ජීවිතයම කතන්දර ගොඩක්!
This is a Sinahla blog written for five years from July 2009. It contains stories - Kathandara - from authors life.
කතන්දරකාරයා ගේ දශක කිහිපයක ජීවන අත්දැකීම් අළලා 2009 ජූලි 11 දින සිට පුරා වසර පහක් තිස්සේ ලියවුණු කතන්දර එකතුවකි. kathandara@gmail.com
Thursday, 11 November 2010
ඔබේ කඩ්ඩ හොරද? එහෙනං මෙන්න ශිෂ්‍යත්වයක්!
මේ කතන්දරේ මගේ මතකයේ යට තිබිලා උඩ මතුවුනේ මං ලියපු වී.කේ. විරාජ් ගේ ජරමානු ගමන කතන්දරේට ටැබූ සර් දාපු කොමෙන්ට් එකට ප්‍රති උත්තර ලියන වෙලෙයි.
ටැබූ ගේ කොමෙන්ටුවේ මට සාපේක්‍ෂකව වැරදි දෙකක් තිබුණා.
එක. භාෂාවේ භාවිතය සහ උච්ඡාරණය සමාජ කොටස් අනුව වෙනස් වෙන්නේ ඉංගිරිසියේ පමණක් බව. ඒක ගැන අරුණිත් පිලිතුරක් ලියලා තිබුණා.
දෙක. ඉංගිරිසි දැනුම අඩු අයට සුද්දෝ පහත් විදියට සලකන බවත්, ජර්මානුවෝ සහ වෙනත් ජාතිකයෝ තමන් ගේ භාෂාව නොදන්නා අයට එහෙම කරන්නේ නැති බවත්.
සුද්දන් ගේ සුදු හුණු ගාන්න මට අවශ්‍ය නෑ. නමුත් මං දන්න මේ කතන්දරේ නම් නොකියාම බෑ.
මට මතකයි අපි නුවර තිප්පොලෙන් අවුට් වෙලා ප්‍රතිපල ආපු දවසේ ඉඳලා ක්ලාස් ගහපු පොරවල් වලට අමුතු උණක් හැදිලා තිබුණා. ඒ ටෝෆල් (Test of English as a Foreign Language) එග්සෑම් එක කරන්නයි. අවුරුදු දෙකකට විතර පස්සේ මං තුමාත් යාන්තං ඩොලර් ටිකක් හොයාගෙන විභාග ගාස්තු ගෙවලා, ෆ්ලවර් රෝඩ් එක පැත්තේ බඩ ගාලා, කැසට් අහලා, සී.එන්.එන්. බලලා, ඩික්ෂනරිය කට පාඩම් කරලා, යාන්තං ජාම් බේරගත්තා. ටෝෆල් එකේ අමාරුම හරිය තමයි අර යැන්කී ඇක්සන්ට් එක තේරුම් අරගෙන උත්තර ලියන එක.
ඔය ටෝෆල් වගේම තවත් ඉංගිරිසි විභාගයක් තමයි අයී.ඊ.එල්.ටී.එස්. මේක ලංකාවේ පැවැත්තුවේ බ්‍රිටිෂ් කවුන්සිල් එකෙන්. මට ඕක කරන්නත් වුණා. ඒත් ඒ, ටෝෆල් කරලා අවුරුදු හතර පහකට පස්සේ නිසා වැඩි කරදරයක් වෙන්න වුනේ නෑ.
ඔය කාලේ මං වැඩ කරපු තැනට ආවා එක්සත් රාජධානියේ ආණ්ඩුවෙන් ස්කොල් එකක්. මාස හයක ටෙක්නිකල් training එකක් කොම්පියුටර් හාඩ්වෙයාර් ගැන. මේක බ්‍රිටිෂ් කවුන්සිල් එකෙන් තමයි හැඬල් කලේ.
අපේ ආයතනයෙන් මේ සඳහා නිර්දේශ කළා තරුණ තාක්‍ෂණික නිලධාරියෙක්ව. නොමිනේෂන් එක ප්‍රොසෙස් කරන එකේ එක අවශ්‍යතාවයක් හැටියට එයාට අයී.ඊ.එල්.ටී.එස්. විභාගය කරන්න තිබුණා.
ඒත් ඉතිං අනේ මේ මනුස්සයා අයී.ඊ.එල්.ටී.එස්. විභාගය ෆේල් වුණා. විභාගේ ප්‍රතිපල ආපු දවසේ ඉතිං කාටත් හරි දුකයි මේ වෙච්ච වැඩේට. මොනව කරන්නද?
