කරුණාසේන ජයලත් | බොල්ඩ්වින් කුරුප්පු |
මාසික සඟරාවකට මා ලියූ ලිපියක් "ගොළු හදවත හෙවත් මොන්ටිසෝරි ආදරේ" නමින් මං සඳුදා බ්ලොග් එකේ පළ කළා.
ඒකේ ප/ලි යේ මං ලිව්වේ මෙන්න මේකයි.
"මෙහි සඳහන් වන ගොළු හදවත නම් නවකතාවේ ප්‍රේම වෘතාන්තය මා මොන්ටිසෝරි ආදරයකට කරන සම කිරීම අසා සිත රිදුණු එක්තරා ප්‍රසිද්ධ ගීත රචකයෙකු මගේ ලිපියට පිලිතුරු ලිපියක්ද ලියූ බව ප්‍රීතියෙන් සඳහන් කරමි!"
එදා සඟරා ලිපියට ආපු ඒ ප්‍රතිචාරයට සමාන ප්‍රතිචාර තුනක් විතර මට ඊයේ ලැබුණා.
1. නිහාල් ගුරුසිංහ [http://kathandara.blogspot.com/2012/06/montessori-love-affairs.html?showComment=1340050511515#c6084952498341684753]
2. බ්ලොග් විචාරක [http://kathandara.blogspot.com/2012/06/montessori-love-affairs.html?showComment=1340072164134#c8028944356743141916]
3. දම්මී [http://kathandara.blogspot.com/2012/06/montessori-love-affairs.html?showComment=1340089509637#c8968749302898331133]
මේ අයට පොදු පිළිතුරක් ලෙසත්, මගේ ගොළු හදවත හෙවත් මොන්ටිසෝරි ආදරේ කතන්දර පෝස්ටුවට දිගුවක් ලෙසත් අද මං පළ කරන්නේ එදා අර ප්‍රසිද්ධ ගීත රචකයාගේ පිළිතුරු ලිපියට ප්‍රතිපිළිතුරක් ලෙස මා ලියූ ලිපියයි.
දැන් මෙන්න ඒ ලිපිය.
සිලි-හදවත හෙවත් මුල්ලේරියා ආදරේ
මේ සඟරාවේ මැයි කලාපයට මා ලියූ ගොළු හදවත හෙවත් මොන්ටිසෝරි ආදරේ නමැති ලිපිය කියවු කීප දෙනෙකුගේ සිත් රිදී ඇති බව මට ලැබුනු ප්‍රතිචාර වලින් පෙනී යයි.
මොව්හූ, හැටේ දශකයේ හැදී වැඩුනු, ගොළු හදවත නව කතාව වන පොත් කළ, මා සඳහන් කළ ආකාරයේ 50% සාර්ථක මොන්ටිසෝරි ප්‍රේමාදරයන් ගේ පැටළුනු සහ තවමත් එවැනි රෝමෑන්ටික් සිහින ලෝක වලට විටින් විට පිවිස උන්මාදනීය රසයක් ලැබීමට කැමැත්තා වූ පෘතග්ජන පුද්ගලයෝ වෙති.
මුලින් ම කිව යුත්තේ මට ඔවුන් සමග කිසිම වාදයක් නැති බවයි. ඔවුන්, ඔවුන් ගේ සමනල වර්ණ සිහින ලෝක වලම සදාකල් රැඳී සිටිත්වා!
මා "ගොළු හදවත" කෘතියට මොන්ටිසෝරි ආදරේ යැයි තවමත් සුගත් දම්මිලාගේ ලෝක වල සිටින්නන් ගේ සිත් රිදෙන පරිදි සරදම් කළද, කරුණාසේන ජයලත් ම ලියූ තවත් එලෙසම 50% ආදර කතාවක් වූ "ලස්සන ඇස්" ගැන එසේ නොකියමි.
එයට හේතුවක් ඇත. එනම් "ලස්සන ඇස්" හී කතා නායකයා, ගොළු හදවතේ සුගත් මෙන්ම 50% ක ආදරයක් ගැන පසු තැවුනෙකු වුව ද ඔහු සුගත් මෙන් ලව්-සික් බලයෙන් බේබද්දෙක්, උන්මත්තකයෙක් බවට පත් නොවීමයි.
"ගොළු හදවත" කතාවේ ප්‍රාරම්භය බලන්න.
සුගත් තරුණ මහතා හෝටල් කාමරයකට වී බියර් බොමින් විනාශ මුඛයට යමින් සිටී.
ඒ කවර හෙයින් ද? කිසිදාක ප්‍රකාශ නොකලා වූ මොන්ටිසෝරි ආදරයක් නිසාවෙනි.
පසුව "බඹා කෙටූ හැටි" ලියා ජයලත් උන්නැහේ සුගත් ව යන්තම් ගලවා නොගත්තා නම්, ඔහු නතර වීමට නියමිතව තිබුනේ එක්කෝ පොලිඩෝල් මාර්ගයෙන් හොරණ කැරකෝප්පුවේ ය.
