Wednesday 25 April 2012

හෙළුවෙන් බනිමු - මෙන්න හොඳ සුද්ද සිංහල වචන කීපයක් :: A few rarely heard Sinhala words


හෙළුවෙන් වනනවා කියන්නේ සිංහල භාෂාවෙන් වර්ණනා කරනවාය කියන එක බව අමුතුවෙන් කියන්න ඕනෑ නෑනේ? නමුත් ඇත්තම කියනවා නං, හොඳට හෙළුවෙන් බණින්න නම් හෙළුව විතරක් මදි හොඳ සංස්කුරුත ටිකකුත් ඕනෑ!

මේ ලඟදී දවසක පරණ කතන්දර ගැණ අතීතාවර්ජනාවක ගැලිලා ඉන්න මොහොතම මතකයට ආවා හොඳ සිංහල වචන කීපයක්.

මේවා වැඩිපුර භාවිතයේ තියෙන වචන නෙමේ. ඒ නිසාම අභාවයට යන්නත් ඉඩ තියෙනවා. කොටින්ම ගූගල් එකේ සර්ච් කළාම මේ වචනවලින් සමහර ඒවා සිංහලෙන් ජාලගත වෙලා තියෙන්නේ හරිම අඩුවෙන්.

දැන් මෙන්න මගේ මතකයේ තියෙන වචන සෙට් එක.

වහන්තරාව    ඕනෑම ඇඳුමකට කියන්න පුළුවන් වචනයක්. සරත් විජේසූරිය කාරයා ප්‍රස්ද්ධ කළ හුචක්කුව කියන එක මේකේ එක අනු කුලකයක්. ඉංගිරිසි එන්විලෝප් කියන වචනයට නියමිත සිංහල පාරිභාෂික වචනයත් මේකයි.
මල හෝන්තුව   යම් කෙනෙකු ගැන අප්‍රසාදය පලකරමින් හඳුන්වන්න පාවිච්චි වෙන වචනයක්.
පජාති   ජාතිය පහත්කරලා අපහාස කරන වචනයක්.
පට්ට   අද නම් මේකේ අර්ථය සුපිරි, උපරිම කියන එකයි. ඉස්සර නම් අපහාසාත්මක වචනයක්. විශේෂයෙන්ම පරට්ට කියන වචනයත් එක්ක එකට පාවිච්චි කරන කොට.
පරට්ටයා   මේකත් බනින්න භාවිතා කරන වචනයක්. මේකේ සුවිශේෂී කාන්තා විශේෂණ පදය පරට්ටී.
පට්ටන්දර   මං හින්නේ පට්ට + අන්දර කියන එකයි. දිග කතාවලට ඕපාදූපවලට මේ වචනය භාවිතා කෙරුණා.
ඕසරේ   විශාල ප්‍රමණය කියන අරුත දෙන වචනයක්.
දහදුරා   වලත්ත, පාහර වගේ අපහාසාත්මක වචනයක්. කුලය සම්බන්ධද මන්දා?
කාඩයා   තවත් අපහාසාත්මක වචනයක්.
සෝබනේ   ෂෝ එකට කරන වැඩ වලට සෝබනේ කියලා කිව්වා කාළෙකට කලින්
බඩ කඩුත්තුව   නොවැදගත් දෙයක් හඳුන්වන අපහාසාත්මක පදයක්

මේ වගේ තවත් වචන දන්නවා නම් ලියලා යන්න හොඳේ?

-කතන්දරකාරයා

ප/ලි:
හැබැයි මේ හෙළුවෙන් බනින එකයි, මං කලින් දවසක ලියපු නිරුවතින් රණ්ඩු වෙන එකයි නං පටලා ගන්න යන්න එපා!

ප/ප/ලි:
අද පෝස්ට් එකට පාදක වුණු කතන්දරය නොදා වචන සැට් එක විතරයි දැම්මේ, හරිය?

(image: http://www.militaryphotos.net/forums/showthread.php?53823-Hellenic-Armed-Forces-Photos/page76)

121 comments:

  1. බය ගෝතා, ගෝතයා, මරා වගෙ ඒවත් ඉතාම අපහාසාත්මක වචන.

    -soosthi

    ReplyDelete
    Replies
    1. හැබැයි ඒවා පොදු වචන නෙමේනේ. ඒක පුද්ගල, ලියාපදිංචි වචන නේ?

      Delete
    2. “ගෝතයා“ කියන්නෙ පොදු වචනයක් නේද?

      Delete
    3. ට්‍රැෆික් ඇනෝ
      ගෝතයා එකක් ගෝතා වෙන එකක්!

      Delete
  2. ප්‍රේමදාස ජනාධිපතිවරයා (තුමා?? හෑ?) ඉන්නා සමයේ එතුමාගේ ජීවිතයේ සමීපතම ගැහැනියකට "බුත්තලී" යනුවෙන් "ඇත්ත" පුවත්පත අමතා තිබින. ඒ බුත්තල ගම් උදාවක් සමයේ දීය.

    -soosthi

    ReplyDelete
    Replies
    1. ඊ ඇල් ගේ පවුල රැකේ කියලාත් හෙඩිමක් තිබ්බා ඇත්ත පත්තරේ!

