Friday 11 July 2014

පහේ පන්තියෙන් ඉහලට පාස් වීමත් සමගම අද සිදුවෙන බ්ලොග් කට්ටක අවසානය - End of an era!


මේ කතන්දර බ්ලොග් එක පටන් ගත්තු දා ඉඳලා අද වෙනතුරු විවිධ අවස්ථාවල දී මං ප්‍රාඨමික පාසලේ සිදුවුණු විවිධ සිදුවීම් කතන්දර විදියට ලියලා තියෙනවා.

හෝඩියේ පන්තියේ දී මුණ ගැසුණු සිත්තරාවිය,
ඒ පන්තියේ මෙන්ම දෙවෙනි පන්තියේ හිටිය නපුරු ටීචර් ලා,
දෙකේ පන්තියේ මාලවතී ටීචර් දුවන කොට ඇද වැටුණු හැටි,
තුනේ පන්තියේ දී පළමුවෙනියා වෙලා හතරට පාස් වෙච්ච හැටි,
හතරේදී සිදුවුණු "මයි ෆස්ට් ක්‍රෂ්" අවස්ථාව,
මගෙ ලේ සෙලවුණ විදුහල්පති වේවැල් පාර,
හතරෙන් පහට පාස් වුණු හැටි,
පහේ පන්තියේ දී පන්ති නායකයා වුණු හැටි,
එතකොට පහේ පන්ති නායිකාව ගේ කතාව,
පන්තියේ පළමුවෙනියා වෙලා අටපට්ටම් පැන්සලක් තෑගි ලැබුණු හැටි
යනාදී වශයෙන් ලියවුණු කතන්දර ගණනාවක්ම ඒ ගොඩේ තියෙනවා.

මොනවා වුණත් පහේ පන්තිය තමයි මං ප්‍රාථමික පාසලේ ගතකරපු හොඳම අවුරුද්ද.

තුන්වාරෙම පළමුවෙනියා වුණු එක, පන්ති නායකයා වුණු එක විතරක්ම නෙමෙයි ඒකට හේතුව. ඉගෙන ගත්තු දේවල් වගේම, උගන්නපු ටීචර් ගැනත් තියෙන්නේ හරිම සුන්දර මතකයක්.

එච්චර කල් පන්තිය බාර චීචර්ලා සෙට් කරපු විභාග කරපු අපිට පහේ පන්තියේ දී ලොකුම ලොකු ආණ්ඩුවේ විභාගයකට මුහුණ දෙන්න වුණා.

හයේ පන්තියේ සිට ඉගෙන ගන්න වරම් ලැබෙන්නේ මේ විභාගේ ප්‍රතිපල අනුව තමයි කියලා අපේ චීචර් අපිට කිව්වා.

අප දන්නා හුරු පුරුදු ගණිතය සහ සිංහල භාෂාවට අමතරව බුඩ්ඩි පරීක්‍ෂණය ද මොකක්ද මන්දා විෂයකිනුත් එක ප්‍රශ්ණ පත්තරයක් තියෙනවා ලු කියන එක තමයි අපිට ලැබුණු අනිත් අළුත් ආරංචිය වුනේ.

මෙන්න මේ බුඩ්ඩි පරීක්‍ෂණය විභාගෙට අපිව ලෑස්ති කරන්න අපේ ටීචර් ටවුමේ කඩෙන් පොතක් ගෙනවා මට මතකයි.

ඒ පොතෙන් බලන කොට තමයි මට තේරුණේ මේ බුඩ්ධි පරීක්‍ෂණය කියන්නේ විවිධාකාර බෝල, ඉරි, කොටුවලින් සමන්විත ජ්‍යාමිතික රූප පිළිවෙලට හදන ගේම් එකක් බව!

ඒ බුඩ්ඩි පරීක්‍ෂණය පොතෙන් විවිධ ප්‍රශ්ණ අරගෙන අපේ චීචර් පන්තියේ සාකච්ඡා කෙරුවා. ඒ විතරක් නොවෙයි, පොත සති අන්තයට ළමයින්ට ගෙදර ගෙනියන්න දෙන බවත් කීවා.

මුලින්ම ඒ පොත ගෙදර ගෙනියෑමේ වරප්‍රසාදය ලැබුණේ පන්තියේ පළමුවෙනියාටයි!

කොහොමද සනීපේ?

මේ කියන විභාගෙන් මට මතක එකම එක ප්‍රශ්ණයයි.

පුර්ණ සංඛ්‍යා සහ භාග ඉලක්කං පහක් දීලා ඒවා අවරෝහණ ක්‍රමයට සැකසු විට එන ආකාරය ගැන බහුවරණ ප්‍රශ්ණයක් තිබුණා ගණිතය ප්‍රශ්ණ පත්තරේ. නමුත් මට පෙණුනු විදියට ඒවා ඒ වෙනකොටත් තිබුණේ අවරෝහණ ක්‍රමයටම තමයි.

කොහොම හරි ඒ ප්‍රශ්ණයට මං සාර්ථකව මුහුණ දුන්නා වුණාට, ඊට අමතරව තව ප්‍රශ්ණ රාශියක් තියෙනවා මට දන්නාව කියලා හිතුණාට ඇත්තටම මං නොදැන හිටපු. ඒ් හින්දා මට ගණිතයට ලකුණු ලැබිලා තිබුණේ සීයෙන්ම 86 යි.

බුඩ්ඩි පරීක්‍ෂණයට 87 කුත්, සිංහලවලට 88 කුත් ලැබී තිබුණා.

ඒ කියන්නේ සාමාන්‍යය අගය 87% යි.

මේ තමයි මං මගේ ජීවිතයේ පස්තාච්චි කාලේ වෙනකම්ම විභාගෙකට හොඳින් ම මුහුණ දුන්නු, වැඩියෙන්ම ලකුණු ගත්තු අවස්ථාව!

කලින් දවසක ලිව්වා වගේ එතැන ඉඳන් උසස් පෙල විභාගේ දී 69.25% ක් ගන්න දවස වෙනකල්ම ඩවුන් ද පල්ලන් තමයි ගියේ.

කොහොම හරි ඔය විභාගෙන් ඒ ආකාරයට ඉහලින් ම ලකුණු අරගෙන තමයි මං හයේ පන්තියට පාස් වුණේ.

බ්ලොග් එක සම්බන්ධව මගේ විභාග ප්‍රතිපල කියනවා නම්, 2009 ජූලි 11 දින පටන් අරගෙන, කතන්දර 1,033 ක් ලියලා, ෆලෝවර්ස් ලා 1,300 ක් එකතු කරගෙන, හිට්ස් මිලියන් දෙකයි පොඩ්ඩක් අරගෙනයි මං මේ මගේ කතන්දර බ්ලොගයේ පස්වෙනි වසර මේ විදියට අවසාන කරන්නේ!

පහේ පන්තිය ඉවර වුණාම අවුරුද්ද අන්තිමේ මට ලැබුණා දිග නිවාඩුවක්. නිවාඩුවෙන් පස්සේ මට සිදුවුණා හයේ පන්තියේ ඉඳලා ඉගෙන ගැනීම සඳහා ටවුන් එකේ මධ්‍ය විද්‍යාලයට යන්න.

ඊට පස්සේ මං වැස්සකටවත් ඒ කණිෂ්ඨ විද්‍යාලයේ පස් පාගලා නෑ! එදා මා එක්ක ඉගෙන ගත්තු සමහර යාළුවෝ අද වෙනතුරු ඇහැට දැකලාවත් නෑ.

ඒ අනුව කියනවා නම් කතන්දර බ්ලොග් එකේ මගේ කාලයත් අදින් අවසන්. මින් පසු මේ බ්ලොග් එකේ නඩත්තු කටයුතු සහ කොස්මෙටික් අළුත් කිරීම් හැර වෙනත් කතන්දර පලවීමක් නොවෙනු ඇති.

අවුරුදු පහක් කියන්නේ දිගු කාලයක්. මේ බ්ලොග් එක කියවන සමහර අයගේ ජීවිතවලින් ඒ කාලය 10% පමණ වුනාට, බොහෝ දෙනෙකුගේ ජීවිතවලින් අවුරුදු පහක් කියන්නේ ඊට වඩා ලොකු ප්‍රතිශතයක්. සමහර විට 25% ටත් වඩා!

දිගු කාලයක් එකම වේගෙන් යම් කාර්යයක නිරව වෙනවා කියන්නේ ලොකු ජයග්‍රහණයක් කියලයි මට හිතෙන්නේ.

ඒ ජයග්‍රහණයේ තවත් කොටස්කාරයෝ ඉන්නවා. පසුගිය වසර පහ තුල මට දැක්වූ සහයෝගයට ඒ සියළු දෙනාටම මගේ ස්තුතිය පිරිනැමෙනවා.

බ්ලොග් එක නවත්වනවාය කියන එක ඉතිං දුකයි තමයි! ඒත් නැට්ට එක්ක අලි මැරෙන එකේ, මේ බ්ලොග් කට්ටක් ගැන කවර කතාද?

දන්නෙම නැතුව වැහිලා අන්තර්ධාන වෙලා යන බ්ලොග්, ලියවීම අඩුවෙලා, අඩුවෙලා අමතක වෙලා යන බ්ලොග් අතරේ මෙහෙම කලින්ම කියලා බ්ලොගයක් නතර කරන එක එක අතකට හොඳ තත්වයක් කියලා මට හිතෙනවා.

එහෙනම් ඉතිං, ආයුබෝවන්!

-කතන්දරකාරයා

ප/ලි:
ඔබේ කමෙන්ටු තව පැය කිහිපයකින් මෙහි පලවෙනු ඇත.

272 comments:

  1. ලෝකය බොහොම පුංචියි නේ. අප කොතැනක හෝ හමු වේවි කකා. ඔබගේ ඉදිරි කටයුතු වලට සුබ පැතුම්.

    ReplyDelete
    Replies
    1. // ඒ අනුව කියනවා නම් කතන්දර බ්ලොග් එකේ මගේ කාලයත් අදින් අවසන්. මින් පසු මේ බ්ලොග් එකේ නඩත්තු කටයුතු සහ කොස්මෙටික් අළුත් කිරීම් හැර වෙනත් කතන්දර පලවීමක් නොවෙනු ඇති. //

      Ha Ha !! LOL. This guy will come back saying his fans need him.

      Kathandara needs attention !! That's all

      Delete
    2. @ raigam
      ගහට ගහත් මොරටුවේ දී කිව්වා නේ! අපි දිනක හමුවේවි යි සිතනවා - ආයේ ට්‍රිප් එකක් ගිය දවසක!.
      http://kathandara.blogspot.com/2012/12/song-from-yesteryear-about-sinhala.html

      Delete
  2. හරි අපරාදයක්!!! :'(

    ReplyDelete
    Replies
    1. බ්ලොග් එකක් නැවැත්වීම අපරාදයක් ද? එතකොට මෙව්වා?
      http://kathandara.blogspot.com/2013/02/balachandran-humans-and-satanic-beings.html

      Delete
  3. හත් වලාමයි :(
    What ever you are planning to do next... All the best Kaka.
    ම.සෝ.පි

    ReplyDelete
    Replies
    1. Thanks MSP
      වෙන මක්කොරන්නෙයි, ජොබ් එක කොරගෙන ඉන්නවා!
      http://kathandara.blogspot.com/2011/05/my-ideal-job.html

      Delete
    2. කනගාටුයි කකා. එත් මක් කොරන්නද !
      මට මෙහෙම එකකුත් මතක් උනා..... Its in the Blade movie.

      Soon or later ... The thirst is going to get you..... :)

      A person with creative drive can not stay idle for too long with out getting the itch to create something again. Maybe ... once this time-drain is out of your life, some other path will open up for you to put your efforts in. So still ... All the best ...

      Delete
  4. අපේ ඇනෝලා නම් කිරිබත් කයි අද යුද්දෙ ඉවර වෙලා කෑව වගේ.
    ඒත් ඉතින් පඩත්තර මාතලන්ල වගේ ඇනෝ වාරනයකින් තොරව අවුරුදු 5ක් ගියා කියන එකම ඇති කකාගෙ ඉවසීම සහ නිහතමානී කම කියන්න.
    ඊළඟ පියවරට ජය වේවා !!

    ReplyDelete
    Replies
    1. ඇනෝලා නෙවෙයි ප්‍රොෆයිල්කාරයෝ ටික නම් අද කයි කිරිබත්! කකා නැති වුණායින් ඇනෝලට තමයි ලොකුම පාඩුව වුණේ. නිකම් අම්මා තාත්තා නැති වෙච්චි ගාණයි.

      Delete
    2. ස්තුතියි.
      මොන ඇනෝලා ගැනද මේ කියන්නේ?
      http://kathandara.blogspot.com/2012/12/sub-categories-of-naughty-anonymous.html

      Delete
  5. කකා සුවිශේෂී හේතුවක් ගැන කිව්වහම මට මුලින්ම හිතුනේ පහේ පන්තියෙන් පාස්වීම. හැබැයි කලින් පෝස්ටුවේ මාතෘකාව දැක්කහම ඊට වඩා යමක් ඇති කියලත් හිතුණා. ඒකයි මම උසස්පෙළ සමත්වීම (ඉස්කෝලෙන් අස්වීම) කියලා ලිව්වේ.

    බ්ලොග් එක ගැන කියනවා නම් මම හිතන්නේ මම කියවන්න ගත්තේ 2011 වගේ ඉඳන්. ඊට පස්සේ තමයි දැන ගත්තේ කතන්දරකාරයා කියන්නේ ඕස්ට්‍රේලියාවේ පත්තර වලට ලියන රසික සූරියාරච්චි කියලා. තව දෙයක් තමයි, කකාගෙ බ්ලොග් එකේ පළමු පෝස්ටුවේ ඉඳලාම අද වෙනකම්ම භාෂා විලාසය, ආකෘතිය, ශෛලිය, වගේම කකාගේ අදහස් වලත් මහ ලොකු වෙනසක් වී නැහැ. මයියා තැනක සඳහන් කරලා තිබ්බා වගේ ඒ කියන්නේ බොහොම සැලසුම් සහගතව කරගෙන ගිය වැඩක්.

