Friday 27 January 2012

අමාවක සහ පසලොස්වක නොහොත් පිස්සු ඩබල් - Lunacy and the full moon


හඳ නගින බහින විදිය අනුව මුහුදේ වඩදිය බාදිය ඇතිවෙන එක අපිට නිරීක්‍ෂණයෙන් නිගමනයට එන්න පුළුවන් ස්වභාවික සංසිද්ධියක්.

ඒ වගේම කතාවක් තමයි ඔය හඳ මෝරන කාලෙට පිස්සන් ගේ පිස්සුව තදවෙනවා කියන එකත්.

පිස්සෝ බහුතරයක් කවිවලට කැමතියි. ඒ වගේම කවි ලියන උන් බහුතරයක් එක්තරා ආකාරයක පිස්සන් ය කියලා කියන්නත් පුළුවනි.

ඉතිං, එහෙව් එකේ අපිට අහන්න කියවන්න දකින්න ලැබෙන කවිවල නිතරම හඳ ගැන සඳහන් වෙන එක අහන්නත් දෙයක්ද?

පෙම් කවි ලියන පිස්සෝ හඳ සමාන කරන්නේ පෙම්වතියගේ මූණටයි.

ඇගේ ආදරය හරියට හඳේ කිරණ වගේ සෞම්‍යයයි.
ඇයට තරහා ගියාම නිකං හඳ වළාකුලකින් වැහුණ වගේ.
අනේ මට ඇය නමැති හඳ ලඟ චූට්ටංම චුට්ටං තරුවක් වෙලා ඉන්න ඇත්තං!

ඔන්න ඔය වගේ සිලිං-බිලිං කතා කවි වල තියෙනවා අපි දැකලා තියෙනවා.

ඉතිං ඔහොම ඔහොම ගිහින් බූට් එක වැදුණායින් පස්සේ හූල්ල හූල්ලා ඉන්න කොට ලියවෙන කවිවලටත් හඳ ගාවා ගන්න පුළුවනි.

මෙන්න ඒ ආකාරයේ කවියක්.

සැනසුම

පසලොස්වක ලැබුමටත් පෙර
හදිසියේ
උදාවිය අමාවක!

දසත රජයයි ගණඳුර
කෑලි කැපිය හැකි

මැකී ගිය සඳමඬල
යලිත්
මෝදු වී ටික ටික
උදාවෙයිද පසලොස්වක?


-කතන්දරකාරයා

ප/ලි:
මට නං මේ ගැන කියන්න තියෙන්නේ මෙච්චරයි.
"අනේ පව්!"

ප/ප/ලි:
ලියා මාසයක් පමණ හමස් පෙට්ටියේ තිබුණු මේ කයි-කතන්දරය එලියට ගත්තේ බුද්ධි ගේ මෙන්න මේ පෝස්ටුව බැලීමෙන් පසුවය.
http://cyberyaya.blogspot.com/2012/01/blog-post_24.html


(ඉංජිනේරු පීඨ කලාකවයේ නිර්මාණ පුවරුවේ මුලින්ම පල විය. පසුව මවිසින් හස්තද්වාරයෙන් ප්‍රකාශ කරන ලද හන්තානේ කඳු පාමුල කෘතියට අඩංගු කරන ලදී)

(image: http://www.squidoo.com/moon-magic)

35 comments:

  1. සඳ තනියම
    …රෑ තුන්යම
    …ඔබ හා මම
    …හැම භවයම :D

    ReplyDelete
  2. සදු නුඹ මට දුර වැඩි හන්දා
    මගෙ සිත නුඹටම පෙම් බැන්දා
    අත ලග පෙම දුක දෙන හන්දා
    දුර පෙම සිත පැතුවද මන්දා

    ReplyDelete
    Replies
    1. අත ළඟ පෙම කිව්වෙ?

      Delete
    2. හස්ත ආසන්න ප්‍රේමය

      Delete
  3. අනේ කතෝ ප්ලීස්...

    ReplyDelete
  4. "පිස්සු හැදෙන සඳ!
    ඇයි මෙච්චර ගඳ "

    කියලත් සමහරු කියනවා නේද?

    ReplyDelete
    Replies
    1. ඉඳුනිල් එතකොට,

      "අන්න අතන ලිඳ
      නා ගන්නකො සඳ"

      කියලත් කිව්වැකි!

      Delete
  5. මේ කවිය නම් කතන්දර හස්තද්වාරයෙන් ප්‍රකාශ කළා කියල හිතා ගත්තෑකි. අමුතුවෙන් කියන්න ඕනැ නෑ. හිකිස්.

    ReplyDelete
  6. පිස්සුව පැත්තක තියලා සීරියස් කියන්නෙ ඔය හස්තද්වාරයෙන් පිට කරපු පොත දැන් මුද්‍රණද්වාරයෙන් පිට කරොත් හොඳයි නේද?

    ReplyDelete
    Replies
    1. මොකද හිතුවද කතන්දර සූරීන් හැමදාම හස්තද්වාරයෙන් පළ කර කර හිටියා කියලා. මුද්‍රණ ද්වාරයෙන් පල කරන්න පටන් අරගෙන දැන් හුඟක් කල්. ඇයි දැන් ඔය ඉලෙක්ට්‍රොනික ද්වාරයෙනුත් පළ කරන්නෙ!

      Delete
  7. මේක වෙන්ඩැති එදා මතක් උනයි කිව්ව එක. එතකොට කවි ලියන උන් බහුතරයක් පිස්සො ඈ....