මෙන්න බොලේ තව දවස් දෙක තුනකින් බ්‍රිටිෂ් කවුසිල් එකෙන් ලියුමක් එනවා. අපේ ටැක්නිකල් ඔෆිසර් ගේ ඉංගිරිසි දැනුම අඩු නිසා, මෙන්න ස්කොල් එක මාස හයකින් දීර්ඝ කරලා.
මුලින් මාස හය ඉංගිරිසි ඉගෙන ගන්න ලන්ඩන්වල භාෂා ආයතනයක. ඊලඟ මාස හය අර මුලින් ලැබුණු ටෙක්නිකල් training එක. පොර අවුරුද්දක් එංගලන්තේ ඉඳලා, ඔරිජිනල් කැඩ්බරි චොකලට් හෙම අරගෙන, ආපහු ලංකාවට ආවා. මායි බොන්ඩ් එකට අත්සන් කලෙත්.
ඔන්න ටැබූ ගේ තර්කය බිඳෙන එක උදාහරණයක්.
Australia වගේ රටවලත් ඉංගිරිසි බැරි අයට නොමිලේ උගන්නනවා කියලා මං අඳුනන පොරක් කිව්වා. ඇමරිකාවෙත් එහෙමද කියලා අරුණි ෂැපිරෝගෙන් අහන්න ඕනැ.
මං පොඩි කාලේ මරදානෙදි සුද්දෙකුට පාර කියල දීලත් තියෙනවා නේ. ඉතිං ඕනෙ සුද්දෙකුට නොමිලේ සිංහල උගන්නන්න කැමතියි මාත්.
-කතන්දරකාරයා
ප/ලි
ඔය අන්තිම ලයින් එක ලියන කොට තවත් කතන්දරයක් මතකයේ යටින් උඩට ආවා. සුද්දියෙකුට ඉංගිරිසි උගන්නපු හැටි ගැන එකක්.
ඒක දාන්නං කෝ හෙට අනිද්දට.
Subscribe to:
Post Comments (Atom)
කතන්දර සුද්දොන්ට සිංහල කියලා දෙන්න කැමැතියි ඇහිලා මගේ සුද්දා සරමත් පැක් කරගෙන එන්නයි ලෑස්තිය ලංකාවට. දන්න ටිකෙන් හරි කතා කරන්න සිංහලයෙකුට එයාට මේ තාක් කල් හිටියෙ මං විතරයිනෙ.
ReplyDeleteඔව් මෙහෙත් තියනවා ඉංග්‍රීසි බැරි විදේශිකයන්ට නොමිලේ උගන්වන පංති. කියන්නෙ ESL (English as a Second Language) පංති කියලා.
මේ කතාවත් නොකියම බැරි නිසා මෙතැන ලියනවා. මගේ සුද්දා දකින විදියට ඇමෙරිකන්කාරයාට ඕන හැමෝම එයාට කැමැත්ත දැක්වීම. ඉතින් ඒකයි ඇමෙරිකන්කාරයා අනුන්ගෙ භාෂා කතා කරන්නෙ, අනුන්ගෙ කෑම කන්නෙ, අනුන්ගෙ ඇඳුම් අඳින්නෙ. බ්‍රිතාන්‍යකාරයාට ඕන හැමෝම බ්‍රිතාන්‍යයේ යටත්වැසියෝ කරගන්න. පුරවැසිකම තිබුණත් සුද්දාට සැලකිල්ල වෙනයි පුරවැසියාට සැලකිල්ල වෙනයි. ප්‍රංශ අයට ඕන හැමෝම ප්‍රංශ කරගන්න: ප්‍රංශ කෑම බීම රස විඳලා ප්‍රංශ භාෂාව කතා කරන ප්‍රංශ අය කරගන්න, ලෝකෙ කොහෙ හිටියත් කමක් නෑ.
අතීතය වෙනස් කරන්න දැන් බැරි වුනත් , බැරි වෙලා හරි වෙනස් වුනා නම් අද ඉංග්‍රීසි තියෙන තැනට එන්නේ රුසියන් භාෂාව... වාසනාවට හෝ අවාසනාවට ඒක එහෙම වුනේ නැහැ...
ReplyDeleteසිංහලෙන් ඉගෙන ගත්ත මම උසස් අධ්‍යාපනයත් සිංහලෙන් කරපු මම තව දුරටත් ඉගෙන ගන්න ගිහින් තමයි ඉංග්‍රීසි වල පැටලුනේ... කියන දේ උගන්නන දේ ඉංග්‍රීසියෙන් හොදහැටි වැටහුනත් විභාගෙට ලියන්න ගියහම සමහර වෙලාවට හරි අසරණ වෙනවා...
