ජීවිතයම කතන්දර ගොඩක්!
This is a Sinahla blog written for five years from July 2009. It contains stories - Kathandara - from authors life.
කතන්දරකාරයා ගේ දශක කිහිපයක ජීවන අත්දැකීම් අළලා 2009 ජූලි 11 දින සිට පුරා වසර පහක් තිස්සේ ලියවුණු කතන්දර එකතුවකි. kathandara@gmail.com
Friday, 13 July 2012
මං බ්ලොග් ලිව්වේ ඇයි සහ ලියන්නේ ඇයි? (කිසිදු විවාදාත්මක කරුණක් අඩංගු නැත!) - Past, present and the future
මේ ලියන්න යන කරුණු ටිකත් මගේ හතරවෙනි පන්තියට කලර්ස් පෙන්වා පාස් වුණු කතන්දරේ අගින් ලියන්න හිටියට ඒ පෝස්ට් එක දිග වැඩි වුණු නිසා පස්සට කල් තිබ්බා.
මාතෘකාව ගැන කතා කරන ගමන් ම තවත් දෙයක් තියෙනවා කරන්න. ඒක තමයි එදා නොකළ අනිත් දේ, එනම් ස්තුති කතාව.
මීට අවුරුදු තුනකට කලින් දවසක මට හිතුණා මගේ හිතේ තියෙන කතන්දර ගොන්න බ්ලොග් එකක් හරහා ලියලා දාන්න ඕනෑය කියලා. හොඳට ප්ලෑන් කරලා, සතියකට එක ගානේ කතන්දර මාස තුනක් දාන්න දහතුනක්ම කෙටුම්පත් කරලායි මේ වැඩේට බැස්සේ.
එක්කෝ නැකත හොඳයි නැත්තං පෙරමග සුබ ලකුණු තිබිලා තියෙනවා. තාමත් මං එදා වගේම ගමනේ.
තවත් එකක්. මං අන්වර්ථ නාමයක් යොදා ගත්තේ හැංගෙන්න නෙමේ, බ්ලොගයේ නමට අදාලව චරිතයක් නිර්මානය කරන්නයි. මං කවුද කියලා දන්නෝ දන්නවා.
දැන් අවුරුදු තුනකට, කතන්දර පෝස්ට් 668 කට, ෆලෝවර්ස් ලා 920 කට හිට්ස් 955,000 කට, කමෙන්ට්ස් 19,950 කට පස්සේ ආපහු හැරිලා බලන කොට මුලින්ම ස්තුති කරන්න ඕනෑ මගේ හාමිනේ ට සහ දරු පවුලටයි. මං ගෙදර ඉන්න සුළු වෙලාවෙනුත් දවසකට පැය දෙක තුනක් මේ බ්ලොග් එක සඳහා ගත කරන්නේ ඔවුන් ගේ පිහිටෙන් තමයි. හාමිනේ විටින් විට මට බැන්නාට මේ වැඩේට අකමැත්තක්මත් නෑ!
හාමිනේටත්, රෝස බබාටත්, පුතු පැටියාටත් ස්තුතියි.
ඊලඟට මගේ ස්තුතිය පාඨක ඔබ සැමට. මං බ්ලොග් එක පටන් ගත්තේ මට කියන්න කතන්දර තියෙන නිසයි. කතන්දර ලියාගෙන ලියාගෙන යන්නේ ඒකෙන් හිතට විනෝදයක් ලැබෙන නිසයි. හොඳ වෙලාවට කතන්දර කියවන්න පිරිසකුත් ඉන්නවා. නැත්තං ඒ විනෝදය නැතිවෙලා යන්න තිබුණා. දිනපතා මේ බ්ලොග් එකට ලැබෙන හිට්ස් සහ කමෙන්ට්ස් නිසා දිනපතාම හිතේ තියෙන සතුට අළුත් වෙනවා.
