Followers

Thursday, January 5, 2012

තේරවිල්ලකි - ඔහෙලාට ඇහැක් නම් තෝරන්න : An original riddle from KK


මෙන්න කතන්දරකාරයා ගේ ඔරිජිනල් තේරවිල්ලක්. හැමදාම නෑ, හැම තැනම නෑ!

ඇහැක් නම් තෝරන්න.

ඇස් දෙකක් නම්, ඒත් තෝරන්න.

* * * *

අපේ සීයා ට එයාගේ තාත්තා මේක කියලා දෙන්න ඇති.

අපේ තාත්තාට අපේ සීයා මේක කියලා දෙන්න ඇති.

අපේ තාත්තා මට මේක කියලා දුන්නා මට තාම මතකයි.

මම මගේ පුතාටත් කියලා දුන්නා.

මගේ පුතාත් දවසක එයා ගේ දරුවෙකුට මේක කියලා දේවි.

ඒ මගේ අනාගත මුණුබුරාත් දවසක එයා ගේ දරුවෙකුට මේක කියලා දේවි.

මේ මොකක්ද?

* * * *

නිවරදි උත්තරේ ඉහත විස්තරයේම කෙලින්ම නොවුනත් වක්‍රාකාරව අඩංගු වෙලා තියෙනවා.

-කතන්දරකාරයා

ප/ලි
මේ තේරවිල්ල තෝරන්න සෙට්වෙන අයගේ ජොලිය උපරිම කරණු පිණිස අද මධ්‍යම රාත්‍රිය පසු වෙනතුරු කතන්දර බ්ලොගයේ කමෙන්ට්ස් එකෙනෙහිම පලවීම අත්හිටුවා ඇත.

ප/ප/ලි
මේ තේරවිල්ලේ විස්තරයේ සීයා, තාත්තා, මම, පුතා වගේ වචන යොදා ගත්තේ මේක මගේ අනාගත කතන්දරයක කොටසක් නිසයි. අම්මා, දුව වගේ වචන දාන්නත් පුළුවන් වෙනසක් වෙන්නේ නෑ.

(image: http://www.forbes.com/sites/daviddisalvo/2011/11/22/whats-your-dna-worth/)

100 අදහස්:

  1. මගෙ නැණ පමණට ප්‍රශ්නෙවත් තේරුනේ නැත.

    ReplyDelete
    Replies
    1. ganiyek gaddi umbe amma wage keneknam ganna epa puthe .......... (lolz just kidding)

      Delete
  2. ජාන වලින් එන මොකක් හරි වෙන්න ඇති!

    ReplyDelete
  3. මේක...

    ReplyDelete
  4. Uththaraya 'Putha' da?

    ReplyDelete
  5. ම්හු, මෙලෝ දෙයක් ඔලුවට එන්නෙ නෑ.. මේක තෝරන්න බාගයක් ගහලාවත් එන්න වෙයිද දන්නෙ නෑ.. :)

    ReplyDelete
  6. උත්තරේ "මේක" ද?

    ReplyDelete
  7. හෆොයි ! තේරවිල්ල තේරෙන්න ලියලා නැති නිසා.. පිළිතුර නොදනී.. ඇයි යකඩෝ නැත්නම් ලෝකයා හිතයි අපි මෝඩයි කියලා මෙතන !

    ReplyDelete
  8. "ඉර කියල කියන්නෙ ගිණිගෙන දැවෙන ගුලියක්" කියල නේද? :D

    ReplyDelete
  9. මේක මොනවාවුනත් 'මේකම' වෙන්ටෝනෑ. ශුවර් එකට ඕක තමයි මේක.

    ReplyDelete
  10. ලාවට හිතේ කොනක නිකං ස්පාර්ක් වෙනව වෙනව වගේ කියලත් හිතෙනවා, අනේ මන්දා තව හිතන්න ඕන.. :(

    ReplyDelete
  11. උත්තරේ තේරවිල්ල.

    ReplyDelete
  12. ඇස් දන් දීමක් වගේ

    ReplyDelete
  13. දැන් ඉතිං ආයෙ එන්න එපෑ උත්තරේ බලන්න....

