Wednesday 31 October 2012

සිංහල සංගීත ක්‍ෂේත්‍රයට මගෙන් වුණු අගනා සේවය - My valuable service to Sinhala music


අවංකවම කියනවා නං සිංහල සංගීත ක්‍ෂේත්‍රයට මගෙන් වුණු සේවය කියලා නිම කරන්න බැරි තරමට විශාල එකක්.

ඒ සේවය මං කෙරුවේ ඉඳලා හිටලා ආධුනික ගායකයෙකුගේ සින්දුවකට පදමාලාවක් ලියලා දීම හරහා නොවෙයි. ඒ ආකාරයේ කිසිදු මහන්සිවීමකින් තොරවයි.

ඒ කතාව මෙහෙමයි.

ඔන්න මං හයේ පන්තියට ලොකු ඉස්කෝළෙට ගියාම අපිට කිව්වා එක්කෝ සංගීතය, නැත්තං චිත්‍ර නැත්තං නැටුම් තෝරාගන්න කියලා සෞන්දර්ය විෂය විදියට.

මට ඕනැ වුනේ සංගීතය කරන්න.

මං ගෙදර ගිහින් තාත්තාට කිව්වා.

"උඹ චිත්‍ර කරපං!" තාත්තා කිව්වා.

මං අම්මට කිව්වා.

"ඔයා නැටුම් කරන්න!" අම්මා කිව්වා.

ඉතිං මං සංගීතය තෝරා ගත්තා.

ඒ වැඩේ ලේසි වුනේ නෑ. මොකද සංගීතයට ඩිමාන්ඩ් එක වැඩියි පන්තියේ තිබුණු ඉඩ ප්‍රමාණයට වඩා. සංගීත සර් අපිට සින්දුවක් කියන්න කියලා ඒ ප්‍රායෝගික පරීක්‍ෂණය මගිනුයි ළමයින්ව තෝරා ගත්තේ.

කොහොම හරි ඔන්න මාත් අවුරුදු ගණනාවක්ම සංගීතය ඉගෙන ගත්තා.

ජන ගී
රාග
සරිගම පධනිස
ත්‍රිතාලය, සුළු මැදුම් දෙතිත
අරවද මේවද? වැඩ කෝටියයි.

අන්තිමේදී විභාගේ ආවා. තියරි පේපර් එකයි. ප්‍රායෝගික පරීක්‍ෂණයයි.

ප්‍රායෝගික පරීක්‍ෂණයට තිබුනේ, පරීක්‍ෂිකාව සෘති පෙට්ටියෙන් ස්වර කණ්ඩයක් වාදනය කළාම ඒක මොකක්ද කියලා හඳුණාගෙන ලියන්නයි.

තව ත්‍රිතාලය, සුළු මැදුම් දෙතිත වගේ සරල කරුණු ගැන ප්‍රශ්නයක් දෙකක් තිබුණා.

අර ස්වර කණ්ඩය හඳුණාගන්න වැඩේ තියෙනවා නේද?

මට ඒක නං මෙලෝ හසරක් තේරුණේ නෑ.

ඉතිං ප්‍රායෝගික කොටසට තිබුණු ලකුණු හැටෙන් ඔන්නං මට තිහක් ලැබෙන්න ඇති. බහුවරණ තියරි පේපර් එක තිබුණු නිසා ඩිෂ්ටින්ෂන් එක මිස් වුණත් ජාම් බේරාගත්තා ක්‍රෙඩිට් එකක් අරගෙන.

එදා සංගීතයට ඩිෂ්ටින්ෂන් එක මිස් වෙච්ච දවසේ මට හිතුණා අපරාදේ නේ මේ තේරුමක් ණැති විදියට සංගීතය ප්‍රායෝගික පරීක්‍ෂණයක් තියන්නේ කියලා. නිකං තියරි පේපර් එකක් විතරක් දුන්නා නම් මාත් අද හොඳ සංගීතඥයෙක්.

කොහොම හරි මං තේරුම් ගත්තා ඔය සංගීතය කියන වැඩේ මං වගේ පොරකට නොගැලපෙන සත පහේ වැඩක් බව.

ආයේ මුළු ජීවිතේටම සංගීතය ඉගෙන නොගන්න මං තීරණය කළේ ඒ නිසයි.

ඒ තීරණය එදා ගත්තු සරල එකක් වුණත්, ඒ නිසා මං සිංහල සංගීත ක්‍ෂේතයට නොදැණුවත්වම කරලා තියෙන්නේ අප්‍රමාණ සේවයක්.

-කතන්දරකාරයා


(image: http://www.sitarsencat.com/cat-sitars-tabla-india/211/tabla-sets)

Monday 29 October 2012

අපොයි පොත්වලට ගිය සල්ලි හෙවත් සිව් වසරක් මරදානේ - You may not like this!


අධ්‍යාපන පොදු සහතික පත්‍ර විභාගය හෙවත් අ.පො.ස. විභාගෙට ඉස්සර අපේ බාප්පාලා ගේ කාලේ හදලා තිබුණු සරදම් නමක් තමයි අපොයි පොත්වලට ගිය සල්ලි කියන එක.

දැනුත් ඔය අපොයි පොත්වලට ගිය සල්ලි කියලා සමහර වෙලාවකට කියවෙනවා සමහර පොත් සල්ලිවලට අරං කියවලා ඉවරවුණාට පස්සේ.

අද මේ හදන්නේත් පොතක් ගැන වචනයක් ලියන්නයි.

පොතේ නම: සිව් වසරක් මරදානේ.
රචකයා: රසික සූරියආරච්චි
ප්‍රකාශනය සහ බෙදාහැරීම: දයාවංශ ජයකොඩි සමාගම, මරදාන
පොත ගැන මගේ අදහස නං මෙච්චරයි.
"ෂාහ්, අපූරු පොත. කියල වැඩක් නෑ!"

මේ පොත කියවන්න ක්‍රම දෙකක් තියෙනවා.

එකක් දයාවංශ පොත් කඩෙන් මිලට අරං කියවන එක.

අනික තමයි ප්‍රාදේශීය සභා පුස්තකාලේට මේ පොත කවදා හරි එනකං ඉඳලා බරෝ කරලා කියවන එක.

මං ජීවිතේ මුල් කාලේ කියවපු පොත් බහුතරයක් කියෙව්වේ පුස්තකාලවලින් අරගෙනයි.

මොකද දන්නවද?

එතකොට අර අ.පො.ස. කියලා හිතෙන්නේ නෑ.

-කතන්දරකාරයා

ප/ලි:
ඔක්තෝම්බර් 27 දිනට යෙදුණු මගේ උපන්දිනයට සුභපැතුම් තැබූ සැමට මගේ ස්තුතිය පිරිනමමි.

Saturday 27 October 2012

අයියෝ, පිරිමිකම බල්ලට ගිහින්! : කුමරි බඹසර සහ කුමර බඹසර අතර මිල වෙනස - What a shame!


මේ නිවුස් අයිටම් එක දැකලා මගේ ඇඟ සීතල වෙලා ගියා.

අයියෝ, පිරිමිකම බල්ලට ගිහින්!

බලන්න කුමරි බඹසර සහ කුමර බඹසර අතර මාකට් ප්‍රයිස් එකේ වෙනස.



කැටලිනා කියන බ්‍රසීලියන් කෙල්ලට කුමරි බඹසර වෙනුවෙන් ඩොලර් 780,000 ක් ලැබිලා. ඒත් තමන්ගේ කුමර බඹසර විකුණන්න යන ඇලෙක්සැන්ඩර් ට හම්බ වෙලා තියෙන්නේ ඩොලර් තුන්දාහක ඩීල් එකක් විතරයි.

අනේ පව්!

වැඩි විස්තර මෙතනින් බලන්න.

http://www.dailylife.com.au/news-and-views/dl-opinion/how-much-is-a-mans-virginity-worth-20121009-27arz.html

-කතන්දරකාරයා

ප/ලි:
අද මේ කතන්දරය පලවෙන්නේ කතන්දර දැනුම් සාගරයේ කොටසක් ලෙසිනි.

කතන්දර දැනුම් සාගරයේ කලින් කොටස් මෙන්න.

