Thursday 30 September 2010

මනමේ කුමාරි ගේ කන්‍යාභාවය රැකුණාද!


මේ කාලීන මාතෘකාව ගැන මං ලියන්න පටන් ගත්තු කතන්දරේ ඇදිල ඇදිල දිග වැඩි වීම නිසා අතරමග නවත්තන්න වුණා. මුල් කොටස මෙතනින් බලල එන්න නොබලපු අය. මෙන්න අද ඉතුරු කොටස.

මනමේ කුමාරි ට ඒ නම ලැබුනේ මනමේ කුමාරයාව බැන්ද හින්දයි. එයාගෙ තාත්ත තමයි, තක්සලා විශ්ව විද්‍යාලයෙ වයිස් චාන්සලර් හෙවත් ප්‍රොෆෙසර් දිසාපාමොක්.

මනමේ කුමාරය බැච් ටොප් කරල ධනුද්ධර ස්පෙෂල් ඩිග්‍රියේ ෆස්ට් ක්ලාස් එකක් ගහපු ගමං ප්‍රොෆෙසර් දිසා, ජෝඩුවගෙන් කැමැත්ත විමසුව, පටස් ගාල බන්දල දැම්ම, දෙන්නව ඒ මොහොතෙම ගමේ පිටත් කළා.

මුං දෙන්න පොඩි හනිමූන් එකකටවත් නතරවෙන පාටක් වත් පේන්නේ නෑ. පොඩි සින්දුවක් දාගෙන කැලෑව මැදින් ඔහේ යනව. නාට්‍යය බලන් ඉන්න අපිට ඌරු ජුවල්. යකෝ දැන් කාලෙ තක්සලාවල ඉන්න කපල්වලට නං, ඔය පොඩි බංකුවක්, සමර් හට් එකක් තිබුනත් ඇති. (වරප්‍රසාද ලාභීන්ට නං ඉතිං මහවැලි ගඟබඩ පෙම් මග තිබුණා!) මේ පරණ රජ කෂ්ටිය හරි අමුතුයි වගේ නේද?

මේ කැලේ හිටිය වැද්දෝ රංචුවක්. මුං නාහෙට අහන්නේ නැති දඩබ්බර වනචරයෝ. ඒ වැදි රටෙත්, රජෙක් තමයි සීන් එක ගෙනිච්චේ.
මනමේ කුමාරි ගේ රූප ශ්‍රීය දැකල ඛේඨ ධාතුව ක්‍රමාංකුංඡණය කරපු වැදි රැලේ උන් ගේ හිතට මුලින්ම ආපු චේතනාව තමයි දුවල ගිහිං තමන්ගෙ රජාට ඔය නිවුස් එක දෙන එක.

අන්න බලන්න වැදි ගතිය. හොඳ කෑල්ලක් වැයික්කියට ආවාම ඒකෙ අයිතිය රජාට කියලයි බලු ගැත්තෝ හිතන්නේ. (අපේ ටැබූ සර් නම් මේක විශ්ලේෂණාත්මකව අර්ථ දක්වයි, ජන්මය/කුලය පදනම් කරගෙන).

කොහොම හරි චක් ගෝලයින්ගෙන් ආරංචිය හම්බවෙච්ච හැටියේ වැදි රජාත් කලේ සේරම වැඩ පොල පැත්තකට දාල මනමේ කුමාරිව බලන්න දුවගෙන යන එකයි. අරුණි ෂැපිරෝ කිව්ව වගේ අපි හුඟ දෙනෙක් යට සායක් දැක්ක ගමන් නාගන්නවා නේ.

මනමේ කුමාරිව දැක්ක ගමන් වැදි රජා තීරණය කළා, මනමේ කුමාරයව එලෝල දාල කෙල්ලව පැහැර ගන්න. වැදි ගතියෙනේ, අනුංගේ ගෑනුංව ගන්න යන්නේ.

තමන්ගෙ කෙල්ලව නිකංම දීල යන ජාතියෙ ලූසර් කෙනෙක් නෙමේ මනමේ. අනික ඉතිං, තාම බැන්ද මිසක් හනිමූන් වැඩ රාජකාරි කලෙත් නෑ නොවැ?

මනමේ කුමාරය මේ වෙනකොට තාත්තගෙ බල පරාක්‍රමය හිතට අරං මුළු රටටම මහරජ තමන් කියල හිතාගෙනයි හිටියෙ. හරියට කිම් ඉල් සුං ල ගෙ රටේ වගේ!

අපේ වැදි රජ නෙමේ මනමේව පයිසෙකටවත් ගනං ගත්තේ.