      Delete
    2. ඒ දවස් වල තවත් ප්‍රසිද්ධ හෙඩිමක් තමය් "රොනී පනී". ඒකා කි සැරයක් නම් එහෙට මෙහෙට පැන්නද?

      Delete
  3. මම නම් හිතන්නේ ඉස්සර කාලෙත් ඔය 'පට්ට' කියන වචනය පාවිච්චි කරන්ට ඇත්තේ 'සුපිරි' කියන අදහසින්ම තමයි. නරක වචනයක් මුලින් ඒක දැම්මාම අර වචනේ තේරුම තවත් වැඩි වෙනවා. ඒ කියන්නේ වචනයේ තේරුම 'සුපිරි' වෙනවා ඇති.

    හෙළුව-------නිරුවත
    හෙළ--------සිංහල නෙමේද?

    මමත් දන්නේ නැති හන්දයි අහන්නේ. සිරි ලියනගේ මහත්තයාගේ 'නිරුක්ති සහිත සිංහල ශබ්ද කෝෂය' බැලුවා. ඒක තිබුනේ ඔහොමයි.

    ReplyDelete
    Replies
    1. ල, ලා, ලැ, ලෑ, ලු, ලූ
      ළ, ළා, ළැ, ළෑ, ළි, ළී, ළු, ළූ,

      ළ් + උ = ළු
      ල් + උ = ලු

      පොඩි ළමයි මේව දන්නවායෑ?

      Delete
    2. ඔබ වැරදියි. අපේ ගැමි සමාජය එදත් අදත් පට්ට යන වචනය යොදන්නේ ගැරහීම පිණිසයි. මා මැදි වියද පසුකල ගැමියකු නිසයි එහෙම කියන්නේ. මගේ ගම්වාසීන් පට්ට කියන වචනය පාවිච්චි කලේ මෙහෙමයි. පට්ට බැල්ලි, පට්ට වේසි, පට්ට පඳුරී (රහසිගතව අනියම් පුරුෂ ඇසුර ලබන්නී) 'පට්ට ඇඹුල්', (ආහාරයට ගත නොහැකි තරම් ඇඹුල්) මේ හොද්ද 'පට්ට ලුණු රහයි' (කෑමට නොහැකි තරම් ලුණු දමා ඇත) මම දැක්කා ඒකි එකම රෙද්ද 'පට්ට ගගහා' අඳිනවා. අදනම් මම ඒකිගේ 'පට්ට ඇරියා' (ඇයට කලයුතු සියලු අපහාස කළා)

      Delete
    3. මෙන්න ලලල ලලා ගානවා..! :P

      Delete
    4. ස්තුතියි විචාරක!

      Delete
  4. Replies
    1. ස්තුතියි.

      ස්ලැන්ග්වල හොඳම අංශය තමයි බණින වචන!

      Delete
  5. මොන බඩකඩුත්තුවක්ද මේ! :D

    ReplyDelete
    Replies
    1. මං හිතුවේ පට්ටයි කියලා!
      ;-)

      Delete
    2. කමෙන්‍‍ටුවයි, රිප්ලයි එකයි "සිරා!"

      Delete
  6. එල... කටපාඩම් කරගන්න ඕනේ.. :D

    ReplyDelete
    Replies
    1. බබාළාට නෝට් වචන උගන්නලා බැනුං අහන්න වෙයිද මන්දා?

      Delete
  7. පජාති කතන්දරයා, මොන මල හෝන්තු බ්ලොග් එකක්ද මන්දා ලියන්නෙ. ඒ බඩ කඩුත්තුවෙ තියෙන්නෙ සෝබනේ විතරයි. ඒ මදිවට කමෙන්ට් කරන්නෙත් කාඩ, දහදුරා සෙට් එකක්. ඉස්සර නම් පට්ටයි. දැන් නම් අමු . අනේ මේ වගේ පට්ටන්දර කියවන පරට්ටයෝ, පරට්ටියොත් ඉන්නවනෙ.

    ReplyDelete
    Replies
    1. එහෙමනම් ඉතින් කියවන තමුන්නාන්සෙත් පරට්ටයෙක් වෙන්න එපායෑ.

      Delete
    2. @ AnonymousApr 24, 2012 08:52 PM

      මුස්පේන්තුවා! ආවද මෙතන කරක් ගහන්න?

      ප/ලි:
      මං නං ඉතිං බනින කෙනෙක් නෙමේනේ. අල්ලපු බ්ලොග් එකේ අයිතිකාරයා හිටියා නං බනිණ හැටියි ඒ ලිව්වේ!

      ;-)

      Delete
    3. @ AnonymousApr 24, 2012 09:04 PM

      මේ තවත් පරට්ටයෙක්ද, පරට්ටියක්ද?

      :-)

      Delete
    4. මොකාද මේ හොඳ පොස්ට් එකක් කඩාකප්පල් කරන්න එන පරට්ටයා.මේකට කමෙන්ට් කරන අය නෙවෙයි තමුන්ම තම දහදුරා වැඩ කරන කාඩයා. :(

      Delete
    5. ඒකනම් ඇත්ත තමයි, මේ ලියල තියෙන දේවල්වල අපට ඉගෙන ගන්න කොච්චර දේවල් තියෙනවද. ජනේල වේදිකා නාට්‍යයේ ( මම හිතන්නෙ ඒ නාට්‍යයෙ තමා ) තියෙනවා ගෑණු ළමයෙකුට සිංහල ටියුෂන් දෙන්න ආව සර් කියනවා

      "අපි හෙළුවෙන් වනමුද කියලා
      ඈණු ළමය කියනවා අපෝ බැහැ සර් ලැජ්ජයිනෙ කියලා "

      පුංචිම කාලෙ දැක්ක නාට්‍යයක් ඔය කෑල්ල විතරයි මතක :D

      Delete
    6. @ Anonymous Apr 24, 2012 11:07 PM

      පට්ට පඩත්තලයෙක්!

