ඊයේ මට ආවා හොඳ කමෙන්ට් එකක්. ඇනෝවෙක් ගෙන්. මෙන්න ඒක බලන්න ඉස්සෙල්ලා දැකපු නැති අය.
Anonymous July 19, 2012 10:53 AM තනිකඩයකු වූ ජී. බී. සේනානායක නතර වී සිටියේ විවාහක වැඩිමහළු සහෝදරයාගේ ගෙදරය. හිටි හැටියේ දවසක ඔහුගේ අයියා නැතිවිය. අවබෝධය වූයේ කවර හෝ හේතුවක් නිසා ඔහු ගෙදරින් තරහ වී ගිය බවයි. ජී. බී. දුප්පතෙකි. පත්තරයේ දැන්වීම් දමන්නට ඔහු අත මුදල් නැත. ඔහු පත්තරයට තමන්ටම ආවේණික නිසඳැස් අච්චුවේ කවියක් ලීවේය. (උපුටනය මතක ඇති විදියටයි. වචන එසේම නොවිය හැක.) අයියේ නුඹ ගොසිනි අඹු දරුවෝ සොවිනි මා ලියන්නට පටන් ගත් පොතද නැවතිලාය, එතැනම ඉවර කරන්න, පොත අයියේ ගෙදර එන්න. මෙවැනිම කවියක් අද මම ලියමි. අනේ කතන්දර බෝ දුක්ය, ජීවිතය රැකියාවේ වැඩ බොහොමය වැඩ අතර ඉඳහිට ඔබේ බ්ලොගයට ඇවිත් නිවා ගතිමි, සරතැස සිනාසීමි, ජීවයක් ලැබීමි. අඩුය, දැන් බ්ලොග් පෝස්ට් අඩුය, අපේ කාර්යක්ෂමතාවයද පෙර මෙන් වැඩ කරන්න අනේ කතන්දර ලියන්න සතියට පෝස්ට් හතරක්. http://kathandara.blogspot.com/2012/07/assumptions-can-go-wrong-and-cause.html?showComment=1342675413148#c8850978768662593446 |
මේ කමෙන්ටුව නිසා මට අද හිතුණා මං කාලෙකට කලින් ලියපු කවියක් අද පලකරන්න කයි-කතන්දරයක් විදියට.
මේ කවියට එක් නිමිත්තක් වුනේ මං දවසක් හොස්පිටිතාලෙක දැකපු මහළු රෝගියෙක්. එදා ඔහුව බලන්න කවුරුවත් ආවේ නෑ.
ඒ අත්දැකීමත්, වෙනත් අත්දැකීම් කිහිපයකුත් එකතු කරලා ලියපු කවිය මෙන්න.
හෘද රෝග වාට්ටුවේ නේවාසික මහල්ලා ගේ කවිය
සතර පෙර නිමිත්තෙන් හරි අඩක්
ලෝහමය සයනයේ වැතිරිලා
ශ්වේතවන් පොරෝණයෙ ගුලිවෙලා
විශ‍්‍රාම ගිය දෙනෙත්
බිත්ති ඔරලෝසුවක හිරවෙලා
අමුත්තන් පැමිණෙනා හෝරාව එනතුරා
ගිලන් වූ හද කොණක
කොලොස්ටරෝල් පැතුම් පොදි ඉපදිලා
හද අඬන රිද්මයේ රටාවන්
රුධිර පීඩන මනින උපකරණ
සතුරු ලෙස සිනාසෙති
නව අනූවක් රෝග
සුවහසක් ව්‍යාධින් සුවකරන ඔසු දියර
ගී‍්‍රවයේ ශිරා නාලිකාවට
බිඳෙන් බිඳ ඇතුල් වෙති
ගත වෙහෙස මැද නිරායාසයෙන්
නෙත් කෙවෙනි බරව පියවෙනා තුරු
නෙක වර්ණ උන්මාද බලි රූප කල් බලති
ඔරලෝසු දිගු දෑත හුස්ම හිර කරන සඳ
නෑසියෙක් හිතවතෙක් දකින්නට කළ පැතුම්
ටිකෙන් ටික දුරස් වෙති
සති තුනක් මැෂින්ගත දුබල ගත
මේ සිපිරි කූඩුවෙන් මිදෙන වර
කොයි දිනක ලබන්න ද?
බිත්ති හතරෙන් එහා ලෝකයට
කොයි දිනක යළිදු පා නගන්න ද?