    ඒ වගේම අද මේ බ්ලොගය නැවත්වීමත් බොහොම සැලසුම් සහගතව කල බව පේනවා. ඒ නිසා අනේ නවත්තන්න එපා වගේ දේවල් කියලා වැඩක් නැති බවත් දන්නවා. සිංහල බ්ලොග් අවකාශයේ සාර්ථකම බ්ලොග් අඩවිය පවත්වාගෙන ගිය, ඒ වගේම සාර්ථකව අවසන් කල, පුරෝගාමී බ්ලොග්කරුවෙකු ලෙස කකාගෙ නම බොහෝ දෙනාගේ මතකයේ රැඳේවි.

    මාතලන් කකාට කියන්නෙ බ්ලොග් සක්විති, වෙනී කියන්නේ කතන්දර ශූරීන් කියලා. ඒ වගේ බොහෝ දෙනා මේ බ්ලොග් අඩවියෙන් යමක් ඉගෙනගන්න ඇති. පෞද්ගලිකවම මගේ අවධානයට ලක් වූ යම් යම් දෑ තමයි, මාතෘකා වචන හරඹ, ඡායාරූප, පලිය ආදියෙන් අතුරුකතා ඉදිරිපත් කිරීමේ ඔබේ හැකියාව, අශ්ලීල යැයි සම්මත භාෂා භාවිතයෙන් වැලකීම (පුක වගේ සරල දේවල් නෙමෙයි), කොමෙන්ට් සම්බන්ධයෙන් කෝප නොවීම, තමාගේ ගුණ වයන අය, මිතුරන්ව, කොන්දේසි විරහිතව සාධාරණීකරණය නොකිරීම, පෞද්ගලික දේ ගැන නොව ලියා ඇති දේ ගැන සෘජුව කතාකිරීම, වාරණයට අකමැති වූවත්, තුන්වෙනි පාර්ශව ගැන සිතා කොමෙන්ට් මොඩරේට් කිරීමට ගත් තීරණය, අපහාසය සහ උපහාසය අතර වෙනස හොඳින් හඳුනාගෙන තිබීම යන දේවල්.

    ඒ වගේම අවසානයේ මම යෝජනා කරන්න කැමතියි.. නැවත පොතක් ලියන්න කාලේ හරි කියලා...

    බොහොම ස්තූතියි. ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ප්‍රියයන්ගේ වෙන් වීම දුකකි....

      පස් අවුරුද්දක් පුරා ඔබගේ කාලයට ශ්‍රමයට ඊටත් වැඩියෙන් මතවාදීමය දායකත්වයට තුති...


      Delete
    2. තිසර සහ මයියා,
      දෙදෙනාටම ස්තුතියි.
      http://kathandara.blogspot.com/2012/07/past-present-and-future.html

      Delete
  6. පහේ පන්තියෙන් හයේ පන්තියට යන එක සිස්සත්තෙ පාස් වෙච්ච ගොඩක් එවුන්ට අතිශය සංකීර්ණ, සංක්‍රමණික කාලපරිච්ඡේදයක්... අලුත් ඉස්කෝලෙ මොකක් වෙයිද දන්නෑ.. එතකං මේ ඉස්කෝලෙ හයේ පන්තියෙ කරන වැඩ බාගෙට කරන්නෙ... ඒ ඔක්කොටම හපන් පහ වෙනකං හිටපු යාලුවො ටික දාල යන්න වෙනවා... සන්තෝසෙ ඔක්කොම යටපත් වෙලා ඒ දුක තමයි වැඩිපුර තියෙන්නෙ...

    ඒත් ඉතිං යන්නම වෙනව...

    ටටා කකා.. සුබ ගමන් එහෙනං...

    ReplyDelete
    Replies
    1. ටටා බායි!
      ඔහොම නොවෙයි, දවසක යන්නම යන්න වෙනවා!
      http://kathandara.blogspot.com/2011/05/near-death-experience-of.html

      Delete
  7. නිකං බොරු එපා කතන්දර
    අපි රැවටෙයි ඕවට!

    ReplyDelete
  8. DO NOT WRITE LIES, YOU WILL NEVER STOP THIS

    ReplyDelete
  9. මේක නිකං ෆුට් බෝල් පිට්ටනියෙන් බ්‍රසීලේ අන්තරස්දාන වුනා වගේ අදහා ගන්න බැරි වැඩක් කකා...

    පාන්දරම විහිළු කරනව නේ???

    නව විශය නිර්දේශය එක්කම 6 වසරේදි හමුවෙමු...

    ජය !!

    ReplyDelete
  10. 'ඒ අනුව කියනවා නම් කතන්දර බ්ලොග් එකේ මගේ කාලයත් අදින් අවසන්. මින් පසු මේ බ්ලොග් එකේ නඩත්තු කටයුතු සහ කොස්මෙටික් අළුත් කිරීම් හැර වෙනත් කතන්දර පලවීමක් නොවෙනු ඇති.'

    ඇත්තම කිව්වොත් කකා, මේ බ්ලොග් එකට කට්ටිය ආවේ කකාගේ මෙලෝ රහක් නැති ලිවිලි බලන්න නෙමෙයි. එව්වට කතා කියලා කියන්නත් බැහැ. මමත් කකාගේ බ්ලොග් එකේ බලපු පොස්ට් වලින් හරියට කියෙව්වේ අර කවුදෝ අන්කල් කෙනෙක් කාර් එකේ ඒසී දාගෙන යනකොට උන අකරතැබ්බය ගැන කතාව විතරයි. ඒකත් ඉතිං කකා ලියපු එකක් නෙමයි නේ. අන්කල් ලියපු එකක් නේ. කකා ලියපු පොස්ට් නං මම යන්තං උඩින් පල්ලෙන් බැලුවෙත්,බොහොම අප්පිරියාවෙන්.

    ඉතිං ඒ හින්දා කකා හරි හමං දෙයක් ලියලා දැම්මේ නෑ කියලා කිසිම පාඩුවක් වෙන්නේ නෑ. හැබැයි ඉතිං ඔය වෙනදා කරනවා වගේ දවස් දෙකකට සැරයක් මොකක් හරි පල් හැල්ලක් දැම්මා නං ඇති. එතකොට අපි ඇවිත් කෙලින්ම එන්ඩ් කී එක ඔබලා,කොමෙන්ට් වලට ගිහිං කොමෙන්ට් දාන්නං.මම කියන කාරනේට ඇනෝලයි, අනික් බ්ලොග්කාරයොයි එකඟයි කියලත් මම දන්නවා.

    ReplyDelete
  11. මට නම් පැහැදිලි නෑ කකා මේ වැඩේ ???

    ReplyDelete
  12. ඇයි මේ කමෙන්ට් මොඩරේට් කරලා?

    ReplyDelete
  13. මේ මම ඊයේ දාපු කොමෙන්ට් එක

    Anonymous10 July 2014 09:40

    කකා බ්ලොග් එක වහන්න හරි තාවකාලික විරාමයක් දෙන්න හරිද මේ හදන්නේ ?
    Reply

    බෝනස් එකක් හැටියට මෙතෙක් කල් ලබාදීපු වින්දනයට ඉස්තුති .
    ඉතින් ආයුබෝවන් කකා.

    ReplyDelete
  14. කකා කෙප්ප නේද මේ දොඩන්නෙ...
    මං හිතන්නෙ කකා මුසාවාද දොඩන්න පුරුදු වෙනව වෙන්නඇති...
    මං නං හිතන්නෙ කකා දොඩන්නෙ අමූලික කෙප්ප වෙන්න ඕන...
    ..
    ..
    ..
    ..
    ..
    මං මේ හීනයක් දකිනවද කොහෙද....
    නැත්තං මේම පිස්සු විකාර පෙනෙයි යැ

    ReplyDelete
    Replies
    1. පිස්සු විකාර කියන්නේ මෙන්න මේවාටයි!
      http://kathandara.blogspot.com/2011/10/composite-poetry.html

      Delete
  15. වසර 5ට සුභපැතුම්......

    මම හිතන්නේ තව අවුරුදු පහකින් පස්සේ ගන්න තියන තීරණයක්..
    තවත් හිතල බලන්න...

    ජය වේවා!!!!

    ReplyDelete
  16. කකා
    වෙන්න යන වෙනස මොකක් උනත් හොද වෙනසකට සුභ පැතුම්.

    ප.ලි.
    කතන්දර බ්ලොගට සුභ උපන්දිනයක් පතනව

    ReplyDelete
    Replies
    1. කකාටත් ඕනයාටත් සුබ පැතුම් !

      http://cyberyaya.blogspot.com/2012/07/21.html?m=1

      Delete
  17. අපි හිතපු විදිහටම කකා සොහොන් කොතේත් ලින්ක් දාගෙන තියෙනවා!

    ReplyDelete
  18. මේක හරියට අපිව කතන්දර කිය කිය කන්දක් මුදුනට එක්කන් ගිහිල්ලා තව දුර යන්න තියෙද්දිත් එක පාරටම ප්‍රපාතෙට තල්ලු කරා වගේ

    ReplyDelete
    Replies
    1. කන්දේ යද්දී පල්ලම් පොල්ලක් දා ගන්න
      http://kathandara.blogspot.com/2010/07/blog-post_14.html

      Delete
  19. මේ කකා, ඔහේ පිස්සු කෙලින්න එපා!

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. පිස්සු කෙළීමේ අයිතිය තියෙන්නේ රාජ්ලා වගේ දෙකේ කොළේ බ්ලොග්කාරයින්ට පමණයි.

      Delete
  20. End of an Era...!
    දුකයි. ඒත් ඔබ ගත් තීරණය එක අතකට හොඳයි,
    කණිෂ්ඨ විද්‍යාලයේදී නැවත හමුවෙමු.

    ReplyDelete
    Replies
    1. කණිෂ්ඨය (Junior) තමයි ප්‍රාථමික (Primary) පාසල කියන්නේ. ඊළඟට තියෙන්නේ ජ්‍යෙෂ්ඨය (Senior).
      http://kathandara.blogspot.com/2011/03/blog-post_23.html

      Delete
  21. මුලින්ම අවුරුදු පහට හදවතින්ම සුබ පැතුම් කකා.!!!!

    පහෙන් හයට පාස් උන ගමන් පරණ ඉස්කෝලෙට සමුදුන්නට ඉස්කෝලෙ ගමන නවත්තුවෙ නැහැනෙ අලුත් එකකට ගියානෙ.

    ඒ වගේ කකාත් වෙන බ්ලොගක් පටන් ගනද යන්නෙ දැන්???

    නැත්නම් මේ ඔක්කොම විහිළුවක්ද?

    එහෙමත් නැත්නම් තාමත් මම මේ කමෙන්ට් එක කොටන්නෙ හීනෙන්ද?

    ReplyDelete
  22. හෑ කතන්දර මේ මොකද? සුබ පතන්න ආවත් .............. අයිියෝ දෙවරක් හිතන්න... සියල්ල වන්නේ ඔබේ කැමැත්තට......

    ReplyDelete
    Replies
    1. සියල්ල වෙන්නේ මහ රජතුමාගේ කැමැත්තට නෙවෙයිද දැන්?

      Delete
  23. කාලෝචිත තීරණයක්. හැමදේම වෙනස් වෙන නිසා බ්ලොගත් වෙනස් විය යුතුයි. අලුත් වැඩකට අත්ගහන්ට කාලෙ හරි. මං ඉන්න පලාතේ ව්‍යවසායකයෝ අවුරුදු 5 ක් විතර ව්‍යාපාරේ කරල විකුණලා දාලා අවුරුද්දක් විතර හොලිඩේ එකක් ගන්නවා. ඒතරේ අලුත් වැඩ්කුත් ප්ලෑන් කරලා ආයෙම සින් එකට එන්ටර් වෙනවා.

    මෙච්චර කාලයක් කත්න්දර කිව්වාට "THANK YOU"!

    ReplyDelete
  24. අපේ වීරයා ගෞරවාන්විත සමුගැනීමක් ප්‍රකාශයට පත් කරා නේද?? ඉතිං සුභ ගමන්...

    මම පහුගිය එකේදි මේ වගේ සිද්ධියක් ද කියල හිතලයි ප්‍රතිචාරයක් දැම්මේ.. ඒත් කව්ද දන්නේ මෙහෙම සීන් එකක්..

    කකා ගැන කතා කරන්න මේක හොදම වෙලාව..

    බ්ලොග් එකක් වසර පහක් ඇදීම ලේසි දෙයක් නෙමෙයි ඊටත් වඩා එකම වේගයකින්.. දින දෙකකට සැරයක් බොහෝ දුරට මොකක් හරි එකක් වැටෙන බව මම දන්නවා. ඒ වගේම බ්ලොග් ලෝකයේ දැනුම, විස්තර සහිතව ඉතා කෙටි පෝස්ට් ඉදිරිපත් කිරීමයි ඔබ කරේ.. මේ මෑතක මතක ඇති කකා ලොකු බැනර් එකක් දාගෙන හිටියා අවුරුද්දට කලින් මව්බිම පළමුව බ්ලොගය දෙවනුව කියලා.. අන්න එතැනදි මම තේරුම් ගත්තා කකා කියන දේ හා ඉදිරිපක් කරන දේ අතර තවත් අවකාශයක් අප තරණය කළ යුතුයි කියන එක..

    මට නං ඉතිං ඔයැයි වීරයෙක්ම තමා. මාත් ඔය කටට එනවට එක එක කතා කිව්වට කවදාවත් අමනාපෙන් නං කකාට මුකුත් කියල නැහැ.. නැවත හමුවෙමු අඩු ගානේ මගේ බ්ලොග් කඩමාල්ලදෙිවත්.. ජය වේවා.. විකිණිච්ච දවසට ගාන කියන්න හොදේ.. හැක්..

    ReplyDelete
    Replies
    1. වීරයා මැරිලා?

      ස්තුතියි දේශකයා.