මගේ ජීවිතය දැන් අවුරුදු හයක ඉඳලා ගෙවෙන්නේ ණයට ගත්තු කාලයෙන් කියලයි මං විශ්වාස කරන්නේ. ඒ නිසා මේ දිනපතා සතුට මට ඉතාම වැදගත්.
කතන්දර බ්ලොග් එක කියවන, කමෙන්ට් කරන ඔබ සැමට කෙරෙන මගේ මේ අවංක ආදර ස්තුතිය පිළිගන්න.
බ්ලොග් එකේ කමෙන්ට් දානවාට අමතරව මට පුද්ගලිකව ඊ-මේල් ආදිය එවා මිතුරුවුණු පිරිසකුත් ඉන්නවා. ඔවුන්ටත් මගේ ආදරය සහ ස්තුතිය.
මං ගැන හෙවූ බැලූ ඇනෝලාටත්, මං ගැන ලිපි කීපයක්ම ලියූ ඇනෝ ආතල් ගොයියාටත්, තවත් ලිපියක් ලියූ අභීතටත්, මාව කීපවරක් ම කාටුනයට නැගූ බුද්ධිටත් ස්තුති නොකරම බෑ.
ඇනෝවෙක් මේ ඊයේ පෙරේදාත් කියලා තිබුණු විදියට "නාසිසිස්ටික්" පොරක් වෙන මං අවසාන වශයෙන් ස්තුති කරගන්න යන්නේ මටමයි. ඒ ඇත්තටම මගේ මතකයටයි. මොන හේතුවක් නිසාද මන්දා මෑත කාලේ සිදුවුණු සමහර දේවල් මුලුමණින්ම අමතක වෙලා ගියාට, මට පොඩි කාලේ සිදුවුණු දේවල් විස්තරාත්මකව මතකයි. ඒ නියුරල් නෙට්වර්ක් එක හැමදාම අද මෙන්ම තියුණුව තියෙන්න තියෙන ඉඩකඩ අඩුයි. බලමු මොකද වෙන්නේ කියලා!
මට දෙන්න තියෙන හොඳ ආරංචිය තමයි මං දිගටම බ්ලොග් එක කරගෙන යනවාය කියන එක. නරක කෑල්ල තමයි, එහෙම වුණත් මේ සඳහා ගතකරන කාලය ටිකක් අඩු කරන්න මට අවශ්‍ය වෙලා තියෙන බව.
ඒ හින්දා දැන් සෑහෙන කාලෙක ඉඳලා කරගෙන ගිය සඳුදා, බදාදා සහ සිකුරාදා කතන්දර පල කිරීම සහ ඉරිදා ට සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රා දැමීම මේ සතියෙන් අවසාන වෙනවා. ඊට වඩා පොඩ්ඩක් ස්ලෝ කරන්නයි මගේ අදහස. සාමාන්‍යයෙන් සතියකට කතන්දර දෙකක් විතර දක්වා වගේ.
ඉතිං අදට එපමණයි. අද නිකං හෑල්ලක් විතරයි ලියවුනේ. රියල් කතන්දරයක් නෑ.
ලබන සතියේ දවසක වෙනදා වගේ කතන්දරයකින් හමුවෙමු.
-කතන්දරකාරයා
ප/ලි
මෙන්න අමතක වීම ගැන පොඩි උදාහරණයක්.
මං ඊයේ හැඳුවා රස කෑමක්. බීෆ් ස්ටර් ෆ්‍රයි (Beef Stir-fry). හදලා ඉවර වුනාට පස්සේ තමයි මතක් වුනේ ෆොටෝ ගන්න අමතක වුණා නේද කියලා.
ෆොටෝ ගන්න මතක් වුණා නං, ඒ ගැන කතන්දරයක් දාන්න තිබුණා මේ ඉරිදාට රෙසිපියත් එක්ක, අර බීෆ් කතන්දර ස්ටයිල්, පරිප්පු, බීන්ස් විත් පීනට්ස්, බොම්බිලි කරෝල ගැන ලිව්වා වගේ.
