Saturday 24 August 2013

කාන්තාවන්ට පමණක් සීමා වූ රහස් වැඩකට අත ගසා මහා විප්ලවයක් කළ පිරිමි පරාණය - What's common between buying sanitary napkins and condoms?


මෙය කාන්තාවන්ට පමණක් අදාල සනීපාරකක්‍ෂක තුවා ගැන කතන්දරයකි. කාන්තා සහ පිරිමි දෙපාර්ශවයටම වැදගත් කෙන්ඩොම් ගැන ද ඉතා වැදගත් සඳහනක් ඇත!

මාවලස් නමින් අප සැම හැඳින්වූ චරිතය මට හමුවූයේ සෑහෙන කාලයකට කලින් මා රජයේ සේවා ස්ථානයක මාස තුනක පුහුණු වැඩසටහනකට සහභාගීවෙමින් සිටි කාලයක දී ය.

රජයේ රැකියාවට අමතරව මාවලස් ග්‍රොසරියක් ද රන් කළේය. දිවා කළ එහි වැඩ කළේ ඔහු ගේ ප්‍රිය බිරිඳයි. සැමියා ගේ වැඩ මුරය යෙදෙන්නේ සතියේ දිනවල සවස් කාලයේ සහ සති අන්තවලදී ය.

සේවා ස්ථානයේ දී විවේක වේවාවල කැරම් ගසමින් විනෝදවෙන අතරතුර දී ග්‍රොසරියේ රසකතා අප හා පැවසීම මාවලස් මහතා නිතිපතා කළ කාර්යයකි.

ඔහු රසකරමින් පැවසූ එක් කතාවක් වූයේ ග්‍රොසරියට බඩු ගන්නට එන කාන්තාවන් එවකට කෝටෙක්ස් නම් වූ වෙළඳනාමයෙන් පොදුවේ හැඳින්වූ සනීපාරක්‍ෂක තුවා ඉල්ලන ආකාරයයි.

වෙනත් බඩු භාණ්ඩ දෙස බලමින් සිට එක්වරම "අන්න අරකක් දෙන්න!" යනුවෙන් ඔවුන් පවසන බවත්, ඒ හැසිරීමෙන්ම මේ ඉල්ලන්නේ මොනවාද යන්න ඔහු වටහා ගන්නා බවත්, ඉන්පසු අදාල භාණ්ඩය ගෙන එය මනාව පත්තර පිටුවකින් ඔතා සකසා පාරිභෝගිකයා අතට ලබා දෙන බවත් මාවලස් අප සමග පැවසීය.

පාරිභෝගික භාණ්ඩයක් මිළට ගැනීම මෙතරම් ප්‍රශ්නයක් වෙන්නේ ඇයිදැයි මට එදා නොවැටහිණි.

මට එය මුල්වරට වැටහුණේ මින් වසර එකොලහකට පමණ පසු විවාහකයෙකු ලෙස කොණ්ඩම් මිලට ගැනීමට යාමේ දී ය.

මේ සිදුවීම් මගේ සිහියට නැගුණේ මිතුරෙකු විසින් එවන ලද සබැඳියක් ඔස්සේ යමින් පහත දක්වා ඇති වීඩියෝව නැරඹීමෙන් පසුවය.

කාන්තා සනීපාරක්‍ෂ තුවා නිපදවීම පිළිබඳ මහා පෙරළියක් කළ ඉන්දියානු ජාතික අරුනාචලම් මුරුගනාන්දන් ගේ මේ කතාව පොඩ්ඩක් අහන්න.



http://www.ted.com/talks/arunachalam_muruganantham_how_i_started_a_sanitary_napkin_revolution.html

මේ වීඩියෝ එකේ සෑහෙන්න හිනායන කතා තිබේ. නමුත් ඊටත් වඩා වැදගත් කරුණු කාරණා රාශියක්ද ඇත.