      මං ටික දෙනෙකුව ටික කාලයක් රැවැට්ටුවා. ගොඩ දෙනෙකුව ගොඩ කාලයක් රවටන්න බැරි නිසා සමුගන්නවා!

      දිනෙක හමුවෙමු. මං බ්ලොග් ලියන්නේ ඇයි යන්න ගැන මා ලියූ සටහනක් මෙන්න.

      http://kathandara.blogspot.com/2012/07/past-present-and-future.html

      Delete
  25. කකෝ. මම උඹගේ බ්ලොග් එක ගොඩක් කල් ඉන්ද්දන් බැලුවට කමෙන්ට් කරන පලවෙනි දවස. කියන්න තියෙන්නේ එකම දෙයයි "තොට පිස්සුද යකෝ " කියල විතරයි.

    ReplyDelete
    Replies
    1. නෑ යකෝ. - කකා

      Delete
    2. නිකම්ම පිස්සු නොවෙයි පිස්සු ඩබල්!
      http://kathandara.blogspot.com/2012/01/blog-post.html

      Delete
  26. අයියන්ඞි මිට වඞා පැහැදිලි කිරිමක් කලොත් හොදයි

    ReplyDelete
    Replies
    1. බ්ලොග් ලිවීමෙන් එන ජොලිය, ලිවීමට වැය කළ යුතු ශ්‍රමය හා වෙනත් දේට වඩා පහල ගියා.

      මෙන්න මල්ලී කෙනෙක් ගැන කයි කතන්දරයක්.
      http://kathandara.blogspot.com/2011/12/younger-brother-crashes-levels.html

      Delete
  27. පුංචි පහේ මං බ්ලොග් එකනෙ නැවතුනේ. දැං ඉතිං හයේ පංතියෙ ඉඳල අලුතෙන් පටං ගමු. සාපෙ ට සූදානං වෙන්නත් තියේනෙ.
    පහේ කඩඉම පසුකර යන කතන්දර ට සුබ පැතුම් !!

    ReplyDelete
  28. ඒ මොකද මේ හිටි හැටියේ බ්ලොග් ලිවීම් නතර කරන්නෙ ?

    ReplyDelete
    Replies
    1. හිටි හැටියේ නොවේ. මෙන්න ඒ ගැන කලින් දවසක (Friday, 4 January 2013) දුන්නු ඉඟියක්.

      http://kathandara.blogspot.com/2013/01/speaking-in-cobolenese.html

      Delete
  29. මම කවමදාවත් ඔබට කොමෙන්ට් කර නැත එහෙත් ඔබගේ කතන්දර මහත් කැමැත්තකින් කියෙව්වෙමි. හේතුව සමහර කතා වලදී අපගේ පරණ මතක අවදිවූ නිසාය. එයට ස්තුති කිරීම සදහා ලැබෙන අවසාන අවස්ථාව ප්රෝයෝජනයට ගත්තෙමි. Wish you all the best

    ReplyDelete
    Replies
    1. ස්තුතියි!

      අපි හැමෝම කැමතියි ඒ සොඳුරු අතීතය ගැන සිහිපත් වෙනවාට!
      ඕකට කියනවා අතීතකාමය කියලා.
      http://kathandara.blogspot.com/2009/11/blog-post_06.html

      Delete
  30. කකා,
    මගේ යාලුවෙක් ඔහොම බ්ලොග් එකක් ලිය ලිය ඉඳලා නවත්වලා මළා

    ReplyDelete
    Replies
    1. සුබ ගමන් කකා.

      සහෝදර ඇනෝවරුණි,
      දැන් අපි හැලපයා ලඟටවත් සෙට් වෙමු. මොකෝ අපි මැරෙන්නය කකා ගියා කියලා.

      Delete
    2. මගේ යාළුවෙක් බ්ලොගයට අවුරුදු පහ පිරිච්ච සතුටට මළා.

      Delete
    3. මෙන්න මං මැරෙන්න ගිය හැටි ගැන කතන්දර
      1. බ්ලොග් මැරතන් ඇයි : http://kathandara.blogspot.com/2010/04/blog-post.html

      2. ඉන්න ටිකේ ඉඳිමු සුදෝ: http://kathandara.blogspot.com/2010/07/blog-post_28.html

      3. මැරෙන එකත් පණ යන වැඩක්! : http://kathandara.blogspot.com/2011/05/near-death-experience-of.html

      Delete
  31. පිස්සු කරන්න හදන්න එපා

    ReplyDelete
    Replies
    1. මෙන්න උන්මාද චිත්‍රසේන ගැන කතන්දරේ!
      http://kathandara.blogspot.com/2010/11/blog-post_26.html

      Delete
  32. බ්ලොග් ලියන බොහෝ දෙනෙක් කකාගෙ ආභාෂය ලබා ලියන්න පටන් ගත්ත අයයි.ඒ අතින් බලනවිට කකා බ්ලොග් ලෝකේ බොහොම අත්දැකීම් ඇති ජ්‍යෙෂ්ට බ්ලොග්කරුවෙක්.ඉතිං මේ බ්ලොග් ලිවීම අවසන් කිරීම ගැන මගෙ නං කැමැත්තක් නෑ.මම හිතාගෙන හිටියෙ කකා තව දිගු කලක් අපිට කතා ලියාවි කියලයි.නමුත් කකාගෙ කැමැත්ත එයනම් අපි කුමක් කරන්නද?
    තව පොඩි ප්‍රශ්නයක් තියෙනව,කකා එක්ක මෙච්චර කල් හිටපු ඇනෝ මිත්‍රයන් කණ්ඩායමට දැන් මොකද වෙන්නෙ?

    ReplyDelete
    Replies
    1. අවුරුදු පහක් කියන්නේ සෑහෙන කාලයක්. ජීවිතේ වෙනස් වෙනවා, එච්චරයි. සමහර විට චක්කරේ වගේ කැරකෙනවා!

      ඇනෝලා ත් විවිධාකාරයි නේ.

      1. නෝටි ඇනෝලා
      http://kathandara.blogspot.com/2012/08/removing-ear-wax-yesteryear-and-today.html

      2. ගුඩ් ඇනෝලා
      http://kathandara.blogspot.com/2012/08/most-beautiful-dream-i-have-ever-seen.html

      3. මෝඩ ආතල් ඇනෝලා, මන්ද බුන්ධික ඇනෝලා සහ මානසික රෝගී ඇනෝලා
      http://kathandara.blogspot.com/2012/12/sub-categories-of-naughty-anonymous.html

      Delete
  33. මා හිතන්නේ නැහැ මෙය එතරම් ප්‍රඥාගෝචර තීරණයක් කියා, මෙය විහිළුවක් නොවේනම්. ඔබේ අභිමතය පරිදි විවේකයක් ගැනීම සුදුසුයි. එවිට නැවත ලිවීමට හිතෙයි.

    ReplyDelete
    Replies
    1. දැන් කකායි විචාරකයි මාමයි බෑනයි වගේ සෙට් වෙලානෙ බොලං!

      Delete
    2. @ විචාරක,
      මා හැලපේට කීවා සේ ජීවීතේ වසර පහක් එකම දේ කළාම එපා වෙනවා, හැබැයි චක්කරේ වගේ කැරකෙන්ත් ඉඩ තියෙනවා.
      http://kathandara.blogspot.com/2012/01/original-riddle-from-kk.html

      Delete
    3. ඇනෝ ගේ කතාව දැක මට සිහිවූයේ වෙනින් කවුරුවත් නොවේ රෝහණ විජේවීරවයි!

      http://kathandara.blogspot.com/2013/07/rohana-wijeweera-musical-show-in.html

      Delete
  34. Well wisher (WIG)11 July 2014 at 10:56

    ඔබේ කතන්දර බ්ලොග් එකට මම එතරම්ම ආසා වුනු නිසා වෛද්යට විද්යාකලයේ අවසාන වසර විබාගය පසෙක තබා සමහර දිනවල එක දිගට පැය 10 ක් පමන බ්ලොග් කියවීමට ඇබ්බැහි වී සිටියෙමි. ඔබගේ කතන්දර වලින් මගේ හිත වශී කලේ දිව්ය ලෝකයේ ගිය කතාවයි. ඔබගේ කතන්දර වලින් කියවීමට එළඹුනු පසු එකල තිබූ තවත් බ්ලොග් කීපයක් කියවීමට යොමු වුනෙමි. එනම් මාරයා, ටැබූ, රියර් ගේට්, W3ලංකා ආදියයි.
    එකල තිබූ සංවාදශීලී බ්ලොග් කලාව වෙනුවට මඩ ප්රීහාර හා කුහකකම් පිරි බ්ලොග් කලාවක් පසුව ඇතිවූ බව පෙනුනි.පසුගිය පෝස්ටුවක කතන්දර ගේ දුවට පවා මඩ ගසා තිබෙනු දුටුවෙමි. එම අමිහිරි අත්දැකීම් මෙම සමු ගැනීම ඉක්මන් වන්නට හේතු වූවාදැයි නොදනිමි. කෙසේ වෙතත් අප සින්හල බ්ලොග් අවකාශයෙ ස්වර්ණමය යුගය අවසානයට පැමින අතිබව පෙනේ. W3 බ්ලොගයද වැසී ගිය දවසක එහි මලගම සනිටුහන් වේවි..
    ඔබේ මගපෙන්වීමෙන් මමත් ප්ර.යොජනවත් බ්ලොග් දෙකක් පවත්වාගෙන ගොස් මාගේ දැනුම බෙදා දීමට සමත් වුනෙමි.එසේම බ්ලොග් ලිවීමෙන් මාගේ සිංහල යුනිකෝඩ් භාවිතය ඇරඹුනි. තවද මා හට විශාල අත්දැකීම් ප්රෙමාණයක් බෙදා ගැනීමට හැකි විය.අන්තර්ජාල දුරකතන ව්යාගපාරික ආයතන වලටද බ්ලොග් හරහා විශාල ආදායමක් ලැබෙන්නට ඇත. වසර 5ක් පුරා දිනපතා බ්ලොග් කියවීමට හුරුවී සිටි පාඨකයින් ගොසිප් අඩවි වලට යොමුවීම හෝ යූ ටියුබ් වෙත යොමුවීම මින් පසු සිදු වනු ඇත.නමුත් ශාස්ත්රී ය සිංහල බ්ලොග් අවකාශයෙන් සිදුවූ සේවය හිස්තැනක් වී පවතිනු ඇත. අවසාන වශයෙන් කතන්දරගෙන් ලාන්කීය බ්ලොග් අවකාශය ගැන පොතක් ලියා පලකරන මෙන් ඉලා සිටිමි. කතන්දර ඔබට ජය!

    ReplyDelete
    Replies
    1. ප්‍රතිචාරයට ස්තුතියි! ඔබ ලියන බ්ලෙග්ද සඳහන් කළ නම් තමයි හොඳ!

      ඔය පොතක් ලිවීම ගැන මා කලින් දවසක ලිව්වේ මෙයයි.
      http://kathandara.blogspot.com/2010/01/blog-post_25.html

      Delete
  35. "පබා" ඉවර උනා වගෙ

    ReplyDelete
    Replies
    1. හිනායනවා ඇනෝ ,,:D

      Delete
    2. කතන්දර බ්ලොග් එක පටන් අරගෙන මාස දෙකක් යනකොට මට හිතුණා මේක නිකං පබා වගේ වෙයිද කියලා.

      මෙන්න ඒ ගැන මා ලියූ වැඩේ පබා වෙයිද කියන කතන්දරය.
      http://kathandara.blogspot.com/2009/09/blog-post_11.html

      Delete
  36. M. Conteur,

    J'ai commenté rarement. Mais j'étais un lecteur fréquent. C'était un super blog. Merci beaucoup Monsieur.

    ReplyDelete
    Replies
    1. Merci Monsieur!

      මෙන්න ඇත්තෙන්ම මගේ කතන්දරයක "මර්සි මොන්සුවා" (Merci Monsieur!) යැයි ලියවුනු තැනක්.
      http://kathandara.blogspot.com/2012/01/get-your-priorities-in-oder.html

      Delete
  37. පහේ පන්තියෙන් සමත් උනාට පස්සෙ අපිට දැන් හොඳ ලොකු ලොකු කතා බලන්න පුලුවන් වේවි :)

    ReplyDelete
    Replies
    1. ඇත්තටම කියනවා නම් මං හයේ, හතේ, අටේ විතරක් නොවෙයි දහයේ, A/L පන්තියේ කතන්දරත් මේ බ්ලොග් එකේම ලියලා තියෙනවා.

      මෙන්න කීපයක්.

      1. සිංහල සංගීත ක්‍ෂේත්‍රයට මගෙන් වුණු අගනා සේවය
      http://kathandara.blogspot.com/2012/10/my-valuable-service-to-sinhala-music.html

      2. ඒ ලෙවල් කරපු කාලේ කේස් එකක් - Point of no return?
      http://kathandara.blogspot.com/2012/09/point-of-no-return.html

      3. කූනිස්සෙකු ගේ මතකය - Memory and Fuzzy Logic
      http://kathandara.blogspot.com/2012/08/memory-and-fuzzy-logic.html

      Delete
  38. කකාගේ නික්ම යාම සැබෑවක් නම් එය කණගාටුවකට හේතුවේ.ආබාධිත ජීවිතයක් ගතකරන මම බ්ලොග් නිසා බොහෝදේවල් උගත්තෙමි.එසේම මගේ හුදකලාවූ ජීවිතය බ්ලොග් නිසා සෑහෙන තරම් ආලෝකමත් විය.වෙනත් බ්ලොගයකින් හෝ නැවත කකාගේ ආගමනය සිදුවෙන්නේ නම් හොඳය.

    ReplyDelete
    Replies
    1. වසර පහත් තුල බ්ලොග් එක ලිවීමෙන් මා ලද සතුටත වඩා සතුටක් මේ කමෙන්ටුව කියවීමෙන් ලැබුවෙමි!

