ජීවිතයම කතන්දර ගොඩක්!
This is a Sinahla blog written for five years from July 2009. It contains stories - Kathandara - from authors life.
කතන්දරකාරයා ගේ දශක කිහිපයක ජීවන අත්දැකීම් අළලා 2009 ජූලි 11 දින සිට පුරා වසර පහක් තිස්සේ ලියවුණු කතන්දර එකතුවකි. kathandara@gmail.com
Thursday, 8 May 2014
කලකට පස්සෙමි, වෙළකට බැස්සෙමි - Long time no see!
කතන්දර 1,000 ක් ලියපු මහන්සියේ හති අරින්න සතියක නිවාඩුවක් ගන්න කියලා ප්ලෑන් කළාට අන්තිමේදී ඒක සති හතරක් විතර දිගට ඇදුණා ටිකෙන් ටික.
ඔය අතරේ බ්ලොග් අවකාශයේ වලි ගැන එකෝම එක කතන්දරයක් ලියා පල කරන්න ඉඩ ලැබුණත්, අනිත් මුළු කාලයම ගත වුනේ ලිවීමේ කටයුතුවලින් මුළුමණින්ම බැහැර වෙලයි.
ඒ අතරේ ඉඳලා හිටලා දවසක, දුවන ගමන්ම ෆෝන් එකෙන් ලොග් වෙලා බ්ලොග් තුනක් හතරක් කියෝලා කමෙන්ටුවක් දෙකක් දාගත්තා. එච්චරයි.
ආපහු කතන්දර බ්ලොග් එක යාවත්කාලීන කරන්න ඕනෑය කියලා දැන් දවස් දෙකකට විතර කලින් දිනය හිතුවාට කලින් තිබුණු උණ ටිකක් බැහැලා බැහැලා වගේ ගතියකුත් මට දැනුණා.
මං හිතන්නේ ඒක නම් හොඳ ප්‍රවණතාවයක්!
කතන්දර බ්ලොගයේ කොල නිවාඩුව කාලේ බ්ලොග්වලට අදාලව සිදුවුණු එකම සිදුවීම තමයි "සයිබර් අවුරුදු උත්සවය" ට සහභාගී වීම.
නිවාඩුවෙන් පස්සේ මුලින්ම ලියන මේ කතන්දරේ ඒ ගැන වචනයක් දෙකක් ලියන්න ඕනැයි කියලා හිතුණා.
අවුරුද්දට නෑ ගමන් යන්න තිබුණු හින්දා මං එදා උත්සවයට ආවේ තරමක් අපහසුතා මැදය කියලා කීවොත් එය නිවරදියි.
කලින්දා රාත්‍රියේ මංතුමා හිටියේ මාතර පැත්තේ අපේ නෑදෑයෙකු ගේ අහයි.
මාතර තිබුණු රස්නේ කොච්චරද කියනවා නම් එදා මං හතර පාරක් ම නෑවා. හැබැයි ඉතිං කොළඹ ආවා කියලා වැඩි වෙනසක් වුනේ නෑ. පහුවදා තුන් පාරක්ම නාන්න වුණා!
ඉරිදා උදේම නාකියා ගෙන ඇඳ පැළැද ගෙන අංකල්ට කියලා මාව මාතර බස් නැවතුමට ඇරළවා ගත්තා. එතැනින් නැග්ගා කෙලින්ම මහරගම යන බස් එකකට. දක්‍ෂිණ (සල්ලි ගන්න - Toll Road) මාර්ගයේ උපරිම වේගය පැ.කි. 100 වුණාට බස් නං යන්නේ 90 ටත් අඩුවෙන් කියලයි මගේ ස්ටොප් වොච් එක නං පෙන්නුම් කළේ.
පන්නිපිටියෙන් බැහැලා, කෙටි පාරකින් ගෙදර ගිහින් ඊලඟට කෙරුවේ, තට්ටේ ගාලා, රැවුල ට්‍රිම් කරළා, දවසේ දෙවෙනි පාරට නාපු එකයි. ඊලඟට පොත් දාපු බෑග් එකක් ඇදගෙන බත්තරමුල්ලේ යන්න පිටත් වුණා.
අවුරුදු ක්‍රීඩාවලට සහභාගී වෙන්න නොලැබුණත්, ඒ ගත කරපු පැය කිහිපය ඉතා ප්‍රයෝජනවත් එකක් වුණා. ඒ කලින් එහෙන් මෙහෙන් විතරක් දැනගෙන හිටිය සෑහෙන පිරිසක් මුණ ගැහිලා හඳුණා ගන්න ලැබීම නිසයි.
