Friday 6 April 2012

අනේ කොහෙන්ද මෙයා ඔයාට ඔච්චර කතන්දර? - Marching forward


කැප්ටන් ලා කිව්වහම වර්ග කීපයක් ම ඉන්නවා!

ස්පෝර්ට්ස් කැප්ටන්, හවුස් කැප්ටන් වගේ ඉස්කෝලවල ඉන්න ළමයි. අර්ජුන ලා, මයිකල් ක්ලාක් ලා වගේ රටේ ක්‍රීඩා කණ්ඩායම්වල නායකයෝ. ඒ එක කැප්ටන් ලා ජාතියක්.

අනිත් වර්ගය තමයි ආමි එකේ සහ නේවි එකේ ඉන්න කැප්ටන් කියන නිලධාරියෝ.

මෙතනදී ආමි කැප්ටන් කියන්නේ පහල නිලයක්. අර කොලොන්නාවේ කේස් එකට අහුවුනු කණ්ඩායමෙත් කැප්ටන් ලා හිටියාය කියලයි ලංකා-ඊ-නිවුස්කාරයෝ වාර්තා කරළා තිබුණේ.

ඒ අතින් බැලුවාම නේවි කැප්ටන් කෙනෙක් කියන්නේ ඉහල නිලයක්. කැප්ටන් හැඩොක් වගේ අය මුළු නැවටම අධිපති නේ.

මං දන්න නේවි කැප්ටන් කෙනෙක් හිටියා අපේ ගං පලාතේ. පොර අවුරුදු හතලිස් ගාන වෙනකොටම වගේ පැන්ෂොන් ගියා. ඒ ඔෆිසර් කෙනෙක් වගේම ජෙන්ටල්මන් කෙනෙක් විදියටයි.

පොර නියමිත කාලයට කලින් රිටයර් වෙන එක ගැන කියලා ලියපු ඊ-මේල් එකක් මටත් කියවන්න ලැබුණා. ඔෆිසර් කං කරනවාට වඩා ජෙන්ටල්මන් කෙනෙක් විදියට ඉන්න එක කොච්චර අමාරු වැඩක්ද කියන එක හොඳට තේරෙනවා ඒ ලියුම බැලුවාම.

අද කතන්දරේටත් සම්බන්ධ ඒ වගේ නේවි කැප්ටන් කෙනෙක්. හැබැයි අද කාලේ කෙනෙක් නෙමෙයි මෙයා රජ කාලේ කෙනෙක්.

දවසක් මේ නේවි කැප්ටන් ට තිබුණා සීමන් කෙනෙක්ව ඉහල නිලයකට උසස් කරන ඉන්ටර්වීව් එක පවත්වන්න. ඔන්න දැන් ඉන්ටර්වීව් එක යනවා.

කැප්ටන්: "කියනවා බලන්න උතුරු පැත්තෙන් මහා කුණ්ටුවක් ආවොත් තමුසේ මොකද කරන්නේ?"

සීමන්: "උතුරු පැත්තට නැංගුරමක් දානවා සෑර්."

කැප්ටන්: "හොදයි එතකොට දකුණු පැත්තෙන් මහා කුණ්ටුවක් ආවොත්?"

සීමන්: "දකුණු පැත්තට නැංගුරමක් දානවා සෑර්."

කැප්ටන්: "හොදයි එතකොට නැගෙනහිර පැත්තෙන් මහා කුණ්ටුවක් ආවොත්?"

සීමන්: "නැගෙනහිර දකුණු පැත්තට නැංගුරමක් දානවා සෑර්.

කැප්ටන්: "හොදයි එතකොට බටහිර දකුණු පැත්තෙන් මහා කුණ්ටුවක් ආවොත්?"

සීමන්: "බටහිර දකුණු පැත්තට නැංගුරමක් දානවා සෑර්."

කැප්ටන් ට හොඳටම කේන්ති ගියා!

කැප්ටන්: "කොහෙන්ද මිනිහෝ ඔච්චර නැංගුරම් ගන්නේ?"

සීමන්: "අර කුණාටු ගන්න තැනෙන්ම තමයි සෑර්!"

