Monday 19 September 2011

පරිප්පු හොද්දා - Dining @ Sangamtta Hall, Peradeniya


අපේ කාලේ පේරාදෙනියේ නේවාසිකාගාරවල නැවතිලා හිටිය සමහර කොල්ලෝ දවල්ට, රෑට භෝජනාගාරයේ දී කන්න ගිහින් මුළු මුදල ගෙවලා බත් පිඟානක් අරගන්නේ නැතුව ඒකෙන් 25%කටත් අඩුවෙන් ගෙවලා වෙන කෙනෙකුගේ පිඟානට "අඩු"වක් ගැනීම ගැන ලියපු කතන්දරේ මතකයි නේද?

මෙහෙමෙ "අඩු" කාපු සියළු දෙනාව සියළු දෙනාවම ඒක කලේ මුදල් පිරිමසා ගන්න බවට කිසිම සැකයක් නෑ. දෙමව්පියන් ගේ එවන සල්ලිවලින් යැපෙන ගමන් පූර්ණකාලීනව ඉගෙන ගන්නව කියන එකත් ලේසි වැඩක් නෙමේ ජීවිතයේ ඇතිවෙන අවශ්‍යතා ගැන බලන කොට.

එහෙම "අඩුව" ගහලා ඉතුරු වෙන සල්ලිවලින් කෑමෙන් පසු අතුරු පස විදියට සිගරුට් එකක් ගහන උනුත් හිටියා. එහෙම බැලුවොත්, තමන් අරං සිගරැට් නොබී, අනුංගෙන් බට් එක ඉල්ලගෙන බොන උං පවා කොච්චරක් කියල හිටියද?

නේවාසිකාගාරයේ කැෆටේරියා එකෙන් කනවයි කියලා හැමදාමත් මුං ඇටයි, රාබුයි, කොල ගෝවා මැල්ලුමයි කන්න පුළුවනියැ.

ඉතිං කොල්ලෝ හුඟ දෙනෙක් පුරුදු වෙලා හිටිය විශේෂයෙන් ම සති අන්තයේ රෑට සංඝමිත්තා හරි රාමනාදන් වගේ කෙල්ලන් ගේ හෝල් එකකට ගිහින් කන්න. මේ තැන් දෙකේම ගෝදම්බ රොටි කන්න පුළුවන්. පරිප්පු එක්ක රොටි දෙකක් කෑවොත් මස් කෑම එකකට වැඩිය සුළු ගාණයි වැඩිපුර යන්නේ.

ඊටත් වැඩිය වැදගත් දේ තමයි සංඝමිත්තා භෝජනාගාරයේ කැෆටේරියාව කරපු මුදළාලි "අඩු"වලට සල්ලි ගත්තේ නැති වීම.

කෙල්ලෝ බහුතරයක් දෙන බත් එකෙනුත් බාගයයි නේ කන්නේ. ඉතිං, මුදළාලි ට "අඩු" නිකං දෙන එක ලොකු දෙයක් නෙමේ. ඇත්තටම කියනව නං පොඩි ඇඩ්වටයිසින් ටූල් එකක්.

ඔන්න දවසක් අපේ කට්ටියක් ගියා සංගමිත්තා හෝල එකට රෑට කන්න. මෙතන කැෆටේරියා එකේ මුදලාළි ගේ ගොදම්බ රොටී වලට අමතරව, ඉඳි ආප්ප හෙමත් තිබුණා.

රොටී දෙකයි, පරිප්පුයි අරගෙන කාපු අපේ එක පොරක ගේ බඩගින්න ඒකෙන් ඇරුනේ නෑ. ආපහු රොටී අරං කන එකටත්, අළුතින් ම බත් පිඟානක් අරං කන එකටත් වැඩිය හොඳම වැඩේ, මුදළාලි නිකං දෙන බත් "අඩුව" අරං කන එක.

ඉතිං අපේ පොර ගිහිල්ලා මුදලාළිට පිඟාන දීලා "අඩුවක්" ඉල්ලුවා.

මුදලාළි ගේ මතකය හොඳයි. පොරට මතක තිබිලා අපේ මෑන් කෑවේ ගොදම්බ රොටි ය කියන එක.

මුදලාළි කලේ, පිඟානට පරිප්පු හොදි ටිකක් බෙදලා දෙන එකයි.

බත් පිඟන් කාලක් නිකං කන්න ගිහින් පරිප්පු හොඳි ටිකක් විතරක් පිඟානට ලැබුණු අපේ බූවා ට එදා ඉඳලා අපි කියන්නේ "පරිප්පු හොද්දා" කියලයි.