කොයි දිනක සුමුදු සඳු තරු පොකුරු
හිරු නගින බසිනයුරු දකින්න ද?
කොයි දිනක ගෙයි පිසුන බත් පතක
පොලොස් ඇඹුලක සුවඳ විඳින්න ද?
-කතන්දරකාරයා
මෙතනින් බලන්න: පරණ කයි-කතන්දර
කවිය ලස්සනයි. උඩ පින්තූරේ ඉන්නේ කතන්දර නේද?
ReplyDeleteස්තුතියි, කතන්දර කියන්නේ බ්ලොගේ නම. කතන්දරකාරයා තමයි මගේ පන්හිඳ නම (pen name).
Deleteපොඩි කුමාරිහාමි,
Deleteඑයා හැන්ඩ්සම්ලු! ෆේමස්ලු! හොඳ පාටයිලු! හිනාවෙද්දි ලෂ්ෂණයිලු.!!! හෙහ් හේ.....
එළ! ආයෙ කියන්න දෙයක් නෑ. මෙච්චර හොඳ එකක් බලාපොරොත්තු උනේ නෑ.
ReplyDeleteස්තුතියි.
Deleteනිකං පුහුල් හොරා කරෙන් දැනේ වගේ ද? නෑ, වෙන්න බෑ!
:P හික්ස්
Deleteකතන්දර අංකොල්,
ReplyDeleteමොකද අංකොල් ඔයා විතරක් ඇනෝලගෙ හොඳ කියන්නෙ? අනේ සමහර බ්ලොග් අංකොල්ලට ඇනෝල හරීම නෝටියිලු නේද? ඇනෝලලු නේද ඔක්කෝම නෝටි වැඩ කරන්නෙ? චීයා. නමින් එන අංකොල්ල කවුරුත් නෝටි වැඩ කරන්නෙ නෑලු නේද?
ඒත් මං නං ඇහල තියෙනෙ විදියට අංකොල් කවුද බ්ලොග් අංකොල් කෙනෙක් ඔබා සීයගෙන් ලොකු ණයක් අරගෙන දැන් ඒක ගෙවන්නෙ නැතිලු ඔබා සීය එලොව යන්න කලින් ඒක සෙත්ල් කළා කියල. අනේ අපි නං දන්නෙ නෑ අංකොල් ඕව ගැන. ඔබා සීයගෙ ගනුදෙනු අපි දන්නවය. ඒවුනාට අංකොල් ඒ බ්ලොග් අංකොල්ම රාමයා අංකොල් ගෙනුත් ණයක් අරගෙන අන්තිමට ඒක ඉල්ල ගන්න රාමයා අංකොල්ට තගක් දාන්නත් වුණාලු. දැන් ඒ බ්ලොග් අංකොල් තමන්ගෙ බ්ලොග් එකේම රාමයා අංකොල්ට මඩ ගානවලු. තමන් ගාව වැඩ කරපු කොල්ලන්ට වත් ගණන් බේරල නැතිලු ඒ අංකොල්. චී කැචයි නේද කතන්දර අංකොල්?
ඒ මදිවට කතන්දර අංකොල් ඒ අංකොල් රමේතා නැන්දිගෙ කක්කි පැත්තෙ ගහපු තැතූ එකක් ගැන කතාවක් ඇදල අරෙගන දැන් රමේතා නැන්දි ඒ අංකොල් එක්ක තරා වෙලාලු. දැන් ඒ අංකොල් ඇනෝලට බනිනවලු තොපි තමයි මේක කළේ කියල.
ඔන්න ඔහොමයි අංකොල් ඇනෝලගෙ වැඩ. හරීම නෝටි නේද අංකොල්?
කවුද යකෝ කියන්නෙ ඈනෝල හරීම නෝටි කියලා. දෑනගනින් ඈනෝල හලී හුරතල්, එයාල ඈත්ත කියනකොටනම් සම හරක්ගෙ සිත් ගොඩාරියක් ඌව වෙන එකනම් හෑබෑව. අර රමේතා නැන්දිනම් හලීම කක්කි බාල්දියක්. දෑක්කනේද අර අහක ඉන්න පොඬි එකාගෙ මුනේ කක්කි ගාපු අපූරුව.
Deleteරමේතා නැන්දි කක්කි බාල්දියක් නම් බීත අංකොල් කක්කි ලොරියක්. දැක්ක නේද යාලුවා කියලවත් බලන්නෙ නැතුව කරපු කැච වැඩේ?