      Delete
    7. @ neetha
      බලන්න ඒකෙත් හැටි. නරක දෙයක් නං හැමදාම මතකයේ!

      Delete
    8. ඒකෙ ඉන්නෙ වරක් අන්කලුයි, මර්සි ආන්ටියි නේද?

      Delete
    9. @neethaApril 25, 2012 11:48 AM
      ජනේලයයි ජනේලයෙන් පනින්නද?(අධයක්ෂණය-ධනුෂිකා නයන කුමාරි) කියන නාට්‍ය දෙකම එකක් ද? නැත්තම් දෙකක් ද?

      Delete
  8. //සරත් විජේසූරිය කාරයා ප්‍රස්ද්ධ කළ හුචක්කුව කියන එක මේකේ එක අනු කුලකයක්//
    වෙනත් අය හැඳින්වීමේදී “කාරයා“ යන්න නම අගට යෙදීම ද (මෙය දේසපාලුවන්ට හා උන්ගේ කටු ලෙවකන හොර තක්කඩියන්ට අදාළ නැත) කාඩ දහදුරා පරට්ටයන්ගේ පජාති වැඩ ය.

    ReplyDelete
    Replies
    1. අනිවා ඩෙෆා! සර්ටිෆිකේට් ඇත්ත!

      විජේසූරියකාරයා සිංහලකාරයෙක් නිසා ඒ "+කාරයා" වගේ නාම විශේෂණ, සන්ධි, විභක්ති ගැන හොඳින් දන්නවා ඇති.

      පොරට ආයේ කෝල් එකක් දුන්නු දවසට අහන්න ඕනෑ මේ ගැනත්!

      Delete
    2. වෙනත් අය හැඳින්වීමේදී “කාරයා“ යන්න නම අගට යෙදීම ද (මෙය දේසපාලුවන්ට හා උන්ගේ කටු ලෙවකන හොර තක්කඩියන්ට අදාළ නැත) කාඩ දහදුරා පරට්ටයන්ගේ පජාති වැඩ ය.
      ----------------------------------
      ගනන්ගන්න එපා කතන්දර කාරයනේ ලියල තියෙන්නේ .... චු කතා කක්කි කතා කියන එකෙක්ගෙන් ගරු නම්බුනාම බලාපොරොත්තු වෙන්න පුළුවන් ද ?

      Delete
    3. @ AnonymousApr 24, 2012 11:55 PM

      කාරයා අපහාසයක් නම් එතකොට, නඩුකාරයා? ගම්කාරයා? අයිතිකාරයා?

      Delete
    4. ගල්කාරයා, බඩුකාරයා

      Delete
    5. ඔහෙට නඩුවක් වැටිච්චි දවසට නඩුකාරයා ට නඩුකාරයා කියල බලන්න ..... මොලේ පැදෙන්නත් එක්කම

      Delete
    6. නඩුකාරඋන්නාන්සේ කියලත් කියනව නේ?
      ඒ විදියට කතන්දරකාරඋන්නාන්සේ කියලත් කියත හැකි නේ?

      මෙන්න තව වචන දෙකක්.සිකුරු හතේ චිත්‍රපටයේ තිබ්බේ.තේරුම දන්නව නම් කියන්න
      අංඥකොරොස්, ලොංතබූස්

      Delete
    7. මොන හත්ඉලව්වකට මේ ගුබ්බෑයමට රිංගුවාද කියලා හිතුනා මේකෙ ලියලා තියන දේවල් දැක්කම. ඒත් බ්ලොග් අවකාස පඩංගුවේ ඉන්න නසරානියො එක එක වරෙත්තුවාගෙ පිට කසාගන්න කමෙන්ට් කප්පරක් දෙසාබාලා තියෙන හන්දා මටත් හිතුනා මකබෑවිලාම පල කියලා යන කැකිරිවත්තකින් යන කමෙන්ටුවක් දාන්න.
      අම්මපා හැබෑටම මේ කතන්දර කාරයා කියන ඇම්බැට්ටයා අර ඇට්ටිඹි කොල්ලෙක් වගේ වැදගත් මිනිස්සුන්ට කාරයා අරකා මේකා කියලා පජාති විදියට කතා කරලා තිබීම නං මට වහකදුරු වගේ. මොන දහංගැටයක් හරි ගහලා තමන්ගෙ හිට්ස්ගාන වැඩිකරගන්න මාන බලන සක්කිලියන්ගෙ අජූත පුරුද්දක් තමා ඕක. ඒත් ඉතින් මේ බඩකඩුත්තුව කියවන්ඩ කට්ටිය ඕසෙට මේ පැත්තෙ කරක්ගහන නිසා ඒකෙ පරහක් තියනවා කියලා හිතන්ඩත් නිකං මොකද්ද වගේ. ඒ නිසා ඔන්න ඔහේ ඔනෑ ගිණිවිජ්ජුම්බරයක් වෙන්න කියලා පස්පඩංගුවේ බැනලා මෙතනින් පල්ලං බහිනවා.