අතත්‍ය සයිබර් ලෝකයේ තියෙන සබඳකම්, ඒ ආකාරයට සැබෑ ලෝකයට අරගෙන ඒම එක්තරා ආකාරයක විරෝධෝක්තියක් (oxymoron) වුණත්, ඒක එච්චර වැදගත් කාරණක් නොවෙයි. කොහොමටත් මේක අර 2009, 2010 වසරවල තිබුණු බ්ලොග්කාරයින් ගේ බ්ලොග් පිළිබඳ කතාවෙන හමුවකට වඩා, බ්ලොග්කාරයින් ගේ සෝෂල් ඉවෙනට් එකක් විදියටයි නේ සංවිධානය වෙලා තිබුණේ!
මේ ආකාරයෙන් එකිනෙකා අඳුණා ගැනීමට ලොකු භාදාවක් වුණේ බොහෝ දෙනා තමන් කලින් දන්නා කියන අය සමග එකතු වෙලා කතා බහේ නිරතව සිටීමයි.
මං නං කලේ පිට්ටනිය වටේම ගිහිල්ලා එක්කෝ කෙලින්ම මාව අඳුන්වලා දීලා, නැතිනම් මගේ කාඩ් එකක් දීලා කතා කරපු එකයි. නමුත් මං හිතන්නේ නෑ සමහර අය ඒ විදියට ප්‍රොඇක්ටිව් වුණා කියලා.
අර සම්මන්ත්‍රණවලදී කරනවා වගේ හැමෝම තම තමන්ගේ නම් ලියපු කාඩ් එකක් එල්ලා ගෙන හිටියා නම් වැඩේ මීටත් වඩා ලේසි වෙන්න තිබුණා! මේක මං ගිය අවුරුද්දෙත් තැනක ලිව්වා මතකයි.
තරගවලට සහභාගී වෙන්නට ඉඩ ලැබුණේ නැතිවුණත්, තරගවලින් දිනපු අයට තෑගි බෙදා දෙන්නත්, එක තරගයක් විතරක් විනිශ්චය කරන්නත් මට ඉඩ ලැබුණා.
ඒ සමගම මා ලඟ තිබුණු පොත් දෙකක පිටපත් කීපයකුත් හමුවුණු අය අතරේ බෙදලා දෙන්නත් මට හැකි වුණා.
කාලය පිළිබඳ ප්‍රශ්ණයක් නිසා මං පහමාරට විතර එතැණින් ගියේ ජන ගායනා තරගය පැවැත්වෙන අතරතුරදීයි.
මං එතැන දිගටම ඉන්න පුළුවන් වුණා නම් මගේ නූතන ජන කවි ගායනා කරන්න තිබුණා නේද කියලා පාරේ දී මට හිතුණා.
දැන් වචන 500 ක් විතර ඉබේම වගේ ලියවිලා!
ඒ කියන්නේ මට අර කූප්‍රකට රයිටර්ස් බ්ලොක් එක සෙට්වෙලා නෑ වගේ. එහෙම නම්, හෙට ඉඳලා ලියන්නම් ආයෙත් කතන්දර!
-කතන්දරකාරයා
ප/ලි:
මාතෘකාවේ ඇති ව්‍යාකරණ දෝෂයට මට්ටම් පොලු නොදමා ඔහේ තියෙන්නට අරිමි!
(image: )
Subscribe to:
Post Comments (Atom)
කකා,වේල්කම් බෑක්!
ReplyDeleteනයිස් ටු බී බැක්, තෑන්ක්ස්!
Deleteමෙන්න රනිල් වික්‍රමසිංහ ඇමරිකාවේ ගිහිං කරන දේශනය. මේකේ මිනිත්තු 51 ඉදලා ප්‍රශ්න වලට උත්තර දෙනවා. පොඩ්ඩක් මේක බලන්න කකා. මම මේක සම්පුර්ණයෙන්ම ඩවුන්ලෝඩ් කරලා ඇහුවා. රනිල් කියන්නේ මාරම මොලයක්. ඕනි ප්‍රශ්නෙකට උත්තර දෙනවා.
Deleteරනිල්ගේ දේශනය ගැන මගේ සත දෙක (මෙතැනට අදාළ නොවුණත් හා තාම බැලුවේ බාගයක් විතර වුණත්):
Delete1. රනිල් මහා ලොකු දෙයක් නොකියයි. සාමාන්‍යයෙන් එදිනෙදා ජාත්‍යන්තර මාධ්‍ය ඇසුරු කරන, පොත් කියවන කෙනකුට ඔය දේශනය ඔහොමම කළ හැක. උදාහරණයක් හැටියට සුජීව කොකාවල, දමිත් කේතක වැන්නකුට ඔය කරුණු ඔයිටත් වඩා හොඳින් ඉදිරිපත් කළ හැකිය සිතමි. ඒ වුණත් දේශපාලකයකු හැටියට රනිල් මාරය. ජාත්‍යන්තර දේශපාලනය ගැන ඔය ගැඹුර ලංකාවේ වෙනත් කිසිම දේශපාලකයකුට ඇතිය නොසිතමි. (ජී. ඇල්. පප්පා ඇතුළුව)
2. මහින්ද මාමලා, බැසිල් මාමලා, ගෝටා මාමලා, චම්පික අයියලා, ගම්මන්පිළ අයියලා කොයිතරම් හිස් කළ ගෙඩිද තේරෙන්නේ මෙවැන්නක් බැලූ විටය. (විමල් අයියා ගැන නම් ඉතින් කියන්න දෙයක් නැහැනෙ.)
