Monday 31 December 2012

දූරියන් චොකලට් කාලා තියෙනවාද? - Durian Chocolates, oh, yum!


පේරාදෙනියේ සිටි අවසන් වසරේ එක් දිනයක මම විශ්ව විද්‍යාලයට නුදුරින් විසූ මිතුරෙකු ගේ නිවසින් දිවා ආහාරය ගත්තෙමි.

අප බත් කෑමෙන් පසුව මේසයට ආවේ පිඟානක් පුරා වරකා මදුළු මෙන් දිස්වූ නමුත් ඊට වඩා ප්‍රමාණයෙන් විශාල කහ පැහැති පලතුරකි.

"මේවා දූරියන්. කාලා තියෙනවාද?" මා මිතුරා පැවසීය.

"දැකලා තියෙනවා. අහලා තියෙනවා රහයි කියලා. හැබැයි කවදාකවත් කාලා නං නෑ!" මම කීවෙමි.

"කාලා බලපං මචං, මාර රහයි!"

"කෝ බලමු!" මම එක් දූරියන් මදුලක් අතින් ගෙන කටට ලං කළෙමි.

අමුතුම ආකාරයේ ගඳක් මගේ නැහැය සිසාරා ගියේය.

එයින් කලබල නොවූ මම දූරියන් මදුලෙන් කොටසක් මුව තුලට ඔබා හැපුවෙමි.

"ඕක්!"

ඒ මාගේ ක්‍ෂණික ප්‍රතිචාරය විය.

මම වහා දූරියන් කැබැල්ල මුව තුලින් ගෙන අසල වූ කුණු බක්කියට දැමූවෙමි. අතේ තිබූ දූරියන් මදුලේ ඉතුරු කොටසටත් අත් වූයේ ඒ ඉරණමයි.

මා මිතුරා මට සරදම් සිනාවක් පාමින් දූරියන් ගෙඩියේ ඉතුරු කොටසට සතොසේ වැඩ සටහන දුන්නේය.

"මූ කොහොම මේ මල ජහදරාව කනවද මන්දා?" එදා මගේ හිතේ ඇතිවුණු සිතුවිල්ල එලෙස විය.

ඉන්පසු වසර කිහිපයක් යනතුරුම විටින් විට දුරියන් දුටුවද ඒ දෙස ඇස ඇර බැලුවේ මා නම් නොවේ!

එහෙත් මින් දශකයයකට පමණ පෙර දිනක ඒ සියල්ල වෙනස් විය. එදා වදෙන් පොරෙන් දූරියන් මදුලකින් ඉතා කුඩා කොටසක් පිහියකින් කපා (එලෙස කෙරුවේ මුලු දූරියන් මදුලම නාස්ති නොවනු පිණිසය.) කෑ මම, ඉන් දූරියන් රසයට කොතරම් ඇදී ගියාද කියනවා නම්, දැන් දූරියන් ගෙඩියක් ලඟින් මා ඉවතට ඇද ගැනීම අසීරු කාර්යයකි.

මේ සියල්ල මට සිහිවූයේ සති දෙකකට පෙර මා ලද එක්තරා ත්‍යාගයක් නිසාය.

ඒ දූරියන් චෙකලට් පෙට්ටියකි.

පසුගිය දිනයක රාජකාරියේ කොටසක් ලෙස සම්මන්ත්‍රණයකට සහභාගී වෙන්නට මැලේසියාව බලා ගිය කතන්දර හාමිනේ අපාසු එන විට මා වෙනුවෙන් ගෙනවිත් තිබූ එක් ත්‍යාගයක් වූයේ මෙකී දූරියන් චොකලට් පොට්ටියකි.

මේ තුල තිබෙන කුඩා බිම්මල් හැඩයේ චොකලට්ටු ඇතුලේ සැබෑ දූරියන් පලතුරු කොටසක් ඇතුලත්ය.



දූරියන් සහ චොකලට් මිශ්‍ර වූ විට ලැබෙන්නේ අපූරු රසයකි.

දැන් මෙන්න මගෙන් ගුටි කන ප්‍රකාශ දෙකක්.

1. දූරියන් කා රස විඳීමේ වාසනාව ලැබීමට පින් කර තිබිය යුතුය.

2. දූරියන් නො කෑ යම් කටක් වෙත් ද, එය පව් කළ කටක් යැයි සිතමි.

-කතන්දරකාරයා

ප/ලි:
දූරියන් චොකලට් ලැබුණද, ගිය වසරේ මෙන් "අරවා" නම් නොලැබුණු බව කණගාටුවෙන් යුතුව සඳහන් කරමි.

Sunday 30 December 2012

ලව් ජූස් සුදු පාටද? - What colour is love juice?


ලව් ජූස් සුදු පාටද? නැත්තම් මොන පාටද?

සුදු පාට ලව් ජූස් නැත්තේ ඇයි? ඇයි, මක්කා වෙලාද?

ඔය සේරම ප්‍රශ්න මට ආවේ මෙන්න මේ සින්දුව අහන වෙලාවෙයි.

ගායනය- සමන් ජයනාත් ජිනදාස

අනුරාගිනී, නොබලන්න මා දෙස
මා හද දැවෙයි ඔය රාග ගිනි මැද
ආලය නැසෙයි අනුරාග හද ළඟ
අනුරාගිනී, නොබලන්න මා දෙස

අනුරාගිනී, ළැම නීල දිය විල
මන මෝහිනී, තුනු පූර්ණ රණ හස
මා කළඹවයි හද විල ම බොර කර
ඒ බොර දියේ සුදු ආල දිය නැත
අනුරාගිනී, නොබලන්න මා දෙස

අනුරාගිනී, යස තාල සිහිනිඟ
අති ශෝභණී, පුළුලුකුළ රිය ශක
මා කළඹවයි සමවැදුණු දම් බිඳ
කැළඹුණු හදේ මුදු ආල දම් නැත
අනුරාගිනී, නොබලන්න මා දෙස

අනුරාගිනී, නොබලන්න මා දෙස
මා හද දැවෙයි ඔය රාග ගිනි මැද
ආලය නැසෙයි අනුරාග හද ළඟ
අනුරාගිනී, නොබලන්න මා දෙස
නොබලන්න මා දෙස

මෙතනින් අහන්න:


මෙතනින් බා ගන්න.
http://www.divshare.com/download/22610117-a2c

ඒ සින්දුවේ "ආල දිය" කියා දෙයක් ගැන කියවෙනවා.

මෙහෙම යෙදුමක් මං මීට කලින් අහලාම තිබුණේ නෑ. "ආල දිය" කියන වචන දෙකේ අර්තය දෙන ලඟම ඉංගිරිසි වචන තමයි ලව් ජූස්.

ඉතිං මේ සින්දුවේ කියවෙන විදියට ලව් ජූස් සුදු පාටයි ලු. හැබැයි රාගය නමැති බොර දිය අතර මේ සුදු පාට ලව් ජූස් එක නැහැයි ලු.

මෙන්න පොඩි ඉංගිරිසි කතන්දරයක්.
http://www.digital-kaos.co.uk/forums/f6/love-juice-adult-214582/

-කතන්දරකාරයා

ප/ලි:
මෙය සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රාවකි.

Friday 28 December 2012

කළේ පැන් නැවුම් රහ නැති කාලේ, ස්ටර් ෆ්‍රයි හදමු රාලේ : Beef stir-fry


"කළේ පැන් නැවුම් රහ නැති කාලේ" කියන්නේ සුනිල් එදිරිසිංහ ගේ පැරණි රසාංගයක් වෙන "කළේ පැන් ඇත නැවුම් රහ නැත" කියන බිරිඳ තනිවම නෑගම් ගිය දවසක දුකෙන් පසුවන ආදරණීය සැමියෙකුගේ සිතුවිලි කියවෙන සින්දුවට අනුව හදා ගත්තු යෙදුමක්.

කතන්දරහාමිනේ විවිධ අධ්‍යාපනික සම්මන්ත්‍රණ එව්වා මෙව්වා වලට සහභාගී වෙන්න යන දවස්වලට මංතුමාටත් සිද්ධ වෙනවා කළේ පැන් නැවුම් රහ නැති දුක විඳින්න.

අවුලක් නෑ, මොකද චාරිකාව අවසානයේ දී මට හාමිනේගෙන් තෑගි බෝග ලැබෙනවා. ඔය අතරේ මට ඉඳලා හිටලා රත්නායක මහත්තයලා ගේ ගෙදරින් විවිධ රස මසවුළුත් ලැබෙනවා.