ඒ වගේම උගන්නන ලෙක්චර්ස්ලස් ළමයින්ගේ මුණ ඇඹුල් වෙලා දෙලොවක අතරමං වෙලා ඉන්නව වගේ දැනුනමද මන්ද ටක් ගාලා භාෂාව වෙනස් කරල සිංහලෙන් පැහැදිලි කරන්න පටන් ගත්තවා...
මම ඉන්නේ කොළඹ නොවන නිසාත් මගේ විශ්ව විද්‍යාලයත් කොළඹ නොවන නිසාත් මේ ප්‍රශ්ණය පැන නැගෙන බවයි මාත් එක්ක ඉගෙන ගන්න අනිත් අය නම් කියන්නේ...
කොහොමහරි හෙතෙකේ ලීව විභාග සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් එකෙන්ම විතරක් ලියල ගොඩ ගියා ...
බලමු අනිත් ඒවත්....
අද කතන්දරේ නම් නියමයි ..
මතක් කරන්න එපා ඔය කඩ්ඩ..... තාම my self ගැන රචනයක්වත් ලියාගන්නවත් බෑ. :( වීකේ කාරයාවගේ මාත් ජර්මන්වලටවත් ට්‍රයි එකක් දෙන්න ඕන.
ReplyDeleteඕනම කෙනෙක් තමන්ගේ භාෂාව ලෝකේ අනික් අයත් කතා කරනවට කැමති බවක් තමා පේන්නේ. එනිසයි ඔය හැම සුදුසු කමක් සඳහාම විභාග තියනවා ඇත්තේ. ස්කොල් දෙන්නේ. ඒ අතරතුර තමන් උසස් යැයි හිතන සුද්දොත් ඇති. අර අරුණි කියනවා වගේ.
ReplyDeleteමොනව උනත් කතරන්දර මේ කතන්දරෙන් අපට හිතන්න අළුත් දෙයක් දීල තියනවා.
අවුරුදු 10ක් විතර කඩ්ඩ (ඒ කිව්වේ 3 වසරේ ඉදන් 13 වසර වෙනකම්, දැන්නම් ඊට වැඩිය මං හිතන්නේ...උපදින්න ඉස්සෙල්ලා ඉදන් අහන්නේ ඒකොන් අයියගේ රියානා අක්කාගේ සිංදුනේ දැන් ලමයි....) ඉගෙන ගන්නවා.ඒත් පැසැලෙන් අවුට් වෙනකොටෙ කඩ්ඩ පොඩ්ඩක් වත් බෑ..(මම මේ කතා කොලේ කොළඹ සහ අනෙකුත් ජනප්‍රිය පාසැල් ගැන නෙවේ ඕන්....)
ReplyDeleteහේතුව තමා ඉගැන්විය යුතුදේ නෙවේ උගන්වන්නේ....වෙන මොකක් හරි පල් හෑල්ලක් දාලා පිස්සුවක් නටපු අච්චු පොතක් තියෙනවා..ඒක අවුරුද්ද ඉවරවෙනකොට කරලා ඉවරකරන්න තමයි ගුරුවරයා බලන්නේ...ඉතිං ඔහේ උගන්වගෙන යනවා...ළමයිනුත් ඔහේ අහගෙන ඉන්නවා...ඒ ලේවල් වලින් පස්සේ තමයි වැඩේ තේරෙන්නේ....
කවුද ඉතිං මේවට වග කියන්න ඕනි...???
ටෙන්සස් ටික හරියට කරලා ස්පොකන් දැම්මනම් වැඩේ ගොඩ...ඊට පස්සේ හෙමින් අනිත් ටික කරගන්න පුළුහන්...ඒත් ඕක නෙවේනේ වෙන්නේ....
අපේ රටේ කඩ්ඩට පංති තියෙන තරම් වෙන කොහේවත් නැතිව ඇති...හැබැයි අපේ උන්ට බැරිමත් ඒකමයි...
අපේ උන්ටත් ඕන කමක් නෑ...අර සති අන්ත කඩ්ඩ පත්තරයක් අරන් ලිපිය ලිපිය ඩික්ෂොනොරියක් අරන් කියෙව්වනම් තව මොනාද කතා...අපේ උන්ට සීනි දාල පෙරලා පොවන්නත් ඕනි....ඉංගිරීසි කාරයින්ගේ හැම වල් වැඩේම ගත්ත ආභාෂෙට භාෂාව අතෑරියා...