1. බැලූන්වලින් සොමිය ලබන්නෝ - Balloon Fetish, what the....?
http://kathandara.blogspot.com.au/2012/09/balloon-fetish-what-the.html

2. හික් හික් හික් කුරුක් කුරුක් - Sundae Ispashal Axetra
http://kathandara.blogspot.com.au/2012/08/sundae-ispashal-axetra.html

3. ජිරා මාමා ගේ බෙල්ල - Pain in the Neck!
http://kathandara.blogspot.com.au/2012/07/pain-in-neck.html

4. දරුවන් අනූ දෙදෙනෙකු ජාතක කළ ආඩම්බරකාර තාත්තා - Father of a nation?
http://kathandara.blogspot.com.au/2012/05/father-of-nation.html

5. වයිෆ්ලා ට බයවෙන්න කාරණයක්! - All wives out there, take note
http://kathandara.blogspot.com.au/2012/04/all-wives-out-there-take-note.html

6. ව්‍යායාම කිරීමෙන් ගෑණුන් ට ලිංගික සුරතාන්ත තෘප්තිය ලැබේ! - Exercise orgasm for women!
http://kathandara.blogspot.com.au/2012/03/exercise-orgasm-for-women.html

7. චූ ෂැම්පේන් සහ චූ මවුත්වොෂ් හෙවත් සුළු දිය දහරේ බහුවිධ ප්‍රයෝජන - Big uses of "wee"
http://kathandara.blogspot.com.au/2012/03/blog-post_24.html

8. ඇඟ පුරාම මයිල් නං ගෑල්ළමයි කරේ! - What women want!
http://kathandara.blogspot.com.au/2012/03/what-women-want.html

9. ටොයිලට් එකේ සිට එස් එම් එස්, ෆේස් බුක්, ට්විටර් කරලා තියෙනවාද? Phone in the Loo
http://kathandara.blogspot.com.au/2012/03/phone-in-loo.html

10. දික්කසාද වෙන එක ගැන කියවෙන ගෑණු ජානයක් - Divorce gene of girls identified!
http://kathandara.blogspot.com.au/2012/03/divorce-gene-of-girls-identified.html

11. ගෑනිටම හරියන මිනිහා, මිනිහටම හරියන ගෑනි - The best couple ever!
http://kathandara.blogspot.com.au/2012/02/best-couple-ever.html

12. වයි-ෆයි ලැප්ටොප් නිසා ශුක්‍රානු මැරෙන්න පුළුවනි - ඔබේ පරම්පරාව රැකගන්න : Wi-Fi Laptops nuke Sperms?
http://kathandara.blogspot.com.au/2012/01/wi-fi-laptops-nuke-sperms.html

13. මිනිහෙක් දවසකට කී පාරක් සෙක්ස් ගැන හිතනවද? - How many times a day does a man think about SEX?
http://kathandara.blogspot.com.au/2012/01/how-many-times-day-does-man-think-about.html


(image: http://www.lexpress.fr/actualite/societe/sexualite/une-bresilienne-vend-sa-virginite-aux-encheres-pour-600-000-euros_1179548.html)

Wednesday 24 October 2012

වැඩිදුර විස්තර අහන්නෙ නෑ, ඇහුවොත් නොකියා යන්නේත් නෑ - Once upon a time


ඔය මාත්‍යකාව නං අර ජීප්සීස් ලා කියපු කුරුමිට්ටෝ සින්දුවේ පද දෙකක් බව කවුරුත් දන්නවා. (ඒ සින්දුව පස්සේ සුද්දෝ කොපි කළ බවත් අපි දන්නවානේ?).

මොකක් හෝ හේතුවක් හින්දා ඒ පද දෙක මගේ හිතට ආවා අද කයි-කතන්දරේ ලියන්න වාඩිවෙන කොටම.

මේ කවිය මං පේරාදෙනියේ දෙවන වසරේ ඉන්න කාලේ ලියපු එකක්. මං මේකෙන් සින්දුවක් හදන්න සංගීතකාරයෙකුට බාර දීලයි තියෙන්නේ. බලමු මොකද වෙන්නේ කියලා.

ලොව සොදුරුයි!

නිසල අඳුරු රැය
තරු වැලපෙන පැය
රැහැයි නදින් පාළුව වැඩිවෙනවා
සීතල දිවියට උණුසුම ගෙනදුන්
සුන්දර ඔබෙ වත සිහියට එනවා

මුහුදු හතක් දුර එපිට දෙසේ සිට
මගේ ලෝකයට සතුට සදන්නී
ගතින් දුරස් වුව සිතින් ලංවෙලා
සෙනෙහස් ආදර සෙමෙර සලන්නී

සමන් පිච්ච මල්
කැකුළු සිනාවයි
දිගු කෙස් කලඹේ කියඹු ලතාවයි
ලොවම නැති වුනත්
හිනැහිය හැක මට
ඔබ මගෙ ලෝකෙට මිහිර ගෙනාවයි


(පේරාදෙනිය ඉංජිනේරු පීඨ කලාකවයේ නිර්මාණ පුවරුවේ මුලින්ම පල විය. පසුව මවිසින් හස්තද්වාරයෙන් ප්‍රකාශනය කරන ලද "මායාවෝ" කෘතියට අඩංගු කරන ලදී)

-කතන්දරකාරයා

(image: http://www.serendib.btoptions.lk/article.php?issue=9&id=194)

Monday 22 October 2012

නැන්දම්මා සහ ලේලි කියන සින්දු (වගේ ඒවා) මෙන්න - A story in verse


මං ඊයේ සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රා එකෙන් කිව්වා විදියට තාත්ත සහ පුතා, නංගී සහ අයියා, අක්කා සහ මල්ලී, නෑනා සහ මස්සිනා, මාමා සහ බෑනා කියන සින්දු තිබුණත් නැන්දම්මා සහ ලේලි කියන සින්දු නම් මේ ලෝකයේ ඇත්තෙම නෑ වගේ.

සමහරු මගෙන් ඉල්ලලා තිබුණා නැන්දම්මා සහ ලේලි කියන සින්දුවක් ලියන්න කියලත්.

ඒ ඉල්ලීම ඉටු කරන තුරු මට හිතුණා, නැන්දම්මා සහ ලේලි කියන සින්දු කෙසේ වෙතත් ඒ ලඟින් යන ජනශ්‍රැතියේ එන කවි දෙක තුනක් දාන්න.

මේ කේස් එක අපි හුඟ දෙනෙක් දන්නවා. මුල් කවිය තමයි වඩාත් ප්‍රසිද්ධ.

අම්මා පුතාට කී කවිය

බඩගිනි වෙලා මා ගිය කල පුතුගෙ ගෙට
මැනලා වී දෙකක් දුන්නයි මල්ලකට
ගම්දෝ නොගම්දෝ කියලා හිතුණි මට
මැනලද පුතේ කිරි දුන්නේ මා නුඹට

ලේලි නැන්දම්මාට කී කවිය

දුකක් නැතිව මා දැඩි කළ අම්මාට
මිටක්වත් දුන්නෙ නැත වී ඉල්ලු විට
දෙකක් වී මැනල දීලත් මල්ලකට
මොකක් කියනවද මැහැළියෙ පල දොරට

පුතා බිරිඳට කී කවිය (පද දෙකයි මතක)

කවදත් ඔහොමමයි උන්දැගෙ සට කපට
නුඹ සිත කෝප නොමගෙන පලයන්කො ගෙට

අයියා මල්ලීට කී කවිය

මල්ලියෙ ඔහොම නොකරන් අපෙ අම්මාට
දෙතනේ කිරි දුන්නෙත් අප දෙන්නාට
තියෙන දෙයක් දෙන්නෙත් අප දෙන්නාට
බුදුන් වඳින ලෙස වැඳපන් අම්මාට


ඔය කතන්දරේ අපේ අම්මා අපිට කියලා දුන්නු දවසේ මං ඇඬුවා දුකේ.

-කතන්දරකාරයා

ප/ලි:
මේ කවි සෙට් එකේ තියෙන සුවිශේෂී ලක්‍ෂණය තමයි කවුරුත් අනුන්ට කවි කිව්වාට, තමන්ට කියන කවියට උත්තර නොදෙන එක.

පුතා අම්මට උත්තර දෙන්නේත් නෑ, අයියාට උත්තර දෙන්නේත් නෑ, ඒ වෙනුවට වයිෆරේට කවියක් කියනවා. හැබැයි වයිෆරේ නෝ උත්තර. අම්මාත් ලේලිට උත්තර දෙන්නේ නෑ.

(http://www.mallkee.com/products-1005.aspx)

Sunday 21 October 2012

නැන්දම්මයි ලේලියි සින්දු කියන්නේ ම නැද්ද? - The MiL Vs DiL issue


අද හවස් වෙලේ වෙහෙස මහන්සි වී හති අරිමින් ඉන්න වෙලේ අපූරු දෙයක් මතක් වුණා. මතකනේ මං මීට කලින් සිංහල ලෙස්බියන් සින්දුව ගැන, ටැබූ සබ්ජෙක්ට්ස් සින්දුවක් ගැන වගේ සින්දු ගැන කතන්දර රාශියල් ලියලා තියෙනවා. (දිග ලයිස්තුවක් ප/ලි යේ ඇත) අද කතන්දරේත් ඒ වගේ සින්දු ගැන එකක්.

තාත්තයි පුතයි කියන සින්දු අපි අහලා තියෙනවා. උදා: බට් යූ ලව් මී ඩැඩී.



