Monday 9 May 2011

පෙම් කිරීමට උපදෙස් පාඩම් අංක 1 - කොල්ලන්ට පමණයි


කාලෙකට ඉස්සෙල්ලා මං ලව් කරන්නට යන කොල්ලන්ට පොඩි උපදෙසක් කියලා කතන්දරයක් දැම්ම මතකද? ඒක අත්දැකීම් නැති සමහරුන්ට ටියුබ් ලයිට් වුනත් හුඟ දෙනෙක් මං කියපු කතාවට මුළුමනින්ම එකඟ වුණාය කියල කියන්න පුළුවනි.

ඒ කතන්දරේට ලැබුණු ප්‍රතිචාරවලට උත්තර බඳින අල්ල-පනල්ලේ තමයි මට හිතුනේ ලව් ෆෝ ඩමීස් කියලා පොතක් ලියන්න ඇත්නම් හොඳයි නේද කියලා. (මේ කියන්නේ ලව් මේකින් ෆෝ ඩමීස් [love making for dummies] හෙම නෙමේ, හරිය?)

ඒ පොත් කොයි හැටි වෙතත්, අද මට හිතුනා පොඩි ලෙසන් එකක් ලියලා දාන්න ඕනෑ කියලා.

කිසිම ගුරු මුෂ්ඨියක් නැතුවයි මේ කියන්නේ ඇත්ත ඇති හැටියේ.

දැන් ඔන්න හිතන්න තමන්ගේ හිතේ අදහසක් තියෙන කෙල්ලෙක් ඉන්නවා. හොඳට දන්නවා, අඳුණනවා, කතා කරනවා. නමුත් එතනින් එහාට මොකුත් නෑ කියලා.

දැන් මේ කෙල්ලගේ හිතේ තමන් ගැන "ආදර බර මියුරු කල්පනා, සාගර රළ ලෙස උපද්දන්න" ඕනෑ නම් කරන්න ඕනෑ මෙන්න මේකයි.

කෙල්ල හොඳට දන්න, නමුත් වැඩි දෙනා නොදන්න, පොඩි දෙයක් ගැන තර්කයක් පටන් ගන්න, හැබැයි තමන් තර්ක කරන්න ඕනෑ වැරදි පැත්තටයි.

උදාහරණයක් විදියට කියනවා නම්, අයිෂ්වර්යා රායි බැඳලා ඉන්නේ ෂාරුක් ඛාන්ව හරි වගේ දෙයක් ගැන. ඊලඟට කොහොම හරි තමන් පැරදෙන්න ඔට්ටුවක් අල්ලන්න චොකලට් ස්ලැබ් එකක් වගේ දේකට.

ඉතිං, නෙට් එකෙන් හරි, පත්තරේකින් හරි හොයලා බලලා, ඔට්ටුව තමන් දිනුව බව කෙල්ල එක්ක එකඟ වුණාට පස්සේ වහාම චොකලට් එක ගෙනත් දෙන්න. කලින්ම අරගෙන තියාගන්නත් පුළුවනි. දන්නවානේ අනිවා පැරදෙන බව.

සමහරවිට චොකලට් කෑල්ලක් ආපහු හම්බ වෙන්නත් ඉඩ තියෙනවා.

මේක සැක නොහිතෙන්න දෙතුන් පාරක් කරන්න පුළුවනි.

දැන් කෙල්ලගේ හිතේ ඇතිවෙන්නේ සතුටක්. ඇයි දිනුවනේ ඔට්ටුව.

කොල්ලා ගැන පොඩි අනුකම්පාවක්, ආදරයක් වගේ එකකුත් ඇතිවෙනවා සිකුරුයි.

ඊලඟට තමයි අමතක නොකර කළ යුතුම පාට් එක එන්නේ.

නිවාඩු පාඩුව පස්සේ දවසක කියන්න, "මං එදා අර ඔට්ටුව ඇල්ලුවේ අනිවාර්්‍යයෙන්ම ඔයාට දිනුම දීලා ඒ මාර්ගයෙන් ඔයාට චොක්ලට් එකක් දෙන්න"ය කියලා.