මේ කාලෙට තමයි මං නොයෙකුත් කුකින් එක්ස්පරිමන්ට් කරන්නේ. මෙන්න ඒ විස්තර සහිත පරණ කතන්දර කීපයක්.

1. පරිප්පු වස්තුව

2. බීන්ස් විත් පීනට්ස්

3. බීෆ් - කතන්දර ස්ටයිල්

4. බොම්බිලි කරෝල නොඉවිය යුතු ක්‍රමය

මෙදා පාර හාමිනේ ගියේ මැලේසියාවටයි. එහේ තිබුණු සම්මන්ත්‍රණය දවස් තුන හතරක්ම අල්ලලා ගියා. යන්න දවසයි, එන්න දවසයි එක්ක මට එක සතියක බදාදා ඉපලා ඊලඟ සතියේ සඳුදා වෙනකම්ම තනිකඩ තාත්තෙක් ගේ කට්ට කන්න සිදුවුණා.

මෙන්න මේ කාලේ දවසක මං හදපු බීෆ් ස්ටර් ෆ්‍රයි එක ගැන විස්තරය.

උවමනා ද්‍රව්‍ය
මස්, කැරට්, බෝංචි, රතු කැප්සිකම් (අවශ්‍යම නැත), ලොකු ලූණු, සුදු ලූණු, ගම්බිරිස් කුඩු, සෝයි සෝස්, කරපිංච, තෙල්, වොක් වර්ගයේ තාච්චියක්






සාදන ක්‍රමය
මස් සිහින් තීරුවලට කපා ගන්න. දැන් මෙයට ලොකු ලූණූ, සුදු ලූණු, කරපිංචා, සෝයි සෝස් සහ ගම්බිරිස් කුඩු දමා අනා පසකින් තබන්න.





කැරට් යනාදී එළවළු ද, ලූණූ ද සිහින් තීරුවලට කපා සෝයි සෝස් සහ ගම්බිරිස් එකතු කරගන්න.






තාච්චිය ලිපේ තබා තෙල් ස්වල්පයක් දමා හොඳින් රත් කරන්න. මස් මිශ්‍රනය එකතු කර තද ගින්නේ හොඳින් හැඳි ගාමින් (ස්ටර්) තෙම්පරාදු (ෆ්‍රයි) කරගන්න.


විනාඩි කිහිපයකට පසු බැදුණු මිශ්‍රණය තාච්චියෙන් අයින් කර වෙනත් භාජනයකට දමා ගන්න.


දැන් තාච්චියට තෙල් ස්වල්පයක් එකතු කර එළවළු පෙර පරිදි ස්ටර් ෆ්‍රයි කරගන්න.


විනාඩි දෙක තුනකට පසු මෙයට මස් මිශ්‍රණය එකතු කර තවත් විනාඩි කිහිපයක් හැඳි ගාමින් තෙම්පරාදු කරගන්න.


අවශ්‍ය පරිදි තවත් ගම්බිරිස් කුඩු සහ ලුනු ද එකතු කරගන්න.

-කතන්දරකාරයා

ප/ලි:
මැලෙසියානු තෑගි පිළිබඳ කතන්දරයක් ලබන සතියේ.

(image: http://travelluxembourg.org/site_files/UserFiles/michelin1.jpg)

Wednesday 26 December 2012

මේ කියන්නේ මොකා ගැනද? - Who is this about?


සුනිල් ගෝවින්නගේ යනු කවියෙකි, කෙටිකතාකරුවෙකි, නවකතාකරුවෙකි.

ඔහු මතක දිවයින, මතක පිළිරැව්, මතක මාවත සහ සුදු වෙස් මුහුණ සහ වෙනත් කවි නමින් කාව්‍ය සංග්‍රහ හතරක් ලියා පලකර ඇත. සුනිල් ඉංගිරිසියෙන් ලියු කෘති නම් White Mask, Perth My Village Down Under (කවි), Black Swans and other stories (කෙටිකතා) සහ Black Australian (නවකතාව) වේ.

මේ සුනිල් ගෝවින්නගේ අළුතින්ම ලියූ කවියකි. මෙයින් කියවෙන්නේ බ්ලොග් කියවන අප කවුරුත් හොඳින් අසා ඇති ලංකාවේ වෙසෙන එක්තරා පුද්ගලයෙකු ගැනය.

ඒ කා ගැනදැයි ඔබට සිතාගත හැකිද?

පැරණි මිතුරකුට ලියූ කවිය

ඔබ වීය අඳුරු යුග නැණැ පහන යුගයකට
සම ලොවක් සදන මඟ කියා දී අප සැමට
ඔබ වීය මිණි පහන පැරණි යුගයක මැකෙන
නැණැ නැවින් එතෙර කොට ලබා දී මට දැනුම

දේව අදහස් සැවොම කඩා බිඳ විදු ඇසින
නුවණ පෙන්වීය ඔබ යුගයකට පෙර දවස
විදු දැනුම එකම මඟ සසර දුක නැති කරන
කිය දී අප සැමට වීය ඔබ නැණැ පහන යුගයකට

විදු නුවණ කුමක්දැයි කියා දුන්නේ ඔබ ය
ශේක්ස්පිය ලියූ පද අරුත් කීවේ ඔබ ය
විකුම්සිහ ගත් කරු ද හැඳුන්වූයේ ඔබ ය
මා දිවියේ අඳුරු යුග මකා දුන්නේ ඔබ ය

අඳුරු යුග අප පෙළෙන පැමිණි කළ මව් බිමට
කිම අරුම බස් දොඩා ඔබ ගොතන අමන රඟ
නීතියේ නියම ගැන නොමැති කල ඔබ මනස
කිම අරුත් සුන් වදන් ලියා අප හද පෙළෙන

කාලයේ සැඩ නළ ද මකා හැරියේ නුවණ
මහළු දිවි රුදු විලස පැහැර ගත්තේ ද නැණ
බල කාම පිරිස් මැද අඳ වීඳ ඔබ දෙනෙත
මෙපැණ හැම මවිත කොට ඇත මගේ මනස අද


(සුනිල් ගෝවින්නගේ - 2012)

මේ කවියෙන් කියවෙන්නේ කා ගැනදැයි ඔබට සිතාගත හැකිද?

-කතන්දරකාරයා

(image: http://codebluepulse.blogspot.com.au/2011/06/just-another-joker-in-pottstowns-deck.html)

Tuesday 25 December 2012

කතන්දරකාරයා නිවාඩුව අතරතුර ගත් ඡායාරූප කිහිපයක් - Can this storyteller become a photographer?


මේ ලඟදී දවසක මට ෆේස් බුකියේ පණිවිඩයක් එවූ එක් කතන්දර බ්ලොගයේ පාඨකයෙක් මට සුබ පතා ඔහුත් ඡායාරූප බ්ලොගයක් කරන බව දන්වා තිබුණා.

එහි තිබූ අනගි කලාත්මක ඡායාරූප දුටු මටත් මේ දිනවල නිවාඩු කාලයේ විවේක සුවයෙන් ගත කරන අතර ඡායාරූපකරණයට පිවිසෙන්න හිතුණා.

මෙන්න එයින් කීපයක්.

1. තණ මත පා


2. දැව මත පා


3. වැලි මත පා


4. වැලි මිස පා?


5. වැලි පිරි පා


6. මගේ සිරි-පා



මෙන්න තරිඳු අමුණුගම ගේ බ්ලොගයට පාර.

http://u4j10.wordpress.com/

තරිඳු ගේ ඡායාරූපවලින් මා කැමතිම ඡායාරූපය නම් - මහ වැස්සක පෙර නිමිති ගීතය සිහිවෙන "මමත් ඔහොම ගිය හැටි මතකයි මට හොඳ හැටි මතකයි" ඡායාරූපයයි. ඔබත් එයට කැමතිද කියා ගොසින් බලන්න.

-කතන්දරකාරයා

ප/ලි:
සැමට ප්‍රීතිමත් නිවාඩු සමයක් පතමි!




Sunday 23 December 2012

සමන් ජයනාත් ජිනදාස ගේ නවතම විරහ ගීතය - Saman Jayanath Jinadasa's latest song


මං ගිය ඉරිදා සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රා එකේ ලිව්වේ පේරාදෙනිය ඉංජිනේරු පීඨයේ ඉගෙන ගත්තු සමන් ජයනාත් ජිනදාස කියන ගායකයා ගැනයි.

පොර මේ දවස්වල ඉන්නේ බහරෙන්වල කියලයි ආරංචිය.