    ReplyDelete
  14. මට හිතෙන හැටියට නම් වාසගම අර සිංහලෙන් සර්නේම් කියන්නෙ

    ReplyDelete
  15. මගේ ඒවයින් බාගෙකින් තමයි උඹ හැදිල තියෙන්නෙ කියන එක් වෙන්න ඇති.

    ReplyDelete
  16. පරවේණිය හෙවත් ප්‍රවේණිය. එහෙමත් නැත්නම් අවේනික ගතිය. වැරදි නම් මොනවා කරන්නද?

    ReplyDelete
  17. මේවත් තේරවිලිද? උත්තරේ "කතන්දර"!

    මම දැන් කරන්නෙත් ඒකයි කියන කෑල්ල දැම්මනං කට්ටිය එක පයින් තෝරයි.... බලමු කො.

    ReplyDelete
  18. උත්තරේ කතන්දර!

    මුල්ම කමෙන්ට් එක ආවනම් කරුණාකර මේක කපන්න.

    ReplyDelete
  19. පුතේ ගෑණුන්ගෙන් පරිස්සම් වෙයං කියල ද?
    නැත්තං දේශපාලනේට නම් යන්න එපා කියල ද?

    ReplyDelete
  20. 'තාත්තා' කියල කියන්නද? :)

    ReplyDelete
  21. මම දන්නවා මේ තේරවිල්ල තෝරන්න..වාස ගම(surname)ද? ;)

    ReplyDelete
  22. මට මතක් උනේ මම ඉස්සර ලියපු ඇටසැකිල්ල පෝස්ට් එක.

    ReplyDelete
  23. මොකක් හරි කරන හැටිද ? :D

    ReplyDelete
  24. නිකං ලාවට ලාවට හිතෙනවා හරිද මන්ද?
    වාසගම නේද උත්තරේ

    ReplyDelete
  25. chandhe dhena pakshaya (pissu sira)

    ReplyDelete
  26. පුක ෙහා්දගන්න?

    ReplyDelete
  27. මෙව්වැක මෙව්ව වෙන ප්‍රශ්නයක්

    ReplyDelete
  28. අමාරුයි!

    අකුරු?

    ReplyDelete
  29. ෂුවර් එකටම "චක්කරේ"

    ReplyDelete
  30. ෂා... කමෙන්ට් එක පබිලිස් නොවෙන්නෙ උත්තරේ හරි වගේ....

    ReplyDelete
  31. හරි නරකයී ආ. මගේ කමෙන්ට් එක නොදා අනිත්වා පබ්ලිෂ් කොරා එහෙනම් නේ. ඒ කියන්නේ මම හරි. හුරේ. බට්ටි දිනුවෝ.

    ReplyDelete
  32. 1.නුඹ මගේ ඇස් දෙක කියල .... (නැත්නම්)
    2.මම නුඹට ආදරෙයි මගෙ පුතේ... (ඒත් නැත්නම්)
    3.උඹ මගේ පුතා කියල....

    ReplyDelete
  33. අනේ මම නම් දන්නෙ නෑ.තාත්තලා පුතාලට නෙ කියනවා ඇත්තෙ...

    ReplyDelete
  34. මේකයි. පුතේ මමයි උඹේ තාත්තා, නැතුව උඹේ මුනුවර තියන අල්ලපු ගෙදර අන්කල් නොවේ!

    ReplyDelete
  35. @ All
    මේව විට හරි පිළිතුර ලැබී තියෙනවා.

    වාසගම නෙමේ. පෙලපත් නම නෙමේ.

    උඩින් තියෙන වෙනත් එකම පිළිතුරකුත් නෙමේ.

    Keep on trying guys.

    ReplyDelete
  36. බුද්ධි මට කලින් උත්තරේ දීල වගේ.....

    ඔබා මාමේ නැණේ ට ඇණයක් වත් ගහල බැලුවොත්???

