ජීවිතයම කතන්දර ගොඩක්!
This is a Sinahla blog written for five years from July 2009. It contains stories - Kathandara - from authors life.
කතන්දරකාරයා ගේ දශක කිහිපයක ජීවන අත්දැකීම් අළලා 2009 ජූලි 11 දින සිට පුරා වසර පහක් තිස්සේ ලියවුණු කතන්දර එකතුවකි. kathandara@gmail.com
Wednesday, 31 October 2012
සිංහල සංගීත ක්‍ෂේත්‍රයට මගෙන් වුණු අගනා සේවය - My valuable service to Sinhala music
අවංකවම කියනවා නං සිංහල සංගීත ක්‍ෂේත්‍රයට මගෙන් වුණු සේවය කියලා නිම කරන්න බැරි තරමට විශාල එකක්.
ඒ සේවය මං කෙරුවේ ඉඳලා හිටලා ආධුනික ගායකයෙකුගේ සින්දුවකට පදමාලාවක් ලියලා දීම හරහා නොවෙයි. ඒ ආකාරයේ කිසිදු මහන්සිවීමකින් තොරවයි.
ඒ කතාව මෙහෙමයි.
ඔන්න මං හයේ පන්තියට ලොකු ඉස්කෝළෙට ගියාම අපිට කිව්වා එක්කෝ සංගීතය, නැත්තං චිත්‍ර නැත්තං නැටුම් තෝරාගන්න කියලා සෞන්දර්ය විෂය විදියට.
මට ඕනැ වුනේ සංගීතය කරන්න.
මං ගෙදර ගිහින් තාත්තාට කිව්වා.
"උඹ චිත්‍ර කරපං!" තාත්තා කිව්වා.
මං අම්මට කිව්වා.
"ඔයා නැටුම් කරන්න!" අම්මා කිව්වා.
ඉතිං මං සංගීතය තෝරා ගත්තා.
ඒ වැඩේ ලේසි වුනේ නෑ. මොකද සංගීතයට ඩිමාන්ඩ් එක වැඩියි පන්තියේ තිබුණු ඉඩ ප්‍රමාණයට වඩා. සංගීත සර් අපිට සින්දුවක් කියන්න කියලා ඒ ප්‍රායෝගික පරීක්‍ෂණය මගිනුයි ළමයින්ව තෝරා ගත්තේ.
කොහොම හරි ඔන්න මාත් අවුරුදු ගණනාවක්ම සංගීතය ඉගෙන ගත්තා.
ජන ගී
රාග
සරිගම පධනිස
ත්‍රිතාලය, සුළු මැදුම් දෙතිත
අරවද මේවද? වැඩ කෝටියයි.
අන්තිමේදී විභාගේ ආවා. තියරි පේපර් එකයි. ප්‍රායෝගික පරීක්‍ෂණයයි.
ප්‍රායෝගික පරීක්‍ෂණයට තිබුනේ, පරීක්‍ෂිකාව සෘති පෙට්ටියෙන් ස්වර කණ්ඩයක් වාදනය කළාම ඒක මොකක්ද කියලා හඳුණාගෙන ලියන්නයි.
තව ත්‍රිතාලය, සුළු මැදුම් දෙතිත වගේ සරල කරුණු ගැන ප්‍රශ්නයක් දෙකක් තිබුණා.
අර ස්වර කණ්ඩය හඳුණාගන්න වැඩේ තියෙනවා නේද?
මට ඒක නං මෙලෝ හසරක් තේරුණේ නෑ.
ඉතිං ප්‍රායෝගික කොටසට තිබුණු ලකුණු හැටෙන් ඔන්නං මට තිහක් ලැබෙන්න ඇති. බහුවරණ තියරි පේපර් එක තිබුණු නිසා ඩිෂ්ටින්ෂන් එක මිස් වුණත් ජාම් බේරාගත්තා ක්‍රෙඩිට් එකක් අරගෙන.
එදා සංගීතයට ඩිෂ්ටින්ෂන් එක මිස් වෙච්ච දවසේ මට හිතුණා අපරාදේ නේ මේ තේරුමක් ණැති විදියට සංගීතය ප්‍රායෝගික පරීක්‍ෂණයක් තියන්නේ කියලා. නිකං තියරි පේපර් එකක් විතරක් දුන්නා නම් මාත් අද හොඳ සංගීතඥයෙක්.