මේ අරුනාචලම් මුරුගනාන්දන් කියන මනුස්සයා අදහන්න වටින පුද්ගලයෙක් කියායි මට හිතෙන්නේ!

-කතන්දරකාරයා

ප/ලි:
පොඩි සෞඛ්‍ය ප්‍රශ්නයක් නිසා අද කතන්දරය ලියා ප්‍රසිද්ධ කිරීම දවස් බාගයකින් පමණ ප්‍රමාද විය. ඒ පිළිබඳ මගේ කණගාටුව.


(image: http://advice.uk.match.com/sites/default/files/styles/large/public/Shy%20Single%2083812873.jpeg?itok=4sPDjzis)

49 comments:

  1. //මට එය මුල්වරට වැටහුණේ මින් වසර එකොලහකට පමණ පසු විවාහකයෙකු ලෙස කොණ්ඩම් මිලට ගැනීමට යාමේ දී ය.//

    "මින් වසර එකොලහකට පමණ පසු විවාහකයෙකු ලෙස" කෑල්ල විතරක් highlight කරේ ඇයි? ;) ;) ;)

    ReplyDelete
    Replies
    1. නැවත බලන්න.

      "වසර එකොලහකට පමණ පසු විවාහකයෙකු ලෙස" යන්න හයිලටයිට් කර නැත. එය හයිපර් ලින්ක් එකකි. ඒ ඔස්සේ වෙනත් කතන්දරයකට පිවිසිය හැක.

      හයිලයිට් කර ඇත්තේ "කොණ්ඩම් මිලට ගැනීමට"යන්නය. ඒ එවැනි සඳහනක් වීඩියෝ වේ ඇති නිසාය.

      වීඩියෝව බලන්න.

      Delete
    2. @ janitheco

      කතන්දර බ්ලොග් අඩවියට ඔබ පැමිණි මුල් දිනය අද යැයි සිතමි.

      සාදරයෙන් පිළිගනිමි!

      Delete
  2. විඩියෝව බලලම කොමෙන්ටුවක් දාන්න එන්නම්කෝ

    ReplyDelete
    Replies
    1. කොහොමද? කී පාරක් බැලුවද?
      මං නං තුන් පාරක්ම බැලුවා!

      Delete
  3. මටත් ඔය අත්දැකීම තියනව අපේ තාත්තගෙ කඩේට ඉස්සර මම උදව්වට ගියාම ගෑනු කට්ටිය ශෝකේස් එකේ ඊව පැකට් තියන තැනට අත දික් කරල මෙන්න මේකක් දෙන්න කියනව කව්රුවත් නම කියල ඉල්ලන්නෙ නෑ, ඒ මදිවට ගත්ත ගමන් කාටවත් නොපෙනේන බෑග් එකට ඔබාගන්නෙ හොර බඩු වගේ :D

    ReplyDelete
    Replies
    1. ඔයාට තිබුණේ ඔතලා දෙන්නනේ පත්තර කොලේකින්.

      වීඩියෝව නරඹලා නෑ වගෙයි.

      Delete
    2. ගොඩක් වෙලාවට පත්තර කොලේකින් ඔතල තාමා දෙන්නෙ ඒත් සමහර අය ඔතන්ඩත් කලින්ම ඉල්ලන් බෑග් එකට දාගන්නවනෙ :D
      තාමනම් බැලුවෙ නෑ දැන් බලන්නම්කො....

      Delete
    3. ඇත්තටම මේ වගේ මිනිසුන් තමා රටකට ඕන රටක් දියුනු කරන්න...හොද වීඩියෝ එකක්...මෙය ඉදිරිපත් කිරීම පිලිබද ඔබට ස්තූතිවන්ත වෙනව...

      Delete
  4. මම මේ දැන් ඉන්න ලෝකෙ දියුණුම රටක් ලෙස සැලකෙන රටෙත් ඕවා සාමාන්ය බඩුදාලාදෙන ට්‍රාන්ස්පේරන්ට් ශොපින් උරවල නොදා කළුපාට ශොපින් උරවල දාලා තමයි දෙන්නෙ!

