Wednesday 10 March 2010

මහණ දමට මුල පිරුණු හැටි


කතන්තරකාරයා මහණ වී සිටි බව එලිදරව්වේ! කියන මගේ පෝස්ට් එක බලපු කීප දෙනෙක් ම මගෙන් ඉල්ලල තිබුණ මේ ගැන වැඩි දුරටත් ලියන්න කියල.

හැබැයි "හීරළුවා" කියන නම නං අපේ තරිඳු මලයා බුත්තියට සින්න කරගෙන. මට "උපැවිදි" කියන නම ගන්න කියලයි එතුමා කියා සිටින්නේ. හොඳයි, හොඳයි, වයස කෙසේ වෙතත් සම්ප්‍රදාය රකින්නම්කෝ. "හීරළුවා" කියන නාම විශේෂණය ඔබතුමාම තියාගන්න.

හොඳයි දැන් බහිමු කතන්දරේ ට.

අපි දන්නව රාහුල හාමුදුරුවො මහන වුනේ තාත්ත එක්ක ගිහින් වයස හතේ දි විතර. හැබැයි නන්ද කුමාරය නම් ලොකු මහත් වුනාට පස්සෙ, කොටින්ම වෙඩින් එකට දවසකට කලින්. තරිඳු, කුමාර දෙන්නත් ඔය වගෙ ලොකුම මහත් වෙලා මහන දම පටන්ගත්තු අය. ඊලඟට වැඩි කාලයක් යන්න කලින් මොනයම් හේතුවක් නිසා සිවුර ඇරල, උපැවිදි ඬෙච්ච කට්ටිය.

ජේ.ආර්.ජයවර්දෙන ගෙ පොඩි මල්ලි, සේදවත්තේ ධම්මරුචි නමින් මහණ වුනේ නීති වෘත්තියෙන් විශ්‍රාම ගියාටත් පස්සෙ. මේ වගේම පොලිස් සුපිරින්ටැන්ඩන්ට් කෙනෙකුත් විශ්‍රාම ගිහින් පස්සෙ මහණ වෙලා ලොකු භාවනා මධ්‍යස්ථානයකුත් දාල තිබුණ මහනුවර පැත්තෙ.

ථෙරපුත්තාභය ල වගේ අය මහණ කම අතහැරල තමන්ගෙ රජ්ජුරුවන් ට මුළු රටම අල්ලල දෙන්න යුද්දෙට ගියා. එලාර යි දුටුගැමුණුයි බර අවි යොදා ගෙන ජන ඝාතනයක් කරන්නෙ නැතුව, ඩුවට් එකකින් වැඩේ ෂේප් කල නිසා පණ නල බේරගෙන ඇවිල්ල ආපහු මහණ වුණා. අපේ තරිඳු යි, කුමාර යි හිතන් ඉන්නෙත් එහෙම කරන්න නේ!

දැන් ඉතිං මං මහන දම ආරම්භ කරපු කතාවට එමුකො.

මේ කාලෙ වෙනකොට මං ඉස්කෝලෙ අවුරුදු දාහතරක් තැපල, ඊලඟට තවත් තිප්පොලක අවුරුදු හතරක් තැපල අවසානෙදි ලොකු පොරක් වෙලා තුන්වෙනි රස්සාව කරන කාලෙ.

මහා යකඩ කදන් මැද ඒ රස්සාව කර කර හිටිද්දිම, මට යන්න වුනා පස්-තාච්චි සම්බන්ධ වැඩකට.

ඔන්න ඔය කාලෙදි තමයි මට රටත්, ජාතියත්, ආගමත් වෙනුවෙන් මේ තීරණය ගන්න වුනේ.

ඔතන ඉඳල ඊ ලඟ කොටසෙන් කියන්නම්.

මාත් තරිඳු වගේ උපැවිදි කෙනෙක් හින්දා ඉතිං එක පාරකට පුංචි කොටසක් විතරයි නෙ කියන්න ඕනැ – අර සුදන්ත සාදුගෙ කතාවෙදී වගේ.

එතකං මෙන්න සුදන්ත සාදු මහන වුන හැටි ගැන කියවන්න.

හෙට කොටසෙන් හමුවෙන තුරු මේ ටික විතරක් කියන්නම්. මං සිවුර පෙරෙව්වෙ ඔය සුදන්ත සාදුට වඩා වෙනස් විදියකට.

මං ඒ දවස්වල හිටියෙ තායිලන්තෙ බැංකොක් නුවර....!!!