    ReplyDelete
    Replies
    1. ලියා මාසයක් පමණ හමස් පෙට්ටියේ තිබුණු මේ කයි-කතන්දරය එලියට ගත්තේ බුද්ධි ගේ මෙන්න මේ පෝස්ටුව බැලීමෙන් පසුවය.

      http://cyberyaya.blogspot.com/2012/01/blog-post_24.html

      ...

      Delete
    2. හොඳ වෙලාවට 'බහුතරයක්' කියලා කිවුවෙ.. නැත්තං මං කවි ලියන එක නවත්තන්නයි හිතුවෙ.. ආයෙ මොටද මයෙ පිස්සුව කාටවත් පෙන්නන්නෙ.. :D

      Delete
  8. Traffic Ano
    පෙම් කරන එවුන්ට හඳ මතක් වෙන්නෙ දවස් 29කට වරක් අමාවක උදා වන නිසා නෙවෙයිද?

    ReplyDelete
  9. හඳ පැත්තේ ගියේ නෑ කාලෙකින්.....

    ReplyDelete
  10. pem kala sith
    samadaa ak wewaa
    pem mal pipi
    lowa suwadin nahawewaa !!!!
    (hamadaama udeta paayana eren adura makaganna puluwan neda ...)

    ReplyDelete
  11. අද නම් පිටුව ඉක්මණට දිග ඇරුනා.
    ඔබ මා ලියූ " පිස්සු හැදෙන සඳ " දුටුවේ නැද්ද ?

    http://nihalw.wordpress.com/2011/07/17

    ReplyDelete
  12. කතන්දර කවි ලියන්නේ නෑ වෙන්න ඇති.....:DDD

    ReplyDelete
  13. මේක ගැන නීල් ආම්ස්ට්‍රෝන් ගෙනුත් අදහසක් ගත්තොත් වටිනවනේ. කකා මොකද ඒ ගැන හිතන්නේ ?

    ReplyDelete
    Replies
    1. නීල් ආම්ස්ට්‍රෝන් හඳ ගැන කියපු කතාව කවුරුත් දන්නවනේ... :)

      "ආවාට තිබුනත් නිසසල සඳ මත එය හරි ප්‍රියංකරයි....."

      Delete
    2. බූරා, ෂැක් නීල් ආම්ස් කිව්වෙ ඕකද?, මම හිතුවෙ “සඳ මිදුලට..................අ එනවා....“ කියන එක කියලා!

      Delete
    3. නීල් ආම්ස්ට්‍රෝන් බෝල ගහද්දි අල්ලපු ගෙදර ගෑනි හඬ ගැන කිව්වා කතන්දරේ දන්නවා නේද?

      Delete
    4. @Buratheno
      නීල් ආම්ස්ට්‍රෝන් ගේ ගර්ල්ෆ්රෙන්ඩ් ට පිම්පල්ස් ප්‍රශ්නයක් තිබ්බ කියල මට මේ නිකමට හිතෙනවා :D

      @Sujeewa
      ඈ ඒ මොකද්ද මම නම් දන්නේ නැහැ. කියන්නකෝ බලන්න

      Delete
    5. නීල් ආම්ස්ට්‍රෝන් බෝල ගහද්දි අල්ලපු ගෙදර ගෑනි හඬ ගැන කිව්වා කතන්දරේ

      http://www.truthorfiction.com/rumors/a/armstrong-gorsky.htm

      Delete
    6. අනේ ඒ කතාව බොරුවක් කියල එතනම තියෙනව නේ!

      Delete
  14. හප්පොච්චියෝ....... අදමයි දන්නේ.. එතකොට හඳ ගැන කවි ලියන්නේ පිස්සොද? එහෙම නැත්නම් කවි ලියන සේරටම පිස්සුද....? :D

    ReplyDelete
  15. හඳටම ගිහිල්ල කවියක් ලියන්න තුබුන මොකක්හරි ඔතාගත්තනං.

    ReplyDelete
  16. පිස්සු ඩබල් වෙයිද? මන්දා මෙහම කවි ලියලා.

    ReplyDelete
  17. මේ දවස්වල සිංහල බ්ලොග් අවකාශයට පායලා තියෙන්නේ අමාවකද පාලොස්වකද කියලා හිතාගන්න බෑ....

    ReplyDelete
  18. නියම කතාව. මේකත් බලන්නකො එහෙනම්. http://sithama.blogspot.com/

    ReplyDelete
  19. පෙම් කවි ලියන පිස්සෝ හඳ සමාන කරන්නේ පෙම්වතියගේ මූණටයි.

    athtahama ehema nam me loke godaak inne pissone :)))

    ReplyDelete
  20. පිස්සු නැත්නං ශෝක්..

    ReplyDelete
  21. සඳා ගැන නොබැන
    සිටිනා පිස්ස කවුරු

    සඳා හිරුගේ සෞම්‍ය ප්‍රතිරුව
    හිරුට දොස් කීවද තේජසට
    හිරුගේ රෂ්මියෙනි සඳා බබලනුයේ
    හිරු නැති දා සඳා කොයින්ද

    හිරුගෙත් තේජ්ස
    සෞම්‍ය කළ හැකි සඳාද බලවත්

    ඉතින් අපේ කතිරෙ
    දවල්ට හිරුට
    රාත්‍රියට සඳාට

    ReplyDelete
  22. මම හිතුවේ මේ දවස්වලට සම්බන්ධ සිදුවීමක් ගැන කියලා . . කවිය නරකම නෑ හැබැයි . .

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.