    ReplyDelete
  37. මේ තේරවිල්ල අසාධාරණයි. තාත්තල පුතාලට කියන ඒවා දුල දන්නේ කොහොමද? :(

    ReplyDelete
  38. උත්තරේ 'කතන්දර' , නැත්තන් හ්ම්ම්ම්.... 'මගේ මොළේම තමයි පුතාට ලැබුනේ' කියලද? හෙහෙ

    ReplyDelete
  39. @ All
    මෙතන තාත්තා, මම සහ මගේ පුතා කියලා පාවිච්චි කලේ මං ලියලා තියෙන මගේ අත්දැකීම් සහිත කතාවකට මේ තේරවිල්ල සම්බන්ධ නිසයි.

    අම්මලා දූලාටත් මේ කතාව අදාලයි. වාසගම ගැන නෙමේ නේ!

    ReplyDelete
  40. ෂෙහ් .........මහ නරක අදහස් හිතට හනව නෙව...

    ReplyDelete
  41. අනෙ මන්දා ඔච්චර ලේසි එවා මට හිතෙන්නෙ නෑ

    ReplyDelete
  42. මට දැනට තියෙන හොඳම උත්තරේ මේක... වෙන හොඳ එකක් ලැබුණොත් ආයේ දානවා... උත්තරේ තමයි...

    "මගේ තාත්තා තමයි ලෝකේ හොඳම තාත්තා..!"

    ReplyDelete
  43. ටයි ගැටේ දාන හැටිද ?

    ReplyDelete
  44. "අ" යන්න ???

    /Pramod

    ReplyDelete
  45. Puthe kiyana eka thami

    ReplyDelete
  46. පෙලපත වතගොත

    ReplyDelete
  47. ....who the father is....

    එහෙම නැත්නම්...

    "මම තමයි තාත්තා" කියලා....

    ReplyDelete
  48. හොඳ තාත්තෙක් වෙන්නේ කොහොමද කියන එක. මේක තාත්තලා පුතාලට කියා දෙන්නේ කතාවෙන් ‍වගේම ක්‍රියාවෙන්. අම්මල දූලටත් ඒ ‍වගේම මේක කියා දෙනවා නේ.

    ඔන්න මට හිතෙන උත්තරේ. බලමු හරියයිද කියලා...

    ReplyDelete
  49. ජොකා අඳින හැටි?

    ReplyDelete
  50. මේක මට පේන්නේ ඩි ඊන් ඒ එකක් වගේ..මොනා උනත් තාත්තලා පුතාලගේ කතාවක් නේ..කියන්න බයයි..

    ReplyDelete
  51. දාල තියෙන පින්තූරෙත් එක්ක සම්බන්දයක් තියෙනවද ??

    ReplyDelete
  52. @ All
    පොඩි ඉඟියක් දෙන්නම්.

    මේ විස්තරයේ කියවෙන්නේ දෙමව්පියෝ ළමයින්ට කියලා දෙන, ඒ ළමයි දෙමව්පියෝ උනාම තමන්ගේ ළමයින්ට වෙනස් නොකර කියලා දෙන, පරම්පරාවෙන් පරම්පරාවට අකුරක්වත් වෙනස් නොවෙන, නැවත නැවත භාවිතාවෙන දෙයක්.

    නැවත නැවත එනවා, ගැලවීමක් නෑ!

    ReplyDelete
  53. අකුරු / භාෂාව

    ReplyDelete
  54. ඔච්චරටම ෂුවර් නං ඇයි කිව්වෙ සීයටයි තාත්තටයි කියල දෙන්න ඇති කියල ? දැං කකා පුතාට ඒක සම්පූර්ණයෙන්ම කියල දීල අහවරයි ද?

    ReplyDelete
  55. නෑදා කම

    ReplyDelete
  56. @ All
    මේ වන විටන නිවරදි පිළිතුර දෙදෙනෙක්ගෙන් ම ලැබී ඇත. අද මධ්‍යම රාත්‍රියෙන් පසු ඒ පිළිතුරු පල කරන්නම්!

    ReplyDelete
  57. ස්වයං වින්දනයේ යෙදීමේ වැරැද්දක් නැහැ කියන එක නේ සෑර්.