නැතිනම්, ප්‍රෝසැක් මාර්ගයෙන් මුල්ලේරියාවේ ය.
මගේ "ගොළු හදවත හෙවත් මොන්ටිසෝරි ආදරේ" යන කොලමේ මාතෘකාව වෙනස් වී එය "සිලි-හදවත හෙවත් මුල්ලේරියා ආදරේ" යනුවෙන් ලියවෙන්නට ද ඉඩ තිබුනි.
අවසාන වශයෙන් කිව යුත්තේ මෙයයි. අප අනුකරණය කළ යුත්තේ බිබී මිය යන සුගත් ලා නොව, හැකි අයුරින් "සැන්දෑවට හෝ පායා" ලොවට ආලෝකය ගෙන එන්නෝ ය.
පසු සටහන 1:
එම කලාපයේ ම තිබූ තවත් ලිපියක ද "ගොළු හදවත" නවකතාව ගැන සඳහනක් විය.
එහිදී "ගොළු හදවත" හදුන්වා දී තිබුනේ, අහිංසක ආදරයක් ලෙසිනි.
ඒ උපමාව මා මතය තව දුරටත් තහවුරු කරන්නකි. මොන්ටිසෝරි යන වයසේ අපේ නොදරුවන් තරම් අහිංසකයින් තවත් ඇද්ද? එනිසා අහිංසකම ආදරය මොන්ටිසෝරි ආදරය වේ.
පසු සටහන 2:
කරුණාසේන ජයලත් මගේ සිත දිනු ගත් කතු වරයෙකි.
ඔහුගේ හොඳම කෘතිය ලෙස මා සලකන්නේ යහළු-යෙහෙලි නවකතාවයි.
ඔහු ගේ නවකතා පිළිබඳ සමහර විට ඔබ නොසිතූ කරුණක් මම කලක සිට දනිමි. එනම් ඔහු තම සියළු නවකතා නම් කර ඇත්තේ අකුරු හයකින් සමන්විත වන පරිදි බවයි.
අප දන්නා මුල්ම කෘතිය වන "ගොළු හදවත" අකුරු දෙකක වචනයක සහ අකුරු හතරක වචනයක සංයෝගයකි.
මේ රීතිය අනුගමනය කරමින් කරුණාසේන ජයලත් "මුව දඩයම" සහ "රීදී නිම්නය" නම් කර ඇත.
ඔහු ලියු අකුරු 3-3 අච්චුවේ කෘති මෙසේ ය:
ගැහැණු ළමයි,
හතුරු හිතක්,
යහළු යෙහෙළි,
සතීගේ කතාව.
අකුරු 2-2-2 අච්චුවෙන් නම් කර ඇත්තේ "මව සහ දුව" සහ "බඹා කෙටූ හැටි" නවකතාවන් ය.
මේ හැම කෘතියකම ඇත්තා සේ "ලස්සන ඇස්" නමේ ඇත්තේ ද අකුරු හයකි.
කරුණු මේ හැටි වූවද කරුණාසේන ජයලත් ලියූ එකම ගුවන් විදුලි නාට්යැය වන "ගිම්හාන ගීතය" නම් මේ අකුරු හයේ නීතියෙන් පිට පැන ඇත.
(image: http://www.dailynews.lk/2010/08/25/art14.asp)
/එනම් ඔහු තම සියළු නවකතා නම් කර ඇත්තේ අකුරු හයකින් සමන්විත වන පරිදි බවයි. /
ReplyDeleteකකාත් මාර දේවල් නෙ දන්නෙ.
1960 ගණන් වල ඊරියගොල්ල අධ්‍යාපන ඇමැති කාලෙ පත් කරපු "සම්මත සිංහල කමිටුවේ" එක නිර්දේශයක් වුණේ පොතක නමක් හැම විටම නාම ප්‍රකෘතියකින් අවසන් විය යුතුය කියන එකලු. (උදා: බැස්කර්වීල්ස් හි රුදුරු බලුව, ගම් පෙරළිය, කරුමක්කාරයෝ) "මගේ නඩුව ඉවරයි", "යළි උපන්නෙමි", 'සදා මෙලෙස පුර දෙරණේ" වගේ ඒවා ඔට්ටු නෑ. (ඒවා "මගේ නඩුව ඉවර වීම", "යළි ඉපැදීම", "මෙලෙස දෙරණේ පුර තැනීම" වෙන්න ඕනැ.) ලේඛකයෝ කවුරුත් ඔය ඊනියා උගතුන් පඩේකට වත් ගණන් නොගත් නිසා මේ විහිළුව සාර්ථක උණේ නැහැ.
ඔහේත් දන්නේ මාර දේවල් නේ!
Deleteඊරියගොල්ල හෙළුවට පෙරලූ මනුතාපය කියන්නේ භෞතික විද්‍යා පොතක් කියලා හිතපු අයත් ඇති.