      ස්තුතියි නොදුටු "ගුඩ් ඇනෝ" මිතුර.
      http://kathandara.blogspot.com/2012/08/most-beautiful-dream-i-have-ever-seen.html


      Delete
  39. බ්ලොග් ලියන එක නවත්වනවා කියල එකක් කරන්න ඕනේ ද? හිතුනාම ලියනවා. නැත්නම් නොලියා හිටියා.. කොහොම වුනත් කියවන්න තියෙන බ්ලොග් අඩුවීම පාඩුවක්... මම ඔබේ අඩවියෙන් යමක් ඉගෙන ගෙන මගේ ප්‍රායෝගික ජිවිතයට එක් කරගත් එක් දෙයක් තියෙනවා. අර එකම ජාතියේ මේස් ගන්න එක :)

    මේ තියෙන්නේ (http://kathandara.blogspot.com/2012/06/practical-solution-to-burning-issue.html)

    ඔබට ස්තුතියි..

    ReplyDelete
    Replies
    1. මෙන්න නිවරදිව ලින්ක් එකක් දාන ක්‍රමය.

      http://kathandara.blogspot.com/2012/06/practical-solution-to-burning-issue.html

      අප කළ ගුරුකමක් වැරදුනේ නැත!

      මෙන්න මේ කතන්දරෙනුත් ගොඩ ගිය අය ඉන්නවා ලු.
      http://kathandara.blogspot.com/2011/05/1.html

      Delete
  40. නිල නිවේදනයයි....

    හදිසි කාරක සභා රැස්වීමේදී ගත් ඒකමතික තීරණය අනුව අප සංගමය අද දහවල් දොලහේ සිට බල පැවැත්වෙන පරිදි විසුරුවා දැමීමට කටයුතු කරන ලදී...

    කතන්දර සුරැකීමේ ජාතික සංගමය

    ReplyDelete
    Replies
    1. එහෙමද .. කාකා අලුතින් කණිෂ්ඨ පන්තියට ගියාම අපි ආයේ සංවිධානේ පටන් ගමු

      Delete
    2. ඕං මං ලබන එකේ භාන්ඩාගරික !!!

      Delete
    3. @ ඔමායා
      කණිෂ්ඨ (junior/primary) විද්‍යාලය කියන්නේ 1 සිට 5 දක්වා ඉන්න පාසලයි. එතැණින් මා යන්නේ ජ්‍යේෂ්ඨ (senior/secondary) පාසලටයි.

      Delete
  41. KKගේ බ්ලොග් එක කියවීමෙන් මතකයන් අවදිවීම, සමහර දේ දැන ගැනීම, වින්දනයක් ලැබීම ආදී සියල්ලන්ටම පොදු දේට අමතරව මට ලොකු පුද්ගලික වාසියකුත් ලැබුන. මට දැන් සෑහෙන දුරට සින්හලෙන් ටයිප් කරන්න පුලුවන්. ( ලගදි රාජකාරි ලිපියකුත් කිසිම කෙනෙක්ගෙන් උදව් ගන්නෙ නැතුව ගහ ගත්ත ) මගෙ පොඩි එඩිටින් වැඩකුත් තනියම කරනව.
    ඒකට ස්තුති කරන්න ඕන වැඩියෙන්ම KKගෙ මග පෙන්වීමට හා උනන්දුකිරීමට ( රාජ්ගෙනුත් උදව් ලැබුන )කෙන්ජිගෙ සහ කසුජාස ගෙ (සහ ඇනෝ ) බැනුම්, තිසරගෙ විවේචන, PM ආදීන්ගෙ අපහාස ආදියත් මගේ අලුත් හැකියාවට හේතුවුනත් ඒ සේරම වුනේ KK ගේ බ්ලොග් එකේ. KKගේ දිරි ගැන්වීම තමයි ප්‍රධාන වුනේ.

    ස්තුතියි බොහෝම KK ( දැන් මේ KKගෙ නැවැත්වීම මාකටින් හෝ වෙනත් ගිමික් එකක් නම් අපරාදෙ මන් මේ මගුල් ලියන්නෙ! ) කෙසේ වෙතත් නොස්ටැල්ජියා නිසා අලුත් හැකියාවන් අමතක කර මන් මේකෙ කොමෙන්ට් කරන්න පටන් ගත්ත විදිහටම ඉවර කරන්නම්

    If you really intend this post to be your last KK, please accept my sincere thanks and good wishes for your future ventures.
    If this is just a sales or some other clever gimmick, up yours mate! :-D



    ReplyDelete
    Replies
    1. ස්තුතියි . කමෙන්ට්කරුවන් අතර සුවිශේෂී චරිතයක් බව නොකියාම බෑ. මේ පිළිතුර ලියන්න මාසයකටත් වඩා ගත වුණු නිසා ලඟදී ඔබ "තිලක සිත" පොත එළිදැක්මට ඇවිදින් සිටි බව දැනගත්තා!

      මේ පොත් ඔබ කියවා තිබේදැයි බලන්න.
      පොත් කතන්දර

      Delete
  42. හ්ම්ම්....
    හිස් ටිං එකක් වාගෙ නොවැ අපෙ ජිවිතෙ කකා.....
    පුද්ගලිකව ගන්නා තීරණ වලට මා කිසිවක් නොකියමි.....
    නමුත් මගෙ සිත කියන්නෙ .... වෙනත් අලුත් දෙයක් අප අතරට ගෙන එයි කියා....
    බොගෙන් නැති වුනත් වෙන කෙටි දේවල් කොච්චර තියෙනවද මචෝ....
    ඉදිරි ඕන රෙද්දකට මගෙන් පැතුමන් සුඩු .....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කෙන්ජි, කාලයක් තිස්සේ ඔබ උදේ පාන්දරම කතන්දර කියවීමට පැමිණි ආකාරය මට සිහිවෙනවා.

      මං නං උදේට ඇහෙරෙන්නේ මෙන්න මේ උපක්‍රම කීපයම භාවිතා කරලයි.
      http://kathandara.blogspot.com/2010/08/blog-post_12.html

      Delete
  43. කතන්දර වහනවලු බ්ලොග් එක!

    ඉතින් මට පාන්යැ!

    - චරියා

    ReplyDelete
    Replies
    1. ඔය කෑල්ල මාත් එක කතන්දරේක දී භාවිතා කළා කොපි රයිට්ස් හොයන්නේ නැතුවම.
      http://kathandara.blogspot.com/2012/09/phone-ethics.html

      Delete
  44. වසර 5 ට සුබ පැතුම්... 6 පන්තියෙදි හමුවෙයි කියලා බලාපොරොත්තු වෙනවා...

    ReplyDelete
    Replies
    1. හමුවෙමු!

      එතකන් ඉන්නේ නැතුව මෙන්න හයේ පන්තියේ කතන්දරයක් අදම කියවන්න.

      http://kathandara.blogspot.com/2009/08/blog-post_04.html

      Delete
  45. ඉදිරි කටයතු වලට සුබ පැතුම් කකා... !! මගේ බ්ලාග් කියවීමේ හෝඩි පොත වුවේ මෙයයි..එය කිසිදා අමතක නොවන්නක්..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. එය මට සතුටක්.
      මෙන්න මං හෝඩි පොත කියවූ කාලේ කතන්දරයක්.
      http://kathandara.blogspot.com/2014/02/wonder-years.html

      Delete
  46. මගේ නිගමනයේ හැටියට ඔබ පොරක්. මේ තරම් සැලසුම් සහගතව , ක්‍රමානුකුලව බහුතරයක් අමනාප නොවන විදිහට, විචිත්‍රව බ්ලොගයක් අවුරුදු පහක් කරගෙන ඇවිල්ලා පීක් එකේදී නවත්තන්න දිරියත් තිබ්බ ඔබ පොරක් .
    ඔබේ ඊළඟ පියවරත් මේ වගේම සැලසුම් සහගතව කෙරෙන බව විශ්වාසයි. ශුබ පැතුම් !!

    ReplyDelete
    Replies
    1. මේ මොනවා කියනවාද? මං එදා ඉඳලාම පොරක් තමයි.
      http://kathandara.blogspot.com/2009/12/blog-post_03.html - දුටුගැමුණු කෙසේ වෙතත් මම නම් පොරක් මි.

      විහිළු නොවෙයි, මගේ ම වැඩේ නේ. නවත්තන්න කාට බය වෙන්නද?

      ඒ කෙසේ වෙතත් මෙන්න මා ඔබ හඳුණාගත් හැටි.
      http://kathandara.blogspot.com/2013/10/no-place-for-mr-sensitive-in-this-cruel.html

      Delete
  47. අවු 4ක් විතර තිස්සෙ උඩින් පල්ලෙන් හරි කියොපු නිසා මේක මොන විජ්ජාවක්ද කියලා නොතෙරේ.. :3

    ReplyDelete
  48. ලිපියේ හැටියට පොඩි වෙනසක් වෙන්න යන්නේ වගේ :) 

    ReplyDelete
    Replies
    1. මෙන්න වෙනත් ආකාරයක පොඩි වෙනසක් ගැන කතන්දරයක්.
      http://kathandara.blogspot.com/2012/07/anonymous-power.html

      Delete
  49. පහේ පන්තියේ ලකුණු ගැන කකා ලිවිම තමයි මම ආසම කළදේ.
    පහේ ලකුණු සුපිරිම වුනත්,කිසිම වරප්‍රසාදයක් ලැබුනේ නැහැ.විස්මකර්ම චරිතයක් ලෙස කතාවට ලක්වි අවධානය වැඩිවෙලා පුද්ගලික නිදහසට බාධා වීම ඇර.
    නමුත්,ඉන් ඉගෙනගත් පාඩම් බොහොමයි.වැදගත්ම දේ මට වුවමනා ප්‍රතිඵලය ලබාගන්න පමණක් කාලය ශ්‍රමය යොදවා,අමතර කාලය ශ්‍රමය වෙනත් දෙයකට යෙදවීම.

    මට කණගාටුයි මම තවම කකාගේ බ්ලොග් එක බාගයක් විතරක් කියවා ඇති එකට.(600 ක් විතර)

    මල් පදුරක සිට මල් උයනක හිමිකරු වන ඔබට සුභ!
    :) :) :)









    ReplyDelete
    Replies
    1. මල්මී මට මල් පාත්තියක්ම දාලා දීලා.

      මේ කමෙන්ටුව දාන කොට කතන්දර 600+ කියවා තිබුනු ඔබ මින් ටික දිනකට පසු කතන්දර සියල්ම කියවා අවසන් කළ බව කියා තිබුණා. එයට ඉතා ස්තුතියි.

      මා කතන්දර 600 ක් පලකිරීම සැමරූ දිනයේ ලියු මේ කතන්දරයට සබැඳියක් අන් අයගේ අවධානය පිණිස මෙහි යොදන්නම්.
      http://kathandara.blogspot.com/2012/04/marching-forward.html

      Delete
  50. @ කාක ජී,

    යුග පුරුෂයෙකුගේ සමුගැන්මක්!

    ඵෝස්ට් එක කියෙව්වේ උදේ 7ට විතර. කමෙන්ට් එකක් දාන්න අත නැමෙන්නෑ කාකා ජී අන්තිම හරිය කියවනකොට.

    "කතන්දර" කෙනෙක් නැති තැන "කතන්දර පිල්ලිය" නිකම්ම නිකන් අබ්බගාතයෙක් විතරයි!

    खुश यात्रा - Khuśa yātrā - සුභ ගමන්!!!

    ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. අනේ, අනේ, මං මළා කියලද හිතුවේ?

      අර මහසෝන් පිල්ලිය ඉන්නේ හොඳ අපූරුවට කිසිම මහසෝනෙක් නැතුව!

      කෙසේ වෙතත් මෙන්න මං මැරෙන්න ගිහින් ආපහු ආපු එක ගැන කතන්දරයක් කියවන්න.
      http://kathandara.blogspot.com/2011/05/near-death-experience-of.html

      Delete
  51. පෙරේද සුදු කොඩි උස්සල අද මලගේ ගත්ත නේද කකා.?
    ඉදිරියට සැලසුම් කල කටයුතු සාර්ථක වේවා!!!, නැවතත් blog ලියන්න සිත් පහල වේවා !!!!

    ReplyDelete
    Replies
    1. සුදු කොඩි උස්සල කිව්වේ මේ කතන්දරේ ගැනද?

      http://kathandara.blogspot.com/2014/07/when-you-reach-end-of-road.html

      ඔව්, නමුත් බ්ලොගය නවත්තන්න සැලසුම් කළේ කාලෙක ඉඳන්. මේ බලන්න මෙතැන.
      http://kathandara.blogspot.com/2013/01/speaking-in-cobolenese.html

      Delete
  52. කතන්දර මහතා, නැතිනම් රසික සූරිය ආරච්චිව බ්ලොග් අතර හඳනාගෙන මාද වසර දෙකක් පමණ වේ. ඔබට නොනවත්වා බ්ලොග් කලාව පෝෂණය කිරීමේ හැකියාව පැවතුනද අවම වශයෙන් මසකට එකක්වත් පලකිරීමේ හැකියාව මට නැතිවිය. නමුත් මා එය අතහැරීමට කල්පනාවක් නැත.
    නොනවත්වාම ඔබ බ්ලොග් අඩවියක් පවත්වාගෙන ගියේ කෙසේද කියා විටෙක සිතේ. සැබවින්ම ඔබ දක්ෂයෙකි. නමුත්, මේ අඩවිය තුළ නැවත කිසිවක් සටහන් නොවෙනවා ය කියා ඇසීමට අප බෝහෝ දෙනා අකමැති වෙමි. එබැවින්, බහුතරයක් පාඨකයන්ගේ හිත සුව පිණිස නැවත හමුවෙමු. දින දෙකකට ලිපියක් නොව. සති දෙකකට ලිපියක්....
    ඔබගේ අඩවිය තුළින් අප වින්දනයක් මෙන්ම බුද්ධියක් ලැබුවේය. නොදුටු, නෝසිතූ කෝණ හරහා බෑලීමට හැකිවිය. ඔබගේ සමහර දේශපාලනික අදහස්වලට හැර, මා බොහෝ අදහස්වලට ගරු කරමි. ඔබ ගැන චරිත සහතිකයක් දීමට අද බොහෝ බ්ලොග් ලේඛකයින් උත්සකු වේවි. මට සිතෙන පරිදි ඒ අන් කවරක් නිසාවත් නොව, ඔබ අප හදවතට සමීප වූ බ්ලොග් ශිල්පියෙකි. කතුවරයෙකි. සමාජ විචාරකයෙකි.
    සත්තකින්ම ඔබ නැවත බ්ලොග් ලොව හා එක් වේවි යැයි සිතමි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නිර්මලා.