    ReplyDelete
  58. Traffic Ano
    පරම්පරාවෙන් පරම්පරාවට කියල දෙන එව්ව කොච්චර තියනවද?
    මටනං අහවල් එකයි කියල එකක් ඔළුවට එන්නෙ නෑ.
    ඒක නෙවෙයි, ඇහැක් විදිහට කණක් අඳින්න කියල අපට නමයෙ පන්තියෙදි විද්දියාව උගන්නපු සර් කිව්වනෙ.

    ReplyDelete
  59. තේරවිලි හෝ කතන්දර :)

    ReplyDelete
  60. අද නම් එපාම එපා වෙනවා.... ඔලුව මඤ්ඤන් වෙලා ගියා....

    ReplyDelete
  61. මං උඹේ තාත්තා කියලා....

    උඹ මගේ පුතා කියලා...

    නැත්තම් ජාතික ගීය

    සමහරවිට තාත්තාට වඳින ගාථාව

    ReplyDelete
  62. චූ කරන හැටි නේද ?

    gamaya

    ReplyDelete
  63. වැඩිය හිතන්න එපා ළමයිනේ... ඔය ප්‍රවේණිගතව එන වරින් වර යෙදීම් නිසා මම කොයි තරම් ටොකු කාල ඇතිද? මාත් කවද හරි දුවෙක් හදන්නේ මට ඒ ලැබුන පනිෂ්මන්ට් එක දූටත් දෙන්න තමයි.

    හැබැයි ඉතින් ඒකෙන් වරදක් නම් වුනේ නැහැ.

    ජීවිතේට අමතක නොවන තමන්ගේ ළමයින්ට වෙනස් නොකර කියලා දෙන, පරම්පරාවෙන් පරම්පරාවට අකුරක්වත් වෙනස් නොවෙන, නැවත නැවත භාවිතාවෙන දෙයක්.

    හරියට කියා දුන්නොත් කවම දාකවත් අමතක වෙන්නෙ නැහැ....

    ReplyDelete
  64. හිතෙන්නෙ නැතෝ....

    ReplyDelete
  65. :D ඔය දුන්නු දුන්නු හැම පාරම 23 ගානේ දෙන්ටෑති නේද...? මයෙ මෙව්ව එක ප්‍රාවෙනීක මෙව්ව එක.. වර්ණදේහ..

    ReplyDelete
  66. මෙලෝ බෝලයක් හිතට එන්නේ නෑ.
    තාම දොලහා වෙලා නැද්ද.

    ReplyDelete
  67. හ්ම්..මම එනකොට උත්තරේ ලැබිලා ඉවරයිනේ..පෝස්ට් එක කියවද්දී නම් හිතුනේ වෙනමම දෙයක් :ද

    ReplyDelete
  68. පරම්පරාව ගෙන යන හැටිද.

    ReplyDelete
  69. තාත්තා සහ පුතා කියන සම්බන්ධතාවය තමා මට හිතෙන්නෙ දැන් දීලා තියන උත්තර ව්ලා හැටියට...

    ReplyDelete
  70. සීනි පැනි රසයි කියලා................

    ReplyDelete
  71. XY වර්ණදේහ මේකට සම්බන්ධයි වගේ...

    ReplyDelete
  72. ane manda mate therenne na :( :P

    ReplyDelete
  73. සීනි පැනි රසයි කියලා................

    ReplyDelete
  74. කකා දැන්වත් උත්තරේ දානවද..?? නැත්තං...... :))

    ReplyDelete
  75. මධ්‍යම රාත්‍රිය පහුවෙනකම් උන්නා කො උත්තරය ?

    ReplyDelete
  76. @ All
    බුදු අම්මෝ උත්තර ගොඩ!

    මගේ මේ තේරවිල්ලේ නිවරදි පිළිතුර "චක්කරේ".

    තාරක සහ සොඳුරු සිත නිවරදි පිළිතුර දීලා තියෙනවා. ඒ දෙදෙනාටත්, තේරවිල්ලට පිළිතුරු සෙවූ සැමටත් ස්තුතියි!