අම්මයි දුවයි කියන සින්දු අපි අහලා තියෙනවා. උදා: බුදුන් වදින මේ දෑතින් වැඳල කියන්නම් අම්මේ
[යූ ටියුබ් එකේ නැත! මා ලඟද නැත!!]

අක්කයි මල්ලියි කියන සින්දු අපි අහල තියෙනවා. උදා: අක්කේ ටිකක් ඉන්නකෝ



අයියයි නංගියි කියන සින්දු අපි අහල තියෙනවා. උදා: කීන දම් මිටක්.


නෑනයි මස්සිනයි කියන සින්දුත් ඕනෑ තරම්. උදා-රෑ පැල් රකින කුරහන් පැහෙනා හේනේ.

මාමයි බෑණයි කියන සින්දු නම් එමටයි. උදා-රෝහණ විජේවීර දෙන්නා ගේ සින්දු දුසිමක්ම තියෙන්නේ.



මට ඇති වුණු ප්‍රශ්නය මේකයි.

ඇයි නැන්දම්මා සහ ලේලි කියන සින්දු නැත්තේ? එහෙම නැත්තං, එහෙම සින්දු මං අහලා නැත්තේ?

නැන්දම්මා සහ ලේලි කියන සින්දු දන්නවා නං පහලින් ලියලා යන්න.

-කතන්දරකාරයා

ප/ලි:
මේ සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රාවයි.

කතන්දර බ්ලොගයේ මීට කලින් පලවුණු සින්දු ගැ කතන්දර කිහිපයකට ලින්ක්ස් මෙන්න.

1. ලයික් සහ ලොල්-කතන්දර කීපයක් ඉතා කෙටියෙන් - From LIKE to LoL (http://kathandara.blogspot.com/2012/08/from-like-to-lol.html)

2. ඉරිදා බඩු මෙන්න සෙනසුරාදාම - Sunday come early! (http://kathandara.blogspot.com/2012/07/sunday-come-early.html)

3. එක අදහසක්, කවි දෙකක් සහ සින්දු දෙකක් - One seed and two fruits (http://kathandara.blogspot.com/2012/04/one-seed-and-two-fruits.html)

4. ආදරේ අද නෙමෙයි හෙට...! - Tomorrow never comes (http://kathandara.blogspot.com/2012/03/tomorrow-never-comes.html)

5. සුද්දො අපෙන් කොපි කරපු සින්දු මෙන්න අහන්න - From English to Sinhala or Sinhala to English? (http://kathandara.blogspot.com/2011/08/from-english-to-sinhala.html)

6. "පෙම්බර මධු කාගෙද?" හෙවත් ඉච්ඡාභංගත්වය - Can a video bring this much anomy? (http://kathandara.blogspot.com/2011/08/can-video-bring-this-much-anomy.html)

7. සකලදේශවාසී සියළු පුරුෂයිනි එක් වෙයව්! නෑසී යන පුරුෂභාවයේ හඬ : Calling all men - Get up, stand up! (http://kathandara.blogspot.com/2011/11/calling-all-men-get-up-stand-up.html)

8. සංගීත් ඔස්තාද් අහවලා නොහොත් ගණිකාවකට බැඳි පෙම - How long is too long? (http://kathandara.blogspot.com/2012/03/blog-post.html)

9. ඇම්පීත්‍රී සහිත - මානුෂික යුද්ධය ගැන ලියවුණු අමානුෂික ගීතය :: Inhumane song written about the humane war (with MP3) (http://kathandara.blogspot.com/2011/05/inhumane-song-written-about-humane-war.html)

10. උගෙ අම්මයි දුන්නේ! (http://kathandara.blogspot.com/2011/05/blog-post.html)

මදිද? තවත් ඕනෑ නම් මෙන්න මෙතන බලන්න. http://kathandara.blogspot.com/search/label/%E0%B7%83%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94#uds-search-results

(image: http://www.5sizes2small.com/wristflick/holidays-2/5-tips-for-dealing-with-a-mother-in-law/)

Thursday 18 October 2012

"උපහාර" සහ "අභිමාන" (ඇඩ්වර්ටීස්මන්ට් එකක් නොවේ) - No advertisements here, yet!


මගේ වැඩිහිටි පරම්පරාවේ බහුතරයක් ගුරුවරු. අනිත් අය හුඟ දෙනෙක් රජයේ සේවකයෝ. මේකට හේතුව කියන්නයි මං මගේ මුල්ම සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රා කතන්දරේ ලිව්වේ.

මේ ගොල්ලෝ දැන් පැන්සොං!

ඒ වුණාට දැන් අවුරුදු දෙක තුනක ඉඳලා කට්ටියම හරිම ක්‍රියාශීලීයි. උදේ ඉඳලා හවස් වෙනතුරු විතරක් නොවෙයි හවස් වෙලා වුණත් එහෙන් කෝල් මෙහෙට, මෙහන් කෝල් අරහෙට, අරහෙන් කෝල් එහෙට, වැඩ කෝටියයි. ගෙවල් නිකං කොමියුනිකේෂන් වගේ.

මේකට හේතුව තමයි "උපහාර".

ඉතිං අපේ ඇන්ටිලා කෂ්ටිය "උපහාර"වලින් අන්තර්ජාලයක් හදාගෙන ජොලියේ ඉන්න වෙලේ තව ඇන්ටි කෙනෙක් ටිකක් දුකින් ඉන්නවා මොකද එයා ගේ පවුල පෞද්ගලික අංශයේ සේවය කළ අය නිසා මේ "උපහාරේ" ජොලිය නැතුව.

මං විහිළුවට වගේ මේ ඇන්ටිට කියන්නේ අන්න අර ගොල්ලෝ නං උදේ හවා "උපහාර", ඔයාට නං දැං ඉතිං "අපහාස පැකේජ්" එකක්වත් ගන්න වෙයි නේද? කියලයි.

අලි මදිවට කොටි වගේ දැන් ඔන්න ඇවිත් "අභිමානේ".

තව ටික කාලෙකින් කට්ටිය උපහාරේ අතහැරලා "අභිමානෙන්" යුතුව ස්කයිප් කරන්න පටන් ගනීවී.

මට නං "අභිමානේ" ආවේ ඊයේ පෙරේදා. ඒ නිසා තමයි මේ අද මං "උපහාරේ" දෙන්න යන්නේ.

කතාව අවුල් වගේද?

නෑ, මෙහෙමයි.

දැන් ඉතිං මගේ මේ කතන්දර බ්ලොග් රාජයා ගේ ෆලෝවර්ස් ලා ගාන දාහ පැන්නා නේ ඊයේ පෙරේදා. ඒක තමයි මගේ "අභිමානේ".

ඒ වෙනුවෙන් ඒ සූ ගාලා පහලින් එක් රොක් වෙලා ඉන්න දාස් දෙනාටයි මේ මගේ "උපහාරේ".

හොඳට බලන්න, සයිබර්යායේ මොනවා තිබුණත් මෙතන ඉන්නවා ඇනෝනිමස් ලා.



ජයවේවා!

-කතන්දරකාරයා

ප/ලි
ඇත්තටම කියනවා නං මං කතන්දර බ්ලොගේ ෆලෝවර්ස්ලාට උපහාරය දෙන්න පටන් අරං දැන් අවුරුද්දකටත් වැඩිය වැඩියි. මගේ උපහාරය මං දුන්නේ ෆලෝවර්ලා ගේ මූණත්තහඩු ටික තියෙන විජට්ටුව නිකං පැත්තකින් නොදා බ්ලොග් එකේ උඩින්ම දාලායි.

මං හිතන්නේ කී දෙනෙක්ම දැන් එහෙම කරනවා. ඒකත් ෆලෝ කිරිල්ලක් තමයි!

(image: http://en.wikipedia.org/wiki/File:Anonymous_at_Scientology_in_Los_Angeles.jpg)

Wednesday 17 October 2012

මගෙ තනියට උඹ අඬපං බකමූණෝ - Great expectations may lead to great disapprointments


මේකත් කොල්ලෝ හුඟ දෙනෙකුගේ පොදු අත්දැකීමක් වෙන්න ඕනෑ.

හැබැයි මොබයිල් ෆෝන් නැති කාලේ.

කොහේ හරි බස් හෝල්ට් එකකට වෙලා වාතවෙවී ඉන්නවා. අන්තිමේදී හිතේ දුක දරාගෙන ගෙදර යනවා.

මෙන්න මං වයස විසි දෙකේදී විතර ලියපු කවියක්.

