Tuesday 9 March 2010

කතන්දරකාරයා මහණ වී හිටි බව එලිදරව් වේ!







සිංහල බ්ලොග් අවකාශයේ මෙතෙක් සිටි එකම උපැවිදි පුද්ගලයා අච්චාරු බ්ලොග් එක ලියන තරිඳු නේ.

තරිඳු ලියන "සුදන්ත සාදු ගේ දිනපොත" නවකතාවක් වගේ අපි කොටස් වශයෙන් කියවනවා. මේ දවස්වල යන්නේ ඒකෙ 11 වෙනි කොටසයි. එක කොටසක් කියවලා ඊලඟ කොටස එනකං ඉවසිල්ලක් නෑ ගොඩ දෙනෙකුට.

නමුත් තරිඳු විතරක් නෙමේ වගේ බ්ලොග් අවකාශයේ ලිපි ලියන කියවන අය අතර උපැවිදි අය ඉන්නේ. මගේ "ඊ ලඟ ආත්මේ හොඳ තැනක ඉපදෙමු...!!!" කතන්දරේ ට කමෙන්ට් එකක් දැමු මාරයාගේ හෝරාව ලියන කුමාර ද තමන් උපැවිදි කෙනෙක් බව හෙලි කරලා තියෙනවා.

මං මෙතනදි "උපැවිදි" වගේ බර වචනයක් පාවිච්චි කලේ තරිඳු තමන්ට කියා ගන්නවා වගේ "හීරළුවා" යැයි කියන්නට මට නිකං මොකක්ද, මොකක් ද වගේ හින්දයි.

ඒකට හේතුව ඔය උඩින් තියෙන ෆොටෝ දෙකෙන් තේරුම් ගන්න පුළුවන් නේද?

වැඩි විස්තර ඕනැ නම් කියන්න. ඕනැ නං මාත් ලියන්නම් හොඳ හොඳ කතන්දර.

කතන්දරකාරයා

ප/ලි:
මගේ මහණ කම ගැන වැඩි විස්තර මෙතනින් බලන්න.
http://kathandara.blogspot.com/2010/03/blog-post_10.html

18 comments:

  1. shaaaa . . harima silwath paatai . .. . !!!

    ReplyDelete
  2. magulak kata karanawa.... aththatama mahana wela hitiyada?

    ReplyDelete
  3. ඕනෑ නේන්නම් අය්යේ....
    ලියන්න ලියන්න.....

    ReplyDelete
  4. mata nam adhahaa gannath baha..
    :O

    ReplyDelete
  5. කතන්දරකාරයත් මොනවා කියනවද මන්දා? හෙඩ්ලයින් එක දැකලා මාව නිකං අංඥකො​රොස් වෙලා ගියා නොවැ. පෝස්ට් එකේ පොටෝ එක දැක්කම ආයෙත් කොර උනා. මෙවා ඔයාගේ සහෝ කෙනෙක්ගෙ එහෙම නෙමෙනේ නේද?

    ReplyDelete
  6. යකෝ ඇත්තටමද

    ReplyDelete
  7. මම පනිනව ගඟක මූදක. මෙන්න ඒ පාර මෙයත් මහණ වෙලා හිටියලු. මේක මේ අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක්. ඇයි හත් ඉලව්වේ මේ බ්ලොග් අවකාශේ මමයි එකම හීරලුවා. ඒ නිසා මමම අග්‍ර වෙමි, ජ්‍යේෂ්ඨ වෙමි, ශ්‍රේශ්ඨ වෙමි කියල හිටිය. දැන් ඉතින් ඒකත් ඉවරයි. මෙ ඔන්න මම එකක් කිව්ව. මමයි මේකෙ ඉන්න එකම හීරලුවා හරිද ? ඔබතුමාල දෙන්න ඕනනම් උපවැදියෝ වෙන්න. මගේ හීරලුවා ටයිටල් එක ගන්න ආවොත් ඉතින් මගේ හැටි බලාගන්න පුලුවන් හරිය ? මම මෙහෙම හිටියට හරි වසයි.

