ජීවිතයම කතන්දර ගොඩක්!
This is a Sinahla blog written for five years from July 2009. It contains stories - Kathandara - from authors life.
කතන්දරකාරයා ගේ දශක කිහිපයක ජීවන අත්දැකීම් අළලා 2009 ජූලි 11 දින සිට පුරා වසර පහක් තිස්සේ ලියවුණු කතන්දර එකතුවකි. kathandara@gmail.com
Monday, 27 August 2012
අධ්‍යාපන අර්බුදයේ ගැඹුර කොච්චරද? මෙච්චරයි! - How deep is the education crisis? This deep!
යූ ටියුබ් එකේ වීඩියෝ ක්ලිප් එකක් බලමින් ඉන්න කොට පරණ කතන්දරයක් මතක් වුණා.
මේ වීඩියෝ ක්ලිප් එකේ ලින්ක් එක මට ඊ-මේල් එකකින් එව්වේ යුනිවසිටිකාරයෙක්වෙන සිඩ්නි සිතුවිලි බ්ලොග් එක ලියන ප්‍රියන්ත ෆොන්සේකා යි.
දැන් බලමු වීඩියෝ ක්ලිප් එක.
අද ලංකාවේ අධ්‍යාපනයේ තියෙන අර්බුදය ගැන අමුතුවෙන් කියන්න ඕනෑ නෑනේ? දීර්ඝ කාලයක් තිස්සේ නිසි පරිදි ආයෝජනයක් නොකිරීමේ පල විපාක තමයි.
වැඩේ කියන්නේ මීට අවුරුදු ගණනාවකට කලින් මං මුලින්ම විශ්ව විද්‍යාලයකට ගිය කාලෙත් ඔය අර්බුදේ තිබුණා. ඒ ගැන කතා බහ කළා. වාද කළා. ප්‍රශ්නය ඔද්දල් වෙවී ඉදිරියටම ගියා.
උං හිටියත් එච්චරයි. උං ගිහින් මුං ආවත් එච්චරයි.
දැන් මෙන්න මට මතක් වුණු කතන්දරේ.
ඔන්න අපි ඒ කාලේ මේ අධ්‍යාපනයේ අර්බුදය ගැන සම්මන්ත්‍රණයක් සංවිධානය කළා. ඒ දවස්වල කැම්පස් එක දින නියමයක් නැතුව වහලා දාලා හින්දා අපි නුවර පැත්තේ විශාල ශාලාවකයි මේ සම්මන්ත්‍රණය පැවැත්තුවේ.
නලින් ද සිල්වා ලොක්කාට මං ගිහින් ආරාධනා කළාට පොර මුලින් හා එන්නම් කීවාට පස්සේ ආවේ නෑ.
ඒ දවස්වල විපස්සයේ හිටිය වර්ණපාලකාරයා නං එක පයින් කැමති වෙලා ආවා. පොරට ආරාධනා කරන්න ගියේ මායි මගේ සුමිත්‍රයෙකුයි. මගේ ඒ සුමිතුරා තමයි මේ කතන්දරයේ කතානායකයා.
සම්මන්ත්‍රණය සංවිධානය කරන්න සාකච්ඡාකරන වෙලේ කවුරු හරි නොවැදගතෙක්ව මූලාසනයේ තියමු කියලා අපි කතා වුණා. මූලාසනයට තියෙන්නේ ඉතිං කතාකරන දේශකයින්ව හඳුන්වා දෙන එක විතරයි නේ.
ඔන්න ඉතිං ඒ තියරිය අනුව මායි එදා මූලාසනේ. අපේ කැම්පස් එක වෙනුවෙන් කතා කරන්න ඔන්න මං සුමිතුරාව හඳුන්වා දුන්නා.
පොර කතා කරන්න යන්නේ අධ්‍යාපනයේ අර්බුදය ගැනයි!
"ආදරණීය අම්මේ, තාත්තේ, සහෝදර සහෝදරියනි, අද මේ සම්මන්ත්‍රණයේ දී ඔබ අමතා කතා කරන්නට මට ආරාධනා කිරීම ගැන මුලාසනයේ සිටින කතන්දරකාරයාට මා ස්තුති කරන්න කැමතියි". පොර කතාව පටන් ගත්තා.
"මා අද කතාකරන්නට යන්නේ අපේ රටේ අධ්‍යාපනය අද මුහුණ දී තිබෙන අර්බුදය ගැනයි. මේ අධ්‍යාපන අර්බුදය ඉතාම ගැඹුරු එකක්. මේ අර්බුදය කෙතරම් ගැඹුරුද කියනවා නම් ආදරණීය අම්මේ, තාත්තේ, සහෝදර, සහෝදරියනි,..."
ඔන්න ඔතන දී තමයි අපේ පොරට ටිකක් වචන හොර වුනේ, ඒත් පොර ඇරියේ නෑ.
"මේ අර්බුදය කෙතරම් ගැඹුරුද කියනවා නම්, ඉතාම ගැඹුරුයි, කොටින්ම මෙහි ගැඹුර මනින්න බෑ! අන්න ඒ තරමට ගැඹුරු අර්බුදයක තමයි අද අපේ රටේ අධ්‍යාපනය වැටිලා තියෙන්නේ."
මගේ සුමිතුරා ඒ තමන් වැටුණු අර්බුදයෙන් නම් ගොඩ ආවා ඒ විදියට.
හැබැයි එදා ඉඳලා අපි කැම්පස් එකෙන් අවුට්වෙන තුරුම පොරට අපෙන් ගැලවිල්ලක් වුනේ නෑ. පොරව දැක්ක ගමන් අපි අහන්නේ:
"මචං උඹ අරකේ ගැඹුර දැන් මැනලා ඉවරද?"
"මචං ගැඹුර හරියටම දැන ගත්තු දවසකට අපිට කියපං හරිද?" කියලයි.
-කතන්දරකාරයා
ප/ලි:
මිත්‍රයා නං දැන් ආණ්ඩුවේ තරමක ලොක්කෙක්.
මේ කතන්දර බ්ලොග් එක සමහර ලොක්කොත් කියවන බව දන්නවා වුනත් මේ ලොක්කා නං කියවනවාද කියලා දන්නේ නෑ. බලමු!
ප/ප/ලි
අධ්‍යාපනයේ අර්බුදයට මූලික හේතුව නම් කාලයක් තිස්සේ පැවති ආණ්ඩු විසින් නිසි පරිදි ආයෝජනය නොකිරීමයි. විශ්ව විද්‍යාල ක්‍ෂේත්‍රයේ මේ ආයෝජනය සිදුකරන්න රජයේ මුදල් ප්‍රතිපාදන නොලැබෙන නිසා ඇති විසඳුම නම් පුද්ගලික අරමුදල් ලබා ගැනීමයි. මේ පිළිබඳ මා ලියූ "ලංකාවේ උසස් අධ්‍යාපන ප්‍රශ්ණයට විසඳුම පුද්ගලික විශ්ව විද්‍යාල නොවේ, මෙන්න මේකය! දැවෙන ප්‍රශ්ණයකට කතන්දරකාරයා ගෙන් පිදුරු ගොඩක්!! - Private money for higher education industry" ලිපිය මෙන්න.
http://kathandara.blogspot.com.au/2012/01/private-money-for-higher-education.html
Labels:
විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ,
විශ්ව විද්‍යාලය
Subscribe to:
Post Comments (Atom)
ADA KAKA KALEENA TOPIC EKAKATA BAHALA EHI GAMBURA HOYANA EKA HONDAI.