      මෙන්න අපි දෙන්නා පැටලුණු දවසක මතකය.

      http://kathandara.blogspot.com/2013/03/song-about-anuradhapura-or-about-aging.html

      !!!

      Delete
  53. කනගාටුදායක ආරංචියක්. ඒත් නැවත වෙනත් තැනකින් හමුවන ඉඩකඩක් තියෙන බවට සැහෙන විශ්වාසයක් තියෙනවා.

    ලියන්නෝ නම් නොමියෙන්නෝය.

    පසුගිය පස් වසරට බෙහෙවින්ම තුති. සුබ ගමන්.

    ReplyDelete
    Replies
    1. බලමු බලමු, ගහට ගහක් කෝච්චියේදී වත් හමුවෙන්නේ නැතැයි!

      ඔය නලීනුත් කෝච්චියේ යනේන කෙනෙක්.

      මෙන්න මං කෝච්චියේ ගිය දවසක් ගැන කතන්දරයක්.

      http://kathandara.blogspot.com/2013/09/there-is-always-first-time.html

      Delete
  54. පොඩි වෙනසක් කරලා උනත් හොඳ වෙලාවට මම කලින්ම නම අල්ල ගත්තේ
    මරකාකා

    ReplyDelete
    Replies
    1. දැන් මට වෙන්නේ පත්තරේ දැන්වීමක් දාන්න මේ වගෙ එකක්.

      "මරකාකාට මගේ කිසිම සම්බන්ධයක් නැති බව දැනුම් දෙමි."

      මෙන්න පත්තරේක ගිය වෙනත් දැන්වීමක් ගැන කතන්දරයක්.
      http://kathandara.blogspot.com/2011/05/blog-post_30.html

      Delete
  55. කකාගේ බ්ලොග් ඒකට මුලින්ම කමෙන්ට් කෙරුවේ මම මැතක ඉඳන් වුණත් ඔබේ බොහොමයක් කතා මා කියවා තිබෙනවා.
    වෙසෙසින්ම ඔබට ආවේනික රචනා විලාසය.බොහෝම අපුරුයි.කොහොම නමුත් ඔබේ තීරණය හරි හෝ වැරදි එය ගත යුත්තේ ඔබයි.එසේ නමුත් මගේ කැමැත්ත නම් පහෙන් පස්සෙත් ස්කෝලේ ගියා වගේ වෙනත් විදියකින් හෝ නැවත ඔබව මේ බ්ලොග් අවකශය තුල දකින්නයි.ඔබට සුබ පැතුම්...!!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි.

      ඇත්තටම පහෙන් පස්සේ මං ඉස්කෝල දෙකකට ගියා.

      ඒ එක ඉස්කෝලෙකට නං අයිතිකාරයෝ ඉන්නවා!
      http://kathandara.blogspot.com/2011/09/i-have-nothing-to-hide.html

      Delete
  56. මා මල පසු සොහොන් කොතේ බලු බැටියෙක් බඳිනු මැනවි
    එතකොට ඌ රෑ ජාමෙට හීන් හඬින් මට බුරාවි

    කකා මේක ඇත්තටම ගත්ත තීරණයක් නම් එක කොයි පැත්තටවත් විවෙච්ච්නය කරන්න අපිට අයිතියක් නෑ. එක පෞද්ගලික තීරණයක් නිසා

    ReplyDelete
    Replies
    1. මෙන්න මං මෑරෙන්න ගිය දවස ගැන කතන්දරයක්.

      http://kathandara.blogspot.com/2010/07/blog-post_28.html

      ඇත්තටම මළත් බලු පැටව් නම් එපා!

      Delete
  57. කනගාටුව නම් බොහොමයි කකා. ඔය අවුරුදු 5හෙ අන්තිම මාස 10ක් විතර තමයි මගේත් කතන්දර බ්ලොගේත් සම්බන්දය .
    අවුරුදු 5ක් එකම වේගෙන් බ්ලොග් එකක් කරන එක පුදුම අමාරු වැඩක්. ලියන්න දේවල් හොයාගන්නත් එපැය.

    මොනවා උනත් 5වසරක සැමරුමට මෙන්න මගෙන් සුභාශිසන.
    පොස්ට් එක ලියල තියෙන විදියටත් , කොමෙන්ට් කියවගෙන යනකොටත් අලුත් මොකක්දෝ දෙයක හා හූවක් ඇහෙනවා.
    අලුත් වැඩක් පටන් ගන්න යනවනම් ඒ දේටත් මෙන්න සුබ පැතුම්!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. ලියන්න දේවල්වලින් නං මට අඩුවක් තිබුණණේ නෑ කවදාකවත්.

      ඇත්තටම මං 2011 පෙබරවාරියේ සැලසුම් කරපු වෙන්ඩ කතන්දර 100 න් බාගයක්වත් ලියාගන්න බැරිවුණා. අන්තිමේදී ඒ වෙනුවට වෙනත් කතරදර තමයි ලියලා තියෙන්නේ.

      http://kathandara.blogspot.com/2011/02/blog-post_27.html

      Delete
  58. කකා තුමා මගේ නම් බ්ලොග් හිතවතෙක් නෙමෙයි. මේ බ්ලොග් එක පටන් ගත්ත දවසෙමත් බුරු බබා නැට්ට පාගගෙන කොමන්ට් එකක් දැම්මා නෙව.
    good old days .....
    එදා ඉඳන් මේ වසර පහ පුරාවටම එකින් එකට සටහන් නොකීවට ඔබේ බ්ලොග් එකට ගොඩ වැදුනා. ඉස්සර ඉඳන්ම මම බොහෝ වෙලාවට අළුත් බ්ලොග් හොයාගත්තේ ඔබේ බ්ලොගේ සයිඩ් ලින්ක් වලින්.
    මට මතකයි සතුට වෙනුවෙන් ලියන බව ඔබ කීප විටක් කීවා. ඒ සතුට දැන් ඇත්තෙන්ම බ්ලොග් එකක් ලීවම තියෙනවද කියලා හිතෙන්න ගනන් කාලයක් මේ. මොකද පහුවදාට මරන්නයි, වෙඩි තියන්නයි අපහාස කරන්නයි හා අර ඉස්සර කැලෑ පත්තර ලීවා වගේ එකිනෙකාට මඩ ගහන්නෙත් දැන් බ්ලොග් වලින්. එහෙම එකක රැඳෙන එක තව දුරටත් සතුටක් තියේද කියලා හිතන්න වෙන කරුණු ඇති අපි හැමෝටම.
    මොනවා වුනත් ඔබ නොලියා සිටි යයි කියා මම සිතන්නෙ නෑ. බ්ලොග් නැති දවසකත් අපි ඉස්සර වගේ ලියන දේවල් වලින් හමු වෙයි කියලා මම දන්නවා.
    මගේ සිංහල ඩිවලොප් කරගැනීමට දක්වපු සහයෝගයටත් ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මං රංගිව දන්නේ බ්ලොග්වලට කලින් නේන්නම්.

      අපි දෙන්නා රණ්ඩු වුනා නේද මං සන්නසකාරයාට සන්නසකාරයා කියලා ලිව්වාය කියලා?
      http://kathandara.blogspot.com/2009/12/blog-post_04.html

      Delete
  59. ඔක්කොට ම කලින් අවුරුදු 05 ට අපෙන් උණුසුම් සුභ පැතුම්... ඇත්ත ම කියනවානම් ඉතින් හදවතින් ම සුභපැතුම් කකා.... ඒක ලොකු ජයග්‍රහණයක් කකා. ඒක ඔබට හොදින් ම දැනෙනවා ඇති නේද????

    ඒ මොනවා වුණත් මොකක් ද මේ අන්තිමට කියන කතාව. එහෙම දෙයක් වෙන එකක් නෑනේ. කිසිම හේතුවක් නැතුව. කකාගේ අනික් හැම දේකට ම එකඟ වුණත් අපි මේකටනම් එකග නෑ..

    නිකං බොරු නොකියා හිටු කකා....

    ReplyDelete
    Replies
    1. හොර බොරු නැත, වංචා නැත!

      ඒත් මෙන්න බොරුවක් කීව දවසක්.
      http://kathandara.blogspot.com/2011/06/liar-kathandara-locked-up-in-courts.html

      Delete
  60. කාකා ඔයා ඊළගට පටන් ගන්න බ්ලොග් එකේ (කණිෂ්ඨ ඉස්කෝලේ ) ලින්ක් එක අපිට දෙන්න හොදේ ,

    ReplyDelete
    Replies
    1. ළමයෝ පහේ පන්තිය පාස් වුනාට පස්සේ කණීෂ්ඨ පාසලට ගිය ගමන ඉවරයි හමාරයි. ඊට පස්සේ හයේ පන්තියේ ඉඳලා ජ්‍යෙෂ්ඨ පාසලලටයි යන්නේ.

      කොයි පාසලට ගියත් මේ ප්‍රශ්ණය නම් අහන්නෙපා!
      http://kathandara.blogspot.com/2011/03/blog-post_23.html

      Delete
  61. බ්ලොග් එකේ කොස්මෙටික් අළුත් කිරීම්!!!
    ඒ මොනවද ඒ?
    එතකොට හයේ පන්තියෙදි අළුත් ඉස්කෝලෙ අළුත් යාළුවො හම්බවෙයි නේද?

    ReplyDelete
    Replies
    1. කියවන්නන් ගේ දැනුම කකාම මනිත්වා. කකාම මොබයිල් මෑන් කියල හෝ හෙනහුරා කියල හෝ ඇවිත් මතක් කරල දෙනකල් මේ වාක්කියේ තේරුම කියවන්නන් මැනගෙන නෑ.
      //ඒ අනුව කියනවා නම් කතන්දර බ්ලොග් එකේ මගේ කාලයත් අදින් අවසන්. මින් පසු මේ බ්ලොග් එකේ නඩත්තු කටයුතු සහ කොස්මෙටික් අළුත් කිරීම් හැර වෙනත් කතන්දර පලවීමක් නොවෙනු ඇති//

      Delete
    2. කරුණාකරල පැහැදිළි කරන්න.
      කියවන්නන්ගේ දැනුම මෙතනට අදාළ වෙන්නෙ කොහොමද?
      හිතවත් ඇනෝතුමනි (Anonymous12 July 2014 11:31),
      කකා කොහොමද මොබයිල්මෑන් හෝ හෙනහුරා වෙන්නෙ? (මොබයිල්මෑන් සහ හෙනහුරා අතර විවෘත හා පැහැදිළි සම්බන්ධයක් තිබුනට කකා සහ මොබයිල්මෑන් හෝ කකා සහ හෙනහුරා අතර සම්බන්ධය මොකක්ද?)
      ඔබ සඳහන් කරන වාක්‍යයේ තේරුම කියවන්නන් විසින් මැනගෙන නෑ කියල ඔබ තීරණය කරන්නෙ කොහොමද?
      හෙනහුරාගෙ කමෙන්ට් එකට රිප්ලයි කරල දාල තියන නිසයි මේ හෙනහුරා නැවතත් ඔබෙන් අහන්නෙ.

      Delete
    3. බ්ලොග් එකේ කොස්මෙටික් අළුත් කිරීම් යනුවෙන් මා අදහස් කරන්නේ අලුතින් කතන්දර ඇතුලත් නොකෙට මෙහි සැකසුමට කළ හැකි විවිධ වෙනස් කම්.

      විශේෂයෙන්ම මං අදහස් කරනවා මේ කතන්දරවලට හොඳ සූචියක් (index) එකතු කරන්න. එවිට එක කනන්දරයකින් තවත් එකක් බලන්න යනවා වගේම, විවිධ මාතෘකා ඔස්සේ ලියවුණු කතන්දර එකතුවක්ද කියවන්න හැකි වේවි අනාගතයේ මෙහි එන අයට.

      http://kathandara.blogspot.com/2011/08/blog-post_05.html


      Delete
  62. Mama 2011 indala kathandarage kathakiywnne.hemadama mulinma hoyanne,wishesayenma obe europasnchara ethulusancharakakatha.meka henagehewwa wagene.oba nethiwunoth blog adwye wishalahidask ethiwewi,ANIKA kalayaka indala obe blog liwillata sama wenna beri wuna,ek ayek ho keepadenek obata meka epa karawala ainkaranna katayuthkara kiyanaeka pitin indan balanhitapu Apidekka.OBAta notherenna be.obe theeranayk wenaskaranna illanna matabe,meweden blogloke pussanta Thawath idakada wiwaraweemai.obata SUBA PETHUM KAKA!!! newatha kohedee,kese ho munagesemu.RANJAN(Düsseldorf)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි රන්ජන්.

      මෙන්න කියවා නැති අයට මගේ යුරෝපා සංචාරය ඇසුරින් ලියවුණු කතන්දර කීපයක්.

