Sunday 22 January 2012

උගත් පාඩම් අංක එක හෙවත් ගෙට් යුවර් ප්රයොරීටීස් ඉන් ඕඩර් - Get your priorities in order


මොකක් හරි හොඳයි කියලා අපිට හිතෙන, නැත්තං වෙනත් එකෙකුට යහපතක් වෙයි කියලා හිතෙන වැඩක් කරන්න ගිහින් එක්කෝ සම්පූර්ණයෙන්ම වැඩේ අල කරගත්තාම හරි, එහෙම නැත්තං ඒ වැඩේ ගැන හොඳක් අහනවා වෙනුවට බැණුම් විතරක්ම අහන්න වුණාම හරි, අපිට හිතෙනවා, "ඔන්න හොඳ පාඩමක් ඉගෙන ගත්තා!" ය කියලා!

ජීප්සීස් ලා ගේ "නුඹ නාඩන් හොඳ පාඩම්" සින්දුවෙත් මේ ගැන වෙනත් ආකාරවල උදාහරණ කීපයක්ම තියෙනවා.

නමුත් ඇත්තටම අපි හොඳ පාඩම් ඉගෙනගත්තු බොහොමයක් වෙලාවල්වල දී ඒ බව අපිට කෙලින්ම තේරෙන්නේ නෑ. සමහරවිට මාස ගණනක්, අවුරුදු ගණනක් ගිහින් ආපහු හැරිල බලන කොටයි ඒ උගත් පාඩම් ගැන තේරෙන්නේ.

ඒ වෙන කොට නොදැනුවත්වම වගේ අපි ඒ උගත් පාඩම නැවත නැවත පාවිච්චි කරලා ඒකෙන් ප්‍රයෝජන අරගෙන ඇති පදම්.

අද සන්ඩේ සැපැෂල් ඇක්ස්ට්‍රා එකට මට හිතුණා මංතුමා ඒ වගේ උගත් පාඩමක් ගැන ලියන්න.

ඇත්තටම මේක මට පොරක් දුන්නු ඇඩ්වයිස් එකක්. අද බලනකොට මේක මං ජීවිතේ ඉගෙන ගත්තු හොඳ පාඩමක්.

මං පස්තාච්චි ඇදල අහවර කරළා ආපහු ලංකාවට ආවට පස්සේ හරියටම අවුරුද්දක් විතර මැවිසුරු රැකියාව කළා බොසී එක්ක. එතනින් චරිත සහතිකයක් අරගෙන ඊලඟට පැන්නේ අර කඩෙන් කන්න ගිහින් මාට්ටු වෙච්ච පොට් එකේ අංඩර දෙන්නයි. මැවිසුරු කමෙන් අස්වෙලා ඔය කියන තිප්පොලට සෙට් වෙන්න මූලික හේතුව තමයි එක්තරා මෝඩ හීනයක් දකිමින් සිටීම.

ඔය තිප්පොලේ තිබුණා වෘත්තීය සමිතියක්. මං ගිහින් අවුරුද්දකින් දෙකකින් වගේ තිබුණු ඒජීඑම් එකේ දී මාව යෝජනා ස්ථිරත්වයෙන් පත් කෙරුණා ඒ යූනියන් එකේ සම-ලේකම් තනතුරකට.

ඉන්ෆියුෂන් ඔෆ් යංග් බ්ලඩ්!

ඒ කාලය ගැනත් කතන්දර දෙක තුනක් ම තියෙනවා. ඒ කොහොම වුණත්, ඔන්න අවුරුද්දක් ගෙවිලා ගිහින් ඊලඟ ඒජීඑම් එකත් ආවා.

නමුත් මළ කෙලියයි කියන්නේ හාමිනේ ට පොඩි වෛද්‍ය පරීක්‍ෂණයක් කරන්න ජයවර්දෙනෙපුරෙ හොස්පිටිතාලෙට යන්න දිනය වැටුනෙත් එදාටමයි.

දැන් මං මුහුණ දුන්නේ මහා උභතෝකෝටිකයකටයි.

ඒජීඑම් එකට යනවාද?
හාමිනේ එක්ක හොස්පිටිතාලේ යනවාද?