ReplyDeleteමේක පට්ටා ගහපු දෙයක්, නමුත් මේ වෙලාවේ නොකියාම බෑ. (නැත්නං වෙනින් කවුරු හරි කියාව්1. ඒව කොහෙද මා එක්ක?)
ReplyDeleteඒකෙ ගැඹුර ඇදුරුතුමාගේ නයාගේ දිගට සමානයි.
පුද්ගලික විශ්වවිද්යාල ආරම්භ කරලා ඉන් ලැබෙන බදු මුදල් වලින් රාජ්ය විශ්වවිද්යාල වලට ප්‍රතිලාභ ලැබෙන ක්‍රමයකට යන්න පුලුවන් නම් ඒ ක්‍රමය හොදයි කියලා හිතෙනවා.නමුත් ඉතින් මේ සිරි ලංකාවනේ.අනේ මන්දා?
ReplyDeleteඇයි බදු විතරක් දෙන්නේ? මුළු මුදලම දෙන්න හැකිනේ?
Deletehttp://kathandara.blogspot.com.au/2012/01/private-money-for-higher-education.html
ලෝකෙම ගත්තොත් තෘතීය/උසස් "නිදහස් අධ්‍යාපනය" පවතින්නේ රටවල් කිහිපයක විතරයි.
ReplyDeleteArgentina
Brazil
Denmark
Finland
France
Greece
Hungary
Italy
Malta
Mauritius
Morocco
Norway
Scotland
Spain
Sri Lanka
Sweden
Trinidad and Tobago
Barbados
Kenya
Peru
එංගලන්තයේ වුණත් පෞද්ගලික සරසවි තියෙන්නෙ 3, 4ක් විතරයි! අනිත් ඒවා ගාස්තු අයකරන රජයේ විශ්වවිද්‍යාල.
නිදහස් අධ්‍යාපනය නොතිබුණා නම් අපේ රටේ සාක්ෂරතාවය 40% - 60% මට්ටමේ දිගටම තියේවි.
රාජ්‍ය විශ්වවිද්‍යාල හා සමගාමීව යන මුදල් ගෙවා උපාධි ලබා ගත හැකි ගුණාත්මක උසස් අධ්‍යාපන ආයතන කිහිපයක් තියෙනවා. (NIBM, SLIIT, CINEC & APIIT). ඒ ඇති!
ඇස්.බී සහ අනිත් එවුන්ට කොමිස් ගසා කන්න තවත් උපාධි කඩ ලංකාවට ඕනි නෑ! ඒ වගේම පිටරට උපාධිධාරීන්ට ලංකාවේ තියෙන පිළිගැනීම ගැන දන්නෝ දනිති!
/නිදහස් අධ්‍යාපනය නොතිබුණා නම් අපේ රටේ සාක්ෂරතාවය 40% - 60% මට්ටමේ දිගටම තියේවි./
Deleteදැන් විශ්ව විද්‍යාල වලද ළමයින්ට අයන්න ආයන්න උගන්වන්නේ? දැන ගත්තු එක හොඳයි.
නිදහස් අධ්‍යාපනය ලැබෙන්නේ විශ්ව විද්‍යාලවලට විතරද..?
Deleteකකා හෝ ඉහත කමෙන්ට්කරු හෝ කතා කරලා තියෙන්නෙ පාසල් අධ්‍යාපනය ගැන නෙවෙයිනෙ පැහැදිළිවම!
Deleteවනක්කම්,
Delete"නිදහස් අධ්‍යාපනය නොතිබුණා නම් අපේ රටේ සාක්ෂරතාවය 40% - 60% මට්ටමේ දිගටම තියේවි."
මගේ ප්‍රශ්නයට පදනම මේ ප්‍රකාශනය. ඒකේ පැහැදිලිවම තියෙනවා නිදහස් අධ්‍යාපනය කියලා.
ඔහු/ඇය උඩින්ම ලියලා තියෙන දේ කියවන්න "ලෝකෙම ගත්තොත් තෘතීය/උසස් "නිදහස් අධ්‍යාපනය" පවතින්නේ රටවල් කිහිපයක විතරයි." එතන ඔහු/ඇය පැහැදිලිවම සඳහන් කරනවා තෘතීයය/උසස් "නිදහස් අධ්‍යාපනය" කියලා.
යට ඔහු/ඇය කතා කරන්නේ සමස්ත නිදහස් අධ්‍යාපනය ගැන.
නන්ඩ්‍රි.
ඒ කියන්නෙ දැන් ලංකාවෙ පාසල් වලත් විශ්ව විද්‍යාල වලට අමතරව අයනු ආයනු උගන්නනවා. දැන ගත්තු එක හොඳයි.
Deleteමට පාන්යැ!
Deleteවිශ්ව විද්‍යාලවලින් පිටවෙන අය තමයි පාසල්වල ඉහල පන්තිවලට උගන්වන්නේ? ඇයි අධ්‍යාපන පීඨ? ඒත් විශ්ව විද්‍යාල නේ?
Deleteමුළු රටේම හැම තලයකම අධ්‍යාපනයට විශ්ව විද්‍යාල සම්බන්ධයි.
Some more about KKs idea. http://www.youtube.com/watch?v=jivK18kTi30
Deleteපළ කර ඇති ඡායාරූපයෙන් කාකා උත්සහා කරන්නේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයය අනෙකුත් සියළුම විශ්ව විද්‍යාලවලට වඩා ඉහළ බවය. හීනමානය මිසක් වෙන කුමක්ද..?
ReplyDeleteහුටා..! ඒ ලෝගෝ එක පේරා නෙමෙයි. කැළණියේ.
Deleteඉහත පළකර ඇති ඡායාරූපයෙන් කාකා කියන්නට උත්සාහ ගන්නේ, පේරාද්ණිය විශ්වවිද්‍යාලය අනෙකුත් විශ්ව විද්‍යාල සමඟ එකට තැබීමට නොහැකි තරම් ඉහළ බවය. හීනමානය මිස වෙන කුමක්ද..?
හික්, හික් හික්, කුරුක්, කුරුක්!