ඇත්ත ජීවත් වෙන්න කඩ්ඩ ඕනී නෑ...ඒත් ඉදිරියට යන්න කඩ්ඩ ඕනී....(මොකද හැමදාම එකතැන පල්වෙන එන හොද නෑනේ...)වැඩ පෙන්නන්න කෙනෙක් අමාරුවේ දාන්න නෙවේ තමන්ගේ අනාගතය වෙනුවෙන් කඩ්ඩ ඉගෙනගත්තොත් කාට කාටත් හොදා....ඕන් කිව්වා මේන් වාෂ්ප වුනා......
මේ ගැන තර්ක කර ඵලක් නෑ. අප හැමදෙනාම කතා කරන්නේ අපට ඇති පුද්ගලික අත්දැකීම් මත. ඒ හැරුණුවිට මේවා පර්යේෂණාත්මකව නිගමනය කළ දේවල් නෙවෙයි.
ReplyDeleteපුංචි නිවැරදි කිරීමක් කරන්ට ඕනෑ. මා කීවේ අනෙකුත් භාෂාවන්හි ප්‍රාදේශීය උප-භාෂා හඳුනා ගත නොහැකි බව නෙවෙයි. එසේ හඳුනා ගැනීම වෙනසාකරයකට (discrimination) බඳුන් නොවන බව පමණයි. එසේ නොවේය අරුණි කියනවා නම් පිළි ගන්නම්. විදේශයන් ගැන ඇයට ඇති දැනුම මට නැති නිසා. ඉංගිරිසි හැරුණු කොට මාත් ඔය රුසියන් ප්‍රංශ ටිකක් ඉගෙන ගන්න ගියා තමයි කාලයකට ඉස්සර. ඒත් ඒවා සාර්ථක වුණේ නැහැ.
- Taboo
කතන්දර ඉතිං ඔය ටැක්නීසියන් තුමා . ලංකාවට ඇවිල්ලා සිංහලෙන් හරියට කතාකලාද?. නිකං සිංහල බේ වගේ කිව්වේ නැද්ද ?.
ReplyDeleteපුද්ගලික අත්දැකීම් වලින් කතා කරේ මේක විද්‍යාත්මක සටහනක් නොවුනු නිසා. මේ ගැන ප්‍රථුල ලෙසින් විද්‍යාත්මක පර්යේෂණ ද ඉන් අනතුරුව විද්‍යාත්මක වූ නිගමන ද, ඒ ඇසුරින් Language Discrimination ලෝක නීති ද ස්ථාපිතයි. බොහෝ විද්‍යාත්මක පර්යේෂණ පැවැත්වෙන්නෙ ආර්ථික විද්‍යාඥයෝ හා මනෝවිද්‍යාඥයෝ අතින්. මොකද පරමාණු මට්ටමට ගියාම වෙනසක් දකින්න බැරි නිසා!
ReplyDeleteයුරෝපීය බොහෝ රටවල රජයේ භාෂාවක් තියනවා. පහුගිය දවස්වල අන්ගලා මර්කල් කෑ ගැහැව්වෙ පිටදේසක්කාරයන් දැන් ජර්මානු ඉගෙන ගන්න හොරයි කියල. මොකද එයාල දාපු එක්කාසු කරන (integration) ප්‍රතිපත්ති වැඩ නොකරපු නිසා. ජර්මනියේ හයි ජර්මන් (Hochdeutsch) දැනුම ඉහළට නඟින උත්සාහයට ආභරණයක්. ඒ අතරම ගම්බද විලාසයන් රැක ගන්න ලොකු වෑයමක් ද පවතිනවා.
The longest German word verified to be actually in (albeit very limited) use is Rindfleischetikettierungsüberwachungsaufgabenübertragungsgesetz. [which, literally translated, breaks up into: Rind (cattle) - Fleisch (meat) - Etikettierung(s) (labelling) - Überwachung(s) (supervision) - Aufgaben (duties) - Übertragung(s) (assignment) - Gesetz (law), so "Beef labelling supervision duty assignment law".]
සමහර අයට ජර්මන් ඉගෙන ගන්න අමාරු වචන ඔය වාගේ දිග නිසා වෙන්නත් පුළුවන්!
මං කිව්වාය කියා පිළිගන්නට නම් එපා. සොයා බලා වටහා ගන්නට හැකිනම් පමණක් පිළිගන්න.
@All
ReplyDeleteසියළු දෙනාටම ස්තුතියි.
ඉතා කෙටියෙන් කියනවා නං අපේ හීනමානයත් මේ ඉංගිරිසි ප්‍රශ්නෙට බලපානවා.
ඇත්ත ඇත්ත ඔය සේරම මම කියව්වා. පියනගන්න http://www.OffLanka.blogspot.com ඉන්ග්ලිෂ් ඉගෙන ගන්න
ReplyDeleteWhat does burgandy or merlot wine taste like? Like spicy grape juice
ReplyDelete