මනුතාපය, මම කියවපු හොදම පොතක්.ජනවර්ජන,ජන්තු,කිසා, පූජකතුමා, අමරණිය චරිත
Deleteඔව් ජය ශ්‍රී මනුතාපය කියවන්න වටින පෙතක් තමයි. වැරැද්ද ඊරියගොල්ල මහත්තයගෙ පොත සංක්‍ෂිප්ත පරිවර්තනයක්. ඊරියගොල්ල මහත්තයම කියනව මුල් පොත පිටු නවසිය ගණනක්ය ඒක පිටු 150 කට විතර සංක්‍ෂිප්ත කිරීම අභියෝගයක් වුණාය කියල. ලස්සන වැඩේ (මම හිතන හැටියට) පරිවර්තකයෙක් නොකලයුතු වැඩකුත් ඔහු කරනව. ඔබ නම සඳහන් කළ, කතාවෙ ප්‍රධාන චරිතෙ “ජනවර්ජන“ ඔහු යොදපු නමක්. බලන්න ඊරියගොල්ල මහත්තය ඒ ගැන කියන හැටි.
Deleteමේ කථාවේ වීරයා වශයෙන් සැලකෙන්නාගේ නම ප්‍රංශයේදී නම් කියැවෙන්නේ “ෂාවාල්ෂා“ යනුවෙනි. Jean Valjeen යන අකුරින් එන මේ නම ඉංගිරිසි අනුවාදය කියවන බොහෝ දෙන උච්චාරණය කරන්නේ “ජීන් වැල්ජින්“ කියා යි. මේ පුද්ගලයා මුලදී ජනයා විසින් වර්ජනයකරන ලද්දෙකි. එහෙයින් ඉංගිරිසි නමෙහි උච්චාරණය ද ආශ්‍රිත “ජනවර්ජන“ යන නම “මනුතාපයෙහි“ ඔහුට යෙදේ. සෙසු බොහෝ නම් පිළිබඳ ව ද කිව යුත්තේ ඒම ය.
දැන් අර පැරණි රුසියන් පොත් පරිවර්තනය කරන අය තම තමන්ට හුරු නම් යොදන්න ගත්තොත් කොහොමට හිටී ද? ඉදින් ඒ මහා කෘතියෙ අසංක්‍ෂිප්ත පරිවර්තනයක් වැඩි පණ්ඩිතකම් නැතිව තව කවුරු හරි පරිවර්තනය කරනකම් මම ඉන්නෙ. (මේ කමෙන්ට් එක කිසිසේත්ම ඊරියගොල්ල මහත්තයගෙ ව්‍යායාමය අවතක්සේරු කිරීමක් නෙවි)
100%ක් එකගයි.. ඔය වගෙ සංක්ෂිප්තව පරිවර්තනය කරන්න ගිහින් විනාස කරපු පොත් කිහිපයක්ම තියෙනවා මනුතාපයට අමතරව.. දේවතාපය (Last days of Pompeii), දේවහස්තය (Count of Monte Cristo), ධවල සේනාංකය (The White Company) එයින් කිහිපයක් පමණයි.. පුංචිකාලෙ ඔය පොත් කියවලා පස්සෙ කාලෙක ඉංග්‍රීසි පොත කියවන්න ලැබුනම හිතෙනවා අයියෝ අර මොකක්ද අරයා කලේ කියලා.. සංක්ෂිප්ත කරන්න ගිහින් මුල් පොතේ රසය එහෙම් පිටින්ම කාලා දාපු තැන් තියෙනවා..
Deleteඔය කෑගැහුවට ඔය එකෙක් වත් පොත් සංක්ෂිප්ත කරලා නැහැ. ඔය ඔක්කෝම පොත්වලට තියෙනවා ඉංග්‍රීසි Abridged version එකක්. සමහරවිට කීපයක් තියෙනවා. මේ උන්දෙලා කරන්නේ ඒක පරිවර්තනය කරන එක විතරයි. අපි නොදන්න සංක්ෂිප්ත කිරීම!
Deleteඅර පොත් ලැයිස්තුවට තවක් එකතු කරන්න ඕනැ පොත් ගොඩක් තියෙනවා. එහෙම නොවුණු එකක් තමයි ටී. බී. ඉලංගරත්නගෙ "දෙනුවර කතාව". මට චාල්ස් ඩිකන්ස්ගෙ මුල් පොත කියවන්න ආසා හිතුනේ ඒක කියවීමෙන් පසුව.
මම කියවල තියෙන්නේ මුව දඩයම පමණයි.
ReplyDeleteමේ කතාවෙන් මා ගත් ආදර්ශය මුලින්ම කරුණාසේන ජයලත්ගේ ඉහත දක්වලා තිබුණු පොත් ටික හොයාගෙන කියවන්න ඕනේ කියන එක
ReplyDeleteමමත් එකෙන්ම ඒ කතාවට එකඟයි.