Deleteසාක්ෂරතාවය ගැන උදම් අනලා වැඩක් නෑ. බුද්ධිමතුන් බිහිකිරීමයි සිඳු වෙන්න ඕන. නමුත් නොවෙන්නෙත් ඒකමයි. 50-60 දශකයේ ළෝකය ගැන දැණුමක් දීලා පෙත්තෝ ටිකක් එළියට දානවා සහතිකේ කුත් එක්ක. කනෙක්ෂන් එකක් තියෙන ළෝකේ ගැන දන්න පන්තියේ හොඳ එකා රට පනිනවා. අනික් පිරිස පෞද්ගලික අංගයට යනවා. දුප්පත් පෙත්තෝ ටික ජොබක් ඉල්ල ඉල්ල පාරේ හිඟා කනවා. ජොබ් එකක් හම්බ උනයින් පස්සේ නිකන්ම ඉඳලා උඩට යනවා ඒ ගිහිල්ලත් නිකන්ම ඉන්නවා. රටත් එහෙමම තියෙනවා. මේකට මුලින්ම වග කියන්න ඕන මහාචාර්යවරු, ඊළඟට ආචාර්යවරු, ඊට පස්සේ නිළධාරී, අවසන දේශපාලුවෝ. සුද්ද උන්න නම් මේ දේ වෙන්නේ නෑ. සිලබස් එක යාවත් කාළීන වෙනවා. මේ පෙන්වන්නේ වෙන දයක් නොවෙයි අපේ උරුමය. ගුරු මුෂ්ඨිය තබා ගෙන ඉගැන්වීම. ගෝලයා ඉදිරියට යාමේ ඉරිසියාව.
ReplyDelete50-60 දශකයේ ළෝකය ගැන දැණුමක් දීලා පෙත්තෝ ටිකක් එළියට දානවා සහතිකේකුත් එක්ක.
Deleteඊට පස්සෙ උන් ඇවිල්ලා මෙතැන බ්ලොග් ලියනවා. කමෙන්ට් කරනවා. මළ වදයක්.
Mathalan,
DeleteInstead of some degree programs such as Arts & Management in some universities majority of the degree programs are up-todate in State universities.
E.g. Moratuwa, Colombo, Ja'pura & Uva Wellassa
ref. ABOVE LIST OF COUNTRIES, WIKIPEDIA FURTHER STATES, THAT, THIS IS NOT A COMPLETE LIST. - U N C -
ReplyDeleteඅපේ ඈයො හරි කැමතියි නොවැ පිටරට උදාහරණ ගන්ඩ.මෙන්න මේකත් බැලුවනං ඔන්න රටක් කොහොමද අධ්‍යාපනේ දෙන්ඩ ඕනෙ කියලා දැනගන්ඩ.
ReplyDeleteගිහිං බලන්ඩ
පින්ලන්තෙ කරනව වගේ ටැක්ස් කළා නම් අපේ අයියලා ඒකටත් සරොං උස්සගෙන ඒවි. මුලින්ම මුංගෙ ඔළු ගෙඩි හදන්ඩ ඕනැ පිනට හම්බ වෙන ලබ්බක් නෑ, යමක් ඕනැ නම් මහන්සි වෙලා වැඩ කරලා ලබා ගනියව් කියලා අවබෝධ කර ගන්න.
ReplyDeleteඅපේ රටේ අධ්‍යාපනය අනලා තියෙන ඇනිල්ලේ හැටියට ගැඹුර විතරක් නෙවේ දිග පලලවත් ලේසීයෙන් මැනලා ඉවර කරන්න හම්බෙවෙන්නෑ. ඇනිල්ල පටන් ගත්තේ 1975 දි NCGE HNCE බහුබූතයක් ගෙනල්ලා (නමට උඩු සහ ගම තියෙන ලොක්කෙක් තමා ඒක ගෙනාවේ). අපේ රටේ ඉන්න පාලකයෝ (පාලිතයෝත් ඇතුළුව) හොඳ හෝ නරක ඒ හැටියෙන් පිළිගන්න කැමති නෑනේ. අධ්‍යාපනයටත් වෙලා තියෙන්නේ ඒදේම තමා.
ReplyDeleteThis comment has been removed by a blog administrator.
ReplyDelete//This comment has been removed by a blog administrator.//
Deletehate to see this... f*** u kaka
@ Anonymous August 28, 2012 8:56 AM
DeleteDont jump into conclusions.
What I deleted was a SPAM comment apparently not filtered by Blogger. Those who have subscribed for comments might have received it.
That comment contained an advertisement with a link to an external (probably malware) site.
-KK
මුලු රටම සහ හැම ක්ශේත්‍රයක්ම අර්බුදයක ඉන්න වෙලාවෙ අද්යාපනය ගැන විතරක් කතකරල තේරුමක් නෑ. අර්බුදයක් නැති ක්ශේත්‍රයක් නැත්තටම නැති තරම් නෙ. ඒ නිසා මේ මහා අර්බුදයට අදාල මූල්යන් හොයාගෙන ඒ කට විසදුම් කරනව ඇරෙන්න මේ වැටිච්ච වලෙන් ගොඩ එන්න අමරුයි.
ReplyDeleteFriends, Kaka, replies only to his friends. Therefore, Please donot comment his useless writings. He overlooks us and talks 2 his 1 or 2 friendes. Shit.
ReplyDeleteIf I were Kaka I too would respond to my friends. Why should I respond to my enemies?
Deleteසහතික ඇත්ත කතන්දර අයියේ.. අපි ගෙවල් වල තමා.. උන්ට රජ සැප... අනේ මන්ද ..?
ReplyDeleteමං මේ සුදාගේ සිතුවිල්ලක් ලහින්
අධ්‍යාපනයේ අර්බූදයක් ඇතැයි කියන බොහෝ අය ඇත්තටම අදහස් කරන්නේ "මට අර්බූදයක්" කියලයි. ඒක පෞද්ගලික දෙයක් මිස අධ්‍යාපනයේ අර්බූදයක් නෙවෙයි. බස් එකකට වුණත් දිගින් දිගටම සෙනඟ පුරවා ගෙන යන කොට එක මොහොතක් එනවා බස් එකේ එන්ජින් එකට අදින්න බැරි. ඉතින් එහෙම සෙනඟ පුරවාගෙන පුරවාගෙන ගිහිල්ලා බස් එක හිරවුණාම "ඔන්න යකෝ, මාර අර්බූදයක්. මාර ජංජාලයයි" කියලා කෑ ගහලා වැඩක් නෑ. බස් එක වෙනුවට ප්‍රවාහණය කරන්න පුළුවන් වෙන මාර්ග මොනවද කියල හිතන්න ඕනැ. නැතුව ඕවර්ලෝඩ් වෙච්චි බස් එකකට තව පෙට්‍රල් සීයක් හරි දාහක් හරි ගැහුවය කියල අදින්න බෑ.
ReplyDeleteදැන ඔය ආචාර්යවරුන් කියන්නෙ අනෙක් අමාත්‍යාංශ වලින් කපලා අපට 6% දෙන්න කියලනෙ. දුන්නයි කියමුකෝ. අනෙක් අමාත්‍යාංශ වලට මොකද වෙන්නෙ එතකොට. මිනිස්සුන්ට රස්සා නැතිවෙයි. පඩි වැඩි වීම් නතර වෙයි. රෝහල් බල බෙහෙත් නැතිවෙයි. පාරවල් හදන එක නතර වෙයි. මේවා එකකට එකක් බැඳුණු ප්‍රශ්න. එකපාරට දෙවියන් වහන්සේ වගේ 6% මවා දෙන්න බෑ.