      Delete
    8. @ AnonymousApr 25, 2012 09:43 PM

      මේක තමයි පට්ටම පට්ට කමෙන්ටුව!

      Delete
    9. @ AnonymousApr 25, 2012 07:54 AM

      නඩුකාරයා කියලා මූනට කියන්නේ නෑනේ. ඒක තුන්වැන්නෙක් හා සමග කරන හැඳින්වීමක්.

      අමතන කොට එක්කෝ නඩුකාරයාණෙනි නැත්තම් විනිසුරුවනි කියන්න වෙනවා!

      Delete
  9. මේවා වල තේරුම දන්නවද? අපතයා/හපතයා, හාල්පාරුවා

    ReplyDelete
    Replies
    1. හාල්පාරුවා කියන්නේ වැඩකට නැතිව රස්තියාදු ගහන එකෙකුටයි! ඒ නමින් සර්පයෙකුත් ඉන්නවා.

      Delete
    2. හාල්පාරුවා ගැන නම් දන්නවා. පුරාණ ගම්වල හිටියා මුලාදෑනීන් කීපදෙනෙක්.
      1. ගම්මුලාදෑනි.
      2. වෙල්විදානේ
      3. හාල්පාරුවා

      වෙල්විදානේ කරන්නේ කුඹුරට ජලය බෙදාදෙන එක. හාල්පාරුවා කරන්නේ. කුඹුරුවල අස්වැන්න නිසිලෙස බෙදාදෙන එක. හාල් පාරු කරන්නා. පාරු කියන්නේ බෙදන්නා කියන එක.

      Delete
    3. වෙල් විදානේලාගෙන් හොඳම කෙනා වෙරි වෙල් විදානේ :D

      Delete
    4. මහ වෙදනා
      මට නං ඒ කතාව විශ්වාස කරන්න අමාරුයි.
      හාල්පාරුවා යනු වෙල් විදානේ ගේ සහකරුවෙක් වෙන්න ඕනෑ. එතකොට අර්ථයත් (දැන් කාලේ) ගැලපෙනවා.
      අනික හාල් බෙදීමක් කරන්නේ නෑ නේ. වී හෝ බැත මිස.

      Delete
    5. @ Beetle,
      මං හිතුවේ ඒ හොඳටම රා බීපු වෙල් විදානේට කියන නමක්ය කියලායි!

      Delete
    6. ඔව් වී තමා බෙදන්නේ. නමුත් ඔය තමා අපේ පැරණි ධූරාවළිය සැකසී ඇති සැටි. ගම්මුලාදෑනියා යටතේ මේ දෙදෙනාම වැඩ කරන්න ඇති.

      Delete
    7. වෙදමහතාට ස්තුතියි

      Delete
  10. කතන්දරගෙ කතන්දරේ කියෙව්වහම මටත් කතන්දරයක් මතක් උනා....

    කතන්දර අමනාප වෙන එකක් නෑ මයෙ හිතේ ඒක මෙතන ලිව්වට
    මතක ප්‍රමානයෙන් කතන්දරේ මෙහෙමයි

    එක් පාසලකට අලුතින් පත්වීමක ලබාගෙන හුරුබුහුටි පොෂ් ගුරුවරියක් අවා.... සිංහල විශය උගන්නන

    මේ පාසලේ විදුහල්පති තුමා තමයි මීට කලින් සිංහල විශය ඉගැන්නුවේ...එතුමාට සිංහල භාශාව ගැන හොඳ දැනුමක් තිබ්බ නිසාම කොල්ලො කෙල්ලො ටිකත් දෙය්යනේ කියල බ්‍රයිට් වෙලා හිටියෙ

    අලුතින් ආපු සූටි ටීචර්ව බයිට් කොරන එක කොල්ලන්ගෙ පුරුද්දනෙ... ආපු ගමන් කොල්ලෙක් ටීචර්ගෙන් ඇහුවා ටීචර් අපි හෙලුවෙන් වණමුද කියල.... අපේ පොෂ් ටීචර්ට මේකට මල පැනල විදුහල්පති තුමාට පැමිණිලි කලා

    විදුහල්පති තුමා අහගෙන ඉදල කීවලු ... " මානවිකාව ගැටවරයන් සමග හෙලුව වැණීමට රිසි නොවේනම් අප දෙදෙන තෙල පෙනෙන අඹ ගස යටට ගොස් රිසි සේ හෙළුවෙන් වණමු" ...කියලා

    ReplyDelete
    Replies
    1. හෙළවෙන් වැනීම දන්නේනැති සිංහල ගුරුවරුනුත් ඉන්නවාද?
      අර පිපිඤ්ඤා වෙනුවට කැකිරි කියලා ලියපු අයගෙන් කෙනෙක් වෙන්න ඕනෑ.

      Delete
    2. අහා මේ මොනව අහනවද???