ලේකම් නැති ඒජීඑම් එක නිකං මනමාලි නැති මගුල් ගෙදරක් වගේ වෙයි! අනික, කැම්පස් කාලේ දී ආට්ස් සර්කල් එකේ, සෝෂල් සයන්ස් සොසයිටි එකේ, ඊඑස්යූ එකේ, ඒසී එකේ, අයියූඑස්එෆ් එකේ වැඩ කරන්න ගියාම මං කවදාකවත් පෞද්ගලික වැඩ ගැන හිතුවේ නෑ. පලමුව බාටා දෙවනුව පාසලට!

ඒ පුරුද්දට, යූනියන් මීටිමට යන්නමයි හිත දෙන්නේ.

නමුත්, හාමිනේව ජයවර්දෙනෙපුරෙ එක්කරං යන එකත් ඉතාමත් වැදගත් කාරණයක්.

හොස්පිටිතාලවලට යන එක නං හාමිනේට නුහුරු නුපුරුදු දෙයක් නෙමේ. ඒ වුනත් හබියා එක්ක ජෝඩු දාලා යන්න අකමැති කොයි තරුණ බිරින්දෑ ද?

මේ ගැන කතා කරන්න මං ගියා අපේ යූනියන් එකේ සභාපතිකාරයා හම්බ වෙන්න.

"ඒජීඑම් එකට එන එක ගැන මට පොඩි ප්‍රශ්ණයක් තියෙනවා!" මං කිව්වා, "අයි හැව් ටු ටේක් මයි වයිෆ් ටු සී එ ස්පෙෂලිස්ට් ඇට් ජයෙවර්දෙනෙපුරෙ හොස්පිටල් ඔන් ද සේම් ඩේ."

සභාපතිකාරයා රුවුල අතගෑවා.

"රිමෙම්බර් කතන්දර, දෙයා රා සර්ටන් තින්ග්ස් ඉන් යුව ලයිෆ් දැට් යූ ෂුඩ් ඕල්වේස් ගිව් ප්‍රයොරිටි ටු ඇන්ඩ් නෙවර් කොම්ප්‍රොමයිස්. දිස් ඉස් වන් ඔෆ් දෙම්."

තත්පරයක විතර නිහැඬියාවේදී මං හිතුවේ පොර මට ඒජීඑම් එකට එන්න කියන්නයි යන්නේ කියලා.

"ටේක් යුවර් වයිෆ් ටු ද හොස්පිටල්. වී විල් ට්‍රයි ටු මැනේජ් විතවුට් යූ!"

එදා නොතේරුණාට, මං ජීවිතයේ ඉගෙන ගත්තු එක හොඳ පාඩමක් තමයි ඒ අවවාදය.

මර්සි මොන්සුවා සරත්. මර්සි පො ලෙ කොන්සේයි!

තෑන්ක්ස් එ ලොට් මේට්. තෑන්ක්ස් ෆො ද ඇඩ්වයිස්.


-කතන්දරකාරයා

ප/ලි:
මේ කතාව සිහියට ආවේ, මේ බ්ලොග් අටමගලය නිසා පවුලේ වැඩවලට මගේ තියෙන උනන්දුව සහ පුතා එක්ක මං ගත කරන කාලය අඩුවෙලා ගිහින්දෝ කියලා හිතුණ නිසයි!

තාම පවුල් පන්සල් වෙලා නැති වැප් නිශාන්තත් මේ වගේ කතාවක් කියලා තිබුණා. ඉතිං, බැඳපු අපි ගැන කවර කතාද?

ඉතිං, බැඳපු, නොබැඳපු හැමෝටම මෙන්න මගෙන් අවවාදයක්.

"ළමයිනේ, රිමෙම්බර්, දෙයා රා සර්ටන් තින්ග්ස් ඉන් යුව ලයිෆ් දැට් යූ ෂුඩ් ඕල්වේස් ගිව් ප්‍රයොරිටි ටු ඇන්ඩ් නෙවර් කොම්ප්‍රොමයිස්. ෆැමිලි ෂුඩ් ඕල්වේස් කම් ෆස්ට්, බ්ලොගින් ෂුඩ් ඕල්වේස් බී එ ඩිස්ටන්ට් සෙකන්ඩ්."