මුළු දඹදිවටම තොප මහ රජ වුව
මාගෙ විජිතය මෙම, මම වෙමි අගරජ
කවුද තට මෙහි පිවිසෙන්නට කීවේ?
අවසර නොමැතිව, බල තට වන දේ

ඉතිං ඔන්න සටන ඇරඹුණා.

මෙන්න වැදි රජ ගෙ සින්දු කෑල්ල.

මා ගේ අවසර නොම ගෙන ////////
ආවද තා මෙ මගෙ විජිතෙටා?
දෙරණ හෙලා සුන් කර තොප
ගොදුරු කරමි කැණහිළුනට

මෙන්න මනමේ ගේ සින්දු කෑල්ල.

මා ගේ තෙද බල නොම දැන ////////
ආවද මා සමග සටනටා?
වීර බලැති ධනුධර වෙමි
කෲර තොපගෙ එඩි බිඳලමි

ඉතිං ෆයිට් එක නැගල ගියා. අපි ඉතිං විසිල් ගහ ගහ බලාන ඉන්නව.

මනමේ කුමාරය ඩුවට් එකෙන් දිනල, වැද්දව මරන්න කඩුව ඉල්ලුවම මනමේ කුමාරිගෙන්, මෙන්න බොලේ මේකි නිකං බයිල කියන්න ගත්ත වැද්දව බේරන්න කියල.

ඒ සුදු කොඩි කතාව අහල මනමේ පොර අන්දමන්ද වුණු වෙලේ වැදි රජා කලේ කඩුව උදුරල අරගෙන මනමේට බැෂ්ටිය දුන්න එකයි, එතනම පත බෑවෙන්න.

වැදි රජාත් එක විදියක පොරක්. මිනී මැරුමෙන් පස්සෙ එතනම මනමේ කුමාරි එක්ක සෙට් වෙන්න ගියේ නෑ. මේ ක්‍රයිම් සීන් අස්සේ සෙක්ස් සීන් දාන්නේ ඇයි කියල හිතෙන්න ඇති මයෙ හිතේ. මිනිහ කෙරුවේ කෙල්ලව තමන්ගේ වාස භවනට එක්කරගෙන යන්න පටන් ගත්තු එකයි. මනමේ කුමාරි ගේ නොබිඳුණු කන්‍යාභාවය තව දුරටත් සුරැකුණා!

මනමේ මළාට පස්සේ වැද්ද එක්ක උගේ පොට් එකට යන් මනමේ කුමාරි අවුලක් නැතුවම සෙට් වුනාම අපිට මුලින්ම හිතුනෙ මනමේ කුමාරි, බයටත් එක්ක, නිකං පෙරළුණු පිට හොඳයි කියාගෙන ඉන්නව කියල. ඒත්, මෙන්න බොලේ මේකි ටික වෙලාවකින් කියන්ත ගත්ත වැද්ද කඩුව උදුරගන්න කලින් එයා හිතන් හිටියෙ කඩුව වැද්දටම දෙන්නයි කියල.

අන්න මනමේ කුමාරිට වැරදුණු තැන. ඔය කතාව අහපු වැදි රජා හිතුව, යකෝ මේකි මේ විදියට මාවත් පාවා දෙන්න පුළුවන් නේ කියල.

අමන ගති ඇති මෙවැනි අඟණන්
ම වැනියන් හට කුමන සරණද
සින්දවු ගෙල සැමියා, කවර සෙනෙ
යන්ට යව මෙහි නොසිටා.

ඔය තක්සලාවල උන් වගේ නෙමේ, වනචරයෙක් වුනත් වැද්ද මොලේ ඇති එකා. ඌ කලේ වහාම මේ මර උගුලෙන් බේරිලා පලා යන එකයි.

මේ වෙච්ච සේරම අංජ බජල් දරාගන්න පුළුවන්කමක් තිබුනේ නෑ මනමේ කුමාරිට. කෙල්ල, හැදුණු හාට් බ්‍රේක් එකෙන් එතනම මළා.

හැබැයි, මළත් ඒ මැරුනේ, තමන්ගේ කන්‍යාභාව සදහටම රැකගෙනයි!

වෙන කවුරුවත් යැ, මේ දිසාපාමොක් ගේ දුව නේ!

පව් නේද?