      1. ඉතාලියේ පුංචි පුංචි කාර් - Small is beautiful?
      http://kathandara.blogspot.com/2013/05/small-is-beautiful.html

      2. ඒරොප්පේ කෝච්චි නේ හලෝ කෝච්චි - Train-spotting in Europe
      http://kathandara.blogspot.com/2013/05/train-spotting-in-europe.html

      3. ඉතාලියේ රෝම නගරයේ අරුම පුදුම දසුනක් - A Roman Circus Act
      http://kathandara.blogspot.com/2013/05/roman-circus-act.html

      4. ඉතාලියේ දී මා දුටු ඉසරුමුණි පෙම් යුවල - An Italian Affair
      http://kathandara.blogspot.com/2013/06/italian-affair.html

      5. රෝමයේ සිට කිලෝ මීටර් විසිපහක් දුර ගෙවා පොලොන්නරුවට ගියෙමි! - Photos from Ostia Antica
      http://kathandara.blogspot.com/2013/06/photos-from-ostia-antica.html

      6. රෝම ශිෂ්ඨාචාරයේ පරිහානියට හේතුව Xක්කු ප්රශ්නයක් ද? - A hereto unknown reason for the decline of Roman Empire
      http://kathandara.blogspot.com/2013/06/x-hereto-unknown-reason-for-decline-of.html

      7. හිතේ හැටියට බියර් බොන්න ඕනෑ නම්, සසර වසන තුරු නිවන් දකින් තුරු ජර්මනියේ ඉපදෙමු! - Amber, amber everywhere!
      http://kathandara.blogspot.com/2013/05/amber-amber-everywhere.html

      8. ජර්මනියේ දී මුණ ගැහුණු ඉන්දියානු ටැක්සිකාරයා - Still in Germany
      http://kathandara.blogspot.com/2013/05/still-in-germany.html

      9. ෆ්‍රෑන්ක්ෆර්ට් හි දී ජර්මන්කාරයින්ව පැරද්දූ කතන්දරකාරයා - Kathandarakaraya conquers Frankfurt
      http://kathandara.blogspot.com/2013/05/kathandarakaraya-conquers-frankfurt.html

      10. දින එකොළහකට පසු බත් කටක් කෑවෙමි - Oh, what a feeling
      http://kathandara.blogspot.com/2013/04/oh-what-feeling.html

      11. දුම්බීම සහ තුවක්කු - Smoking Guns
      http://kathandara.blogspot.com/2013/04/smoking-guns.html

      12. ඒරොප්පේ ගුවන් තොටකදී ශ්‍රී ලන්කන් ගුවන් යානයක් දුටුවෙමි! - Metallic memories
      http://kathandara.blogspot.com/2013/04/blog-post.html

      13. ඉතාලියේ දී මා දුටු බංග්ලාදේශ්කාරයෝ - Bangladeshi's in Italy
      http://kathandara.blogspot.com/2014/05/bangladeshis-in-italy.html

      Delete
  63. මුනිවත හොඳයි දෙබසින් අර මොකක්ද එක වැඩි හින්දා......ඒක දුකද, කේන්තියද මම දන්නේ නැහැ. මම උපේක්ෂාවෙන් බලන් ඉන්නවා. කකා ආපහු එන්න. කකා කරපු හොඳ හෝ නරක කියවන්නෝ දන්නවා ඇති. ඒක ඔවුන්ට බාර දෙන්න. ආපහු දකින්න කැමතියි.

    ReplyDelete
  64. දුවන්නන් වාලෙ දුවන කෙට එළදෙනක් වගේ දුවන්න ගත්ත කතන්දරකාරයාව මම ඉස්සෙල්ලාම දැක්කේ කාලෝට සීට් එක දුන්න දවසේ... ඊට පස්සේ සුදාලගේ කඩේ ලගදී හරි, ගේ ලඟ හන්දියේ රාජාගේ කඩේ ලඟදී හරි, ජොක්කු විකුණන්න තියෙන ටවුමේ කඩේ ළගදී හරි අහම්බෙන් හම්බුනාම හිනාවෙලා යන්න පුරුදුවුනා... කතන්දර කියන්නේ තට්ටෙන් සොමිය දෙන, වලියට බර නැති පොරක් කියලා දැනගත්තේ ටැබූ එක්ක වලිය ෂේප් වුන වෙලාවේ...

    ආයේ දවසක උන්මාද චිත්‍රසේන වගේ රතුපාට කොරොල්ලා කාර් එකේ නැගලා කතන්දර හාමිනේට මෙව්වා එකක් අරං යද්දී... යකෝ, උඹ බැඳලා නේද බං? කියලා මම ඇහුවම හික් හික් හික් කුරුක් කුරුක් කියලා හිනාවෙලා ගියා...

    නෝටි ඇනෝලා ගුඩ් ඇනෝලා වට කරගෙන පඩ කතා, කක්කා කතා, චූ කතා කියද්දීත්, බුද්ධාගං සංස්ථාව විවේචනය කරලා සිංහල තලිබාන්ලා පුකත්වය හෙළිදරව් කරද්දීත් මම ඈතට වෙලා බලාගෙන හිටියා... ඒ හැම වෙලාවෙම කතන්දරකාරයා දුක් ගීතයට ජොලි මූඩ් එකක තනුවක් දාගෙන ඉන්න ටිකේ ඉඳිමු සුදෝ කියලා හිනාවෙල ඉන්න හැටි දැක්කම මට ගොඩක් සතුටු හිතුනා...

    මතක හැටියට මම, මනමේ කුමාරි ගේ කන්‍යාභාවය රැකුණාද කියලා දැනගත්තෙත්, මහදැණමුත්තා ගේ ශිෂ්‍යාව කවුද කියලා දැනගත්තෙත්, දුටුගැමුණු පොරක්ද කියලා දැනගත්තෙත්, බිත්තර නොකඩා ඔම්ලට් හදනහැටිත් ඉගෙනගත්තෙත් කතන්දරගෙන්...

    කතන්දරකාරයා බ්ලොග් නොලියන දිනෙක අපායේත් අයිස් මිදෙනා බව දන්නා නිසා, තාවකාලිකව සමුදෙන්නම්... ඔබට ස්තූතියි..!

    ReplyDelete
    Replies
    1. @ බීටලේ

      ++++++++++++++++++++++++++++++

      Delete
    2. ++++++++++++++++++++

      Delete
    3. Beetle Bailey ගේ කමෙන්ටුව මෙන්න සබැඳි සමග:

      දුවන්නන් වාලෙ දුවන කෙට එළදෙනක් වගේ දුවන්න ගත්ත කතන්දරකාරයාව මම ඉස්සෙල්ලාම දැක්කේ කාලෝට සීට් එක දුන්න දවසේ... ඊට පස්සේ සුදාල ගේ කඩේ ලගදී හරි, ගේ ලඟ හන්දියේ රාජා ගේ කඩේ ලඟදී හරි, ජොක්කු විකුණන්න තියෙන ටවුමේ කඩේ ළගදී හරි අහම්බෙන් හම්බුනාම හිනාවෙලා යන්න පුරුදුවුනා... කතන්දර කියන්නේ තට්ටෙන් සොමිය දෙන, වලියට බර නැති පොරක් කියලා දැනගත්තේ ටැබූ එක්ක වලිය ෂේප් වුන වෙලාවේ...

      ආයේ දවසක උන්මාද චිත්‍රසේන වගේ රතුපාට කොරොල්ලා කාර් එකේ නැගලා කතන්දර හාමිනේමෙව්වා එකක් අරං යද්දී... යකෝ, උඹ බැඳලා නේද බං? කියලා මම ඇහුවම හික් හික් හික් කුරුක් කුරුක් කියලා හිනාවෙලා ගියා...

      නෝටි ඇනෝලා ගුඩ් ඇනෝලා වට කරගෙන පඩ කතා, කක්කා කතා, චූ කතා කියද්දීත්, බුද්ධාගං සංස්ථාව විවේචනය කරලා සිංහල තලිබාන් පුකත්වය හෙළිදරව් කරද්දීත් මම ඈතට වෙලා බලාගෙන හිටියා... ඒ හැම වෙලාවෙම කතන්දරකාරයා දුක් ගීතයට ජොලි මූඩ් එකක තනුවක් දාගෙන ඉන්න ටිකේ ඉඳිමු සුදෝ කියලා හිනාවෙල ඉන්න හැටි දැක්කම මට ගොඩක් සතුටු හිතුනා...

      මතක හැටියට මම, මනමේ කුමාරි ගේ කන්‍යාභාවය රැකුණාද? කියලා දැනගත්තෙත්, මහදැණමුත්තා ගේ ශිෂ්‍යාව කවුද කියලා දැනගත්තෙත්, දුටුගැමුණු පොරක්ද කියලා දැනගත්තෙත්, බිත්තර නොකඩා ඔම්ලට් හදන හැටිත් ඉගෙනගත්තෙත් කතන්දරගෙන්...

      Delete
    4. මේ ලින්ක් දැමිල්ල නම් ...!

      මෙවන් කෙනෙක් තව ලොව නැත!

      Delete
  65. කකා නැති බ්ලොග් අවකාශයක් තියෙන්න විදිහක් ඇත්තෙම නෑ.. මට පේන්නේ අළුත් වෙනසක් වගේ.. දැන් ඉතින් සිස්සත්තේ කලානේ ලොකු පන්තියක හම්බුවෙමු..

    වසර 5ට සුබ පැතුම් වේවා..

    ReplyDelete
  66. කකා .. උපේක්ෂාවෙන් බලං ඉන්නවා කකා මේ දිහා.. !!! අපි ඉතිං ප්රේක්ෂකයොනෙ !!

    ReplyDelete
  67. කොල්ලා පහේ සිස්සත්තෙ ඉහලින්ම පාස් වෙයි මයෙ හිතෙ

    ReplyDelete
  68. කකාගෙ මෙ තිරනය වෙනස් වෙනවනම් කැමතියි

    ReplyDelete
  69. අනේ ලොකු දෙයක්...ඔයාට මේ මළදානෙ වහන්න දැන්වත් මොළේ පෑදුන එක...දැන්වත් බුද්ධාගමට වෛර කරන ඔයාගෙ ඔය NGO මොළ පොඩ්ඩ ශුද්ධ කරගෙන ඉතිරි ජීවිත කාලය ගෙවන්න. බ්ලොග් කියලා කණුහරුප ලියන අනිත් උනුත් ඔයා වගේම බ්ලොග් වහනවා නම් කොච්චර දෙයක්ද පැටියො.....සුභ ගමන්...අයින් වෙලා යන්න...

    ReplyDelete
    Replies
    1. ++++++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
  70. සුබ පතන්නෙ නෑ පස් වෙනි අවුරුද්දට. මේ කරපු වැඩේ නම් හරිම අසාධාරණයි. අද අප්‍රේල් පලවෙනිදත් නෙවෙයි. ඒත් මේක ඇත්තක් කියල පිලිගන්න මං කැමති නෑ. කොනන් ඩොයිල් ෂර්ලොක් හෝම්ස් මරා දැම්ම දවසෙ ඩොයිල්ට ලිපි ලියපු සමහර ප්‍රේක්ෂකයො ලියුම පටන්ගත්තෙම උඹ මහා යක්ෂයෙක් කියලලු! මං එහෙම කියන්නෙ නෑ. ඒත් අත දුරකින් හිටියනම් වයසවත්, පරිණත බවවත් නොබල හිල් වෙන්න අනිනවා ටොක්කක් දිලිසෙන සුදු තට්ටෙ හිල් වෙන්න.

    මේ වැඩේ කරන්න කලින් තව සියපාරක් හිතන්න. එච්චරයි මගේ ඉල්ලීම.

    ReplyDelete
  71. ඊයේ මේ පෝස්ට් එක දැක්කත් කතන්දර අද වැඩිදුරටත් මොකද කියන්නේ කියලා බලා හිටියා. වෙනසක් නෑ. එහෙනම් රයිටර්ස් බ්ලොක් සුව වුන දවසක ආයේ ලියන්න. අකමැත්තෙන් වුවත් සමු දෙනවා. ඔය සමුගැනීම් වලට මම එච්චර කැමති නෑ. ඔබ අපට දුන් සහයෝගයටත් ඔබා ස්තුතියි කකා.

    ReplyDelete
  72. පින්වතුනි , සියළු සංස්කාර ධර්මයෝ නැසෙනසුළුයි.ඒ නිසා අද දින මේ බොගලේගමින් වෙන් වී යන කකා උපාසක මහත්තයාට +++++++++ ප්‍රාර්ථනා කරමු.
    මෙයට සොවින් තැවෙන.......
    සුබද්ද ඇතුළු දායක පිරිස

    ReplyDelete
  73. සමුගනීම තාවකාලිකයි නේද? ඔය අප්ඩේට් වෙන්නැති බ්ලොග් ගූගලයා මකනව නං ඒකට මොනව හරි කරන්න.

    සුභ ගමන් ක‍තෝ. නැවත හමුවෙමු. හැමදේටම ස්තූතියි. ඔබ නැති පාඩුව අපට දැනේවි.

    ReplyDelete
  74. ඉදිරි මාවත යන්න ඔබ හට දිය බිදක් සේ පෙනේවා
    කටුක බාධක මගැර යන්නට ශක්ති ධෛරිය ලැබේවා
    කවිය සාහිත ගොඩ නගන්නට දිරිය අනුහස් ලැබේවා
    රෝග දුක් බිය මැකී ගොස් නිති දීර්ගායුෂ ලැබේවා

    ReplyDelete
  75. කකා .
    5 හේ පන්තියෙන් ඉහලට යන්න සිතීම ගැන මම ඔබට සුභ පතනවා. එතකොට වත් ඔබට කල්පනා කිරීමට කිරීමට මොලයක් තිබේ නම් බුධාගම සහ සංඝයා වහන්සේලා ගැන තියෙන වෛරීය ලිපි ලිවිමට ඇති ආශාව නවත්වා ගන්න පුලුවන්නෙ.

    ReplyDelete
    Replies
    1. අන්තිම මොහොත දක්වාම ගේම මයි නේ?

      Delete
    2. ඇයි රාජ් කිචිද ?

      Delete
    3. @ රාජ්,
      "අන්තිම මොහොත දක්වාම ගේම මයි නේ?"