* * * *

ඔය කතන්දරේ කලින් අහල තිබුනේ නැත්තං කියන්න. වැඩි විහිළුවක් නැති වෙන්න පුළුවන්. නමුත්, ඒ කතන්දරේ අද මේ පෝස්ට් එකට සම්බන්ධයි. ඒ මෙහෙමයි.

මේ මගේ 600 වෙනි කතන්දර පෝස්ට් එකයි.

සමහරු මගෙන් අහනවා, "කතන්දර, කතන්දර කොහෙන්ද කතන්දර ඔච්චර කතන්දර ලියන්න කතන්දර නිමිති හොයා ගන්නේ කතන්දර?" කියලා.

"අර කුණාටු ගන්න තැනින්ම තමයි!"

-කතන්දරකාරයා

ප/ලි:
මේ ලින්ක් එක නං නොදාම බෑ.

මීට අවුරුද්දකට විතර කලින් මං දාපු වෙන්ඩ කතන්දර 100 ලයිස්තුව මතකයි නේද?

ඒ ලයිස්තුව දාලා මාස හයක් ගිය තැන මං කතන්දර 101 ක් පල කරලා තිබුණාට වෙන්ඩ ලයිස්තුවෙන් ලියලා තිබුණේ 13 ක් විතරයි.

අද තත්වයෙත් වැඩි වෙනසක් නෑ. එදා ලයිස්තුව දාපු දවසේ ඉඳලා අද වෙනකොට කතන්දර 267 ක් ලියලා. ඒත් ලයිස්තුවේ 77 ක් ඉතුරුයි!

කුණාටු, කුණාටු!!

(image: http://us.tintin.com/meet-the-characters/captain-haddock/)

34 comments:

  1. ලිපි 600ක් කියන්නේ ලේසි පහසු වැඩක්ද.. ඒත් ඉතින් ඒක කතන්දරට මහ ලොකු වැඩක් නෙමෙයි කියලා දැනටම ඔප්පු වෙලා ඉවරයි.. මගෙන් උණුසුම සුභ පැතුම්.. කතන්දර 1000 ලියන දවසෙත් මට මෙහෙම සුභ පතන්න පුළුවන් වේවි කියලා හිතනවා..

    ReplyDelete
  2. මම තුන...අම්මෝ 600ක් කියන්නේ සෙල්ලම්ද...මම නම් මේ 100 පැන්නා විතරයි මයේ හිතේ...ඒත් අවුරුදු එක හමාරක් විතර ලියලා...
    ඔන්න සුබපැතුවෝ.....
    ජය වේවා!!!!

    ReplyDelete
  3. සුභ පැතුම් කතන්දර...අපිත් ලගදිම එනවා..:D

    ReplyDelete
  4. සුබ පැතුම් !

    ReplyDelete
  5. සුභ පැතුම් කතන්දර...
    නොටියගේ පලවෙනි කමෙන්ට් එකද කොහෙද...

    ReplyDelete
  6. අපිලානම් පොඩි ඈයොනේ... තාම 100යි ගහනට කෙළ හලනවා... ජීවිත අත්දැකීම අඩු කම තමා ඉතින්.. :(

    ReplyDelete
  7. සුභ පැතුම් කතන්දර හයසීයට වගේම ඉස්සරහට එන කතන්දර වලටත්...

    ReplyDelete
  8. සුබ පැතුම් කතන්දර, ජයවේවා.......!!!

    ReplyDelete
  9. උණුසුම් සුභ පැතුම්....

    ReplyDelete
  10. කාකාට සුබ
    1000ත් ඉක්මනට ලියන්න ලැබේවා.

    ReplyDelete
  11. එදා අද මෙන් හෙටත් රස ගුණ නොඅඩු කතා ලියන්නට ශක්තිය ලැබේවා..

    ReplyDelete
  12. මගෙනුත් සුභ පැතුම්..... මෙච්චර කතන්දර තියනවද අප්පා.........

    ReplyDelete
  13. උණුසුම් සුභ පැතුමු කසූ....අපි දිගටම එනෝ... :)

    ReplyDelete
  14. ඔන්න මගෙනුත් සුබපැතුම් කතන්දර

    ReplyDelete
  15. කකාට නොපතන සුභ පැතුම් වෙන කාට පතන්නද ????