මගෙ තනියට උඹ අඬපං බකමූණෝ

ගිණි ගහනා සැඩ හිරු එළියේ
පැය ගණනාවක්
කකුල් රිදෙනතුරු
හිස කකියනතුරු
ගිණියම් ලෝකය සිරුර දවනතුරු
නොසැලී නොපැකිල
පදික වේදිකාවේ සිරගත වී
(ගත සිත නලවන කඳුකරයේ නොව
කොළොම් පුරේ)
බලා සිටියමුත් ඇය හමුවෙනතුරු
නැත ඇය ආවේ.. .. ..
බිඳුණු සිතින්
සහ රිදුණු හදවතින් කාමරයට විත්
කකියන ඇඟපත සයනෙහි සතපා
වෙහෙස නිවන්නට
වහලේ උළුකැට ගණිමින් සිටියෙමි
යට ලීයෙන්වත් නෑ ඒ මොහොතේ
නාරිලතා මල් පිපුණේ!
මගෙ තනියට උඹ අඬපං
බකමූණෝ


(පේරාදෙනිය ඉංජිනේරු පීඨ කලාකවයේ නිර්මාණ පුවරුවේ මුලින්ම පල විය. පසුව මවිසින් හස්තද්වාරයෙන් ප්‍රකාශනය කරන ලද "මායාවෝ" කෘතියට අඩංගු කරන ලදී)

-කතන්දරකාරයා

ප/ලි:
අද තමයි මුල්වරට කයි-කතන්දරයක මාතෘකාව සහ ඔරිජිනල් කවියේ මාතෘකාව එකම වුණේ!


(image: http://www.janbrett.com/mitten_masks_the_owl.htm)

Monday 15 October 2012

පොඩි සාදු ගේ වලත්ත කතාව - Thus Have I Heard (a story from yesteryear)


මට මේ කතන්දරේ කිව්වේ අපේ පොල්වත්තේ ගෙදර ඇන්ටි. මේක එයා ඉස්කෝලේ ගිය කාලේ කතාවක්. මං හිතන විදියට 1958, 59 කාලේ වෙන්න ඕනෑ.

ඇන්ටිලා ගේ ඇච්.ඇස්.සී. පන්තියේ ඉඳලා තියෙන්නේ ළමයි කීප දෙනයි. ඒ ඉස්කෝලේ මධ්‍ය විද්‍යාලයක් වුණාට කොඹලට දුර ගම්බද පළාතක නිසාත්, ඒ කාල වකවානුවේ අධ්‍යාපන තත්වය අනුවත් ඒ විදියට කීප දෙනෙක් ඉඳීම පුදුමයක් නොවෙයි.

අනික ඉස්කෝලේ ඉගැන්වීම සිංහළෙන්. එනිසා ඉගෙන ගන්න තිබුණෙත් කලා විෂයන් විතරයි. මේ කියන කාලේ විද්‍යාව උගන්නලා තියෙන්නේ ඉංගිරිසි මාධ්‍යයෙන් නගරබද පුද්ගලික පාසල්වල විතරයි. අද තියෙන ලොකු ලොකු රජයේ පාසල් ඒ දවස්වල පුද්ගලිකව රන් කෙරෙන, මුදල් අයකරන ඒවා.

ඉතිං මේ ඉස්කෝලේ උගන්නපු එක ගුරුවරයෙක් තමයි පොඩි සාදු හාමුදුරුවෝ. පොඩි සාදු කිව්වට පොර සාමනේර නමක් නොවෙයි ලොකු මනුස්සයෙක්. මං හිතන්නේ ඉස්කෝලේ වෙන ලොකු සාදු කෙනෙක් ඉන්න ඇති මේ සාදුට පොඩි සාදු කිව්වේ. අර ලොකු අතුල, තඩි ප්‍රියන්ත සහ හොඳ රංජිත් කේස් එකේ වගේ.

අපේ හාමුදුරුවරු මුලින් පිරිවෙන්වලයි, පස්සේ විස්ස විජ්ජාලවලයි විවිධ විෂයන් ඉගෙන ගත්තට අවසානේ දී කරන්න තියෙන්නේ එකම එක ජොබ් එකයි.

ඒක තමයි ගුරු වෘත්තිය. එක්කෝ පාසලක, නැත්තං පිරිවෙණක. ඒ කියන්නේ රැකියාකරන හාමුදුරුවරු 100% ක් ම රජයේ සේවකයෝ.

පුද්ගලික අංශයේ රැකියාවලට ආණ්ඩුවේ ඒවාට වඩා පඩි වැඩි වුණත් ගිහියන් අතරත් අද පවා රජයේ රැකියාවලට හොඳ ඉල්ලුමක් තියෙනවා. ඒකට හේතුව තමයි රැකියාවේ ස්ථිරකම, නිවාඩු පහසුකම්, රේල්වේ වොරන්ට් සහ ඒ මොනවා නැතිවුණත් විශ්‍රාම වැටුප හෙවත් පැන්ෂන් එක!

රජයේ සේවකයෙක් විශ්‍රාම ගත්තට පස්සේ ඔහු හෝ ඇය මිය යන තෙක්ම ඒ විශ්‍රාම වැටුප ලැබෙන බව අපි දන්නවානේ.

රජයේ සේවයේ අනිත් ප්‍රතිලාභය තමයි සේවකයා විශ්‍රාම ගැනීමට පෙර හෝ පසු හෝ මිය ගිය පසු ඔහුගේ හෝ ඇයගේ කලත්‍රයාට ඒ කියන්නේ දැන් වැන්දඹු වී සිටින සැමියාට හෝ බිරිඳට සහ වයස 18 ට අඩු ළමුන් සඳහා වැන්දඹු සහ අනත්දරු දීමනාව ලැබීම.

හැබැයි මේවා නිකං දෙන පිං පඩි නොවෙයි.

රජයේ රැකියාව පටන් ගත්තු දවසේ ඉඳලා හැම පඩියකින්ම වාරිකයක් ගානේ ගෙවන්න ඕනෑ අනිවාර්යෙන්ම. හරියට ජීවිත රක්‍ෂණයක් වගේ.

ඔන්න එක දවසක් පොල්වත්තේ ඇන්ටි ලා ට පන්තිකාමරයේ දී මේ බව විස්තර කරපු පොඩි සාදු (ප්‍රජාචාරය වෙන්න ඕනෑ උගන්නපු විෂයය!) මෙන්න මෙහෙමත් කිව්වාලු

"බලන්න මගෙනුත් කපනවා නේ වැන්දඹු අරමුදලට සල්ලි මාස් පතා!..."

හරි අවුල නේද?

සුද්දා ගේ කාලේ රජයේ සේවකයින් සඳහා ඔය විවිධ විශ්‍රාම වැටුප් සහ දීමනා ස්කීම් හදන කොට එක්කෝ හාමුදුරුවරු රජයේ සේවයේ නොඉන්න ඇති, කොහොමටත් එංගලන්ත සභාවේ පූජ්‍ය පක්‍ෂය නම් විවාහ වෙනවානේ, නැත්තං, සුද්දෝ තර්කාණුකුලව හිතලා මතලා මේ ස්කීම් එක හදන්න ඇති.

මොකද කියනවා නං පොඩි සාදුගේ ඒ ප්‍රකාශය මුළුමණින්ම මෙන්න මෙහෙමයි.

"බලන්න මගෙනුත් කපනවා නේ වැන්දඹු අරමුදලට සල්ලි මාස් පතා,....
.....කවුද ..... ඒකට ..... හිමිකාරයා...?"


පොඩි සාදු ඔය අන්තිම කෑල්ල කියලා තියෙන්නේ පන්තියේ හිටපු කෙල්ලෝ දෙතුන් දෙනා දිහා බලමිනුයි!

-කතන්දරකාරයා

ප/ලි:
මං අහල තියෙන විදියට ඔය කේස් එක වුණාට පස්සේ තමයි සොලමන් බණ්ඩාරණායක අගමැතිවරයා තල්දූවේ සෝමාරාම කියන ශ්‍රමන වේශධාරියා ගේ වෙඩි පහරකින් මැරිලා තියෙන්නේ.

ඒ සිද්ධියෙන් පස්සේ සමාජයේ ඇතැම් කොටස් හාමුදුරුවරුන්ට නොයෙක් කෙණෙහිලි, සරදම්, අපහාස කරන්න පටන් අරං තියෙනවා.

ඒ පිට දාලා සමහර හාමුදුරුවරු උපැවිදි වුණාය කියලා මං අහලා තියෙනවා.

(image: http://authorjoyceoroz.blogspot.com.au/2011_03_01_archive.html)

Sunday 14 October 2012

ඉංගිරිසි සින්දු ඇහීම - Sunday Special Extra with LR


මං දහයේ පන්තියෙට කොඹළ ඉස්කෝලෙට ගියාම ඔන්න අපේ පන්තියේ උන්නු කොල්ලෝ ඉංගිරිසි සින්දු ගැන කතා කරනවා ඇහුණා.

ඒත් මට නං ඒවා එච්චරම නැගලා ගියේ නෑ. වෙන මොකවත් හින්දා නොවෙයි, සින්දුවල තියෙන වචන පැහැදිලි නැති හින්දා.