      මට දවසක් කතාකරන්න ලැබුන ඉතිහාසය ගුරුවරියක් එක්ක... අනුරාධපුරේ පාසලක .. එවා ගැන දන්නේ නැති

      Delete
    3. @mee godayaApril 25, 2012 10:49 AM
      පට්ට කතාව ඇහ්;

      Delete
  11. ඇයි අපේ දෙයියගේ (දෙව් රුවන් සර් ) තාත්තා නියම හෙලයෙක්. එතුමාගේ නම සැබියෙල් අල්විස්. ඒක හෙල කළා මෙහෙම අලව් ඉසි සැබිහෙළ. අරිසෙන් අහුබුදුත් එහෙමයි නියම නම ආරියසේන ආශුබෝධ.

    මම මේ කියන්නේ කුණුහරපයක් නෙමේ. ගැහැනුන්ගේ සෘතුවෙන ස්ථානය කියන එකට දෙන ස්ථාන නාමය තමයි **ත වෙලා තියන්නේ. සෘත් = සෘතු = හුතු ඊලඟට ත = ස්ථානය.

    කකා තරහා නෑ නේ නරක හිතකින් ලිව්වා නෙමේ. සොරි ඈ. ඒකත් සිංහල ඈ දැම්ම නිසා.

    ReplyDelete
    Replies
    1. මේ ගැන මං අහලා තියෙන තවත් කතාවක් තමයි කාලිදාසගේ "සෘතු සංහාරය" කියන සංස්කෘත පොත ගැන යුනිවර්සිටි ප්‍රොෆෙක් කතාකරනවා අහලා කාන්තාවක් බය වුණු හැටි!

      Delete
    2. යුනිවසිටි ප්‍රොෆා ෂුවර් එකටම වැඩි කාලයක් රටින් පිට ඉන ඇත්තෙ.. සුද්දගෙ බාසාව කටට හුරු උනාම "සෘ" වෙනුවට " හු " කියවෙන්න ඇති...

      Delete
    3. ඔය කතාව මං කොහේද කියෙව්වේ කියලයි මං මේ කල්පනා කරන්නේ!

      Delete
    4. හෙහ් හෙහ්...ඔන්න ඔහොමයි එතකොට ඒක හැදුනෙ නෙහ්? :-)

      Delete
    5. ඔන්න වෙදනා මාමා කොරන්න යන දේවල්..

      කකා මාමා පුක කුනුහර්පයක් නෙමේ කිව්ව දා ඉඳලා අත දිගඇරලා පුක කියලා කොටන උන් ඕකත් කොටන්න ගනීවි.. හි..හි..

      Delete
  12. ඇයි

    වේසි - වෛශ්‍යාව කියන එකනෙ...
    දහ දුරාවි - "දහසක් දුරාචාරවල යෙදුන තැනැත්තිය" කියල යාන්තමට මතකයක් තියෙනව.. හරොයට මතක නෑ.
    අපතයා - අපතේ යන පුද්ගලයා
    වනචරයා - වනයෙ චරන්නා.. වනයේ හැසිරෙන්නා..
    සොඬා - බේබද්දා... යමකට ලොල් වූ පුද්ගලයා...
    පරයා - තමන්ගෙ පිල ජාතිය පාව දෙන තැනැත්තා කියල තමයි මතක.. " පර ගැති " කියලවචනෙකුත්
    තියෙන්නෙ

    බොන්ඩි - එක දේශනේදී ඒ දේශනේට ආපු මහාචාර්යවරයෙක් කිවුවෙ නම් මේ වචනෙ බොහෝ බැදීම් ඇති
    තැනැත්තිය වගේ තේරුමක්ලු දෙන්නෙ...
    ඉංග්‍රීසියෙන් බොන්ඩ් කියල කියන්නෙත් බැදීමටනෙ.. මේක බනින්න වගේම ආදරේටත් කියන
    වචනයක්ලු... අනියම් බැදීම් ඇති අදහස අරගෙන බොන්ඩි කියනවනං බනින්න.. ගොඩක්
    දෙනෙක් ආදරය කරන බැඳිම ඇති තැනැත්තියනම් ආදරේට

    ReplyDelete
    Replies
    1. එතකොට මේ ඇටමැස්ස බුවා වගේ කට්ටියට "පරයා" කියන නම ගැලපෙනවා නේද ?

      Delete
    2. @ පොඩි මෑන් : දහ දුරාවි කියන්නෙ නං දහසක් දුරාචාරවල යෙදුන කියන එක නෙමෙයි.. කූල මල සිද්ධියක්. මම අහල තියන විදියට නං දුරාව කියන කුලේ තියන සබ් කැටගරි දහයක් තියලු. දහ දුරාවෙ කියල බනින්නෙ දුරාව සෙට් එකට අපහාසයක් වෙන විදියට"ලු".. අපේ ගෙවල් වල නං ඕවා පාවිච්චියක් නැතිය.. එහෙන් මෙහෙන් එක එකාගෙන් අහ ගත්තු විදියට නං ඔහොමය..

      Delete
    3. /අපේ ගෙවල් වල නං ඕවා පාවිච්චියක් නැතිය.. /

      ඒ කියන්නෙ පොඩි මෑන්ගෙ ගෙදර ඕවා පාවිච්චි වෙනව කියල නේද? කැචයි හොඳේ.

      Delete
    4. රා රා රා බොන්ඩියේ
      තුං මංසල හන්දියේ
      සුද්දො ආවා නංගියේ....