"අනුත්තරා" කැසට් එක අනූ ගණංවල කරලා, "සඳ පහන් රැයක" සීඩී එක දෙදාස් ගණංවලදී කළාට පස්සේ පොරගෙන් කිසිම සද්දයක් බද්දයක් තිබුණේ නෑ.

හැබැයි පොර මේ ලඟදීත් අළුත් සින්දුවක් දෙකක් කියලා තියෙනවා.

මෙන්න එයින් එක සින්දුවක්. මේක විරහ ගීයක්. පොඩ්ඩක් විතර දුක හිතෙන එකක්. අහලා අඬන්න හෙම එපා, හරිය?

වරම් නැත මට ඇඟිලි තුඩඟින්
සුමුදු කම්මුල් පිරිමදින්නට
වරම් නැත මට ඔබේ දෙනෙතින්
නැගෙන කඳුළැල් පිස දමන්නට

වරම් නැත මට ඇඟිලි තුඩඟින්
සුමුදු කම්මුල් පිරිමදින්නට
වරම් නැත මට ඔබේ දෙනෙතින්
නැගෙන කඳුළැල් පිස දමන්නට

එදා දෙඩමලු පෙමක නටඹුන්
නොපැතු විලසින් ගොළුවෙලා
සදාකාලික සෙනෙහසක් ගැන
නැගුනු සිහිනය බොඳ වෙලා
ඔබ ඔබේ ලොව මා මගේ ලොව ඇයි
අසම්මතයක සිරවෙලා

වරම් නැත මට ඇඟිලි තුඩඟින්
සුමුදු කම්මුල් පිරිමදින්නට
වරම් නැත මට ඔබේ දෙනෙතින්
නැගෙන කඳුළැල් පිස දමන්නට

හිරු සැඟව ගිය සඳු සැඟව ගිය
පාළු දුක්බර මේ රැයේ
සතුරු ලොව මැද සසල හදවත
පිපුණු පෙම අද පරවී නොයේ
තරු සෙවන යට මෙලෙස කුමකට
සුසුම් හෙලමුද අප ප්‍රියේ

වරම් නැත මට ඇඟිලි තුඩඟින්
සුමුදු කම්මුල් පිරිමදින්නට
වරම් නැත මට ඔබේ දෙනෙතින්
නැගෙන කඳුළැල් පිස දමන්නට


ගායනය: සමන් ජයනාත් ජිනදාස සහ ධම්මිකා දේවසුරේන්ද්‍ර
සංගීතය: සංජීව පරණමාන
පද රචනය: රසික සූරියආරච්චි

මෙන්න යූ ටියුබ් ක්ලිප් එක.



-කතන්දරකාරයා


(http://darshanaonline.webs.com/apps/photos/photo?photoid=69782094)

Friday 21 December 2012

"කතන්දර හාමිනේ සහ කතන්දරකාරයා " - ඉතා කෙටි නාට්‍යමය ජවනිකා දෙකක් : Two very short drama sketches featuring Mr and Mrs Kathandarakaraya


සිකුරාදා (21) ඉඳලා මං නිවාඩු සති දෙකක්. පාසල් නිවාඩුවත් එක්ක අල්ලලා යනවා පොඩි ට්‍රිපක්.

ඇඳුම් බෑග් එක පැක් කරන්නත් තියෙනවා. පොඩ්ඩක් විතර රෙස්ට් කරන්නත් තියෙනවා. ඒ හින්දා මට වෙලාව තියෙන්නේ පොඩි කතා කෑල්ලක් ටයිප් කරන්න විතරයි.

මෙන්න කතන්දර හාමිනේ සහ කතන්දරකාරයා චරිත මවන ඉතා කෙටි නාට්‍යමය ජවනිකා දෙකක්.



කතන්දර හාමිනේ:    මට ඕනෑ අර බාවනා ප්‍රෝගෑම් එකට යන්න
කතන්දරකාරයා:   හොඳයි, මං ගිහින් බස්සලා එන්නං හෙට උදෙන්ම
කතන්දර හාමිනේ:    ගිහිං බස්සලා විතරක් මදි. මං ආපහු එන්නේ කොහොමද?
කතන්දරකාරයා:    ඇයි ආපහු එනකොට ධ්‍යාන වඩලා නිසා ඉර්දියෙන් එන්න බැරියැ?



කතන්දර හාමිනේ:    මට වෙසක් එකට සිල් ගන්න හිතයි මේ පාර
කතන්දරකාරයා:   කිරිබත්ද, තණකොළ ද ඕනෑ?
කතන්දර හාමිනේ:    මොකක්?
කතන්දරකාරයා:    නෑ මං මේ ඇහැව්වේ මං කිරිපිඬු දානේ අරං එන්නද? නැත්තං කුස තණමිටි අටක් අරං එන්නද කියලායි.



හැපි හොලිඩේස් එව්රි වන්!

-කතන්දරකාරයා


(http://www.examiner.com/article/will-smith-perfect-10-johnny-depp-brad-pitt-angelina-jolie-close-forbes-star-currency-list)

Wednesday 19 December 2012

සති පූජා - Sacrifice


කාළෙකට කලින් ලියපු එකක්. කියෝලා බලන්න පොඩ්ඩක් වෙනසකටත් එක්ක වගේ.

සති පූජා

අඩන්නට ඇසේ කඳුලක් නෑ
හෙලන්නට හදේ සුසුමක් නෑ
පාළු දිවියට තනි මකන්නට
ලොවේ කිසිවෙක් නෑ

සනාතන ලෝ දහම විලසේ
ගලා යයි දුක මෙලෝ තලයේ
කුණාටුව මැද
විලාපයෙ හඬ
දරා ගනු නොහේ හද පතුලේ

වසන්තය ගින්දරෙන් නැසුනා
දිගන්තය කළු දුමෙන් වැසුනා
බුරා ගෙන එන
මහා ගිනි ගොඩ
මැදින් මට සදා සුව පෙනෙනා


-කතන්දරකාරයා

පසුව ලිවීමයි:
ඇත්තටම මේ කවිය ලිවීමේදී මට උවමනා වුනේ සම්මතයට විරුද්ධ මතය ඉස්මතු කරන්නයි.

සතිපූජාව සම්බන්ධයෙන් අප අතර ඇති සම්මතය තමයි ගැහැණියට මිය ගිය සැමියා ගේ දර සෑයට පනින්න කියා බල කරන බව. ඇයට ඒ හැර විකල්පයක් නැති බව. වැන්දඹුවක් ලෙස සැමියා ගේ ඥාතීන් සමග ජීවත් වෙන්න ක්‍රමයක් නැති බව.

සමහරවිට මේ සතිප්‍රජාව මුලින්ම ඇරඹෙන්න ඇත්තේ, තරුණ වැන්දඹුවක් විසින් තමන්ගේ දුක නිසාම ගිණි මැළයට පැනීමෙන් විය හැකියි. පසුව එය තවත් අය කළ පසු චාරිත්‍රයක් වුණා විය හැකියි. ඊටත් පසුව එය බලෙන් කරවනවා විය හැකියි.

මියගිය පෙම්වතියක් ගැන මා ලියූ මේ කයි-කතන්දරයත් බලන්න.
http://kathandara.blogspot.com/2012/11/this-should-not-happen-to-anyone.html

(image: http://thepalmbeachcandlecompany.com/pages/CandleCareTips.php)

Monday 17 December 2012

මේ ගෑණු ගති - උණ පුරුකේ දැම්මත් දිග නොහැරෙනු ඇති? - Women detectives


මගේ කතන්දර බ්ලොග් එකේ එදා සිට ඊයේ දක්වා පල කෙරුණු කතන්දරවලින් වැඩියෙන්ම හිට්ස් ලැබී ඇත්තේ "ලෝ කට් බ්ලවුස් - පෙන්නීම සහ හැංගීම" නම්වූ කතන්දරයටයි.

ඒ හිට්ස් ලැබුණේ එහි මාතෘකාව නිසා හෝ එහි උඩින්ම ඇති ඡායාරූපය නිසා හෝ නොව අන්තර්ගතය නිසා යැයි මම සිතමි.

ගෑල්ළමයෙකු දිහා පිරිමි ළමයෙක් බලන්නේ ස්වාභාවික විරුද්ධ ලිංගික ආකර්ක්‍ෂණය නිසාය. එහි ඇති අවුලක් නැත.

නමුත් ගෑල්ළමයි දිහා වැඩිපුර බලන්නේ පිරිමි ළමයින් නොව ගෑල්ළමයිම ලු. එසේ බලන්නේ ද ස්වභාවික සමලිංගික ආකර්ක්‍ෂණයක් නිසා නම් නොවේ ලූ.