වැඩේ හොඳටම පොසිටිව් වේවි.

මේක ට්‍රයි කරන කාලේ නොකරපු අයට, පස්සෙන් පහු වුනත් කරන්න පුළුවන්. ඒ මගින් ඔය පොඩි පොඩි අමනාපකං, අවුල් නැති කරගන්නත් පුළුවන් වෙයි.

-කතන්දරකාරයා

ප/ලි:
බැඳපු අයට වුනත් පාඩුවක් වෙන්නේ නෑ, වයිෆරේට ඉඳලා හිටලා හරි චොකලට් එකක් ගෙනත් දුන්නොත්!

අත්දුටුවයි, සත්තකයි.

ප/ප/ලි:
මෙන්න ප්‍රතිඵල
http://tikakhinawenna.blogspot.com/2011/07/blog-post_14.html
javascript:void(0)
අප කළ ගුරුකමක් වැරදුනේ නැත.
හරි ගිය පසු ගාස්තු!


(image: http://www.slstudents.org/album/displayimage.php?album=6&pos=33)

49 comments:

  1. අයියේ මුල් වැඩ කෑල්ල නම් කරන්න පුළුවන්... දෙවැනි කරපු ගමන්...

    ඈ... තමුසේ මාය අල්ලගන්නද ඕයි එහෙම කලේ... ඉඳා මෙන්න උඹේ චොකලට් වල සල්ලි... මං යනවා අපේ අම්මලාගේ ගෙදර කිව්වොත්....?

    එතකොට තවත් වියදමක්... අම්මලෑ ගෙදර යන්නත් සල්ලි දෙන්න ඕනෙ අපිනේ...

    ReplyDelete
    Replies
    1. ‍මොන ‍පෙම්ද මන්නම් වශියක් කරගන්නව තැනක් හම්බ උනා www.nomileguru.blogspot.com

      Delete
  2. මේ වැඩේ හරියන්නෙ නෑ.. කකා රාජ්‍ය රහස් පිටට දෙනවා.. දැන් මේ උපක්‍රම කෙල්ලො දැනගත්තම කොල්ලන්ට හුළං නොවැ..

    ReplyDelete
  3. කතන්දරේ අපිව කෑව.... මේ හාදයගේ බොග් එක වැඩිපුරම බලන්නේ කෙල්ලො.. දැං ඉතිං චොකලට් දීලත් හමාරයි... මේ වගේ දේවල් ප්‍රසිද්දියේ කියනවද කොලුවො.. ඊ තැපෑලට ගානක් අරගෙන එවල කීයක් හරි හොයා ගන්න පුලුවන් උපදෙස් නොවැ.....

    ReplyDelete
  4. You're trying to trick women into loving you? Good luck with it.

    ReplyDelete
  5. හෙටම කරල බලන්ඩ ඕනෙ. ඕක යාලු වෙලා ඉන්න එක්කෙනාට කරත් කමක් නැහැ නේද ක.සූ?

    ReplyDelete
  6. අත් දුටුවයි.... සත්තයි......

    විවාහයට කලින් හා පසු...

    ReplyDelete
  7. නරකද කෙල්ලන්ටත් උපදෙස් මාලවක් දුන්නොත්

    ReplyDelete
  8. නරකද කෙල්ලන්ටත් උපදෙස් මාලවක් දුන්නොත්

    ReplyDelete
  9. පිස්සු හැදෙන සද කිව්වලු. හනේ මෝඩ කෙල්ලනේ...