වෙලා තියෙන්නෙ ඒ පැත්තෙ ඉන්නෙත් ගොන්නු. මේ පැත්තෙ ඉන්නෙත් ගොන්නු. කාටවත් බෑ ප්‍රායෝගික විසඳුමක් හිතන්න. කවුද කිව්වලුනේ compromise කියන එකට හරි සිංහල වචනයක් වත් නෑය කියලා. සම්පූර්ණ ඇත්ත.
-ඒක පෞද්ගලික දෙයක් මිස අධ්‍යාපනයේ අර්බූදයක් නෙවෙයි-
Deleteඅධ්‍යාපනයේ අර්බුදයක් ඇත්තෙම නැද්ද..?
1. ඉසෙඩ් ඉස්කෝර් එක මෙව්වා කරලා මෙව්වා කළේ මොන රටේද..?
2. ඒල් වලින් එක පාරක් පළමුවෙනියා වෙච්ච ළමයෙක් ආයේ රිසල්ට් ආවම දෙවැනියා වුනේ මොන රටේද..?
3. ඒල් බී.සි [බුඩිස්ට් කල්චර්] පේපර් එක තාප්ප වල අලවලා තිබ්බේ මොන රටේද..?
4. ශිෂ්‍යත්ව පේපර් එක ටියුශන් සර් කෙනෙක් කලින්ම දුන්නේ මොන රටේද..?
5. එතකොට කැම්පස් දැන් වහලා ඇත්තේ මොන රටේද..?
6. වැඩි පඩි ඉල්ලලා ලෙකචර්ස්ලා ස්ට්‍රයික් කෙරුවේ මොන රටේද..?
එතකොට සියඹල ගෙනල්ලම නැද්ද..?
-අනෙක් අමාත්‍යාංශ වලට මොකද වෙන්නෙ එතකොට. මිනිස්සුන්ට රස්සා නැතිවෙයි. පඩි වැඩි වීම් නතර වෙයි. රෝහල් බල බෙහෙත් නැතිවෙයි. පාරවල් හදන එක නතර වෙයි. මේවා එකකට එකක් බැඳුණු ප්‍රශ්න. එකපාරට දෙවියන් වහන්සේ වගේ 6% මවා දෙන්න බෑ.-
අමාත්ංශවල වියදම්, අපි ඒ ගැන කතා නොකර ඉමු :D
මගෙත් මහප්ප කෙනෙක් ඉන්නව ඔය අමාත්‍ය්ංශෙක ඉහළ නිළයක් කරන [ඔන්න නයා]. පොර ගෙදර එන්නේ, පුද්ගලික ගමන් යන්නේ අමත්‍යංශේ වාහනෙන්. ගෙදර ඉදලා ඔෆිස් ගියහම එතන ඉදලා එයාගේ රාජකාරි වැඩවලට යන්නේ එයාට අමාත්‍යංශෙන් එයාගේ පුද්ගලික පාවිච්චියට දීලා තියෙන වාහනෙන්. තමන්ට දෙන පෙට්‍රල් එලාවන්ස් එක ඉතිරි කරගන්න කරන සිම්පල් ප්ලෑන් එකක්. අමාත්‍යංශේ වාහනේට තෙල් ගහන්නේ අපි, අමාත්‍යංශේ ඉදලා එයාගේ පුද්ගලික වාහනෙන් රාජකාරි වැඩවලට ගියහම ඒකට තෙල් ගහන්නෙත් අපි. කොහොමද ටිකිරි මෝළේ..?
උදේ ඇබිලිපිටියේ පොළේ ජොගින් ගිහින් හවස දවල් අම්පාරේ රැස්වීම් අමතන්න අපේ මහින්ද මාමි යන්නේ පුස් සයිකලෙන් නෙමෙයි. අපේ බදු මුදල් වලින් ගත්තු, තෙල් ගහන හෙලිකොට්ටොරුවල. ඒවා අත්‍යවශ්ය වියදම්නේ නේද..? ඒවා කප්පාදු කරලා කොහොමද..? මිනිස්සුන්ගේ රස්සවල් නැතිවෙයි, හම්මෝ අමත්‍යන්ශ වහන්න වෙයි. හිතනකොටත් බය හිතෙනවා.
මේකනම් ආසියාවේ ඈස් චර්යම තමයි.
මාලන්, 1 සිට 5 දක්වා කිඉයල තියන අර්බුද අධ්‍යාපන අමාත්‍යංශයේ අර්බුද. ඒවාට වග කියන්න ඕනෙත් අද්යාපන අමාත්‍යංශයේ ඉන්න ඇමතිලා, නිලදාරීන්. ලෙකචර්ස්ලා ගුරුවරු. තව 6% දීල පඩිත් වැඩි කරපල්ලකෝ. එතකොට හරිද ?
Deleteඅධ්‍යාපනයේ අර්බූදයක් කියන්නේ සමස්ත අධ්‍යාපනයේ අර්බූදයක් මිස ඉන් එක කොටසක් වෙච්චි රාජ්‍ය විශ්ව විද්‍යාල වල අර්බූදයක් නෙවෙයි. Z ස්කෝර් ගැටළුව පවා අදාළ රාජ්‍ය විශ්ව විද්‍යාල වලට ඇතුළු වන්නට බලාගෙන ඉන්නා පිරිසට. රාජ්‍ය විශ්ව විද්‍යාල වලින් වසරකට පිට කරන්නේ උපාධි ධරයින් 10,000 ක් පමණයි. මින් පිටත තෘතික අධ්‍යාපන ආයතන වලින් 100,000 කට අධික උපාධිධරයින් හා වෘත්තීයවේදීන් පිරිසක් බිහි කරනවා. ගැටළුවක් තියේ නම් තියෙන්නේ අර 10,000ට මිස මේ ලක්ෂයට නෙවෙයි. ඔවුන්ගේ ගැටළුවක් සමස්තයේ ගැටළුවක් සේ හුවා දැක්වීම වැරදියි.