මොකක්ද දන්නවාද රහස?

පිරිමි ළමයි, ගෑල්ළමයින් දිහා බලන විට ඒ බලන්නේ ගැල්ළමයින් ගේ "මොලේ" සහ "ගතිගුණ" යන වැදගත් දේ දෙසය.

නමුත් ගෑල්ළමයින් එසේ නොවේ!

ඔවුන් මේ බලන්නේ අනෙකා ගේ කොණ්ඩය, ඇඳුම්, කණකර ආයිත්තම්, පාවහන්, හෑන්ඩ් බෑග්, යනාදිය දෙසයි.

මෙය මා පුවත්පතක දැක කියවූ වහාම මගේ සිහියට ආවේ අහා, කතන්දර බ්ලොගයේ දැනුම් සාගරයට එකතු කරන්නට අපූරු දැනුම් අංශුවක් නොවේද යන්නයි.

මා කියවූ පත්තරකෑල්ල මෙන්න.



වැඩි විස්තර මෙතනින් බලන්න.
Women spend more time checking out OTHER WOMEN than they do men

මෙහි දැක්වෙන ආකාරයට ගෑල්ළමයින් විසින් අන් ගෑල්ළමයින් ගේ පහත දැක්වෙන දේවල් දෙස උනන්දුවෙන් බලති.

1. Clothes
2. Hair style
3. Tan
4. Size
5. Cleavage
6. Cellulite
7. Hair colour
8. Boob size
9. Shoes
10. Bag

-කතන්දරකාරයා

ප/ලි:
මේ පෝස්ටුව නිසා අපේ බ්ලොග් ලියවන, කියවන ගෑල්ළමයි මා සමග තරහා නොවන බව මම හොඳාකාරවම දනිමි.

ඒ බ්ලොග් ලියන ගෑල්ළමයින්ට මගේ බ්ලොග් රෝලේ ඉහලම ස්ථානය හිමිකර දුන් හැටි ඔවුන් ගේ මතකයේ ඇති නිසාය. ඒ විතරක් යෑ, මම ගෑල්ළමයින් ගැන වෙනම ලිපිද ලියා ඇත්තෙමි.

වෙනත් ප්‍රවෘත්තියකින් මා කියවූ පරිදි ගෑල්ළමයින්ට හොඳ මතක ශක්තියක් ඇත.

(image: http://wixx.com/blogs/post/jkelly/2012/aug/10/1st-thing-women-notice-about-other-women-how-do-yo/)

Sunday 16 December 2012

පේරාදෙනිය ඉංජිනේරු පීඨයෙන් ආ ගායකයෙක් - A singer from Peradeniya Engineering Faculty


මං 1992 දී විතර එක දවසක් කොළඹ ඉඳලා බස් එකක නැගිලා පේරාදෙනියේ ගියා.

ඒ දවස්වල බස්වල දාන්නේ එස්එල්බීසී එකේ වෙළඳ සේවයයි. හරියටම බස් එක කඩුගන්නාව නැගලා ඉවර වුනා විතරයි කැසට් කඩේකින් දාපු සින්දු ගැන වෙළඳ වැඩසටහනක් පටන් ගත්තා. ඒකේ ගිය සින්දු දෙකක් මගේ හිත ගත්තා.

මේ සින්දු කිව්වේ "සමන් ජයනාත් ජිනදාස" කියන මුල් නම් තුනක් තියෙන ගායකයා. පොර පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ ඉගෙන ගත්තු එකෙක්.

එදා රේඩියෝ එකෙන් මං අහපු සින්දු දෙකෙන් එකක් ආපහු අහන්න ලැබුනේ 1997 දී විතර රූපවාහිනියෙන් නැටුම් සහිත ක්ලිප් එකකුත් එක්ක.

ඉතිං මං හොයලා හොයලා සල්ලි, සල්ලි කියලා බලන්නේ නැතුව ඒ කැසට් එකක් ගත්තා. කැසට් එකේ නම "අනුත්තරා". මං කැමති වුණු සින්දු දෙකට අමතරව තව සින්දු දහයක් විතර තිබුණා මං හිතන්නේ ඒ කැසට් එකේ.

පස්සේ සමන් ජයනාත් ජිනදාස ගේ "සඳ පහන් රැයෙක" කියලා සීඩී එකකුත් මාකට් එකට ආවා. ඒකේ අර මං කැමති සින්දු දෙකත් නැවත අඩංගු කරලා තිබුණා.

මෙන්න එයින් එකක්.

ගී පද - සුදත් ගාමිණී බංඩාර
ගී තනුව - ආනන්ද පෙරේරා

තුමුල නමුණුකුල ගිරි හිස
උදුල සඳ මඩල දුටු නෙත රැවටුණා තමයි
කිමද මේ තරම් ඒ ගැන හිනැහෙන්නට කාරණා?
මුහුණ රතුවෙලා දෙනෙතින් කඳුළු පණින තුරු එළියට
ඔහොම හිනාවෙන කොට උඹ ලස්සනයි උමා

නුඹේ වත මඩළ සඟවා මුවාවෙන ලෙසින් අතුරණ
සීත පිණි නිසා තිලකය පාළුවෙයි උමා
සීත මීදුමේ තිරපට වළලු ලු අතින් ඉවතට
ඈත් කර හොරෙන් හෙමිහිට බලාපන් උමා

තුමුල නමුණුකුල ගිරි හිස
උදුල සඳ මඩල දුටු නෙත රැවටුණා තමයි
කිමද මේ තරම් ඒ ගැන හිනැහෙන්නට කාරණා?
මුහුණ රතුවෙලා දෙනෙතින් කඳුළු පණින තුරු එළියට
ඔහොම හිනාවෙන කොට උඹ ලස්සනයි උමා

කන්ද උඩ රුවින් දිදුලන කන්ද කදිර දේවාලය
අපට පිහිට වෙයි කියලා හිතෙනවද උමා
අප වචා නැගෙන උවදුරු ඈත් වී නොබෝ කලකින්
පිච්ච මල් සුවඳ විතරක් ඉතිරිවෙයි උමා

තුමුල නමුණුකුල ගිරි හිස
උදුල සඳ මඩල දුටු නෙත රැවටුණා තමයි
කිමද මේ තරම් ඒ ගැන හිනැහෙන්නට කාරණා?
මුහුණ රතුවෙලා දෙනෙතින් කඳුළු පණින තුරු එළියට
ඔහොම හිනාවෙන කොට උඹ ලස්සනයි උමා


මෙන්න යූ ටියුබ් ක්ලිප් එක.



මං කැමති වුණු සමන් ජයනාත් ජිනදාස ගේ අනිත් සින්දුව තමයි මෙන්න මේක.

පද රචනය - නිලාර් කාසිම්
තනුව - (සීඩී එකේ කේස් එක සොයගත් විගස දාන්නම්)

සලාම් කියා ගෙන ගෙට එන
යසෝ ගී මැදින් සුජනන
ස්නේහයෙන් හදට වඩින තාරකාවියේ
පර්දාවක සැඟව සිටින තාරකාවියේ

සලාම් කියා ගෙන ගෙට එන
යසෝ ගී මැදින් සුජනන
ස්නේහයෙන් හදට වඩින තාරකාවියේ
පර්දාවක සැඟව සිටින තාරකාවියේ

වලාකුලුවලින් සළු ඇඳ සදා තනි රකී අඩ සඳ
ස්වර්ග ද්වාරයේ පැතු මිණ තාරකාවියේ
වලාකුලු වලින් සළු ඇඳ සදා තනි රකී අඩ සඳ
හිනාවෙන්න මතක නැතිද තාරකාවියේ

සලාම් කියා ගෙන ගෙට එන
යසෝ ගී මැදින් සුජනන
ස්නේහයෙන් හදට වඩින තාරකාවියේ
පර්දාවක සැඟව සිටින තාරකාවියේ

කුරාණයේ අක්‍ෂර පද ඔබේ නෙතට හමු නොවීද
දුක්ඛතාපයේ සරණා තාරකාවියේ
කුරාණයේ අක්‍ෂර පද ඔබේ නෙතට හමු නොවීද
දුක්ඛතාපයේ සරණා තාරකාවියේ
පහන් තරුව සොයා යමුද තාරකාවියේ

සලාම් කියාගෙන ගෙට එන
යසෝ ගී මැදින් සුජනන
ස්නේහයෙන් හදට වඩින තාරකාවියේ
පර්දාවක සැඟව සිටින තාරකාවියේ


මෙන්න යු ටියුබ් ක්ලිප් එක.