Subscribe to:
Post Comments (Atom)
Take your time KaKa. Family should come first.
ReplyDeleteසුභ පැතුම් ! , ලියන ප්‍රමාණය අඩු කරල හෝ දිගටම ලියනවාය කියන එක සතුටට කාරණයක්
ReplyDeleteaduwunath kamak ne.digatama liyanawa neh.
ReplyDeleteසුභ පැතුම් කකා. ඒ වගේම ස්තුතියි අපිට බලන්න අවුරුදු 3ක් කතන්දර ලිව්වාට
ReplyDeleteසතියකට පෝස්ට් දෙකක්.....!!
ReplyDeleteඒක තමයි නියම ගාන,එතකොට මගහැරෙන්නෙ නැතුව කියවන්න පුළුවන්.
සුභ පැතුම්......!!!
"අද නිකං හෑල්ලක් විතරයි ලියවුනේ. රියල් කතන්දරයක් නෑ"
ReplyDeleteබොරුනේ කකා කියන්නේ. එතකොට මේක බොරු කතන්දරයක්ද :D
මට නම් හිතෙන්නේ මේක තමා රියල්ම කතාව. හෘදයාංගමව නොවැ මේක ලියලා තියෙන්නේ
Deleteසංඛ්‍යාතය අඩු කරල උනත් දිගටම ලියන්න.අපි කියවනවා.
ReplyDeleteකතන්දර ප්‍රමාණය අඩුවීම මට නං හෙනම අවුල්. මොකද කතන්දර බ්ලොගේ මම නිතර යනඑන තැනක්. වෙනත් බ්ලොග් එකක සංඛ්‍යාතය අඩුවුනාට වඩා "දැනේවි". ඒත් මොනව කරන්නද. සතියට තුනක්වත් සලකා බලන්න.
ReplyDelete!! සාමාන්‍යයෙන් සතියකට කතන්දර දෙකක් විතර දක්වා වගේ!!
ReplyDeleteඅනේ කතන්දර මහත්තයෝ ඔව්වා කොරන්ඩ පුළුවන් වැඩද, අද කතන්දරයක් ලියන්ඩ නොහිටියත් අන්න අරක හන්දා මෙන්න මේක ලියන්ඩ හිතූවා කියලා සතියට හත අටක් දීලාඅදී,
තියන වැඩක්පලක් නවත්තලා හරි ලියනවා හොදයි
agreed
Deleteඅපි ඉතින් හාපුරා කියල බ්ලොග් බලන්න ගත්තේ කතන්දරගේ බ්ලොග් එකෙන් . ඒ නිසා එක විදිහකට මමත් ඔඅබට ස්තුතිවන්ත වෙනවා
ReplyDeleteසුභ පැතුම් !
ReplyDelete@කතන්ද්‍ර දරුව,
ReplyDeleteදේශීය දේ අගයන, කොකා කෝලා වෙනුවට බෙලි මල් වතුර බොන, මළ පහ කොට පිස ගැනීමට ටොයිලට්ටු පේපර් පාවිච්චි නොකර හෝදා ගන්නා, ඔම්ලට් බන් වෙනුවට කුරහන් තලප ගිලින, බටහිර කසිකබල් විද්‍යාව වෙනුවට ජ්‍යෝතිෂය හා ආයුර්වේදය අදහන මා ඇතුළු සියළු රාවණා පක්ෂිකයන්ගේ සුභාශිංශනය පහත ශ්ලෝකයට ගොණු කරමි.