කතන්දරකාරයා
kathandara@gmail.com

ප/ලි
මගේ මහණ දිවියට අදල ඡායාරූප මෙතනින් බලන්න.
http://kathandara.blogspot.com.au/2010/03/blog-post_11.html

13 comments:

  1. හොදටම මදි .... මේ පොඩ්ඩ මක් කොරන්නද ? අනික් දවසේ ටිකක් වැඩිපුර ලියන්න ... නැත්නම් අපි ගේම කොල් කරනවා හරිද ... දන්නවානේ අපේ හැටි :)

    ReplyDelete
  2. මේකනම් හරිම අසාධාරණයි. මුලින් මහණ වෙලා හිටිය කියල කිව්ව. දැන් තායිලන්තෙලු. අනේ තායිලන්තෙත් මගේ..... :-)

    හරි කොහොමෙන් හරි කතාව කියන්නකෝ. අපි ආසාවෙන් බලාගෙන ඉන්නවා.

    ReplyDelete
  3. magulaiii... a kiyanne attatama mahana wela indalada?

    mata nam antima wenakan sure naha... tele drama ekaka act karannada danne naha mahana uneee........

    ReplyDelete
  4. අයියෝ.., හිතේ තියෙන වියවුල මග හැරගන්න අමාරුවෙන් හිත එකලස් කරගෙන කියවන්න ගත්තා මදැයි.. :( කෝ ඉතුරු ටික?

    ReplyDelete
  5. මාස තුනකට මහණවෙලා ඉන්න ඇති

    ReplyDelete
  6. සිරාවටම නිකම්ම නිකම් පින්තූරයක් විතරයි නේද??? හැබැයි උඹේ සංවර හැසිරීම ගැන හිතුවොත් මහන වෙලා ඉන්න ඇති කියලත් හිතෙනවා . . ..

    ReplyDelete
  7. මේක හරියට Super stars වල ප්‍රතිපල කියනවා වගේනේ. පොඩ්ඩක් කියලා විරාමයකට යනවා.ඉතුරු ටික එනකම් බලන් ඉන්නවා.:D

    ReplyDelete
  8. හෙට ලියන කං මෙන්න කෙටියෙන්.
    මේක ඇත් ෆොටෝ එකක්. හොරයක් බොරුවක් නෑ.
    මං සිවුරු දාන් හිටියා. පස්සෙ ගැලෙව්වා.
    රට ජාතිය ආගම ඬෙනුවෙන් ආයෙ ඕනැ වුනොත් සිවුරු දාන්න පසුබට වෙන්නෙ නෑ.
    අදත් එදා මෙන්, එදාටත් වඩා, කොණ්ඩෙ කපලා ඉන්න ආසයි.
    එදා SBU පාටි එකේදී මාව මුණ ගැසුණු අය මේකට සාක්‍ෂි.

    ReplyDelete
  9. රට, ජාතිය, ආගම වෙනුවෙන් කිව්වෙ රහස් ඔත්තු සේවයකවත් හිටියද?

    ReplyDelete
  10. ම්ම්ම්...
    මටත් පොඩි සැකයක් තියෙනවා, සිවුර පොරවලා තියෙන විදිය ගැනනම්.
    එක්කෝ පළපුරුද්දක් නැතිකම, එහෙමත් නැත්නම් වෙන සිහියක ඉදලා තියෙන්නේ. වටින කියන තායි සිවුරක් නම් තමයි. ඇගට බොහෝම පහසුයි ඔය වර්ගය.
    හැබැයි පුතෝ ධුම පානංච නම් ඉතින් කරමින් හිටි බව පේනවා..

    ReplyDelete
  11. මේක හරියන්නේ නැහැ.. මෙහෙම අතගගා කතා කියන්න ගියාම නිකං අපි පබා බලන අය වගේ වෙනවානේ.. එහෙන් තරිදු ගාටනවා.. මෙහෙන් මෙයා.. අනේ.. ඉක්මනට කියන්නකෝ...!!!

    ReplyDelete
  12. @ මලී - දවසකට එක බේත් පෙත්තයි. සේරම බිව්වොත් දන්නවානේ?

    @ All
    මේ පැවිදි කතන්දරේ මාර්තු 12 දිණ අවසාන වෙනු ඇත.

    ReplyDelete
  13. මලා. ඔයත් මහණ වෙලා හිටියද? මේක මහණ ලෝකයක් නෙ මෙයා !!

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.