
මතකද රත්නායක මහත්තයා ගැන ලියපු පොඩි විස්තරයක මං ලිව්වා පොර ට මං කුලසේන ෆොන්සේකා ගේ "උඩු බිරුම" පොත කියවන්න ගිහින් දුන්නට අවුරුද්දක් ගියත් එක පිටුවක්වත් කියවලා නොතිබුණු බව.
මං හිතුවේ පොතේ අන්තර්ගතය ගැන පොඩි සඳහනක් මං කරපු නිසා පොර ඒක වහාම කියවයි කියලායි.
නමුත් අර කූඩැල්ලන් ව කොට්ටේ තියන්න බෑ වගේ පොඩි කාලේ ඉඳලා පොත් කියවලා නැති අය ලොකු බැඳපු මිනිස්සු වුණාට පස්සේ පොත් කියවන කෙනෙක් වෙන්නේ හරිම කලාතුරකින් විතරයි.
රත්නායක මහත්තයා ඉන්නේ හොඳ ක්ලබ් එකක!
අර ෂේන් වෝන් කියන ක්රිකටරයා පොර ගේ "බයෝග්‍රැෆි" එක එළි දක්වන දවසේ කියලා තිබුණා ජීවිතේ කිසි දාක නවල් එකක් කියෝලා නෑ ය කියලා. කියවලා නැති අයට සාමාන්‍යයෙන් ලියන්නත් බෑ. වෝනා ගේ පොත ලියලා තිබුණේ වෙන එකෙක්.
ඒ එලීට් ක්ලබ් එකටම අයිති නෝනා කෙනෙක් ගැනයි අද කතන්දරේ.
නෝනා ගේ නම සාමා.
ඔව්, ඔව්, අර හෝඩි පොතේ අමර එක්ක සල් මල් කඩ කඩ හිටපු පොඩි කෙල්ල තමයි. දැන් ඉතිං ලොකුයි නේ.
පොඩි කාලේ ඉඳලා පොත්වලින් බොහෝ දුරට දුරස්තව හැදුණාට සාමා හොඳට පොත්-පත් වගේ ඒවා ගැන කරුණු කාරණා දන්නවා. ඇත්තටම කියනවා නම් තමන් දන්නවා කියලයි හිතාගෙන හිටියේ මේ කතන්දරේ වෙනකල්ම.
දවසක් සාමා කැම්පස් යෙහෙලියෝ කණ්ඩායමක් ටික කාලෙකට පස්සේ හමුවෙලා ඔහේ නිකං ඕපීඩී කතාවක් දාගෙන ඉන්න වෙලේ එතන හිටපු කවුදෝ කිව්වා, ළමයාව සෙනසුරාදා උදේ ටියුෂන් එක්කං ගිහිල්ලා, පන්තිය ඉවර වෙනකං පැය තුනක්ම පොත් කියවන එක තමයි කරන්නේ, ඒ හින්දා මේ දවස්වල සතියකට එක ගානේ විතර නවකතා කියවනවාය කියලා.
ඔය කතාව අහලා සාමා ගේ හිත යට තිබුණු කියවීමේ රුචිය නිකං සෝඩා බෝතලයක් වගේ බුබුළු දාගෙන උඩට නැගලා ආවා.
පහුවදාම ගියා වීරවරියක් වගේ පොත් සාප්පුවට.
බුදු අම්මෝ! පොත් පුරෝලා එතන. නවකතා ද, කෙටිකතා ද, අරවද, මේවද?
මේ වෙන කොට සාමා හිතෙන් හදාගෙනයි හිටියේ මුලින්ම කියවන්න ඕනෑ නවකතාකාරයෝ සහ නවකතා ලයිස්තුව. නමුත් ඒවා හොයා ගන්නේ කොහොමද ඒ ගොඩේ? වැඩි හරියක් තිබුණේ අහලා නැති නවකතාකාරයින් ගේ අළුත් පොත්.
හොඳම වැඩේ තමයි එතන වැඩ කරන කෙනෙකුගෙන් අහන එක!
"මොනවද මිස් හොයන පොත්?" සාමා හිටපු තැනට ආපු අර පොත් කඩවල්වල සාරි ඇඳලා ඉන්න කෙට්ටු සේල්ස් කෙල්ලෙක් ඇහැව්වා.
"මට ඕනෑ නවකතා පොත් දෙක තුනක් ගන්න."
"මොනවද මිස් ඒවායේ නම්?"
ඕගොල්ලෝ ගාව තියෙනවාද මේ.. අර.. මාර්ටින් වික්‍රමසිංහ ගේ "ගොළු හදවත"?
-කතන්දරකාරයා
ප/ලි:
ඔච්චර මහ ලොකු පොත් සාප්පුවක් වෙලත් ඒ පොත තිබිලා නෑ එතන.
පස්සේ කරුණාසේන ජයලත් ගේ "රතු රෝස", කුලසේන ෆොන්සේකා ගේ "රෝහිණී", කුමාර කරුණාරත්න ගේ "පාළම යට" වගේ පොත් තුන හතරක් අරං ගෙදර ඇවිත්.