Deleteඅබීත එතන කරපු සෙල්ලමම මෙතනත් පටන් ගත්තද
Deleteඅනේ නෑ, ඇනෝ ආන්ති. අබීත අංකොල් නම් දැන් ඇනෝ කොමෙන්ත් කරන්නේ කෝමද කියල උගන්නන්ඩ කෝස් එකක් පටන් අරගෙනනෙ. අපි වගේ චූති බබාල ඔය බොලොග අවකාසෙ සින්නෝ කරන වැඩ කරන්නෙ කෝමෙයි. අපි ඉතින් දන්න විදියට කොමෙන්ත් කරනව.
Deleteමෙතනත් මේ වෙන්නේ වැඩේ.....! එළකිරි... රාමයා කියන්නේ කවුද කියලා පැහැදිලි මදි පුංචි බබෝ....
Deleteඔය මහත්තුරු ටික ඔතැන දොර ලඟ හිර වෙන්නෙ නැතුව කරුණාකරලා ටිකක් පස්සට යනවද...(හිමින්) ඔන්න පස්සෙ පර්ස් එක නැති වුණාය කියල කියන්න එපා...
Delete"මම බ්ලොග් එක පටන් ගත්තේ 2011.නොවැම්බර් 15 වෙනිදා.මේක ලියන්න ගත්තේ මගේ නිදහස් ප්‍රකාශනයක් විදියට.තව එකෙක්ගේ ලියමනක් විවේචනය කරාම මිනිස්සු කිසිම පදනමක් නැතුව ඒ විවේචනය පුද්ගලික අපහාසයක් කරගන්න නිසාත්...
Deleteසමහර උන් ඒ මාතෘකාව අරගෙන තමන්ගේ බ්ගොග් එකේ හිට්ස් සහ කමෙන්ට් වැඩි කරගන්න දරන සිගිති උත්සාහය නිසාත්.....
මම තීරණය කළා අද ඉදන් මගේ බ්ලොග් එකේ කමෙන්ට් ඩිසේබල් කරන්න. පදනමක් නැතුව පුද්ගලිකත්වය එලියට අරගෙන ඒවට උන්ගේ නූගත් මත පළ කරලා ඇනෝ කමෙන්ට් හා ඇනෝ බ්ලොග් අලුතින් පටන් අරගෙන ගම් වල ඉන්න ඕපා දූපා ගෑනු වගේ ඇදුමේ පාටයි කොණ්ඩේ පාටයි වගේ ළදරු දේවල් අරගෙන කුහකන් පිට කරගන්නවා වගේ දේවල් නොනවත්වා සිද්ධ වෙනකොට මම බ්ලොග් ලියන්න පටන් ගත්ත මගේ හේතුව ගැන මටම කළකිරෙනවා."
රමීශා මේ ලියලා තියෙන්නෙ උඹ ගැන නේද...... පව් බන් උඹ.... ලෝකෙටම පදිරි වෙනවා.......
AnonymousJuly 20, 2012 12:14 PM
Deletethis is about abeetha
රජා අයියේ දැන් ඇති නේද මේ පදිරි වැඩ
Deleteපල නරියා යන්න....
Deleteමොනවද ළමයි මේ විහිළු කතා?
Deleteමේවා මෙතනට අදාල නෑ නේද?
ඩිලීට් කරන්නත් හිනෙවා.
අර එහා ගමේ පන්සලේ හාමුදුරුවෝ හිටියා නං කරන්නේ ඒකයි!
ඇයි එහා ගමේ? එතකොට කකාගෙ ගමේ පන්සලේ හාමුදුරුවො හිටිය නම් ඩිලීට් කරන්නෙ නැද්ද?
Delete@ Anonymous July 20, 2012 4:28 PM
Deleteඒක අර ප්‍රසිද්ධ කතාවක් නේ.
මෙහෙමයි, ඔන්න ගමේ පන්සලේ වත්තේ කුරුම්බා කඩන්න ඇවිල්ලා කොල්ලෝ කණ්ඩායමක් හාමුදුරුවන්ට මාට්ටු වුණා ලු.
හාමුදුරවො මෙහෙම කිව්වලු.
පින්වතුනි, ඔබ මේ පන්සලේ හොරකම් කිරීමට පැමිණ මට අහුවුණ නිසා හොඳකයි. අල්ලපු ගමේ පන්සලේ හොරකමේ ගිහින් එතන හාමුදුරුවන්ට අහුවුණා නම් මෙන්න මෙහෙමයි බණින්නේ.
