Followers

Sunday, September 6, 2009

මයි ෆර්ස්ට් ක්‍රෂ් (My first crush) ලව් ලෙටර් කතාවට අතුරු කතාවක්


මං ලිව්ව ලව් ලෙටර් කතන්දරයට ලැබුනෙ පුදුමාකාර ප්‍රතිචාරයක්. වෙබ් එක හරහා ආපු කමෙන්ට් සේරම මං ප්‍රසිද්ධ කලා. මීට අමතරව දන්න හඳුනන කීප දෙනෙකුගෙන් ඊ-මේල් හරහාත් ආව ප්‍රතිචාර.

මේකෙන් වෙච්ච හොඳම දේ තමයි පරණ ලව් කතා පිළිබඳ මතකය ආපහු ඇවිස්සිලා උඩට ඒම. දැන් ඉතිං තවත් ජාල සටහන් දෙක තුනක් ලියන්න වෙනව හිත ආපහු නිවා ගන්න නම්.

අද මං මේ ලියන්න යන්නෙ මගේ මුල්ම ක්‍රෂ් එක ගැනයි.

සිද්ධිය යනව අතීතයට. හතරේ පන්තියට. ඇගේ නම ජානිකා. හරිම අහිංසක සුන්දර ළමයෙක්. සේරටමත් වැඩිය ඇය තමයි මුල් වාරයේ පන්තියෙ පලමුවෙනියා උනේ මාවත් පරද්දලා. (ඒකට නම් හේතුව වෙන එකක්. මෙතෙන් ට අදාල නෑ. වෙනම කතන්දරයකින් කියන්නම්, පස්සෙ වෙලාවක).

මට මේ මගේ ක්‍රෂ් එක ගැන හරියටම තේරුණේ, අපේ පන්තියෙ හිටපු, ජගත් කියල කියමු, වෙන කොල්ලෙක් ජානිකා ගැන උගේ ක්‍රෂ් එකක් තියෙනව කියල මා එක්ක කියපු වෙලෙයි.

ඇත්තටම කියනව නං ජානිකා මාත් එක්ක එක පන්තියෙ හිටිය පලමුවෙනි ශ්‍රේණියේ දිත්. මට ඉස්සරහ පේලියෙයි එයා වාඩි වෙලා හිටියෙ. එක දවසක් චිත්‍ර අඳින වෙලාවෙදි මට හොඳට මතකයි එයා මට කියල දුන්න හිරු බැස යන වෙලාවක මුහුදු වෙරලක් අඳින විදිය. හරි ලේසියි ඒක ඉගෙන ගත්තට පස්සෙ. පිටුව මැදින් ඉරක් ගහනව තිරස් අතට. ඒ ක්‍ෂිතිජය. යට හරියෙ මුහුදු රැලි අඳිනව. ක්‍ෂිතිජය තිරස් ඉරට උඩින් බාගෙට ගිලෙන හිරු අඳිනව. කුරුල්ලො දෙතුන් දෙනෙක් පියාඹනව, නිකං උඩ යට හරවපු ය යනු වගේ. පොල් ගහක් දෙකකුත් අඳිනව ඒ එක්කම.

ඒ සුන්දර මතකයත් එක්කයි අපි නැවතත් හතරෙ පන්තියෙදි එක ට ඉගෙන ගත්තෙ. මේ වෙන පන්ති වල කෙල්ලො කොල්ලො වාඩි උනේ වෙන වෙනම. අපි කතා කලාද, මොනව කතා කලාද කියල මට මතක නෑ. ඒත් මට මතකයි ජානිකා මට කෙලින්ම පෙනෙන තැනක වාඩි වෙලා හිටිය. ඒ කියන්නෙ, මං නිතරම ඒ පැත්ත බලල තියෙනව.