Deleteගොළු හදවත
ReplyDeleteයහළු යෙහෙළි
හතුරු හිතක්
ලස්සන ඇස්
කියවා ඇත්තෙමි....
ගොළු හදවතේ සුගත් ,එතකොට දේව්දාස් මේ දෙන්නම එක වගේ නේද ?
ලස්සන ඇස් තමයි මෙතුමා රචිත පොත් වලින් මා ද කැමැති පොත. වයසින් වැඩිමහළු කෙල්ලක ගැන පිරිමියෙක්ගේ හිතේ ඇතිවෙන ආදරයක්.හැබැයි ඒකෙ දි නම් එයාගෙ අතකින් අල්ලනව වගේ මතකයක් තියෙනවා.ඒ ආදර කතාන්දරයට “ සිහිනෙන් ගාපු සුවඳක් වගේ මතකයක් “ ඒ පිරිමි ළමයගේ හිතේ ඇති කියල දැනෙන කතාවක්.
“ලස්සන ඇස්“ කිව්වෙ අර ජපන්නු කොළඹට බෝම්බ දානකොට පවුල පිටින් පිටිසර පදිංචියට යන වික්ටර් කොළුවට එහේ ඉන්න කුසුමා (මතක හැටියට නම)දැරිවි ගැන මෙව්ව එකක් ඇතිවෙන සිද්ධි ටිකක් තියන පොත නේද? ලස්සන කතාවක් තමයි. (මගේ හිතේ වික්ටරය බේබද්දෙක් නොවුනෙ උන්ගෙ ෆැමිලි එකේ රෙස්පෙක්ට් එකට හරියන්න බොන්න බඩු ගමේ තිබුණෙ නැති නිසා වෙන්ටෑ. :) උන් ගමේ ගෙදර දි ඉංග්‍රීසියෙන් දොඩන්නෙත් නෑ, දෙමැපියන්ගෙ උපදෙස් පිට, නෑගෙදර ළමයිට ඉංගිරිස් බැරි හින්ද)
ReplyDeleteකරුණාසේන ජයලත් පොත්වලට නම් තියනකොට පොඩි විරිතකුත් හිටින්න සරල නම් තියල කියල හිතිල තිබුණට ඔය කතන්දර කියපු සීන් කෝන් එකනම් මට මීටර්වුණේ නෑ ඕං, බලන්ඩකෝ ඒකෙත් හැටි.
ඔය නරක වයස කියන කාලේදී කොල්ලෝ කෙල්ලෝ නිතැතින්ම පෙළඹෙන දෙයක් තමයි තමන් බලපු චිත්‍රපටයක හරි ටෙලියක හරි එහෙමත් නැත්නම් කියවපු නවකතාවක හරි සිත් ගත චරිතයක් වගේ හැසිරෙන්න පටන් ගන්න ඒක. ඒක ඉස්සරත් උනා දැනුත් වෙනවා. හැබැයි දැන් කාලේ පොඩි වෙනසක් තියෙනවා, ඒක තමයි තමන් අනුකරණය කරන්න පෙළඹෙන චරිතය කතාවේ වීරයා වෙන්නම ඕනා නැහැ, පොඩි පොඩි විහිලු කාරයෝ වෙන්නත් පුළුවන්. මම දැකලා විඳලා තියෙනවා ඔය සුජීව ප්‍රසන්න ආරච්චිගේ නව කතා වලට ඇබ්බැහි උන අය, විශේෂයෙන්ම කෙල්ලෝ ඇත්ත ජීවිතෙත් ඒ විදියට හිතන්න පුරුදු වෙලා ඉන්නවා. හයියෝ මට මතක් වෙනකොටත් පිස්සු වගේ..
ReplyDeleteකොහොමහරි මම කියන්න හැදුවේ මේකයි. ඔය මම කියපු කාරනා එක්ක බැලුවම අතින්වත් අල්ලලා නැති මොන්ටිසෝරි ලවක් නිසා සුගත් බේබද්දෙක් උනානම් ඕක පිස්සුවෙන් කියවපු සුගතව අනුකරණය කරපු ඒ නිසාම බේබද්දෙක් උන කොල්ලෝ එකෙක් දෙන්නෙක්වත් මේ ලංකාවේ ඇති.
මොකද්දෝ පොතක තිබ්බා හාමි රකා ෆිල්ම් එකේ මෝටර් ද පීල් වගේ කතා නායක පීටර් රඟපාන හැටි. මේ කමෙන්ට් එක දැක්කාම මට මතක්වුනේ එක.
Deleteඔය කතාව තිබුනේ ගුණදාස ලියනගේ ( ගු. ලි ) ලියපු මල්ලිගේ විත්ති කියන කෙටි කතා පොතේ . පුංචි කාලේ කියවපු ලස්සන පොතක්..!!
Deleteඅද ලිපියෙන් නම් කියන්න හැදුව දේ හොඳටම පැහැදිලි වුනා! මාත් එකඟයි!