"තොපිලා ගේ අම්මලාට ..... පුතාලා, ආවද මෙතන ගෙරි බල්ලෝ...."
කකාත් නරකද මේ වගේ බෝඩ් ලෑලක් ගහ ගත්ත නම්?
Deletehttp://2.bp.blogspot.com/_BBGaNvHhDfk/TNgD47a_WUI/AAAAAAAAAe4/otNgv9Tl_lo/s400/couple.jpg
@ Anonymous July 20, 2012 4:45 PM
Delete1. කපල් ට බෑනේ, එක් ලොගින් එකයි එකෙකුට.
2. බීපු අයටත් බෑ, මෙතන මටාටා ටිටා!
නෑ මම කිව්වෙ ඒ වචනම නෙවෙයි. ඇනෝලට දැනුම් දීමක්. කරන්න පුළුවන් හා බැරි කමෙන්ට් වර්ග ගැන? එතකොට ඔය බීපු ඇනෝලා හෙම එන එකක් නෑ.
Deleteරමීතා නැන්දි බොගේ කමෙන්ට් වාලා. දැන් කමෙන්ත් වල එයා කීපු කැත කතා එකක්වත් නෑ. මොකෝ කමෙන්ත් පේනෙන් නෑනෙ. අභීත මාමිගෙ බොගේ දාපු කැත කතාත් මකලා. දැන් ඒ නැන්දි පත්තිනි අම්මා වගේ කියලා අපේ තාත්ති කියනවා මන් අහන් ඉටියා. අනේ කාකා මාමිවත් කියන්නකො කාටෙයි පත්තිනි අම්මා කීන්නෙ කියලා.
DeleteWell, IMO with fewer posts we may be able to see better quality in your Kathandara. Hope you won't disappointing us, Annowa's!
ReplyDeleteකොලිටි ඉස් ඕල් රිලේටිව් මේට්!
Deleteකවිය හරිම සංවේදී යි.
ReplyDeleteනිර්වින්දක මැද්දේ මොන සංවේදීතා ද ළමයෝ?
Deleteසතරපෙර නිමිත්තෙන්
Deleteතුන්වැන්න මොහොතකින්
ලෝහමය සයනයේ
දකින්නට සිදුවේද?
ඒත් එය නිමාවක්
කියන්නට පුලුවන්ද?
තවත් එක කොමාවක්
දිගු සසර ගමනේ
මේවගේ කවි ලියන්න පුළුවන් සූරියාරිච්චියෙක්නේ අර කක්කා කතා ලියන්නෙත්
ReplyDeleteමේ තියෙන්නේ මේ බ්ලොග් එකේ මම දැකපු සිරාම කමෙන්ට් එකද කොහෙද? :D :D
Delete@ Ano
Deleteමං ලියපු කතන්දර 650+ ගැන විශ්ලේෂනය කරලා ඔය කතාව කියන්න, please.
පිස්සු කියන්න එපා සෑර්. මම ඔය කතාව කිව්වේ සෑර් බූන්දියට ලියපුවයි පත්තරවලට ලියපුවයි එක්ක බ්ලොග් එකේ පහුගිය කතා සීයක් විතර විශ්ලේෂනය කරලා.
Deleteඅර්ථවත් කවිය.... අපිටත් අනාගතයේ ඔය සිද්දියම තමයි..... කවුද මේ ලොකේ මරුවා පැරදුවේ?
ReplyDeleteමං නං දෙපාරක් විතර පැරුද්දුවා, නමුත් ඌ දිනනවා ඊලඟ පාර, ෂුවරෙටම!
Deleteදෙපාරක් ?? Explain please.
Deleteකතන්දර දවසට එක ගානෙ හරි ලියන්න.. කියවන්න පිපාසෙන් ඉන්න ගොඩක් අය ඉන්නවා කියලා නොතේරෙන්න විදියක් නෑ..ඒත් දන්නවා වැඩ අධික ඇති..ඒත්..
ReplyDeleteහොබියටත් කාලයක් තියෙනවානේ වෙනි? ස්තුතියි.
Deleteහැමදාම ලියන්න කියලා කතන්දරට බල කරන්න අපිට බැහැනේ. මොකද බ්ලොග් ලියන එක කතන්දරහේ හොබී එක මිසක් ජොබ් එක නෙමෙයිනේ. හැබැයි ජොබ් එකට බ්ලොග් ලියන එවුනුත් ඉන්නවා.