    ReplyDelete
  10. තනිකර රැවටීමම තමා නේද ...[ මාත් කරල තියෙනවා..හැබැයි ඔය විදිහට නොවේ .. හි..හි.. වෙන විදිහකට] සමහරු නං ඕකට සම්‍යක්ප්‍රයෝගය කියලත් කියාවි.
    අපි පොඩි කාලෙ ඉඳලම ඉගෙනගන්න .. අවංක භාවය / සත්‍යවාදී භාවය / විනිවිද පෙනෙන ගතිය / ආදිය අසාර්ථක බව නොවේද මින් ගම්‍ය වන්නේ.
    මොකද ... මීට වඩා දරුණු දේවල් වලටත් මිනිස්සු මේ ප්‍රයොග භාවිත කරනවනේ .

    ReplyDelete
  11. චොක්ලට්ද? කෙල්ලන්ට චොක්ලට ගැන ඉතින් කවර කතාද..
    (love making for dummies පොත ලියන්න අදහසක් එහෙම නැද්ද?)

    ReplyDelete
  12. අනිව... අතේ තියෙන තුට්ටු දෙකට කෙලවෙන පොටක්... :)

    ReplyDelete
  13. චොකො කවල කවල අල්ලගෙනෙ .. අන්තිමට තමය් කරපු මොඩකම තෙරෙන්නෙ. අපරදෙ චොකො වලට දීපු සල්ලි කියල. හෙක් හෙක්

    ReplyDelete
  14. ඉකේයියා....අපි පොඩි උන්

    ReplyDelete
  15. අතේ තියෙන තුට්ටු දෙකට කෙලවෙන වැඩක් හෆොයි....!

    ReplyDelete
  16. මම මේ කල්පනා කලේ කතන්දර ඉගෙන ගන්න කාලේ චොක්ලට්වලට මොන තරම් සල්ලි වියදම් කරන්ට ඇතිද? කීදෙනෙක් ඒ චොක්ලට් කාලා අහක බලාගන යන්ට ඇද්ද කියලා.

    දැන් නම් ඉතින් කවුරුහරි නිකං චොක්ලට් දුන්නත් කෙල්ලෝ නම් ගන්නේ එකක් නෑ.

    හොඳයි මේ උපදේසේ කෙල්ලන්ටත් පේන්ටම දැම්ම එක.

    ReplyDelete
  17. විනාසයි... තිබුනු යාලුකමත් නැති උනානෙ බන්.. :/

    මම මුලින්නම් ඔන්ලයින් ආවම එයා ඇහුව අපි ඔට්ටුවක් අල්ලමුද කියල... ඒයා කිවුව හොද යාලුවො ඔට්ටු අල්ලන්නෙ නෑ කියල. ලොල්ය.. ඊට පස්සෙ මම කිවුව පැහැදිලි කරල මම ඔයාට දිනුම දෙනව. මට ඔනි ඔයාට චොකො එක දෙන්න කියල. පියවරෙන් පියවර කියල දුන්න.. පස්සෙ මම මේ පෝස්ට් එකේ ලින්ක් එකත් දුන්න... දැන් මා එක්ක කතා කරන්නෙ නෑ නෙ බන් එයා.. මොකො කරන්නෙ.. ??? :( :(

    ReplyDelete
  18. කසු "Love Guru" කෙනෙක් වෙලානේ.... මොනව උනත් පාට් ටයිම් එකට කරන්න හොඳ ජොබ් එකක්. ඉල්ලුමට සරිලන සැපයුම දෙන්න තමයි බැරි වෙන්නෙ.....!

    මොනව උනත් අපේ ගම හාමිනේ මීට පස්සෙ මම දෙන චොක්ලට් කන එකක් නෑ. අනික කසු මේ උප්දේස වලට යටින් පොඩි වෝනින් එහෙකුත් දාන්න වෙයි අර සිගරට් පැකට් වල දාල තියෙනවා වගේ. මෙන්න මේ වගේ,

    "චොකලට් කෑමෙන් මුරුන්ගා කරල් වට්ටක්කා ගෙඩි බවට පත් විය හැක....!"