      රාජ් මහතා. ඔබේ අදහස ටිකක් වැරදියි. කිසිවෙකුට හෝ අපහාස කිරීමට මා යන්නේ නැහැ.එහෙත් වැරැද්ද වැරැද්ද ලෙස දකිනවා.භික්ෂුන් වහන්සේලාගේ වර්තමාන පැවැත්මේ බොහෝ අඩුපාඩු තිබෙනවා. ඒකට බුද්ධිය පාවිච්චි කරන අයෙක් ලෙස මතයක් ලෙසින් කල යුත්තේ එම අඩුපාඩු නැවැත්වීමට කටයුතු කිරීම මිස සංඝයා වහන්සේලා ගැන තිබෙන ශ්‍රද්ධාව නැති කිරීමට ලිපි ලිවිම නොව ශාසන ශන්ශෝධනයකට මුලික වීමයි.ඒක ලෙහෙසි නැහැ. අවම ශාන්ශෝදනයකට අවශ්‍ය අදාළ පනත් 5ක් තවමත් බුද්ධ සාශන අමාත්‍යංශයේ හිරවෙලා.
      පොදුවේ මතයක් පල කිරීම දායක වීමට බැරී නම් කකා පුද්ගලිකව ඉදිරිපත් වෙන්න ඕනෑ. ඒ කියන්නේ සිල්වත් භික්ෂුන් වහන්සේ නමක් ලොවට දායාද කරන්න තමන්ගේ කව්රු හරි මහන කරන්න ඕනෑ. එහෙම බැරි නම් තමාම මහණවී ඒ කටයුත්ත කරන්න ඕනෑ.
      ඒ එකක්වත් කරන්න බැරි නම් භික්ෂුන් වහන්සේලා ගැන තියෙන මේ වෛරී ලිපි ලිවිම ගැන තව සැරයක් හිතන්න ඕනෑ. මොකද මේ ලිපි බලන සහ ඒවාට උත්තර ලියන බොහෝ අය ඉන් තම ශ්‍රද්ධාව නැතිකරගෙන තමන්ටම අවැඩක් කරගන්න නිසා.

      Delete
    4. හැමෝටම පිළිවෙලට පිළිතුරු දෙන්න හිටියත් මෙතැන පෝලිම කඩන්න වෙනවා.

      ඩබ්.එම්.කේ. සමරසේකර

      ඔබ වරින්වර මට චෝදනා කරනවා, මා නොදන්නා දෙයක් ගැන. කලින් දින දෙකකම මං මා ලියා ඇති කතන්දර කිහිපයක ලයිස්තුවක් පෙන්නවා ඉන් කුමකින් කුමන වරදක් වෙනවාද කියා කියන ලෙස ඉල්ලා සිටියා. නමුත් මට නම් මතක නෑ එයට ඔබ පිළිතුරු දුන් බව. නැවත හොයා බලන්නම්.

      මම බුදු දහමට ප්‍රිය කෙනෙක් වුණාට ආගමේ අයිතිකාරයෙක් නොවේ. මගේ ඔබ ගැන හෝ සංඝයා ගැන හෝ වෙනත් කිසිම ජීවී අජීවී දෙයක් ගැන වෛරයක් නෑ.

      නමුත් මං ඔබ වගේ ගැටඹේට පගා ගෙවා මාර්ග නීති කඩමින් පොලීසියට වෙට්ටු දාන කෙනෙක් හෝ අන් සමහරු වගේ නානසාර නිකායේ කෙනෙක් නම් නොවේ. එපමණයි.

      මට මතක හැටියට ඔබ මගේ පියා මෙන් විද්‍යෝදයේ උපාධිධාරියෙක්. බණ දහම් දන්න, බාවනා කරන කෙනෙක්. එහෙනම් මොනවාද මේ කරන අභූත චෝදනා?

      Delete
    5. කකා,

      ඔබගේ පිළිතුරට ස්තුතියි. මා නීති පතා තිබෙන වෙලාව අනුව බලන blog අතරින් ඔබේ එකත් එකක්. චාරිකා ගැන ඔබ ලියා ඇති ලිපිය හොඳ එකක්. ඔබේ සමහර හොඳ ලිපි වලට මා ඒබව සටහන් කර තිබෙනවා.එමෙන්ම මට එකඟවීමට නොහැකි තැන් වල මා නිහඬවී තිබෙනවා.මත්වතුර ගැන ඔබ සහ ඔබේ සගයන් දක්වන සුභවාදී ආකල්පය එවැන්නක්. මට උවමනා අන්දමට ඔබ හැසිරිය යුතුය කියල ඒකෙන් අදහස් වෙන්නෙ නැහැ.
      එහෙත් සංඝයා වහන්සේලා ගැන මැතක පටන් පලවන අපහාසාත්මක අදහස් ගැන වෙනමම වලකා බලන්න ඕනෑ.ඒක අද මෝස්තරයක් වෙලා.අන්‍යාගමිකයන්ට උවමනා එමගින් තම ආගම පතුරුවන්න.සමහර නිර්-ආගමිකයන්ට උවමනා මිනිසුන් බුදු දහමින් ඈත් කරන්න.සමහර අයට දේශපාලන අරමුණු තියෙනවා.සමහර අයට මොනවා හරි හෑල්ලක් ලියල අන් අයවලුන්ට අපහාසාත්මක උත්තර ලියන්න පාරක් කපල දෙනවා.මට තේරෙන අන්දමට ඔබ ඉන්නේ මේ අවසාන කොටසේ. ඔබ බුදු දහම ගැන දන්නවා. නමුත් ඔබ ළඟ ශ්‍රද්ධාව යන ගුණාංගය වැඩිලා නැති බවයි මට තේරෙන්නෙ.

      ගිහියන්ට රකින්නට තියෙන පන්සිල් පද 5 වත් හරියට නොරකින අය සංඝයා වහන්සේලාගේ සිල්වත් කම ගැන උනන්දු වීම ගැන දෙසැරයක් සිතන්න වෙලා තියෙනවා.පළමුවන සිල් පදයවූ නුදුන් දෙය ගැනීමෙන් වැළකීමෙන් මිදීමට මට තවමත් බැරිවෙලා . මේක ලියන windows මා පාවිච්චි කරන්නේ මුදල් ගෙවා නොවේ.

      ඔබේ සංඝයා වහන්සේලා ගැන ලියා ඇති එක ලිපියක හෝ සංඝයා වහන්සේලාගේ හොඳක් ලියා තිබේද? අඩු තරමේ කුලවාදයට එරෙහිව සියලුම කුල වල අය මහන හා උපසම්පදා කිරීමට සියම් නිකායේ දඹුල්ල පාර්ශවය ගෙන ඇති ක්‍රියා පිළිවෙත හෝ භික්ෂුණි සාසනයක් ඇතිකිරීමට එම පාර්ශවය කරන වැඩපිළිවෙල ඔබේ නෙතට ගැටී තිබෙනවාද?මට එවැන්නක් නොපෙනන නිසා ඒ ගැන මා ඔබෙන් පැහැදිලි කිරීම් ඉල්ලා සිටිනවා.ඒක කරන්නේ තරහයෙන් නෙමෙයි. මා ඔබට අපහාස කරන්නේ හෝ නින්දා කරන්නේ නැහැ.
      මා ගමනක් යන විට සිරිතක් වශයෙන් අවස්ථාවේ හැටියට මාලිගාවට හෝ ගැටඹේට පඬුරක් දමා වැඳ යනවා ඒක පාගා දීමක් ලෙස ඔබට පෙනෙන්නේ ඔබ ඒ ගැන බලන ආකාරය අනුවයි. මා අදහනේ එමගින් මට ආරක්ෂාවක් ලැබෙනවා කියයි. විවිධ අයට විවිධ ආකාරයෙන් දැනීම් දැනෙන බව බුදු බනෙත් . කියා තිබෙනවානේ. ඔබේ පියත් විද්‍යොදයේ උපාධිධාරියෙක් බව දාන ගැනීම සතුටට කාරණයක්.ඉඩක් තිබේනම් විද්‍යොදයේ සුමංගල ශාලාව ඉදිරිපිට තිබෙන පිළිමයේ පාමුල සතරවටේ ලියා තිබෙන සරසවී ශිෂ්‍යයන් තුල තිබිය යුතු ගුණාංග 4 මොනවාද යන්න පියතුමන්ගෙන් දැන ගැනීමට උත්සහ කරන්න .එවිට ඔබට මා කෙබඳු අයෙක්දැයි යවටහා ගැනීමට හැකිවේවි.
      සමරසේකර

      Delete
    6. ++++++++++++++++++++++++++ Waddanta bana kiya wadak nae. Gangata ini kapanna epa.

      Delete
    7. @ Wmk Samarasekara
      ඔබ ශ්‍රද්ධාව යැයි කියන්නේ අන්ධ භක්තියට බව පෙනේ. මා බුද්ධාගමේ අයිතිකාරයෙක් නොවෙමි, මා බෞද්ධයෙක් වී ඉන්නේ දහමේ ඇති ඒහි පස්සිකෝ ගතිය නිසා මිස වෙන සංඝයා නිසා හෝ ගැටඹේ කප්පම් නිසා නොවේ.

      ඔබට අවශ්‍ය කතනාදර මා ලිව්වේ නෑ. මා ලිව්වේ මට අවශ්‍ය ඒවා.

      සංඝයා ගැන මා අපහාස කතා ලියා නෑ. වෙන කවුරුත් ලියන්නේ ඇයි, බලන්න මේ ෆොටෝ එක වචන දාහකට වඩා වටිනාවා නොවේද කියා?

      http://www.lankaenews.com/Sinhala/files/2129Bhikku_With_Dead_Soul_J.jpg

      පන්සල්වල මහණ කිරීම් ගැන මා ලියු මේ කතන්දරේ කියවා තිබේද?
      http://kathandara.blogspot.com/2012/08/once-upon-time.html

      දඹුල්ලේ පාර්ශවයක් ගැන ඔබ කියා තියෙනවා, දඹුල්ල ගැන මා දන්නේ මෙපමණයි.
      http://kathandara.blogspot.com/2012/05/wesak-thoughts.html

      මගේ පියා වසර කිහිපයකට පෙර මිය ගියා.

      සංවාදයට ස්තුතියි.

      Delete
    8. @ Wmk Samarasekara

      මෙන්න මා ලියා ඇති කතන්දර 1,030+ අතරින් බුද්ධාගම, පන්සල්, සංඝයා වැනි කරුණු ඇතුලත් කතන්දර ලැයිස්තුව.

      මෙයින් කිනම් කතන්දරයේ කොයි තැනින් බුද්ධාගමට හෝ සංඝයාට හෝ අපහාස වෙනවාදැයි මට පෙන්වා දෙන්න.

      1. බණ, වැදි බණ, බුදු බණ, පොප් බණ සහ අනේ අපොයි බණ
      2. පන්සල් ළඟදී පස්ස පැත්ත ඉස්සීම - First class, second class and third class temples?
      3. පරගස්දෙනියේ බුද්ධවංශාභිදාන කතා වස්තුව - Once upon a time....
      4. ඇසින් දුටුවොතින් ජඩ වැඩ දඹුලු පෙත, බුදුන් පාරළෙයි වනයට වඩිනු ඇත - වෙසක් සිතුවිලි :: Wesak thoughts
      5. දතේ පන්සල, ජනාධිපති සහ අරලිය ගස් (කතන්දරයක්මත් නොවේ!)
      6. චතුරාර්ය සත්‍යයත් ඕපන් සෝස් සංකල්පයක්! - Four noble truths, an open source concept?
      7. බුදු දහම නිසා සමහරු නිවන් ගියා, බුදු පිළිම නිසා සමහරු හිරේ ගියා - Antidote to doubt is not faith but enquiry!
      8. පොඩි සාදු ගේ වලත්ත කතාව - Thus Have I Heard (a story from yesteryear)
      9. සිල්වත් සාදු ගේ රහස - Brain drain?
      10. සාදු, සාදු, පොඩි උදව්වක් කරනවද?
      11. පාටි ජෝක්ස් - තිස්ස ගේ ආගම් මාරුව
      12. ඊ ලඟ ආත්මේ - හොඳ තැනක ඉපදෙමු...!!!
      13. පොඩි පොඩි විහිළු කතා දෙක තුනක්
      14. සිදුහත් ගිහි ගෙය හැර ගියේ ඇයි? රහස එළිවෙයි! - Not many people will get this?
      15. විනාඩි විසිපහක් තියෙනවාද? නොහොත් ස්පර්ශකය - WTH is that?
      16. කතන්දරකාරයා මහණ වී හිටි බව එලිදරව් වේ!
      17. බිනර පෝ දා බණ පදයක් (දෙකක්, තුනක්) අහමු : A poem written in two languages
      18. සුදු හාමිනේ ට මොකටද සල්ලි හෙවත් බබාලයි අම්මා ගේ අවාසනාව - Lucky child, unlucky mother!
      19. මටත් තියෙන ප්‍රශ්න - Oh, these problems
      20. ඒකෝන් ගේ ලංකා ගමන සහ කතන්දරකාරයා ගේ දෙව් ලොව ගමන - Akon's trip to Sri Lanka and my trip to the heaven

      contd/-

      Delete
    9. 21. දත මැද ගැනීම – හෙවත් – ටැම්පල් ඔෆ් ද සේක්‍රඩ් ටූත් රෙලික් කතාව ඉදිරියට : Get your tooth brushed!
      22. වැසිකිලිය, කැසිකිලිය සහ ගඳකිලිය
      23. රා බොමු, කවි කියමු! - Vi auguro un felice anno nuovo!
      24. බුද්ධාගං සංස්ථාව විවේචනය කිරීමට මූලික අයිතිය ඇත්තේ කාටද? - Self-critisism Vs criticising others
      25. බුද්ධාගං කල්ට්වල නෝනා මහත්තුරු - Me good you bad concept
      26. මා පන්සිල් ගත් අන්තිම දා - No broken promises anymore
      27. ෆේස් බුකියේ ජෝක් - Facebook Jokes
      28. පන්සිල් නොගෙන සිටි කතන්දර කුමාර ට සීයා ගෙන් දෝස්මුරයක් - Trotting against the herd
      29. අල්ලපු පන්සලේ සාදු බණින හැටි මෙන්න - Go ahead, Make my day!
      30. ඇත්තටම මේක ලියුවේ කව්ද? මහා ආන්දෝලාත්මක නිර්මාණයක්! - Don't kill the messenger!

      මේ මා මෙම ඉල්ලීම ඔබෙන් කරන තුන්වෙනි අවස්ථාවයි.