ReplyDelete/හැබැයි ජොබ් එකට බ්ලොග් ලියන එවුනුත් ඉන්නවා./
Deleteඇත්ත. ඒකෙන් අම්බානට හම්බ කර ගත්තු එවුනුත් ඉන්නවා. ඒක ඉතින් උන්ගෙ හැකියාව. ඒ එක්කම සාධාරණව කරනව නම් කිසිම වරදක් නෑ. අනුන් රවට්ටලා අසාධාරණ විදියට කරනව නම් තමයි වැරැද්ද.
අනුන්ව රවට්ට්ල ණය අරගෙන දෙන්නෙ නැති එක බලු වැඩක් තමයි.....
Deleteණය ගන්න එකේ පදනම බ්ලොග් අවකාසෙ ෆිට් එක....
එතකොට අබේ වැරදි නැද්ද?
මාත් කැමතියි ජොබ් එකට බ්ලොග් ලියන්න හොඳ ගානකට ආවොත්!
Deleteපෝස්ට් ලියන්නේ රාජකාරියට කෝච්චියේ කොළඹ යනකොටනම් දවස් පහක් ලියන්න හැකියිනේ... කොට කොට යද්දී කරන්න දේකුත් තියෙන්න එපැයි...
ReplyDeleteකොළඹට කිලෝ පනහක් තියේ!
Deleteදැන් නං නිදා ගන්න එක තමයි කරන්නේ. ලැපත් කැඩුණානේ.
කතන්දර දුර මනින්නෙ කිලෝ වලින් ද?
Deleteone kilo = 1000 miles ?
Deleteone kilo = 1 පෝස්ට්!! නෙමෙයි ද?
Delete-බුද්ධි
really nice
ReplyDeleteThanks!
Deleteහෑ... ෆොටෝ එකේ ඉන්නේ තරුණ මහල්ලෙක්නේ....
ReplyDeleteෆොටෝ එකයි කවියයි මුළුමනින්ම සම්බන්ධ නෑ!
Deleteතරුණ මහල්ලෙක් කියන්නේ හතලිස් ගානක පොරක්ද?
කවියනම් අර්ථවත්, රජකේ වුනත් ලෙඩෙක් වුනොත් ඔහොම තමයි.....
ReplyDeleteමොනාද මේ කතා?
Deleteශ්වේතවන් පොරෝණයෙ ගුලිවෙලා????
ReplyDeleteලංකාවෙ ඒවා ශ්වේත නෙවේ දුඹුරු පාටයි..
ගෙදරින් ගෙනියන්න පුළුවන් නේ?
Deleteකතන්දරගේ නිහතමානී බව වෙනුවෙන් පිළිගන්න මගේ ස්තුතිය.තමන්ගේ රෝගී අවස්ථාවක ගත් චයාරුපයක් වෙනත් කෙනෙකු නම් පල කරන්නේ නැත.
ReplyDeleteමම එය "නිහතමානීකම" ලෙස නොහඳුන්වමි. ඊට වෙනත් පැහැදිළි කිරීමක් තිබේ.
Deleteකතන්දර බ්ලොග්කරුවකු ලෙස දැන් ඉන්නේ Maslow's hierarchy of needs පිරමීඩයේ ඉහළම තට්ටුවේය. (සනත් විජේවර්ධන හිටියේත් එතැනය. අරුණි ශපීරෝද ඉන්නේ එතැනයි.) ඔහුට බ්ලොග්කරුවකු හැටියට ඇත්තේ self-actualization needs විතරය. එනිසා කතන්දරට ඔය වෙනත් "පුංචි පහේ මං" බ්ලොග්කරුවන්ට කාරියන්ට වැදගත් වන දේවල් වැදගත් නොවේ. පුළුවන් කමක් තියෙනවා නම් කතන්දර මැරිච්චි දවසට මිනී පෙට්ටියේ ඉන්න ෆොටෝ එකත් බ්ලොග් එකේ දානවාය.
කතන්දරට වැදගත් වනවා නම් ඔන්න බ්ලොග් එකට ලැබෙන හිට්ස් ගණන වගේ කාරණාය...ඒද එය self-actualization needs වලට වැදගත් වන නිසා මිස ඒකෙන් ගාණක් හොයා ගැනීම වැනි බාල අරමුණු වලට නොවේ. (මේ බ්ලොග් ලියන කාලය මුදල් උපයන වැඩකට යොමු කළේ නම් කතන්දර කෝටිපතියෙකි. විහිළු නොවේ.)