කක්කාංච ජොකාංච කත්ථා රච්චකානං
කතන්ද්‍රකාර් මානවකං කීර්ති කදම්භං
රාවණාච යානානං පින්නවලං ආකාශංච
අලෝකංච භවතු සබ්බ ත්‍රෛලෝකං
තේරුම: කක්කා කතා හා ජොකා කතා රචනා කරන කතන්ද්‍ර කාරයා නම් මානවකයාගේ කීර්ති කදම්භය පින්නවල අහසේ දිස්වූ රාවණා රජුන්ගේ යානය සේම (එය කළාක් පරිද්දෙන්ම) සකල තුන් ලෝකය අලෝකමත් කෙරේවා!
ස්වස්ති රාවණා සිද්ධම්!
- මීවනපලානේ රාජපක්ෂ (හෙළ ජ්‍යොතිශ හා ආයුර්වේද විශේෂඥ, අතිගරු ජනාධිපතිතුමන්ගේ, ආරක්ෂක ලේකම්තුමන්ගේ හා වර්ගපූර්ණිකාව කරන මීවනපලානේ ජයරත්නයන්ගේ ඥාති සොහොයුරු)
ඇත්තට එදා මොකද උනේ? නිකං කලංතයක්ද හැදුනෙ?
ReplyDeleteහ්ම්.. නිතර දකින කුකුළගෙ කරමලේ සුදුයි කියන කතාව ද මේ. කතන්දරත් දැන් අපේ සමහර නිළියො වගේ වෙලාද මන්ද.
ReplyDeleteසුභ පැතුම්...!!!
නරක ආරන්චියනං ඉතා නරකයි...
ReplyDeleteසුභ පතනවා ඒ කිව්ව විදිහට අඩු නොවී දිගටම කරගෙන යන්න පුළුවං වෙන්න කියලා..
සුභ පැතුම් කතන්දර
ReplyDeleteසුභ පැතුම් ... :D
ReplyDeleteසුභ පැතුම් කතන්දර
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ReplyDeleteඕන පුකක් !
ReplyDeleteMEWAGE KATHANDARA NAM NATHI THARAMATA HONDI. (NAKI GAMARALA)
ReplyDeleteසුභ පැතුම් අයියේ....!
ReplyDeleteසුබ පැතුම්.
ReplyDeleteකීමට බොහෝදේ ඇත. ඒත් නොකියාම යමි.
ReplyDeleteකතන්දරට සුබ පැතුම්....:)
සුභ පැතුම් කිවුව
ReplyDeleteකක්කාංච ජොකාංච කත්ථා රච්චකානං
ReplyDeleteකතන්ද්‍රකාර් මානවකං කීර්ති කදම්භං
කාටූන් නං මදෑ. ඔය ශ්ලෝකත් ලියවෙන්නෙ :)
සුබපැතුම් !!
සුභපැතුම් කතන්දර.. කමෙන්ට් නොකලත් ගොඩක් වෙලාවට කියවලා යනවා. වෙලා තිබුනොත් කමෙන්ට් කරනවා.
ReplyDelete@කතන්ද්‍ර දරුව,
ReplyDeleteනුඹ පෙර අත්භවයක (කිතුවසින් හත්වන සියවසේදී තුන්වන අග්‍රබෝධි රජ දවස) රාජසභාවෙහි රජතුමන් දිනපතා නින්දට යනතුරු කතන්දර කීමේ වගකීම දැරූ ඉතා වැදගත් ඇමැතිවරයකුව සිටි බවත් මේ ඇමැතිවරයාගේ නම වූයේ "කතන්ද්‍ර" බවත්, මම චිත්ත සමාපත්තියට වැදී දැක නුඹට කියා ඇත්තෙමි.
මේ කතාවේ නොකියූ කොටස මෙසේය.
දිගින් දිගටම මෙසේ කතන්දර කියාගෙන යද්දී මේ ඇමැතිවරයාට මෙසේ දවස ගානේ කතන්දර කීම මොන මළ වදයක් දැයි සිතිණි. මෙනිසා දිනෙක මහරජතුමන් බැහැදුටු ඔහු මෙසේ කීය.
