
සාහිත්‍ය ලෝකයේ වැජඹෙන මගේ හිතවතෙක් දැනට අවුරුදු ගණනාවකට කලින් කොටස් වශයෙන් පලවුණු නවකතාවක් ලිව්වා එක්තරා සඟරාවකට.
ඒ නවකතාවේ තමයි මං මුලින්ම දැක්කේ තනිකරම සයිබර් ලෝකයේ ඇතිවෙන පොඩි පහේ ලව් එකක් ගැන ප්‍රබන්ධයක ඇතුලත් වෙනවා.
ඒ කතාවේ කොල්ලයි කොල්ලයි දෙන්නාගේ සම්බන්ධය තනිකරම යන්නේ චැට් ලෝකයේ.
පසුකාලෙක බ්ලොග් ලෝකයේත් මේ වගේ ලව් ගැන කතන්දර ගියා තමයි, නමුත් මං මේ කියන්නේ 2004 පමණ කාලයේ. මට හිතාගන්න බැරිවුණා සැබවින් නොදැකපු දෙන්නෙක් කොහෙමාද ලව් කරන්නේ කියලා.
ඒ අදහස මගේ හිතේ වැඩ කරලා අන්තිමේදී මෙන්න මෙහෙම තමයි එළියට ආවේ.
මේ කවියෙන් අහන්නේ ඒ වගේ සයිබර් ලෝකයේ වරචුවල් ලව් එකකින් පස්සේ එන වරචුවල් බූට් එක කොයි වගේ වෙයිද කියන එකයි.
ඊ-පෙම ගැන බැඳුනු ඊ-විරහ ගීය
ඉස්සර වාගේ එවන්න ලිපියක් අන්තර්ජාලිත රැහැන් දිගේ
ඉස්සර වාගේ කරන්න දෙඩුමක් එම් එස් එන් සේවයෙන් අගේ
ඉස්සර වාගේ ගයන්න ගීයක් සිත ගත හද මත් කරන මගේ
ඉස්සර වාගේ ලබන්න සතුටක් අද මට කල පින් මදියි වගේ
එදා වගේමත් පේරාදෙණියේ හඳ පායනවද කඳු මුදුනින්
එදා වගේමත් මහවැලි නදියේ රැළි පෙරලෙනවද පෙණ නගමින්
එදා වගේමත් ගලහ හන්දියේ මල් පෙති විසිරෙනවද සුළඟින්
එදා වගේමත් මා සියුමැළියේ මා ගැන සිහිවෙනවද සුසුමින්
පරිඝණකයෙ විද්‍යුත් ලිපි ගොණුවට වෛරස් ආසාදනයක් දෝ
දුරකථනයෙ පිරිවැය සීමා බිඳ අන්තර්ජාලය ගොළුවුනි දෝ
විශ්ව ගමේ නිතරම දුටු සැවුළිඳු කරමළ සුදු පැහැ ගැන්වුනි දෝ
අන්තර්ජාලෙදි දී බැඳි ඊ-පෙම්දම අන්තර්ජාලෙම මියගියෙ දෝ
-කතන්දරකාරයා
ප/ලි
ඔය අන්තිම කවියේ දුරකතනයෙ පිරිවැය සීමා බිඳ කියලා කියන්නේ ඒ දවස්වල තිබුණු ඩයල්-අප් ඉන්ටර්නෙට් එකවුන්ට්ස් ගැන හිතලායි.
දෙවෙනි කවිය නං කෙලින්ම මේ සයිබර් ලව් සීන් එකට අදාල නෑ. ඒත් ඉතිං දන්න අත්දැකීම් උපයෝගී කරගන්නේ නැතුව වර්චුවල් එක්ස්පීරියන්ස් හදාගෙන කවි ලියන්න ඇහැකියැ?
(image: http://www.spiritisup.com/cyberlovebl.html)
2004 සයිබර් ලෝකේ ලව් තිබ්බද? හිතාගන්ටත් බෑ.:D:D:D
ReplyDeleteaffoi... ow ithin mey ada eeye internet gaththu ayanam danne nathiwa athi.... :) :)
Deleteමගේ යාළුවෙක් ඉන්නවා එහෙම සෙට් වෙලා බැඳපු.
Deleteමගෙත්.
DeleteThis comment has been removed by the author.
Deleteමගෙ ලඟම ඥාතියෙකුත්
Delete2004 කියන්නේ කොච්චර පහු වෙලාද අනේ. 1998 දී ආව You've got mail බලල නැද්ද? :D :D
Deleteහපොයි මම කියලා තියෙන්නේ 'ලව්' එක ගැන නිරෝ....:D:D:D
Deleteමගේත් යාළුවෙක් ඉන්නවා FB හරහා හමුවෙලා ලව් කරලා කසාද බැන්ද....යාළුවා කොරියා මායියා ඩුබායි. දෙන්නා කසාද බැදලා ආපහු ඒගොල්ල හිටපු රටවලටම ගිහින් "සාර්ථකව" විවාහ ජීවිතය පවත්වාගෙන යනවා
Deleteරටවල් දෙකක ඉදගන සාර්ථකව @#$%%^&&& කොහොම කරනවද මන්දා
Delete1999 පෙන්නන්න පටන් ගත්තු Kadhalar Dhinam චිත්‍රපටියේත් තියෙන්නේ ඉන්ටර්නෙට් චැට් එකකින් සෙට් වෙන love එකක් ගැන තමා
ReplyDeleteඅෆ්ෆට මෙහෙ එහෙමත් සීන් උනාද?
