Saturday 11 July 2009

ජාල සටහනක ඇරඹුම - දුවන්නන් වාලෙ කෙට එළදෙනත් දිව්වලු! - Going with the trend?


දුවන්නන් වාලෙ කෙට එළදෙනත් දිව්වලු!

ඒ ප්‍රස්ථා පිරුල අහල නැති, තේරෙන්නෙ නැති අයගෙ ප්‍රයෝජනය පිණිස ඒකෙ තේරුම මුලින් ම කියන්නම්. වෙනිං අය යම් දෙයක් කරනව දැක්ක පලියටම, කිසිම විචාරයක් නැතිව, ඒ දේ තමනුත් කරන්න යෑම ගැනයි ඔය කතාවෙන් කියන්නෙ. අපේ තාත්ත ඔය කතාව කියනව මං අහල තියෙනව පොඩි කාලෙ.

මාත් මේ සැරුසෙන්නෙ ඒ වගෙ වැඩකටයි. සිංහලෙන් බ්ලොග් එකක් ලියන්න. යුනිකෝඩ් ආශ්‍රයෙන්. මූලිකම හේතුව විශාල පිරිසක් මේ වෙන කොට සිංහලෙන් බ්ලොග් ලියන්න පටන් අරං නිසයි. මාත් ගොඩාක් බ්ලොග් කියෙව්ව. කීපයකටම නැවත නැවත ගිහින් බැළුව. අන්තිමේ දී මටත් හිතුන මගේ ම කියල බ්ලොග් එකක් පටන් ගන්න, සිංහලෙන්.

හැබැයි මේ මගේ මුල්ම බ්ලොග් එක නම් නෙමේ. මං ඉස්සෙල්ලාම බ්ලොග් එකක් පටන්ගත්තෙ 2005 දී. ඒ මං ලියපු කවි වගයක් දාන්න වෙබ් පේජ් එකක් විදියට පාවිච්චි කරන්නයි. ඒ දවස් වල මේ යුනිකෝඩ් ආදිය පාවිච්චි නොවුනු නිසා මං කළේ කපුටා වලින් ලියල ඉමේජ් විදියට අප්ලෝඩ් කරපු එකයි.

ඊට අමතරව මං ටෙම්ප්ලේට් එකයි, සී.එස්.එස්. ටිකයි පොඩ්ඩක් වෙනස් කලා. එච්චරයි. කවුදෝ වලත්තයෙක් පෝන් (porn) සයිට් එකකට ලින්ක්ස් දාල ගිහින් තිබුණු වෙලාවෙ, ඒව අයින් කරන්න සයිට් එක වෙනස් කලා මිසක්, ඒ බ්ලොග් එකේ අන්තර්ගතය නම් තවමත් ඒ 2005 දී දාපු කවි ටික විතරයි.

දැන් මේ අළුත් බ්ලොග් එක පටන්ගන්නෙ නම්, නිතිපතා අළුතින් දෙයක් එකතු කරන්න හිතාගෙනයි.

කවුරුත් දන්න විදියට බ්ලොග් කියන්නෙ වෙබ් ලොග් කියන එකේ කෙටි යෙදුමයි. එනිසා, මට මුලින් හිතුන මගෙ බ්ලොග් එක "ජාල සටහන්" කියල හඳුන්වන්න. ඒත්, පස්සෙ හිතුන "කතන්දර" කියන නම වඩාත් ගැලපෙනව කියල.

ඉතිං මගේ අරමුණ, මතකයට එන පරණ කතන්දර එකින් එක මේ කතන්දර බ්ලොග් එකට දාන්නයි. සතියකට එකක් දාගත්තොත් ලොකු දෙයක්.

බලමු. බලමු.

-කතන්දරකාරයා

(image: http://www.cartoonstock.com/)

25 comments:

  1. එළ එළ... ඔහොම්ම ලියාගෙන යං.. :)

    සුභ පැතුම්.. :D

    ReplyDelete
  2. Hi dude,keep blogging. sorry I couldn't be able to use sinhala unicode at this moment. thanks

    ReplyDelete
  3. ආයිබෝංස් !
    බ්ලොගෝලයට සාදරයෙන් පිළිගන්නවා !

    ReplyDelete
  4. ඔයා හරි කතන්දර ...
    “කතන්දර “ කියන නම හරිම අගේට ගැලපෙනවා .....

    තවත් ජාල සටහනක් පමණක් නොවන කතන්දර... ඔබේ ආරම්භය කියෙවුවෙ අද.........

    ReplyDelete
  5. ඇත්තටම සතුටුයි මේ ගැන හිතපු තව කෙනෙක් සිටීම ගැන.

    ReplyDelete
  6. මමත් කියෙව්වා. කතන්දරගෙ කතා ශෛලියේ ලොකු වෙනසක් එදා මෙදා තුර වෙලා නෑ නේද! සෑහෙන්න සැලසුම් සහගතයි!

    ReplyDelete
  7. පළවෙනි ලිපියෙන්ම බොහොම සුපුරුදු විදියට ලියලා තියෙනවා.එදත් අදත් කිසි වෙනසක් නැහැ වෙනසකට තියෙන්නේ කොමන්ට් අඩු එක විතරයි.

    ReplyDelete
  8. ඕං මටත් කියවන්න හිතුනා ආරම්භය :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  9. මාත් ආව පටන් ගත්ත හැටි බලන්න

    ReplyDelete
  10. , මේකයි එහෙනම් ආරම්භය.,එහෙම පටන් අරන් දැන් සෑහෙන දුරක් ඇවිත්,

    ReplyDelete
  11. Well..
    Might be
    I will be the last one.

    ReplyDelete
  12. මෙහෙමයි එහෙනම් පටන් ගත්තෙ :)

    ReplyDelete
  13. ඔන්න ඔහොමයි ඇරඹුම එහෙනම්.....

    ReplyDelete
  14. ඔන්න කකා මමත් පටන් ගත්ත හැටි බැලුව මේ මහා විසාල ගඟ...

    ReplyDelete
  15. මාත් ආව කතන්දරේ "එකෝමත් එක කාලෙක....." කියන කොටස හෙවත් ද වෙරි බිගිනින් එක බලන්න.කිසිම වෙනසක් නෑ,අද ඉන්න තනන්දර කාරයාම තමා. එමමයි.

    ReplyDelete
  16. ඔන්න මමත් ආරම්භය බලන්න ආව ..

    ReplyDelete
  17. මහා ගමනක පළමු පියවර දැකගතිමි...

    ReplyDelete
  18. මාත් ආව මුල බලන්න

    ReplyDelete
  19. පරණ පෝස්ට් එකක් නේද මේ ,මන් අලුත් නිසා කියවන පලවෙනි වතාව ///දුවන්නන් වාලෙ කෙට එළදෙනත් දිව්වලු//// අපේ අත්තම්ම කියනව ඇහිලා තියෙනවා .

    ReplyDelete
  20. මොකෑ මේ ආයි මුලට ගොහින්?

    ReplyDelete
  21. අරකටත් ලින්ක් එකක් දැම්මා නම් මල් මසුරන්.. මොකෝ ඔහේ ලින්ක් දෙයියනේ..

    ReplyDelete
    Replies
    1. මොකටද ඔය කියන්නේ මේකටද?
      http://maathalan.blogspot.com/2010/04/blog-post_147.html

      ඔන්න දැම්මා!

      Delete
  22. ඔයාගේ මුල දැක්කේ අදයි. :D

    ReplyDelete
  23. අදනේ බැලුවේ පොඩි කතන්දර ලමයව.

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.