-කතන්දරකාරයා

ප/ලි:
දැන් නං "පරිප්පු හොද්දා" ලොකු සිරා පොරක්! හැබැයි තාම මතක ඇති මං හිතන්නේ මේ කතන්දරේ.

නේද මචෝ?

http://curryworld.wordpress.com/)

33 comments:

  1. ගෑනු ළමයින්ට හොඳට කන්න දීල කොල්ලන්ට රාබුයි බතුයි දෙනකොට උද්ඝෝෂණ කලේ නැත්ද කට්ටිය

    ReplyDelete
  2. රැග් සීසන් එකේ මුල්ම රැග් එක මටයි තව එකෙකුටයි..කැන්ටිමේ බත් එක හරියටම දෙකට බෙදා ගෙන කන්න..බත් ඇට, පරිප්පු ඇට, මැල්ලුම, සහ බටු බැදුම, පැය කාලක් ඒ ටික ගැන්නා..ගැනල දෙකට බෙදුවා..හතර දෙනෙක් දැම්ම දෙපැත්තෙ ඉඳන් හුරේ දමන්න..! අදටත් මැවිල පෙනෙනව! කුණු ප්‍රෙශාලා තොපි ශේෂ පත්‍ර බැලන්ස් කරලා කැම්පස් ආවනම් ඇයි ඕක හරියට සමානව බෙදන්න බැරි?

    ReplyDelete
  3. පානුයි පරිප්පුයි දවසක බුදු වේවා . .. . .

    ReplyDelete
  4. දකුණු පළාතේ තියන විශ්ව විද්‍යාලයේ කැෆටේරියාම 5ක් තිබුනා. දැනුත් ඇති.කැෆටේරියා කරපු මුදලාලිලාට කවදාවත් හරි ගියේ නැහැ.ඒ වගේම කැම්පස් ආපු සමහරු ගෙදරට වඩා හොඳින් කාපු බීපු බවත් අහන්නට ලැබුනා.
    ඔය මොනා උනත් විශ්ව විද්‍යාල ශිෂ්‍යෙයක්ට කැෆටේරියා එක හරිම වටිනවා.

    පරිප්පු හොඳ්දා ත් මේක කියවන කෙනෙක් ද? පරිප්පු හොද්දා බ්ලොග් එකක් හේමත් ලියනවැයි....

    ReplyDelete
  5. හික් හික්.... මරු වැඩේ!

    අපේ කාලේ වෙකනොටත් ඔය කාන්තා නේවාසිකාගාර වල කෑම තත්වය හොඳවීම තිබුනා... ඒත් ඉතිං අක්බාර් එකේ ඉන්න එවුන් ඔය කෑම එක කන්න ඔච්චර දුර යන එක ප්‍රායෝගික වුනේ නෑ සති අන්තයක මිස!

    සංඝමිත්තා එකේ ඒ දවස්වල උදේට පොල්සම්බෝල එක්ක බත් පාර්සලයක් දුන්නා රු. 5/- ට... මගේ 'වෙන්ට බිරින්දෑ'ගේ පිහිටෙන් මට නම් ඒ බත් එක හම්බුනා කාලයක්!

    ReplyDelete
  6. පිරිමි ලමයි ඉතින් රොටී කන්ට වගේම ගෑනු ලමයි බලන්ටත් එක්ක, යන්ට ඇති නේද?

    මොකක්ද මේ ??? ඔයාගේ බ්ලොග් එකට එනකොට මේ පනිවිඩේ එනවා...

    //A username and password are being requested by http://www.sahithya.lk. The site says: "test"//

    ReplyDelete
  7. ඇත්ත...මටත් ඒ මැසේජ් එක ආවා..

    ReplyDelete
  8. කෙල්ලො නැත්නම් කොල්ලො බඩගින්නෙ.
    message.. එකක් එනව නේන්නම්. උදේ පාන්දරම අපිට පරිප්පුවක් වගේ...

    ReplyDelete
  9. යකෝ කොල්ලන්ට රාබුයි බතුයි, කෙල්ලන්ට ගෝදම්බ රොටී. මේක පුරුෂ අයිතිවාසිකම් උල්ලංගනය කිරීමක්. අපිනං යයි ඔය වගේ කැම්පස් වලට. :D

    අර කියල තියෙනව ‍‍ව‍ගේ මෙකෙ මොකක්ද මැසේජ් එකක් එනවනං තමයි.

    ReplyDelete
  10. අර මැසේජ් එක මට ආවේ නෑනේ. එත් කවුරු හරි කිව්වා මගේ බ්ලොග් එකෙත් ඒ මැසේජ් එක එනවා කියලා. සාහිත්‍ය කස්ටියගේ අවුලක් මම හිතන්නේ.