3. අවාසනාවකට මේ රටේ ඡන්දය දාන්නේ ඇමෙරිකානුවන් නොව චතුශ තුෂර කුමාර වැනි ඉංගිරිසිත් නොදන්නා, ජාත්‍යන්තර දේශපාලනයත් නොදන්නා කොටින්ම ඔය ලෝකය ගැන පොඩි පොඩි කාරණා මිසෙක වෙන දෙයක් නොදන්නා මනසින් පුංචි මිනිසුන්ය. උන්ට මේ දේශනයේ අගක් මුලක් තේරේය නොසිතමි. ඉතින් උන්ට රනිල් වහ කදුරු වීම පුදුමයක් නොවේ. ඕනෑම කෙනෙක් තමන් නොදන්නා දෙයක් කියන මිනිසකුට වෛර කරයි. ඒ මිනිසා පිළිකුල් කරයි.
4. ඒ නිසා රනිල් තවමත් මහින්දට තර්ජනයක් නොවේ. ඔන්න මේ රටේ වැඩි හරියක් ප්‍රියන්ත හේවගේලා බඳු රාජකීයයන් වූ විට නම් එවැනි තර්ජනයක් ඇති වීමට පුළුවන. නමුත් මේ රටේ වැඩි හරියක් ප්‍රියන්ත හේවගේලා නොව චතුශ තුෂර කුමාරලාය.
5. ඒ හන්දා රනිල් හැමදාම විපක්ෂ නායකයාය.
1. රනිල් මහා ලොකු දෙයක් නොකියයි. සාමාන්‍යයෙන් එදිනෙදා ජාත්‍යන්තර මාධ්‍ය ඇසුරු කරන, පොත් කියවන කෙනකුට ඔය දේශනය ඔහොමම කළ හැක. උදාහරණයක් හැටියට සුජීව කොකාවල, දමිත් කේතක වැන්නකුට ඔය කරුණු ඔයිටත් වඩා හොඳින් ඉදිරිපත් කළ හැකිය සිතමි. ඒ වුණත් දේශපාලකයකු හැටියට රනිල් මාරය. ජාත්‍යන්තර දේශපාලනය ගැන ඔය ගැඹුර ලංකාවේ වෙනත් කිසිම දේශපාලකයකුට ඇතිය නොසිතමි. (ජී. ඇල්. පප්පා ඇතුළුව)
Delete2. මහින්ද මාමලා, බැසිල් මාමලා, ගෝටා මාමලා, චම්පික අයියලා, ගම්මන්පිළ අයියලා කොයිතරම් හිස් කළ ගෙඩිද තේරෙන්නේ මෙවැන්නක් බැලූ විටය. (විමල් අයියා ගැන නම් ඉතින් කියන්න දෙයක් නැහැනෙ.)
3. අවාසනාවකට මේ රටේ ඡන්දය දාන්නේ ඇමෙරිකානුවන් නොව උපන්ගෙයි මෝඩයින් වැනි ඉංගිරිසිත් නොදන්නා, ජාත්‍යන්තර දේශපාලනයත් නොදන්නා කොටින්ම ඔය ලෝකය ගැන පොඩි පොඩි කාරණා මිසෙක වෙන දෙයක් නොදන්නා මනසින් පුංචි මිනිසුන්ය. උන්ට මේ දේශනයේ අගක් මුලක් තේරේය නොසිතමි. ඉතින් උන්ට රනිල් වහ කදුරු වීම පුදුමයක් නොවේ. ඕනෑම කෙනෙක් තමන් නොදන්නා දෙයක් කියන මිනිසකුට වෛර කරයි. ඒ මිනිසා පිළිකුල් කරයි.
4. ඒ නිසා රනිල් තවමත් මහින්දට තර්ජනයක් නොවේ. ඔන්න මේ රටේ වැඩි හරියක් ප්‍රියන්ත හේවගේලා බඳු රාජකීයයන් වූ විට නම් එවැනි තර්ජනයක් ඇති වීමට පුළුවන. නමුත් මේ රටේ වැඩි හරියක් ප්‍රියන්ත හේවගේලා නොව මෝඩයින් ය.
