ජීවිතයම කතන්දර ගොඩක්!
This is a Sinahla blog written for five years from July 2009. It contains stories - Kathandara - from authors life.
කතන්දරකාරයා ගේ දශක කිහිපයක ජීවන අත්දැකීම් අළලා 2009 ජූලි 11 දින සිට පුරා වසර පහක් තිස්සේ ලියවුණු කතන්දර එකතුවකි. kathandara@gmail.com
Wednesday 11 November 2009
නොට්ටිගෙ පුතා - තාත්ත ගෙන් පුතාට
තාත්ත කළ දේ පුතා නොකලොත් ඌ නොට්ටිගෙ පුතා ලු!
මේ කතාවෙන් කියවෙන්නෙ පුතාලා තාත්තලා වගෙයි කියලනෙ. මේ කතාව ඇත්තද?
අපේ සීයට තිබුන උඩු රැවුලක්. ඒත් තාත්තත් ඇතුළුව සීය ගෙ පුතාල කවුරුවත් ම රැවුල වැව්වෙ නෑ. ක්ලීන් ෂේව් කරල තමයි ඉන්න කැමති හැමෝම.
අපේ තාත්ත දිනපතා රැවුල කැපුවට තාත්ත ගෙ පුතාල නම් හැමෝම රැවුල වවනව!
අපේ තාත්ත මත්පැන් කට හරියෙ තියන්නෙ නෑ.
ඒකට එයා ගෙ පුතාල. තාත්ත ගෙ පාවිච්චි නොකරපු කෝටා එකත් අරගෙන වගෙ වැඩකිඩ නම්. ඒ කෝටා එකයි, තමන් ගෙ කෝටා එකයි මදිවට ඊලඟ පරම්පරාවෙ කෝටා එකත් දැම්මම ඉවර කරයි ද මන්ද?
මේ සේරටමත් වැඩිය තාත්තගෙයි මගෙයි තියෙන වෙනස් කම තමයි දේශපාලන අදහස්.
ඕක මට තේරුණේ එක සැරයක් ඡන්දයක් කාලෙ අපේ ගෙදරට කැන්වසිං ආපු යූ.ඇම්.පී. කාරයො දුන්න ලීෆ්ලට් තොගේ ගන්නෙ නැතුව බිමට වැටෙන්න ඇරල, මං කාමරේට වැදුන වෙලේ තාත්තට තද වෙච්ච හින්දයි.
තාත්ත ඒ වෙලාවෙ නං කිව්වෙ, ගෙදරට ආපු මිනිස්සුන් ට එහෙම කරපු එක වැරදියි කියලයි. ඒ වුනාට මං හිතන්නෙ ඒකෙන් තේරුණේ තාත්තගෙ හැංගිලා තියෙන යූ.ඇම්.පී කමයි.
හොඳ වෙලාවට තාත්තයි මායි කවදාවත් ලංකාවෙ දේශපාලනය ගැන කතා කරල නෑ. ඒ වගේම තාත්තා කවදාවත් මට අනවශ්‍ය දේශණා දෙන්න ගිහිල්ලත් නෑ ඒ වගෙ මාතෘකා ගැන.
මේ කතන්දරේ ලියන්න ගත්තට පස්සෙ මට මතක් වෙච්ච එකක් තමයි, ජනවාර්ගික ප්‍රශ්ණය ගැනත් තාත්තයි මායි කවදාවත් කතා කරල නැති බව. ඇත්තටම කියනව නම්, ඒ සම්බන්ධයෙන් තාත්තගෙ අදහස් මොනවගේද කියල මට අනුමානයක් මිසක් කිසිම පැහැදිලි අදහසක් නෑ.
සමහර විට මං නොට්ටිගෙ පුතෙක් වෙන්න ඇති!
(මේ කතන්දරය පල කෙරෙන්නේ අද නොවැම්බර් 11 දිනට යෙදී ඇති මගේ තාත්තා ගේ උපන් දිනය වෙනුවෙනි.)
-කතන්දරකාරයා
Subscribe to:
Post Comments (Atom)
අපි කවුරුත් ෙනාට්ටිෙග් පුතාලා තමයි බලං ගියාම...
ReplyDeleteඅෙප් පැත්ෙත් නම් කියන්ෙන් ෙරාට්ටිෙග් පුතා කියලා. ෙමාකද දන්නෑ...