"පස්වාන් දහසකට බුදුවන්ඩ දේවයන් වහන්ස. දිගින් දිගටම කතන්දර කියමින් සිටීම නිසා මට පරලොවට වැඩක් කර ගැනීමටවත් නොහැකි විය. දැන් මම වයස්ගතව ඇත්තෙමි. එනිසා පරලොවට වැඩක් කර ගනු පිණිස දවසකට වරක් බැගින් වන කතන්දර කීම නවතා, සතියකට දවස් දෙකක පමණක් කතන්දර කියන්නටත් ඉතුරු දවස් ටික මහා විහාරයට ගොස් ආගමික වතාවත්හි නියැලෙන්නටත් මම අදහස් කරමි. ඊට ඔබ වහන්සේගේ අවසරය ඉල්ලමි."
එබස් ඇසූ රජ්ජුරුවෝ මෙසේ කීහ.
"දරුව, ඔබේ අදහස යහපති. පරලොවට වැඩක් කර ගැනීමට සිතීම අගනේය. එහෙත් දැන් මම දිනපතා කතන්දර අසා ඊට ඇබ්බැහි වී ඇත්තෙමි. එනිසා මට කතන්දර නොඅසා සිටිය නොහැකිය. ඔබේ බිරින්දෑ "කතන්ද්‍රී"ද කතන්දර කීමට සමැත්තියකැයි මම අසා ඇත්තෙමි. එබැවින් සතියකට දවස් දෙකක් ඔබත් ඉදිරි දවස් පහේදී ඇයත් (සන්ඩේ ඉස්පැෂැල් ඇක්ස්ට්‍රා එකත් සමඟ) කතන්දර කියන්නේ නම් අගනේය"
එබස් ඇසූ කතන්ද්‍ර අමාත්‍යවරයා "ආගමික වතාවත් වලින් කම් නැත මහ රජතුමනි, මම පරලොවට ගිය පසු ඒ ගැන බලා ගනිමි." කියා නැවත පෙර පරිදි දවස ගානේ කතන්දර කියන්නට පටන් ගත්තේය.
කතන්ද්‍ර දරුව, මේ කතාවෙන් නුඹට ගත හැකි ආදර්ශය කවරේද?
පරලොව අමතක කොටැ මේ ආත්මයේදී ද එදා මෙන්මැ දිනපතා කතන්දර බ්ලොගය අප්ඩේට් කළයුතු බවයැ.
Delete(එදාට අනුව පරලොවක් වන මේ ආත්මය අවුලක් නැහැ නේ)
ඔබගේ කැපවීමට මගේ ප්‍රණාමය!
ReplyDeleteසුබපැතුම් !! කතන්දර
ReplyDeleteThe best is yet to come< I hope! :)
ReplyDeleteBest Wishes.
henryblogwalker the Dude
කැමැත්තක් කරව! කෝමත් අපි එන එකනේ!! ස්තුතියි!!!
ReplyDeleteසුභ පැතුම් වේවා.. !
ReplyDeleteජය හොදේ !
සුබ පැතුම් කකා
ReplyDeleteමං කැමතිම දෙයක් තමා කකාගේ කතා ගොඩක් දිග නැහැ කෙටියෙන් ලස්සනට ලියනවා.
උඹල වගේ එවුන් ඉතින් අමාරුවෙන් වචන ගැට ගහන් කියවන එවුන් නේ. මොකෝ ඉස්කෝලේ ගියා කියල කඩේ බඩු තුන්ඩුවවත් කියවගන්ඩ පුවන්ද?
Deleteබැහැනේ :D
DeleteThis comment has been removed by the author.