(image: http://www.moppingupmillions.com/blog/make-your-marketing-plan-work-for-you/)

57 comments:

  1. අර 'ජයවර්දෙනෙපුරෙ' කියන එක දැක්කාම මට හිනාත් ගියා.... ඇත්තටම ඕක ඉංග්‍රීසියෙන් ලියල තියෙන්නෙ ඔහොම තමයි... මට මතකයි කලකට ඉස්සර අපේ රටේ ප්‍රසිද්ධ හාමුදුරු නමක් ප්‍රසිද්ධියේම ඕක කියලා හිනා වෙච්චි හැටි....

    මේ කතාව නම් ඇත්තම තමයි... මටත් ඒක තේරිලා මමත් ටිකක් අඩු කළා මේ පැත්තෙ එන එක....

    ReplyDelete
    Replies
    1. කාල කලමනාකරනය උගන්වනු ලැබේ!

      Delete
  2. හොඳ ඇඩ්වයිස් එකක් මට කිව්ව කෙනෙක් නැතිවුනාට මාත් පිළිපදිනවා!!!

    ReplyDelete
    Replies
    1. මට ඕක කියපු කෙනා ඔයාත් දන්නවා ඇති!

      Delete
  3. බ්ලොග්කරණය නිසා නම් ඒ වගේ තත්වයක් තාම ඇතිවෙලා නැ ..බලමු ඉස්සරහට වැදගත් වෙයි . තැන්ක්ස් ෆෝද ඇඩ්වයිස් !

    ReplyDelete
  4. සැටි‍ෆිකේට් ඇත්ත. මීට පස්සෙ මම කතන්දරගෙ බ්ලොග් කියවන එක අල්ලා දානවා.

    henryblogwalker the dude

    ReplyDelete
    Replies
    1. ඔය තේරිලා තියෙන්නේ ඩූඩ්ට!

      Delete
  5. මාත් මේ ටික දවසක ඉදන් හිත හිතාමයි හිටියෙ.. කියවන්න තියෙන බ්ලොග් ලැයිස්තුව බොහෝම දිග වැඩියි, ප්‍රයෝරිටි එක බලලා නම් ටිකක් කපලා දාන්න ඕන රීඩින්ග් ලිස්ට් එකෙන්.. තෑන්ක්ස් කකා මතක් කලාට.. :)

    ReplyDelete
    Replies
    1. මං නං දවසකට පැය දෙකක් කෝච්චියේ යන හින්දා තරමක් තත්වය හොඳයි!

      Delete
  6. බ්ලොග්කරණය නිස නොවුණත් වෙනත් දෙයක් මත මේ තත්වෙට මූණ දෙන්නයි මටත් සිද්ධ වුණේ. ඒත් දැන් සියල්ල විසඳිලා තියෙන්නේ.

    "ෆැමිලි ෂුඩ් ඕල්වේස් කම් ෆස්ට්" එකඟයි :)

    ReplyDelete
  7. හොඳ ආදර්ශමත් කතාවක්....

    ReplyDelete
    Replies
    1. ඇයි අනිත් කතන්දර 500 ආදර්ශමත් නැත්ද?

      Delete
  8. කඩ්ඩ නොතේරේ..ඒක නිසා මෙලෝ දෙයක් නොතේරේ...

    ReplyDelete
    Replies
    1. හරි
      ඒකත් කතාවේම කොටසක්. තවත් පාඩමක්!

      Delete
  9. දෙයා රා සර්ටන් තින්ග්ස් ඉන් යුව ලයිෆ් දැට් යූ ෂුඩ් ඕල්වේස් ගිව් ප්‍රයොරිටි ටු ඇන්ඩ් නෙවර් කොම්ප්‍රොමයිස්. ෆැමිලි ෂුඩ් ඕල්වේස් කම් ෆස්ට්, බ්ලොගින් ෂුඩ් ඕල්වේස් බී එ ඩිස්ටන්ට් සෙකන්ඩ්."