5. ඒ හන්දා රනිල් හැමදාම විපක්ෂ නායකයාය.
ගුරු ගෝල චිත්‍රය..... පලමු කොමෙන්ටුවත් දෙවනි කොමෙන්ටුවත් අතර වෙනස සොයන්න....
Deleteවැඩේ කියන්නේ ඇමරිකනුවන්ගෙන් 60% වැඩිය ලෝකය පරිබ්‍රමනය වෙමින් ඉර වටා යන බව නොදැනීමයි. චන්දය භාවිතය හා ඉංග්‍රීසි. "සිනා නොමසෙන් මගේ පුක"
Delete1/4 = 60% ??????????????????????? ඔයා ඕ ලෙවල් ගණන් ෆේල්ද අනේ?
Deletehttp://www.iflscience.com/scientific-knoweldge-trails-support-0
මේ පැත්ත පාලුවට ගිහින් තිබ්බේ. කකා ආපහු ආව එක ගැන සතුටුයි. ලංකාවේ ගිහින් ඇතිවෙන්ට නාගෙන නේ...:)
ReplyDeleteනාකියා ගත්තෙමි!
Deleteකකා වෙනත් බ්ලොග් කරුවන්ට 'නාකියා' කියා අපහාස කිරීම හෙළා දකිමි. (අර වි**** ට නේද කිව්වේ?)
Deleteසතුටුයි ..ඈ ඉක්මනින් ලියමු ලංකාවට ආපු කතා එහෙමත් ඇති නේ නැදෑ ගෙවල් ගියා නම් :))
ReplyDeleteමාතෘකාවේ ඇති ව්‍යාකරණ දෝෂයට මට්ටම් පොලු නොදමා ඔහේ තියෙන්නට අරිමි!////
නැවතත් ......
හෙට සිට හිටු කියලා ලියන්නට සිතාගෙන සිටිමි!
Deleteඅපි අද සිටම හිටු කියලා කමෙන්ට් දමන්නට බලා සිටිමු.
Deleteඔහේ තව්සන් ටෝක් දෙනකොට, මම ඊයේ පෙරේදා ඒකෙන් භාගයක් ගහගත්තා. කොහොමද ගෝලයගෙ වැඩ. එතන මට නම් උනේ ප්‍රෝඇක්ටිව් වීමක් නෙමෙයි. එන්නත් කලින් ඇක්ටිව් වෙලා ආපු එක. කොහෙද කකා කොතනත් කඩාකප්පල්කාරයෝ ඉන්නවනේ. :)
ReplyDeleteමං නං අහුවුනේ නෑ ඒකට.
Deleteඅන්තිමේදී ඕනයා ගේ කීම අහලා 3:30 වෙනකං ඉන්න ගිහිල්ලා 5:30 ට නොකියම යන්න වුනා!
@ කාකා ජී,
ReplyDeleteනමස්තේ කාකා ජී...........! ලෝන්ග් ලයිම් සීන් නහී හේ........!!!!!!
ආප්කා ක්යා හුවා?
ඇත්තටම කාකා ජීගේ එක සතියකට දවස් කීයක් තියෙනවා ද????? (අයි මීන් හති අරින සතියේ නිවාඩුව.)
එනිවේ, කාකා ජීගේ බැක් එකට වෙල්කම්!!!!!!!!!!
හික්z!!!!!
ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!
සතියට දවස් විසි ගාණක් තියෙනවා නේද?
Deleteමටත් හිතෙනවා නේම් ටැග් වැඩේ නම් වැදගත් කියලා. එහෙම නැත්නම්, සුළුවෙන් හරි හඳුන්වාදීමේ වැඩපිළිවෙලක් තිබ්බා නම් හොඳයි. කලින් අර බීච් එකේ තිබ්බ එකේ එහෙම වුණා මම හිතන්නේ.
ReplyDeleteමම කොහෙ හරි දැක්කා කකා ලියලා තියනවා "කතන්දර දහසක් කරා යන ගමනක අතර මග" කියලා. ඒ වගේම අර එක සැරයක් ප්‍රෝග්‍රෑමිං කෝඩ් එකක් දාලා තිබ්බේ ඒ අදහසම දෙන. ඒකෙ 1 සිට 1000 දක්වා කියලා තිබ්බේ. මම ඒත් හිතුවා දාහෙන් පස්සෙ ඉවර කරන්නද දන්නෙ නැහැ හදන්නේ කියලා...
දැන් තියෙන්නේ අරක "කතන්දර දසදහසක් කරා යන ගමනක අතර මග" කියලා වෙනස් කරගන්න...