Deleteමං ඇනෝ අර කලින් ඇනෝනං නෙවෙයි ඒත් මල්ලි උඹ ඔය කියලා තියෙන දේ මංනං කාකාගෙන් දැකලා නැහැ. මමත් කාකාගේ හුගක් කතාවලට මෙලෝ උනන්දුවක් ඇති එකෙක් නෙවෙයි. ඒත් කාකාගේ ආතල් කාකාට. අපේ ආතල් අපිට කියලා එහෙම එවුවා අල්ලලා දාලා හිතට හරියයි කියලා හිතෙන ඒවා ටිකක් උනන්දුවෙන් කියවනවා.
Deleteඋඹ ඔය කතාව කිව්වේ ඇයි කියලා මං දන්නේ නැහැ. ඒත් ඉතිං උඹ ලියන ඒවායේ හැටියට මං තේරුං අරං තියෙනවා හුගක් ප්‍රශ්න මැද ජීවත් වෙන කොල්ලෙක් කියලා. ඒ වගේම ඒ කේන්තිය වෙන වෙන අංශ වලින් පිට කරන්න උත්සහ කරනවත් මං දැකලා තියෙනවා.
තරහකට මරහකට කියනවා නෙවෙයි උඹ යන පාරේ පොඩි අවුලක් තියෙනවා මල්ලි. ටිකක් කල්පනා කරලා බලලා නිවියං. එච්චරයි. එක පාරට ගල් ගෙඩි අරං වටේට ගහන්න එපා.
ඔය කතාව ඔයා මෙතන නැතිව කියන්න ඕන තැන්නං ඕන තරං බ්ලොග් අවකාසේ තියෙනවා. ආන්න ඒ තැනකට ගිහින් කියන්න.
හැමෝටම සොරි වේවා
Deleteඔව් ලොකු ලොකු අය මොනවා කරත් මට වැඩක් නැහැ
ආයෙත් සොරි.
අනේ නිශාන් මට මගේ බ්ලොගයේ ඇනෝ කමෙන්ටු දාන්න තියා සමහර දිනවලට එන කමෙන්ටු කියවන්නට වත් වෙලාවක් නැත.
Deleteකමෙන්ටුවවලට උත්තර නේනට ඉඩ ලැබෙන්නේ හාවා හඳ දකින්නා සේය.
ඔබ පටලාගෙන ඇති මේ අවුල දැක්කේ දැනුයි.
ජය !
ReplyDeleteජයවේවා කකා!
ReplyDeleteසුභ පැතුම් ! කාට නැතත් ඇනෝ ලා වෙත ස්තූති කරපු එක නම් වටී...
ReplyDeleteසුභ පැතුම්.....
ReplyDeleteමගෙනුත් අවංක සුභ පැතුම් අයියාට.....
ReplyDeleteසුබ පැතුම් කකා! (මා කියෙව්වේ අදයි). මා ඔබේ කියවන කතාත් තියනවා නොකියවන ඒවාත් තියනවා. නමුත් ප්‍රධාන වන්නේ ලිවීමට ඇති ඔබේ කැමැත්තයි. මේ කෑල්ලට මා කැමතියි "මං ගෙදර ඉන්න සුළු වෙලාවෙනුත් දවසකට පැය දෙක තුනක් මේ බ්ලොග් එක සඳහා ගත කරන්නේ ඔවුන් ගේ පිහිටෙන් තමයි".
ReplyDeleteකතන්දර දන්නේමේ නැතුව සමහරවිට දැනුවත්වම කතන්දර ලියමින්ම ඉර වටේ රවුම් තුනක්ම ගහල තියනව සෙල්ලම් ද කොල්ලෝ කිව්වලු..............තව බොහෝකලක් අපව පිනවන්නට ලැබේවා
ReplyDelete@ All
ReplyDeleteසියළු දෙනාටම ඉතා ස්තුතියි.
කාලය තමයි සියල්ලටම හරස් කපන්නේ. විනෝදාංශයක් වුනත් කරන්න පුළුවන් විවේක වෙලාවටනේ!
නැවතත් මගේ ස්තුතිය.