Delete/මගෙත් මහප්ප කෙනෙක් ඉන්නව ඔය අමාත්‍ය්ංශෙක ඉහළ නිළයක් කරන [ඔන්න නයා]. පොර ගෙදර එන්නේ, පුද්ගලික ගමන් යන්නේ අමත්‍යංශේ වාහනෙන්. ගෙදර ඉදලා ඔෆිස් ගියහම එතන ඉදලා එයාගේ රාජකාරි වැඩවලට යන්නේ එයාට අමාත්‍යංශෙන් එයාගේ පුද්ගලික පාවිච්චියට දීලා තියෙන වාහනෙන්. තමන්ට දෙන පෙට්‍රල් එලාවන්ස් එක ඉතිරි කරගන්න කරන සිම්පල් ප්ලෑන් එකක්. අමාත්‍යංශේ වාහනේට තෙල් ගහන්නේ අපි, අමාත්‍යංශේ ඉදලා එයාගේ පුද්ගලික වාහනෙන් රාජකාරි වැඩවලට ගියහම ඒකට තෙල් ගහන්නෙත් අපි. කොහොමද ටිකිරි මෝළේ..?/
Deleteමේක අධ්‍යාපන අමාත්‍යාංශයෙත් වෙනවා. අවශ්‍ය සම්පත් තිබුණොත් සරසවි ආචාර්යවරුන් කරන්නෙත් මේක තමයි. දැනටමටත් ඉන්නේ එකම දේශනයක් වත් නොතියා දවසම රූපවාහිනී නාලිකා වල ගෙවා පඩි ගන්න ආචාර්යවරු. දූෂණය කියන්නේ අපේ සිස්ටම් එකේ තියෙන දෙයක්. අධ්‍යාපනේට 6% වෙන් කළා කියලා ඒක නැති වෙලා රට සුද්ද පවිත්‍ර වෙන්නෙ නෑ. තව පිරිසක් දූෂණයට යොමු කරනවා විතරයි.
තවත් ටිකක් එකතු කළොත්, දැන් ඔය ආචාර්යවරුන් හිතනවා නම් අධ්‍යාපනයට 6% වෙන්කළාම ඉතුරු 4% එන්නේ ආණ්ඩුවේ ලොක්කන්ගේ දූෂණ අඩුවෙලා, ජනාධිපතිගේ වියදම් අඩුවෙලා කියලා ඒ මැට්ටන් විශ්ව විද්‍යාල ආචාර්යවරුන් වීමට කිසිම සුදුසුකමක් නෑ. අධ්‍යාපනේට 6%ක් වෙන් කළොත් (එසේ වෙනවාය මා හිතන්නේ නැහැ) එයින් කෙළ වෙන්නේ අනෙක් පැත්තෙන් දුප්පතෙකුට ලැබෙන ඉන්ජෙක්ෂන් එකකට, දුෂ්කර පළාතක හැදෙන පාලමකට, පාරකට විතරයි. අර දූෂණ ජනාධිපති වියදම් එහෙමම තියේවි. අපි මේ තරම් ගොන්නෞද අධ්‍යාපනේට 6% වෙන් කළා කියලා සියල්ල යහපත් පරිදි සිද්ද වෙනවාය හිතන්න?
Deleteඇත්ත නේන්නම්. අම්මපා ඔය කියනකම් මට වැටහුනේ නෑනෙව. පොතුත් නිකන් දීලා, රෙදිත් නිකන් දීලා, සීසනුත් නිකන් දිලා, කන්නත් දීලා, තව නිකන් උග්න්නලා. අනේ අම්මපා මෙහෙම පුළුවන්ද රටක් කොරන්ට. මේක නොතේරෙන හරක් ඉන්නවද..?
Deleteකප්පාදු කරන්ට ඕනේ නෙවෙන්නම්. 1.9% වෙන්කරන එකත් මොන තරම් අපරාදයක්ද..? වැඩියි වැඩියි. තව අඩු කරන්න ඕන.
මුලින්ම කැම්පස් වලට වෙන්කරන සල්ලි ටික කපලා දාන්න ඕන. දැන් කොහොමත් ලෙක්චර්ස්ලා [උන්ගේ කොහොමත් ඔළුව වැඩියි, උන් හිතන් ඉන්නේ හෙණ උගත්තු කියලා] ස්ට්‍රයික් නිසා උන්ව ඔහොම්මම ගෙදර ඉන්නම දෙන්න ඕන. එතකොට යන එකෙක් යයි. නොයන එවුන් වෙන මොනවා හරි හොයා ගනි. ඊට පස්සේ කෙලින්ම ෆුල් කොලිෆයිඩ් ලෙක්චර්ස්ලා ගේනවා ඉන්දියාවෙනුයි නෙපාලෙනුයි. උන් කොහොමත් අපේ එවුන්ගේ වගේ පඩ ශෝ නෑ. අඩු පඩියට වැඩ යමරෙට. එතකොට විශ්ව විද්‍යාල ප්‍රශ්නේ ඉවරයි.
ඊට පස්සේ හිමීට අත තියන්න ඕන ඉස්කෝල වලට. මොහාන් ලාල් ග්‍රේරො වගේ ඉන්ටර්නශනල් ස්කුල්ස් ගැන එක්ස්පර්ට් කෙනෙක් මිනිස්ට්‍රි එකේ ඉහළ තැනක ඉන්න නිසා කිසි බයක් නෑ. එයා ගාණට ගේම ගහයි. දැන් බලන්න ඔය ඉන්ටර් නැශනල් ස්කූල් වල ළමයි. කොයි තරම් පොශ්ද..? ඔය ගමේ ගොඩේ එව්වෝ වගේද..? ලඟට යන්න බෑ ගස් ගඳයි. මුන්ට මොන ඉස්කෝලද..? එක්කෝ යන්න ඕන ජුකි මහන්න, නැතිනම් යන්න ඕන සිකියුරිටි ජොබ් වලට. කාළකන්නි. මුන් මෙතන උගෙන ගෙන දොස්තරල, ඉන්ජියර්ලා වෙලා හිතන් ඉන්නේ හෙණ උගත්තු කියලා. වල් පරයෝ. ඔළුව උස්සන්න දෙන්නම හොඳ නෑ. පාගලම තියන්න ඕන.
ඕක මුලින්ම තේරුම් ගත්තේ අපේ [පහවත් පාස් නැති] ජාතියේ පියා. එයා කිව්වලු "යකෝ මුන්ට නිකන් උගන්නන්න ගත්තම අපේ ගහක ගෙඩියක්වත් කඩා ගන්න එකෙක් නැති වෙනවා" කියලා.
සහතික ඇත්ත. ජාතියෙම පියා නෙවෙන්නම්.
දැන ඔයා හිතාන ඉන්නේ මේ තියෙන ක්‍රමය යටතේ ගස් ගෙඩි කඩන එවුන්ගේ දරුවන්ට උසස් අධ්‍යාපනේ වල දොර විවෘත වුණා, විවෘත වෙනවා කියලද?
Deleteඅනේ නෑ. එහෙම මිථ්‍යාවන් විශ්වාස කරන්න එපා. උසස් අධ්‍යාපනේ විශේෂයෙන්ම වෛද්‍ය විද්‍යාව, ඉංජිනේරු විද්‍යාව, නීතිය හා කළමනාකරණය යන ක්ෂේත්‍ර වල ඉන්නේ දුප්පත් ළමයි නෙවෙයි ඉහළ හා පහළ මධ්‍යම පංතියේ දරුවෝ. ඔය ගස් ගෙඩි කඩන එවුන්ගෙ දරුවෝ ඉන්නේ කැම්පස් වල 10-20% වගේ. ඒත් ආර්ට්ස් ෆැකල්ටි වල. උන් ආර්ථික හේතූන් නිසා ඊට ගොඩාක් කලින් හැළෙනවා.