    ReplyDelete
    Replies
    1. සෑහෙන් දියුණු වගෙයි, ආශ්චර්යයට ලඟද?

      වීඩියෝව නරඹලා නෑ වගෙයි.

      Delete
  5. LIYANTA TOPIC NATHNAM SATHA PAHA KATHA NOLIYA NIKAM IMMU/

    ReplyDelete
    Replies
    1. අපොයි එහෙම කොහොමද?

      එහෙම කළොත් ඔහේ කොහොඟෙයි මෙතන ඇවිත් කැපිටල් කමෙන්ට් දාන්නේ?

      ඒක නොවෙයි, අර ජයශ්‍රී ගේ බ්ලොගයේ ජයසේකර නමින් කමෙන්ටුවක් දැම්මේ ඔහේද?

      සිංහල බ්ලොග් සහ සිංහල සිනමාව – Blogs & Cinema

      එහෙම කෙරුවේ බූවා ගේ සිතුවිලි ලියන බ්ලෙග්කාරයාව අල්ලන්නද?

      Delete
    2. බූවා ගේ සිතුවිලි බ්ලොගය නම් බොරුවට දාපු එකක්,spelings වෙනස්.
      මෙතන තියෙන්නේ Buwagesithuwili කියල: නමුත් අපේ “බුවා“ ගේ අඩවියේ තියෙන්නේ(සැබැ බ්ලොගයේ) Buwage Sithuvili ! කියල.wනෙවෙයි v

      Delete
    3. @ ජයශ්‍රී
      මා එය දුටුවා.

      මගේ ප්‍රශ්නය නම් කැපිටල් ඇනෝ අංකල් එහෙම කෙරුවේ ඇයි? යන්නයි!

      Delete
  6. ෆාමසි වල ඉන්න සමහර කෙල්ලො හිතන්නෙ කොන්ඩම් එක ගන්නෙ එයාලත් එක්ක ඉන්න කියලනේ. ඒක තමා ඉවසන්න බැරි

    ReplyDelete
    Replies
    1. නෙට් එකෙන් බාගත්ත ස්ටෝරියක් මතකු උනා

      කොල්ලෙක් ෆාමසියකට ගිහිං කොන්ඩම් පැකට් එකක් ඉල්ලුවලු, ඒකෙ හිටියෙ එක අක්ක කෙනෙක් විතරයිලු. එයා කොල්ල දිහා අමුතු විදිහට බලල, ඇහුවලු ‘මල්ලි ඕක දාගන්න දන්නවද?‘ කියල. උත් ‘නෑ‘ කිව්වලු. කෙල්ල ඉතින් හුළං පිරෙන් නැති වෙන්න මාපොට ඇඟිල්ලකට දාලා පෙන්නුවලු. ඊට පස්සෙ කොල්ලව එක්කගෙන ෆාමසියෙ පිටිපස්සෙ කාමරේට ගියාලු. ගිහිං ‘වැඩි වෙලාවක් නෑ, ලොක්ක තව ටිකකින් එයි‘ කියලා අක්කා එතන තිබ්බ මේසෙ උඩ ඇළවෙලා, ##########################################################################################
      ‘දැන් මල්ලි කොන්ඩම් එක දාගන්න‘ කිව්වලු. ඊට පස්සෙ ################################################################################################# අන්තිමේ කොල්ලට බඩු ගියාලු, අක්කගෙ මූණ ඇඹුල් උනාලු. අක්ක තරහෙන් ඇහුවලු ‘ඇයි තමුසෙ කොන්ඩම් එක දාගත්තෙ නැද්ද?‘ කියලා. කොල්ලත් ‘මේ තියෙන්නෙ‘ කියලා උගෙ මාපොට ඇඟිල්ල පෙන්නුවලු.