සමන් ජයනාත් ජිනදාසට අමතරව පේරාදෙනියේ ඉංජිනේරු පීඨයේ ඉගෙන ගත්තු ගායිකාවකුත් ඉන්නවා.

ඒ තමයි "ධම්මිකා දේවසුරේන්ද්‍ර".

මෙන්න ධම්මිකා ගේ "ඉස්සර දවසක" සීඩී එකේ එකේ ටයිටල් සෝන්ග් එක ගැන කතන්දර පෝස්ට් එක.

http://kathandara.blogspot.com/2010/09/blog-post_13.html

-කතන්දරකාරයා

ප/ලි:
පේරාදෙනිය ඉංජිනේරු පීඨයේ උගත් මේ ගායකයා සහ ගායිකාව කියන යුග ගීතයකුත් තියෙනවා.

මං ඒ ගැන ලබන ඉරිදා සන්ඩේ ඉස්පැෂල් ඇක්ස්ට්‍රා එකෙන් ලියන්නම්.

(image: http://www.rivira.lk/sunday/rivi-sarasi/item/1233-%C3%B9%C3%BDy%E2%80%B9-r%E2%80%B9f%C2%A7-10.html)

Friday 14 December 2012

ආසයි ඒත් බයයි! - These wishes may never come true!


අපාය, කටු ඉඹුල, ලෝදිය හැළිය වගේ මිථ්‍යා සංකල්ප පොඩි කාලේ සිටම අපේ ළමා මනසට ඇතුළත් කරනු ලැබුවේ ලොකු මහත් වූ පසු දුරාචාරයේ යෙදී, පවේ ගැලී අප සමාජයට බරක් වෙන්නට ඇති ඉඩකඩ වලක්වන අරමුණින් බව පැහැදිලි කරුණකි.

5. අරක්කු මත්පැන් බිව්වොත් අපායේ ලෝදිය බොන්නට සිදුවේ.

1. සතුන් මැරුවොත් කටු ඉඹුලේ නැගීමට සිදුවේ

4. බොරු කිව්වොත් අය එළියකන්දේ දී කර ඇති සේ යමපල්ලෝ කනේ පැන්සල් ගසනු ඇත.

2. හොරකම් කළොත් අරාබියේ මෙන් අත්, පා කපා දමනු ඇත.

3. කාමේසුමිච්ඡාරා සිද්ධියක පැටළුණොත් කුමකින් කුමක් සිදුවේදැයි කිව නොහැක.

අප බොහෝ දෙනෙකු පාණාතිපාතා, අදින්නාදානා නොකළාට, සුරාමේරයට, මුසාවාදාවට මැලි නොවන්නේ ඔය කියන දඬුවම්වල බරපතලකමේ අඩුවැඩි බව නිසාද?

කාමේසුමිච්චාරාව නම් සමහර විට මුසාවාදාවෙන් වැසී යනවා විය යුතුයි!

ඔය ලොකු ලොකු වැරදිවලට අමතරව, පොඩි පොඩි චූට්ටං ගණයේ දේවල් ද තිබේ. අපේ ඈයෝ මේවා කරන්නට කැමැත්ත නැතුවා නොවන මුත් ඊට වඩා ඒ පිළිබද බියගුලු සිත් ඇතිව වාසය කරති.

මේ කරුණු හැඳින්වෙන්නේ ආසයි-බයයි කාරණා යනුවෙනි. කරන්නට ආශාව ඇත. නමුත් ඒ පිළිබඳ බියක් ද ඇත.

මගේ ආසයි බයයි ලයිස්තුව මෙසේය.

1. වම් පැත්තේ කනේ කරාබුවක් පැළඳීම

2. හාමිනේ ගේ නම දකුණු අතේ බාහුවේ පච්ච කොටා ගැනීම

3. මෙය කිව නොහැක

4. පැරෂුට් එකකින් ඉහළ අහසේ සිට බිමට පැනීම

5. රැකියාවෙන් ඉවත් වී පූර්ණකාලීන ලේඛකයෙකු වීම

මා ඉහත දේ කරන්නට ඉතා ආශාවෙන් සිටිමි. එසේ නමුත් ඉහත කිසිවක් කරන්නට මා කිසි දිනක උත්සාහ නොගනු ඇත.

ඒ මන්දැයි ඔබ දනී.

-කතන්දරකාරයා

ප/ලි:
"ආසයි-බයයි" ලෙසින් නම් කරන ලද බොට්ටුවක් මාතර නිල්වලා ගඟේ දී පෙරළී සිදුවුණු මහා ජීවිත විනාශය ගැන ඔබ අසා තිබේද?

මේ පිළිබඳ ඇන්ටන් ජෝන්ස් ගයන බයිලා ගීතය මෙන්න.


මේ ඇන්ටන් ජෝන්ස් ගයන බයිලාව කතන්දරයකි. සමහර කතන්දර බයිලා ය.

(image: http://terribleminds.com/ramble/2012/04/02/how-to-be-a-full-time-writer/)

Wednesday 12 December 2012

එක් අනුවණයෙක් හොඳටෝම සෑහේ - Just one fool is more than enough


එදා වසර 2008 නොවැම්බර් මස පහළොස්වෙනි සෙනසුරාදාය. දහවල් එකට පමණ මිතුරෙකු ගේ මෝටර් රථයට කොටුවේ දී ගොඩ නැගුනෙමි.

අප ගමන් කළේ නුවර පාර දිගේ කඩවත ප්‍රදේශයටයි.

සෙනසුරාදාවක් වුවද මාර්ගයේ තරමක වාහන තදබදයක් පැවතුණි. අපේ රථය පෑලියගොඩ පසුකර කිරිබත්ගොඩ දෙසට ගමන් අරඹන විට තදබදය තව් වැඩි වූවා සේ දැනුණි.

කැලණිය දුම්රිය ස්ථානට නුදුරින් නුවරපාරේ දුම්රිය මාර්ගයට ඉහළින් ගොඩ නංවා ඇති තාවකාලික කොන්ක්‍රීට් පාලම වෙත අපි කෙමෙන් කෙමෙන් ළඟාවීමු. මේ වන විට මහා මාර්ගය වඩාත් සමාන වූයේ රථ ගාලකටය. අප ඉදිරියට ඇදුණේ ගොළුබෙල්ලන් වුවද සිනා ගන්වන තරම් වේගයෙනි.

එයින් උකටලී නොවී, මිතුරා ගේ සුවපහසු වාහනයේ අසුන් අරා වායුසමණිත සිසිලේ ගිලෙමින් ඔහු සමග පැරණි මතකයක් ගැන සුහද පිළිසඳරක යෙදෙමින් සිටි මා නෙත එකවරම ගැටුණේ පුදුම උපදවන සුලු දසුනකි.

අප රථය සහ තවත් සියයක් මෝටර් රථ තාවකාලික කොන්ක්‍රීට් පාලමේ නුවර දෙසට ඇදෙන උතුරු මං තීරුවට එලැබෙන්නට පොරොත්තුව හිරවී සිටින අතර එක් නොහික්මුණු, අනුවණ මෝටර්රථකරුවෙක් දකුණු දෙසට විහිදුණු මං තීරුවේ, එනම් කොළඹ දෙසට එන වාහනවලට වෙන් කර ඇති කොටසේ කිරිබත්ගොඩ දිශාවට තම රථය පදවයි.

"බුදු අම්මෝ!" මට ඉබේම කියවිණි "ලොකු ඇක්සිඩන්ට් එකක් වෙන්න ඉඩ තියෙනවා. අන්න අර කාර් එක වැරදි පැත්තේ යනවා!"

"කවුරු හරි ලොකු හයිරංකාරයෙක් වෙන්න ඇති!" මගේ මිතුරා කීය.

"ඉතිං පොලිසියෙන් අල්ලන්නේ නැද්ද?"

"ඇල්ලුවට මොකද? ලොක්කෙක් හෝ ලොක්කෙක් ගේ අතවැසි සොක්කෙක් නං වැඩක් තියෙනවායැ."

මේ සිද්ධියෙන් අපට තේරුම් යන එක සත්‍යයක් ඇත.

අප කොයි තරම් පරීක්‍ෂාකාරීව, මාර්ග නීති පිළිපදිමින් අපේ මෝටර් රථ පැදෙව්වත්, එක් අනුවණයෙකු කරන නීති විරෝධී ක්‍රියාවක් නිසා ඒ සියල්ල නිෂ්ඵල වී අනතුරක් සිදුවීමට ඉඩ ඇත.