ReplyDeleteඅපි ඉතින් 2004 සූටි බබාලනේ.... :-)
සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!
මේවගේ කවි දෙකක් දැක්කමයි.
ReplyDeleteකකා නොදන්නවාට බ්ලොග් අවකාසෙත් තියෙන්නෙ ඔය ඕනැ තරම් ලව්. බඳින්න තරම් නම් දුර දිග ගිය ඒවා නැහැ. ඇඳ දක්වා නම් දුර ගිය ඒවා තියෙනවා කියා උපකල්පනය කළ හැකියි. දැන් මගෙන් අහන්න එපා කවුද කවිද කියලා. පොඩ්ඩක් ඇහැ ඇරගෙන ඉන්නකෝ.
ReplyDeleteමම දන්නව මේ ඇනෝ කව්ද කියල, ෂර්ලොක් හෝම්ස්. :D
Delete2004 මම දන්නෙ නෑ 2007 විතරනම් සයිබර් ආදරයක් ගැන මමත් දන්නවා...හප්පේ එහෙමත් ආදරයක්... මේ වෙනකොට ඒ ආදරේ එක වහලක් යඩ කූඩු වෙලත් හමාරයි හික් හික්
ReplyDeleteඅර හසිත කියපු ෆිල්ම් එක නම් අවුරුදු 10 කට විතර කලින් මාත් බැළුව. සුන්දර කතාවක්. මම අසකරන සිංදුවකුත් ඒකෙ තියනව, අර වෙරළක තියන පොඩි කඳු ගැට උඩ ඉඳන් කියන සිංදුව. ටැමිල් නිසා වචනනම් මතක නෑ. ඒකෙ සංගීතය නම් ලස්සනයි. මට මතක හැටියට A. R. Rahman ගෙ මියුසික්.
ReplyDeleteඔයා කියන්නෙ මේ සිංදුව වෙන්න ඇති..
Deleteඑන්න විලයි අඩගේ
ආ ... ඔව්. ස්තූතියි ඔබට. මේ ෆිල්ම් එක හින්දි හඬකවලත් තිබුණ මම හිතන්නෙ. හින්දි සින්දුවත් ලස්සනයි.
Delete@ DDT
Deleteරහමාන් තමා මේකේ මියුසික් කරන්නේ. කතාව වගේම කතාවටම හරියන සංගීතය. උපරිමයි.....
මම කැමතිම සිංදුව මේක
http://www.youtube.com/watch?v=ASuqOl1hywM
How about this song then ?? (Hindi one)
Deletehttp://www.youtube.com/watch?v=2grR6aLDDj0
$Manumoos$
අද නම් කයි කතන්දරේ ලින්ක් නෑ..එතකොටත් පාළුයි වගේ..
ReplyDeleteහැබෑමයි!
Deleteමගේ හොඳම සයිබර් යාලුවො සෙට් එකෙන් මුලින්ම බැන්ඳෙ ෆන් එල්කේ සයිට් එකේ හිටි ප්‍රබා සහ කිටී. ඒ අයගේ බාබටත් දැන් අවු. 2කට වැඩී. අපි සෙට් එකේ දෙන්නෙක් ගියා වෙඩින් එකටත්... ඊළඟට මේ ඊයෙ පෙරේදා අල සහ කන්නා බැන්ඳා..මේ ඒ අයගෙ නික් නේම්.. තව හසිත කියලා මල්ලි කෙනෙක් බැන්ඳලු..
ReplyDeleteඅන්තිම කවිය තමයි නියම.. කොච්චර හේතු තියෙනවද ඊ- ප්‍රේමයක් බිදෙන්න බලාගෙන යද්දී..
ReplyDeleteදැන් දැන් සයිබර් ලොකේනුත් පරස්තා හොයාගත්ත හැකි.. කවි ටික නම් අගෙයි
ReplyDeleteoyath ehama neda ranga iyata ane gahagatte :P
Deleteසයිබර් ලව් කරලා තියෙන්නෙත් බලපුවාම පෙරේ ගස් අස්සේ නේ?
ReplyDeleteඉන්ටර්නෙට් ලව් ඇනගෙන විතරක් නෙවේ පවුල් කඩාකප්පල් කර ගත්ත අයත් ඉන්නේ!
ReplyDelete2004 වෙද්දී ජාලය පාවිච්චි කලාට බ්ලොග් ගැනනම් දැනගෙන හිටියේ නැහැ...
ReplyDeleteහැබැයි ඒ කාලේ වෙද්දී චැට් හරහා එක එක සම්බන්ධතා ඇති කර ගත්තු යාළුවො අපිටත් හිටියා.
හැබැයි ඉතින්, ඒ අයගේ සම්බන්ධතා කොයි තරම් දුරට ගියාද කියල දන්නේ එයාලම තමයි...:(
E ලව් නේද..? අලුත් සමාජ විපර්යාසනෙ නේද..?හෙහ්...හෙහ්...
ReplyDeleteඊ ලව් නම් ඉතින් අපිත් කරන්න හැදුවා :)
ReplyDeleteනොදක කරන ලව් ගැන නම් දන්නේ නෑ
ReplyDeleteඊ-පෙම ගැන බැඳුනු ඊ-විරහ ගීය නම් පට්ටය්
මට ලස්සන සින්දුවක් ලියලා එවන්න්කෝ
ReplyDelete