ටිකක්වත් තේරුණේ බොනී-එම් කියන ගෲප් එකේ සින්දු විතරයි.

මට ඉංගිරිසි සින්දුවලට පොඩි කැමැත්තක් එන්න පටන් ගත්තේ ලයනල් රිචී ගේ මෙන්න මේ සින්දුව නිසයි. මගේ මිතුරෙකු ගේ නිවසේදී ඔහුගේ කැසට් රෙකෝඩරයෙන් මේ සින්දුව අහනවා මට තාම මතකයි.

මෙන්න යූ ටියුබ් ක්ලිප් එකක්.



මෙන්න වචන සැට් එක.

I've been alone with you inside my mind
And in my dreams I've kissed your lips a thousand times
I sometimes see you pass outside my door
Hello, is it me you're looking for?

I can see it in your eyes
I can see it in your smile
You're all I've ever wanted, (and) my arms are open wide
'Cause you know just what to say
And you know just what to do
And I want to tell you so much, I love you

I long to see the sunlight in your hair
And tell you time and time again how much I care
Sometimes I feel my heart will overflow
Hello, I've just got to let you know

'Cause I wonder where you are
And I wonder what you do
Are you somewhere feeling lonely, or is someone loving you?
Tell me how to win your heart
For I haven't got a clue
But let me start by saying, I love you

Hello, is it me you're looking for?
'Cause I wonder where you are
And I wonder what you do
Are you somewhere feeling lonely or is someone loving you?
Tell me how to win your heart
For I haven't got a clue
But let me start by saying I love you


කපිල එම් ගමගේ මේ පදමාලාව සිංහලට ඡායානුවාදයක් කරලා තියෙන නිසා මං ඒකට අත ගහන්නේ නෑ. මෙතනින් බලන්න.
http://kapilamgamage.blogspot.com.au/2011/09/blog-post.html

-කතන්දරකාරයා

ප/ලි:
අද ඉරිදා සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රා එක විදියටයි මේ සින්දුව දාන්න හිතුනේ.

තවත් හේතුවක් තියෙනවා.

මට මගේ ඒ මිතුරා සිහිවුණා. ඔහු පසු කලෙක අවාසනාවන්ත විදියට විදේශ රටකදී හෝටලයක සිදුවූ ගින්නකින් මිය ගියා. මට තාමත් ඒ කතාව විශ්වාස කරන්නත් බෑ වගේ!

(image: http://michaeljlewis.files.wordpress.com/2012/01/hello-lionel.jpg?w=500)

Saturday 13 October 2012

නාඹර තරුණ කොල්ලන්ට කෙල්ලන්ට අවවාදයක් - An important advice to all young people out there


තිස් හතලිස් ගණංවල ඉන්ණ අයත් තරුණ තමයි හැබැයි මෙතන මං නාඹර තරුණ කියන එකෙන් අදහස් කරන්නේ දහ අට පන්නලා විසි ගණංවල ඉන්න කොලු කුරුට්ටන්වයි.

පොතකින් පිටුවක් කියන්නේ ජීවිතයෙනුත් කොටසක්.

පිටු පෙරලෙනවා, වයසට යනවා.

පිටුවල සටහන් කරපු පරණ දේවල් පස්සේ කාලෙකදී කියවන කොට දැනෙන්නේ අමුතුම ආකාරයක නවතාවයක්. රසයක්. ආශ්වාදයක්. ජොලියක්.

හැකි හැම වෙලාවකම මේ විදියට අතීතයට ගිහිල්ලා ඒ රසය විඳගන්න අපි හුඟ දෙනෙක් කැමතියි.

දැන් නාඹර තරුණ වයසේ ඉන්න අයට මගේ අවවාදය තමයි හැකි තරම් තමන් ගේ ජීවිත ගැන සටහන් තියන්න. ඒවා අර විස්කි වගේ එන්න එන්නම අගේ වැඩි වෙනවා.

මෙන්න මායාවෝ පොතෙන් තවත් පිටුවක්

කොයිබටද?

නදුන් උයන් කොණ
විසල් වැලි කතර
කම්මල තුල සිරගත වී දුක සේ
කල් ගත කරණා
අතුරු සැනේ
සිත නිදි ගැන් වූ
රොකට් එන්ජිමේ
බියකරු සිහිනය
නිමාව එළැඹී
විරාමයක්

තනිවී

නිහඬව සිටි සිත
දාහය ඉවසනු නොහැකිව තවදුර
සිසිල් පැන් පොදක්
සොයා අවට ලොව
දෙස බැලුවා!

යලිත් වරක්..
සිත නිදි ගන්වා
සෙමෙන් සෙමෙන්
හිරු ගිණිගත් මැදියම් වේලේ
තවත් සිහිනයක්

මම + මම = ?

විසඳනු නොහැකිවු
ප්‍රශ්ණ වැළක්
ඩීසල් එන්ජිමේ
සුන්දර සිහිනය

රැය දිගු නැත අප
සිතන තරම්


(පේරාදෙනිය ඉංජිනේරු පීඨ කලාකවයේ නිර්මාණ පුවරුවේ මුලින්ම පල විය. පසුව මවිසින් හස්තද්වාරයෙන් ප්‍රකාශනය කරන ලද "මායාවෝ" කෘතියට අඩංගු කරන ලදී)

-කතන්දරකාරයා

ප/ලි
අර සින්දුවකත් තියෙනවා නේද "ඔබ මතක නැති කරන්නට මට මතක නැති වුණා!" ය කියලා?




(image: http://pingu000.edu.glogster.com/pablo-picasso/?voucher=4f57969d83e890d24f76e7002ca78fc4)

Thursday 11 October 2012

බහුතරයක් පිරිමින්ට එක දවසක් හරි හිතෙන දෙයක් මෙන්න - Most men would say this one day!


කාලෙකින් කයි-කතන්දරයක් දාලා කෂ්ටියව කෝප කරන්න බැරිවුණු නිසා අද බ්‍රහස්පතින්දා අවේලාවේ හිතුණා ඒකම කරලා බලන්න.

මේක පේරාදෙනියේ තර්ඩ් ඉයර් එකේ විතර කේස් එකක්. ඇත්තම කියනවා නම් සෙකන්ඩ් ඉයර් එකේ ඉඳලා තර්ඩ් ඉයර් එකට ඇදිලා ගිය කේස් එකක්.

දැන් නම් ඉතිං මතකයක් විතරයි!

මෙන්න කවිය. මේක මට විතරක් අයිති කවියක් නොවෙයි.

මට ෂුවර්, මේ කයි-කතන්දරේ කියවන පිරිමින්ගෙන් බහුතරයත් කවදා හරි මේ කවියේ වෙන වර්ෂන් එකක් ලියලා තියෙනවා කියලා!

ඇය

නොකියන්
ලොවෙහි සොඳුරුතම වස්තුව ගැන
කවක් කියන්නැයි

එවිට
මට සිදුවේවි
ඇය ගැන ලියන්නට

ඇය

සඳ වත -රුසිරු තිසර ගත
කෙටි කෙහෙ රැල්ල
සිත මත් කරනා
මදහස් බැල්ම

මා ගොළු වේවි

කෙලෙස ලියන්නද කවියක් ඈ ගැන?

ඇයයි ලෝකයේ
මිහිරිතම කවිය


(පේරාදෙනිය ඉංජිනේරු පීඨ කලාකවයේ නිර්මාණ පුවරුවේ මුලින්ම පල විය. පසුව මවිසින් හස්තද්වාරයෙන් ප්‍රකාශනය කරන ලද "මායාවෝ" කෘතියට අඩංගු කරන ලදී)

-කතන්දරකාරයා

ප/ලි:
මං මේ කවිය අනුසාරයෙන් පස්සේ කාලෙක සින්දුවක් ලිව්වා. ඒකට මියුසික් පවා දාලායි තියෙන්නේ.
පස්සේ දවසක ඒක පලකරන්නම්!

(image: http://interculturalmeanderings.wordpress.com/tag/beautiful-woman/)

Wednesday 10 October 2012

කොකෝ ඇට වස්තුව - Story of Coco-Nuts...!!!


මගේ පශ්චාත් උපාධි ජීවිතයේ දෙවෙනි රැකියාව වූයේ කළමණාකරන පුහුණුව ලබන්නෙක් ලෙස කොළඹ සමාගමක මා ලද පත්වීමයි.

සතියක් පමණ යනතෙක් ප්‍රධාන කාර්යාලයේ පර්යේෂණ සහ ප්‍රවර්ධන කලමණාකරු යටතේ පොත් පත් කියවමින් කල් ගත කළ මට දෙවෙනි සතියේ සිට සති දෙකක අධ්‍යායනයක් සඳහා සමාගමේ එක් කම්මලකට යාමට සිදුවිය.