    ReplyDelete
  8. එල කිරිස් .... හැබැයි අරුවගේ හෙමින් ලියන්න එපා ඉක්මට ගොඩක් ලියන්න ... හකිස්

    ReplyDelete
  9. සන්තෝෂයි ඒ වගත් දැන ගන්න ලැබීම ගැන නම්.
    මෙ තරිදු මල්ලී මාර පොරක්නේ ඔන්න ඒ පාර හීරළුවා නම් වූ පටබැදි නාමය ඔහුට පමණක් උරුම බව කියා සිටිනවා. කමක් නැහැ කමක් නැහැ.
    පොඩි එකාගේ ආසාවනේ...
    ඉතින් මම නම් බොහෝ කාලයක් පැවිදි වෙලා හිටියේ නැහැ.
    හරියටම අවුරුදු 5යි.
    මට වයස 24 ඉදලා 29 වෙනකල් විතරයි.
    හැබැයි ඒ අවුරුදු 5ට මම හුගාක් අත්දැකීම් ලැබුවා.ඒ වාගේම අවුරුදු ගාණකට ඇති වෙන්න වැඩත් කෙරුවා.
    සමහර විට මම ජීවත් උනොත් ආයෙත් මහණ වෙන්න ඉඩ තියෙනවා.
    ඉතින් කියමු බලන්න ඒ කතන්දරෙත්...

    ReplyDelete
  10. adoo . . atta kiyapan . . meka drama ekaka ragapaana kota gatthu ekak neda????

    ReplyDelete
  11. edited pic ekak ehema nemei neda?

    ReplyDelete
  12. edited pic wath do hoooooooooi situni mata

    ReplyDelete
  13. මම මාරයා හිටපු කාලයෙන් හරියටම භාගයයි. අවුරුදු 2 හමාරයි. අමම්ත් මාර අත්දැකීම් ගොඩක් අරගත්තා. මම අදත් සාර්ථක ජීවිතයක් ගත කරන්නෙ ඒ හම්බෞන ගැම්මෙන්. මමත් පස්සෙ කාලෙක ආපහු මහණ වෙනවා අනිවාර්යෙන්ම.

    ඔය කසූ සිවුර ඇඳන් ඉන්න විදිය මට එච්චර ඇල්ලුවේ නෑ. සැකයකුත් තියෙනව.

    ReplyDelete
  14. මේක නම් අපේ කතන්දර අයියගේ ප්‍රචාරක උපක්‍රමයක් වගේ. දැන් කතන්දර කියනවට වඩා අපේ කට්ටිය කැමති තරිඳුගේ පන්සල් කතා අහන්නනේ. ඉතින් අයියත් කතන්දර කියන එක නවත්තලා බණ කියන්න වගේ සෙට් වෙන්නේ. අනේ සාදු!

    ප.ලි. අනේ බුදු අයියේ මේක බලල මට ද්වේශ කරන්න එපා. මෛත්‍රී කරන්න. මේක ලිව්වේ විහිළුවටමයි හොඳේ.

    ReplyDelete
  15. හෙට ලියන කං මෙන්න කෙටියෙන්.
    මේක ඇත් ෆොටෝ එකක්. හොරයක් බොරුවක් නෑ.
    මං සිවුරු දාන් හිටියා. පස්සෙ ගැලෙව්වා.
    රට ජාතිය ආගම ඬෙනුවෙන් ආයෙ ඕනැ වුනොත් සිවුරු දාන්න පසුබට වෙන්නෙ නෑ.
    අදත් එදා මෙන්, එදාටත් වඩා, කොණ්ඩෙ කපලා ඉන්න ආසයි.
    එදා SBU පාටි එකේදී මාව මුණ ගැසුණු අය මේකට සාක්‍ෂි.

    ReplyDelete
  16. මගේ උණ වැඩි වෙලාද මන්දා.. මේ මොකක් මේ හුට්ටප්පරේ?

    ReplyDelete
  17. ශාස්ත්‍රපති පණ්ඩිත.. කතන්දරරතන සුවාමීන් වහන්සේ..!

    ReplyDelete
  18. ඒ කියන්නේ කකාත් සිවුර ලූ වෙක් ! හීරලූවෙක් ! හීරලුවෙක් !

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.