කැම්පස් යන්නෙ ජනගහණයෙන් 2% ක් වගේ මධ්‍යම පන්තියේ ළමයි මිසක් අන්ත දුප්පත් ළමයි නෙවෙයි. මේ පන්තිය කරන්නේ මෙක දුප්පතුන්ට දුප්පතුන්ට කියලා මිථ්‍යාවක් නිර්මාණය කරගෙන සමස්ත ජාතික ධනය ඊට පොම්ප කරන්න කියන එකයි. ඒක දුප්පතුන්ට නෙවෙයි.
තවත් පැහැදිළිව කියනවා නම් මෙච්චර කල් ඔය කියවන නිදහස් අධ්‍යාපනෙන් වැඩක් වෙලා තියෙන්නේ කතන්දරලාට හා අරුණි ශපීරෝලාට. කවුද මේ? මධ්‍යම පන්තිය. එකෙන් සඳරුලාට මාරයාට වැඩක් වුණාද? නෑ. උන් අද ජීවත් වෙන්නෙ තමන් තමන්ගේ ඕනෑ කමින් ඉගෙන ගත්තු දෙයක් නිසා. තව 6% වෙන් කළත් එච්චරයි. ගස් ගෙඩි කඩන එවුන්ට එහෙම කළාය කියලා දෙයක් ලැබෙන්නේ නෑ. මධ්‍යම පන්තිය තර වෙයි. ඕනෙ නම් කටුවක් විතරක් දුප්පතුන්ට හම්බ වෙයි.
ඇයි මේ මිථ්‍යාවන් තව දුරටත් ගෙනියන්නේ? හරීම හැඟීම්බරයි. ඒත් ඇත්ත වෙන එකක්.
කතන්දරගෙන් අහන්නකෝ තමන්ගේ බැච් එකේ ගස් ගෙඩි කඩන එවුන්ගෙ කොල්ලෝ කෙල්ලෝ කීදෙනෙක් හිටියද කියලා.
තමන්ට පඩි මදිනම් පඩි මදියි කියලා අරගල කරන එක එකක්. නමුත් ඒ වෙනුවෙන් මිථ්‍යාවන් නිර්මාණය කිරීම කුජීතයි. කතා කරන්න ඕනැ මිනිස්සුන්ගේ බුද්ධියට මිසක් හදවතට නෙවෙයි.
Deleteඅපි හිතමු ඔයා කියන සියළුම දේ ඇත්ත කියලා. ඔයා කියන විදිහට මේ ක්‍රමයෙන් ගොඩයන්නේ යම් තරමකින් හෝ මුදල් තියෙන මධ්‍යම පන්තිය.
Delete[හැබැයි ඔයාට අනුව ගත්තත් මේ පවතින ක්‍රමය යටතේ 10~20%ක්වත් ඔය උසස් අධ්‍යාපනය ලබනවා].
හරි දැන් ඔබතුමාම කියන්නකෝ බලන්ට සඳරුලට, මාරයලට ගොඩයන්න පුළුවන් ක්‍රමයක්..?
ප.ලි: ඔයාගේ අදහස් කියවන කොට මට හිතුණු දෙයක් කියන්නද..? ලංකාවේ වදවෙලා යන කණ්ඩායමක් තමයි මේ මධ්‍යම පන්තිය කියන්නේ. ලංකාවේ තව දශක කීපයකින් ඉතුරු වෙන්නේ ධනපති පන්තියකුයි ඒ අයට කඹුරන දුප්පත් පන්තියකුයි විතරයි. ඕන් මන් කිව්වා කියලා මතක තියා ගන්න. කැමතිනන් තව අවුරුදු 30කින් මේල් එකක් එන විදිහට මේල් එකක් එන විදිහට සේටින්ග්ස් හදලා මේල් එකකුත් එවාගෙන බලන්න.
පොඩි එකෙක් දවසක් චක්කරේ පාඩම් කරනවලු.
Deleteදෙවරක් පහ දහයයි
දෙවරක් පහ දහයයි
දෙවරක් පහ දහයයි
දෙවරක් පහ දහයයි
තාත්තා ලංවෙලා ඇහුවලු. "හරි පුතා දැන් දෙවරක් පහ දහයයිනේ, එතකොට පස්වරක් දෙක කීයද..?" කියලා.
පුතා කිව්වලු "අයියෝ තාත්තා, මම තාම දන්නේ දෙවරක් චක්කරේ විතරයි, මම තාම පස් වරක් චක්කරේ දන්නේ නෑනේ" කියලා.
ඇනෝ, මම තාම ඔයාගේ උත්තරේ බලපොරොත්තුවෙන්
""හරි දැන් ඔබතුමාම කියන්නකෝ බලන්ට සඳරුලට, මාරයලට ගොඩයන්න පුළුවන් ක්‍රමයක්..?""
/හරි දැන් ඔබතුමාම කියන්නකෝ බලන්ට සඳරුලට, මාරයලට ගොඩයන්න පුළුවන් ක්‍රමයක්.../
Deleteසඳරුලා මාරයාලා අයත් වන පන්තිය එහෙම එක වර ගොඩ ගන්න මැජික් විසඳුම් නෑ. එහෙම තියේ නම් කවුරු හරි ක්‍රියාත්මක කරයිනෙ. රටේ ආර්ථික වර්ධනය වෙනකොට ඔවුන් ඉබේම උඩට ඒවි. මා කියන්න අදහස් කළේ ඔය තියෙන ක්‍රමයෙන් ඔවුන් ගොඩ නො එන එක විතරයි. මොකද දැන් ආචාර්යවරු පොර ටෝක් දෙන්නෙ "නිදහස් අධ්‍යාපනෙන්" මේ රටේ පන්ති පරතරය නැති කළ ගානටනෙ. නෑ. පන්ති පරතරය නැති වෙලා නෑ. 1948 තිබිච්චි පන්ති පරතරය අදත් තියෙනවා. එකම වෙනස් ටික දෙනෙ යට ඉඳලා උඩට පැණලා.
අනෙක් අතට අපේ තියෙන තවත් වැරදි අදහසක් තමයි යට ඉන්න එවුන් අනිවාර්යයෙන්ම අධ්‍යාපනය තුළින් උඩ එන්න ඕනැය කියන එක එහෙම එකක් නෑ. සිද්ධාලේප මුදලාලි, ගොඩගේ මුදලාලි, ධම්මික පෙරේරා උඩ ආවෙ අධ්‍යාපනෙන් නෙවෙයි. හැම එකාටම අධ්‍යාපනයක් ඕනැ නෑ. (වඩා නිවැරදි වෙතොත් උසස් අධ්‍යාපනයක් ඕනැ නෑ.) ඒ හන්ද උසස් අධ්‍යාපනය නංවනව කිය ඒ සඳහා රෝහල් වල තත්ත්වය බාල කරන්න වත් පාලම් හැදිල්ල නතර කරන්න වත් අවශ්‍ය නෑ. අධ්‍යාපනේ වගේම අනෙක් හැම දෙයක්ම වෙන්න ඕනැ. බඩගිනි වෙන්නෙ සරසවි ආචාර්යවරුන්ට විතරක් නෙවෙයි. දැන් නම් උන්දලා කතා කරන්නෙ උන්දලාට විතරක් බඩගිනි වෙන විදියට!
