
රාජකීය සාහිත්‍ය සම්මානලාභී කතන්දර ශූරින් ලියන කතන්දර වල රහ මුලින් ම හඳුනා ගත් පොරක් තමා සන්නසකාරයා.
සන්නසකාරයා ඉන්නේ Australia වේ මෙල්බර්න් වල. සන්නස කියන්නේ මෙල්බර්න් වල මාසිකව කෙරෙන සඟරාවක්. අන්තර්ජාලය හරහා මුළු ලෝකෙ පුරාම ඉන්න සිංහල කියවන්න කැමති දස දහස් ගණනකට ඒකෙන් සාහිත්‍ය සේවයක් සැලසෙනව. සන්නස සඟරාව වැඩියෙන් ජනප්‍රිය ලංකාවෙන් පිටත සිටින අය අතරයි.
කෙසේ වෙතත් සන්නසකාරයා මගේ බ්ලොග් එකේ පලවුනු කතන්දරය බැගින් තම සඟරාවේ දාන්නට පටන් ගත්ත.
මුලින් ම අගෝස්තු වල.
ඊ ලඟට සැප්තැම්බර් මාසෙයි ඔක්තෝබර් මාසෙයි.
මේකෙන් සන්නස බලන කීපදෙනෙකුට හරි කතරන්දර බ්ලොග් බලන්න ඉඩ ලැබුනා.
මාත් කළේ ඔය ආරංචිය කතන්දර බ්ලොග් එකේ දාපු එකයි. ඒකෙන් කතන්දර බලන ලෝකෙ පුරාම ඉන්න අයට සන්නස හඳුන්වා දෙන්න මට පුළුවන් වුනා.
ඔන්න මේ නොවැම්බර් මාසෙ සන්නසකාරයා කතන්දර එකක් නෙමේ දෙකක් ම දාල සන්නස සඟරාවේ.
එකක් අර බන්ස්, පාන්ස් සහ බෑග්ස් කතන්දරේ. අනික බේසික්, ෆෝට්‍රාන් සහ ජාලිය කියන කතන්දරේ.
මෙන්න ලින්ක් එකඃ http://sannasa.sinhalajukebox.org/2009/Nov/2009Nov_page33.pdf
අවුරුදු පහක සන්නස සඟරා මෙතනින් බලන්නඃ http://sannasa.sinhalajukebox.org/
සන්නස වෙබ් එක මේකයිඃ http://www.sannasa.net/
සන්නසකාරයා ට ත්, සන්නස සඟරාවටත් ජයෙන් ජය වේවා!
කතන්දරකාරයා
(මතකනේ දෙසැම්බර් 19 Sinhala Bloggers Union හමුවීම)
මමත් 19 හමුවීම පබ්ලිශ් කලා එදාට හමුවෙමු.
ReplyDeleteela ela . . katandara kaarayaata jayawewaa . . .. !!!
ReplyDelete