ReplyDeleteඅර අකුරු හයේ සම්බන්දෙ නම් අපූරුයි. හිතා මතාම එහෙම නම් දැම්ම නොවෙන්නත් පුලුවන් නේද? මහ ගොඩක් පොත් ලියලත් නැහැනෙ.
ගොළු හදවත කෙසේ වුවද, මා දකින පරිදි යොවුන සිතක හැඟීම් ඉතාම සුන්දර ලෙස ලිවිය හැකි ගත්කරුවෙකි, කරුණාසේන ජයලත්.
ReplyDeleteගොළු හදවතේ දකින්නට ලැබෙන බොළඳ බව ඔහුගේ අනෙකුත් කෘතීන් වල දකින්නට නැත. මා හට නම් ඔහුගෙ අගනාම කෘතිය වන්නේ "ගැහැණු ළමයි" නවකතාවයි.
ඔබේ අදහසට මාද එකග වෙමි.
Delete" ගැහැණු ළමයි " කෘතිය නම් විශිශ්ටය. එහි මට මතක පරිදි මෙහෙම දෙබසක් තිබිනි. එය මගේ හද අදටත් සසල කරවයි. ලොකයියාගේ අම්මා - "ගෑනු අපිට කොහොම මොකද කුසුමේ "
කෘතියේ ලොකු වයසක නොසිටි කුසුමේ විදින දුක් අපූරුවට ඉදිරිපත් කර ඇත.
මෙගා නාට්යය විසින් ඒ කෘතිය විනාස කර දමන ලදි යන්න මගේ හැගීමයි.
+++++++++
Deleteගිම්හාන ගීතය, ගිම්හාන ගීය උනා නම් ගොඩ!
ReplyDeleteපැරණි ආදර කතා , නූතන ආදර කතා කියල වෙන් නොකර මම හැම වර්ගයේම ආදර කතා කියවන නිසා කරුණාසේන ජයලත් මහත්මයාගෙ හැම පොතක්ම කියවල තියනවා. ඒවාගේ කතා අදටත් රස විඳින්න පුලුවන්. හැබැයි පොඩි දුකකට තියෙන්නේ මගේ පොත් එකතුවේ එතුමාගේ එකම පොතක්වත් නැති එකයි.
ReplyDeleteකරුණාසේන ජයලත් - නව කතා
ReplyDelete1. ගොළු හදවත
2. බඹා කෙටූ හැටි
3. මුව දඩයම
4. ලස්සන ඇස්
5. ගැහැණු ළමයි
6. පිරුණු හදක්
7. යහළු යෙහෙළි
8. මව සහ දුව
9. ඇවැස්ස නෑයෝ
10. හතුරු හිතක්
11. රිදී නිම්නය
12. සතීගේ කතාව
13. කුල කුමරිය
(http://si.wikipedia.org/wiki/කරුණාසේන ජයලත්)
14. මානවිකාවක් ??
15. පෙම් පුවතක් ??
මානවිකාවක්, පෙම් පුවතක් ඔහු අවසානයට ලියූ නවකතා. අසූව දශකයේ අගභාගයේදී විතර. දෙකම කියවා තියෙනවා. කතා මතක නැහැ. පෙම් පුවතක් (මතක හැටියට) සුව කළ නොහැකි අසනීපයක් වැළඳී මියෙන තුරු රෝහලක ජීවත් වන්නට සිදුවුණු යුවතියක් ගැනයි. අපට එක පාරටම හිතෙන්නේ ලේඛකයාට මෙවැනි චරිතයක් හම්බ වෙන්න ඇති. ඉන්පසුව ඇය ගැන ලියන්න ඇති කියලා. නමුත් ජයලත්ට කවමදාකවත් එවැන්නියක් හමු වුණේ නැතිලු. සියල්ල ඔහුගේ පරිකල්පනය.
Delete1971 කැරැල්ලෙන් පසුව ජයලත් ටික කලකට සිර ගත වෙනවා. (තමන්ට උදව් කළා කියලා ජවිපෙ කැරළිකරුවන් දුන් බොරු ඔත්තු මත, සිරිමාවෝ බණ්ඩාරනායක ආණ්ඩුව සිය හිතවතුන් පවා සිර කරනවා) ඔහු එක කතාවක් (මතක හැටියට 'මව සහ දුව') සම්පූර්ණයෙන්ම ලියා නිම කරන්නේ හිරේ ඉඳගෙනයි. එහිදීත් ඔහු කියන්නේ සිරගත වෙලා ලිව්වාය කියා එහි කිසිම විශේෂත්වයක් නැති බවයි. ඒත් ඔහුගේ සාමාන්‍ය නව කතාවක්. සිරගෙයක් ගැන සඳහනක් වත් නැහැ.
සිළුමිණ පුන් කලස ලිපියක්:
ReplyDeletehttp://www.silumina.lk/punkalasa/20111204/_art.asp?fn=ar11120415
.