      Delete
    10. ආගම් කියන ඒවා සේරම මිනිසුන්ව මුලාවේ දාන පට්ට පල් බොරු, අයිසේ.

      Delete
  76. හිස් ටින් එකක් වාගෙයි අපේ මේ ජීවිතේ මල්ලී
    දැන් කකාත් නෑ අපි සදහටම කර්පට් තමයි මල්ලී

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ බං
      දුක තමයි
      පහුගිය දොහේ කාපුවා වත් ඇඟට ඇල්ලුවේ නැහැ හරියකට

      Delete
  77. හරි හරි ඉතින් පහේ පන්තියෙන් ලැබෙන්නේ දිග නිවාඩුවක් විතරනේ.. මෙතනත් ඒ නිවාඩුව අරගෙන, අලුත් කතන්දර ටිකක් එක්ක ආපහු ලියන්න පටන් ගන්න! වැඩේ සිම්පල්..
    නවත්තන්න එපෝ....

    ReplyDelete
  78. සාමාන්‍යයෙන් අපි මිනිහෙක් මලාම , වැරදි කියන්නෙ නෑ නෙව. ඒ නිසා දැන් හොඳ ටික විතරක් කියනවා. ඉන්නකං පස්පඩන්ගුවේ බැන්න නෙව :)

    කකා කියන්නෙ මේක ඉන්න ඕනෙ චරිතයක්. දැන් අපි ඇනෝ කමෙන්ට් එකක් දාන්න යන්නෙ කොහාටද? මං මේ කියන්නෙ කුණුහබ්බ කියල පලාතම ගඳගස්සවපු ඇනෝල ගැන නෙමෙයි, ගුඩ් ඇනෝල සහ නෝටි ඇනෝල ගැන. කකාගෙ වගෙ ඝණකම හමක් තිබ්බ, එච්චර හොඳට ඇනෝල මැනේජ් කරපු කෙනෙක් නෑ. ඒ කිට්‍ටුවෙන්වත් යන්න පුළුවන් කෙනෙක් නෑ. කකාගෙ අඩුව පුරවන්න කෙනෙක් නෑ කිව්වෙ ඒකයි.

    බ්ලොගින් කියන්නෙ එක්තරා ආකාරයක ජීවන රටාවක්. ඒ නිසා කකාටත් මේක නැති එකේ අඩුව දැනිලා ආපහු එයි කියල බලාපොරොත්තු වෙනවා. මේ බ්ලොග් එක, ජනප්‍රියම බ්ලොග් එකක්. ඇත්තටම මං අනෙක් බ්ලොග් වලට යන්න සිංඩියක් විදිහටත් පාවිච්චි කරනවා. ඒ අස්සෙ ඔය ඇනෝ කමෙන්ට් කියවලා ලැබෙන බෝනස් ආතල් එකත් ගන්නවා. මේ බ්ලොග් එක මෙහෙම අතැරල දාන එක අපරාධයක්.

    මෙන්න මගේ යෝජනාව:

    කකාට ලියන්න ඕනෙ නැත්නම්, මේක අනිත් අයට කතා ලියන්න විවෘත කරන්න. අපි කතා එවන්නම්. කකා බලල හොඳ නං පලකරන්න, එතකොට ‍රැව්ලයි , කැඳයි දෙකම බේරෙනව

    ReplyDelete
  79. ado photo ekakuyi nama gamayi ewapan lankawedi allaganna.

    ReplyDelete
  80. කකා යන නම පසුපස සැඟවී පඬි කතා, පඩ කතා සහ වැදගැම්මකට නැති ප්‍රලාප ලියපු රසික නමැති, රසිකත්වයෙන් හීන ගොබ්බයාගේ සමකාලීනයෙක් "විල්ලරවාඩිය" නමැති පොතක් ළඟදී ලියා පල කලා. එතැනින් නොනැවතී ඒ පොර විදේශයක සිට පැමිණ පොරටෝක් සහ පඬි ටෝක් දෙමින් නියම මාකටිං පාරකුත් දීල ගියා. මහා ලොකු පොත් ලියනවායැයි කියා පුරසාරම් ගසා , පැලලි කයි සෙට් එකකුත්, සිල්ලර කතා සහිත පොත් පිංචකුත් පමණක් ලියූ (අව)රසිකයා විල්ලරවාඩිය ගැන දැනගෙන කලබලයට පත් වුනා. බ්ලොග් ලෝකයේ බොග අතාරින කාලය පොතක් ලිවීමට යොදාගතහොත් මටත් පොරක් වීමට පුළුවනැයි සිතා "කතන්දර" නමින් මෙපමණ කාලයක් ලියූ වැදගම්මකට නැති වල්පල් බොග අතහැර පුක පිහදාගන්න (අව)රසිකයා තීරණය කලා. විල්ලරවාඩියට තරඟයක් දෙන්න දමන අලුත්ම බොග "කොස්ඇටදෙණිය" ලෙසින් කලකටපසු කලඑළි බසිනබවට මෙන්න කැට.

    ReplyDelete
  81. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. අඩේ සෑහෙන්න ටයිපින් මිස්ටක් නෙ. :P
      ඉවර කරපු සහ ස්ථිරවම නැවතුන, නැවත නැවත බලන blog කීපයක් තවම මගේ රීඩරේ තියනවා. ඒ වගේ මේකත් තියේවි. ‘ඔබා’ගේ බෝගට නම් ගියාම තවම තියෙන්නේ නවත්තපු තැන කියල හොඳටම දන්නවා නෙ, නමුත් අයෙ දවසක මොකක් හරි මතක් වෙලා මේ පැත්තේ අවොත් හැඟීම වෙනසක් තියේවි. ක.කා. මේකේ ලිව්වේ නැතුවට ස්ථිරව ලියන්න ස්ථිර තැනක් අටවාගනී කියලනම් සුවර්. එතකල් ක.කා. ට බායි.

      Delete
  82. ලිවීමේ ආශාව ත් හැකියාවත් ඇති කෙනෙක්ට නොලියා හිදීම අපහසුයි.

    ගෙවුන යුගය ගෙවී අවසන් කියන්නේ කාලය නතර වන බව නෙවේ. තව යුගයක් පටන් ගත්ත බව.

    ශිෂ්‍යත්ව විභාගය සමත් වෙන දරුවෙක්ගේ අරමුණ වඩා හොඳ පාසලකට මාරුවෙන එකනෙ.

    අලුත් පාසලේදී මුණගැහෙමු !

    ReplyDelete
  83. මම හිතන්නේ කකාට හිතෙන්න ඇති කතන්දර ඉවර වෙලා චොර වෙලා බොග නවත්තන්ඩ වෙලා නිකං සනත් ජයසූරියට උනා වගේ වෙනවට වඩා මෙහෙම උඩ තැනකදි වැඩේ නවත්තලා කාඩ් එක බේර ගන්න එක හොඳා කියලා.එතනදිත් ගැහුවා නේද කකා ගේම.මගේ උණුසුම් සුභපැතුම් කකා

    ReplyDelete
  84. kaka
    Obage me blogaya nawathaweema pilibandawa mage unusum suba pathuma pili ganna.
    ie eke meka load wenne na hariyata. mata welawakata mage computera eka polawe Gahanna tharam hithenawa oi.

    aye blog liyannema na neda. liyala mattu wennath epa .

    ReplyDelete
  85. ඔබේ ශිෂ්‍ය ජීවිතය ගැන ලියලා මේක ඉවර කරන්න අමාරුයි.මොකද බ්ලොග් එකේ ඔබ ගුරුවරයෙක් වගේ කෙනෙක්.ශිස්‍යයො ටික දාලා යන්න තරම් අකාරුණික හිතක් නැති බව මම දන්නවා

    ReplyDelete
  86. ආ.......ඒ කියන්නේ කතන්දර බ්ලොග් එක ආය ලියන්නෙ නැද්ද? මොනා කරන්නද කකාගෙ කැමැත්තනේ.... බ්ලොග් එක පටන් ගත්ත කාලෙ තිබ්බ හොඳ ලියමන් ටික ඉතිරි කරල අන්තිම කාලෙ ලියපු මල පිස්සු විකාර සේරම මකල දාල අවුරුද්දක් විතර විවේකෙන් ඉදල නැවත ලියන්න.....

    ReplyDelete
    Replies
    1. ජෝති මොනවද මේ ඔයා කියන කතන්දර?
      දෙන්නකෝ උදාහරණ කීපයක්.
      නැත්තං මං කොහොමද දන්නේ ඔබ අදහස් කරන දේ?
      මට නං හැම කතන්දරයක්ම එක වගේ උණුහපුළු පැටවු!
      http://kathandara.blogspot.com/2011/10/my-cure-little-slender-loris.html

      Delete
  87. we will miss u kaka..

    ReplyDelete
  88. වසර පහක් බ්ලොග් ලෝකේ සැරි සරලා
    සතුරු මිතුරු සැමදෙන නෙත් තෙත් කරලා
    සියළු දේම අනිත්‍ය බව සිහි කරලා
    කතන්දරෙත් නැවතීමේ තිත තබලා

    අලුත් දෙයක් ගැන අලුතෙන්වත් සිතලා
    වැඩක් කලොත් නැතිවෙයි ඔය සිත් තැවුලා
    තවත් කලක් යහතින් දැහැමින් ගෙවලා
    සසිත් හදින් පතමි දිඝා සිරි කියලා

    ඔබට දිගාසිරි සහ සුභ ගමන්.

    ReplyDelete
  89. “1033 ක් වු සියළුම කථන්දරත්,
    අටෝරාසියක් වු කමෙන්ටු සියලල්මත්,
    මේ දැන් කියවා අවසන් කළා.“

    උගත් පාඩම් විස්තර කරන්න !
    වුවමනා නැහැ නේද.
    :)





    ReplyDelete
    Replies
    1. මේ ළමයාට වෙන වැඩක් තිබිලා නෑ වගේ!
      කෙසේ වෙතත් ඉතා ස්තුතියි.

      මෙන්න උගත් පාඩම් ගැන මං ලියපු කතන්දර.

      1. සුභලාලක තිස්ස උගත් පාඩම් නොදන්නා අද කාලේ රජවරු
      http://kathandara.blogspot.com/2011/12/blog-post_15.html

      2. උගත් පාඩම් අංක එක හෙවත් ගෙට් යුවර් ප්රයොරීටීස් ඉන් ඕඩර් - Get your priorities in order
      http://kathandara.blogspot.com/2012/01/get-your-priorities-in-oder.html

      3. බ්ලොග් ලෝකයේ දී මා උගත් හොඳ හොඳ පාඩම් - Lessons learnt in the Sinhala Blogsphere
      http://kathandara.blogspot.com/2011/10/blog-post_28.html

      4. මහින්ද රාජපක්‍ෂ ට හොඳ පාඩමක් ඉගැන්විය යුතුය - Its my turn to teach Mahinda Rajapaksha a good lesson
      http://kathandara.blogspot.com/2011/11/its-my-turn-to-teach-mahinda-rajapaksha.html

      5. ආත්මාර්ථකාමීව හොඳ ළමයෙක් වෙන්න හිතන්න නම් එපා! අනෙක් අය ගැනත් හිතලා නරක ළමයෙක් වෙන්න!! - Think about others and be a bad person!!!
      http://kathandara.blogspot.com/2011/12/think-about-others-and-be-bad-person.html

      6. යුධ බිමේ අත්දැකීම් - විමල් ගේ සුරතින් ලියවෙයි!
      http://kathandara.blogspot.com/2010/06/blog-post_29.html

      7. අරුණී ශපීරෝ, ගනු කඩුව, එනු සටනට! - To Aruni Shapiro with love!
      http://kathandara.blogspot.com/2012/08/to-aruni-shapiro-with-love.html

      8. නුඹ නාඩන් - හොඳ පාඩම් : Kathandara Kaaraya Learns a Lesson (again!)
      http://kathandara.blogspot.com/2011/03/kathandara-kaaraya-learns-lesson-again.html

      Delete
  90. ටෙඩ් එකේ ගිය කතන්දරයක් මාත් මේ බ්ලොග් එකේ දාලා තියෙනවා.
    http://kathandara.blogspot.com/2013/08/whats-common-between-buying-sanitary.html

    ReplyDelete
  91. “ආයුබෝවන්“ බෝඩ් එකේ අනිත් පැත්තෙ තියෙන්නෙ “නැවත හමුවෙමු“ කියලා.

    ReplyDelete
    Replies
    1. බෝඩ් වෙනස් කිරීම ගැන මෙන්න මේ කතන්දරය කියවන්න.

      http://kathandara.blogspot.com/2011/05/fresh-fish-for-sale-here-dudes.html

      Delete
  92. @කකා
    මැදැයි ඉතින් මාත් මාස ගානකට පස්සෙ කකාගෙ blog එක පැත්තෙ ආව​.. :( පහුගිය කාලෙම පොඩ්ඩිගෙයි බූරාගෙයි අලුත් blog එකේ හිටියෙ..("සිහසුනට තරඟ වැද")
    කකා ඇත්තටම ඇයි ඒ වගේ තීරණයක් අර ගත්තේ???

    ReplyDelete
    Replies
    1. පහේ පන්තිය පාස් වුනාට පස්සේ ලොකු ඉස්කෝලෙට යනවා මිසක් අපහු පොඩි ඉස්කෝලේ ඉඳලා පොල් ගාන්නයැ?

      පොල් ගෑවත් කරන්න තියෙන්නේ රොටී හදන එක විතරයි!
      http://kathandara.blogspot.com/2014/01/hny2u.html

      Delete
    2. ඔය රොටි හැදූ හැටි කලින් බලල තියෙනව.. :P
      අනික අපේ අම්මත හොඳ රසට රොටි හැදුවහැකි...! ඒ නිසා ආයෙ කාගෙන්වත් ඉගෙන ගන්න කල්පනාවක් නෑ රොටි හැදිල්ල​...
      හෙනම් ඉතින් ලොකු ස්කෝලෙ ගියාම එන්නම්කො මේ පැත්තෙ ගොඩ වැදිල යන්ට.. :) :)

      Delete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.