අධිවේගී මාර්ගයක වැරදි දිශාවට ගමන් කළ රියක් නිවරදිව ධාවනය වූ රියක් හා ගැටී අට දෙනෙකු මිය ගිය පුවතක් මම නොබෝදා ඇසීමි.

එදා කැලණියේ දී අනතුරක් සිදු නොවුණි. නමුත් මා කලින් ලියා ඇති රතු කොරොල්ලා කාර් එකේ පැජරොයියා හැප්පුණු අනතුර සිදුවූයේ මේ ආකාරයට එකෙකු ගේ වරදිනි.

මේ සත්‍යය වාහන පැදවීම ගැන විතරක් අදාළ දෙයක් නොවේ.

අප සමාජයේ බොහෝ අවස්ථාවල දී අපට පෙනෙන්නට ඇති පරිදි, අප කොතරම් නිවරදිව, පරීක්‍ෂාකාරීව, නීතිගැරුකව, ප්‍රතිපත්තිගරුකව වැඩ කළත්, එක් අනුවණයෙකු ගේ ක්‍රියාවකින් ඒ සියල්ල නිෂ්ඵල වී අපට ද දොස් ඇසීමට සිදුවෙනු ඇත.

එසේම මෙය අප වසන තාත්වික ලෝකයට පමණක් නොව අතථ්‍ය බ්ලොග් ලෝකයට ද සත්‍යයකි.

-කතන්දරකාරයා

ප/ලි:
සත්‍යය වටහා ගැනීම සැනසිල්ල හෙවත් නිවනට මුල පිරීමයි!


(http://www.sundayobserver.lk/2008/03/30/fea08.asp)

Monday 10 December 2012

කතන්දර බ්ලොගයට ඇනෝනිමස් කමෙන්ට්කරුවෙකු ලියූ තේමා ගීතය - A theme song for Kathandara blog?


ඊයේ මා පලකළ සිංහල බ්ලොග් ලෝකය ගැන තේමා ගීතය ලෙස සැලකිය හැකි පැරණි රසාංගයට පිළිතුරක් ලෙස මගේ හිතවත් ඇනෝනිමස් කමෙන්ට්කරුවෙකු විසින් කතන්දර බ්ලොගයට තේමා ගීයක් ලියා එවා තිබේ.

එහි සංස්කරණිත වර්ෂන් එකක් පහත පළකරමි.

කතන්දර ගැන ගීයක් ලීවා ඊයේ. මොකද අවුරුදු තුනයි හිට්ස් මිලියනයයි වුණාට කකාට තාම බ්ලොගේට තේමා ගීයක් නෑ නෙවැ. ඉතින් මේකවත් යොදා ගන්ටකෝ.

නංගිලා, මල්ලිලා ඉන්නවාදෝ බලා - මං එතී දැන් එතී දැන් කියා
චූ, කක්කා කතා - පඩ, ජොකා කතා මං ගෙනාවා බොලොග්ගේ පුරා

බලපං ගැජට් මට ඇතී - තට්ටෙ මසාජ් කරයි සැණෙකිනී
තාමත් රසයි පෙර මෙනී - හස්ත-දාරෙන් ගහපු මගෙ කවී

නංගිලා, මල්ලිලා...

නළු බට්ටන් ෆොටෝ දමා - උන් කවුදැයි කියා විමසමී
ඇනෝලා සමඟ පැටලෙමී - යළින් උන්ම අරන් නළවමී

නංගිලා, මල්ලිලා...

කමෙන්ට් එයි වැල වගේ - හිට්ස් ජල මීටරේ නඟී
මේ කාලෙ මං හරි බිසී - මෙහෙම ගියත් ඉතින් ඇතී

නංගිලා, මල්ලිලා ඉන්නවාදෝ බලා - මං එතී දැන් එතී දැන් කියා
චූ, කක්කා කතා - පඩ, ජොකා කතා මං ගෙනාවා බොලොග්ගේ පුරා

ඇනෝනිමස් කමෙන්ට්කරුවාට මගේ ස්තුතිය.

-කතන්දරකාරයා

ප/ලි
මාත් එකක් ලියන්න ඕනෑ. හැබැයි මං ලියපු නාන කාමරේ සින්දුවට තාම තනුවක් දාගන්න බැරි වුණා!

(image: http://www.realmagick.com/theme-music/)

Sunday 9 December 2012

සිංහල බ්ලොග් ලෝකය ගැන ලියවුණු පැරණි ගීතය - A song from yesteryear about Sinhala Blogsphere


මේ ලඟදී දවසක අපි පොඩි ට්‍රිපක් ගියා.

අපි හැම පඩියෙන්ම සල්ලි දීලා බලා කියා ගන්න පවුල් කීපයක් ඉන්නවා ඔය මහ පාර්ලිමේන්තුව තියෙන හරියේ. එයින් කීප දෙනෙක්ව හමුවෙලා කතා බහ කරලා එන්නයි මේ ගමන සූදානම් වුනේ.

පොඩි ට්‍රිපක් කිව්වේ මායි, අපේ අම්මයි, පුතු පැටියයි විතරයි ගමනට සෙට් වුනේ. හාමිනේටයි, දූ කුමාරිටයි වෙන වැඩ යෙදිලා තිබුණා.

නැග්ග ගමන්ම මං දා ගත්තා සින්දුවක් අහන්න සීඩි එකක්. මේකේ තිබුණේ හොඳ පැරණි ගී කලෙක්ෂොන් එකක්.

ඔන්න බොලේ දෙවෙනි සින්දුව බාගෙට අහගෙන ඉන්න කොට මට එක පාරටම කල්පනා වුණා, මේක නං අපේ සිංහල බ්ලොග් අවකාශය ගැනම කියපු සින්දුවක් නේද කියලා. ඉතිං අද සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රාවක් විදියට ඒ ගැන කෙටියෙන් ලියන්න හිතුණා.

මෙන්න සින්දුවේ පද.

සැළලිහිණි කොවුල් හඬ රැව් දෙන්නා මහ උයනක සිරි ඉතිරේ
මුව රැළ අතරේ වග වලසුන් ගේ රඟ මඩලකි මේ උයනේ

නීල කොබෝ, රෑන ගිරා, පිල් විහිදා රඟනා මොනරා
නීල කොබෝ, රෑන ගිරා, පිල් විහිදා රඟනා මොනරා
කට ඇඳ කිරලා සහ වලිකුකුළා, හොට දිග පිළිහුඩුවා
කට ඇඳ කිරලා සහ වලිකුකුළා, හොට දිග පිළිහුඩුවා
අප දැකලා, බිය වැදිලා, තරගෙට හඬ නැගුවා

සැළලිහිණි කොවුල් හඬ රැව් දෙන්නා මහ උයනක සිරි ඉතිරේ
මුව රැළ අතරේ වග වලසුන් ගේ රඟ මඩලකි මේ උයනේ

කොළ දිවියා, රළු කොටියා, කපටි රජා නම් ලද හිවලා
කොළ දිවියා, රළු කොටියා, කපටි රජා නම් ලද හිවලා
විසකුරු පොළඟා, මිනිකන කිඹුලා, පොතුහැර කබරගොයා
විසකුරු පොළඟා, මිනිකන කිඹුලා, පොතුහැර කබරගොයා
රට පිඹුරා ළඟම නයා දරණ ගසා සිටියා

සැළලිහිණි කොවුල් හඬ රැව් දෙන්නා මහ උයනක සිරි ඉතිරේ
මුව රැළ අතරේ වග වලසුන්ගේ රඟ මඩලකි මේ උයනේ

මෙතනින් අහන්න.

(http://youtu.be/jrzIXUElpyU)

බලන්න දශක ගණනාවකට කලින් හිටි සීටි ප්‍රනාන්දු ට (සහය ගායිකාව ලතා වල්පොල) මේ සින්දුව ලියපු සිරිසේන විමලවීර සිංහල බ්ලොග් අවකාශය ගැන අපූරුවට දැනගෙන ඉඳලා තියෙන හැටි.

මට තේරෙන විදියට මුල හරියේ තියෙන්නේ [සැළලිහිණි, කොවුල්, මුව රැළ, නීල කොබෝ, රෑන ගිරා, මොනරා, කිරලා, වලිකුකුළා, පිළිහුඩුවා] අපි දන්න කියන අය ගැනයි. හොඳ ඇනෝනිමස් ලා ත් එතන ඉන්නවා වගේ!

අන්තිම හරියේ කියවෙන්නේ [දිවියා, කොටියා, හිවලා, පොළඟා, කිඹුලා, කබරගොයා, පිඹුරා, නයා] නෝටි ඇනෝනිමස් කමෙන්ට්කරුවන් ගැනයි!

