
මනුස්සයෝ ශිෂ්ඨාචාර පිහිටුවාගන්න කලින් ගල්ගුහා කාලේ ඉඳලාම සිතුවම්වලින් කතන්දර ලිව්වාය කියලානේ කියන්නේ. ඊට පස්සේ වුනත් ඔය පිරමීඩ්ස් වල වගේ දිග කතන්දර තියෙනවාලු ලියලා රූප මගින්. චීන භාෂාවේ අකුරක් අකුරක් පාසා චිත්රයක්.
දැන් ඉතිං ඩිජිටල් යුගයේ අපි යන යන තැන ෆොටෝ කොටනවා.
පින්තූරයක් වචන 1000ක් වටිනවා කියලා කතාවක් අහලා තියෙනවා නේද? එහෙම බැලුවොතින් මං මේ කතන්දර බ්ලොග් එකේ ලියන දිගම කතාවක් තමයි මේක.
ඒත් වචන පොඩ්ඩක් විතර දාන්නං කෝකටත් කියලා.
* * * *
"කතී, කතී, බලන්න අර වත්ත පල්ලෙහා හොඳටම කැලේ වැවිලා. අළුත් අවුරුද්දේ වැඩ අල්ලන්නත් එක්ක ටිකක් එළිපෙහෙලි කරලා දාන්නකෝ අනේ!"
අත් කියතක් අතින් ගත් මිනිහෙක් දිගට හරහට ගස් අතු කපනු පෙනේ.
තවත් අත්තක් කපන විට මහා කළබළ හඬක් ඇසුණි. ඔහු නොම දුටු අමුත්තෙක් ද ඒ ගස් අතරේ සිට ඇත.
ඉනිමගක් සෙට් කරගෙන බැලූ විට අන්තිමට කැපූ අත්තේ දෙබලක කුඩා කූඩුවක් තිබෙන බව පෙනුණි.
එතුල දර්ශනය දැඩි සිතක් වුවද කළඹන සුළු විය. කුරුලු කූඩුවේ බිත්තර දෙකකි.
කැපූ අත්ත වහාම තාවකාලිකව පිළිසකර කෙරිණි. මේ සඳහා යොදා ගත්තේ ඉන්සියුලේෂන් ටේප් බව හොඳින් බැලුවොත් පෙනෙනු ඇත!
කෙමෙන් කෙමෙන් වැඩ අවසාන විය. මෙන්න පලදාව.
මෙන්න ඉතිරි කොටස. සුලඟට පෙරලුනු ගසක කොටස්.
පැයකට පමණ පසු කුරුළු අම්මා ආපසු ඇවිත් බිත්තර රකින්න පටන්ගත්තා!
සමාවෙන්න කුරුළු අම්මේ...!!!
-කතන්දරකාරයා
ප/ලි
හාමිනේ සහ දරු දෙදෙනා ද සමග කතන්දරකාරයා ද ලඟඳීම අළුතින් සෑදූ කූඩුවකට යාමට නියමිත බව සතුටින් දැනුම් දෙමි!
මේ පහත සබැඳියේ ඇති කතන්දරයේ ප/ලි කෑල්ල කියවූහොත් ඒ සඳහා කෙතරම් දිගු කාලයක් ගතවූයේදැයි සොයා ගත හැකිවෙනු ඇත.
http://kathandara.blogspot.com/2010/06/blog-post_16.html
සැමට ජයවේවා!
(Cave art photo: http://caitlinnicoll.wordpress.com/2011/08/05/storytelling-through-art/)