      Delete
    2. @ උකුස්සා,

      ඇයි එයාලා ලැජ්ජාවෙන් ඇඹරෙනවාද?

      මේ වීඩියෝව බැලුවාද?

      Delete
    3. @ ඩ්‍රැකී,
      ඕකෙම තව වර්ෂන් එකක් තියෙනවා දොස්තර උපදෙස් දෙන මේක ඕගන් එකට දාන්න කියලා!

      මේ වීඩියෝව බැලුවාද?

      Delete
    4. ඔව්, ඔන්න රජයෙන් කරනවානම් වැඩ.

      Delete
    5. ඉස්සර නම් ඔය සයිට් එකේ වීඩියෝ බැලුව. දැන් මේ කනෙක්ෂන් එකත් එක්ක අමාරුයි.

      Delete
  7. අර “ගණිකාව“ කියන්නේ මොකක්ද වගේ මටත් ළමා කාළයේ විසඳගන්න බැරිව හිටපු අභිරහසක් තමයි ඔය “සනීපාරක්ෂක තුවා“ කියන එක.

    ReplyDelete
    Replies
    1. තවත් අමාරු වචනයක්, නේද?

      මේ වීඩියෝව බැලුවාද?

      Delete
  8. eka thmay eye surgical (asiri) eke pavulath ekkama hitiye !

    ReplyDelete
    Replies
    1. කවුද? අරුනාචලම් මුරුගනාන්දන් ද?

      මේ වීඩියෝව බැලුවේ නැ වගේ?

      Delete
  9. කොහොමත් අපේ අය ලැජ්ජා වෙන්නේ ලැජ්ජා වෙන්න ඕනේ දේට නෙවෙයි නේ!

    ReplyDelete
  10. Replies
    1. පොරගෙන් ඉගෙන ගත හැකි දේ බොහොමයක් තියෙනවා!

      Delete
  11. අක්කලා හතරදෙනෙක් ඉන්න පුංචි මල්ලීයෙක් පාටියකදී කීවාලු "අම්මෙ මටත් සනීපාරක්ෂක තුවායක් ඕනේ කියලා"

    ReplyDelete
    Replies
    1. අර වැම්පයර් කතාව දන්නවා නේද?

      Delete
  12. ඇත්තටම ඔය දවස් දෙකට,තුනට පිටවන මිලි ලි.30 හේ ප්‍රමාණය පෙගවෙන්න සනීපාරක්ෂක තුවා නිපදුවෙ නැත්නම් ගැහැණු දරුවො අද කොච්චර අපහසුතාවයකට පත්වෙනවද?

    ReplyDelete
    Replies
    1. ඔය වීඩියෝවේ කියවෙනවා මේ මනුස්සයා එ ගැන දවස් පහක් තිස්සේ කරපු පරීක්‍ෂණයක් සම්බන්ධවත්.

      Delete
  13. බයිට් බයිටි කියලා බලන්නේ නැතුව වීඩියෝ එක දෙපාරක්ම බැලුව... මෙතන මේ සැනිටරි නැප්කින් කතාව නෙවෙයි වැදුනෙ.. අර Little educated, back pocketed man, guest lecturer කතාව... ඇයිද මන්දා මට මේ වගෙ ඒවා දකින කොට අපේ රටේ දොස්තරලා ලෝයර්ලා ඉංජිනේරුවෝ ගැන පුදුම අනුකම්පාවක් දැනෙනවා...

    ReplyDelete
    Replies
    1. මේක ඉන්දියාවේ කේස් එකක් නේ! ඇයි ලංකාවේ අය ගැන අනුකම්පා කරන්නේ?

      අනික මේ TED සයිට් එකේ බැලුවොත් තවත් මේ වගේ කතා රාශියක් තියෙනවා. ඒ හැම කෙනෙක්ම කොලේජ් ඩ්‍රොප් අවුට් ලා නොවෙයි.