දාහ තමයි ටාගට් ලිමිට් එක වුනේ,
Deleteඒත් ඉතිං ස්කෝප් ක්‍රීප් වෙනවානේ.
තව මයිල්ස්ටෝන් දෙකක් ලඟ එනවා,
ඉන් පස්සේ බලමු!
වෙල්කම් බැක්. මම බැලුව ඒත් ඇත්තටම රයිටර්ස් බ්ලොක්ද කියල.
ReplyDeleteඒ වගේ ගතියක් තිබුණට දැන් නං ටිකක් අඩුයි!
Deleteඅන්න කකා පොත් අරගත්තු සමහර දෙනා බැනල තිබුනා පොත් බෙදුවය කියා. අපේ ටිපිකල් ජාතික චින්තනය. වැඩකට නැත්නම්, අනේ මට නම් එපා කියල කියන්න තිබුනනේ. පහේ ශිෂ්‍යත්වය දුන්න නිසා, දුර පලාතක ඉස්කෝලෙකට යන්න වුන නිසා මුළු ජිවිතයම ආණ්ඩුව අගාදෙට හෙලුවය කියන එකත් ඔය පොත් ඉල්ලන් ගිහින් බනින එක වගේම තමා. පොඩි එවුන් වෙනුවෙන් තෝරා දුන්නේ අම්මල තාත්තලා කියමු. එතකොට වැඩිහිටි පිරිස් තමන්ට තේරීම් කරන එක ගැන මොකද කියන්නේ කකා?
ReplyDeleteබැනලා තිබුණෙ කකා ඇනෝ කමෙන්ට් දාලා පොතක් ගහලා බෙදුවෙ නෑ කියලා.
Deleteඑහෙම පොත් බෙදුවේ නෑ නිකං කුකුළන්ට පොරි විසි කරනවා වගේ. මා ගාව තිබුණේ පොත් පිටපත් කීපයක් විතරයි.
Deleteමං හිතන්නේ මං මුලින්ම පොතක් දුන්නේ විචාරකටයි, මගේ භාෂාව කොහොමද බලන්න කියලා. ඊට පස්සේ එතැනදී හමුවුණු, පොත් ඉල්ලපු අයට දුන්නා. මං කලින් දන්නා කියන අයටත් දුන්නා.
කාගේවත් බලෙන් ඇඟේ ගහන්න ගියේ නෑ, එහෙම කළත් කවුද පොතක් එපාය කියන්නේ?
ඔහොම කියන්න එපෑ කකා! මේ සමහර තැන් වල තිබුන කොමෙන්ට් වල හැටියට මට හිතුනේ අර රුසියානු ළමා කතා පොතක තිබුනා වගේ .... සෑම තැනම මුං ඉහලා, කිකිලියො ඒවා කාලා, රන් කුකුළට නැහැ කීවා... වගේ කේස් එකක් කියල.
Deleteමා නම් පොත් වුනත් කියවන්න හිතෙන එකක් නොවේ නම් එපා කියනවා. හැබැයි හිතවතෙක් තෑග්ගට දෙන එකක් නොවේ, ඔය ගෙදරට ඇවිත් බෙදන්නේ. අන්න ඒවා!
ඔබගේ පොත මා ආසාවෙන් කියවපු එකක්. ඔබ පෙළ පොත් ටික කරපු අයෙක් නොවුනත්, එහි තියෙන්නේ එක පාසලක් ගැන පමණක් නොවේ.
ඇයි කකා පොත් නිකම් දුන්නෙ? විකුණන්න තිබුනනෙ. එතකොට ඕනැ කෙනා ගන්නවා; ඕනැ නැති කෙනා නොගෙන ඉන්නවා. දැන් ධනවාදයට ගරු කරන අරුණි ශපීරෝ නෝනා කළා නම් කරන්නෙ එහෙමයි. එහෙම තමයි ෆ්‍රෙඩ්‍රික් බැස්ටියාට් උපදෙස් දීලා තියෙන්නෙත්. ශපීරෝ නෝනා කවදාවත් තමන්ගෙ පොත් සයිබර් සිහින උළෙලකදී නිකම් දීලා නැහැ. එහෙම නිකම් දෙන්නෙ කකා වගේ සිංහලෙන් ලියන වම්මු. එහෙම නිකම් දුන්නාම මාකට් එක විකෘති වෙනවා. තමන්ගෙ දාඩිය මහන්සියෙන් පොතක් ලියලා පළ කරන අවංක ව්‍යාපාරිකයෙක්ටවත් පොතක් විකුණා ගන්න ලැබෙන්නේ නැහැ. කකා පොත් නිකම් දීලා කුණු කතාත් අහනවා. දැන්වත් තේරුණාද ධනවාදයේ අගේ?