කොහොම හරි මං තේරුම් ගත්තා ඔය සංගීතය කියන වැඩේ මං වගේ පොරකට නොගැලපෙන සත පහේ වැඩක් බව.
ආයේ මුළු ජීවිතේටම සංගීතය ඉගෙන නොගන්න මං තීරණය කළේ ඒ නිසයි.
ඒ තීරණය එදා ගත්තු සරල එකක් වුණත්, ඒ නිසා මං සිංහල සංගීත ක්‍ෂේතයට නොදැණුවත්වම කරලා තියෙන්නේ අප්‍රමාණ සේවයක්.
-කතන්දරකාරයා
(image: http://www.sitarsencat.com/cat-sitars-tabla-india/211/tabla-sets)
Subscribe to:
Post Comments (Atom)
සංගීතය ගැන ලියලා තිබුනු ඒවා දැක්කාම මටත් නම් හිතුනා කරන්ට අවස්තාවක් නොලැබුනත්, හොඳ වෙලාවට සිංහල සංගීතය හැදෑරුවේ නැත්තේ කියලා.:)
ReplyDeleteහැබැයි ඉතින් හොඳ ගායකයෙක් වෙන්ට නම් ඔයා මොනවාවත් ඕනෑ නෑ නේද?:D
"උඹ චිත්‍ර කරපං!" තාත්තා කිව්වා.
ReplyDeleteකකාත් නොට්ටිගේ පුතෙක් වගේ
සහතික ඇත්ත. අති විශාල සේවාවක් නොවැ කරල තියෙන්නේ සංගීත ක්ෂේත්‍රයට.
ReplyDeleteඅනේ දැන් කාලෙ උනුත් කතන්දර වගේ හැදුනා නම්...
ReplyDeleteඅනේ බ්ලොග් ලිවීමත් ඒ කාලෙ මෙහෙම අ පො ස (සා/පෙ) විෂයක් වුණා කතන්දරට බ්ලොග් කලාවටත් විශාල සේවයක් කරන්න පුළුවන් වෙනවා නේද?
ReplyDeleteඅමමප හෙන සේවාවක් නෙව.
ReplyDeleteඔන්න මටත් 6 හෝ හතේ පන්තියෙදි වගේ චිත්‍ර සංගීත නැටුම් කෘෂි ඔයවගේ ඒවයින් එකක් තෝරගන්න කිව්වා. මට සංගීතවලට යන්ඩ ඕනෙම උනත් යමදෝ නොයම්දෝ කිය කියා කෘෂි එකේ ඉඳල සති දෙක තුනකට පස්සෙ සංගීතෙට ගියා. ඔන්න ගියදාම විනාඩි දහයකින් විතර මාව නැගිට්ටෝල බිලාවල් රාග විස්තරේ කියන්ඩ කිව්වා. හතර විලිලැ්ජාව හින්දම මං සංගීතෙන් සමුගත්ත ඕයි.....
???? Saundarya wishaya saha Thakshana wishaya petalilada?
Deleteමාව දැම්මේ වෙස්ටන් මියුසික් වලට. හුටා ඒ මැඩම් කඩුවෙන්මයි කොටන්නේ.. දවස් දෙකයි මම චිත්‍ර පන්තියේ.. මමත් විශාල සේවයක් කලේ කියලා මම ආඩම්බර වෙනවා..
ReplyDeleteමටත් දැන් හිතෙනවා බ්ලොග් කලාවට මට ලොකු සේවයක් කරන්න තිබ්බා කියලා.. දැන් ඉතින් පරක්කුයි.
ReplyDeleteමමත් නම් ඔය සන්ගිතේම තමා කොලේ! ප්‍රැක්ටිකල් එකත් යාන්තම් ගොඩ දා ගත්තා..මොකෝ ස්වර ටික කියන්න බැරි උනාට තබ්ලාව තලා ගන්න පුළුවන් උන නිසා!
ReplyDeleteමමත් මුලින් තෝරගත්තෙ සංගීත. ගියපු ගමන් සිංදුවක් කියන්නෙ කිව්ව. සිංදුව කියපු විදිය දිහ බය වෙලා වගේ බලන් හිටපු මිස් කිව්ව ගිහින් චිත්‍ර කරන්න කියල.
ReplyDeleteඔයිට වඩා සේවයක් කරන්න තිබ්බ 6 පන්තියෙදිම තාත්තගෙ කීම ඇහුව නං!