මෙකී කම්මල පිහිටා තිබුණේ නුවර ප්‍රදේශයේ දුරස්තරව වූ බැවින් ඒ කාලය තුල මට කම්මල් බිමේ පිහිටා තිබූ බංගලාවේ නවාතැන් ගත හැකි බව දැනුම් දෙන ලදී.

සඳුදා උදෑසන දුම්රියෙන් නුවරට ගිය මා දුම්රිය ස්ථානයේ සිට සමාගමේ මෝටර් රථයෙන් කම්මල බලා ගියෙමි.

එතැන් සිට එහි ගත කළ සති දෙකක කාලයේ මා කළ කී දේ ගැන මගේ මතකයේ රැඳී ඇත්තේ කරුණු කිහිපයක් පමණි.

දින කිහිපයක් නුවර නගරයට සහ පේරාදෙනිය විශ්ව විද්‍යාලයට ගිය බවද, සති දෙක තුල කම්මලේ අස්සක් මුල්ලක් නෑර පරීක්‍ෂා කර අධ්‍යයනය කරමින් කොකෝවා ඇටයේ සිට චොකෝ පෙති දක්වා පිටු සියයකත් වඩා වැඩි වාර්තාවකට කරුණු සටහන් කරගත් බවද මගේ මතකයේ ඇත.

ඒ සියල්ලටමත් වඩා මගේ මතකයේ නොමැකෙන සේ රැඳී ඇත්තේ මා කළ එක් වරදවා වටහා ගැනීමකි.

සමහර විටෙක අප එක් කරුණක් ගැන පමණක් අපේ අවධානය යොමු කළ විට අන් සියළු කරුණු ගැන සිතේ දොරටු වැසී යන ආකාරය මේ පුවතින් පිළිඹිබු වේ යැයි සිතමි.

එක් දිනක් කම්මලේ විවිධ වාර්තා සහ සටහන් ඵොත් පිරික්සමින් සිටි මගේ නෙත ගැටුණේ විකුණුම් රෙජිස්ටරයකි. එදා අප සී.ආර්. නමින් දැන සිටි වර්ගයේ A4 ප්‍රමාණයේ රූල් සහිත ඝණ බැම්මෙන් බැඳුණු සටහන් පොතක් වූ මෙහි වාර්තා කර තිබුණේ කම්මල් ගබඩාවෙන් විටින් විට විකුණන ලද දේවල්වල මුදල් වාර්තාය.

ඒ සටහන්වලට අනුව මුළුමණින්ම පාහේ විකිණී තිබුණේ කොකෝවා ඇට (Coco-Nuts) විය.

මේ සටහන් දුටු මට ඇති වූයේ විමතියකි. මෙලෙස කොකෝවා ඇට (Coco-Nuts) විකුණා ඇත්තේ ඇයි? ඒ කා හටද? එසේම ඔවුන් මෙලෙස කොකෝවා ඇට (Coco-Nuts) මිළට ගෙන ඇත්තේ කුමක් සඳහාද? ඒ මට ඇති වූ ප්‍රශ්න කිහිපයකි.

පොතේ තබා තිබූ වාර්තාවන්ට අනුව කොකෝවා ඇට (Coco-Nuts) විකුණා ඇත්තේ කිලෝ ගණනින් නොවේ. ඇතැම් විට දහයක් හෝ සමහර විට පහක් හෝ තවත් විටෙක එකක් දෙකක් හෝ සුළු ප්‍රමාණයන් ගෙනි.

මගේ මේ විමතිය දිනක් දෙකක් පමණ පැවතිණ. එය නිමවූයේ පසු දිනෙක කම්මලේ කළමණාකරු හා ඇති වූ සුළු සංවාදයක් නිසාය.

නිෂ්පාදන ක්‍රියාවලිය පිළිබද මගේ අධ්‍යයනය ගැන අපි කතා කරමින් සිටියෙමු.

"අයි සෝ ඉන් ද ස්ටෝ රෙකෝර්ස් දැට් වී හෑව් බීන් සෙලින් කොකෝ නට්ස් ඉන් වෙරි ස්මෝල් කොන්ටිටීස්" මම කීවෙමි.

"ඉයර්ස්, වී හෑව් අ ස්මෝල් ලෑන්ඩ් සම්වෙයා අප් දෙයා ඇන්ඩ් ඉට් හෑස් එ ෆිව් කොකොනට් ට්‍රීස්. රාදර් දෑන් ලෙටින් කොකොනට්ස් ගෝ වේස්ට්, වී ආ නව් සෙලින් දෙම් ටු අවර් ෆැක්ටරි එම්ප්ලොයීස් ෆෝ අ නොමිනල් ප්‍රයිස්" ඔහු කීවේය.

කොකෝවා ගෙඩි සහ පොල් ගෙඩි අතර මට සිදුවී තිබුණු පටලැවිල්ල කළමණාකරුට හෙළි නොකර මම "ඕ අයි සී!" යැයි කීවෙමි.

-කතන්දරකාරයා


(image: http://www.smh.com.au/entertainment/restaurants-and-bars/cadbury-introduces-fair-trade-chocolate-bar-20100510-uoua.html)

Monday 8 October 2012

සිල්වත් සාදු ගේ රහස - Brain drain?


මේ කතාව මට මතක් වුනේ සමනල ලේඛකයා ලියන "සමනල විප්ලවය" කියන පැරලල් ලෝක බ්ලොග් නවකතාවේ එක එපිසෝඩයක් කියෝපු වෙලාවෙයි.

හැබැයි මේ කතන්දරේ නං පැරලල් ලෝක කේස් එකක් නොවෙයි, හැබෑ ලෝකයේ වෙච්ච හැබෑම එකක්.

මං කියෝපු මේ කියන සමනල විප්ලවය එපිසෝඩ් එකේ තිබුණේ පැරලල් ලෝකයේ මන්ත්‍රී පොරක් මහණ වෙන එක ගැනයි.

මේ ලෝකේත් සමහරු වැඩිහිටි වයසේ දී මහණ වෙනවා තමයි. හැබැයි ලංකාවේ අද ඉන්න බහුතරයක් හාමුදුරුවරු මං හිතන්නේ පොඩි වයසේ දී ම මහණ දම් පුරන්න පටන් ගත්තු අයයි.

පොඩිම පොඩි කාලේ මහණ වෙන සාමනේර සාදුලා එහෙම මහණ වෙන්නේ සිදුහත් ලා වගේ සසර කළකිරීලා හෝ නන්ද ලා වගේ හොඳ ලස්සන බඩුවක් සෙට් කරගන්න හෝ හිතලා නොවෙයි. ඒවා කරන්නේ ලොකු අය.

අර රාහුල ලා වුනත් සුළැඟිල්ලේ එල්ලිලා ගිහිල්ලා ගියේ මහණ දම් පුරන්න හිතාගෙන නොවෙයි, දායාදය ඉල්ලා ගන්නයි.

මං හිතන්නේ සමහර පොඩි ළමයින්ට ආසා හිතෙනවා කහ සිවුරට. සසර පුරුද්ද කියලාත් සමහරු කියනවා නේ.

තව වෙන වැඩක් තමයි එක එක ටාගට් පුරෝගන්න ළමයි මහණ කරන එක. මේ ළඟදීත් තිබුණා එහෙම කේස් එකක්. අර අරංතලා ඝාතනයේ සංවත්සරය වෙනුවෙන් කුල දරුවන් අහවල් ගාණක් මහණ කරන්න ටාගට් එකක් සෙට් කරළාය කියලා.

එක්දාස් නවසිය බර ගණංවල ලොකු මිනිස්සුන්වත් එහෙම ටාගට් පුරවන්ණ මහණ කරගත්තු කේස් එකක් ගැන පහුගිය දවසක මාරයාගේ හෝරාවේ කියවුණා මට මතකයි.

අපි පුංචි කාලේ කරාටේ හරි ජනප්‍රියයි. ඉතිං කරාටේ ක්ලාස් එකක් පටන් ගත්තාම සූ ගාලා කොල්ලෝ. හැබැයි මාස දෙක තුනක් යනකොට එයින් බහුතරය හැලිලා යනවා.

ළමා වයසේ සීය හමාර මහණ දමට යොමු කරන පිරිසත් අන්න ඒ වගේ තමයි. හැබැයි එකම වෙනස බහුතරයක් සිවුරු හැරලා යන්නේ පොඩි කාලේ නොවෙයි, ලොකු මහත්වෙලා වැඩිහිටියන් වුණාමයි.

පිරිවෙණින් සමත් වෙලා විස්ස විජ්ජාලෙට එන සාදුලා ගෙන් සමහරු අවුරුදු තුන යන්න කලින්ම කලිසමට බහින්න පටන් ගන්නවා.

අන්තිමේ දී ඉතුරුවෙන්නේ අති සිල්වත් හාමුදුරුවරු විතරයි.