ඉතිං ජගත් ගෙ යි, මගෙයි, ජානිකා ගෙ යි අප්‍රකාෂිත ත්‍රිකෝණ ප්‍රේමය ක්‍ෂණයකින් නිමා උනා අවුරුද්ද අවසානයත් එක්ක. එයා අපේ ඉස්කෝලෙන් අස් කරගෙන කොලඹ ලොකු ඉස්කෝලෙකට දැම්මයි කියලයි මට ආරංචි වුනේ.

දුකයි තමා. නමුත් එක කරුණක් තිබුණ මට සතුටු වෙන්න. පන්තියෙ පලමු වෙනිය වෙන්න මට පුළුවන් නේ! අපේ වයසෙ හැටියට පන්තියෙ පලමුවෙනිය වෙන එක ලොකු යි, කෙල්ලෙක් ගැන ඇති වෙන ක්‍රෂ් එකකට වඩා!

කතාව මෙතනින් ඉවර නෑ. මීට අවුරුදු පහකට විතර පස්සෙ කාලෙක මං වෙනත් ඉස්කෝලෙක ඉගෙන ගන්න කාලෙ ජානිකා ආපහු ආව ඒ ඉස්කෝලෙට. ඒත්, ඒ වෙනිං පන්තියකටයි. ටික කලකින් මටත් එතනින් වෙන ඉස්කෝලෙකට යන්න උනා.

ඊලඟට මං ජානිකා ව දැක්කෙ කොලඹ මෙඩිකල් ෆැකල්ටියෙ දි යි. එයා පලමු වසරෙ සිසුවියක් ඒ දිනවල.

යකෝ මගෙ කතන්දර වලට සම්බන්ධ මේ කෙල්ලො සේරම අන්තිමට යන්නෙ එතනට නේ! මතකනේ ලව් ලෙටර් කතන්දරේ ගිටිය පබසරා ත් මං අවුරුදු ගාණකට පස්සෙ දැක්කෙ එතෙන්දියි.

මටත් හිතෙනව කවද හරි යන්න මෙඩිකල් ෆැකල්ටියට.

ඒක සුළු දෙයක්.

අවසන් කැමති පත්‍රයෙ ලියන්න ඕනැ, මල කඳ එතෙන් ට දෙන්න කියල.

එච්චරයි!

නැවත හමුවෙමු.

මගේ පරණ කතන්දර මෙතනින් කියවන්න. http://kathandara.blogspot.com/

මට කෙලින්ම ඊ-මෙල් එවනවා නම්: kathandara@blogspot.com

4 අදහස්:

  1. කතන්දරටවලට සම්බන්ධ කෙල්ලො ඔක්කොම මෙඩිකල් ෆැකල්ටි යන නිසා ටිකක් පරෙස්සමින්... අනාගතේ මෙඩිකල් ෆැකල්ටි යන්න ආසා කෙල්ලෝ කතන්දරවලට සම්බන්ද වෙන්න ට්‍රයි කරයිද දන්නේ නෑ...

    මරු කතා සෙට් එක මචන්, දිගටම ලියපන්....!

    ජය හා සැප!

    ReplyDelete
  2. Hathare panthiye-di mehemanam..ihala panthiwala, university ekedi kiyala wadak naha.. ane thawath pem lipi pipiyan.. liyapan machan digatama

    ReplyDelete
  3. අයියා කථාව ඉවර කලේ ට්‍රැජඩික් ෆීලින්ග් එකකින් නේ? ශෝකාන්තික හැඟීමක් ඉතිරි කරලා නේ? සමහරවිට ඒක ගැන අයියා ඒ තරම් නොහිතන්න ඇති, ඒත් කථාවේ ගුරුත්ව කේන්ද්‍රය විදියට මට දැනෙන්නේ මෙඩිකල් කොලේජ් යන්න ලේසි විදිය කියන තැන... මම හරිද මන්දා... මේ මට දැනුනු විදිය...

    ReplyDelete

කතන්දරේ ගැන මොකද හිතෙන්නේ? ලියන්න! Any comments, please?
(Comments are moderated and those with inappropriate content will be deleted).