Showing posts with label උපදෙස්. Show all posts
Showing posts with label උපදෙස්. Show all posts

Sunday, 23 October 2011

බැඳපු අයට උපදෙස් කීපයක් (බඳින්න හිතං ඉන්න අයටත් හොඳයි!) - Advice for married people (my version)


කාලෙකට ඉස්සර මං පෙම් කිරීමට උපදෙස් මාලාවක් ලියන්න ගත්තා. ඒකේ කොටස් තුනක් ලිව්වා මට මතක විදියට.

1. මං හොඳ වෙන්න බලන කෙනෙක්

2. කොල්ලන්ට පොඩි උපදෙසක්

3. පෙම් කිරීමට උපදෙස්

ඉන් පස්සේ බැඳපු අයට මල් කඩන්න උපදෙස් දෙන ලිපියක් ලිව්වා. ඒක නං නොබැඳපු අයත් කියෙව්වා ද කොහෙද?

අද මේ ලිපිය ලියන්න හේතුව මේකයි. දැන් ඔය විටින් විට ඔය ඊ-මේල්වලින් අපිට එනවානේ විවිධ උපදෙස්? අපේ සමහරු ඉන්නවා උං, තමන් කියවන්නත් කලින් අනිත් අයට ඒක ෆෝවර්ඩ් කරලා ඉවරයි.

මට එන බොහොමයක් ඒ වගේ චේන් ඊ-මේල්වල මං තමයි අවසාන පුරුක.

නමුත් මේ ලඟදී ආපු එකක තිබුණු සමහර කරුණු මගේ හිතට අල්ලලා ගියා. මොකද ඒ සමහර ඒවා අත් දුටුවයි සත්තකයි නිසා.

ඉතිං, ඒ ඊ-මේල් එකේ කොටස් මට ඕනෑ විදියට කපලා කොටලා, වෙනස්කරලා, මගේ අනුවර්තිත සංස්කරණයක් තමයි අද සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රා එකට දාන්නේ.

මෙන්න බැඳපු උන්ට උපදෙස්. පිරිමි ඇසකින් ලියන්නේ. කාන්තා පක්‍ෂය ඇය වෙනුවට ඔහු යොදා කියවන්න.

1. ඇය ලස්සනයි කියා ඔබට හිතේ නම් ඒ බව ඇයට පවසන්න.
(මම මේක නිතරම කරනවා!)

2. මං ඔයාට ආදරෙයි කියා දවසකට එක් වරක් වත් කියන්න.
(එවිට එවැනිම ප්‍රතිචාර ලැබෙනු ඇත!)

3. උයන්න පිහන්න, අස්-පස් කරන්න උදව් වෙන්න.
(කතන්දරකාරයාට මේ සම්බන්ධයෙන් දියුණු වීමට අවකාශ බොහෝය!)

4. ඇයව වෙනස් කරන්නට යෑමට වඩා ඔබ තවත් හොඳ විමට කාලය වැය කරන්න.
(මං තවත් හොඳ වෙන්නයි නිතරම බලන්නේ කියා ද කියන්න.)

5. උදේ පාන්දර නැගිට, ඇයට තේ කෝප්පයක් සාදා ඇඳ ලඟටම ගෙනත් දෙන්න.
(සතියේ දින පහම කරමි. හැකි සෑම දිනකම රාත්‍රියේ ද තේ සාදා කොම්පීටරය අසලටම ගෙනැවිත් දෙමි!)

6. සමහර දේවල් එකට කරන්න. සමහර දේවල් තනියෙන් කරන්න.
(මේ කියන්නේ බැන්දා වුනත් පෞද්ගලිකත්වයක් තිබිය යුතු බවයි. හැම දේටම ඇඟිලි ගහන්න යන්න එපා! ලියුං, ඊ-මේල් බලන්න යන්න එපා. දෙන්නාට ඊ-මේල් ලිපින දෙකක් තිබිය යුතුයි. අපේ යාළු කපල් එකක් ඉන්නවා දෙන්නාටම එක ඊ-මේල් ලිපිනය, මල වාතයක් ඒක!)

7. රැකියාව, වෟත්තිමය ජීවිතය වැදගත්, නමුත් පවුල තමයි ප්‍රධාන.
(මේ ගැන මං වෙනම කතන්දරයක් ලියන්නම්.)

8. ඇය ගේ ඉගෙනීමේ, රැකියාවේ, විනෝදාංශ, ගෙදරදොර වැඩ, ඉවුම් පිහුම් නිතරම අගය කරන්න, ප්‍රසංශා කරන්න.
(කතන්දර හාමිනේ හදන කෑම නම් ඇත්තටම සුපිරිය!)

9. ඇයව විනෝදෙන් තබන්න. විහිළු කරන්න.
(විහිළු සපයන්න!)

-කතන්දරකාරයා

ප/ලි:
මෙන්න හොඳම එක.

10. රණ්ඩු වෙන කොට නිරුවතින් රණ්ඩු වෙන්න. ටික වෙලාවකින් රණ්ඩුව අවසාන වෙනු ඇත.
(නෝ කමෙන්ට්ස්!)

(image: http://www.hat.net/album/asia/india/10_temples_and_gods/20_ranakpur/detail039.htm)