-කතන්දරකාරයා

ප/ලි
ජාතක පොතේ කතන්දරයක් ඇසුරෙන් මේ මනමේ නාටකය ලියපු එදිරිවීර සරච්චන්ද්‍රත් මහනුවර පැත්තේ තිප්පොලේ හිටපු දිසාපාමොක් කෙනෙක් නේ. පොරටත් හිටියා දූල තුන් දෙනෙක් -බැඳගත්තු කසාද දෙකෙන්.
සුනේත්‍රා - නිලියෙක්. බැඳල ඉන්නේ නිහාල් ව නේද?
කිසා ගෝතමී – ඉන්නේ යුරෝපයේ, මං හිතන්නේ.
යසෝදරා - පදිංචිය මෙල්බර්න්වල - බැඳලා ඉන්නේ කුසුම්සිරි ව. පොරත් නළුවෙක්.

ප/ප/ලි
ස්වප්නා ලියන සොඳුරු සිහින බ්ලොග් එකේ තිබුණා මනමේ නාට්‍යය ගැන හොඳ ලිපියක්. ගිහින් බලන්න.

24 comments:

  1. පව් නේන්නම්. Mr. කතන්දර හිනාවෙන්නේ අහින්සක ගැහැනියක් බයට කරපු දේකටනේ. වැද්දට බයේ එහෙම කියන්න ඇති. ආදරේකට නම් වෙන්නම බැහැ. එක අතකට ඒ වගේ දුෂ්ටයකුට කන්යාභාවය පුද නොකරපු එකමය් කාරිය.

    ReplyDelete
  2. අර නරියෙකුත් කිව්වලු නේ " මටත් වැඩිය අනුවණකම් බිසොත් කළා" කියලා,,,,,,,,,
    මේ කතාවෙයි " චුල්ල ධනුග්ගහ ජාතක කතාවෙයි " තියෙන සම්භන්දෙත් කියා දුන්නා නම් හොඳා නේද අයියේ?

    ReplyDelete
  3. හොද වැඩේ ඔහොම තම්යි වෙන්න ඕන.මොකක් වුනත් වැද්දා මොල කාරලා

    ReplyDelete
  4. "හැබැයි, මළත් ඒ මැරුනේ, තමන්ගේ කන්‍යාභාව සදහටම රැකගෙනයි!"
    :)මහනුවර පැත්තේ තිප්පොලේ හිටපු දිසාපාමොක්ලාටත් හැම බැච් වලින්ම මනමේ කුමාරියන් හිටියා යැයි කට කහනවාට සමහරු කියති.

    ReplyDelete
  5. මේක කියවනකොට කැම්පස් කාලෙ කොල්ලො කට්ටියක් එක්ක ගිහින් බලපු ෆිල්ම් එකක් මතක් වුනා. මට නමත් මතක නෑ. විද්‍යා ප්‍රබන්ධයක් කියලා තිබුණට අනාතයි. (අපි නිගමනය කළේ Star Wars හදල ඉතුරු වෙච්චි sets වලින් කරපු low cost production එකක් කියලා!)

    ඔන්න ෆිල්ම් එකේ මුලදිම අභ්‍යවකාශ යානයක් කොහේදෝ ග්‍රහ ලොවකට කඩා වැටිල අනෙක් ඔක්කොම මැරිල කොල්ලයි කෙල්ලයි ඉතුරු වෙනව. (මේ දෙන්න කලින් දැනගෙන හිටියත් හරියට සෙට් වෙන්නේ මේ සිදුවීමෙන් පස්සෙ.) මුළු කතාවෙම තියෙන්නේ මේ දෙන්න අමුතු අමුතු සත්තු එක්ක සටන් කරමින් ජනාවාසයක් කරා යන ගමන.

    ඔන්න දෙන්න කැලෑ මැදින්, කාන්තාර මැදින් පැයක් විතර යන්න පටන් ගත්තාම අපේ කොල්ලන්ට ටිකක් අප්සෙට්. ඇයි වෙයි කියල හිත හිතා හිටපු සීන් එකක් තියා එකකට යන හෝඩුවාවක් වත් නෑ. අඩුගානෙ කොල්ල කෙල්ල දිහා ඇහැ ඇරල බලන්නෙ වත් නෑ. ඔහේ යනවා, හරියට මනමේ කුමාරයයි කුමාරියයි වගේ.

    මෙන්න මගේ එහා පැත්තෙ හිටපු දෙමළ පොර ටිකකින් කියාපි මෙහෙම.

    “No use, machan. This f**ker does not know how to f**k!”

    මනමේ කුමාරිට වුනෙත් ඒකද දන්නෙ නෑ.