ReplyDeleteඔය කාටත් වැඩිය සංගීතයට සේවය කලේ මම.
ReplyDeleteමෙච්චර කාලයක් කකා බැඳලා තිබ්බ කයි පද දිහා බැළුවම සංගීතයට වගේම සාහිත්‍යටත් සෑහෙන්ඩ සේවයක් කරලා තියෙනවා කියලා හිතෙනවා.
ReplyDeleteඔය තාලේ කියන එක මගෙත් ඇඟෙ ගෑවිලාවත් නෑනෙ.......තාලෙකට අත්පුඩියක්වත් ගහගන්න බෑ.......
ReplyDeleteමොනව වුණත් සෑහෙන්න සේවයක් ඒක නම්..............
අපිට සංගීතේ ඇලජික්. ඒ වුනාට හොඳට සින්දු කියන්න පුළුවන්. ඒ කිව්වේ සින්දු මතකයි කියන එක මිසක් හොඳට ගායනා කරන්න පුළුවන් කියන එක නෙවේ.
ReplyDeleteයකඩෝ
ReplyDeleteමම බ්ලොග් නොලියන එකත් බ්ලොග්කලාවට කරන ලොකු සේවයක්නෙ
හත්තිලව්වයි... එහෙනම් මං සංගිත නර්තන චිත්‍ර තෙවිශයටම කරලා තියෙන්නෙ අපරමාන එකෙත් හොදම එකක් නෙව!
ReplyDeleteඋත්සහා කරන්න.තව මොනවා හරි කරන්න.
ReplyDeleteහොද වෙලාවට චිත්‍ර කලේ ...
ReplyDeleteහිටියත් එච්චර ඩැමේජ් එකක් නම් කරන්න බැරිවෙයි සංගීත ක්ශේත්‍රයට. ඔයා එච්චරම අපතයෙක් වෙන්න බෑ..
ReplyDelete- සනාත
අපේ කන් වාසනාවන්තයි :)
ReplyDeleteචිත්‍රත් චුට්ටක් ඉගෙනගෙන නාට්‍යත් පොඩ්ඩක් ඉගෙනගෙන පස්සේ සංගීතෙත් පොඩ්ඩක් ඉගෙනගෙන මමනං ක්ෂේත්‍ර තුනම කෑවා.....
ReplyDeleteප්‍රැක්ටිකල් එකට ලකුණු අඩු වෙලා තියෙද්දිත් සංගීතය අත්හැරල දාන්න තීරණය කරපු එකම එක්කෙනා කතන්දර වෙන්න ඇති. (ඒ විභාගෙට එස් එම් එස් වලින් ලකුණු වැටෙන්නෙ නැද්ද?)
ReplyDeleteධා ධී නා --ධා තූ නා --ධා
ReplyDeleteඇත්තටම ලොකු සේවයක් කරලා තියෙන්නේ
guu post, mal comments, This is the end of sinhala blog world.... Ur blog sucks kaka... really really really sucks....
ReplyDeleteලොබ්සෑං රැම්පා කියන ලාමාවරයාගේ ස්වයං ලිඛිත චරිතාපදානයේ එයාත් සාමණේර කාලයේ සංගීත ගුරුවරයා ඔහුගේ ගායනය පරීක්ෂා කරලා කියනවා මෙන්න මෙහෙම.
ReplyDelete"ලොබ්සෑං උඹ සංගීතයට දක්ෂයෙක් නෙමේ. මගේ ජීවිත කාලෙටම අහපු ගායනයට නුසුදුසු කට හඬ තමා උඹේ කට හඬ. ඒක නිසා මීට පස්සේ උඹ කවදාවත් ගායනා කරන්න එපා. පූජාවේදී අනික් අයත් එක්ක ගායනා කරන්නත් එපා. උඹ නිසා අනික් අයගේ තාලයත් අවුල් වෙයි. සංගීතය කෙළෙසන ම්ලේච්ඡයා. උඹ දැන් පලයන්. ආයි කවදාවත් සංගීත පංතිය පැත්තේ එන්න එපා. ඒ වෙලාවට වෙන දෙයක් ඉගෙන ගනින්" කියලා.
එයත් ටිබෙට් රටේ සංගීතයට ලොකු සේවයක් කරලා තියෙනවා වගේ :P
@ All
ReplyDeleteසියළු දෙනාටම ස්තුතියි.
පසුව හමුවෙමු.