    හොද ආදර්ශයක් :))

    ReplyDelete
  10. ඕක මම නං තේරුම් ගත්තෙ ඇල්කෙමිච්චිගෙන් හොඳවැයින් දෙක තුනක් අහගත්ත දවසක...
    අනේ මේ අපේ ගෑණුන්ට තියෙන මොළෙන් දශමයක් අපටත් තිබුණ නං අපිත් ඉතිං මිනිස්සු නේ...
    අපේ ප්‍රයරිටීස් හැමදාම ප්‍රතිලෝමව නෙ යන්නෙ....
    හැබැයි මමත් දැන් නං ඉස්සර වගේ නෙවෙයි... ප්‍රයරිටීස් මුලට දාලා තියෙන්නෙ...
    රස්සාවෙ වැඩත් බේර ගන්න ඕන නෙ...
    රස්සාවයි පරස්තාවයි බ්ලොග් එකයි... ඔක්කොම පැටලෙනවා...

    ReplyDelete
    Replies
    1. මල කෙලියයි එහෙම පැටලිලා ගෙදර ගිහින් පර්යේෂන කොරයිද මන්දා?

      Delete
  11. (Traffic Ano)
    බැරි වෙලා හරි කතන්දර ඔය යුනියන් එකේ සබාපති උනානම්, ඔයාගේ ලේකම් ඔය විදියේ ප්‍රශ්නයක් ගෙනාවොත් මොකද කරන්නේ?

    "මර්සි මොන්සුවා....."
    කතන්දර ෂඩ් භාෂා පරමෙශ්වර වෙන්න යන්නේ
    දැනට සිංහල ඉංග්‍රීසි චීන ප්‍රංස පුළුවන් කියල පෙන්නලා තියනවා (තව භාෂාවක් දන්නවා අර "විශාල පයෝධර නාරි ....")

    ReplyDelete
    Replies
    1. @Traffic
      හොඳ වෙලාවට සභාපති වෙන්න කලින් ලේකම් වුනේ!

      (ඔය භාෂා ප්‍රයෝගය කතාවේ සැඟවුණු කතාවයි!)

      Delete
  12. මටත් කාලයකදී ප්‍රයෝරිටිය දියයුතු දේවල් මගඇරිලා තිබුනා
    ඒ ලබපු අත්දැකීම් වලින්ම මමනම් මේ පාඩම ඉගෙනගත්තා

    ReplyDelete
    Replies
    1. ඒ අත්දැකීම් බෙදා ගන්න ලොක්කා.

      Delete
  13. මෙන්න පැසුනු බුද්ධියක් ඇති ඔබ වැනි අයෙක් ගෙන් වර්ථමාන පරපුරට දෙන්න පුළුවන් ඉහලම අවවාදය.
    මම මේක ප්‍රායේගිකවම කලා. පටන් ගනිත්දි සතියට තුන හතර ලිව්වා. දැන් සතියට එකයි. හැම එකම කියවනවා.

    ReplyDelete
    Replies
    1. ලෙඩ්ඩු මැද්දේ බ්ලොග් බලනවා නේද?

      Delete
  14. මම නම් ලොකු පාඩමක් ඉගෙන ගත්තා මේකෙන් බ්ලොග් කියවීමේ සීමාවක් හදාගන්න ඕනා..

    ReplyDelete
  15. මොන්සුවා කියල වචනයක් තියෙනවද? බොං සුවා(ර්) කියල නං තියෙනවා.

    http://french.about.com/od/pronunciation/a/beginningpronunciation.htm

    ReplyDelete
  16. හ්ම්ම්...ඇත්ත කතාව... උපදෙස බොහොම අගේ.. :)

    ReplyDelete
    Replies
    1. කාටත් හොඳ උපදෙසක් නේද?

      Delete
  17. Monsieur කියන්නෙ Mister. ප්‍රංස භාෂාවෙන්. කතන්දරගෙන් උත්තරයක් ගන්න එක ගලෙන් පට්ටයක් ගන්නව වගෙ නිසයි මං පැනලා දුන්නෙ.
    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. මොංසි‍යු??? මොන්සුවා???අපිට සිංහලෙං ප්‍රංස ලියන්න බැහැනේද???