ඔය සේරම ලිව්වේ මේක කියන්නයි.

ඔන්න අපි පේරාදෙනියේ ඉන්න කාලේ ආට්ස් ෆැකල්ටියේ හිටි එක ශිෂ්‍ය හාමුදුරුවරුනමක්ව අනිත් සහෝදර හාමුදුරුවරු හැඳින්නුවේ කවදාකවත් සිවුර හැරලා නොයන නමක් හැටියටයි.

ඒ මොකද දන්නවාද?

මේ හාමුදුරුවන් ගේ ඒ වෙනකොටත් හිසේ පස්ස පැත්තෙන් පොඩි හඳක් පායලා. ඉස්සරහ පැත්තෙනුත් නළල පළල් වෙලා.

කොටින්ම අපි මේ හාමුදුරුවන්ව හැඳින්නුවේ අර තට්ටේ තියෙන හාමුදුරුවෝ ය කියලයි. ඒ නම හොඳටෝම ඇති. මොකද අනිත් හාමුදුරුවරු හැමෝම කොණ්ඩේ වවලා නේ හිටියේ!

-කතන්දරකාරයා

ප/ලි:
මෙන්න මගේ මහණ දම ගැන පරණ කතන්දරයක් කියෝලා නැති අයට.
http://kathandara.blogspot.com.au/2010/03/blog-post_10.html


(image: http://en.wikipedia.org/wiki/Channa_(Buddhist))

Sunday 7 October 2012

ලංකාවේ මාධ්‍ය නිදහස පිළිබඳ නලින්ද සිල්වා ගේ අදහස - Nalinda Silva talks about press freedom in Sri Lanka


මංතුමා දාසයයි මාසයේ දී හෝ ගාලා කවි ලියන්න පටන්ගත්තු බව මීට කලින් කියලා තියෙනවානේ.

ඔහොම කවි දුසිමක් දෙකක් විතර ලිව්වාට පස්සේ මං කෙරුවේ ඒවා හාෆ් ෂීට්වල ලියලා පත්තරවලට දාපු එකයි.

එහෙම කවි දැම්මත් පළ වුනේ නෑ කියලා මං නෙමේ දුර්මුඛ වුනේ. ගෙදරින් ශත කීපයක් ලැබුණු ගමන්ම මුද්දර කවර අරං තව තව කවි දැම්මා.

මගේ කවි පල නොවුනේ ඇයි කියලා මට එදා තේරුණේ නෑ. මං හිතුවේ ඒ කවි වලට වඩා හොඳ කවි පත්තරේ පලවුණු නිසා මගේ කවිවලට ඉඩ නොලැබුණා කියලයි.

අද උදේ යාළුවෙක් ෆේස් බුක් එකේ දාලා තිබුණු ලින්ක් එකක් දිගේ ගිහින් නලින්ද සිල්වා එක්ක කරපු රේඩියෝ සාකච්ඡාවක් ඇහැව්වාම තමයි මට ඇත්ත කාරණේ තේරුණේ.

මගේ කවි පල නොවීමට හේතුව ඒ දවස්වල ලංකාවේ කවි පිළිබඳව මාධ්‍ය නිදහසක් තිබිලා නෑ. මොකද මාධ්‍ය නිදහසක් තිබුණා නම් මගේ කවි පළ කරන්න එපායැ?

නලින්ද සිල්වා මෙන්න මෙහෙම (භාව සන්නිතයි) කතාවක් කියනවා.

"මගේ ලිපියක් ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පත්තරේට දැම්මා. උන් පළ කලේ නෑ, ඒ කියන්නේ ඉන්දියාවේ මාධ්‍ය නිදහස නෑ!!!"

නලින්ද සිල්වා ලංකාවේ, ඉන්දියාවේ, අමෙරිකාවේ, එංගලන්තයේ සහ ඕස්ටේලියාවේ මාධ්‍ය නිදහස ගැන කරන ඒ සංසන්දනාත්මක විග්‍රහය මෙතනින් අහන්න.

[...Sri-Lanka-has-more-media-freedom-than-Australia...]

විහිළු-තහළු ටික ඇරලා ගත්තාම පොර වැදගත් දේවල් කීපෙකුත් කියනවා මේ සම්මුඛ සාකච්ඡාවේ.

අද සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රාවක් පලවෙන්නේ කාලයකට පසුවය. හෙට කතන්දරයක් සමග නැවත හමුවෙමු.

-කතන්දරකාරයා

ප/ලි:
කවි හතලිහක් පණහක් විතර පත්තරවලට දාන කොට ඔන්න එකපාරටම වාගේ ලංකාවට මාධ්‍ය නිදහස ආවා එක පාරක්. ඊට පස්සේ ආයේ නැතුව ගියා. මාස දෙක තුනකින් තමයි ආපහු නිදහස පහල වුනේ!

(image: http://nasmm.wordpress.com/2011/09/27/the-world-is-upside-down/)

Friday 5 October 2012

විදුලිබල ප්‍රශ්නයට මුදළාලි ගේ විසඳුම - Mudalali's solution to solve the power crisis!


දැන් නං ඒක මිනිස්සුන්ට අමතක වෙලා වගේ වුණාට පහුගිය දවස්වල හරිම නොරච්චෝල් කරච්චලයක් නේ තිබුණේ.

කොටින්ම අර මං ලියල පළ කරපු එදා අපි සහ අද චීන්නු කියන කයි-කතන්දරේට කමෙන්ට් කරන්න ආපු කළාඳුරු ඇනෝලාටත් සිහිවුණේම ඔය කරච්චලේ කේස් එකයි.

අච්චර වැදගත් මගේ සංයුක්ත කවිය ගැන නෝ කතා!

ඔය නොරච්චෝල් ගල් අඟුරු කරච්චලේ ලංකාවට ආවේ ළඟදී නේ. අපි පොඩි කාලේ ඉඳලාම අහලා තිබුණේ ලංකාවේ විදුලිය නිපදවෙන්නේ ජලවිදුලිය විදිහටයි කියලායි. දන්නවානේ අර ලක්‍ෂපාන සහ විමලසුරේන්ද්‍ර ගැන කතන්දර හෙම?

ඉස්සර කාලේ විදුලිබලය ඉල්ලුමට වඩා කොච්චර සැපයුම වැඩි වුණාද කියනවා නම්, හොට් ප්ලේට්වලින් උයන්නය කියලා කොළඹ පැත්තේ උන්නු අයට උපදෙස් දුන්නාලු විදුලි බල මංඩලයෙන්.. .!!!

හැත්තෑව දශකයේ මුල් කාලයේ සමහි පෙරමුණු ආණ්ඩවෙන් මහවැලි ව්‍යාපරය සැලසුම් කරන කාලේ ඒ ජලවිදුලි බලාගාරවලින් නිපදවෙන අතිරික්ත විදුලි බලය ඉන්දියාට විකුණන්නත් ප්ලෑන් කළාය කියලාත් කියනවා.

ජලවිදුලිබලය කියන්නේ නොරච්චෝල් කරච්චලේ වගේ පරිසර දූෂණය කරන කේස් එකක් නෙවෙයි. මේක ග්‍රීන් එනර්ජි නිපදවන ක්‍රමයක්. හැබැයි ඉතිං පොඩි අවුලකට තියෙන්නේ ජෙනරේටර්ස්වලට අවශ්‍ය වතුර ටික නිකං වගේ අහසෙන් ලැබුණට, නියඟයක් හෙම ඇවිත් ජලාශ හිඳුණදාට ටර්බයින්වලට හුලං කන්න තමයි වෙන්නේ.

ඒ කාලෙට පැරලල් යුනිවර්ස්වල ඉන්න විදුලිබල ඇමතිලාට පවා ලයිට් කපන්න වෙනවා, කටුබැද්දේ ද ගියේ, පේරාදෙනියේ ද ගියේ කියන එක කොහොම වුණත්!

අද කතන්දරේ මේකයි.

ඔන්න අනාදිමත් කාලයකට කලින් ඉඳලා තියෙනවා මුදළාලි කෙනෙක්. පොර පොඩියෙන් පටන් ගත්තාට මේ කාලේ වෙනකොට ආණ්ඩුවේ ප්‍රවාහන කොන්ත්‍රාත්තු පවා කරන කෙනෙක්. කැටපිලර්, බව්සර් වගේ ඒවා හිමිකාරයෙක්.

රජයේ එක්තරා වැඩ බිමක පස් කපලා අයින් කරන කොන්ත්‍රාත්තුව කරමින් ඉඳලා තියෙන්නේ මේ අපේ මුදළාලි පොරයි.

ඔතන වැඩ කරපු මැවිසුරුවෝ කීප දෙනෙක් දවසක් කතා බහක් ලු, ජල විදුලිය සහ පවර් කට් හෙම ගැන.