    ReplyDelete
  6. ඔය පුරාණ ඍෂි වරුත් කියල තියෙන්නේ ස්ත්‍රි චිත්තං න විස්සති කියලා... එයාලටත් ඔය වගේම සීන් වෙලා ඇති.. නැත්තං කට කහනවට ඔය වගේ කතා කියයියැ. නැද්ද මං අහන්නේ.
    (දිසාපාමොක් ගේ දුව :p )

    ReplyDelete
  7. මොකක්ද ඔය ඛේට ධාතුව ක්‍රමාංකුංඡණය කරා කියන්නේ.... නිකන් කුමාරි දැකලා කෙල බේරුනා වගෙ එකක්ද...

    ReplyDelete
  8. හප්පා . . . කාලෙකට පස්සෙ මනමේ නාට්ටිය ආපහු බැලුවා වගේ. මට හිතෙන්නෙ කන්‍යාභාවය කෙසේ වෙතත් මනමේ කුමරියට හියි කොලෙස්ටරෝල් සහ හයි බ්ලඩ් ප්‍රෙෂර් තියෙන්න ඇති. ඒකනෙ හිටපු තැනම හාර්ට් ඇටෑක් එකකින් සෙට්ට පොච්චි උනේ. ඉතින් එහෙම නම් සමහර විට ඔය නාට්ටියේ පෙන්නුවට වැඩිය මනමේ කුමාරි අම්බානෙකට කැත කොට මහත කෑල්ලක් වෙන්න ඇති. ඒක වෙන්න ඇති මනමෙ කුමාරයට කිසිම ගතියක් හිතෙන්නෙ නැතුව ඇත්තෙ. (වැද්දට නම් ඉතින් වැඳිරියොත් ලස්සනයිනෙ )

    ReplyDelete
  9. උම්බේ මෝඩ ටෝක් අහල ඇති වෙලා...

    ReplyDelete
  10. වැදි රජාට දුක හිතෙන්න ඇති නෙද කුමාරයා ගැන...
    නම දාන්න තිබුනෙ "මනමෙට කෙලවෙ" කියල...

    අපෙ පොරක් ඔය වගෙ කතා පටන්ගන්නෙ...
    "උඩගිය දවස හත‍රැස් නුවර" කියල..
    ඉතුරු ටිකනම් මතක නැ...

    ReplyDelete
  11. ආපසු මනමේ බැලුව වගෙයි..

    ReplyDelete
  12. පලි ගැන කීවොත් එතුමාට එකම එක පුතෙකුත් ඉන්නව... මම හිතන්නේ මේ කතාවේ මනමේ කුමාරිය මනමේ කුමාරයාට ආදරේ නැහැ... වැද්ද දැකල කිසියම් දෙයක් හිතුනද ඒ ආකර්ශනයක් මිසක් ආදරේ වෙන්න බැහැ... අවසානයේ වැද්දත් එක්ක යන්න වුනාම අර කුඩුවේ කතා‍ව කීවේ නිකම් හිතල ගොතල. මොකද වැඩි ආරක්ෂාවක් සහ ස්නේහයක් ලබා ගන්න.ඒක තමයි කෙල්ල කරපු වැරුද්ද...මොනා වුනත් මනමේ කුමාරිය කන්‍යාවියක් ද නැද්ද කියන එකට වඩා මම දුක් වෙන්නේ ඇයට කවදාවත් කාගෙන් වත් නියම ආදරයක් නොලැබුන නිසයි....

    මනමේ කුමරිය නුඹ සිත ගන්නට
    නුඹ අත ගන්නට නුඹ සිප ගන්නට
    දහසක් කුමරුන් වැදි රජ දරුවන්
    පේලි ගැසීලා අර ඉන්නේ

    නුඹගේ සිත ගැන චංචලකම ගැන
    අදටත් මිනිසුන් වෙහෙසෙන්නේ
    නුඹ සෙනෙහස ගැන දුක පිරි සිත ගැන
    කවුරුන් කවදා විමසන්නේ....

    ReplyDelete
  13. විවෘත නොකරම හරවා එවන ලදී :D

    ReplyDelete
  14. ela kathawa.moka unath wedda ta thibune maname kumarige pettiya kadala danna.aparade

    ReplyDelete
  15. කතන්දර,
    ඔයා මේකෙන් කියන්න යන්නෙ කන්‍යාභාවය තිබුනත් එයාට චපල වෙන්න ඕනැ නම් කන්‍යාභාවය රැක ගෙනම චපල වෙන්න ඕනැ තරම් අවස්ථා තියෙන්න පුලුවං කියන එක නේද?