Deleteමේ සංවාදය ධනාත්මකව නිමා කරන්න මේ ටික එකතු කරන්න කැමැතියි. සරසවි ආචාර්යවරුන් මොන තරම් බල කරලා ඉල්ලුවත් ආණ්ඩුව ඔවුන් ඉල්ලන පඩි දෙන්නේ නෑ. හේතුව සරලයි. වැඩි පඩි ඉල්ලන්නේ ඔවුන් පමණක් නෙවෙයි. සරසවි ආචාර්යවරුන්ට වැඩි පඩි හම්බවුණොත් ඊළඟට දොස්තරලා ස්ට්‍රයික් කරනවා. දොස්තරලාට වැඩි පඩි දුන්නොත් තවත් කවුරුත් හෝ ස්ට්‍රයික් කරාවි. ඉතින් මැටි මෝල් ආණ්ඩුවක් නෙවෙයි නම් මේ වෙලාවේ ආචාර්යවරුන්ට වැඩි පඩි දෙන්නේ නෑ.
Deleteඇයි සරසවි ආචාර්යවරුන්ට බැරි මීට වඩා නිර්මාණාත්මක විසඳුමකට ආණ්ඩුවට බල කරන්න? පිටරට විශ්ව විද්‍යාල වල වුණත් සරසවි ආචාර්යවරුන්ගේ මූලික වැටුප ලොකු නැහැ. ඔවුන්ගේ අමතර ආදායම් එන්නේ උපදේශක සේවා වලින්. ඇයි ආචාර්යවරුන්ට බැරි ඒ වගේ අවස්ථා ඉල්ලන්න? ඇයි බැරි ආණ්ඩුව තුළින් පෞද්ගලික අංශයට යෝජනා කරන්න සරසවි පීඨ වල Chairs නිර්මාණය කරන්න වෙනත් රටවල වගේ? ඇයි බැරි දේශන පැවැත්විය යුතු නිශ්චිත කාල සීමාව අඩු කරන්න කියන්න වෙනත් ඉපැයීමකට ඉඩ දීලා? (ඩොක්ටර්ස්ලාට ප්‍රයිවෙට් ප්‍රැක්ටිස් කරන්න දීලා තියෙනවා වගේ.) ඇයි බැරි සරසවි වලට summer courses කරන්න අවසර ඉල්ලන්න? මේවා එකක් වත් අළුත් දේවල් නෙවෙයි. වෙනත් රටවල සරසවි ආචාර්යවරු අමතර ඉපැයීම් කරන මාර්ග. ඇයි අපේ උන්නැහේලා විතරක් මූලික වැටුප මත පමණක් රැඳී ඉන්නේ? ඇයි බුද්ධිමතුන් හැටියට මේ පිරිසට බැරි පොඩියක් නිර්මාණාත්මක වෙන්න? වරායේ කම්කරුවන් වගේ ස්ට්‍රයික් කරනවා ඇරෙන්න ඔවුන්ට වෙන විකල්ප ඇත්තේම නැද්ද?
මා හිතන්නෙ අර ඊ-මේල් කවිකාරිගේ සැමියා අනෙක් ආචාර්යවරුන්ට ආදර්ශයට ගන්න පුළුවන් චරිතයක්. (විහිළු නෙවෙයි.) ඇයි අනෙක් අයට ඒ වගේ නිර්මාණාත්මක වෙන්න බැරි? ආණ්ඩුවට බල කළාට කමක් නෑ. නමුත් බල කරන්න මොකක් හෝ ක්‍රියාත්මක කළ හැකි විසඳුමකට. නැතිනම් විඳවන්නේ අසරණ සිසුන්.
අවසන් වශයෙන් මටනම් කියන්න තියෙන්නේ මෙච්චරයි, මම ඒකම උඩින් ලියලා තියෙන කමෙන්ට් එකකත් ලියලා තියෙනවා.
Deleteමම මුල ඉදලම කියන්න උත්සහා කළා වගේ මෙතන තියෙන්නේ සමස්ත අධ්‍යාපන පද්ධතියේම කඩාවැටීමක් මිසක් සරසවි ආචාර්යවරුන්ගේ පුද්ගලික ප්‍රශ්නයක් නෙමෙයි. ගොඩක් ගම්බඳ පාසල් ඉතා ශ්‍රීඝ්‍රයෙන් වැසීගෙන යනවා. ඒ වගේම බහුතරයක් ගම්බඳ පාසල් වල විද්‍යාව ගණිතය වගේ විශයන් උගන්වන්න ගුරුවරු නෑ. එතකොට ගම්බඳ නැති බැරි එකාට වෙන්නේ කලා විෂයන් කරන්න. නැතිනම් විද්‍යා ගණිත විශයන් ඉගෙන ගන්න නඟර බඳ පාසල් වලට යන්න. ඒත් ඒකට බෝහෝ දෙනෙක්ට හැකියාවක් නෑ. අනිත් අතට දැනට තියෙන තරඟකාරී අධ්‍යාපන රටාව නිසා ගොඩක් වෙලාවට පාස්ලේ ලැබෙන අඪ්‍යාපනය විතරක් ප්‍රමාණවත් නෑ. එතකොට ට්යුශන් යන්නම වෙනවා. මේ වගේ බොහොමයක් හේතු නිසයි ආර්ට්ස් ෆැකල්ටි වලට ගම්බඳ දරුවන් යන්නෙත් සහ අනිත් ෆැකල්ටි වලට ගම්වල උනත් යමක් කමක් කරගත හැකි අය යන්නෙත් [ඒත් මම ඉගෙන ගත්තු පීඨයේ නම් ඔය මම කියපු ස්තරයේ ළමුන් සෑහෙන්න හිටියා].
රු 2500 කින් පවුලකට ජීවත් වෙන්න පුළුවන් කියන, වත්තේ තියෙන නැදුන් ගස් විකුණලා පාසල් හදන්න හදන වත්මන් රජයට කිසිම අවශ්‍යතාවක් නැහැ මේ නිදහස් අධ්‍යාපනය තවදුරටත් පවත්වගෙන යන්න. කාරණා කීපයක් නිසා.