    (අනික මේ කොල්ලන්ට පමණයි කියලා ගහලා තියෙන පෝස්ට් එකේ කෙල්ලෝ කොහොමෙයි කමෙන්ට් දාන්නෙ? ඒකෙන් තව තියරියක් හරියනවා. මේ ගෑනුන්ට මොනව හරි කියන කට හොඳයි...!)

    ReplyDelete
  19. මදැයි බ්ලොග් කියවන කෙල්ලෙක් යාළු කරගන්න තිබුන චාන්ස් එකත් නැති කළා.
    @ පොඩ්ඩි.
    ඒකම තමා මාත් කල්පනා කලේ. කතන්දර කොච්චර චොක්ලට් වලට සල්ලි වියදම් කරන්න ඇතිද කියල. හැබැයි චොක්ලට් වෙනුවට වෙන කැමති දේකට ඔට්ටුව අල්ලන්න පුළුවන්නේ. අනික එහෙම කලාම කෙල්ල දැනගන්නවා දැන් මේ හදන්නේ මොකක් කරන්නද කියල. ඒ නිසා දෙවෙනි පියවරට යන්න වෙන්නේ නෑ නේ.

    ReplyDelete
  20. මෙන්න කෙනෙක් දැන් මගෙත් එක්ක ඔට්ටු අල්ලන්ට ආවා. කතන්දරගේ බ්ලොග් එකට පිංසිද්ධ වෙන්ට යාන්තම් එයාගෙන් ගැලවුනා.

    "Trufflina, Guylian Belgian Chocolates" ගැන. අපොයි.

    ReplyDelete
  21. ලබන සතියෙම මේක කරල බලන්න ඕනේ.... මට නන් හොඳටම ෂුවර් මම මේ වැඩේ කරන්ඩ යන ගෑනු ළමයා මේක කියවන්නෙ නෑ කියලා.... හික් හික්...

    ReplyDelete
  22. කතන්දරගෙ මේ වටිනා උපදෙසෙං මට කිසිම වැඩක් නෑ . . . . මගෙ හාමිනේගෙ අකමැතිම කෑමක් තමා චොකලට් . . . . .

    ReplyDelete
  23. අභීතයත් සාක්කි දීලා තියෙන එකේ කරලම ගුණාගුණ කියන්නංකො

    ReplyDelete
  24. Mrs.Observer ට නං ඒ කාලේ වැඩ කලේ අයිස් ක්‍රීම්,ආයේ ඔට්ටු අල්ලන්න ඕනෙ වුනේ නැහැ,අයිස් ක්‍රීම් කිව්වම.

    ReplyDelete
  25. චොකො වෙනුවට කොලකෙද හොන්දයි ඔන හමිනෙ කෙනෙකුට හොන්දයි

    ReplyDelete
  26. අපෝ චොක්ලට් වලට රැවටිච්ච කාලෙ ගියා..

    ReplyDelete
  27. අපි අහුවේවි ඔය ගැට වලට හි හී

    ReplyDelete
  28. මටත් සුවර් මන් මේ වැඩේ කරන්න යන ලමයා මේක බලන්නේ නෑ කියල....කරල බලන්න ඕන....තැන්කියු කතන්දර අයියේ.....:D...!!!

    ReplyDelete
  29. @ සියළු දෙනාටම

    මාර වැඩේනේ! මට අමතක වුනා මේකේ කතන්දරේ ලියන්න. මං ලියලා තියෙන්නේ ඇඩ්වයිස් එක විතරයි.

    නමුත් මට දැන් තේරෙන්නේ නිධාන කතාව නැතුව උපදෙස විතරක් දුන්නත් ඇති වගේ!

    ReplyDelete
  30. @ All

    නිධාන කතාව ඉතා කෙටියෙන් මෙහෙමයි. දැන් අවුරුදු අශකයකටත් ඉස්සර කාලෙක මං අඳුනන කෙල්ලෙක් කිව්වා වැඩ පොලේ පොරක් එක්ක ඔට්ටු අල්ලලා චොකලට් එකක් දිනපු බව.