      -මේක තියෙන්නේ කරුමක්කාරයෝ විත්‍රපටියේ

      Delete
    5. කකා අලුත් සිංදු හදනවා :P ඔය පද තුනෙන් එකක්වත් නෑ ඒ සිංදුවේ... :D

      http://youtu.be/AlRMTyrdnf8

      Delete
  13. මේ බඩකඩුත්තුව නං පට්ටය!!! :-)

    ReplyDelete
    Replies
    1. පට්ට ආතල් ද, පට්ට සිරාද, පට්ට චා ද?

      Delete
    2. පට්ට සිරාය, සමහර Comments පට්ට ආතල්ය ඒ උනාට සමහර් Comments පට්ට චා.. ය.

      Delete
    3. “පට්ට“ කියන වචනය විශේෂණ පදයක් හැටියට අද කාලෙ බ්ලොග් ලියන සමහර අමන හාල්පාරු හැතිකරේ පාවිච්චි කළත් ඒක විශේෂණ පදයක් නොවේ. “පට්ට“ කියන්නෙ “ඉතා“ කියන එක වගේ තේරුමක් දෙන, විශේෂණ පදයක් වර්ණනා කරන වචනයක්. (මං සිංහල භාෂාව පාවිච්චි කරන්න මිසක් උගන්නන්න දන්නෙ නෑ.)
      කතන්දරයක්, කවියක්, පෝස්ට් එකක් බලලා ඒක පට්ට සිරා කියල කිව්වට කමක් නෑ. නිකම්ම පට්ටයි කිව්වහම පට්ට කැතයි, පට්ට බේගල් වගේ තේරුමක් වුනත් ගන්න පුළුවන්. ඒ නිසා නිකම්ම පට්ටයි කියල කියන එක පට්ට කැත වැඩක්.

      Delete
  14. දහපත්දුරාවෙ යනවා
    හතීකොනෙ යනවා

    තේරුම = වල බහිනවා

    ReplyDelete
    Replies
    1. දහදුරා කියන්නේ නම් අවලං කියන එකයි. දහදුරාවේ යනවා කියන්නේ අවලමේ යනවා කියන එකයි. ව්‍යවහාර තේරුම.

      Delete
  15. පංකාදුයි නොවැ...

    ReplyDelete
    Replies
    1. පංකාදු පහයි ද, මල් හතයි ද?

      Delete
  16. ආපහුනම් පට්ට කියලා කියන්න හොඳ නැහැ :/

    ReplyDelete
    Replies
    1. රාජ් ගේ කමෙන්ටුව බලන්න.

      Delete
  17. මේ ලිපිය නම් කික් ම තමයි

    ReplyDelete
    Replies
    1. ඒක සුද්ද සිංහල නෙමේනේ!

      Delete
  18. පට්ට කියන වචනෙ විශේෂන පදයක්. ඒක භාවිතා වුනේ නරක අර්ථයෙන්. පට්ට බැල්ලි පට්ට වේසි.... වගේ. ඒත් මේවෙනකොට අර්ථය වෙනස්වෙලා. හොද පැත්තට උනත් භාවිතා කරනව. පට්ට කෑල්ල=සිරා කෑල්ල. පට්ට කලුයි, පට්ට සුදුයි වගේ.

    ReplyDelete
    Replies
    1. ඒ වුනාට, දැන් පට්ට කියලා විතරක් කිව්වොත් හොඳ කියන අර්ථයයි එන්නේ.

      ගඳ කියන්නේ නිවුට්‍රල් වචනයක්. සුමඳ සහ දුගඳ තමයි අන්ත දෙක. නමුත් අද ගඳ කියන්නේ දුගඳටයි!

      Delete
    2. බුදු හාමුදුරුවො වැඩසිටි කුටියට කියන්නෙත් ගඳ කියන වචනය මුල් කරගත් වචනයක් නේ ද? (මතක හැටියට ‘ගඳකිළිය‘) මම පොඩිකාලෙ බුද්ධාගම ඉගෙන ගන්නකොට ඒක මට ප්‍රශ්නයක් උනා. ඇයි අපි සුවඳ දුම් පූජ කරල, ගෞරව කරන ශාන්තුවරයකු වැඩ සිටි කුටියට ගඳයි කියන්නෙ කියල. ඇත්තටම මම ටීචගෙන් ඒ ගැන ඇහුව. මමත් සුගඳ - දුගඳ කියන අන්ත දෙක ගැනත් එතන ගන්ධය කියන්නෙ සුගන්ධය කියලත් දැනගත්තෙ එදා.
      ලිපිය හොඳයි. අද වගේ පොෂ් වෙච්ච සමාජයක ඔය සමහර වචන පාවිච්චි කරන්නනම් අපහසුයි. ග්‍රාම්‍යයයි.

      DST...

      Delete
  19. කියන්න කණගාටුයි. මේවා නෙවෙයි අද ලාංකීය සිංහල බෞද්ධ සමාජයේ කෙනෙකුට බනින්න භාවිතා කරන අමුම අමු කුණුහරුප.