1. නිදහස් අධ්‍යාපනය සඳහා වැයවෙන මුදල
2. විශ්වවිද්‍යාලවලට යන්නට නොහැකිවන සහ ලන්ඩන් ඒල් කරන [ඉන්ටර්නැශනල් ස්කූල්ස් වලින් පිටවන]දරුවන්ගෙන් පවතින ඉල්ලුම
3. අධ්‍යාපනය ව්කිණීමෙන් හොඳ කුට්ටියක් කඩා ගත හැකිවීම
4. මෝඩයන් පාළනය කිරීම පහසු නිසා
ඒ නිසා ඔවුන්ට අවශ්‍යයි වත්මන් අධ්‍යාපන ක්‍රමය කෙරෙහි සාමාන්‍ය මිනිසුන් බිඳවන්න. බලන්න පහුගිය ටිකේ වුන දේවල්. උසස් පෙළ ඉසෙඩ් ස්කෝර් එක අනගත්තා, ඒක දෙවැනි පාරටත් අනගත්තා, ඒල් පේපර්ස්වල වැරදි, සිශ්‍යත්ව ප්‍රශ්න පත්තරේ කලින් පිට්ව වෙලා, කැම්පස් වහලා, ලෙක්චරස්ලා ස්ට්‍රයික්. මේවා එක දිගට වෙන්නේ නිකන් නෙමෙයි. හේතුවක් ඇතුව. එතකොට මිනිස්සුන්ගේ ඉබේම මේ ක්‍රමය කෙරෙහි විශ්වාසය බිදෙනවා. එතකොට ඒ අය මෙකේන් ක්‍රම ක්‍රමයෙන් ඈත් වෙනවා.
ඒ නිසා නැවතත් මම අවදාරණය කරන්නේ මේක සමස්ත අධ්‍යාපනයේ අවුලක් මිසක් සරසවි වරුන්ගේ අවුලක් නෙමෙයි.
ප.ලි: ඇනෝ කවිකාරිගේ සැමියා උදාහරණයට ගත්තු නිසා මම කියන්නම්, ඒ මට්ටමේ මහාචාර්‍ය කෙනෙක් ලංකාවේදි උපයන මුදල අපිට හිතා ගන්නවත් බැරි තරම්. එක කන්සල්ටන්සි එකකින්, රෙපොර්ට් එකකින්, ඩිසයින් එකකින් ඒ අයට සෑහෙන්න ආදායමක් ලැබෙනවා. ඒහෙම බලද්දි ඒ අයගේ මූලික වැටුප සොච්චමක් විතරයි [බොහෝ මාහාචාර්‍යවරුන්ගේ මට්ටම ඕකයි]. වැටුප් නිසා ගොඩක් වෙලාවට බැට කන්නේ නවක ආචාර්‍යවරුන්ට මිසක්, මහැදුරන් නෙමෙයි. ඒ නිසා මේ සමස්ත ප්‍රශ්නය වැටුප් වැඩිවීමක් නිසා සිදුවන දෙයක් කියලා අර්ත ගන්වනවට මමනම් විරුද්ධයි.
According to Anno-27th 7.51 p.m. - all who commented here are enemies, except Rajitha and Malan, so this ano must be Kaka, or one of his pimps.
ReplyDeleteFriends, Ladies and Gentlemen, all who commented here are treated as enemies of Kaka. Therefore, please, do refrain from commenting this cheap blogger's useless posts.
ReplyDeleteHere are some of the comments, this bugger expects: hik, puk, buh, chuk, iju, juh, kakka, choo, jok, @ # $ % ^ & * +.
ReplyDeleteadooo.. uba boga daanawada ????
Deletehttp://emailkavikaari.blogspot.com/2012/08/blog-post_25.html?showComment=1345961275489#c7232468242063946530
ReplyDelete//arunishapiroSun Aug 26, 06:26:00 AM 2012
'සම්මා සම්බුදු අම්මාවරුනේ' සිංදුව මෙතැන දිග හැරෙන ඛේදවාචකයට කොහොමට වත් ගැලපෙන්නේ නැහැ නේද?
මේ දරුවාගේ ජීවිතය කාලකණ්ණි වෙන්නේ වැදූ අම්මා නිසාත් මෙහි දී දරුවාගේ ජීවිතය පවා බේරාගත හැක්කේ වැදූ අම්මාට නෙවෙයි බව රටේ නීති හදන විනිසුරුවන්ට ද වැටහෙන්නේ නැති විට ජනප්‍රිය වූ කවියක් නුසුදුසු ලෙස උපුටා දක්වන්නෙකුට කෙසේ වැටහේවි ද?
Reply
Replies
ඊ මේල් කවිකාරි හෙවත් මහැදුරු බිරිඳකගේ කතා වස්තුව.Sun Aug 26, 09:06:00 PM 2012
ගෙවල් වල බත් තම්බන අපි වගේ ගැහැණුන්ට දැනෙනා තරම සමහරක්ට දැනෙන්නෙ නැහැ නොවැ.
අපරාදෙ වචන නහස්ති කරගන්නෙ මොකටද අක්කෙ?//
ගූ 70 කකා... උඹ නම් රියල් මී හරකා.... උඹ අත උස්සලද සිරාවට කැම්පස් ගියේ....
මේක කකාව සුද්ද කරන්න කියන දෙයක් නෙවෙයි. මා නම් ඔය මහැදුරු බිරිඳ කියන කතාව කියවලා නිකම් ඉන්නවා විතරයි. කමෙන්ට් කරන්න යන්නේ නෑ. අපි මේ අහන්නේ එක පාර්ශ්වයක කතන්දරේ. අනෙක් පාර්ශ්වයේ වර්ෂන් එක නො අසා තීන්දු දෙන්න යනවා නම් ඒක අසාධාරණයි. විශේෂයෙන්ම මේ වගේ සංවේදී ප්‍රශ්න වලදී.
Delete@ Anonymous August 28, 2012 4:38 PM
Deleteමෙය දැන්වීම ගැන ස්තුතියි.
1. ඔවුන් දෙදෙනාට මගේ කමෙන්ටුව නොවැටහීම මගේ ප්‍රශ්නයක් නොවේ. එය ඔවුන් ගේ විචාර බුද්ධිය පිළිබඳ ගැටළුවකි.
2. ඒ නොදැනුවත් කම මත පදනම්ව ඔවුන් මට උපහාස කතා කීවද අපහාස කළද එයින් මට හානියක් ද නොවේ. ඔවැනි කතාවලින් සැලෙන්නේ අඳ බාලයෝය. මා ඉන්නේ ඒවා වදින තලයක නොවේ! මම ඔවුන්ට අනුකම්පා කරමි.
මං නැවත කමෙන්ටුවකින් මගේ අදහස පැහැදිලි කළා!
koo ban comment eka naa ne....
Deleteකතා කල යුතුම මාතෘකාවක් !
ReplyDeleteමගේ වත්පොත් ගිනුම පිරී ගොස් තවත් මිතුරන් එකතු කරගන්න බැරි නිසා දෙවෙනි ගිනුමක් ඇරඹුවෙමි.
ReplyDeleteමෙන්න ඒකට පාර"
http://www.facebook.com/kathandarakaraya2
පලිය කවුරුත් දැකල නැද්ද මංදා...
ReplyDeleteනේම් ඩ්‍රොපිං නොවේ... නම යංතං වට්ටනව වගේ පෙන්නලා සාක්කුවෙ දාගෙන තියෙන්නේ...
අයියෝ ලෙමන් පෆ්!