ආදරයට බොළඳයි කිව්වම සමහර අයට කේන්ති යනවා ඒ ආදරයට පන වගේ ආදරය කරලා තාමත් අමතක කරගන්න බැරි අයට වෙන්න පුළුවන්.
ReplyDeletemath oba ekka 100/100 k ekangai. ow montisori adarayak kelinma adahasa prakasa karannatharam wath athma shakthiyak nathi premawanthayek. dammi ta sugath nolabeema gana mama wadath sathutu wenawa.
ReplyDeleteගොලු හදවත මොන්ටිසෝරි ලව් එකක් කියල, කතන්දර කියන්නෙ පොපියුලරිටි එක වැඩිකරගන්න. මොකද කතන්දර හරි දක්සයි මොකක් හරි කොන්ටොර්වසල් දෙයක් කියල කස්ටිය අවුස්සන්න. මම ඉඳල හිටල හරි මේ බ්ලොග් එකට එනකොට තියෙන්නෙම ඒවගෙ ටොපික් එකක්. බලන්න මේ මම මීට කලින් දාපු කොමෙන්ට් එකක්,
ReplyDeletehttp://kathandara.blogspot.com/2012/05/eliyakanda-torture-camp.html?showComment=1337745999503#c6027866566740876176
ඒ කොමෙන්ට් සීරීස් එක කියයවනකොට තේරෙනවා අර ප්‍රස්න අහන ඇනෝ වෙන කවුරුවත් නේවේ කියලත්.
තව පොඩි දෙයක් කතන්දර මහත්තයෝ (මහත්තයකු යැයි උපකල්පනය කරමි, ලිංග බෙදය නෙවෙයි මම කියන්නෙ ), ඔයා කියනවනම් "මගෙ බ්ලොගේ මට ඕන එවා ලියන්නෙ" කියල, ඒක වැරදියි, ඔයා ලියන්නෙ අපිට බලන්නනෙ, එතකොට අපි අදහස් දක්වනවා, එහෙම එපානම් ඉතින් අර කවුද කිව්වා වගෙ කොලේක ලියල මෙට්ටෙ යටින් තියා ගන්න තමයි කියන්නෙ වෙන්නෙ.
Ano 11111
මට පේන්නේ ඔබ ඔය කියන කන්ට්‍රවර්ෂල් ඒවා හොය හොයා යන කෙනෙක් වගේ...!!!
Deleteවෙල්කම්, වෙල්කම්!
ඒ සමගම ඔබට ම ආවේනික හිතලු ඔබට ඇත.
1. මේ ලිපිය (සහ ඊට කලින් ලිපිය) මා සඟරාවක් සඳහා ලියූවේ මේ බ්ලොගය පටන් ගන්නට කලකට පෙරය. ඔබ කියන විකාර අවශ්‍යතා මට නැත.
2. මට මගේ බ්ලොගයේ ඇනෝ කමෙන්ට්ස් දාන්නට තරම් අවශ්‍යතාවයක් හෝ වේලාවක් නැත.
ස්තුතියි!
කොලුවනේ, තමන්ගෙ බොලොගෙ තමන්ම ඇනෝ කමෙන්ට් දානවය කියන්නෙ තමන්ගෙ මිදුලෙ කක්කා කරනව වගේ වැඩක්. කොයි තරම් හිට්ස් වලට කෑදර වුණත් මම හිතන්නේ නෑ කකා ඒවගේ කක්කා වැඩ කරයි කියල. කකා ඉස් අ ජෙන්ට්ල්මන් බ්ලොගර්, යූ නෝ?
Deleteහැබැයි ඒවගේ කුජීත වැඩ කරපු බ්ලොග්කරුවන් කීප දෙනෙක්ම හිටියා. ඉන් කැපී පෙණුනු කෙනෙක් තමයි බ්ලොග් අවකාශ ජාතිවාදෙන් ගඳ ගස්සපු රංග මිගාර වීරක්කොඩි වෛද්‍ය තුමා. උන්දැ නම් එක පෝස්ට් එකට වෙන වෙන නම් වලින් තමන්ම කමෙන්ට් දහයක් විතර දාගත්තා, සපිරිවර ඉන්නවා කියල පෙන්නන්න. අන්තිමට උන්දැත් නෑ. සපිරිවරත් නෑ. කුජීතම වෙලා බ්ලොග් අවකාසෙන් තොලොංචි වුණා. ඔන්න දිට්ඨ ධම්ම වේදනීය කරුමය.
යහළු යෙහෙළි ලියල තියෙන්‍නේ .... ගැහැණු ළමයෙක් ලියන විදිහට. ඒ කතාවේ ප්‍රධාන චරිතය "මුදිතලතා" තමයි කතාව ලියන්නේ.
ReplyDeleteපිරිමි කෙනෙක් , ගැහැණු කෙනෙක් විදිට ලියල එක අසාර්ථකයි කියලයි මම නම් හිතුවේ...