@ Ano July 20, 2012 11:38 AM
Deleteස්තුතියට ස්තුතියි!
@ Ano July 20, 2012 12:57 PM
Deleteමැස්ලෝ මැරිලා නිසා ඇනෝවා තමන්ට ඕනැ විදියට විශ්ලේෂණය කරවා වගේ.
http://en.wikipedia.org/wiki/Self-actualization
Maslow's Characteristics of Self-Actualizers
A self-actualizer is a person who is living creatively and fully using his or her potentials. In his studies, Maslow found that self-actualizers share similarities. Whether famous or unknown, educated or not, rich or poor, self-actualizers tend to fit the following profile.[12]
Efficient perceptions of reality. Self-actualizers are able to judge situations correctly and honestly. They are very sensitive to the fake and dishonest.
Comfortable acceptance of self, others, nature. Self-actualizers accept their own human nature with all its flaws. The shortcomings of others and the contradictions of the human condition are accepted with humor and tolerance.
Spontaneity. Maslow's subjects extended their creativity into everyday activities. Actualizers tend to be unusually alive, engaged, and spontaneous.
Task centering. Most of Maslow's subjects had a mission to fulfill in life or some task or problem outside of themselves to pursue. Humanitarians such as Albert Schweitzer and Mother Teresa represent this quality.
Autonomy. Self-actualizers are free from reliance on external authorities or other people. They tend to be resourceful and independent.
Continued freshness of appreciation. The self-actualizer seems to constantly renew appreciation of life's basic goods. A sunset or a flower will be experienced as intensely time after time as it was at first. There is an "innocence of vision", like that of an artist or child.
Fellowship with humanity. Maslow's subjects felt a deep identification with others and the human situation in general.
Profound interpersonal relationships. The interpersonal relationships of self-actualizers are marked by deep loving bonds.
Comfort with solitude. Despite their satisfying relationships with others, self-actualizing persons value solitude and are comfortable being alone. [13]
Non-hostile sense of humor. This refers to the wonderful capacity to laugh at oneself. It also describes the kind of humor a man like Abraham Lincoln had. Lincoln probably never made a joke that hurt anybody. His wry comments were gentle proddings of human shortcomings.
Peak experiences. All of Maslow's subjects reported the frequent occurrence of peak experiences (temporary moments of self-actualization). These occasions were marked by feelings of ecstasy, harmony, and deep meaning. Self-actualizers reported feeling at one with the universe, stronger and calmer than ever before, filled with light, beautiful and good, and so forth.
මේක කියෙව්වම ඔය තත්වෙන් ඉන්න ඥාතියෙක් ව මතක් උනා. ගොඩ ගන්න අමාරු තත්වෙක ඉන්නෙ.:(
ReplyDeleteපුළුවන් නම් එයාව බලන්න යන්න.
Deleteඅගනා අදහසක්
ReplyDeleteඇනෝ ගේ අදහස නේද?
Deleteහොඳ කවිය.හැබැයි මේ මඩ ගහ ගැනිලනං අප්‍රසන්නයි.චීයා.....
ReplyDeleteඑන්න ඔයාව ඔඩොක්කුවෙ දාලා පිප්පි කරන්න
Deleteඅනවශ්‍ය කතා ගැණ මටත් අප්සෙට්. මකන්නත් හිතුනා.
Deleteඒත් සෙන්සර්ෂිප් වලට අකමැති නිසාත් කුණුහරුප නැති නිසාත් නිකං ඉන්නවා.
ඔයා රැඩිකල් මදි කකා.
Deleteරැඩිකල් අය නම් ඇනොනිමස් කමෙන්ට්ස් කරන්ඩ දෙන්නේ නැහැ.
තමන්ගේ පෝස්ට් එක විවේචනය කරන කමෙන්ට්ස් මකනවා. හැබැයි ජුන්ඩං පච්චයක් ගහගන්නවා පිටේ. ෂෝක් නේද කකා, රැඩිකල් වෙන විදිය. ඔයත් ඔය සාම්ප්‍රදායික හනමිටි අදහස් ඉවත දාලා රැඩිකල් වෙන්ඩකෝ අනේ!
කකා... අයියා ආයෙ පරන විදිහටම ලියන්න පටන් අර්න් වගේ.. එහෙමනම් සුපිරිය..
ReplyDeleteනොව පැරණිය වෙන රමණිය විටන් විට!
Deleteමරු මරු...