    ReplyDelete
  16. මම හිතුවෙ කාලා පැන්ෂොන් යන්න හදන්නෙ කියල...

    සුභ පැතුම්.... !!!

    ReplyDelete
  17. තව තව කුණාටු ඇති වේවා! :D

    ReplyDelete
  18. සුභ පැතුම් KK..!

    ReplyDelete
  19. මම බ්ලොග් අවකාශයට ආපු මුල් කාලේ සිට කතන්දර අයියාගේ ලිපි බලනවා . තව තවත් හොද නිර්මාණ කරන්න
    ශක්තිය ලැබේවා !

    ReplyDelete
  20. මේ වගේ තව, තවත් ලස්සන කතන්දර කියවීමේ වාසනාව අපටත්, ඒවා ලිවීමේ හැකියාව ඔබටත් පතනවා.

    600ට සුබ පැතුම්!!!! :D

    ReplyDelete
  21. මං මේ දෙවෙනි එක ලියාගන්න බැරුව ඉන්ව. කතන්දර 600 ක් ම ලියලනෙ. :D
    සුබ පැතුම් කතන්දර.

    ReplyDelete
  22. උනුසුම් සුභපැතුම්..! කකා ඔබතුමාගේ හැකියාව හරහා අපේ හිත් වලත් රසඥතාවය පුබුදුවනවා.

    ReplyDelete
  23. "කියවීම" මිනිසා සම්පූර්ණ කරයි කිව්වලු ...එතකොට "ලිවීම" මිනිසා ඊට වඩා සම්පූර්ණ කල යුතුයි නේද?
    කකා තව තව සම්පූර්ණ වේවා !!!

    මල් පියලි

    ReplyDelete
  24. නැංගුරම් කතාව අහලා තිබුනා. කතන්දර 600ක් වෙනකන් අනිත් කතා බොහොමයක් අහලා නැති නැවුම්ම ඒවා. ඒකනේ තාමත් අපි මේ පැත්තට එන්නෙ.....

    මමත් මේ ව‍‍ගේ කතාවක් ලිව්වා‍ කියලා ලින්ක් එකක් දාන්න කලින් නිකමට මම බැලුවා ප/ලි කැල්ලට කලින් තියෙන අන්තිම ලින්ක් එකට කොටලා බැලුවා.

    600 සුබ පැතුම්!

    ReplyDelete
  25. සුභ පැතුම් අයියා... බ්ලොග් ලියන්න පටන් අරන් ගත්තු දවස් වල ඉදන්ම දන්න කියන බ්ලොග් එකක් නිසා 600න් 300ක්වත් කියවලා ඇති... 1000 වෙනි කතන්දරේ එක්ක එකතු වෙන්න බලාගෙන ඉන්නවා.......

    ReplyDelete
  26. සුභපැතුම් කකා. අඟල අඩියට අදින්න හැමෝටම බෑ

    ReplyDelete
  27. 600ට සුභපැතුම්. දැනට බ්ලොග් අවකාශයේ ඉන්න "මහා බ්ලොග්කරුවා" කතන්දරසූරීන් තමයි.

    ReplyDelete
  28. සුභ පැතුම් අයියේ... කතන්දරගේ කතන්දර වලට නම් නැංගුරම් ​වැටෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා...

    ReplyDelete
  29. සියළු දෙනාටම ස්තුතියි. කැප්ටන් ගේ සහ සීමන් ගේ කතන්දරය රස විඳින්නට ඇතැයි සිතමි.

    මේ කතන්දරයේ නොකියූ කතාව නම් අර ඇත්ත කැප්ටන් ගේ කතාවයි.

    ReplyDelete
  30. ඔන්න කිව්වා තව තවත් වැඩි වැඩියෙන් කතන්දර කිව්වට කමක් නෑ, බයිලා නම් ගහන්න ලෑස්ති වෙන්න එපා ... ජය වේවා කතන්දර අයියේ !!!

    ReplyDelete
  31. ඇත්ත කැප්ටන්ගේ කතන්දරය ලියන්න ඉන්න කතා ලිස්ට් එකට දාගෙන හිමින් සැරේ කියලා දාන්න

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.