-කතන්දරකාරයා

ප/ලි:
තුන්වන පාර්ශවයන්ට අපහාස වෙන ආකාරයේ කමෙන්ට්ස් බාර නොගන්නා කරුණාවෙන් බව සලකන්න.


(image: http://depositphotos.com/7945063/stock-illustration-Seamless-pattern-with-cute-animals.html)

Friday 7 December 2012

මසාජ් සහ ඉරෙක්ෂන් - Message and election


දැන් කාලෙකට කලින් මට කියවන්න ලැබුණා කන්සල්ටින් රිපෝර්ට් එකක්. මේක ලියලා තිබුණේ ජැපනීස්ලා කණ්ඩායමක්. මාතෘකාව රජයේ සංස්ථාවක ප්‍රතිව්‍යුහකරණය හෙවත් පුද්ගලික අංශයට විකිණීම.

ලියපු අයගේ මිස්ටේක් එකක්ද, ටයිපෝ එකක්ද මන්දා මේ වාර්තාවේ මුල් පිටුවේම ලඟදී පැවැත්වුණු ජනාධිපතිවරණයෙන් (presidential election) පසුව රට හොඳ අතට හැරෙමින් පවතී කියන එක ඉංගිරිසියෙන් ලියද්දී ටයිප් වෙලා තිබුණේ ප්‍රෙසිඩෙන්ෂල් ඉරෙක්ෂන් (presidential erection) කියලයි.

ප්‍රෙසිඩෙන්ෂල් ඉරෙක්ෂන් එකෙන් පසුව නිසා රට හොඳ අතට යනවා නේන්නම්, ඕක අහගන්න ජප්පෝ ඕනෑද? ජෙප්පන්ගෙන් අහගන්න පුළුවන් කම තියෙද්දී?

මේ වාර්තාවේම තව තැනක මැසේජ් (message) කියන වචනය ටයිප්කරලා තිබුණේ මසාජ් (massage) කියලයි.

මසාජ් එකෙන් පස්සෙද මේ කියන ප්‍රෙසිඩෙන්ෂල් ඉරෙක්ෂන් එක ආවේ කියලා නං පැහැදිලි කරළා තිබුණේ නෑ...!!!

ඔය කතාව කිව්වේ පොඩි ගැජට් එකක් ගැන සටහනකට පිවිසුමක් ලෙසයි.

මේක අර ඇපල් කටර් එක ගැන ලියපු පෝස්ට් එක වගේ ප්‍රහේලිකාවක් නොකර අදම විසදුම කියන්නම්.

මේ මොකක්ද?



මෙන්න පිළිතුර.



මේක තට්ටේ මසාජ් කරන එකක්.

මං තට්ටේ ගාන්න වෙලා දැන් ටික කාලයයි වෙන්නේ. ඉස්සර මධුමාධව අරවින්දලා තට්ටේ ගාපු කාලේ ඒකේ තියෙන වැදගත්කම නොතේරුණත් පස්සෙන් පහු තමයි මොලේ පෑදුණේ.

සහෘද බ්ලොග්කාරයෝ සෑහෙන පිරිසක් මගේ මේ තට්ට මෝස්තරය දැකලා තියෙනවා.

තට්ටේ නිසා පනා අනවශ්‍යයයි නේ. ඒ වෙනුවට මේ උපකරණය භාවිතා කරන්න පුළුවනි. මේකෙන් තට්ටේ මසාජ් වෙනකොට හරි සනීපයක් දැනෙන්නේ.

කොටින්ම මේ උපකරණයේ නම ඕගැස්මික් හෙඩ් මසාජර් (Orgasmic Head Massager)...!



-කතන්දරකාරයා

ප/ලි:
මෙන්න වෙබ් සයිට් එකට පාර.
http://www.kogan.com/au/search/?keywords=head&keywords=massager

Wednesday 5 December 2012

මෝඩ ආතල් ඇනෝලා, මන්ද බුද්ධික ඇනෝලා සහ මානසික රෝගී ඇනෝලා - Sub-categories of Naughty Anonymous Bastards


ඇනෝලා ගැන නොදන්න කෙනෙක් මේ සිංහල බ්ලොග් ලෝකයේ ඉන්නවා නම් ඒ ඉතිං ස්ප්‍රින් චිකන් කෙනෙක් වෙන්න ඕනෑ.

මං කලින් දවසක ඇනෝලාව වර්ගීකරණය කලේ නෝටි ඇනෝලා සහ ගුඩ් ඇනෝලා කියලායි. මේ දෙවර්ගයේම ඇනෝලාට උපහාර පිණිස මං විශේෂ කතන්දර දෙකකුත් ලිව්වා.

නෝටි ඇනෝලා වෙනුවෙන් කනේ කළාඳුරු හාරන හැටි ගැන කතන්දරය:
http://kathandara.blogspot.com/2012/08/removing-ear-wax-yesteryear-and-today.html

ගුඩ් ඇනෝලා වෙනුවෙන් මා දුටු සුන්දරතම සිහිනය ගැන කතන්දරය:
http://kathandara.blogspot.com/2012/08/most-beautiful-dream-i-have-ever-seen.html

අද මට හිතුණා මේ නෝටි ඇනෝලා තව දුරටත් වර්ගීකරණය කරන්න.

මෙන්න ඒ අනුකණ්ඩ.

1. මෝඩ ආතල් ඇනෝලා
2. මන්ද බුද්ධික ඇනෝලා
3. මානසික රෝගී ඇනෝලා

මේ කවුරුන්ද, කොයි වගේ අයද කියා එකවරටම හිතා ගන්න බැරි අයට මෙන්න උදාහරණ.

මෝඩ ආතල් ඇනෝවෙක් ගේ කමෙන්ටුවක්:
http://kathandara.blogspot.com/2012/11/sad-story.html?showComment=1354280439907#c6789312032070395820
මේ මගේ හිතවත් අංකල් කෙනෙක්. සැරින් සැරේ ඇවිත් ආතල් එකක් අරං යනවා

මන්ද බුද්ධික ඇනෝවෙක් ගේ කමෙන්ටුවක්:
http://kathandara.blogspot.com/2012/12/victor-ratnayakes-nil-kandu-yaye.html?showComment=1354555654521#c6625552625876323504
මෙයාට වාක්‍යයක තේරුම ගලපා ගන්න බෑ. මගේ තේරීම් ගැන මම මට හිනාවෙන එක (ලෝකෙට පරකාසේ, ගෙදරට මරගාතේ කතාව) මේ ඇනෝට අන්දකයිප්පු ගිලීමක්

මානසික රෝගී ඇනෝවෙක් ගේ කමෙන්ටුවක්:
http://kathandara.blogspot.com/2012/11/not-many-people-will-get-this.html?showComment=1353914981544#c4609291877597952278
මේ වගේ අයට අනුන්ට බැනීමෙන් ආතතිය අඩුවී සිතට සහනයක් ලැබෙනවා.

ඔය තුන් කොටසටම මගේ අනුකම්පාව හිමිවෙනවා.

තමන්ට මෝඩ ආතල් ගන්නට හෝ තමන් ගේ මෝඩකම ප්‍රදර්ශනය කරන්නට හෝ මට හෝ වෙනත් අයෙකුට බැණ වැදී තමන්ට මානසික සුවයක් ලබාගන්නට හෝ මේ කතන්දර බ්ලොගය ඔවුන්ට උපකාර වෙනවා නම්, එය මගේ බ්ලොගයෙන් සිදුවෙන තවත් අමතර සද්කාර්යයක් ලෙසය මං සලකන්නේ.

(මෙන්න මං කලින් දවසක කිවූ කතන්දර බ්ලොගයේ තවත් ලෝක සේවාවක් ගැන විස්තරයක් http://kathandara.blogspot.com.au/2011/04/blogging-as-social-service-for.html)

-කතන්දරකාරයා

ප/ලි:
මේ දවස්වල ව්‍යාපෘතියක් කලමනාකරනය සඳහා රාත්‍රී හතවෙනතුරු ඔෆීසියේ හිරවී පට්ට බිසි ලයිෆ් එකක් ගෙවමින් සිටින මම, කලින් සෙට්කර තිබූ පෝස්ට් අතහැර දමා මේ කේස් එක ගැන ලියන්නේ ද මේ තුන්වර්ගයේ නෝටි ඇනෝලා ගැන ඇතිවුණු මෛත්‍රී සහගත කරුණාබර හැඟීම් නිසාවෙනි!