මම ඔය අතරින් කැමති ගැහැණු ළමයි ට.
ReplyDeleteලස්සන ඇස් ඉතාම හොඳ පොතක් බව පිලිගන්නවා. එත් ගැහැණු ළමයි වගේ හිතට වදින ගතියක් මට එකේ නැහැ. සමහර විට ගැහැණු ළමයි කුසුම්ගේ දෘෂ්ටි කෝණයෙන් ලියවීම තුල මම ගැහැණු ළමයෙක් වීම නිසා මට ඒක වැඩියෙන් දැනෙන්න ඇති.
මම අහල තියනවා කරුණාසේන ජයලත් ශුරින් ගේ සත්‍ය ජීවිතයේ කතාවක් කියලා මේ ගොළු හදවත. ඒකෙ සුගත් වෙන්නේ එතුමා ලු. ඉතුරු චරිත දෙකත් අපි දන්නා හඳුනන ප්‍රකට කලාකරුවෝ දෙන්නෙක් කියලා එක වතාවක් පත්තරේ ලිපියක් පළවුනා මතකයි. මේ කතාව කියන්නෙත් ඒ ආන්දෝලානාත්මක චරිතමයි, ඔවුන් එක ඉස්කෝලේ ඉගෙනගෙන තියෙන්නේ. මම ඒ ආටිකල් එක හොයාගන්න පුළුවන් උනොත් ආපහු කමෙන්ට් කරන්නම්.
ReplyDelete--- --------------------------------------- ----
අද පොස්ට් එක නිකම් සාහිත්‍ය සම්මේලනයක් වගේ, කරුණාසේන ජයලත් ශුරින් ගැන. නොදන්නා ගොඩක් දේ දැනගත්තා. ස්තුතියි.
ඒ සේරම මං දන්නවා. ඔය උඩ ෆොටෝ දෙකින් දකුණු පැත්තේ ඉන්නේ පෙම් ත්‍රිකෝණයේ අනිත් කෙනායි.
Deleteමේ ගැන යන්තමින් සඳහන් වුණා කලින් ලිපියේ කමෙන්ටුවල.
http://kathandara.blogspot.com/2012/06/montessori-love-affairs.html?showComment=1340093902018#c1989049032851139477
කරුණාසේන ජයලත් මහතා දක්ෂ ලේඛකයෙක්..එය ගැන තව කියනු කුමට...
ReplyDeleteකතන්දර මහත්තයා ටිකක් පැහිලා ගොළු හදවත කියවන්න ගිය එකයි ප්‍රශ්නේ...ඒකයි කතාවේ ප්‍රධාන චරිතය බොළද වගේ පෙනිලා ඇත්තේ...
60 දශකයේ විතරක් නෙවෙයි අද කාලේ ආදර කතා වලත් විරහව...බොළද බව තියෙනවා මහත්තයා...ඒ මනුස්ස හිතේ සුවබාවයනෙ...ඒකට නව කතාවේ චරිත වල ගූඪ බව විවේචනය කරලා පලක් නෑ.....
ඊයෙ ලිපියට වඩා අද ලිපිය පැහැදිළියි....ඊයෙ ලිපියෙ සදහන් කළ යුතු බොහෝ දේ ඔබතුමා පැහැදිළි කළේ පසුව..කොමෙන්ටු මගින් නෙවෙද?
හරි...දැන් සතුටුයි...ස්තූතියි....
අනේ මන්දා මට නමි ඔය ආදර නව කථා එකක් වත් පෙන්නන්න බෑ
ReplyDeleteඔක්කෝම කථා අන්තිමට එක වගේ
මේ පොත් සෙට් එක කියෙව්වේ අවුරුදු බර ගානකට ඉස්සරවෙලා. ආයම කියවන්න ඕන.
ReplyDeleteගිම්හාන ගීතය ගුවන් විදුලි නාටකයේ තේමා වාදනයට මං හරිම ආසයි.
ReplyDeleteකරුණාසේන ජයලත් හෝ ගොළු හදවන නවකතාව හෝ බොළඳ යැයි මා විස්වාස කරන්නේ නැති නමුත් ගොළු හදවතේ කියැවෙන ප්‍රේම වෘත්තාන්තය මොන්ටිසෝරි ආදරයක් බව පිළිගත යුතුය. එවැනි තවත් නවකතා සහ කෙටි කතා ඇති අතර ඒවාට ආශා කළ කාලයක් මටත් තිබිනි.
මේ ගැන උදාහරණ කීපයක් කීම හොඳයැයි සිතමි.
බොම්බයි මොටයි කෑමට එදත් අදත් මම ආශා කරමි.
එහෙත්, කුඩා කල ආශා කළ ඇතැම් දේට දැන් මම ආශා නොකරමි. එමෙන්ම දැන් ආශා කරන සමහර දේට කුඩා කල මම වෛර කළෙමි.