Delete/* ශපීරෝ නෝනා කවදාවත් තමන්ගෙ පොත් සයිබර් සිහින උළෙලකදී නිකම් දීලා නැහැ. */
Deleteමට මතක තියෙන අතීතයක් ඔබට මතක නෑ!
හ්ම්.. එහෙනම් දැන් ආයෙමත් ඇනෝලටත් වැඩ වැඩිවෙයි.
ReplyDeleteසම්පූර්ණ ඇත්ත. කකා නිවාඩු ගන්නකොටම ඇනෝලාත් නිවාඩු ගන්නවා. දැන් ආයෙ වැඩ.
DeleteAno. ano go away,
DeleteCome again another day.
@ සර්ව ජීස්,
Deleteකැපිටල් වෝන්ට්ස් ටූ ප්ලේ විත් මී.......!!!
ඇනෝ ඇනෝ ගෝ අවේ...............!!!!!
ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!
Deleteඅපේ කකා ආවා .ඕ යේස් .දැං මලත් කාරි නෑ. !
Deleteඒ කියන්නේ මට අර කූප්‍රකට රයිටර්ස් බ්ලොක් එක සෙට්වෙලා නෑ වගේ./// මොකක් ගැනද අප්පා මේ කියන්නෙ
ReplyDeleteරයිටර්ස් බ්ලොක් -
Deletehttp://kathandara.blogspot.com/2011/01/writers-block.html
ඕස්ත්‍රේලියාව ගැන ලියපු කාව්‍ය ග්‍රන්තය කියවමින් යනවා. ස්තූතිය පුද කරමි. ඒ රට ගැන ඉගෙන ගන්ඩ බොහෝ කරුණු එහි අන්තරගතයි
ReplyDeleteයහපතක්ම වේවා!
Deleteකකා ගේ කවි පොත කියවල ඉවරයි. දැන් තට්ටේ පැලෙන්නේ නැද්ද? :D
ReplyDeleteදැන් හොඳයි, Thanks.
Deleteරස්නේ නිසයි හම ගියේ පැලුණා නොවේ!
කකා ලංකාවට ඇවිත් තට්ටෙන් සොමිය දෙන්න බැරි උනා නේ ?? ඇයි හම ගිහිං නෙ.. ආං ඒකයි කොන්ඩෙ අගේ.. ඕ යේස් !
Deleteකකා සයිබර් සිහින උළෙල දවසේ මාරයාටයි අටමාටයි අතට අත දෙනවා දැක්කා ෆොටෝ වල. මතක ඇතුව ඊට පස්සෙ ඩෙටෝල් දාලා අත හෝදා ගත්තා නේද?
ReplyDeleteලක්මාල් සහ මං හග් කරන ෆොටෝ දැක්කේ නැද්ද?
Deleteඅපොයි අහිංසකයා!
Delete@කකා, මාරයා අයියා එයා මේ දවස් වල එළවන 40 ශ්‍රී ලොරියෙන්ද ඇවිත් හිටියෙ?
Deleteනැහැ මෙයා එකා ලොරිය පාක් කරලා ඇවිත් තිබුනෙ.... මූ එදා රෑ ලෑල්ලට පාගලා එන්ජිම ඕවර් හීට් වෙලා....
Deleteබැලුවම ඉහත කමෙන්ට් අවුලක් නෑ වගේ; මොකද සයිබරය තුළත් අපේ “ගම“ සහ “අපේකම“ ආරක්ෂා වෙනවනෙ.
Deleteඒකනෙ මෙයා. උන් උන්ගෙ කම ආරක්ෂා කර ගන්න කොට අපි අපේ කම ආරක්ෂා කර ගන්න එපාය.
Deleteහග් කරන ෆොටෝව මාත් දැක්ක. ලක්මාල්ගෙ අත්දෙක ගැනත් මං ඇහුව කොහේදෝ තැනක
Deleteමොකද එන්ජිම ඕවර් හීට් වෙලා ? මාරයා 40 ශ්‍රී ලොරියෙන් හයි වේ එකේ ගිහින්ද?
Deleteමොකක්ද රාජ් අත්දෙකේ කතන්දරේ , මට තේරුනේ නැනේ
Delete//අත්දෙක ගැනත් මං ඇහුව කොහේදෝ තැනක//
Deleteමොකක්ද රාජ් මං නොදන්න මගේ අත්දෙකේ කතාව
මටත් ඒක ප්‍රශ්ණයක්!
Deleteබ්ලෙග් එක වල් වැදිලි තිබුනේ... කියපු විදියට සතියකින් අාපු එක හොදයි...
ReplyDeleteකතන්දරගේ කතන්දර පොතටත් ගොඩක් ස්තුතියි...
2000ට ටාර්ගට් කරමු...
ජය වේවා!!!!
ස්තුතියි,
Deleteජයවේවා!