තාත්තලාගෙ පුතාලගේ අදහස් ටිකක් පරස්පර විරෝදියි මටත් ඒක හිතෙනව
ReplyDeleteඒත් ඒවා කොහොම උනත් තාත්ත පුතාටයි, පුතා තාත්තටයි ගරු කරනවනේ :)
ඇත්ත තමා ඩෝසන්ගේ කතාවත්, මගේත් තාත්තාගෙත් අදහස් අහසට පොළව වගේ පරස්පරයි. දේශපාලන ගැන වුණත්...එහෙම තමා!
ReplyDeleteඋඔ නොට්ටිගේ පුතෙක් බං... එහෙම නොවෙන්න උඔ තාත්ත වගේ වැඩ කරන්න යන්න එපා.. තාත්තට උඔ වගේ වෙන්න කියහන්.. වැඩේ ෂරි
ReplyDeleteමට මතකයි ඉස්සර අපි ගෙදර ඉන්න කාලේ පාන්දර එක දෙක වෙනකම් සීලිම නොගහපු අපේ ගෙදර එක පෙලට තිබුනු කාමර තුනේ ඉඳගෙන කාමර තුනටම බිත්තිවලට ඉහලින් ඇහෙන්න බෙරිහන් දීගෙන තාත්තයි මායි නංගියි දේශපාලනේ ගැන වාද බේද රන්ඩු සරුවල් කරපු හැටි . . .
ReplyDeleteනංගි බෙරිහන් දෙන්නේ තාත්තාට විරුද්ධ වෙන්න ඕන කමට මිසක් දේශපාන දර්ශනයක් නොතිබූ බව දන්න තාත්තා . . . සමහර වෙලාවට එනවා මගේ කාමරේ ලඟට මට ගහන්න වගේ . . .
ඒත් අද වෙනකම් තාත්තාගෙන් මම ගුටි කාලා නම් නෑ . . අම්මා කෑ ගහල තමයි රන්ඩු නවත්තන්නේ . . .
"මම කියන විදිහට ඉන්න බැරි නම් උඹ මේ ගෙදර ඉන්නත් එපා" යි කියා කියූ දවසක "අහ් එහෙම කොහොමද මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක් . . විරුද්ධ මතවාදීන්ව එහෙම මර්ධනය කරන්න බෑ " කියලා මම රන්ඩු කරපු හැටිත් අම්ම මගේ පැත්ත අරන් වලිය ශේප් කරපු හැටිත් මතක් වෙද්දී මටත් හිතෙන්නේ මාත් නොට්ටිගෙ පුතෙක් කියලා තමයි . . .
(not + උගේ)පුතා = නොට්ටිගේ පුතා.
ReplyDelete(not + උගේ)පුතා = නොට්ටිගේ පුතා. මේක තමා හරිම කතාව.මේකෙන් පේන්නෙ අපේ මුතුන් මිත්තන්ගේ ඉංගිරීසි දැනුම තමා. හිකිස්
ReplyDeleteමගේ තාත්තා නං කවදාවත් මට බොන්න එපා යැයි කිව්වේ නැත. "උඹටත් ටිකක් ඔනේද" ඇසුවා මිස. හොඳටම වැඩිවී ගෙදරා ආ දිනක මගේ හිසේ දෙහි ගා මට නින්ද යන තුරු මා ලඟින් නොසෙල්වී සිටියේ තාත්තාය. දේශපාලනය ගැන මා සමඟ අනන්තවත් වාද විවාද කලේය. විශ්වවිද්යාලය සමයේ සිට වාමාංශිකයෙකු වූ ඔහු වාසු සහොදරයා හෝ බාහු සහෝදරයාට බස්ණාහිර පලාතෙන් ලැබුන චන්ද 5000 ගැන සිනාමුවින් පවුලේ අන් අය වෙතින් එන විවේචන ඩිෆෙන්ඩ් කලේය. " ෂහ්! අපේ සහොදරවරු 700 ක් ම ඉන්නවනේ මේ පලාතේ" ඔහු කියන්නේ උද්දාමයටත් වඩා අම්මාගේ සහ මගේ ප්‍රති ප්‍රහාර අවුස්සා ගැනීමටය. එහෙත් කිසි දිනක රාජකාරිය සම්ඟ දේශපාලනය ඈඳා නොගත්තේය. අතින් පයින් ගනු දෙනු බේරා ගැනීම කවදාවත් අනුමත නොකලේය. පන්සල් ගියේ නොගිහින් බැරිම