ජල විදුලිය නිපදවෙන්නේ ඉහල මට්ටමේ තියෙන ජලාශයක ඉඳලා පහලට නලයකින් වතුර ගෙනල්ලා, ඒ ජල පහරේ ජවයෙන් ටර්බයින් කරකවලා හින්දා පායන කාලෙදී ජලාශ හිඳුණාම ටර්බයින් කරකවන්න වතුර නිති නිසා පවර් කට් එන බව අහපු මුදළාලි හොඳ අපූරු යෝජනාවක් කරළා තියෙනවා.

"ඉතිං සර්, අපි බව්සර් දාලා අදිමුකෝ වතුර ටික ආපහු කන්ද උඩ තියෙන ජලාශෙට!"

-කතන්දරකාරයා

ප/ලි:
කටුබැද්දේ වෙන්ට-මැවිසුරුලා ගැනත් මේ වගේ කතන්දරයක් තියෙනවා!

(image: http://newzstreet.com/)

Wednesday 3 October 2012

මා දුටු බියකරුම සිහිනය (ඔබත් දැක ඇත්දැයි බලන්න!) - The scariest dream I have ever seen


මම බියකරු සිහින කිහිපයක්ම දැක ඇත්තෙමි.

එයින් බොහොමයක්ම සිහින දැක එක්වරම අවදිවෙන විට ඇත්තේ හිසරදයකි. හිසරදය පහව ගොස් නැවත නින්දට වැටුණු පසු සිහිනයේ විස්තර අමතක වේ.

අප කාගේත් සාමාන්‍ය අත්දැකීම එසේ යැයි සිතමි.

එතරම්ම බියකරු එකක් නොවෙතත්, මා මේ ජීවිත කාලය තුල කිහිප වරක්ම දැක ඇති, එනිසාම අමතක නොවී අද ද මතකයේ රැඳී තිබෙන එක් සිහිනයක් මෙලෙස වේ.

අවුරුදු පහක පමණ කුඩා දරුවකු වන මම මගේ පියා ද, පියාගේ නැගෙණියක ද සමග මුහුදු වෙරළේ සිටිමි.

මේ රාත්‍රී කාලයයි. මා අත දැල්වූ කුප්පි ලාම්පුවක් ඇත.

මම ඒ එළියෙන් පුවත්පතක ඇති යමක් කියවන්නට උත්සාහ කරමි.

එක්වනම මද සුළඟක් හමා පහනේ දැල්ල නිවේ.

"එදත් මේක වුණා නේද?" යි මට කියවේ.

එවිට මම සිහිනයෙන් අවදිවෙමි.

එදාත් මේ සිහිනය දැක්කා නොවේදැයි මට සිතේ.

ඒ සිහිනය මා හතර පස් වතාවක් දැක ඇත.

මා එක්වරක් පමණක් දැක ඇති, නැවත දැකීමට නොපතන, අද කතන්දරයේ මාත්‍යකාවේ කියවෙන බියකරුම සිහිනය මෙසේය.

පෙර දිනයක ඔබට මා කියා ඇති මා දැක ඇති සුන්දරතම සිහිනයේ මෙන්ම මෙදිනද මා සිටින්නේ යකඩ ඇඳක් මත ඇති සුවපහසු මෙට්ටයක උඩුපල්ලෙන් වැතිර, සුවපහසු කොට්ටයක හිස හොවා ගෙනය. විවිධ වයර් සහ නල ඒ මේ අත ඇදී ඇත.

මා සිටින්නේ දෙනෙත් වසා ගෙන යැයි සිතමි. දෙනෙත් වැසූවද සිහින පෙනෙන බව අමුතුවෙන් කිව යුතු නැහැ නොවැ?

මගේ බියකරුම සිහිනය ඇරඹේ.

මා ඉදිරියේ පෙනෙන්නේ මිනිස් මොළයකි. ඉහත පළකොට ඇති සටහනේ දැක්වෙන ආකාරයට එහි නහරවැල් වැනි කොටස් ඉලිප්පී පෙනේ.

මා නොදැනුවත්වම මා දෙනෙත ඉන් එක කොටසක් වෙත නාභිගත වෙයි.

එතැන් සිට සිදුවෙන්නේ වේගයෙන් දුවන දුමරියකින් යනවිට දෙපස ඇති ගස් වැල් සහිත පරිසරය වේගයෙන් අප පසුකර දිවයන්නාක් මෙන් මගේ දෙනෙත් ඉදිරිපිට මේ මිනිස් මොලය ක්‍රම ක්‍රමයෙන් විශාලනය වී පෙනෙන්නට පටන් ගැනීමයි.

හරියටම නොනවතින අන්වීක්‍ෂයකින් විශාල කර බලන්නාක් මෙන්ය.

කොපමණ මැග්නිෆයි කළද පෙනෙන දර්ශනය තව තවත් පැහැදිලිය. ඩිජිටල් සූමින් කරන විට මෙන් ෆික්සලේට් වී නොයයි.

මොළයේ නහර වැනි කොටස් ෙසෙල බව පෙනේ. ඒ ෙසෙල සෑදී ඇත්තේ තවත් ෙසෙලවලිනි. ඒවා ද එලෙසමය.

මගේ දර්ශනය අති වේගයෙන් මොළයේ ශුද්‍ර ෙසෙලතුලට ඇදී යයි.

මට මෙය දරාගත නොහැක. දැඩි පීඩනයක් දැනේ.

එනමුදු මට කළ හැකි දෙයක් ද නැත.

පීඩක දර්ශනය ඔස්සේ මා ඉදිරියටම ඇදී යයි. එසේ නැතහොත්, පීඩක දර්ශනය මා පසුකජර පසුපසට ඇදී යයි.
මගේ සිත බියෙන් පිරේ.

මට මේ සිහිනයෙන් ගැලවීමට හැකිවේද?

යළිත් හිරු එළිය බලන්නට හැකි වේද?

මෙවැනි බියකරු හීනවලින් ගැලවීමට "ඉතිපිසෝ භගවා" ගාථාව කීමෙන් හැකි බව මගේ අම්මා කියා ඇති බව මා මතකයට එයි.

මම එය කියන්නට පටන් ගනිමි.

"ඉතිපිසෝ භගවා... ..."

මට එතනින් එහාට ඒ ගාථාව මතක නැත.

සිහිනය නිමවිය. මම අවදිවීමි.

-කතන්දරකාරයා

ප/ලි:
මෙවැනි සිහින ඔබත් දැක ඇත්ද?

(image: http://charltonteaching.blogspot.com.au/2010/06/this-is-your-brain.html)

Monday 1 October 2012

රෑ ඉස්කෝලේ හාමිනේ - Lady of the evening



රෑ ඉස්කෝලේ හාමිනේ කියලා කියන්නේ ලොව පැරණිම රැකියාව කරන ලාංකික කාන්තාවන්ටයි. රෑ බෝ වී ගෙන එන වෙලාවට හොඳින් ඇඳ පැළදගෙන සේවය සඳහා පිටත්ව යන නිසයි ඒ අන්වර්ථ නාමය පටබැඳිලා තියෙන්නේ.

එක දවසක් රාත්‍රියක මිතුරන් දෙදෙනකු සහ මම නුවර එළිය නගරයේ ඇවිදගෙන යන අතරතුරේ ඒ සේවා යෝජකයකු එනතුරු බලා සිටින රෑ ඉස්කෝලේ හාමිනේ කෙනෙක් දැක්කා.

ඒ ගැන ලියවුණු කවියක් තමයි මේ.

අම්බපාලී

කඩා වැටෙන කලුවරය දස අතින්
මීදුම් කඳු මැද
සීතල නගරය
දුම්වැටියෙන් නැත
සීතල මිදුණේ
උණුසුම ලැබුණේ

කහ එළි විසිරුණු පාළු මාවතේ
සෙමෙන් සැලෙන එක්
අඳුරු රුවක්

කඩා දැමූ මුදු කෙහෙරැල්ලයි
ගත සිත පොළඹන නෙතු කැල්මයි

කෝමල ඉඟි බිඟි
සිත තුල කැළඹිලි
නුපුරුදු සිතුවිලි
ආශාවක්
බියක්
?


(පේරාදෙනිය ඉංජිනේරු පීඨ කලාකවයේ නිර්මාණ පුවරුවේ මුලින්ම පල විය. පසුව මවිසින් හස්තද්වාරයෙන් ප්‍රකාශනය කරන ලද "මායාවෝ" කෘතියට අඩංගු කරන ලදී)

මේ 2012 සැප්තැම්බර් සාහිත්‍ය මාසයේ අවසානය සැමරීම පිණිස පලකෙරෙන කයි-කතන්දරයකි.


-කතන්දරකාරයා


(image: http://minivannews.com/politics/sri-lankan-prostitution-ring-busted-in-male-27649)