    මෙන්න සමහරක්:

    දෙමළා, හම්බයා, කතෝලිකයා, ක්‍රිස්තියානියා, අන්‍යාගමිකයා, අවජාතිකයා, NGO කාරයා, ඩොලර් කාක්කා, දේශද්‍රෝහියා, කුමන්ත්‍රණකාරයා, ඇමෙරිකන් ගැත්තා, මූලධර්මවාදියා

    කෙනෙක් x කියන පුද්ගලයාට "බැල්ලිගෙ පුතා" කියල බනිනකොට ඒකෙ අර්ථයක් නෑ වගේම (බැල්ලියෙකුට මිනිස් දරුවකු බිහි කරන්න බෑ කියල අපි දන්නවනෙ.) ඉහත කුණුහරුප වලත් අර්ථයක් නෑ. නිකං කියන මනුස්සයගෙ තරහ නිවා ගන්න කියන ඒවා.

    ReplyDelete
    Replies
    1. එතකොට ඉහත කොමන්ට් එක (AnonymousApr 25, 2012 03:20 AM) පොස්ට් කලේ "බැල්ලිගෙ පුතෙක්" ද?

      Delete
    2. හම්බයා කියන වචනය ඇවිල්ලා තියෙන්නෙ කොහොමද?

      Delete
    3. @ හරී

      හම්බන් කියන්නේ ඔරු වර්ගයකට. ඒවායින් තමයි ඉන්දියාවේ ඉඳලා සංක්‍රමණික මිනිස්සු ඇවිත් තියෙන්නේ. ගම්බන් ආපු වරාය තමයි හම්බන්තොට.

      හම්බන් සහ වෙනත් මූදු යාත්‍රාවල ප්‍රධාන යාත්‍රියයා (කැප්ටන්) තමයි මරක්කලහේ කියන්නේ.

      මරක්කල කියන්නේ කරාවේ කුලයේ පවුල් නමක්. http://karava.org/ බලන්න.

      Delete
    4. උත්තරයට ස්තුතියි!

      Delete
  20. දහ දුරා කියන්නෙ නං කූල මල සිද්ධියක්. මම අහල තියන විදියට නං දුරාව කියන කුලේ තියන සබ් කැටගරි දහයක් තියලු. දහ දුරාවෙ කියල බනින්නෙ දුරාව සෙට් එකටම"ලු".. හේතුව ඒ අය කරපු රැකියා හා සම්බන්ධය... අපේ ගෙවල් වල නං ඕවා පාවිච්චියක් නැතිය.. එහෙන් මෙහෙන් එක එකාගෙන් අහ ගත්තු විදියට නං ඔහොමය..

    ReplyDelete
    Replies
    1. 'දහදුරා' යන වචනය සිංහල ජනකොටස තුල යම් ජනකොටසකට යෙදෙන බව ද​, මීට හේතුව එය තුල උපකොටස් දහයක් තිබීම යයි ද​, කීම නිවැරදි ය​.

      ඒ වචනය සමහර අවස්ථාවල දී ඔවුන් විසින්ම තමන් සඳහා සාමාන්‍ය යෙදීමක් ලෙස භාවිතා කරනු ලබන අතර​, එය ඔවුන්ට අවමාන හෝ අවතක්සේරු කිරීමේ ශෛලයෙන් ද සාම්ප්‍රදායිකව යොදනු ලැබී ඇත​.

      ඒ වචනයේ ඉහත සඳහන් වන අනෙක් තේරුම භාවිතා වීමට හේතුව 'දහජරා' යන වචනය සමඟ පැටලීමක් යයි මම සිතමි.

      මෙය ජනකොටසකට අසාධාරණයක් වේ. ඉහත සඳහන් චිත්‍රපටිවල දෙබස් රචකයින් හෝ අධ්‍යක්‍ෂවරුන් වචනයේ මුල් තේරුම නො දන්නේ විය හැක​.

      මේ ගැන "කතන්දර​" ගේ අදහස් දැනගැනීම අගය කරමි.

      Delete
    2. 'දහදුරා' යන වචනය සිංහල ජනකොටස තුල යම් ජනකොටසකට යෙදෙන බව ද​, මීට හේතුව එය තුල උපකොටස් දහයක් තිබීම යයි ද​, කීම නිවැරදි ය​.

      ඒ වචනය සමහර අවස්ථාවල දී ඔවුන් විසින්ම තමන් සඳහා සාමාන්‍ය යෙදීමක් ලෙස භාවිතා කරනු ලබන අතර​, එය ඔවුන්ට අවමාන හෝ අවතක්සේරු කිරීමේ ශෛලයෙන් ද සාම්ප්‍රදායිකව යොදනු ලැබී ඇත​.

      ඒ වචනයේ ඉහත සඳහන් වන අනෙක් තේරුම භාවිතා වීමට හේතුව 'දහජරා' යන වචනය සමඟ පැටලීමක් යයි මම සිතමි.

      මෙය ජනකොටසකට අසාධාරණයක් වේ. ඉහත සඳහන් චිත්‍රපටිවල දෙබස් රචකයින් හෝ අධ්‍යක්‍ෂවරුන් වචනයේ මුල් තේරුම නො දන්නේ විය හැක​.

      මේ ගැන "කතන්දර​" ගේ අදහස් දැනගැනීම අගය කරමි.

      Delete
  21. මේ "ඔසරේ" කියන වචනෙයි " දහදුරා" කියන වචනෙයි මම ඇහුවේ මේ දැන් මේකෙන්නේ.. ඉතින් මේකට පට්ට නොකියා වෙන මොනවා කියන්නද?