      Delete
    2. ඔය කියන සරත්, ඇදුරු සරත් අමුණුගමනං කතන්දරට කියලදෙයි.........

      Delete
    3. Thanks Dude.
      හැමදාම උත්තර දෙන්න වෙලාව නෑ මිත්‍රයා! හාවා හඳ දකින දවසට හැමෝටම උත්තර දෙනවා.

      Delete
    4. @ ඊ මේල් කවිකාරි
      මේ කතන්දරයේ සෑඟවුණු කතාව ඔයාට ටිකක් තේරිලා වගේ!

      Delete
  18. මරු අවවාදේ . ඒත් තේරෙන්නේ නෑ.. යුනිකෝඩ් එකේදි ට්‍රාන්ස්ලේට් වෙලා නෑ..

    ReplyDelete
  19. සිම්පල් ප්ලෑන් එකක්නෙ තීන්නෙ. නෝ බ්ලොග්ස් ඇට් හෝම් :D

    ReplyDelete
    Replies
    1. එතකොට ඉන්දික අපි අල්ලපු ගෙදරට ගිහිංද බ්ලොග් කියවන්නෙ ලියන්නෙ?

      Delete
    2. ඉන්දික ගේ බ්ලොගින් සේරම කොම්පැනිය ගානේ වගේ!

      Delete
  20. //ඉන්ෆියුෂන් ඔෆ් යංග් බ්ලඩ්!//

    This car was new once!! LOL!!! :D

    ReplyDelete
    Replies
    1. (/ඉන්ෆියුෂන් ඔෆ් යංග් බ්ලඩ්!)
      එහෙම තමයි මගේ නම යෝජනා කරපු ආචාර්ය අහවලා කිව්වේ!

      Delete
  21. යූ ආර් ඇබ්සොලූට්ලි ස්පොට් ඔන්....
    එහෙම කිව්වට 'ප්‍රයොරිටි ටු ෆැමිලි' කියලා වැඩකට අතගහලා අම්බානක ඇනගෙන ගොඩ එන්නේ කොහොමද කියලා දහ අතේ කල්පනාව...මං කිව්වේ එක්ස්ටෙන්ඩෙඩ් ෆැමිලි එකේ වැඩක්...:-)

    ReplyDelete
    Replies
    1. ප්‍රයොරිටිත් වර්ග තුනයි.
      හයි, මීඩියම්, ලෝ

      Delete
  22. පවුලට ප්‍රයෝරිටි දෙන්න හදද්දි පවුල ගෙදර තියල පිට රටකට යන්න උනා.
    පවුලත් ලඟ නැති එකේ රස්සාවට ප්‍රයෝරිටි දෙන්න හදද්දි . . . . මෙහෙ වැඩ සතියට දවස් තුනයි . . . ඒකත් දවසට පැය 3යි නැත්තං 4යි

    මං කියල වෙන මොනව කරන්නද ???

    ReplyDelete
    Replies
    1. බැයිද අපිටත් ඔය පාලතෙන් ජොබ් කට්ටක් හොයා ගන්න?

      Delete
  23. පොඩි උදාහරනයකට අපේ ගෞතම උතුමන් ගතහොත් එතුමා පවුල ගැන සිතුවා නම් අපට බුදු දහමත් නෑ, කෙසේ නමුත් ඒ උතුමන්ලා විද්යාඥ උතුමන්ලා සිය කාලය ශ්‍රමය කැප කොට අප ජීවිත ප්‍රශ්න විසඳීම පහසු කොට තිබේ. ඒ නිසා දැන් පිරිමි සම්පූර්‍නයෙන්ම සිය ශ්‍රමය, කාලය, ධනය, සියලු ධාතු පවුල වෙනුවෙන් කැප කොට මනාය. එසේ නොකරන්නෝ අන්තිම නරකය. වල්ය.

    ReplyDelete
    Replies
    1. ලොක්කා එහෙම නෙවෙයි නේද? පලමුව බාටා දෙවෙනුව පාසැලට, නැතුව පාසල් යන්නම එපා කියන්නේ නෑනේ!