ReplyDeleteඅහිංසක ඇනෝ කෙනෙක්...
ReplyDeleteහැමදාම නෑ, හැම තැනම නෑ!
Deleteසිනාසීමි, ජීවයක් ලැබීමි.
ReplyDelete"ජවයක් ලැබීමි" කිව්වනම් මීට වඩා හොඳයි නේද?
???
DeleteThis comment has been removed by the author.
ReplyDeleteකකාගේ කවියටත් වඩා ඊයේ ඇනෝගේ කමෙන්ටුවට අදාළ (අද ඇනෝ කමෙන්ටු බලු පොරයකි.) ජී බී ගේ කවිය රස වින්දා, අමනාප වෙන්න එපා එහෙම කිව්වට.
ReplyDelete(ඉස්සෙල්ල කමෙන්ට් එකේ ඕපනින් වරහන හැලිලා.)
මොකටද මචෝ අමනාප වෙන්නේ!
Deleteචී චී කතන්දර, ඔයාට ලජ්ජා නැද්ද ඔයා ජනප්‍රිය බ්ලොග්කාරයෙක් කියාගන්න?
ReplyDeleteමෙන්න අද ජනප්‍රිය බ්ලොග්කාරයෙක්/කාරියක් වීමේ සුදුසුකම්:
1. ඇඟේ පච්ච කොටා තිබීම. (අඩුගානෙ ඔයාගෙ තට්ටෙවත් පච්චයක් ඕනැමයි, කතන්දර )
2. ඒ ලෙවල් කොල්ලන්ට තග දැමීමේ හැකියාව (කොහෙද ඔයා වලියට බරත් නෑනෙ.)
3. ගංජා ගැහීම (ඔයාට ඒකත් බෑනෙ කතන්දර. ලැජ්ජයි.)
4. ණය ගැනීමේ හා ඒවාට පොල්ල තිබීමේ හැකියාව (දැන්වත් පටන් ගනිමුද මේකවත්?)
5. මම ලියන්නේ හිට්ස්/කමෙන්ට්ස් බලාගෙන නෙවෙයි කියා ප්‍රසිද්ධියේ ලජ්ජා නැතුව ප්‍රකාශ කිරීමේ හැකියාව (කොහෙද ඔයාට නම් හිට්ස් ඕනෙමනෙ. ඔච්චර තණ්හා වෙන්න එපා කතන්දර. ජනප්‍රිය බ්ලොග් කාරයො/කාරියො වගේ හිට්ස් කමෙන්ට්ස් බලා නොගෙන ලියන්න.)
6. ඇනෝලාට කමෙන්ට්ස් දාන්නෙ මෙහයි කියලා කියා දීමේ හැකියාව (ඔයාට ඒකත් බෑ)
7. බ්ලොග් එකෙන් සල්ලි හම්බ කිරීමේ හැකියාව. (හූ හූ හූ, ඔයා ඔච්චර මැරීගෙන ලිව්වට සතයක් වත් හම්බ කරනවයැ මේකෙන්.)
ඉතින් ඔයා කොහොමද කතන්දර ජනප්‍රිය බ්ලොග්කාරයෙක් වෙන්නේ? අපටත් එක්ක ලජ්ජයි.
ඇයි, තමන්ගෙ හොඳම යාළුවන්ට අම්බානට මඩ ගහන්න වේදිකා හදල දෙන එකත් හොඳ බ්ලොග්කාරයෙක් වීමට සුදුසුකමක්.
Deleteඊට පස්සෙ ඒ යාළුවො තරහ වුණාම අනේ දෙවියනේ මට වුණු වියෝයා-මගේ යාළු හොරු අරගෙන ගියෝයා කියල අඬන්න පුළුවන් වෙන්නත් ඕනැ.
"ටිකක් මඩ ගහන්න ඇවිත් යන්න" වගේ රැඩිකල් නමකුත් ඕනැ බ්ලොග් එකක් ජනප්‍රිය වෙන්න නම්. හිට්සුත් බලාගෙන ඉන්නකොට වැඩිවෙයි. ඇයි, මෙතැන ඉන්න හැම එකාම බලාගෙන ඉන්නෙ කාට හරි මඩ ගහන්නනෙ. ඉතින් දුවල යයි එතෙන්ටම.