    >>මනමේ කුමාරිත් සීල් පිට නම්බුපිටින් කලුරිය කලත් එයා චපලයි කියන එක නේද?
    >>ඒ කියන්නේ උඩින් ලස්සනට කේක් එක තිබ්බත් වටෙන් පිටෙන් යටින් ඒක කොනිති ගහලා තියෙන්න පුලුවං කියලා නේද?
    >>ඒ කියන්නේ ඕන්නං කන්‍යාභාවය රැක ගෙන ඕනැ වැරදි වැඩක් කරන්න පුලුවං කියන එක නේද?
    >>ඒ කියන්නෙ ප්‍රොෆෙසර් දිසාගෙ දුවත් කන්‍යාභාවය රැක ගෙන කලුරිය කලත් මොකද එයත් චපල කෙනෙක් වෙලා කියන එක නේද?
    >>ඒ කියන්නේ දොස්තරලා දම්මලා ඒක වැක් කරනවා කියන්නේ මෝඩ වැඩක් කියන එන නේද?

    මම හරිද!

    ReplyDelete
  16. කුමාරි වැද්දගෙ බොඩි එකට ආස උනානං කොලීජියෙ ඔච්චර හිටිය වෙන වැද්දො එක්ක නැටුවෙම නෑ කියල හිතන්න තීන සාධකේ මොකක්ද්ද? සමහරවිට කෙල්ලගෙ ලෑලිවත් හොයන්න නැති බව ගමේ දන්න හින්ද දෙන්න බැරි කමටද දන්නෙ නෑනෙ පිටින් ආපු බුවාගෙ ඇඟේ එල්ලුවෙ.
    අද ගොඩ ගිහිල්ල ඉන්න සමහර හේවායොත් එහෙම ලණු කාපු අය තමයි (මොරටුවෙ පරණ පොරවල් මේව දන්නව )

    ReplyDelete
  17. කාලීන සිදුවීමක්නෙ... මෑත කාලෙත් ඒ වගේ පරීක්ෂනයක් පැවැත්වුනා නොවැ....

    අර යන්ට යව වනේ නොසිටා කියන සින්දු කෑල්ලෙ උඩ යට මාරු වෙන්න ඕනද මන්දා

    ReplyDelete
  18. කතන්දර,
    සුනේත්‍රා යි, කිසාගෝතමියි දෙන්නම දැන් ඉන්නේ ඇමරිකාවේ දකුණු කැලිෆෝනියා ප්‍රාන්තයේ. සුනේත්‍රා නම් ලමයින් ට පියානෝ ගහන්න පුරුදු කරනවා කියලා අරංචියි.

    ReplyDelete
  19. wath ගේ කතාව හරි කියලය් මම හිතන්නේ. කුමාරි වැද්දට ඇත්තටම ආදරේ වෙන්නැති.
    Some will say love is destructive, selfish, possessive, blind and give falling in love many other unpleasant definitions. But have those people ever been in love? Because if they have they would know that it differs from any other illness in on very essential way – it can be very pleasant.

    ReplyDelete
  20. මට ලොකු ප්‍රශ්නයක් තියෙනවා... ප්‍රොෆෙසර් දිසාපාමොක් ලග එක එක බැජ් තියෙන්න ඇතිනෙ ?
    ඉතින් මේ හැම බැජ් එකේම දක්ශ එකාට දෙන්න ප්‍රොසාට කෙල්ල ගානේ උන්නද ?

    එහෙනම් දිසාපාමොත් ඇට්ටරයා...වෙන වෙන සීන් කොන් වගේ කුත් වෙන්ට ඇති ;-)

    නැත්නම් දෙයිහාමුදුරුවනේ කියක් කියලා කොල්ලොද නේ ?

    ReplyDelete
  21. මේ හැම කොමෙන්ටුවලට පිලිතුරු ලියා, මේ කතන්දරය තුලින් හොඳ විවාදයක් අරඹන්නට තිබුණා නේද කියා හිතෙන විට මට ඉතා දුකක් ඇතිවේ.

    අනේ ලබන ආත්මේවත් පැය විසිහය හතක ලෝකයක ඉපදේවා!

    සියළු දෙනාටම ස්තුතියි!

    ReplyDelete
  22. මම හිතුව තරම් post එක interest නෑනෙ.. එකෙ තියෙන්නේ අපි අහල පුරුදු මනමේ කතාවම තමයි............

    ReplyDelete
  23. Prof.Sarachchandrata duwala 4k innawa...puthekuth innawa...
    loku duwa Nanditha -lankawe
    Sunethra -America
    Kisagothami -Amerika
    Yashodhara - Australia

    Putha Ransi -America

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.