    ReplyDelete
  77. කතන්දර පිළිතුරු සැපයීම පමා කිරීම අපි හෙලා දකිමු.

    ReplyDelete
  78. //මගේ මේ තේරවිල්ලේ නිවරදි පිළිතුර "චක්කරේ".//

    චක්කරේ කියන්නේ මොකක්ද? හී හී හී හී...
    මට නම් ඒකත් තේරවිල්ලක් වගේ.

    ReplyDelete
  79. "කතන්දර" කියන උත්තරෙත් හරි. ඒවත් පරම්පරාවෙන් පරම්පරාවට ගේන ඒවා.

    ReplyDelete
  80. ඇනෝ වෙක් සහ මම උත්තරේ දීලා තියෙනවා "මේක" තමයි කියලා...අසාධාරනයි කතන්දරේගෙ විනිශ්චය ! අපේ බලවත් විරෝධය ! (හික්ස්) මේක කුමන්ත්‍රණයක් !

    ReplyDelete
  81. චක වරක් චක්කරේද?

    ReplyDelete
  82. @ තේරවිල්ල නොතේරුණු අයටයි.

    චක්කරේට චක්කරේ කියන්නේ සීයාගෙන් තාත්තාට, තාත්තාගෙන් පුතාට, පුතාගෙන් මුණුපුරාට දිගින් දිගටම නැවත නැවත ඇවිත් සංසාර චක්‍රය වගේ කරදර කරන නිසයි.

    චක්කරේ පාඩම් නැතුව තුනේ පන්තියේ ගණං වැරදුණු අය මේ දුක දනිති!

    ReplyDelete
  83. This comment has been removed by the author.

    ReplyDelete
  84. කකා,

    තේරෙවිල්ලත්, ඒක නොතේරුනු අයට කතන්දර අවසානෙට කරපු විග්‍රයහයත් සලකලා බලපුවාම චක්කරේ වගේම කතන්දර කියන උත්තරෙත් මේකට හරියනවා කියලා මට හිතෙනවා.

    අනික මට සාධාරණ මෙව්වා එකක් එනවා, නොහිතපු විදිහට උත්තරේ ලැබුන හින්දා කතන්දර ඊට සමාන උත්තරයක් නැවත ප්‍රතිනිර්මාණය කළාදෝ කියලත්. මේක කියවන විට ඔය යන හීන් හිනාව ඒකට සාක්ෂි.

    ඒ සියලු කාරණා කළකා බලලා මම යෝජනා කරනවා මේ තේරෙවිල්ලට අයත් නිවැරදි පිළිතුරක් ලෙස කතන්දර කියන වචනයද ඇතුලත් කරන ලෙස.

    මීට හිතවත් කතන්දර බ්ලොග් පාඨකයෙක්.

    ReplyDelete
  85. පොඩ්ඩක් මේපැත්තෙ එන්න ප්‍රමාද උනා . . . . කකා චක්කරේ කියල පොලවෙ හැපිල කීවත් මට හිතෙන්නෙම උත්තරේ "ඇට සැකිල්ල"මයි කියල

    ReplyDelete
  86. පිස්සු කතා කරනවා චක්කරේ තියා මල පොතේ අකුරක් බැරි ඉස්සර හිටපු ආච්චිල සීයල උන්ගේ ළමයින්ට චක්කරේ කියල දුන්නද?

    ReplyDelete
  87. ආ..හ් මටත් වැරදුනා මේකේ තියෙන්නේ
    "කියල දෙන්න ඇති,කියල දේවි "
    කියලනේ.බලහල්ලකෝ කතන්දර ඇඟ බේරෙන විදියට වචන දාල තියෙනහැටි.

    ReplyDelete
  88. අම්මෝ චක්කරේ ගැන නම් මතක් කරන්න එපා :))

    ReplyDelete

කතන්දරේ ගැන මොකද හිතෙන්නේ? ලියන්න! Any comments, please?
(Comments are moderated and those with inappropriate content will be deleted).