    මං මොකක්ද කාරනේ කියල හොයල බලපුවාම තමයි ඒ පොරගේ ප්ලෑන් එක මට මීටර් වුනේ.

    එදා ඉඳලා මං ෂෙරොක්ස් එකෙන් වින්ඩෝස් ගත්තු බිල් ගේට්ස් වගේ ඒක පාවිච්චි කලා මගේ වාසියට.

    ReplyDelete
  31. සීන් එක හොඳයි..හැබැයි අර පස්සෙ කාලෙක ඇත්ත කියන්න යන එක නුවණට හුරු නැ...

    ReplyDelete
  32. අපේ ගං තුලානේ එක කෙල්ලක්වත් බ්ලොග් කියවන්නේ නෑ .. ඉතින් මේ පෝස්ට් එකේ පට්ටම සෙතේ වෙන්නේ මට. කතන්දර ලියාපු පෝස්ට් එතරින් පට්ටම පෝස්ට් එකක් තමා මේක .. මම මේක කරලා බලලා ඔයාට කමෙන්ට් එකකින් ප්‍රතිථල දන්වන්නම්

    මට පොඩි අවුලකුත් තියනවා .. අපි කිහිපවතාවක්ම ඔට්ටුවෙන් පරදිනකොට කෙල්ල හිතාවිද අපේ බුද්ධි මට්ටම පහලයි කියලා ...? අන්න ඒක තමයි සියුම් බියකට තියෙන්නේ .

    ReplyDelete
  33. @හිස් අහස
    ඒක වෙනම post එකක්. දැං දැං උඹටත් කතන්දරට වගේ ලින්ක් තියෙන post දාන්න හැකි වේවි :)

    ReplyDelete
  34. අදින් පසු http://vajiradevi.blogspot.com/ වෙබ් ලිපිනයෙන් වජිරදේවිගේ ලිපි සමඟ එකතු වෙන්න.

    ReplyDelete
  35. තව ඔය පොඩි පොඩි කෙම් ක්‍රම එහෙම නැතියි?

    ReplyDelete
  36. මම දන්න යාලුවෙක් වෙන උපක්‍රමයක් පාවිච්චි කරලා තියෙනවා. පොර කරලා තියෙන්නේ තමුන්ගේ හිත ගිය කෙල්ලට විහිලු කරන්න තමුන්ගෙම අපාය සහාය මිත්‍රයෝ ටිකක් යොදාගෙන කෙල්ල තනියෙන් පාරේ යනකොට කෙල්ල ඔරොප්පු වෙන එක එක ඒව කියවන එකයි. මේ වෙලාවෙදි අපේ පොර ඇවිල්ලා කෙල්ලට විහිලු කරපු උන්ට අම්බානක නෙලලා බොරුවට. උනුත් බොරුවට ගුටි කාලා දුවලා. මගේ මිත්‍රයා කියපු විදිහට එදා ඉඳන් කෙල්ල සෙට්. නමුත් දැන් ඌ කෙල්ලගෙන් ගුටිකනවා කියලා තමයි ආරංචි.

    ReplyDelete
  37. පිරිමින්ට පමණයි කිව්වට ඉතින් මාත් කියෙව්වා... පාසල්ට මේක පෙන්නලා කියන්න ඕන, තරහ උන වෙලාවට මේ ක්‍රමේ අනුගමනය කරන්න කියලා.... :)

    ReplyDelete
  38. @ All
    හැමෝටම පොදු පිළිතුරක් දෙන්නම්.

    මේක විශේෂත්වයක් තියෙන පෝස්ට් එකක්. කරුණු දෙකක් නිසා. එක, මට උපදෙස් ටික ලිව්වා මිසක් නිධාන කතන්දරය ලියන්න අමතක වුනා.

    නමුත් කවුරුවත් ඇහැව්වේ නෑ, කෝ කතන්දරේ කියලා.

    දෙක, පුදුම උද්යෝගීමත් ප්‍රතිචාරයක් තිබුනේ.