පොත් දෙකට ස්තුතියි. ඔබට පොරොන්දු ආකාරයටම එය මගේ පොඞි එකාගේ පුයෛාඡනය සදහා අරන් තිබ්බා
ReplyDeleteබලාගෙන මචං... පුස්කයි
Deleteමං හිතුවේ පුතාට දැනටමත් කියවන්න හැකියි කියායි. වයස ඇහැව්වේ නෑනේ!
Deleteඅපේ මිනිස්සු නිකම් දෙනවා කිව්වොත් දෙමළ පත්තරේ හරි ගනීවි. අරගෙන ඉවර වෙලා තමයි ඒකට කරන්නේ මොකද්ද කියලා හිතන්නෙ.
Deleteකාකා මගේ පුතාට තවම අවුරැදු 4යි.
Deleteඇනෝ දන්න හු#%& ටයි නොදන්න හු@$% කට නෝදා කෙනෙකුට වැඞක් ඇති යමක් ලියනවාකෝ.
(කාකා සමාවෙන්න වැරැදි වචන භාවිතා කරානම්)
වෙල්කම් කකා. පළමුව මවිබිම කියල බෝඩ් ගහන කොට මට හිතුන දේ ඇයි නොකව්වේ කියල හිතන කොටත් තරහයි.. හැක්.. කකාගේ තට්ටේ පලන්න පුළුවන් විදියේ ලංකාවක් තමා දැං තියෙන්නේ. රට්ටු නං කිව්වේ පොත් ලෝඩ් එකම නිකං බෙදල කාමරයක් හිස් කරගත්තයි කියල තමා.. හැක්..
ReplyDeleteලබන පාර හැමෝම තමන්ගේ නම ගහපු ටී එකක් ප්‍රින්ට් කරං ආවනං හරි වගේ.. එහෙනං රයිටර්ස් බ්ලොක් නැති කකා සමග දිනපතා හමුවෙමු.. ජය වේවා. දැකීමත් සතුටක්..
මා ළඟ තිබුණු පොත් කිහිපයක් තමයි බෙදා දුන්නේ.
Deleteටී ෂර්ට් නං සංවිධායකයෝ දුන්නානේ!
අනේ කකා දන්නා පුක. කකාගේ විශ්ව විද්‍යාල සහ න්‍යායාත්මක භාෂාව අපි වගේ හිංගලෙන් හිතන, හිංගලෙන් ආගම දර්මේ අදහන, ඉස්තෝප්පුවට වෙලා සරම දෙකට නවලා බැඳගෙන ලබ්බට හුළං වැදි වැදී අත උඩ තියාගෙන බත් කන උන්ට අල්ලන්නේ නැහැ. ඒ කියන්නේ කකාලාට මීට වඩා සරල වෙන්න පුලුවන්නම් විතරයි අපිට කකාලාව තේරුම් ගන්න පුළුවන්.
ReplyDeleteදැන් කියන්නේ සෝභිත කතන්දර කාරයා කිය්ලා. උඹලා හදන්නේ උන්නාන්සේ කතන්දර හාමු කරන්න. උඹ හිතනවද මේ සංසාරෙදි කතන්දර, බ්ලොග් ලියන එක අතහරිනවය කියලා.
Deleteඔරිජිනල් වර්ෂන් ම කියෙව්වා.
Deleteකකා ආගමේ ජාතියේ දේශයේ නාමයෙන්, බටහිර විරෝධය පතුරවමින්, මිනිස් නිදහස උල්ලංඝණයට ඉදිරිපත් වෙන චණ්ඩි ගැන වැඩියෙන් අහන්නට ලැබෙද්දී, නිදහස යන්න නිවැරදිව වටහා ගන්නට හැකියාව ඇති ඔලුමයෝවා ඔකෙඩිරන් සේ ලියන ලංකාවේ එක බ්ලොග් කරුවෙක් හෝ මගේ ජීවිත කාලයේ දී හමුවේවා යැයි මගේ පැතුමයි!!!!
ReplyDeleteආන්ද්‍ර ටැමිල්?
Deleteහොඳ නිවාඩුවක් ගත කරලා වගේ... හොඳයි හොඳයි.. හෙට ඉඳලා කතන්නදර අහන්න පුළුවන්...
ReplyDeleteඇයි අදත් තියෙන්නේ කතන්දරයක් තමයි!
Deleteවෙල්කම් බැක්..! කිව්වා; අපිවත් මතක ඇති මහිතෙ..
ReplyDeleteකකා කන්නංගර බාර් එකටත් ආවැයි... හැක්..
Deleteබාර් නං දැක්කේ නෑ!
Deleteචැහ් කකා .. එහෙනං කන්නංගර බාර් එකට ගියෙ නැත්තං ඒ ගමනෙං පලක් නෑ..