(image: http://images.yourdictionary.com/fool-s-cap)

Monday 3 December 2012

මේක විට්ටර් අංකල් ගේ අන්තිම ලාස්ට් සීඩී එකද? - Victor Ratnayake's Nil Kandu Yaye


විට්ටර් අංකල් කියන්නේ එසේ මෙසේ පොරක් නොවෙයි. අපි පොඩි කාලේ ඉඳලාම සින්දු කියපු පොරක් නේ. මන්ද්‍ර සා එකේ ඉඳලා උච්ඡ සා එක එනකම්ම විතරක් නොවෙයි කෝමල ගා වුනත් හොම්බෙන් යන්න කියන්න පුළුවනි අංකල්ට.

මෙන්න විට්ටර් අංකල් ගේ මං කැමතිම "ලෝකෙට පරකාසේ" ටොප් ෆයිව් සින්දු ටික.

1. දෙව්රම් වෙහෙරේ හිමි වැඩ සිටි සමයේ
2. ආදරයේ උල්පත වූ අම්මා
3. බුදු හාමුදුරුවො අපිත් දකින්නැති
4. අපි ඔක්කොම රජවරු
5. මෝහෙන් මුලා වෙලා

මෙන්න විට්ටර් අංකල් ගේ මං ඇත්තටම කැමති "ගෙදරට මරගාතේ" ටොප් ෆයිව් සින්දු ටික.

1. හිත මිතුරු සුලඟ
2. සිසිල් සුලං රැල්ලේ
3. මුදු පරම සුපිරිසිදු ආදරයේ
4. පොඩි කුමාරිහාමියේ
5. පෙම්බර මධූ මගේ

විට්ටර් අංකල් පහුගිය දා අන්තිම සා එකත් කරළා පෙන්ෂන් ගිය බව දන්නවනේ කෂ්ටිය. නාවින්නෙන් කඩුවෙල පැත්තට යනවා කියලාත් පත්තරේකට කියලා තිබුණා.

ඔය සේරම ලිව්වේ මේක කියන්නයි.

මේ ලඟදී මට ලැබුණා විට්ටර් අංකල් ගේ අළුත්ම අළුත් සීඩී එක.

මේකේ නම නිල් කඳු යාය

මෙන්න සීඩී එකේ කවරේ.



සින්දු පරණ ඒවා. නමුත් ඒ සේරම අළුතින් රෙකෝර්ඩ් කරලා මුල්වරට තමයි සීඩී එකකට ගහලා තියෙන්නේ.



සීඩී එකක් රුපියල් 500 යි.

පේරාදෙනියේ ඉංජිනේරු පීඨ විද්‍යාර්ථීන් ගේ සංගමයේ සුබසාධක වැඩවලට මුදල් හොයන්න තමයි මේ සීඩී එක නිෂ්පාදනය කරළා තියෙන්නේ.

-කතන්දරකාරයා

ප/ලි:
විට්ටර් අංකල් ගේ මේ සීඩී එක පේරාදෙනිය ඉංජිනේරු පීඨයේ විද්‍යාර්ථීන් ගේ සංගමයේ කාර්යාලයෙන් ලබා ගත හැකි බව දන්වමි.

Saturday 1 December 2012

කෝච්චියේ දී උක්කුං බීම සහ කනේ පාර - Busy, busy, busy!


මං දැන් සෑහෙන කාලෙකට ඉස්සර ගුරු සේවයේ රසකතාවක් ලිව්වා. ඒකේ ඇත්තටම තිබුණේ කිරි බීමක් ගැනයි.

ඒ කතන්දරේ කියවපු නිර්ණාමික කතන්දර පාඨකයෙක් මට තවත් ඒ වගේ කතාවක් ලියලා එව්වා. ඒක මං පල කළා "මෙලෝ රහක් නෑ" කියන මාතෘකාවෙන්.

මේ ඊයේ පෙරේදා දවසක ඔය කතන්දර සෙට් එක කියවපු තවත් පාඨකයෙක් මට පොඩි කතන්දරයක් ලියලා එවලා තියෙනවා.

මෙන්න ඒ කතන්දරේ - රුෂාන් කුමාර ගේ වචනවලින් ම.


තරුණ ලස්සන නෝනා කෙනෙක් දුම්රියක ගමන් කරමින් හිටියා. එයා ඉදගෙන හිටපු සීට් එකට ඉස්සරහ සීට් එකේ ඉදගෙන හිටියෙ දුප්පත් තරුණයෙක්. මේ ගෑනු කෙනා හිටියෙ ගෙදරින් දුර ගමනක් යන ගමන්. ටික වෙලාවකින් මේ කාන්තාවගේ බ්ලවුස් එක තෙත් වෙන්න ගත්තා. ඇය පුංචි පුතෙකුගේ අම්මා කෙනෙක්. මේ යන්නේ දුර ගමනක් නිසා පුතාව කිරිඅම්මා කෙනෙක් ගාව තියලා යන ගමන්. දරුවාට කිරිදෙන වෙලාවට අම්මලාට කිරි එරෙනවලුනේ. ඉතින් මේ කාන්තාව අපහසුවෙන් ඉන්න අතරේ අර ඉස්සරහ සීට් එකේ ඉදගෙන හිටපු තරුණයා ඇහුවා මැඩමොසලේ, ඔබ අපහසුවෙන් ඉන්න නිසා මම කිරි ටික ‍උරාබොන්නද කියලා. අර ගෑනු කෙනත් කැමති වුනාලු.(අනේ කතන්දර ලැජ්ජා නැත්ද ඔය විදියට හිතන්න, කොහොමද ? මේක වල් කතාවක් කියලා)

කිරිටික උරා බිව්වට පස්සේ ගෑනු කෙනා කිව්වලු මම බොහොම අමාරුවෙන් හිටියේ ඹබට බොහෝම ස්තුතියි කියලා. පස්සේ තරුණයා කිව්වලු ස්තුති කරන්න හදිසි වෙන්න එපා මැඩම්. මම දවස් දෙකක් තිස්සේ බඩගින්නේ හිටියේ. ඔබේ දරුවාට දෙන්න තිබුන කිරිටික මට දුන්නට ඔබට බොහෝම ස්තුතියි කියලා.
ඔය රුෂාන් ලියල එවලා තියෙන්නේ කතාව ප්‍රංශ ජාතික කෙටිකතාකරු "ගයි ඩි මොපසාන්ට්" (Guy de Maupassant) ගේ "අයිඩිල්" (Idylle) කියන කතාවේ සාරාංශයකුයි.

මේ කෝච්චි කේස්එක කියවන කොට මට මතක් වුනේ මං අහලා තියෙන තවත් කෝච්චි කතන්දරයක්.
මෙන්න ඒකේ දේශප්‍රේමී ලාංකික වර්ෂන් එක.

ඔන්න කඳුකර පලාතක යන කෝච්චියක එක ලඟ සීට්වල හිටියලු සුද්දියෙකුයි, ඉන්දියන්කාරයෙකුයි, ලංකාවේ පොරකුයි.
ටික වෙලාවකින් කෝච්චිය බිංගෙයකට ඇතුල් වුණා. ලයිට් නැතුව මුළු පලාතම කට්ට කරුවලයි.

එක පාරටම උම්මා එකක් දෙන සද්දෙකුයි, කම්මුල්පාරක සද්දෙකුයි ඇහුණා ලු.

විනාඩියකින් විතර කෝච්චිය බං ගෙයින් එළියට එනකොට ඉන්දියන්කාරයාගේ මූණ ඉදිමෙන්න පාරක් වැදිලා තියෙනවා පේනවාලු.

දැන් සුද්දි හිතනවා මෙහෙම: "අයියෝ මේ ඉන්දියන්කාරයා මට දෙනවා කියලා හිතලා මේ අනිත් පොරට කිස් එකක් දීලා, ඌ මුගේ කම්මුලට දීලා රිවට් වෙන්න."

ඉන්දියන්කාරයා හිතනවා මෙහෙම: "මේ වලත්ත දකුණු ඉන්දියන්කාරයා සුද්දිව උම්මා කරලා. ඒකට කම්මුල්පාර කන්න වුනේ මටයි."

ලංකාවේ අයියා හිතනවා මෙහෙම: "ඊලඟ බිංගෙය ඇතුලෙදිත් මං මගේම අතට උම්මා එකක් දීලා ඉන්දියන්කාරයාට කම්මුල්පාරක් දෙන්න ඕනෑ."

-කතන්දරකාරයා

ප/ලි:
වැඩ, වැඩ, වැඩ!

(image: http://madlass.blogspot.com.au/)