    කියවූ, කියවා කමෙන්ට් කළ සියළු දෙනාටම ස්තුතියි.

    ආදරයට නීති නෑ. කැමති දෙයක් කරන්ණ පුළුවනි. රුවටිල්ලක් ගැන නෙමේ මේ උපදෙස. චූටි සම්ය්‍යක් ප්‍රයෝගයක් ගැණ විතරයි. ඒකත්, කෙල්ලෙකු චොලට් කැවීමේ පරම පවිත්‍ර චේතනාවෙන් කරන දෙයක් හින්දා පවක් නෑ.

    ඕනයා- නෝනා චොකලට් කන්න අකමැති නං වඩේ ගැන ඔට්ටු අල්ලන්න.

    මීලඟ කතන්දරයෙන් හමුවෙමු.

    ReplyDelete
  39. අදහස හොඳ පාටයි වගේ. පරක්කු නොවී කරලා බැලුවා නම් තව හොඳයි

    ReplyDelete
  40. පට්ටයි ඕයී...මට දාන්න තව ඔට්ටු ටිකකුත් කියනවකො

    ReplyDelete
  41. කොල්ලන්ට විතරයි නේද?
    කෙල්ලොත් පෝස්ට් දාලනේ.
    මගේ එකත් ඔහොම්මමයි.
    මොනවා හරි එපා කිව්වොත් හොරෙන් හරි ඒක කරනවාමයි.
    ගෑණුනෙ....

    ReplyDelete
  42. මාර සිස්ටම් එක.. ඒත් ඉතින් චොක්ලට් දෙනවා කියන ඒකත් ලේසි වැඩක් නෙවෙයි නේ...

    ReplyDelete
  43. මෙන්න ප්‍රතිඵල - අප කළ ගුරුකමක් වැරදුනේ නැත.
    හරි ගිය පසු ගාස්තු!

    http://tikakhinawenna.blogspot.com/2011/07/blog-post_14.html

    ReplyDelete
  44. Kathandara aiath danna dewal,
    jokku , <3 kathaa :D ela ela

    ReplyDelete
  45. කතන්දරකාාරයාගේ ලංකට් වවුලාගේ කතා ඇසීමෙන් පසු ජිවිතයේ වානප්‍රස්ත අවධියට එළඹ නිසලව සිටි සමහර චමින්දයන්ගේ අතීතකාම ආසාවන් උද්දීපනයවී, කානුවේ සිටි ගොනුන් කුලප්පුවී, අතීතකාම ටෙස්ටෙස්ටරෝන මට්ටම් ඉහල නැග ඇති බව කොමෙන්ටු කියවීමෙන් පැහැදිලිව පෙනෙයි.
    පනින්න බැරිව සිටි රිලවුන්ට ඉනිමං බැන්දාසේ්, චොකලට් දීමෙන් කාන්තාවන් වසඟ කරගැනීමේ “”අත්දුටු “උපායක්ද දානශීලීව පාටකයන්ට පිර්නැමීමෙන් ඉහතකී වානප්‍රස්ත චමින්දයන්ට යලි ගෘහස්ත අවධියට යාමට ඇති සිහිනයට අත්වැලක්ද සපයා ඇත.
    ඒ උනාට එම උපාය සදාචාරයට පටහැනි, වංක, කුට ප්‍රයේාගයක් කියල සමහරු කොමෙන්ටු කලා. පිරිම්න් කාංතාවන් වසඟකර ගන්න අනේක විධික්‍රම, උපක්‍රම, උපායමාර”ග, අත්වැල් සහ සම්‍යක්ප්‍රයෝග යොදාගන්න බව රහසක් නෙමෙයි. (කාන්තාවන්ටද මේ සඳහා යම් විධ්ික්‍රම ඇති. මේ බ්ලොගයේ බවලත් පක්ෂයේ අනුගාමිකයන් යතා කාලයේදී මේවා හුදී ජනයාට එලිදරව් කරයි කියලා බලාපොරොත්තු වෙනවා). මෙම උපායමාර්ග පේරාදෙනි සරසවියේ වර්නපාල මෙතඩ් එක, යහලුවන්ගෙන් ලස්සන කමිස කලිසම් ගජයට ඇඳගෙන කෙල්ලන් බලන්න යාම, තම හැකියාවන් අතිශයොක්තියෙන් වර්නනා කිරීම හෙවත් නයා ගැසීම, දේවාල වලට ගොස් පුජා බාරහාර වීම, කොන්ඩදෙනියේ හාමුදූරුවෝ, බන්ඩාර මන්ත්‍රාචාර්ය වැනි අයගෙන් “ අත්දුටු“ වශී ගුරුකම් ලබා ගැනීම වගේ දහසකුත් එකක්. මේ බ්ලොගයේ උදවිය නම් කිසිදාක මෙවන් අත්වැල්, උපාය පාවිච්චි නොකර තම සහජ කඩවසම් කම සහ ආකර්ශන ශක්තියෙන් පමනක් මෙනවියන් කැමති කරවාගත් සැදැහැවතුන් බව අනුමාන කරමි ?
    විධික්‍රමය සාධාරන අවංක සදාචාරානුකුල එකක්ද නැද්ද කියන එක නම් තම තමන්ගේ සදාචාර කොම්පාසුව සහ හර්දසාක්කිය අනුව වෙනස්වෙනවා.
    පෙම්වතුන් කරන කියන සමහර දේවල් ගැන Jhumpa Lahiri, Tempoarary Matter කියන කෙටි කතාවෙ මෙහෙම කියනවඃ