    තාමත් කෙල්ලොන්ගේ හොස්ටල් වල කෑම හොඳයි කකා. මම නම කන්න ආසම විජේවර්ධන එකෙන්

    ReplyDelete
  11. @ ඕනයා,
    ගෝවය් අලය්, සැරියුත් මුගලන් වේවා

    @ පොඩි කුමාරිහාමි, සොඳුරු සිත, ගිම්හානි & Deeps,
    ඒ මැසේජ් එක හුඟක් බ්ලොග් වලට යනකොට එනවා, කැන්සල් කරලා දැම්මම ප්‍රශ්නයක් වුනේ නං නැහැ තාම

    ReplyDelete
  12. අපෝ දැන් නම් මිත්තා එකේ ඔහොම මුදලාලිලා නෑ. එවුන් අඩු වලටත් සල්ලි ගන්නවා.

    ReplyDelete
  13. සාහිත්‍ය කට්ටියගෙ අවුලක් තමා... කැන්සල් කරල දාන්න අවුලක් නෑ....

    ලෝකෙ තියෙන හොදම කෑම පරිප්පු හොද්ද.... දැන් කවුද නෑ කියන්නෙ.. ???

    ReplyDelete
  14. පරිප්පු හොද්දාමද මංදා මේක ලිව්වෙ,

    ReplyDelete
  15. මේක නම් පොරට අමතක වෙන්න විදියක් නෑ අයියේ...

    ReplyDelete
  16. ලිව්වෙ පරිප්පු හොද්දා මදැයි සැකයක්

    ReplyDelete
  17. අක්බාර් පරිප්පු හොද්ද චුට්ටක් විතර වෙනස් නේද? ඒකෙ තිබුනා ආවේනික රහක්

    ReplyDelete
  18. ඔබා,

    මුං ඇට හොද්ද නේරංජන ගඟ වේවා...


    කකා,

    අපේ කැන්ටිමේ හැමදාම වගේ සෝය මීට්. ඉතින් කොල්ලො ඉල්ලන්නෙ මුව මස් සමඟ බත් එකක්...!

    ReplyDelete
  19. පාන් කෑල්ලකුයි පරිප්පු හොද්දකුයි කාපු කාලයක් මතක නෑ, පරිප්පු හොද්ද දැක්කම බඩගිනිත් හැදුන ....

    ReplyDelete
  20. මම ඉස්සෙල්ලාම පේරා කැම්පස් එකට ආවෙ 1992 වගේ තමයි මට මතක. ඒ ඒ කාලේ තිබුනු විද්‍යා ප්‍රදර්ශනයක් බලන්න. ඉන්ටර්සිටි එකේ නැගලා ඉස්කෝලේ කොල්ලොත් එක්ක ආපු ඒ ගමන ෆුල්ම ආතල්. කොහොම හරි කෝච්චියෙන් බහිනකොට කට්ටියටම කැම්පස් එක ගිලින්න තරම් බඩගිනියි. ඔන්න ප්‍රදර්ශනේ පටන් ගන්න තැනම කැම්පස් අයියලා විකුණනවා... මොනවද ? පරිප්පුයි පානුයි. පාන් කාලක් පලලා පරිප්පු දාලා. මට මතක හැටියට පරිප්පු දාපු පාන් කාලක් රුපියල් 2යි. අපේ එවුන් කෑව කෑමක් කොහොමද, කැම්පස් අයියලාට පැයෙන් කඩේ වහන්න උනා...!

    ReplyDelete
  21. බලාගෙන ගියාම...පරිප්පුත්...කවදාහරි..ඉතිහාසගත කෑමක් වේවි.

    ReplyDelete
  22. ඇනෝ,
    අක්බාර් එකේ පරිප්පු හොද්ද ටිකක් ගනයි (Thick ) කියල මටත් මතකයි. අපේ කොල්ලෝ ඒ දවස් වල කිව්වේ එකට පාන් පිටි දාලය ඔය thickness එක ගන්නේ කියල. දෙයියෝ දනී

    ReplyDelete
  23. කාකා හොද සූරයා.. මෙහෙම පොස්ට් එකක් දැම්ම ගමන් අපේ කස්ටිය අහන්නේම "ඇත්ත කියන්න මේක ඔයාට වෙච්ච දෙයක් නේද..?" කියලනේ..

    දැන් ඉතිං අර වගේ අවසානයක් දුන්නම කවුද එහෙම විහිළුවටවත් හිතන්නේ... ඔන්න ඉගෙන ගන්නවනං පාඩං...