Deleteදේශක යා, ඇද්ද උඹට, හැක්.. හැක්
Delete\\චැහ් කකා .. එහෙනං කන්නංගර බාර් එකට ගියෙ නැත්තං ඒ ගමනෙං පලක් නෑ..\\ ++++++++
Deleteපොත් වල අත්සන් කලේ කැබ් එක උඩ තියාගෙන. ඒ පැත්තට ආවෙ නෑ කියනන් බැහැ.
ආ බාර්මන් ඇවිල්ලා !!!! :D
Deleteආ බාර්මන් ඇවිල්ලා !!!! :D
DeletePM :D :D
Deleteකකා.... අපේ ඇමරිකාවෙ ඉන්න මළකඩ මල්ලි බ්ලොග් ලිවිල්ල නවත්තන්න යනවලු.... අනේ මොනා හරි කරන්න කකා.....
ReplyDeleteවෙල්කම් බැක් කකා,අර පිටේ බෝඩ් එල්ලන යෝජනාව මමත් දැම්ම ඒක කළයුතුමයි.
ReplyDeleteපපුවේ බෝඩ් වඩා හොඳයි!
Deleteඋත්සවේදි හදුනා ගැනීම සතුටක් කකා. ඒ වගේම පොතටත් බොහොම ස්තූතියි.
ReplyDeleteජයවේවා කිව්වා!
Deleteපොත ගත්තෙ පින්තූර බලන්නද බං ???
Deleteවෙල්කම් කාකා. ආයෙම ලියන්න තව දස දහසක්
ReplyDeleteයළි ආගමනය ගැන සතුටුයි...
ReplyDeleteදැන් කකා වගේ උගත් බුද්ධිමත් මැසිමදුරුවෙකුටත් ලජ්ජාවක් කියලා දෙයක් නැද්ද මේ කර දඬු උස් වෙච්චි නාකි සමයන් ටිකක් හිච්චි එවුන් ගානට වැටිලා බනිස් කන, අලියන්ට ඇහැ තියන, මුට්ටි බිඳින චාටර් තැනකට යන්න?
ReplyDeleteඑහෙම දේවල් දැක්කේ නැත. කොල්ලන්, කෙල්ලන් නම් එවැනි ක්‍රීඩා කරනු ෆොටෝ මගින් දැක්කෙමි!
Deleteඕ යේස් කකා , බහිනවනං තමංගෙ වෙලට !! නැත්තං කඩෙං කමු !!.
ReplyDeleteහැක, හැක!
Deleteවෙලකට බැහැලා තලකට පස්සේ
ReplyDeleteමේ අවුරුද්දේ මොනවද දැක්කේ
සිරි ලංකාවේ දකුණු පලාතේ
අඳුනා ගත්තද දැන් එහි තත්වේ
කිරිබත් තිබුනද කැවුනුත් තිබුනද
මොනාද ගෙනාවෙ අපට ඉතිං
ඇදගෙන නෑවද ඇතුලෙන් නෑවද
දකුණත් රස්නෙද කොළඹ තරං
කොල්ලො කුරුට්ටන් වටකර ආවද - අහගන්නට ඔබෙ කතන්දර
නැත්නම් උන් ඔබ වටකර දෙසුවද - රටේ තොටේ කයි කතන්දර
හොඳ කවියෙක් හැඩයි.
Deleteමං නං ලියන්නේ කයි-කතන්දර...!!!
ආ ඔය ඇවිත් තියෙන්නෙ ආයිමත් එහෙනම් !..
ReplyDeleteලියන්නත් කමැලියි, කියවන්නත් කම්මැලියි කමෙන්ට් කරන්නත් කම්මැලියි දැන් නම්...
ඕකට කියනවා පුකේ කම්මැලිකම කියලා!
Deleteහැබෑ ලොකෙත් අදුරගත්තු එක වාසනාවං..
ReplyDeleteඒත් මෙකේ අයියංඩි කියලා ආමන්ත්‍රනය කරලා තිබ්බාට එතනදි එහෙම කියන්න හිත දුන්නෑ.. :D
මටත් :D
DeleteWELCOME BACK!!!!
ReplyDelete1000 මහන්සිය අඩුවෙන්නත් එක්ක ලෝන්ග් නිවාඩුවක්ම දාලා තියෙන්නේ.. බලමුකෝ දවසක මටත් කතන්දරව මුණ ගැහෙන්න පුළුවන් වෙයිද කියලා..
ReplyDeleteඑන්නං කෝ ඔය පැත්තේත් දවසක!
Delete@ All
ReplyDeleteකතන්දරේ කියවූ, ප්‍රතිචාර දැක්වූ හැමෝටම තැන්කියු වේවා!