    Shoba and her husband, Shukumar receives a notice from the electric company stating that their electricity will be turned off from 8 p.m. to 9 p.m. for five consecutive days. Hence they will have to eat dinner in the dark because of the power outage. She tells Shukumar that at family dinners at her grandmother's house, when the electricity went off, "we all had to say something"—a joke, a poem, an interesting fact, or some other tidbit. Shoba suggests that she and Shukumar do this, but she further suggests that they each tell the other something they have never revealed before.
    • Shoba begins the game, telling Shukumar that early in their relationship she peeked into his address book to see if she was in it. Shukumar reveals that on their first date he forgot to tip the waiter, so he returned to the restaurant the next day and left money for him.
    • Shoba tells Shukumar that she once lied to him, saying that she had to work late when actually she went out with a friend. Shukumar tells her that he cheated on an exam many years earlier. He explains that his father had died a few months before and that he was unprepared for the exam
    • The next day, Shukumar thinks all day about what he will tell Shoba next. That evening, he tells her that he returned a sweater she gave him as an anniversary gift and used the money to get drunk in the middle of the day. The sweater was a gift for their third anniversary, and Shukumar was disappointed because he thought it unromantic. Shoba tells Shukumar that at a social gathering with his superiors from the university, she purposely did not tell him that he had a bit of food on his chin as he chatted with the department chairman.
    • The fourth night, Shoba tells Shukumar that she does not like the only poem he has ever had published. He tells her that he once tore a picture of a woman out of one of her magazines and carried it with him for a week because he desired the woman.
    Interpreter of maladies : stories , by Lahiri, Jhumpa

    ReplyDelete

  46. චොකලට් දුන්නට වඩා කාල තියෙනවා .
    ඒත් දැන් කාලේ නම් ඕවට ආස කරන
    අය කොහෙන්ද මචන් . මාර විදිහට
    ස්ත්‍රී පක්ෂය වෙනස් වෙලා . කොටින්ම
    ගෑනු කම නෑ ...

    ReplyDelete
  47. sira hariyaida danne ne?
    http://adq.io/YQvYR1X

    ReplyDelete
  48. නොමිලේම ඔබගේ දැන්වීම අපගේ වෙබ් අඩවියේ පළකරගන්න. http://www.kiyamu.lk/

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.