
අද
සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රාවෙන් මං ඔබ සැම වෙත
කතන්දර දැනුම් සාගරයෙන් බිඳුවක් ලෙස ගෙන එන්නේ අවුරුදු නමයක කාලයක් තුල ළමුන් අනූ දෙදෙනෙකු හැදූ වයස අවුරුදු හතලිස් දෙකක අපූරු තාත්තා කෙනෙක් ගැන විස්තරයකුයි. මෙයින් ළමුන් අසූ දෙදෙනෙකු දැනට ඉපදිලා. අනිත් දහදෙනා මග එනවා.
බොරුයි කියලද හිතන්නේ?
මෙන්න මං කියවපු පත්තර කෑල්ල.

වැඩි විස්තර මෙතනින්.
http://www.dailymail.co.uk/news/article-2130441/34-year-old-virgin-father-82-launching-free-baby-making-service.html
පොරගේ නම එඩ් හූබන්. ඕලන්දක්කාරයෙක්. මීට අවුරුදු නමයකට කලිනුයි පොර මේ නොමිලේ දරුවන් සෑදීමේ සේවාව ආරම්භ කරළා තියෙන්නේ. මේ දවස්වල එඩ් කරාරයා මාසෙකට දරුවන් නැති අම්මලා පාළහකට විතර දරුවන් ඇති අම්මලා වීමේ මාර්ගය පාදා දෙනවාලු.
පොර ගේ මේ සේවාව නීති විරෝධී එකක් නොවේ. (ඇයි බොලේ, පොතේ අත්සන් කරළා නීතියට අනුව හනිමූන් ගියොත් නේ බහු භාර්යා වරද වෙන්නේ. මෙතන කසාද බැඳීමක් ණැති නිසා නීති කැඩීමකුත් නෑ.)
එඩ් හූබන් ගේ පර්ෆෝමන්ස් ඉන්ඩිකේටර් එකත් නරක නෑ. පොර එක්ක සංසර්ගයේ යෙදෙන ලේඩීස් ලා ගෙන් 80% ම ගර්භනී වෙනවාලු!
(මං දන්නවා දැන් සමහරු කැල්කියුලේටර් ඇප් එක හොයනවා ගාණ හදන්න. මහන්සිවෙන්න එපා මෙන්න උත්තරේ. 92/0.8 = 115).
ජොලිම කතාව තමයි මෙන්න මේක.
"මං කරන මේ සේවාවෙන් වෙන්නේ මා ගැන ඇයට තියෙන ඉන්ටරෙස්ට් එක තවත් වැඩි වෙන එකයි කියලා මං යාළුවෙලා ඉන්න ගෑල්ළමයා කියනවා" කියලා එඩ් හූබන් කියනවා.
හැබැයි පොර තාම ඒ ගෑල්ළමයාව බඩදරු කරළා නං නෑ.
ඒරොප්පේ පදිංචි වෙලා හිටියට එඩ් හූබන් ලෝකේ වටේ ගිහින් නිව්සීලන්තේ වගේ දුරු රටවලත් තමන්ගේ බීජ හිටෝලා තියෙනවා. හැබැයි මේ දවස්වල පොර වැඩිපුර කරන්නේ තමන්ගේ ගෙදරට වෙලා ඉඳගෙන එහෙට ඇවිත් සේවය ලබාගන්න කාන්තාවන්ට ඇපොයින්ට්මන්ට් දෙන එකයි.
සේවායෝජයකයෝ ට්‍රැවලින් සහ බටා දෙනවානම් යලිත් සංචාරක සේවය කරන්න කැමති බව එඩ් හූබන් කියනවා.
එඩ් හූබන් මුලින් කරළා තියෙන්නේ දේශීය සායනවලට ශුක්‍රාණු දන් දීමයි. පස්සේ පොරට තේරිලා තියෙනවා ස්වාභාවිකවම දරුවන් හදාගන්න කැමති දරුවන් නැති අම්මලාගේ වෙළද පොළක් තියෙන බව.
පොරගේ හිට් රේට් එක 80%ක් විතර හොඳ වෙන්න හේතුව ප්‍රජනන පද්ධතියේ නිපදවෙන ගුක්‍රාණු ප්‍රමාණයයි (Sperm count). මිලියන් විස්සකට අඩු Sperm count එකක් කියන්නේ දරුවන් හදන්න බැරි තත්වයක්. එඩ් හූබන් ගේ Sperm count එක මිලියන් 100ක්.
"මං පුස් වෙඩි තියන්නේ නෑ!" පොර කියනවා. ජීව උණ්ඩම තමයි තුවක්කු බටෙන් එලියට එන්නේ!
මහ වෙදනා "සරුබව" කියලා ලියන්නේ මේ කේස් එක ගැනයි.
ශුක්‍රාණු බැංකුවකින් බඩු අරගෙන කෘතිම සංසේචනයක් කරගන්න සොලර් 6100 සිට 7700 දක්වා අතර ගාණක් වියදම් වෙනවාලු. හැබැයි එඩ් හූබන් ගේ සේවය නොමිලේ!
කාට හරි අවශ්‍ය නම් මෙන්න වැඩි විස්තර ගන්න පොර ගේ වෙබ් අඩවිය:
http://www.spermaspender.de/
සේවායෝජකයින්ට වෙනවා තමන්ගේ නිරෝගීබවට සහ මත්ද්‍රව්‍ය භාවිතයෙන් තොර බවට වෛද්‍ය සහතික ඉදිරිපත්කරන්න.
ඒ එක්කම, සේවය ලබාගන්න බලාපොරොත්තු වෙන වෙන්ඩ අම්මලාට වෙනවා තමන් ඉදිරියේදී නඩත්තු ඉල්ලන්නේ නැති බවට පොරොන්දු පත්‍රයක් අත්සන් කරන්නත්.
"ඔය පොරොන්දුපත්‍ර අත්සන් කළාට, අම්මලා පස්සේ නඩත්තු නඩු දැම්මොත් එඩ් හූබන්ට වෙන්නේ මේ ආත්මේ පුරාමත් ගෙවලා, ඊලඟ ආත්මෙත් නඩත්තු ගෙව ගෙවා ඉන්නයි!" ජර්මානු නීතිඥයෙක් කියලා තියෙනවා.
මෙන්න නැවතත් එඩ් හූබන් ගේ වෙබ් අඩවිය:
http://www.spermaspender.de/
ගුඩ් ලක්.
-කතන්දරකාරයා
ප/ලි:
ඇත්තටම අම්මලා අනූ දෙදෙනා තමන්ගේ ළමයි අනූ දෙදෙනාට නඩත්තු ඉල්ලලා නඩු දැම්මොත් මේ ආඩම්බරකාර තාත්තාව බේරාගන්න අපිට මානුශික මෙහෙයුමක්වත් කරන්න වේවි!
p/p/s:
Someone just asked me whether I am publishing this article today (Sunday 13 May 2012) to celebrate the Mothers' Day!
(image: http://www.dailymail.co.uk/news/article-2130441/34-year-old-virgin-father-82-launching-free-baby-making-service.html)