      මෙන්න සයිට් එකට පාර නැවතත්: http://www.ted.com/talks

      Delete
  14. මම බැලුවේ මුල් විනාඩි 4 විතරයි කකා. අප්‍රසන්නයි..වයිෆ්ගේ සනීපාරක්ෂක තුවාය ගැන ඔච්චර දඟලන්න දෙයක් නැහැනේ. මෝඩ ඉන්දියානුවෝ.. I really hate them ..

    ReplyDelete
    Replies
    1. (වීඩියෝ වේ ඉතුරු ටික නොබැලූ) මෝඩයා ඔහු නොවෙයි, ඔබයි!

      මෙය ඔබ හිතන ආකාරයේ කතාවක් නොවෙයි. ඕන්නං බලන්න, එපා නම් බලන්න!

      මේ වීඩියෝව ඇතුලත් සයිට් එකේ තියෙන අනිත් දේශනත් බලන්න.
      http://www.ted.com/talks

      Delete
    2. this silentsahan has kind of STHREEPHOBIA.I have noticed it so many comments like this.

      Delete
  15. එල පොරක් නේ... මාත් ඉස්සර නිවාඩු කාලේ අපේ ලොකු අම්මලගේ කඩේ ඉඳලා තියනවා. වැඩි හරියක්ම ඕවා ගන්න එන්නේ මිනිස්සු. ගොඩක් වෙලාවට බ්‍රැන්ඩ් එකයි තව විස්තරයි ලියපු පොඩි තුණ්ඩු කෑල්ලක් දීලා කියනවා මෙයින් එකක් දෙන්න කියලා. මම හිතුවේ ලොකු තුවායක් ඕක ඇතුලේ තියෙනේ කියලා හොඳට නමලා. මම කල්පනා කලා තුවායවල් ඇයි මේ පැකට් කරලා තියෙන්නේ කියලා.. ලොකු අම්මගේ පුතා තමයි විස්තරේ කියලා දුන්නේ.

    ReplyDelete
  16. බුවාලන්තේ ඉන්ටනෙට් අවුල් හින්ද වීඩියෝ එක ලෝඩ් වෙන්නේ නෑ කකා. යු ටියුබ් ලින්ක් එකක් වත් තිබ්බා නං බලන්න තිබ්බා.

    ReplyDelete
  17. ඔබේ ලිපි නිතරම කියවලා ගියත් අදහසක් පල කරන මුල් වතාව අදයි. වීඩියෝව ඉතාමත් වටිනවා. පල කලාට ස්තුතියි...

    ReplyDelete
  18. අද පෝස්ට් එකට කමෙන්ට් ගණන 44
    මා විසින් දමපු ඇනෝ කමෙන්ට් ගණන 0
    වෙනත් ඇනෝ වරු දමපු කමෙන්ට් ගණන 6
    කකා විසින් දමපු කමෙන්ට් ගණන 18
    වෙනත් ප්‍රොෆයිල් කමෙන්ට් ගණන 20

    ReplyDelete
  19. සනීපාරක්ෂක තුවා ඔතරම් සගවන්නේ ඇයි කියල මටත් තේරෙන්නෙ නැහැ..කොන්ඩම් නම් ප්‍රයිවට් එකේ ගන්න ඕන කියමු..ඒත් මේක කොයිතරම් සාමාන්‍ය දෙයක්ද..
    වීඩියෝ එකේ නම් හැමෝට ම ඉගෙනගන්ට දේ තිබේ..

    ReplyDelete
  20. විහිලුවකට වඩා සංවේදී video එකක්....මෙතන "වැඩිපුර උගත්" මිනිස්සු සමාජයට කරල තියෙන්නෙ මොනවාද?

    ReplyDelete
  21. No matter if some one searches for his requird thing, thus he/she
    wishes to be available that in detail, therefore that thing is maintained
    over here.

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.