Deleteඅනේ කතන්දර ඔයා ලියන එව්වා බලලා තමයි මමත් පටන් ගත්තේ.අඩු කරන්ඩ එපා අප්පා
ReplyDeleteහැමදාම කියන්නැහේ ඇනොලත් එක්ක හොඳින්ම ගනුදෙනු කරන බ්ලොග් කාරය කතන්දර.මේකත් උන්නැහේගේ මාකටින් පාරක් වෙන්න ඇහැකි.ඒ උනත් ඔය ඇනොල වහ වෙච්ච උන්ට හොඳ ආදර්ශයක් .අනික උන්නැහේ තමන්ගේ බ්ලොගේ තමන්ට විරුද්දව ලියන ඒවා සමහර විට පොස්ටුවට අදාල නැතුව ගහන පුද්ගලික මඩ උනත් ඩීල් කොරන විදිහ හරි අපුරුයි.පැසුණු බ්ලොග්කරුවෙක් නිසා වෙන්නැති.ලපයි සිපයි කට්ටියත් මෝරලා එනකොට හරිහයි කියල හිතල සැනසෙමු!
ReplyDeleteඔන්න කකා දිණුම්!
Deleteකවියේ අර්ථය ටිකක් සංවේදියි කකා!
ReplyDeleteහොඳම ටික කමෙන්ට්ස් ටිකනේ :D
ReplyDeleteමෙන්න මේවත් කියවපල්ලකෝ.
ReplyDeleteමාත් සිරාවටම කතන්දරට බැනල අනෝ කොමෙන්ට් බරගානක් දාල තියෙනවා ...... හැබය් එව්වා එතනින් ඉවරය් ... අපි හිතේ තියාගන්නෙත් නෑ කතන්දර ගේම කෝල් කරන්නෙත් නෑ..... සමහරුන්ට කියන්න පුළුවන් කත්න්දරගේ තියෙන නොන්ජල් කම කියල ... මමනම් හිතන්නේ අනික් පැත්ත ... කොමෙන්ට් වලට බයේ ඒවා තහම්කරණ තරම් කොන්ද පන නැතිකමක් තියෙනවද ?
ReplyDeleteඔය මහල්ලව මම දන්නවා කියලයි හිතෙන්නෙ.... ඒත් අනිවාරතේ ඇඟට බට බස්සගන්න තරම් මිනිහා "එලොව ගිහින්" මෙලොව ආපු කාරණයයි හිතාගන්න බැරි!!!
ReplyDeleteමම කියවපු ,කතන්දර ලියපු සංවේදීම කවියක්... All the Best!
ReplyDeleteසිරාම සිරා කවියක් නෙව!....
ReplyDeleteපෙරඹරින් නැගෙන හිරු අවරදිග සයුරේ ගිලී සැඟවී යයි.යලිත් ඒ හිරුම පෙරදිගින් නැග එන්නේ අලුත් දවසක් අරගෙනමය.ටක් ටික් ටක් ඔරලෝසුවේ තත්පර කටුව නිවී සැනසිල්ලේ කාලයත් සමඟ රවුමේ යයි.එයට අනුරූපව ජීවිතයද ගමනේ යයි. විටෙක සෙමින් ගලන ගඟක් වන එය විටෙක මහා මාරුතයක් වේ.සෘතු හතර මෙන් ජීවිතයද වෙනස්වෙන මුත් එය නියමිත රටාවකට සිදු නොවන බැවින් ජීවිතයට උපමා කල හැකි යමක මෙකොව තුල නැත. වෙනත් ලොවක තිබෙන්නටද හැකියාවක් නැත. එය ජීවිතයටම අනන්‍ය වූවක් වන අතර ජීවත් වෙනවනම් ජීවිතය සමඟ සිටිය යුතුය. එයට මුහුණ දිය යුතුය. ලෙඩ රෝග යනු ජීවිත සෘතු අතර ගිම්හානයයි. එයට පැමිණි විට දුෂ්කර කාලයෙන් පසු යලි දළු ලන්නට හැකිවාක් මෙන්ම යලි දළු නොඑන්නටද ඉඩ තිබේ. ගිම්හානයට මැදි වූ ගසක් පරිදිමය.
ReplyDeleteකෙසේ වෙතත් කතන්දර කාරයාගේ කව මනරම් බව කිව යුතුය.
රජෙකු උනත්..
ReplyDeleteගිලන් වෙලා...
එක්තැන් උන දා...
කියනවාට සැකයක් නෑ.//
"නිරෝගි සැප හැර සැපයක් ලොවේ කොයින්දා...//"
කොමෙන්ට් ටික නං සෝයි...හික්...!!!