නම් පමනෙකි, ඒත් මා දන්නා පන්සල් යන එවුන්ට සහ පන්සල් වල ඉන්න එවුන්ට වඩා හොඳ බෞද්ධයෙක් වෙයි. කුඩාකල අප කැන්දාගෙන ගුනසේන සාප්පුවට හෝ සරසවියට ගොස් පොත් ඇසුරේ වැඩෙන්නට සැලස්වීය. මතවාදීමය වශයෙන් එකඟ නොවන අය ගැන මා හා වාද කලේය, නමුත් උන්ගේ පොත්පත් ගෙනැවිත් දුන්නේය. පොත් 10,000 ක් පමන වූ පුද්ගලික පුස්තකාලක් ඇති මුත් මේ වන තුරා "කාලේ කන්නේ නැතුව පොතක් කියවපන්" යයි ( අම්මා මෙන්) කවදාවත් මට කිව්වේ නැත. දිනපතා ගන්නා ඩේලි නිව්ස් එක කියවා ඉන්ගිරිසි හදා ගනින් කීවේ නැත. දහම් පාසැල් යන්නට බැරි බව කී විට නැවත කිසි දිනක ඒ ගැන බල කලේ නැත. මගෙ තාත්තගේ උපන් දිනයද නොවම්බරයේය. එහෙත් මෙය මගේ බ්ලොගයට නොගැලපෙන්නක් ලෙස මට හැඟේ. උඹේ කමෙන්ට් තීරුවේ පලකරන්නේ , සියලුම හොඳ තාත්තලා වෙනුවෙනි.
ReplyDeleteකවුරු කවුරුත් පිළිගත්තා වගේ අපි හැමෝම නොට්ටි ගෙ පුතාලා.
ReplyDeleteතාත්ත ලා එක්ක දේශපාලනේ කතා නොකරන තරමට හොඳයි මං දන්න තරමට. ඒකයි මං මග හැරියේ කවදත්.
මකබාස් - උඹට අපූරු තාත්තෙක් ඉඳලත් තාත්ත ගැන ලියන්න බැරි ආකාරයේ බ්ලොග් එකක් කීරීමම උඹ නොට්ටිගේ පුතෙක් බව සනාථ කරනවා නේද?
සියළු තාත්තලාට ජයවේවා!
මතක නේද, මගේ මල්ලිත් තාත්ත කෙනෙක් වෙන්න නෙ පොඩි කාලෙම ප්ලෑන් කළේ.
http://kathandara.blogspot.com/2009/09/blog-post.html
නොවැ 11 තමයි අපේ තාත්තාගෙත් උපන්දිනේ....
ReplyDeleteඇයි දුවලා.. හික් හික්.. අපේ තාත්තාට ඕන උනේ පුතෙක් නැති අඩුව මගෙන් සපුර ගන්න.. ඒක නිසා මගෙන් වචනයක් වරදිනකම් ඉන්නේ අල්ගෙන ජොලි වලියක් යන්න.. කතන්දර කාරයගෙයි. අංජනගෙයි තාත්තලා දෙන්නටම සුභම සුභ උපන්දිනයක් ම වේවා..!
ReplyDeleteමා නම් හිතන්නේ තාත්තලාගේ පුතාලාගේ පෞරුෂත්ව එක සමාන වීම නිසා තමයි ඔය ගැටීම එන්නේ. එහෙම බැලුවහම කවුරුත් නොට්ටිගේ පුත්තු නොවේ. ඒ ඒ තාත්ත ලාගේ ම පුත්තූ තමයි. එහෙම හරියටම ගැලපිලා ඉන්නවා නම් තමයි නොට්ටිගේ පුත්තු වෙන්නේ.
ReplyDeleteමගේ තාත්තාටත් එදිනම සිය උපන් දිනය සැමරූ අන්ජන ගේ තාත්තාටත් නීරෝගී සුවයත් දීර්ඝායුෂත් පතමි.
ReplyDeleteකතන්දරකාරයා
http://muchalindha.blogspot.com/2009/08/blog-post_21.html
ReplyDeleteමේං මගේ පියා.මනුස්සයත් හරී හිත හොඳයි.කියවලා බලහල්ලා..
ක.කා ගෙයි අංජන ගෙයි තාත්තලාට සුබම සුබ පහුවෙච්ච උපන් දිනයක් වේවායි පතනවා.
නොට්ටිගේ පුතා කියන්න එපා බන්!...
ReplyDeleteඅම්ම පවු නෙ එතකොට !!!