    ReplyDelete
  24. බඩගිනි වෙලා මා ගිය කල ජිම් එකට
    ගල් වුන වඩේ විතරක් තිබුණි කෑමට
    කූල් ප්ලෙන්ටිය උගුරෙන් යන කලට
    තූ නොදකින් සිතුනි විඳිනා දුකට

    -කොළඹ සරසවිය-

    පානුයි පරිප්පුයි දවසක බුදු වේවා
    ගෝවයි අලයි සැරියුත් මුගලන් වේවා
    කැන්ටින් හොද්ද නේරංජා ගඟ වේවා
    සුප්පයියා මුදලාලි කන්ථක අසු වේවා

    -පේරාදෙණිය සරසවිය-

    ලෙක්චර්ස් යනවා හොස්ටල් යනවා
    බෙල් එක වැදුනම නිදි මත යනවා
    පහලට එනවා
    බතා තලනවා
    බතාගේ පරිප්පුව කව්පිය වෙනවා
    කව්පි ජලාශේ අපි පීනනවා
    වේළුණු පානා දියේ ගිලෙනවා
    බතා උඹත් මතු නිවන් දකිනවා

    -කැළණිය සරසවිය-

    කැන්ටිමේ පල් වෙච්ච
    හොද්ද ගා පාං කා
    ශිල්ප කළත් හත් අවුරැද්දක්
    බඩ පනුවොත් නිදැල්ලේ
    ෆුට්බෝල් කෙළිනවා

    -රුහුණු සරසවිය-

    ReplyDelete
    Replies
    1. කොළඹ යුනියෙ කෙනෙක්මි. දවසක් ඕපන් එක (කැන්ටිම) ඉස්සරහ ගහල තිබ්බ..කෝක් නැතුව කෑවත් නොකෑව වගේ කියල..හවස බලනකොට..ඕපන් එකෙන් කෑවත් නොකෑව වගේ..කියල වෙනස් වෙලා තිබුනා :D

      Delete
  25. source - http://kurutugee.blogspot.com/

    ReplyDelete
  26. මම නම් ඊයේ රාත්‍රියටත් ගිලේ පානුයි පරිප්පුයි . අම්මපල්ල ඇත්තට පරිප්පු කියන්නේ මටනන් ප්‍රධාන ආහාරය හා සමාන දෙයක් .

    අපේ අම්මා පොලේ ගිහිං එද්දී පරිප්පු කිලෝ දෙකතුනක් ගේන්න නම් කවදාවත් අමතක කරන්නේ නෑ ..

    මගේ මාමා කෙනෙක් ඉන්නවා පොරගේ දරුවා පොඩි කාලේ මල පහ කරපුවා මතක් වෙලා මෑන් පරිප්පු වර්ජනේ කරනවා .

    යාලුවා පරිප්පු හොද්ද තනියම බීවද යාළුවෝ එක්ක බෙදා හදාගෙන බීවද !

    ReplyDelete
  27. අපෝ කැන්ටින් කෑම නං... අපේ කැන්ටිමේ මාර මෙනු තම්යි තිබුනේ.. ෆ්‍රයිඩ් රයිස් ( තෙල් විතරයි) සමග කුකුලු මස් කෑල්ලක් (ඝන සෙන්ටි මීටරයක විතර) සහ කොස් ඇට එක්කෝ කැකිරි, එක්කෝ කෙසෙල් මුව.. කටේ තියන්න බෑ, අඩුම ගානෙ බත් පිඟන් තුනක් වත් කන්න ඕනා බඩට දැනෙන්න. අඩු දෙන්නෙත් නෑ... මරා ගත්තා උන් එක්ක, වෙන එකෙකුට ටෙන්ඩරේ දෙනවා කියලා හෙන ගේමක් ඉල්ලල කොහොම හරි අපි ඉන්නකම් හොඳට කෑම ටික ගත්තා... දැන් ආයෙත් චාටර් ලු..

    ReplyDelete
  28. @ All
    පානුයි පරිප්පුයි තමයි මාත් කැමතිම ආහාරයක් උදේට. මේ කතාවේ තියෙන්නේ නං රාත්‍රී කැමක් ගැනයි.

    හොදි මහත්තයා තාමත් මේ කතාව දැකලා නෑ වගේ. ලොකු ලොක්කොනේ, වැඩ රාජකාරී ඇති නේ.

    ReplyDelete
  29. @ All
    සියළු දෙනාටම ස්තුතියි!

    අද අඟහරුවාදා කයි-කතන්දර බලාපොරොත්තු වෙන්න.

    ReplyDelete
  30. උණු පානුයි, පරිප්පු නම් කන කොට දිව තැන්ක් යූ, තැන්ක් යූ කියනවා....ඒත් කැම්පස් කෑම....

    ReplyDelete
  31. panui parippui mathuwata budu wewa.. gowai alai sariuth mugalan wewa. karawala hodda neranjana ganga wewa.. campus parippuwa mathuwata budu wewa....!

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.