග්ගක් විදිහට ලැබුන කෑමකට අත තියන්න අවසරේ තිබුනේ අමුත්තා ගෙදරින් ගියාට පස්සේ තමයි
අපොයි මෙහෙමත් ළමයි... මමනම් හිතන්නේ ඒක ළමයින්ගේ වරද නෙවේ එයාලව හදලා තියෙන දෙමාපියන්ගේ වරද.
ReplyDeleteඑකපාරයි ගෙදරට අමුත්තො ආපු වෙලාවක උං යන්න කලිං ගෙනා කේක් එක කෑවෙ . . . අම්ම අමුත්තො ඉස්සරහදිම දුන්න කේක නෙමෙයි පාංවත් කියාගන්න බැරිවෙන්න
ReplyDeleteම්... චොකලට්.....
ReplyDeleteපොඩි කාලේ ඉදන්ම හොද පුරුදු උගන්නන්න ඕනා ළමයින්ට
ReplyDeleteඅපේ ගෙදරට ආව යාලුවෙක්ගෙ පොඩි එකා එයාට ලැබුණු චොක්ලට් එක කාලා අපේ දුවගේ අතට දුන්න එකත් උදුරාගෙන කාලා ඒ ගමන්ම වමනේ දැම්මේ නැතැයි!!
ReplyDeleteමන් ඇහුව පොඩි එකාගේ අම්මගෙන්, දොස්තර ලඟට යන්න වෙයි නේද කියල. " අනේ ඕන නෑ, එයා හැමදාම ඔහොමයි " කියලයි කිව්වේ.
මල් පියලි
මාත් කවදාවත් චොක්ලට්ස් කන්නෙ නැහැ...ඒ වගේම අයිස් ක්‍රීම්...පැණිරස බිස්කට් වර්ග මොකුත්ම කන්නෙ නැහැ...හේතුව මොකක්ද කියල මමම දන්නෙ නැහැ..කිසිම දවසක මට ඒවා කන්න ඕනෙ කියල හිතෙන්නෙ නැහැ........
ReplyDeleteමටනම් චොකලට්නම් කැන්ඩොස් අම්මේ......... රස
ReplyDeleteබුදු අම්මෝ කමෙන්ටු ගොඩ. හොඳ හොඳ උත්තර හිතට ආවත් ලියන්න වෙලාවක් නෑ. කාලය දීපය දේශය සේරම අවුල් වෙලා තියෙන්නේ.
ReplyDeleteසියළු දෙනාටම ස්තුතියි. හෙට සන්ඩේ ස්පැෂල් පලවේවි. සඳුදාත් කතන්දරයක් වැටේවි.
හැබැයි ළමයි, එතනින් එහාට නං භාණ්ඩාගාරය හිස්! වෙන්ට කතන්දර විතරයි තියෙන්නේ ලියපු ඒවා ඉවරයි!
ඔය අතට දුන්න ගමන් කොලේ ගලෝල එතනම බිම දාල කාගන කාගන යන සිරිත හොඳට දකින්න පුළුවන් ඡන්දෙකින් පස්සෙ. ඕව දරුවන්ට පුංචි කාලෙ ඉඳල පුරුදු වෙන්න අරින එක එහෙම බැළුවම මහම මහ වරදක් කියන්නත් බෑ ඉතින්.
ReplyDelete-ලොකු