    ReplyDelete
  22. කතන්දර මගේ කමෙන්ට් එකේ කික් කියල තිබුනට සමාවෙන්න

    ඔබ ගේ ලිපිය එල එල

    සමන්

    ReplyDelete
    Replies
    1. පිස්සුද බං සමාව ඉල්ලන්නේ? මොන වරදක් කළාටද?

      Delete
  23. පට්ට XX කියල ඉස්සර බනින්නේ.. නේද ?

    ReplyDelete
  24. කාට හරි බනින්න ඕන එනම් මෙන්න චාන්ස් එක .

    ReplyDelete
    Replies
    1. බැන ගන්න, බැන ගන්න, මාව නං අල්ලන්න එපා!

      Delete
  25. Spicy boiled egg හැදුවා.. මාරයි..! මැද්ද පොඩ්ඩක් විතර තැම්බුන්නෑ...! ඒ උනාට රහයි..!

    ReplyDelete
    Replies
    1. Poached eggs කියන්නේ සම්පුර්නයෙන්ම තම්බන ක්‍රමයක් නොවේ!

      Delete
  26. මම දැන් මිනිස්සුන්ට බනින්නෙ “ක්රොෙමසෝමයා“ කියලයි. ඒ වචනෙ ඉගෙනගත්තෙ කතන්දර බ්ලොග් එකෙන්මයි.

    ReplyDelete
  27. ANWER MANATUNGA BLOG EKATA MAMA KIYANNE HUCHAKKUWA KIYALA. EKA BALANNA BEHE VIRO PATTAN GAHANAWA. EMA BLOG EKE MAIM WALA BLOG BALANNA.

    ReplyDelete
  28. to know new sudda sinhala words, you should talk to a transexual (nachchi)... i once heard group of nachchi and group of lesbians fighting... the best experience of my life.. i learned so many new words. best one i've heard... this was from nacchi to lesbo... huthu levakana ponniyo !!

    ReplyDelete
  29. හම්බයා = හම්බන් තොටින් ගොඩ බැහැපු ජා/මැලේ/අරාබි මුස්ලිම් ජාතිකයන්ට කියන්නෙ (හම්බන් තොට= හම්බයන් ගොඩ බැහැපු තො‍ටුපල)

    ReplyDelete
    Replies
    1. හෑ.... බිත්තරේද කිකිලිද?

      Delete
  30. මකබෑවෙනව
    හැඳිගෑවෙනව
    කෙළවනව
    ආච්චිට හාල් ගරනව
    පරයා
    පඩත්තරයා
    හිපාටුවා
    වාහෙ
    බොන්ඩි
    කසඩ (කසඩය, කසඩවැඩ)
    කුජීත
    කුම්මැහි
    තුප්පහි
    කැවුත්ත
    හිඹුටා
    කුපාඩියා
    වලත්තයා
    කකුස්ස
    මළදානෙ
    මූසලයා, මූසලි
    කැහුට්ටි
    හුට්ටලම
    ලදරම
    හුචක්කුව
    සෙක්කුව
    නාම්බා, නෑම්බි
    වස්සා, වැස්සි
    කෙළවල්ලා, කෙළවල්ලි
    හාතහෙ
    හැත්ත - බුරුත්ත
    සනුහරේ
    පට්ටිය (නලපට්ටිය)

    latest... කලවැද්දා

    ReplyDelete
  31. අටමගල සහ අටම්‍පහුර කියන වචනවල තේරැම මොකක්ද

    ReplyDelete
    Replies
    1. අටමගල, අටම්පහුර කියන වචන යෙදෙන්නෙ කේන්තියකුත් එක්ක. අප්‍රසාදය පල කරන්න ඕනම දේකට කියන්න පුළුවන්. දැන් මේ බ්ලොග් එක ගැන හිතේ නොසතුට කේන්තිය පල කරන්න, “මේ අටමගලෙ මොන කෙමනක් ලියලද මන්ද“ කියල කියන්න පුළුවන්.

      හැබැයි මේ බ්ලොග් එක කෙමනක් නෙවෙයි, එල කිරි එකක්. ජය වේවා!

      Delete
  32. @ Anonymous 3

    ඒක තිබුණා කියන්නේ "රොනී ද මැල්, පනී ද පිල්" කියලලු :D

    ReplyDelete
  33. කතාව නම් කූජීතයි හරියැ;

    ReplyDelete
  34. හපොයි.. හිනා වෙලා ඉල ඇටකූඩුවත් ඇදිල. හෙළුවෙන් නෙවේ කඩ්ඩෙන් නම් මෙන්න මෙහෙම බනින්න- ටෝකින්ග් අ වෙඩින්. නැත්තම් ග්රෑන්ඩ්මදර්ස් ක්ලෝත්.

    ReplyDelete
  35. The best thread I ever saw kaka...

    ReplyDelete
  36. හෙළුවෙන් වනන්නා පකට පුගුලෙකි - කුමාරතුංග මුනිදාස වියතානෝ

    ReplyDelete
  37. Loving the information on this internet site, you have done great job on the articles.

    ReplyDelete
  38. Awesome article.

    ReplyDelete
  39. Awsome post and straight to the point. I am not sure if this is truly the
    best place to ask but do you guys have any ideea where to get some professional
    writers? Thx :)

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.