      Delete
  24. මට නම් ඔය ගැන තාම සම්පූර්ණ අවබෝධයක් නැහැ...ඈ කතන්දර අයියෙ ඔය පයොරිටි එකද මොකක්ද එක මම ම තියා ගන්නද නැත් නම් කවද හරි මගෙ හබී ට දෙන්නද???..:):)

    ReplyDelete
  25. මේ සම්බන්ධව මම අහපු හොඳම කතන්දරයක් තමයි 'ඇදුරුතුමා සහ මයොනේස් භාජනය' (The Professor and the Mayonnaise Jar"

    ඇදුරුතුමෙක් දවසක් පන්තියකදි මයොනේස් භාජනයකට ලොකු ගල් කැට පුරවල ගෝලයන්ගෙන් අහනවලු ඒ භාජනය පිරිලද කියල... ගෝලයො එක පාරටම ඔව් කිව්වලු... ඇදුරුතුමා ලොකු ගල් කැට පුරවපු භාජනයටම කුඩා ගල් කැට දාල හෙලෙව්වම ඒ ටිකත් බැස්ස ඇතුලට... කලින් ප්‍රශ්නෙම ගෝලයන්ගෙන් ඇහුවම උත්තරේ එකමලු... ඊළඟට ඇදුරුතුමා ඒ භාජනේටම සිහින් වැලි දාල හෙලෙව්වම මේ ටිකත් පහලට බැස්සලු... ගෝලයො ටික පරාජය පිළිගන්න ලෑස්ති වෙද්දි ඇදුරුතුමා වෙනස් ප්‍රශ්නයක් ඇහුවලු...

    "මුලින්ම වැලි පිරෙව්වනම් මේ භාජනේට ලොකු, පොඩි ගල් කැට දාන්න පුළුවන් වෙයිද?"

    ඒ වගේ තමයි අපේ ජීවිත... අඩුම ප්‍රයොරිටි දිය යුතු දේවල් ඉදිරියට ගත්තොත් ජීවිතේ වඩා වැදගත් දේවලට කාලයක්/ඉඩක් නැතුව යනව...

    "Know your priorities".. හොඳ ආදර්ශමත් ලිපියක් කතන්දර... කීප් ඉට් අප්...

    ReplyDelete
    Replies
    1. ඔය කතාවෙ ඉතුරු කෑල්ල...
      භාජනේට ගුරුතුමා අරක්කු ටිකක් වත් කලා. ඒකත් කිසි අව්ලක් නැතුව ඇතුළට ගියා.
      මෝටිව් එක: ඕනෙම පිරුනු තැනක අරක්කු වලට ඉඩ තියෙනවා

      Delete
  26. කතන්දරගේ උපදෙස් පිලිපැදලා ගෑනු ළමයෙක් සැට් කරගත්තාට පස්සේ මට ඔයි කියන සෙතේම වුණා . වෙනදා වරු ගනං පරිගණකය ඉදිරියේ ටයිප් කරපු මම දැන් වරු ගනං ෆෝන් එකේ එල්ලිලා මල් කඩනවා . ඒ වැඩේ නොකලෝතින් ඉතින් ඊලඟට ලැබෙන දඬුවම ආදරේ කරනවා තරම් මිහිරි නෑ ..

    පළමුව ඉතින් වෙන්ඩ පවුල , දෙවනුව බඩගෝස්තරේ, තෙවනුව අන්තර්ජාල ගාස්තුව (ඩේලි ඩිලයිට්) , ඊලඟට තමා මම නම් බ්ලොග් එක ගැන හිතන්නේ ..

    මට ඉතින් මේකේ තියන ඉංග්‍රීසි හෙල වදන් ටික නම් මෙලව හත්තිලවුවක් තේරුනේ නෑ ඉතින් මට වැටහුනේ ප.ලි ය විතරයි

    ReplyDelete
  27. වටිනා කියන ආදර්ශයක් ... තැන්කු කාකා ...

    ReplyDelete
  28. http://sabravoice.blogspot.com/p/blog-page_3228.html
    makath balapalla......

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.