කුඩා කල මා කළ කී සමහර දෑ කෙතරම් බොළඳදැයි අද මට සිතේ. කුඩා කළ නොව සමහර විට ඊයේ කළ දේ බොළඳයැයි අද සිතෙන අවස්ථාවන්ද ඇත.
කරුණාසේන ජයලත්ගේ දක්ෂකමනම් වැඩිහිටි වයසට පැමිණි පසුත් කුඩා කාලයේ මානසිකත්වයක් ආරූඪ කරගනිමින් අති සාර්ථක ලෙස බොළඳ ප්‍රේමය ගැන ලිවීමයි.
මමත් ගොළු හදවත කියෙව්වෙ පාසැල් යන කාලේ. එදා නම්
ReplyDeleteඑච්චර තේරුනේ නෑ ඒක උසස් එකක්ද ? මොන්ටිසෝරි එකක්ද
කියල. පස්සෙ කාලෙක දෙවන වරට කියෙව්වම එහි ඇති යම්
උසස් ගුණාංග කීපයක් හිතට ඇතුළු උනා. චිත්‍රපටය
නැරඹුවාටත් පසුව. අපේ නවකතා කීපයක් සිනමාවට
නැගී තිබෙනවා. එයින් බොහොමයක් නැරඹීමේදී , පොත
කියවන විට ලැබෙන තෘප්තිය ලැබෙන්නෙ නෑ. උදා : මඩොල්දූව.
එහෙත් ගොළු හදවතට නළු නිළියන් තෝරා ගැනීමේදී එහි
අධ්‍යක්ෂකවරයා එය නියමෙට කර තිබෙනවා. ඒ කාලේ
ජනප්‍රිය නළු නිළියන් වූ ඔස්වල්ඩ් ජයසිංහ , ටෝනි රණසිංහ,
ජීවරානී වැන්නවුන් මේ සඳහා යොදා ගත්තා නම්
එය විශාල වරදක් වන්නට ඉඩ තිබුනා.
සුගත්ට රඟ පෑ වික්‍රම බෝගොඩ අද්බූත චරිතයක්.
සුගත්ගේ චරිතයට ආවේශ වීමෙන් එය සිදු වූවාද,
ඔහුගේ එම චරිත ස්වභාවය නිසා එම චරිතයට
තෝරා ගත්තාද කියා මට ප්‍රශ්නයක්?
කතන්දර එක තැනක අසා තිබුනා, " සුගත් එච්චර
බොන්නෙ ඇයි" කියා. කතන්දරට කවදා හෝ විරහව දැනී
නැති හැඩයි. පොත මුලින් කියවන විට මටත් එහෙම හිතුනා.
" ඕක බොන්න තරම් ප්‍රශ්නයක්ද" කියා. අපි ජීවිත කාලයේදී
ආදරය කරනවා. ආදරය ලබනවා. දෙමාපියන් හෝ
සහෝදරයන්ගේ වියෝව නිසා සිය දිවි නසා ගත්තෙක්
ඇත්නම් ඒ අතේ ඇඟිලි ගානට විය යුතුයි. එහෙත් පෙම්වතා
හෝ පෙම්වතිය වෙනුවෙන් දිවි දුන් ගණන කොතෙක් විය හැකිද.
ඒ විරහව ඒ තරම්ම බලසම්පන්නයි. මා එය අඳුනනවා.
සුගත් බොන එක ගැන මට දැන් ප්‍රශ්නයක් නෑ.
හතුරු හිතක් හි කුසුම් ද මෙවන් චරිතයක්. අක්කර පහේ සේන
මැදවත්ත , සඳවතීද මගේ මතකයේ රැඳී ඇති මෙවැනිම චරිතයන්ය.
කරුණාසේන ජයලත් ගේ නවකතා ගොඩක් කියවන්න ලැබුන.. සමහර කතා බාගෙට තමයි මතක.. කොච්චර කල් ද.
ReplyDeleteඒ කතා වල විශේෂත්වයක් තමයි කතා උත්තම පුරුෂයෙන් ලියා තිබීම (මම-කාරයෙන්) ගොළු හදවත සහ බඹා කෙටු හැටි ප්‍රථම පුරුෂයෙන් තිබුනේ මට මතක හැටියට (වෙන කෙනෙක් කියන විදිහට.)
ඒ වගේම ලස්සන ඇස සහ හතුරු හිතක් පිරිමි කෙනෙක් කියන විදිහට.. ඇරුනම අනෙක් ඔක්කොම කතා ගැහැණු ළමයෙන් කියන විදිහට ලියල තයෙන්නේ..
අර අකුරු හයේ කතාව මම කලින් නිරීක්ෂණය කරලා තිබුන.. පොස්ට් එකෙන් ඒ අතීත කතන්දර ඔක්කොම මතක් වුනා.. ස්තුතියි..
සියලුම දේ කියවා සතුටු වූයෙමි
ReplyDelete